Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
අනාගතය
බූන්දි, 23:22:40
හරියටම සිද්ද වෙන දෙයක් මිහි මත
අනාගතය වෙන්නට බැහැ හිතවත!
හෙට ඉරක් පායයි
කීවත් එය සිද්ද වෙනවා
නොකීවත් එය සිද්ද වෙනවා
ඉතිං ඒක නොවේ අනාගතය

ඒක
එහෙම
වෙන්නේ ‍
කොහොම ද?

අනාගතය කියන්නේ මහ බැරෑරුම් වචනයක්!
ප්‍රතිපත්ති සැළසුම් -රක්ෂණය- අභිවෘද්ධිය -සංවර්ධනය
සිහින- ජීවිත- ජයග්‍රහණ- බලාපොරොත්තු
උසස්වීම්- මරණ ගෙවල්- කොටහළු- මගුල් තුලා
විප්ලව- දුෂණ- භීෂණ- යුද්ද-නස්පැත්ති
ණය- අය- වැය- වැඩි පඩි -උද්ඝෝෂණ -කුමන්ත්‍රණ
සුනාමි- ජල සුලි -පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා
ලොකුම අරක මේක සිද්ද වෙන
ඔය සේරම එකට හකුළුවපු කැටි කරපු
ගැට ගැහිලා ඇසිරිලා තැන්පත්ව ගල් වෙලා
තියෙන වචනයක්
අනාගතය යනු?
නොසිතූ දේ සිදුවන තැනක්
ඔව්!
සිතිය හැකි කිසිවක් ‍සිදු වේ නම්
ඒ අනාගතය නොවෙයි

බලන්න
අතීතය...
හැම දෙයක්ම සිදු වෙලා
නිච්චියටම
අනිවාරතේ
කිරි ගහට ඇන්නා වගේ

අගක් මුලක් අවුලක් නැති අතීතය
ඉද්ද ගැහැවුවා වාගෙයි අතීතය
හොරයක් නැහැ බොරුවක් නැහැ
අඩුත් නැහැ වැඩිත් නැහැ
ඝණීභූත වෙච්ච පොසිලයක් වගේ
බිතු සිතුවම් රූ නොසෙල්වී ඉන්නා වගේ
අන්න ඒකයි අතීතයේ හැටි
වෙනසක් නැහැ
තවත් ඒවායෙ වෙන්න දෙයක් නැහැ
ඒකයි ඒවා අතීතෙට අයිති

අතීතයට මේ මොකුත් නැහැ...
ප්‍රතිපත්ති නැහැ
සැළසුම් නැහැ
රක්ෂණය -අභිවෘද්ධිය- සංවර්ධනය නැහැ
සිහින- ජීවිත- ජයග්‍රහණ- බලාපොරොත්තු නැහැ
උසස්වීම් -මරණ ගෙවල් -කොටහළු -මගුල් තුලා නැහැ
ඒවා සේරම ඉවරයි
කාපු බීපුවා ඉවරයි-අන්න වලේ!
විප්ලව -දුෂණ -භීෂණ -යුද්ද නැහැ
මළවුන් සුව නින‍්දේ...

අතීතය!
ලේ නොගලන
සුසුම් නොහෙලන
උණු නොවෙන
තැනකි සකි

ලොකුම අරක මේක සිද්ද වෙලා ඉවරයක් නැහැ
හැම වාර්තාවක්ම බිඳෙන්නට නියමිතයි!
කඩුළු බිඳුනු ගණන් මෙන්ම හිස්වලට වැදුනු වෙඩි උණ්ඩ ද...
අතීත සංඛ්‍යාලේඛන දත්ත වගු...වාර්තා වාර්තා වාර්තා...

සිතු නොසිතු සැම දෙයම
සිදු වෙලා පිළිවෙලට
මෙන්න සාක්ෂි...

ඉලක්කම්
වාර්තා
හැන්සාර්ඩ්
නඩු පොත්
ඔප්පු තිරප්පු
උප්පැන්න මරණ සහතික
උපාධි ඩිප්ලෝමා සහතික
මුද්දර කවර
පුස්තක
ඡායා රූ
සිත්තම් කාටුන්
පිළිම ප්‍රතිමා
චිත්‍රපට
වීඩියෝ පට
...
...
...

ඉතිං ඒ අතීතෙ
අතීතෙ හැටි එහෙම තමයි
හැම දෙයකම අගක් මුලක්
ඉද්ද ගැහැවුවා වාගෙයි

ඒත් අනාගතය කියන්නේ
හෙට ඉරක් පායයි වගේ
නිශ්චිත දේකට නොවෙයි
නොසිතූම දේවල්
සිද්ද වෙන තැනක්

ඊයේ අර මැර ඇමතියට
හෙණයක් ගහලා

අනේ සාදු!

චික් විතරක්
බෞද්ධයෝ කෙනෙක් මැරුණම
සතුටු වෙනවද ඊරියේ?

එහෙනම් අර දියේ ගිලිල ‍පාවෙල
ගොඩට අරං නොමර මරල
මැරුණු දරුවා අර වික්කේ
නිවුස් වල
තරගෙට
තළු මර මර?

නිවුස් එකේ එන්නත් කලිනුයි
ඒ දරුවා මැරිල හිටියේ...
කොයිතරම් ජයග්‍රහණයක්ද එහෙම නිවුස් එකක්
ඉඳහිට හෝ ලැබීම
ඇස්වලට වැලි ගහන සෙල්ලමට ගැලපෙන

සිතුවද කවුරුවත් කල් ඇතුව
මේ වගේ බොර දිය වලක්
දඟලන මාළු පිලී ගඳ වැගිරෙන
අනාගතයේ හැටි ඔහොමයි
දරුව ගඟට වැටෙන්නට මොහොතකට පෙර
උදා වුනා රූපවාහීනියේ නිවුස් කාරයන්ගේ අනාගතය
එසැනින් එය උදා වුනා! සත්තයි සහතිකයි...

දැං නම් එය අතීතයක්

ඉතිං
ඉතිං

නොසිතුව දේ සිදු වීමයි
අනාගතය කියන්නේ සකි...!

සුදු මුතු කැට දසන් විදා
නිවුස් කියන කුමරි සොඳා
නිවුස් එකට මළ දානේ
ඒ කීවෙත් පාලා සිනා...
...
...

මෙන්න සංස්කරණය වෙමින් පවතින ප්‍රවෘත්තියක්

වහාම ක්‍රියාත්මක වන පරිදි අනාගතය අත් අඩංගුවට ගෙන ඇත
චෝදනා පත්‍ර කීපයක් සැදෙයි හොර රහසේ
හදිසියේ
නීතියක්
ය‍ටතේ
අද රාත්‍රී දොළහෙන් පසු
රට පුරාම ක්‍රියාත්මක වන පරිදි අනාගතය අත්හිටුවා ඇත
අදාල ගැසට් නිවේදනය මුද්‍රණයේ.

...

දත් ෆික්ස් කරමු
කරමු කරමු කරමු!

...

කිසිවෙකුත් අනාගතය ළඟ තබා ගත හොත් ...
තමන්ට අයිති නැති අනාගත
අන්සතු අනාගත
අන වින
අනා ගත
ගත ගත
ගතත
ගුඳගත
...

පෑ තැටි-ඔ‍රලෝසු
අතේ බඳින
බිත්තියේ ගහන
ඩිජිටල්
සෙල්ටෙල්
ඔරියන්ට් කැසියෝ
සිටිසන් බට්‍ ටො ක්වාට්ස් ක්‍රිස්ටල්
මෙකී නොකී සියළු කාලමාපක
හන්දි ගානේ හිස උදුම්මන්
ඩං ඩිං ඩොං නද දුන්
මහ විසාල බිග් බෙන් මුහුණත්
හොර අරක්කු බෝතල ඩෝසර් කරන්නා සේ
තලා කුඩු කර පොඩි කර දූලි කර
දමා ඇත

අනාගතය උදා ‍‍නොවන ලෙස!

හරියටම සිද්ද වෙන දෙයක් මිහි මත
අනාගතය වෙන්නට බැහැ හිතවත කිසි විට

2010/03
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
chaminda මෙහෙම කියනවා :
lassanai

කිවුව වෙලාව- 2010-04-10 10:35:44
ලක්ශාන්ත මෙහෙම කියනවා :
ඩෝසන් මේ කවිය අපූරුයි. එබැවින් විශිෂ්ටයි
වඩාත්ම මගේ හිත ගත්තේ කවිය විහිදෙන පුළුල් පරාසය
සහ නිදහස් - අයාල ලේඛන ශෛලියයි.


කිවුව වෙලාව- 2010-03-23 22:12:37
Chawwa මෙහෙම කියනවා :
doson ayye, another brilliant work... uba nam puduma kaviyek

කිවුව වෙලාව- 2010-03-22 21:08:54
Mahesh Munasingha මෙහෙම කියනවා :
Sekara ge widened version ekak widhata mata denune.....
[@BLive]


කිවුව වෙලාව- 2010-03-22 21:02:01
Siribiris මෙහෙම කියනවා :
පි‍ටු ගාණක් ලියල කියන්න ඕන දේවල් එක කවියකින් කියන්න පුළුවන් කියලා හිතුනා මේක කියෙව්වාම. ස්තුතියි

[@Boondi Blog]


කිවුව වෙලාව- 2010-03-22 21:01:00
Anjana මෙහෙම කියනවා :
dawsa ge kaviya kiyewwata passe thush akakta hituna dema tamai matath hituneee....

etakota ko wenas weemak?


කිවුව වෙලාව- 2010-03-22 05:15:34
Thushari මෙහෙම කියනවා :
වර්තමානය = අනාගතය = අතීතය ????

කිවුව වෙලාව- 2010-03-22 05:15:13
Ajith Herath මෙහෙම කියනවා :
"නිවුස් එකේ එන්නත් කලිනුයි
ඒ දරුවා මැරිල හිටියේ..."

මේක තමයි කවියේ ගැඹුරුම අරුත් දැනවෙන තැන. සූරාකෑමත් පසුගාමී සංස්කෘතියත් විසින් කල්තබා සැලසුම් කරන ලද සමාජ ඛේදවාචකය හුදු අහම්බ සහ අසම්බන්ධිත සිදුවීම් ලෙස හුවා දැක්වීමේ උත්සාහය පුපුරුවා හරින්නේ මේ පෙළ මගින්. මෙම කවියෙන් ඩෝසන් අසම්බන්ධිත ඛේදවාචකයන් යා කරන්නේ කාලය නම් සංකල්පය බිද දැමීමෙන්. කවිය කියවන කොට හිතේ මැවෙන්නේ සල්වදෝර් ඩාලිගේ Disintegration of persistence of Memory චිත්‍රය.

[@BLive]


කිවුව වෙලාව- 2010-03-22 05:13:55
sujeewa මෙහෙම කියනවා :
I like this very much

කිවුව වෙලාව- 2010-03-21 23:54:38
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝසන් ප්‍රීති ඊ.ඒ.ගෙන් තවත් වියමන්
Cine
'ෂිරින්'- චිත්‍රපටයක් නැති චිත්‍රපටයක්| කියරොස්තාමි නම් වූ සංකේතීය පීඩකයා
කරන්ට්ස්
මකුළු දැල එලා ඇති විට
කවි
කඩදාසි හීනයක්
කතන්දර
පල්පීය කතාවක්
කවි
පිලාර්, මම නුඹේ අත සිඹිමි...
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook