Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සංජීව පුෂ්පකුමාර- ඔහු හරිම කොට ය!
බූන්දි, 21:10:52
සංජීව පුෂ්පකුමාර කොට ය. ඒ බව ඔහු විසින්ම 2011 - ශාන්ත පීටර්ස්බර්ග් සිනමා සම්මාන උළෙලේ දී 'නිව් ටෙරිටරීස්' අංශයේ හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ලබමින් කියනු ලැබ ඇත. ඔහුගේ මේ නොඋස්කම නිසා ම ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛ බොහෝ මාධ්‍යවලට ඔහු පුෂ්පකුමාර 'නැමැත්තා‍' නම් විය. තරමක් හෝ උසක් තිබ්බා නම් අඩු තරමින් ඔහුට 'මහතා' කෙසේ වෙතත්, නිකම්ම 'සංජීව පුෂ්පකුමාර'වත් වන්නට ඉඩ තිබිණි. ලෝක සිනමා වපසරිය තුළ කෙසේ වෙතත් ශ්‍රී ලාංකික සිනමා වපසරිය තුළ සංජීව තවම කොටෙකු බැවින් ධර්මසිරි බණ්ඩාරනායක සහ ප්‍රසන්න විතානගේ හැර වෙනත් සිනමාකරුවන් එක් අයෙකුවත් 'ඉගිල්ලෙන මාළුවෝ' වෙනුවෙන් තවම නම් හරියකට කටක් ඇර නැත.

කොටකු වීමේ පල විපාක එතනින් කෙළවර වී නැත. මේ 'කොටකම' නිසාම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට හැරුණු විට අනෙත් හැමෝටම වාගේ සංජීවට හා චිත්‍රපටයට කලින් පෙනුනේ 'බැටේ දෙන වෙලාවේ දෙකක් ඇණ සල්ලං කර දමන්නට' හිතාගෙන පිටුපසින් ගෙනවිත් සිටවූ උස මිනිසකු වූ ගාමිණී වියන්ගොඩ ව ය. උස වියන්ගොඩට කොටයන්ට දෙන 'නැමැත්තා' නාමය දෙන්නට ගොස් ස්වාධීන රූපවාහිනිය හතර වරං ගසා ගත්තේ ය. ඒ උස අය බොහෝ දෙනෙක් පැමිණ වියන්ගොඩ උස බව පෙන්වා දුන් නිසා ය.

වියන්ගොඩ උස බව සැබෑ ය. සන්සන්දනාත්මක ව බැලූ කල මේ මොහොතේ ලංකාවේ සිටින උසම අය අතර වියන්ගොඩ ද වෙයි. එහෙත් වරද අපි බලමින් සිටින්නේ උස් තැන් දෙස පමණක් වීම ය. ඉක්මණින්ම පහළ ද නොබැලුවහොත් කොටට පෙනෙන සංජීවලා හැමදාටම නොපෙනී යන්නටද බැරිකමක් නැත.

සංජීවලාගේ 'කොටකම' ගැන කතා කරන්නට ඇති ඉතිරි බොහෝ දේවල් පසුවට කල් තබමු. ඊට පෙර අපි මේ 'කොටත්වය'ට හේතු වූ කරුණු ද සමහරක් කියවෙන බව පෙනෙන සංජීවගේ ශාන්ත පීටරස්බර්ග් සිනමා සම්මාන උළෙලේ අදහස් දැක්වීම විමසා බලමු. 'ඉගිල්ලෙන මාළුවෝ' සිනමාපටය පිටුපස සිටි, තවමත් සොයාගන්නට බැරි වී ඇත්නම් හඳුනාගත හැකි, කට්ටිය ගැන මේ සංජීවම කියන්නෙ! ! ! !


[වීඩියෝ සබැඳිය]

"මම හරිම කොටයි!

මේ මල් හරිම ලස්සනයි... ඒත් මගේ ජීවිතේ ලස්සන නැහැ.
පළවෙනියෙන්ම මට ඕන මේ ලබපු සම්මානය පිළිගන්වන්න මගේ අගය කරනම සිනමාකරුවන් අතරින් දෙදෙනෙකුට...
එක අයෙක් මියගිහින්... මං අදහස් කරන්නෙ.. එයාට මිය යන්න සිදු වෙලා... හුඟක් කාලෙකට ඉස්සර...
අනෙත් සිනමාකරුවා, එයා තවම ජීවතුන් අතර... ඒත් සමහර මිනිස්සුන්ට ඕන ඔහුව මරා දමන්න...
පළමුවැන්නා, අන්ද්‍රෙයි තරකොව්ස්කි...
මම පිළිගන්වනවා මේ සම්මානය ඔහුගේ නමට...
ඊළඟට, අනෙක් කෙනා, ජෆාර් පනාහි...
එරෙහි වෙන ගමන් ඉරානයේ බිහිසුණු සහ අමන, තකතීරු පාලනයට... මට ඕන පිළිගන්වන්න මේ සම්මානය ඔහුට...

ඊට පස්සෙ මම මගේ අම්මාට ස්තුති කරන්නම ඕන...
හේතුව... මේ චිත්‍රපටය මම හැදුවෙ, ඇමරිකානු ඩොලර් විසිපන්දහසක වියදමක් ඇතුළත...
මගේ අම්ම හැදුව කෑම පාර්සල් හැත්තෑවක්, මිනිස්සු හැත්තෑවකට..
දවස් දාහතක් තිස්සෙ...
එයාගෙම අත්වලින්, කිසි කෙනෙකුගේ උදව්වක් නැතුවම...
චිත්‍රපට කණ්ඩායමේ සියල්ලන්ටම...
ඒ නිසා මම මගේ අම්මට ස්තුති කරන්න ඕනමයි...

ඒත් එක්කම මගේ කණ්ඩායමට සහ කිසිම මුදලක් නොගෙන රඟපෑ මගේ කණ්ඩායමේ ප්‍රධාන නිළියට...
මම ඒ ගොල්ලන්ට ස්තුති කරන්න ඕනමයි...
ඊට පස්සෙ මගේ අනුග්‍රාහකයා වුණු, මට ඇමරිකානු ඩොලර් විසිපන්දහසක පමණ මුදලක් දුන්නු, මනෝහර නානායක්කාර මහතාට...

ඒත් එක්කම කරුණු දෙකක් තියෙනව, මම ස්තුති කරන්නම ඕන හැම ශ්‍රී ලාංකිකයෙකුටම...
හේතුව මම ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනය යටතෙයි ලංකාවෙදි...
ඒ නිසා මම ස්තුති කරන්නම ඕන...
ලංකාවෙ හැම දෙනාටම...

මම ස්තුති කරන්නම ඕන කොරියානු සමාජයට, කොරියානු ජනතාවට...
ඒ කියන්නෙ මම සිනමාව ඉගෙන ගන්නව 2007 ඉඳන් අද වෙනකම්ම,
කිහිප වතාවක්ම ගිහින් කොරියාවෙ ඉඳන්...
මේ හැම වෙලාවකම...
2007 දිත්, 2009 දිත්, මේ අවුරුද්දෙත්...
කොරියානු රජය මට අතහිත දුන්න...
මගේ අධ්‍යාපනය වෙනුවෙන් කොරියානු මිනිස්සුන්ගේ බදු සල්ලි වෙන් කරල...
ඉතින් මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනමයි...

ඊළඟට මම ස්තුතිවන්ත වෙන්න ඕන රොටර්ඩෑම් සිනමා උළෙලට...
ලන්දේසි ජාතිකයින්ට...
මට ඔවුන්ගේ බදු මුදල් එකතුවෙන්...
හුබර්ට් බාල් පදනම හරහා සල්ලි දුන්නට..
මගේ චිත්‍රපටියෙ වැඩ ඉවර කරගන්න..
සමහර විට මේ මට ලැබෙන අන්තිම වතාව වෙන්න පුළුවන්
ඒ ගොල්ලන්ට ස්තුති කරන්න ඉඩ ලැබෙන...

අවසාන වශයෙන් මම කැමතියි මේ උළෙල සංවිධායකයින්ට ස්තුති කරන්න...
මේ විශිෂ්ට නගරයට...
උළෙලේ වැඩසටහන් අධ්‍යක්ෂ අංජලිකාට..
මගේ චිත්‍රපටය මේ සදහා තෝරාගත්තාට...

අන්තිමේ මම කියන්න ඕන...
අනෂ්ටාසියා, ෂෙන්යා ඒත් එක්කම එලේනා..
ස්තුතියි ඔය ගොල්ලන්ට...
හේතුව රුසියානු තානාපති කාර්යාලය එකඟ වුණෙත් නැහැ මුලදි
මට වීසා එක දෙන්න මෙහෙට එන්න...
ඒ ගොල්ල හිතන්න ඇති මම නතර වෙයි කියල..
මම ආදරෙයිනෙ මෙහෙට...
මෙහෙ උන්නු සහ ඉන්න...
තරකොව්ස්කිට... ඇලෙක්සැන්ඩර් සොකොරොව්ට.... ගොගොල්ට.. දොස්තයෙව්ස්කිට... වගේ අයටත්...
ඉතින් ඔයාල ගොඩක් මහන්සි වුණා...
මගේ වීසා එක අරන් දෙන්න...
මට මෙහෙට එන්න...

සමාවෙන්න මම ගොඩක් වෙලාවක් ගත්ත ස්තුති කරන්න...
බොහොමත්ම ස්තුතියි... ! !"

පසු සටහන: ඉහත වන සංජීවගේ අදහස් දැක්වීම තුළ මවිසින් තද අකුරින් දක්වා ඇත්තේ චිත්‍රපටයට සෘජුව හා වක්‍රව උදව් කළ බව පෙනෙන පිරිස ය. ඒ මේ පසුපස වන පිරිස සොයා යන පරීක්ෂකයකුට උදව්වක් ලෙස ය.

('අළු' බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sanjeewa Pushpakumara, Flying Fish, Film Ban, Censorship, Saint Petersburg International Film Festival
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රියන්ත ෆොන්සේකාගෙන් තවත් වියමන්
Cine
සෙල්විලා හැරී බලා සිනාසෙන තෙක්: "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය පිළිබඳ කෙටි ඇගයුමක්
අදහස්
ජූලිය එළඹෙමින් පවතී!
වෙසෙස්
සෙසෑන් වෙත ලියමි!
අදහස්
අත්තනායක මොඩල්...!
අදහස්
ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම
තවත් අදහස් බූන්දි
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
නයනහාරී නිමේෂ
මල්තුහින නොවේ මේ යාපනේ - இவைகள் யாழின் பனித்துளிகள் அல்ல
ඔටුවන් එක්ක නිදිවදින "බල්ලොත් එක්ක" බෑ.....!
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook