Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම
බූන්දි, 07:51:00
ලංකාව දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙක් බවට පත් වෙමින් තිබේ. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම පරිච්ඡේදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම් කරමින් සිටී. ජාතිවාදය හා අවස්ථාවදය ද, බලය හා මුග්ධත්වය ද යන ගැටවලින් පිරි ඇති නූල් බෝලය නැමැති ලංකා සමාජය ගැට ගැසී ඇති ස්වභාවය හා එම ගැට ලෙහා දැමීමට ගන්නා ක්‍රියා මාර්ග වෙනුවට, ඉවසිලිවන්ත කමක් හා ගැට ලෙහීම සඳහා ක්‍රමවේදයක් නැති තැන කරනු ලබන සරල දෙය වන, ගැට තවත් තද කිරීම කරමින් සිටී. යුද්ධය නැමැති ගැටයට වැඩිම කාලයක් හිරව ඒ හේතුවෙන් ඇති වූ තවත් ගැට රාශියක අඩංගුව බවට මෙකී නූල් බෝලය පත්ව ඇත. ලෙහා දැමීමට හැකි ගැට පවා ලෙහා දමන බව පෙන්වමින් කරනු ලබන්නේ, එම ගැට තව තවත් තද කරමින් සිටීමය. එනම් ගැටලු යටපත් කිරීමය. මර්ධනය කිරීමය. අවසානයේ දී ඒවා කපා දැමීමය. නැතිනම් විනාශ කිරීමය. කපා දැමීම සිදුවන්නේ කිසිවක්ම කරකියාගත නොහැකි වූ විටකය.

ලෙහන්නට බැරි, ලෙහන්නට උවමනාවක් නැති, නූල් බෝලය සමඟ සෙල්ලම් කරන රාජපක්ෂගේ ඔබරය පමණක් වැල්ලේ කැරකෙන්නේය. නොයෙක් ආකාරයේ මැජික් සංදර්ශන වලින් ආකර්ශනය ලබා ගැනීමට විශේෂ හැකියාවක් ඔහු සතුව පවතී. හිරි වැටුණු සමාජය එදිනෙදා අරගලයට එක්ව ජීවිතයේ ශිඛරය තරණය කරද්දී, ඔවුන්ව සතුටු කිරීමට පහසුම මැජික් සංදර්ශනය වන ජාතිවාදය අලුත් ආකාරයකින් කරලියට ගෙනවිත් ඇත. සුළු ජාතීන් දෙකක් දෙපස තබා ගෙන සිංහල මහ ජාතිවාදය විසින් ඔවුන්ව පාලනය කිරීම හා එහි ප්‍රතිවිරෝධයන් තම පැවැත්මේ අනාගත ආශිර්වාදය කරගැනීමට රාජපක්ෂ පවුල් පාලනය සිය උපාය මාර්ගය කර ගන්නේ නම්, ඔහුගේ පමණක් නොව මුළු මහත් සමාජයේ ඛේදවාචකය අලුත් වටයකින් ආරම්භ වීම නොවැලැක් විය හැකි වනු ඇත.

නිදහසින් පසු ලංකාව සරළ සමාජ වර්ගීකරණයකට ලක් කළ හොත් විවිධ විෂයයන් හා කාලවලට අනුව බෙදා වෙන්කර එකට මුසු කර විග්‍රහ කළ හැකි අතර එම වර්ග කිරීම් බෙදීම් හා න්‍යායගත කිරීම සියල්ල එකට මුසු වූ එකම තැනක් බවට පත්ව ඇති යුගය ලෙස රාජපක්ෂ පාලන කාලය සැලකිය හැකිය. මතුපිටින් දකින ආගන්තුකයෙකුට හෝ ඉතාලියේ සිට මැදපෙරදිග සිට නිවාඩුවක් ලබා මව්බිමට පැමිණෙන සිංහ කොඩිය අතට ගත් සිංහල බෞද්ධයෙකුට ද යුදධයේ පිහිටෙන් සරණාගතව යුරෝපා රටක පුරවැසිකම ගත්ත හා පවතින වාස්තවික තත්ත්වයන්ට අනුව ආරක්ෂාකාරී දේශපාලනයට අනුගත වූ දමිළ සංචාරකයන්ට නම් ලංකාව දියුණුව කරා යන සේද මාවතකි. එසේම වංචාවෙන් දූෂණයෙන්, දේශපාලනික පිහිටෙන් කූඨ ව්‍යාපාර, කුඩු ජාවාරම්කරුවන්ට නම් ආශ්චර්යයක් වී ඇත. එහෙත් රටක්, සමාජයක්, සංස්කෘතියක් කියා කියනු ලබන්නේ එයට නම් ලංකාව දියුණව කරා ගමන් කරන අඩු ආයුෂ සහිත රටකි. එහෙත් ඊට වඩා වෙනස්ව බුද්ධිමත්ව සන්සුන් සිතින් රටක් ලෙස සමාජයක් ලෙස මනුෂ්‍යයින් ලෙස කල්පනා කරන්නන්ට අවශ්‍ය නම්, මෙම ගෙවී යන නිමේෂය පිළිබඳව ඇති වන්නේ තැති ගැන්මකි. බියකි. දුක මුසු වූ තරහකි. අපේක්ෂා භංගත්වයකි. චලිතයේ ස්වභාවය අනුව මොනයම් ආකාර හෝ යහපතකට නැමීයාවක් දක්වන ස්වභාවයක සලකුණක් නැත. මෙම තත්ත්වය යහපත උදෙසා හැරවීමේ ක්‍රමවේදයක් ද නැත. තිබෙන ක්‍රමවේද ප්‍රමාණවත් නොවන අතර එය මාරාන්තික රෝගයක් ඇති ලෙඩෙකුට දෙන පැනඩෝල් පෙත්තක් වැනි ය. එම නිසා දැන් උදා වී ඇත්තේ හදිසි අවස්ථාවකි.

හදිසි අවස්ථාව හඳුනා ගැනීම

සිදු වෙමින් යන විනාශය විසින් අනාගතයේ සිදුවීමට නියමිත විනාශය හඳුනා ගැනිම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. බහුතර සමාජය විනාශයේ සහභාගී කොටස් කරුවන් වීම තුල මෙහි ඇති අනතුරේ ප්‍රමාණය දැනෙන්නේ නැත. සමාජ විනාශය සඳහා සහභාගිත්වයෙන් මෙපිටට විත් ඊට විරෝධය දක්වන්නාගේ ආස්ථානයට ගොනු කිරිම හදිසි අවස්ථාව සඳහා ඇති දේශපාලනික ක්‍රියා මාර්ගය වනු ඇත. එහෙත් දිනෙන් දින දකින්නට ලැබෙන සිදුවීම් මඟින් ගම්‍ය කරන යථාර්ථය වන්නේ විරුද්ධාභාෂයය.



එලියෙන් හා කාර්කික ඥාණයකින් බැලීමේ දී ලංකා සමාජ දයලෙක්තිකය ඉතා කැමැත්තෙන් තෝරා ගෙන ඇත්තේ විනාශයමය. මෑත ඉතිහාසයේ අත්දැකීම්වලට අනුව අප හැම සියලු දෙනාට සමාජයක් ලෙස මිනිසුන් ලෙස ජීවත් විමට ඉගෙන ගත හැකි පාඩම් ඉතිහාසය විසින් ඇති තරම් කියා දි තිබුණ ද නැවතත් එවැන්නකටම අත වැනීමේ සංඥාවක් ලෙස බොදු බල සේනා නම් අන්තවාදී කණ්ඩායම් මතු වීම හා ඊට රාජ්‍ය අනුමැතිය හා නිහඬතාවය විසින් සාධාරණීයකරණය කර ඇත. නීතියක් යුක්තියක් ධර්මයක් නැති සමාජයක බිහිවනු ඇත්තේ ම්ලේච්ඡයන් පිරිසකි. එය දිනෙන් දින පෙන්නුම් කිරීම මුළු මහත් සමාජ දේහය පුරාම පැතිර ඇත. හිංසනය ජාති මාමක වීර ක්‍රියාවක් බවට පත් කරමින් සාධාරණිය කරණය කිරීම රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ භයානක ප්‍රවණතාව පැපිලියාන සිද්ධියේ දී සිහිගන්වනු ඇත්තේ 83 ජූලි කෝලාහලය ය. බෞද්ධ සංඝයාවහන්සේ නමක් ගල්වලින් අදාල ගොඩනැගිල්ලට පහර දෙද්දී, පොලිස් ආරක්ෂකයින් බලාගෙන සිටිති.

ඇත්තටම සමහර විට පොලිසියට එම අවස්ථාව පාලනය කිරීමට උවමනාවක් තිබුණ ද එසේ කළ නොහැකි වී ඇති අදිසි බලයේ පාලනය සම්මත නීතියෙන් ඔබ්බට ගොස් ඇති බව කදිමට පෙන්වන අතරම, එයින් ගම්‍ය කරන නපුර මොන තරම් විශාල විය හැකි දැයි අද ගණන් බැලීම හදිසි අවස්ථාව හඳුනා ගැනීමකි. ඒ අනුව හදිසි අවස්ථාවකදී ක්‍රියා කිරීම, සාමාන්‍ය අවස්ථාවක දී ක්‍රියා කරන ආකාරයට වඩා මුළුමනින්ම වෙනස්ය. ගෙයක් ගින්නකට හසුව ඇති විටක, මුලින්ම කළ යුත්තේ ගිනි නිවා දැමීමට ක්‍රියා කිරීමය. එවැනි අවස්ථාවක් වනාහි කොන්දේසි විරහිත තත්ත්වයකි. වාද බේදකම්, දර්ශන මතවාද පසෙක ලා අනතුරින් ගෙදර ගලවා ගැනීම ය. මේ මොහොත තවත් ගින්නක් ඇවිලිමට පටන් ගන්නට සැරසෙන වෙලාවකි. දේශපාලනයේ දී මෙම තත්ත්වය කෙසේ වැදගත් වේද, කෙසේ ක්‍රියා කළ යුතුද යන්න විවාධ සම්පන්න කාරණයක් වුවත් විනාශයේ හදිසි අවස්ථාව දැන් සමාජීය වගකීම අභ්‍යන්තරික වශයෙන් ලාංකීය දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් වී ඇත. එනම් ආරාක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම(Responsibility to Protect) යන මානව වාදී සංකල්පය පිළිබඳව දේශීය දේශපාලනය තුල සිතා බැලීමය.

සාමාන්‍ය ලෙස මෙම වගකීම පවතින්නේ ගැටලුව පවතින රටෙහි රාජ්‍යයටය. සියලු ජනයාගේ වගකීමට නෛතිකව බැඳී ඇත්තේ වෙනස්කමකින් තොරව සැලකීමටය. වර්තමාන රජය දෙමළ ජනයාගේ සුවිශේෂී වූ මූලිකම අයිතිවාසිකම් පවා කඩකරමින් පීඩිතයන් බවට ද ඔවුන් තවදුරටත් සවකීය රටවැසියන් ලෙස කල්පනා කරනු වෙනුවට යටත් වැසියන් කර ඇති අවස්ථාවක් එක් පසකින් නිර්මාණය කර තිබෙන අතර අනෙක් පසින් එම ලබ්බට තැබූ අතම පුහුලට තැබීමේ අවස්ථාව මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරමින් සිටී. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන හා ආරක්ෂාව සැලසෙන බව සාක්ෂි සහිත රහසකි. මෙකී රාජ්‍ය ආරක්ෂාව සරල බවේ සිට සංකීර්ණත්වය දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය ඓතිහාසික සාධක ද සිය පැවැත්ම පදනම්කර ගෙන ජාතියේ ආරක්ෂාව බවට විතැන් කිරීම නැවත වටයකින් කළ හැකිය. ඒ සඳහා වන නියම මෙවලම අන්කිසිවක් නොව සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයම ය. ලෝකෝත්තර දර්ශනයක් ලෙස බිහිව ව්‍යාප්ත වූ බුදු දහම, ලාංකීය සංදර්භයේ දී රාජ්‍ය සමඟ මිශ්‍රව ලෞකික ආයතනයක් වීමෙන් හා ආගම හා රාජ්‍ය අන්තර් පැවැත්මක් ඇති කරගැනීමේ ඓතිහාසික සංදර්භයේ දී ඇති වූ දෘෂ්ටිවාදය එහි ප්‍රකාශනය වන්නේය. ආගම බුදු දහම වන විට රාජ්‍ය සිංහල වීම තුලින් උපන් සිංහල බෞද්ධ මතවාදය රාජ්‍යයේ මතවාදය බවට පත්වීම යනු ෆැසිස්ට් තත්ත්වයකි. පාලකයා හා රාජ්‍ය ෆැසිස්ට් වීම හා මහ ජාතියේ දෘෂ්ටිවාදය ෆැසිස්ට් වීමෙන් ඇතිව ඇති ප්‍රතිථලය වන්නේ මහ සමාජය ද ෆැසිස්ට් වීම ය.

ෆැසිස්ට්වාදයේ නැඟීම

එම නිසා ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටීම යන ප්‍රවාදය රාජපක්ෂ පවුල් රාජ්‍යයට වලංගු වන්නේ නැත. එබැවින් මෙම අවස්ථාව හඳුනා ගැනීම පවුල් රාජ්‍යය හැරුණු විට සෙසු දේශපාලන බලවේගවල වගකීමේ කොටසකි. රාජ්‍යයක්, පාලකයෙක්, පාලක පවුලක් හා සමාජයක් මහ ජාතියේ ෆැසිස්ට් හිස්ටීරියාවෙන් පෙළෙමින් සිටින අවස්ථාවක දී, දේශපාලනය කිරීම යනු තමන් සිතා සිටින පරමාදර්ශිය, අනාගත අපේක්ෂණයන් සහිත ව්‍යාපෘතිය නොවනු ඇත. එසේම එයට අවස්ථාව ද නො සලස්වනු ඇත.

එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමෙන් පසුව උතුරේ දේශපාලනය කිරීමට සැලසුම් කළා නම්, එම ෆැසිස්ට් සැලසුමේ ප්‍රතිපලයේ යථාර්ථය දැන් තේරුම් ගත හැකි ය. අනෙක් අතට බොදු බල සේනා වැනි අන්තවාදී ක්‍රියාවන් තුලින් ඇති කරනු ලබන විනාශයෙන් අප්‍රසාදයෙන් අඩපණ වන ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමට න්‍යාය සැකසෙන දේශපාලනය ද, පාලකයන් මාරු වීමෙන් හෝ ආණ්ඩු මාරු වීමෙන් තමන්ට බලයක් ලාබා ගත නො හැකි බැවින් විනාශයෙන් පසුව ඇතිවන අලුත් තත්ත්වය තමන්ට අවකාශය උදාකර දේ යන න්‍යායෙන් න්‍යාය සැලසුම් කරන දේශපාලනය ද, එක් සුළු ජාතියකට විනාශය සිදු වෙද්දී අනෙක් සුලු ජාතිය මහා ජාතියේ හිංසනයට සයෝගය දීම යන විනිශ්චයෙන් “දැන් උඹලගෙ වාරය” යන නිහඬ සතුටු සිතිවිල්ලේ ඇති දමිළ දේශපාලනය ද, මේ සියල්ල තුල විදේශ මැදිහත් වීමකින් වෙනසකට බලාපොරොත්තු තබන දේශපාලනය ද යන මෙකී නොකී න්‍යාය පත්‍රවලින් වර්තමානයත් අනාගතයත් නිශ්චය කරනු ඇත. එහෙත් එයට ඉඩක් ලැබේද, අවකාශයක් ඇති වේද යන්න මෙම හදිසි අවස්ථාවම තීරණය කරනු ඇත.

පාලක පංතීන් මෙන්ම සෙසු බලවේගයන්ද අධිනිෂ්චය වන්නා වූ ප්‍රධාන සමාජ දයලෙක්තිකය තම උපාය මාර්ගය බවට පමණක් පත්කර ගනිමින් දේශපාලනය තේරීම යනු තම අරමුණට ලඟාවිම නොව තමන් ඇතුලු සමාජයම විනාශයකට ගමන් කිරීමකි. මන්ද රට ඇත්තේ ෆැසිස්ට් තත්ත්වයකය. මෙය තේරුම් ගැනීමට ෆැසිස්ට්වාදය යන්න පිළිබඳව ද තේරුම් ගැනීම වැදගත් වනු ඇත. මෙම යෙදුම මුලින්ම භාවිත කරනු ලැබුවේ ඒකාධිපති දක්ෂිණාංශික ජාතිවාදී පාලන ක්‍රමයන් වූ ඉතාලියේ මුසොලෝනි (1922-43) ද, ස්පාඤ්ඤයේ ෆ්‍රැන්කෝ ද ෆැසිස්ට්වාදීන් වීය. ෆැසිස්ට්වාදය එක ජාතියක් හෝ ජනවර්ග කණ්ඩායමක් ශ්‍රෙෂ්ඨය යන විශ්වාසයෙන් යුක්ත වීමත්, ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කිරීමත්, බලසම්පන්න නායකයෙකුට අවනත වියයුතු බවට බලකිරීමක් සහ බලවත් විප්ලවකාරී ප්‍රව්ශයකට ඇතුලු වීමේ ප්‍රවණතාවය දක්වනු ඇත. එසේම ජෝර්ජ් ඕවල්ගේ විග්‍රහයට අනුව, ජාතිවාදය යන්න විශ්වීය ලෙසම සලකනු ලබන්නේ නෛසර්ගිකවම ෆැසිස්ට්වාදී ලෙසය. නමුත් මෙය ජාතික ව්‍යාපාරයන්ට ආදේශ කිරීමේදී ප්‍රකාශකයා ලෙස පිළිගැනීම නොකරීම තුල පමණක් පවතිනු ලැබේ.



බැලූ බැල්මට අර්ථකථනය කිරීමට හෝ තේරුම් ගැනිමට නොහැකි බවක් ෆැසිස්ට් ක්‍රමයක් තුල දක්නට ලැබීම සුවිශේෂත්වයක් ද වන අතර ආර්ථික දියුණුවක් ද පෙන්නුම් කරනු ලැබේ. අනෙක් අතට ෆැසිස්ට් යන සංඥාර්ථයෙන් ජර්මනිය, ඉතාලිය මතකයට නැඟුණ ද, ෆැසිස්ට් සමාජයක් නිශ්චිත නිර්වචයකට යටත් කිරීමට ද අසීරු බවට ද නිදසුන් ඇති අතර ලංකාව ද අප හමුවේ ඇති තවත් නිදසුනකි. ඉතාලිය, ජර්මනිය හා ස්පාඤ්ඤය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කිගේ විග්‍රහයට අනුව පොදු ලක්ෂණයක් වන්නේ සුළු ධනේෂ්වර කොටස් වන නව මධ්‍යම පංතික කොටස්, රාජ්‍ය ආයතන හා පරිපාලන, පුද්ගලික අංශවල කොටස් ඉතා පහසුවෙන් මෙම බහුජන ව්‍යාපාරයන් සඳහා යොමු වීම කැපී පෙනෙන්නකි. එක් අතකින් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ දී ලාභය හා තරඟය අතර ඇති ගැටුමේ එක් ප්‍රතිඵලයක් යැයි ද බොදුබල සේනා වැනි ෆැසිස්ට් කල්ලි මෙහෙයවන ආකාරයෙන් පෙනී යන්නකි. මුස්ලිම් වෙළෙඳ ආර්ථිකයට බෞද්ධ වෙළෙඳ ආර්ථිකය මහා ජාතියේ උරුමයක් ලෙස කඩා පැනීම මුස්ලිම් විරෝධයේ එක් වැදගත් ලක්ෂණයක් ද වන්නේය.

බුද්ධිමතුන්ගේ නායකත්වය

මෙම භයානක තත්තවය තව තවත් වර්ධනය විමට ඇති ප්‍රවණතාත්මක වර්ධනයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීමේ ද, සමස්තයක් ලෙස පවතින පාලන ක්‍රමයේ විනාශකාරීත්වය හේතුවෙන් ද විය නොහැකි බලකිරීමකට පවත්නා දේශපානයන්ට එක් විය යුතු යැයි යෝජනා කළ යුතු වුවද පවත්නා දේශපාලනික සතුරුභාවයන් හේතුවෙන් එක්වීම යන්න අති මහත් දුෂ්කර තත්ත්වයක් වුවද, තම තමන්ගේ න්‍යාය පත්‍රයන්ගෙන් වියුක්තව පොදු නපුර පැරදවීමට අවශ්‍ය ක්‍රමවේදයකට සූදානම් විම ප්‍රගතිශීලින්ගේ කාර්යභාරයක් වන අතර මෙතෙක් සමාජයේ නිහඬව සිටින බුද්ධිමතුන්ගේ පුනරුදයකට කාලයක් ද වනු ඇත. පුද්ගලයා පිළිබඳ ඇති විශ්වාසය බිඳිම හා පලුදුවිම තුල දැන් කළ යුතුව ඇත්තේ රටෙහි යහ පැවැත්ම උදෙසා යාන්ත්‍රණයක් සැකසීම හා එය ජයග්‍රහණය කරවිමට අවමයේ සිට උපරිමය දක්වා කැප වීමය. ඒකාධිපතිවාදයෙන්, ෆැසිසිට්වාදයෙන්, පවුල්වාදයෙන් යුක්ත විනාශයෙන් රට බේරා ගැනීමට සාමුහිකත්වයෙන් තොරව නොහැකිය. එසේම දාර්ශනිකයන් පාලකයන් වන තුරු හෝ ලෝකයේ පාලකයන්ට හා කුමාරවරුන්ට දර්ශනයේ බලය හා ආත්මය තිබෙන තුරු, සෙසු ලෝකය පාපයෙන් තුරන් නොවනු ඇත. ප්ලේටෝ නම් දාර්ශනිකයාගේ මෙම අදහසේ යථාර්ථය ලංකාවට අතිශය වලංගුය. එනිසාවෙන් මේ එළඹෙන්නේ ඥාණවන්තයින්ගේ, උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ හා දාර්ශනිකයන්ගේ සේවාව අවශ්‍ය කරන හදිසි අවස්ථාවකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Current political situation in Sri Lanka, Sri Lankan Intellectuals, Fascism, Radical authoritarian nationalism, Mahinda Rajapaksa Regime, Sri Lankan Muslims, Papiliyana Fashion Bug Attack
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
උදය ආර්. තෙන්නකෝන්ගෙන් තවත් වියමන්
කරන්ට්ස්
කැළඹුමක සංහාර කලපුව
අදහස්
ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත-නැත
කරන්ට්ස්
ජයපාලන් හැවිල්ල
කරන්ට්ස්
අවලමාගේ මෙවලම් නොහොත් අපේ කාලයේ වීරයෝ
රංග
ඒ වෙනකොට අපි [සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා]
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ක්‍රිස් හෙජස් කියයි.
අප දැන් සිටින්නේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍යය වනසන, නීතිවේදීන් විසින් සාධාරණය වනසන, විශ්වවිද්‍යාල විසින් දැනුම වනසන, ආණ්ඩු විසින් නිදහස වනසන, මාධ්‍ය විසින් තොරතුරු වනසන, ආගම විසින්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook