Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
තණකොල සහ පුන්නක්කු
බූන්දි, 07:55:08
අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි.

නොපෙන්වා යමක් පෙන්වන විජ්ජාව කරන්නේ කෙසේ දැ යි පේ‍්‍රක්ෂකයාට දැන ගැනීමට විජ්ජාකාරයා කවදාවත් ඉඩ තියන්නේ නැත. මහින්ද රාජපක්ෂ ඇතුළු වර්තමාන පාලකයෝ ඒ අතින් සැබෑ විජ්ජාකරුවෝ නොවෙති. ඔවුන් තමන් පෙන්වන විජ්ජාවෙන් මොන තරම් අහංකාරයට සහ ස්වයං-තෘප්තියට පත්වන්නේ ද යත්, විජ්ජාව සාර්ථකව ප‍්‍රදර්ශනය කිරීමෙන් පසු කළු තිරය මුළුමණින් ඉවත්කොට, ඊට පසුපසින් පැවති තමන්ගේ හොරය ‘මෙන්න බලා ගනිල්ලා’ යැයි පේ‍්‍රක්ෂකයාට නොවලහා හෙළි කරති. එතැනින් පසු විජ්ජාව අවසන් ය. එහෙත් ඒ මොහොතේ සිට පේ‍්‍රක්ෂකයා (මහජනතාව) තුළ, විජ්ජාව වෙනුවට ‘විද්‍යාව’ පිළිසිඳ ගත යුතු නේද? අවාසනාවක මහත! ශ‍්‍රී ලාංකිකයා තවමත් ඉන්නේ ඒ අවිද්‍යාවේම ය.

භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකු ඝාතනය කිරීමේ ප‍්‍රධාන සැකකරුවා වූ දුමින්ද සිල්වා එම සිද්ධියේ දී බරපතල තුවාල ලැබ ‘අසාධ්‍ය’ තත්වයෙන් පසුවන බව වාර්තා විය. බොහෝ තොරතුරුවලට අනුව, ඔහුගේ ශාරීරික තත්වය විස්තර කෙරුණේ ‘එළවළු’ ස්වභාවයෙනි. එනම්, ඔහුගේ ජීවිතය ආරක්ෂා වුණත්, එය කවදත් අකර්මණ්‍ය ශාකයක තත්වයෙන් පවතින බවයි.

අසාධ්‍ය තත්වයෙන් පසුවන සැකකරුවෙකු ප‍්‍රායෝගිකව අත්අඩංගුවට ගැනීම අසීරු විය හැකි වෙතත්, නීතියෙන් එකී අත්අඩංගුවට ගැනීමේ විධානය නිකුත් කිරීම අපහසු නොවේ. එහෙත් ලංකාවේ කිසි පොලීසියක් හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනීමට උසාවියකින් ඉල්ලා සිටියේ නැත. ඉතිං ටික දවසක් ලංකාවේ රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා, ලංකාවේ වෛද්‍යවරුවන් ගැන විශ්වාසයක් තැබිය නොහැකි නිසාත්, අතමිට හිඟ නැතිව මුදල් ඇති නිසාත්, පිටරට ගියේය. ඒ, ආණ්ඩුවේ පූර්ණ ආරක්ෂාව සහ අනුග‍්‍රහය යටතේ ය.


dailymirror.lk

මේ කාලයේ දී අපේ පාර්ලිමේන්තුව ඔහුට එක දිගටම ‘නිවාඩු’ අනුමත කෙළේ, කවදා හෝ දවසක ඔහු නැවත එහි එන බව සහතික වශයෙන්ම කල්තියා දැන සිටි ගානට යි. කෙසේ වෙතත්, හිටිහැටියේම දවසක් නීතිපතිවරයා දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා සිටියේය. එකල මාධ්‍ය තාරකාවක් බවට උසස් වීමක් ලබමින් සිටි හිරුනිකා නැමති තරුණියක් නීතිපතිවරයාගේ මේ ‘එඩිතර’ භාවයෙන් පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගොස් ඔහුට මුව නොසෑහෙන්න නමස්කාර කළාය. කවුරු මොනවා කීවත් ලංකාවේ තවම ‘නීතියේ ආධිපත්‍යයක්’ ඇති බව එයින් ‘ඔප්පු’ වූ බව ඇගෙන් ගම්‍යමාන විය.

මිනිස් ඝාතනයේ සැකකාරයෙකු වීමට අමතරව ඔල්මොරන්දන්කාරයෙකුත් නොවන කිසිවෙකු, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කොට තිබිය දී ආපසු ලංකාවට එන්නේ නැත. එහෙත්, ලාංකීය පුරවැසියා වූ කලී, සහසුද්දෙන්ම නීතිගරුක පුරවැසියෙකු බව ලොවටම ඔප්පු කරමින් දුමින්ද සිල්වා ආපසු ලංකාවට ආවේය. ඉන් පසු කෙලින්ම රෝහල්ගත වුණේය.

ඔහුගේ නීතිඥයා උසාවියට කරුණු දක්වමින්, ඔහුගේ මොළයට සිදුවී ඇති බරපතල තුවාලවල අසාධ්‍ය තත්වය තුළ පවුලේ සමීපතමයන් සමග සිටීම අත්‍යාවශ්‍ය වන බැවින් ඔහුට ඇප ඉල්ලා සිටියේය. නීතිපතිවරයා ඊට විරෝධය නොපෑ නිසා උසාවිය ඔහුව ඇප පිට නිදහස් කෙළේය. රෝද පුටුවෙන් ලංකාවටත්, ලංකාවේ රෝහලටත් ගිය දුමින්ද සිල්වා, උසාවියෙන් නිදහස ලද සැණින් දෙපයින් සිටගෙන කෙලින්ම ගියේ රටේ ප‍්‍රධාන පුරවැසියාගේ නිල නිවෙසට යි. මැජික් සන්දර්ශනය එතෙකින් නිමා විය. රහස, ‘ආරේ සිට පූරේ දක්වා’ නිරාවරණය විය.

මෙය ‘හාස්කමක්’ වශයෙන් මාධ්‍ය ගෙනහැරපායි. ඒ හාස්කම අදහා ගැනීමට ඇති නොහැකියාව කොතෙක් ද යත්, ඉපදී දින හතෙන් නෙළුම් මලක් මත ඇවිදින බිළිඳු සිදුහත් කුමරු දැකීමෙන් අමන්දානන්දයට පත් සුද්ධෝදන රජතුමා තම සිඟිති පුතාට දොහොත් මුදුන් දී වැන්දේ කෙසේ ද, ඒ ආකාරයෙන්ම මේ ආශ්චර්යමත් දුමින්ද සිල්වා පුටුවක වාඩි වී සිටිය දී ඔහු අභියසට පැමිණි පොලීසියේ ලොක්කෙක්, ඔහුට එකත්පස්ව සිට ‘සැලියුට්’ ගැසුවේය.


dailymirror.lk

එනම්, සිව් මිනිස් ඝාතක සැකකරුවෙකුට පොලීසියේ ලොක්කෙක් කැමරාවක් ඉදිරියේම අභිනන්දනය කෙළේය. එය ලංකාවේ වර්තමාන ජාතික විහ්නයේ සෘජු රූපකයයි.

අපේ කතාව පටන් ගැනෙන්නේ මෙතැනිනි.

යමෙකුගේ අපරාධය මොන තරම් බරපතල වුවත්, ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකුට වෘත්තීය වගකීමක් ඇතැ යි ඕනෑම නීතිඥ මහතෙකු අපට කියා දෙනු ඇත. එම තර්කය හරි ය. මන්ද යත්, කිසි සැකකරුවෙකු, අපරාධය ඔප්පු කෙරෙන තෙක්, වැරදිකරුවෙකු නොවන බැවිනි. ඊළඟට, තමා පෙනී සිටින සැකකරුවාගේ අපරාධය නීතිඥයා හැබැහින් දැක නැති නිසා, ඔහුට එම සැකකරුවා වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරමය විචිකිච්ඡාවක් ඇති වන්නේ ද නැත. හැබැයි, අළුත්කඬේ උසාවි භූමියේ දීම විනිසුරුවරයෙකුව වෙඩිතබා ඝාතනය කළ සැකකරුවා වෙනුවෙන් පෙනී සිටීම අපේ නීතිඥ මහත්වරුන් එදා වර්ජනය කෙළේ මන්දැ යි ප‍්‍රශ්නයක් තිබේ. එසේම, නීතිඥ මහතෙකුගේ අම්මාව හෝ තාත්තාව ඝාතනය කළ සැකකරුවෙකු වෙනුවෙන් එම නීතිඥ මහතාම පෙනී සිට ඇති බවක් මේ දක්වා දැනගන්නට ද නැත. එයින් පෙනී යන්නේ, ශුද්ධ වූ වෘත්තීය වගකීමට අමතරව, සදාචාරමය බරකුත් නීතිඥයෙකුට තිබිය යුතු බව යි. නීතිඥයෙකුට පමණක් නොව, සෑම වෘත්තීයවේදියෙකුටම එවැනි සදාචාරයක් තිබිය යුතුය.


nation.lk

දැන්, දුමින්ද සිල්වාට ඇප ලබා ගැනීම සඳහා උසාවියේ කරුණු දැක්වූ නීතිඥවරයා එසේ කෙළේ, වෛද්‍ය වාර්තාවක් මත පිහිටා පමණක් නොවේ. මොළයේ ඇති වූ තුවාල නිසා ඔහු ‘අසාධ්‍ය’ තත්වයේ පසුවන බව මේ නීතිඥයා ‘දැක’ තිබුණි. ඊට පෙර ඔහු වෙනුවෙන් වෛද්‍ය වාර්තා නිකුත් කළ විශේෂඥ වෛද්‍යවරු ද එයම ‘දැක’ තිබුණි. ඔවුන් දෙන්නා එය ‘දැක’ තිබූ නිසා, නීතිපතිවරයා ද ‘දැක්කා සේ’ සිටියේය. උසාවිය, ඒ කිසිවක් ‘නොදැක්කා සේ’ අවසර දුන්නේය. මේ සියල්ලන්ම, රට කරවන දේශපාලක කුලකයට අයත් නැති, ‘බුද්ධිමත්’ යැයි සැළකෙන, සමාජය වෙනුවෙන් වෘත්තීය සේවයක නිරතව සිටිති යි කියන, එක්තරා ආකාරයක ‘විශේෂඥයන්’ ය. ඔවුන් සියල්ලන් සහ දුමින්ද සිල්වා ඉදිරියේ සැලියුට් ගැසූ අර පොලිස් නිලධාරියා අතර කිසියම් වෙනසක් තිබේ ද?

පැහැදිළි සිංහලෙන් මේ තත්වය හැඳින්වෙන්නේ ‘සිස්ටම්’ එක කියා ය.

අප ඉහතින් කී හිරුනිකා නැමැති තරුණිය ඉන්නේත් එම ‘සිස්ටම්’ එක ඇතුළේමයි. ඇගේ පියා ඝාතනය කළ බවට ඇය චෝදනා කරන දුමින්ද සිල්වා සමග එක පේළියට, එක පක්ෂයක සහ එක ආණ්ඩුවක ඇය අසුන් ගන්නා දිනය එන තෙක් මේ ‘සිස්ටම්’ එක වටහා ගැනීමට කෙනෙකු බලා සිටිය යුතු ද?



[අවරදිග ආවර්ජනා- රාවය- 04.05.2013]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- R. Duminda Silva, Hirunika Premachandra, Mahinda Rajapaksa, Bharatha Lakshman Premachandra
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ගාමිණී වියන්ගොඩගෙන් තවත් වියමන්
පොත්
පොල්පොට්ගේ 'මාක්ස්වාදය' සහ කෙමරූජ් භීෂණය
අදහස්
සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම
අදහස්
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
අදහස්
බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසැවීම
අදහස්
හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවාදය
තවත් අදහස් බූන්දි
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
BoondiLets
මැල්කම් එක්ස් කියයි.
වර්ගවාදයෙන් තොර ධනවාදයක් නැත.
What's New | අලුතෙන්ම
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook