Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත! (පැත්තකින් තියපු මිනිහෙක් ගැන ඇත්තකින් දශමෙන් පංගුවක්)
"රිඟින් ටෝන්වලටමයි ගීතය බිහි වෙන්නෙ මුළු රටේ" කියමින් සිය 112 වැනි කැසට් පටය සමඟ සංයුක්ත තැටිය නිකුත් කරන නිහාල් නෙල්සන්, සිය සංගීත දිවියේ පනස් වැනි වසර පසු කරමින් සිටියි. එය නිමිති කොට ගත් "වසර 50යි. නිහාල් ඇවිත්" ප්‍රසංගය 2013 මාර්තු 15 වන දා සවස 6:00ට කොළඹ මියුසියස් විදුහල් රඟහලේදී පැවැත්වෙයි. මේ ඔහු පිළිබඳව තැබෙන සටහනකි.
බූන්දි, 03:01:30
කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන - එකම විදිහෙ වංගු තියෙන - එකම විදිහේ මාර්ග සලකුණු තියෙන අමුතුම විදිහෙ පාරක් නෙවෙයි.

කලාව ගොඩක් වෙලාවට පිටකොටුව වගේ. සීටීබී බස්, ප්‍රයිවට් බස්, කාර්, වෑන්, ලොරි, මෝට සයිකල්, අත් කරත්ත, ටිපර් වාගේම කන්ටේනරුත් යනවා. ප්‍රබුද්ධ, පීචං කියලා කොටු ගහලා - ගොටු ගහලා - අටු හදලා - පුටු කඩපු කලාව ගැන පිටු ගණන් විදග්ධ - විචාර - ආචාර - සමාචාර ලියැවෙන කාලෙක, අනෙක් පැත්තෙන් කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතාව ගැන කතා කළ යුතු අය ජාතිය, ආගම ඇදගෙන දිය උඩින් ගින්දර ගෙනියන කාලෙක, සාමයෙ සලකුණ වෙච්ච පරවියාව හදන්නෙත් ගහ ගනිමින්, බැණ ගනිමින් කියලා කිව්ව නිහාල් අපට හලාල්.

ඔව් අපි මේ කතා කරන්න යන්නේ නිහාල් නෙල්සන් කියන අපූරු ගායකයා ගැන. නිකම්ම නිකං වචන ටිකක් ගළපගෙන පේළි දෙකක් ගයන්න පුළුවන් අය මයික් එක බදාගෙන ඉන්න මේ කාලේ නිහාල් නෙල්සන් කියලා කියන්නෙ කවුරුත් නොදන්නවා වුණාට සප්ත ස්වරයෙ හතර මායිම අඳුරගෙන ගායකයෙක්, තනු නිර්මාපකයෙක්, සංගීතඥයෙක් හැටියටත් අප්‍රසිද්ධියේ වැඩ කරපු, ප්‍රසිද්ධිය පස්සෙ නොගියපු, අහන් ඉන්න පුළුවන් සින්දු කියපු අපේ කාලයේ මනුස්සයෙක් නිසා අපි ඔහු ගැන ලියනවා.

එක්දාස් නවසිය හැටතුනේ මාර්තු මාසෙ තිස් එක් වැනිදා පෙරවරු එකොළහයි විස්සට ගුවන් විදුලියෙ සිංහල සේවයෙ ගීතයක් ප්‍රචාරය වෙනවා. වැඩසටහන ඉදිරිපත් කළේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය ගැන කතා කරද්දි මඟ හැරලා යන්න කොහෙත්ම බැරි අතිදක්ෂයෙක් වෙච්ච කරුණාරත්න අබේසේකර. මේ කියන ගීතය සංගීතවත් කළේ ආර්. ඒ. චන්ද්‍රසේන. ලිව්වේ (අද) මීගහවෙල සුමනශාන්ත හැටියට පැවිදි වෙලා ඉන්න (එදා) සරත් මුණසිංහ කියන ගීත රචකයා. අදටත් කොයි පරම්පරාවේ කොයි සාදෙක දි වුණත් කොයි කවුරුත් එකතු වෙලා - මිතුරු වෙලා - සතුටු වෙලා ගායනා කරන; "ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල්, මං ආස කරන මැණික් කැටේ නිල්" කියාගෙන කූඩුවේ දොර ඇරගෙන සංගීත අඹරෙ පියාඹන්න පටන් ගත්ත මේ කුරුල්ලව එක එක ජාතියේ කූඩුවල දාලා - කොටු කරලා - ගහලා - වහලා පැත්තකින් තියන්න හුඟක් කට්ටිය උත්සාහ කළත් මඟක් නැති වුණේ එයාලටම මිසක් නිහාල් නෙල්සන්ට නෙවෙයි. කනක් ගාව අඟක් ඇවිත් හුඟක් අය ප්‍රශ්න හදා ගත්තට ඉමක් කොනක් නැති සංගීත සාගරේ ගොඩක් තැන්වල කරක් ගහපු නිහාල්, පහක් දහයක් පහළොවක් විස්සක් නෙවෙයි තුන්සිය හැටපහේ ඔරිජිනල් අවුරුදුවලින් පනහක්ම සින්දු කිව්වා කියලා ඉතිහාසගත වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න මේ වගේ සටහනක් ලියන්න ලැබීම අපෙත් වාසනාවක්.

එක පාරක්, පුන්කලස් තියපු රතු පලස් එළපු දොරගාව මඩ ටිකක් ළාවට වැදිච්ච ටෙලිවිෂන් වැඩසටහනක නිවේදකයෙක් අමරදේව මාස්ටර්ගෙන් අහනවා "අද බොහෝ ගීත භාෂාව විකෘති කරලා ගැයෙනවා නේද" වගේ ප්‍රශ්නයක්. බලාගෙන ඉන්න අයට තේරෙනවා එයා මොන වගේ උත්තරයක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා. හැබැයි අමරදේව මාස්ටර් එයාගෙ අතට සාම්ප්‍රදායික කැච් එක නොදී මොඩර්න් සික්සර් එකක් වැටට උඩින් යන්න ගහනවා මෙන්න මෙහෙම. "මෙහෙමයි, වියත් වහර - ජන වහර - පුර වහර කියලා තුනක් භාවිත වෙනවනේ. එක් එක්කෙනා ගයන්නෙ එක් එක් වහරින්. ඒ හැම එකක්ම එකතු වෙලා තමයි ගීත සාහිත්‍යය හැදෙන්නේ" අන්න ඒ කියපු පුර වහර පාවිච්චි කරලා මනහර - සුන්දර - පලබර පද පිළිවෙළින් ගින්දර වගේ සින්දු කියපු ගායකයා නිහාල් නෙල්සන් කියලා අපි කිව්වොත් කවුරු මොනවා කියන්ඩද?



හේමසිරි හල්පිට, එයාගෙ ගීත රචනා ජීවිතේට උපත දෙන්නේ නිහාල් නෙල්සන්ගෙ ළඟ ඉඳන් ලියපු ලාල් තේනබදු සංගීතවත් කරපු 'ගුණෙ අයියගෙ කාමරේ' හෙවත් 'සොමියට වරෙන් පුතා අගුල දාල නෑ දොරේ' ගීතයෙන්. මනුෂ්‍යත්වය ගැන හතර වටෙන් දුක හිතෙන කතා ඇහෙද්දි අපට හිතෙනවා; මොන තරම් කල්ලකඩත්ත දිවි පෙවෙතක් ගත කරත් ගුණෙ අයියා ඇත්තටම ගුණ යහපත් මිනිහෙක් නේද කියලා. ප්‍රතිපත්ති රැක්කොත් විපත්ති සිද්ධ වෙයි කියලා ගොඩක් අය හිතද්දි ගුණෙ අයියට ප්‍රතිපත්තියක් තිබ්බා.

... කොත නම් කොත කුරුසවලට මගෙ ළඟ ඉඩ නැත කොයි කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත - බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත...


නිහාල් නෙල්සනුත් එහෙමයි. කොත නම් කොත. කුරුස නම් කුරුස. අතට සින්දුව ලියපු කොළේ ආවම කොළේ තියෙන දේ ඇලේට නොකිය, කොළේ තියෙන දේ තමන්ට ගැළපෙන විදිහට නිලේ බලල වෙනස් කරලා කියපු, කියන්න බැරි නම් කෝටියක් දුන්නත් "සොරි මචං, ඔය විදිහට නම් කියන්න බෑ..." කියලා කෙළින් කියපු ගායකයෙක් තමයි නිහාල්. ඔහුට තිබුණෙ සමාජය දිහා බලන්න ඔහුගෙම දෘෂ්ටි කෝණයක්. සමාජයේ තැන නොතැන නැතුව පවතින රොඩු - බොඩු අඩු - පාඩුවලට අඬවන්නෙ නැතුව රිදවන්න පුළුවන් විදිහෙ සින්දු තමයි ඔහු හැමදාම තෝර ගන්නේ. ... උඩ කරණම් බිම කරණම් ගහන පරෙවියා වැඩිහිටියන් පොඩි ළමයින් කරන පරෙවියා ගහ ගනිමින් බැණ ගනිමින් හදන පරෙවියා සාමයෙ සලකුණලු පරෙවියා.... කියලා සාමයෙ සලකුණ ගැන වෙනස් අදහසක් කියන ඔහු චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ පද රචනාව ඔස්සේ තමන්ම සංගීතවත් කරපු 'සල්ලි මිටි ගණන්' සින්දුවෙන් මෙහෙමත් කියනවා.

...ඉල්ලුවෙ කලාබර හත කරුමෙට පෙරළුණේ නැත - ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඉල්ලුවා පොරව හාරත නියමෙට පෙරළිලා ඇත - සන්තෝෂයි දිනාපු පැත්ත
දන්නව ගේමෙ වතගොත හරියට ජෙමා හිතවත - කවදාවත් පැරදිලා නැත
බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත - ගහන එවුන්ටයි හතේ හත...


නව ලිබරල් ධනවාදෙ ආර්ථීකේ කියන්නෙ සූදුවක්. ධනපති පන්තියෙ ජෙමාලා තෝම එකතු කරගත්තම පීඩිත පන්තියෙ අපි ෆුල් සුද්දයි කියන බරපතළ දේශපාලන යථාර්ථය මේ ගීතයෙන් ප්‍රකාශ වෙනවා කියලා අපි කිව්වොත් 'විදග්ධ' විචාරක මහත්වරුන්ට තරහ යයිද මන්ද?
අද රාවතාවත්ත රෝමානු කතෝලික පර්ෂද විද්‍යාලය කියලා හඳුන්වන - එදා නිර්දෝෂ මරියා පාඨශාලාව කියලා හඳුන්වපු ඉස්කෝලෙ පොඩි කොල්ලෙක් මඟුල් ගෙදරක සින්දු කියනවා දැකපු ඒ.ජේ. කරීම් ගායන ශිල්පියා, ඒ පොඩි කොල්ලව ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ට හඳුන්වා දෙද්දි; "කවදා හරි දවසක මේ කොල්ලා කැසට්පට එකසිය දොළහක් ගහන ගායකයෙක් වෙයි" කියලා හිතුවද නැද්ද අපි දන්නෙ නැහැ. කොහොම වුණත් ඒ සින්දු කන්දරාව මැද්දෙ තියෙන, කොලින්ස් අලුත්ගේ ලියපු 'කරුණා සුවඳ තවරාලූ' පද පෙළෙන් තමන්ම සංගීතවත් කරලා ගයපු ගීතය විසින් නිහාල් නෙල්සන්ව කොච්චර වටිනා ගායකයෙක් බවට පත් කරනු ලබනවාද කියලා හිතා ගන්න එක එච්චර අමාරුත් නැහැ. ගුවන් විදුලියෙන් සිනමා තිරයටත් හඬ දුන්නු නිහාල් නෙල්සන් පුංචි තිරයට ආවේ නැති එක නම් ඔහුගෙයි අපෙයි හැමෝගෙම වාසනාවක් කියලා නොලිව්වොත් වැරැද්දක් වෙනවා.

මාතෘකාවෙන් කියපු විදිහටම මේ ලිව්වේ පැත්තකින් තියපු මිනිහෙක් ගැන ඇත්තකින් දශමෙකින් පංගුවක් විතරයි. එක එක ජාතියෙ ගුරු කුල - කුලක - ආකෘතිවල ඉඳන් තමන්ගෙ කොටුවෙන් පිට ඉන්න එකාට කැපිල්ල දාන කොයි කාටත් අපට කියන්න තියෙන්නේ අවුරුදු පනහක් තිස්සේ කොන්ද කෙළින් තියන් සින්දු කියන නිහාල් නෙල්සන් නමැති අසාමාන්‍ය ගායකයාගේ මුවින් ගැයෙන මේ වචනම තමයි....!

"බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ
කෙනෙකුගෙ හොඳ හිත!"


(ජනරළ- 2013.03.09)









ඡායාරූප- නිහාල් ඇවිත් ප්‍රසංගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව mirror.lkවෙතිනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nihal Nelson, Sri Lankan Singer Lyricist Music Composer, Fifty years of Nihal Nelson’s music
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විමල් කැටිපෙආරච්චිගෙන් තවත් වියමන්
කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
කවි
අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!
කවි
ඩබල්!
කවි
ඇන්ටන් ජෝන්ස්ලාට උපහාර හිඟයි!
අදහස්
ගොළුවෝ, කථිකයෝ සහ කුමාර්
තවත් වෙසෙස් බූන්දි
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින්... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook