Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
අකිරා කුරොසව සමග සිනමාව ගැන කතාබහක්
බූන්දි, 03:11:51
'මද දයෝ' කුරොසව ගේ අවසන් චිත්‍රපටයයි. මීට පාදක වී ඇත්තේ 'උචිද හ්‍යක්කෙන් ' නමැති ජපන් ලේඛකයාගේ ජීවිතයේ, එනම් ඔහු ගුරු වෘත්තිය හැරදමා පොත් පත් ලිවීමෙහි නිරත වූ වර්ෂයේ සිට ඔහුගේ හැත්තෑහත් වන උපන් දිනය දක්වා සිදු වූ අර්ථවත් පුවත් කිහිපයකි. චිත්‍රපටය සකස් කොට ඇත්තේ ලේඛකයාගේ එදිනෙදා ජීවිතය අලලා ගෙතුණු වාර්තා ස්වරූපය ගත් නිබන්ධයක් ලෙසිනි. ඔහුගේ ඇතැම් සිනමාපට වල මෙන්ම මෙහි ද එක් ප්‍රධාන තේමාවක් වනුයේ ගුරු ගෝල සම්බන්ධතාවයයි.

ගුරුවරයා සර්ව සම්පූර්ණ පුද්ගලයෙකු ලෙස හෝ ශිෂ්‍යයන් සුවච කීකරු ගෝල පිරිසක් ලෙස හෝ දක්වා නොතිබීම මෙහි ප්‍රකට විශේෂත්වයකි. එසේම ගුරුවරයා පරමාදර්ශි පුද්ගලයෙකු ලෙස දක්වා තිබේ නම් එසේ කොට ඇත්තේ ඔහු කිසිම විටක තම ගෝලයන් අරබයා ආඥාදායකු සේ ක්‍රියා නොකිරීම අතින් පමණි. ගෝලයන් තම ගුරුවරයාට බෙහෙවින් ගරු බුහුමන් දැක්වීමට හේතුව ඔහුගේ දැනුම ඉක්මවා යන ඔහු සතු සිත්ගන්නා සුළු ගති පැවතුම් බව පෙනී යයි. මේ සිනමා පටය තුලින් ගුරුවරයා සහ ගෝලයන් එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් හා ගෞරවයෙන් යුතුව වෙසෙන මනා සබඳතාවක් මූර්තිමත් කෙරේ.

චිත්‍රපටය අවසන්වනුයේත් ස්වභාව ධර්මය ඉස්මතු කොට දැක් වෙන සිදුවීමකිනි. එනම් හැත්තෑහත් වන වියේ පසුවන ගුරුතුමා දකින සිහිනයකිනි. කුඩා දරුවෙකුගේ අවධියේ පසුවන ඔහු වෙලක් මධ්‍යයේ සම වයසේ ළමුන් හා හැංගි මුත්තං ක්‍රීඩාවෙහි නියැලෙමින් සිටියි. පිදුරු ගොඩකට මුවා වී සිටින ඔහු 'තවම සූදානම් නැහැ' යන අරුතැතිව 'මද දයෝ- මද දයෝ' යනුවෙන් කෑ ගසමින් සිටී. එය මහලු වියෙහි පසුවෙන ගුරුතුමා තවමත් මරණයට සූදානම් නැතැයි වක්‍රාකාරයෙන් පවසන්නක් බඳුය.

'මද දයෝ' කියමින් දරුවා අහස දෙසට නෙත් යොමයි. එවිට ඔහු දකින්නේ විව්ධාකාර හැඩ තලයන්ගෙන් ද, ලොකු කුඩා ප්‍රමාණයෙන් ද අහසෙහි විසිර ඇති වලා සමූහයකි. ඒ වන විට අසු වන විය ඉක්මවා සිටි කුරොසව තමා තවමත් මරණයට සූදානම් නැතැයි ලොවට හඬගා කියන්නාක් සේ ප්‍රේක්ෂකයාට හැඟී යනු ඇත.

-ආරිය රාජකරුණා
['අපූරු ඉරිදා දවසක්' හි පසු පරිච්ඡේදයේ ලියූ 'අකිරා කුරොසවගේ චිත්‍රපට' හැඳින්වීම ඇසුරිනි.]


'මද දයෝ'- කුරොසව ගේ අවසන් චිත්‍රපටය

'මෙවැනි ආකාරයේ චිත්‍රපට කිරීමෙන් මා බොහෝ සතුටට පත් වෙනවා .' එවකට 83 වන වියෙහි පසු වූ අකිරා කුරොසව සිය සිනමා ජිවිතයේ රිදී ජුබිලිය සමරමින් කියා සිටියේය. 1993 දී සිය තිස්වන චලන චිත්‍රය - 'මද දයෝ' පිළිබඳ තෝකියෝ කැපිටල් හෝටලයේ පැවැත් වූ පුවත් පත් සාකච්ඡාවක් දී ෆ්‍රෙඩ් මාෂල් නම් මාධ්‍ය වේදියා හා කළ සාකච්ඡාවයි මේ.

''අධිරාජයා'' යනුවෙන් අන්වර්ථ නාමයක් ඔබට භාවිත කරන්නේ ඇයි?

ඒක මාධ්‍යකරුවන් විසින් මා වෙනුවෙන් යොදනු ලැබූවක්. ඔවුන් ඊට බොහොම කැමතියි.

සිත්තරෙකු වීමට ඔබට නොහැකි වූයේ ඇයි?

විභාගයෙන් අසමත් වූ නිසා.

ඔබ වඩාත් ප්‍රියකරන චිත්‍රපටය කුමක්ද?

බොහෝ දෙනෙකු ගේ අදහස නම් ඒ ''සමුරායි සත් දෙනා'' (Seven Samurai-1954) යනුයි. මොකද එය මා හැදුවේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටින අවධියක වීම නිසා. එනමුත් එය මගේ පෞද්ගලික කැමැත්ත නොවෙයි. කිසියම් කාර්යයක උත්පත්තිය කියන්නේ, කිසියම් වූ වර්ධනය වන මතවාදයක විශාලනයක්. මා වඩාත්ම ප්‍රියකරන චිත්‍රපටය මෙයැයි කීමට හැකියාවක් මට ඇත්තේ නැහැ. ජීවිතේ එක් වතාවක හෝ වෙනත් වතාවක මේ චිත්‍රපට හැමෙකක්ම පාහේ පණ ගැන්වෙන බව මා ඔබට කියන්නට කැමතියි.

කුමන ආකාරයේ චිත්‍රපට නිර්මාණය කිරීමටද ඔබ වඩාත් කැමති?

මට ඕනෑ නැහැයි කියලා හිතෙන කිසිම දෙයක් මම සිනමාවට නගන්නේ නැහැ. විශේෂයෙන්ම මුදල් ඉපයීමේ සඳහා බලකෙරෙන විදියේ චිත්‍රපට නිර්මාණයට මගේ කිසිදු ආකාරයක කැමැත්තක් නෑ. එය හොඳ දෙයක් වෙන්නට හෝ නොවෙන්නට පුළුවන්. එහෙත් කෙනෙක් ඒ පිළිබඳ ස්ථාවරයක සිටිය යුතුයි. සිනමාකරුවෙකු කිසියම් දෙයක් විශ්වාසකරන්නෙක් විය යුතුයි, තමාට අවංක කෙනෙකු විය යුතුයි, තමාගේ කාර්යය සහ අරමුණ පිළිබඳ වාස්තවික විය යුතුයි. නිෂ්පාදකයෙකු සිනමාකරුවෙකුට මුදල් ලබා දිය යුතුයි, එවිට සිනමාකරුවා විශ්වාස කරනවා, නිෂ්පාදකවරයා නිර්මාණකරුවා පිළිබඳ කෙතරම් විශ්වාසයකින් පසුවනවාද යන්න.

ඔබ සත්‍යය සමග කටයුතු කරන්නේ කොහොමද?

හැමවිටම එය ඇතුල් කල හැකි සියළු අවස්ථා සහ විධි මා විසින් සොයා බැලිය යුතුයි. සත්‍ය කතා කිරීම ඔස්සේ මුදල් ඉපයීම ඉතාම දුෂ්කර කටයුත්තක්. කොහොම නමුත් ජපානයේ ඉතිහාසය සහ එහි සංස්කෘතික වටිනාකම් පිළිබඳව කතා කිරීම නම් බොහොම පහසු කටයුත්තක් වී තිබෙනවා.


Ikiru- 1952

ඔබේ සිනමාපටවල සංස්කරණ කටයුතු අන් කෙනෙකු වෙත නොදෙන්නේ ඇයි?

මා විසින් සියලු කටයුතු ඉටුකිරීම තමයි මගේ මූලධර්මය. සියලු දේ ඉටුකරන්නේ මා විසින්. එය අධ්‍යක්ෂවරයෙකු ලෙස මාගේ කාර්යයේ කොටසක්. අදාල රූප රාමු කැමරාකිරීමෙන් අනතුරුව පසු දිනම මා විසින් සංස්කරණය කෙරෙනවා. මං අනෙක් අයට වඩා වෙනස්. මම කැමති එය මේ ආකාරයෙන් කරන්නට, මොකද ඒ නිසා මුද්‍රණය පෙර අවසාන මිනිත්තුවේ ගන්නට සිදුවන තීරණ වළකිනවා. බොහොම නැවුම් හැඟීමක් එක්ක සංස්කරණය කරන එක හරිම ඵලදායි. නිවැරදි සංස්කරණයත් සමගම අවසානයේ ඇති වන සමබරතාව පවත්වාගැනීම ඉතා පහසුයි. හැමදිනකම රූපගතකිරීම අවසානයේ පැය දෙකක පමණ කාලයක් මා වැයකරනවා සංස්කරණ කටයුතු වලට.

සිනමාපටයක් නිර්මාණය සඳහා ඔබ කොපමණ කාලයක් වැය කරනවද?

මාස 8 ක් වැනි කාලයක් ඒ සඳහා වැය කරනවා. ඒත් හැමදවසකම රූගත කිරීම් කෙරෙන්නේ නෑ. එක් දර්ශන තලයක් සඳහා කැමරා තුනක් මම භාවිතා කරනවා. රූගත කිරිම් නැවත නැවත කෙරෙන්නෙත්, කපා හැරෙන්නෙත් ඉතාම අඩුවෙන්. ඇතැම් අවස්ථා වල එක් රූගත කිරීමක් මිනිත්තු 16ක් තුල මට නොනවත්වා කරගෙන යා හැකියි.

සිනමාපටයේ අවස්ථා ඔබට කොතරම් වැදගත් වනවාද? රංගන ශිල්පීන් කොතරම් දුරට ඔබට වැදගත් වෙනවාද?

මගේ චිත්‍රපටවල ඇති වැදගත්ම අංගය වෙන්නේ ඉතා හොඳ තිර රචනයක් තුලින් ගොඩ නගන අවස්ථාවනුයි. එය එසේ නොවේ නම් රංගන ශිල්පීන්ගෙන් ප්‍රයෝජනයක් වන්නේ නෑ. වෘත්තීය නොවූ අයට පවා හොඳින් රංගනයේ යෙදෙන්නට පුළුවන්. හැම විටම මම බලාපොරොත්තු වෙන්නේ ඉතා තාත්වික මට්ටමේ රංගන ශිල්පීන්.

ඔබේ පෞද්ගලික රුචි අරුචිකම් ගැන කතා කළොත්?

මම ක්‍රීඩා වලට බොහොම ප්‍රිය කරන කෙනෙක්. ඒ වගේම චිත්‍රපට නැරඹීමටත් කියවීමටත් මම බොහොම කැමතියි.

ඔබේ සිනමාපට තුල දී දෘෂ්‍ය සංකලනයන් කොපමණ වැදගත් වනවාද?

ප්‍රකාශන කාර්යයන් සඳහා එය භාවිත කළ හැකි ඉතා වැදගත් ආකාරයන් තිබෙනවා. මගෙ අළුත් සිනමා නිර්මාණය තුල මම ඒවා බොහොසෙයින් භාවිතා කොට තිබෙනවා.

ඉදිරියට ඇති ඔබේ සැලසුම් මොනවාද?

මගේ ජීවිතේ බොහෝ කාලෙක ඉඳන් තියෙන බලාපොරොත්තුවක් තමයි සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකුවන Vincent van Gogh ගේ ජීවිතය අලලා චිත්‍රපටක් කිරීම. සමහර විට මම මේ ව්‍යාපෘතිය අරඹාවි ඉදිරි වසර කිහිපය තුල.

ඔබේ අවසාන චිත්‍රපට හතර තුල 'තොෂිරො මිෆුනේ' (Toshiro Mifune) ට අවස්ථාවක් හිමි නොවුනේ ඇයි?

තොෂිරො මිෆුනේ කියන්නේ ඉතා ශ්‍රේෂ්ඨ රංගම ශිල්පියෙක්. ඔහු ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටියදීම 'රත් රැවුල්කාරයා' (Red Beard) සඳහා ඔහුගේ විශිෂ්ඨ හැකියාවන් මට ලබා දුන්නා. අපි තවමත් සමීප මිතුරෝ. මගේ නිර්මාණ තුල ඔහු දකින්නට නොසිටියත්, ඔහු පිළිබඳ මා තුල ඇත්තේ අප්‍රමාණ ගෞරවයක්.


තොෂිරො මිෆුනේ- Rashomon- 1950

රංගන ශිල්පීන් හා කටයුතු කිරීමේදි ඔබේ රහස කුමක්ද?

හැමවිටම පුහුණු වීම ඔස්සේ ඔවුන් සූදානම් කරවනු ලබනවා. ඒ සඳහා මාස 8 ක කාලයක් ගත වෙනවා. එවිට ඔවුන්ට තමන්ට හිමි චරිතය හා මුහුවෙන්නටත් එය අවබෝධ කරගන්නටත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ රුචිකත්වය වර්ධනය කරගන්නට ඉඩ ප්‍රස්ථා හිමි වෙනවා. චරිතයක් ගොඩ නගන්න්ට කාලයක් ගත වෙනවා. ඇත්තෙන්ම එහි රහසක් නැහැ. එයට මූලිකව අවශ්‍ය වන්නේ ඉවසීමයි.

ඔබේ සිනමාපට වල ස්වභාවය ගැන යමක් කිවුවොත්?

සිනමා පටයක් නිර්මාණය කරන විට ඔබ එහි ප්‍රමුඛ භූමිකාව හා කටයුතු කරන්නන්ගෙන් කෙනෙක්. එක්ව සිනාසීම, හැඬීම, දුක්විඳීම කියන මේ හැමදේම. ඇත්තෙන්ම එය තමා චිත්‍රපටය කියන්නේ.

ඔබට හැකියාවක් ඇත්නම් සමාජය වෙත බලපෑම් කරමින් එය වෙනස් කරන්නට, ඔබ එය කරන්නේ කෙසේද?

කලාකරුවෙකු විදියට මා සතු නිර්මාණ කෞශලයේ වාසිය උපරිමෙන් දෙන්නට කටයුතු කරනවා. මම බොහොම සතුටු වෙනවා. ඒ මට මා ඉදිරිපත් කළ හැකි මාධ්‍යක් සහ අවස්ථාවක් තිබෙන නිසා. මගේ වෘත්තිය කෙරෙහි මා සතු වගකීමක් තිබෙනවා. සත්‍යවාදී සහ අවංක දැනුවත් වීමක් මට තිබෙනවා. එහි කිසිදු රහසක් මා සතුව නැහැ. මූලිකවම මම ජපන් සමාජය හා කටයුතු කරමින් එහි අපට ඇති ගැටළුකාරි අවස්ථා නිර්භය ලෙස ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා. මගේ සිනමාපට නරඹන්නේ නම් ඔබ මේ පිළිබඳව දන්නවා ඇති. කතන්දර කියන්නෙකු විදියට එහි සඟවාගත් කිසිදු රහසක් මට නැහැ.

ඔබේ 'මද දයෝ' සිනමා පටය කුමක් පිළිබඳවද?

එය මහාචාර්ය වරයෙකු වන උචිද හ්‍යක්කෙන් සහ ඔහුගේ පෙර සිටි සිසුන් අතර ඇති හෘදයාංගම බැඳීම පිළිබඳයි. ඒ තුල මේ වන විට ඒ සියල්ල අමතක කර දැමූ එහෙත් කිසියම් වූ නොමිණිය හැකි දෙයක් තියෙනවා. එය උණුසුම් හිත් ඇති ප්‍රාර්ථනීය ලෝකයක්. මේ සිනමා පටය නරඹීමෙන් පසු සියල්ලෝම තමන්ගේ මුව රැඳුණු පුළුල් සිනාවකින් සහ නැවුම් හදවතකින් යුතුව සිනමාහලෙන් නික්ම යනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Akira Kurosawa, Akira Kurosawa's Last Movie 'Madadayo' 1993, Hyakken Uchida, Toshiro Mifune
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රහ කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook