Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සිත්තර බූන්දි
බැ න් ක් සි !
බූන්දි, 17:40:31
"ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" බවට පත්විය යුතුද? කොතරම් මතභේදාත්මක වුවත්, සැඟව සිට නිර්මාණ කළත් කලාකරුවෙක් සිය නිර්මාණය මුදා හළ විට එය අත් වන්නේ ජනතාවටයි. ප්‍රධාන ධාරාවේ කලාවට සංස්කෘතික ලෙසින් ගරිල්ලා ප්‍රහාර දියත්කර ඇති අයෙකු විසින් කලා ලෝකය දෙදරවමින් සිටී.

"බැන්ක්සි" ය.

"බැන්ක්සි" කලා ලෝකයේ සුපිරිතරුවකි. ධනවාදී වෙළඳපොල ක්‍රමයට අනුව නම් සුපිරි මිලක් නියම වූවෙකි. එහෙත් ඔහු "කලාව" යන ප්‍රධාන ධාරාවේ නිර්වචිත අර්ථය කඩාබිඳ දමමින් විකල්ප කලා භාවිතාවක නිරතවන්නෙකි. "බැන්ක්සි" ගේ කලාවේ මාධ්‍යය චිත්‍ර කලාවයි. එහෙත් ඔහු තමන්ගේ හැකියාවෙන් නිර්මිත චිත්‍රය අදින්නේ සුවපහසු කැන්වසයක හෝ කඩදාසි මත හෝ නොව ප්‍රසිද්ධ ස්ථාන වල ඇති ඉඩකඩවලය. එනම් ග්‍රැෆිටි (Graffiti) ස්වරූපයෙනි. වීදි වල, තාප්ප මත, උස් බිත්ති, දුම්රිය වල හෝ ප්‍රසිද්ධියේ හමුවන ඕනෑම ඉඩකඩක ග්‍රැෆිටි නිර්මාණ සිදුකරනු ලබයි. බැන්ක්සි තරුවක් වන්නේ ග්‍රැෆිටි නිර්මාණ නිසාම පමණක් නොව ඔහුගේ භාවිතාවේ ස්වභාවය නිසාය.

ග්‍රැෆිටි නිර්මාණ සම්බන්ධ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනකට පෙර ලියා ඇති "සීගිරි කුරුටු ගී" පවා ග්‍රැ‍ෆිටි නිර්මාණය. එහෙත් නව නගර බිහිවීමත් සමග ස්ප්‍රේ කෑන් හෝ මාර්කර් පෑන් ආශ්‍රය කොට ගෙන ග්‍රැෆිටි ඇදීම සිදුකරනු ලබයි. ලංකාව තුළද ග්‍රැෆිටි ගණනයට අයත් දෑ සුවි‍ශාල වශයෙන් දක්නට හැකි වුවද, ඒවා කලාත්මක බවින් හා නිර්මාණාත්මක බවින් කොතරම් පොහොසත් ද යන්න ගැටළුවකි.



ලොව පුරා සිටින දස දහස් ගණනක් නිර්මාණ කරුවන් අතරින් බැන්ස්කි සුවිශේෂී වන්නේ ඇයි? බැන්ක්සිගේ භාවිතාව ගැන යම් විමසා බැලීමක් කරමු.

ග්‍රැෆිටි නිර්මාණ වල යෙදීම යනුම විකල්ප නිර්මාණ භාවිතාවකි. මහා සම්ප්‍රදාය උල්ලංඝනය කරමින්, ඒවායේ පූර්ව නිශ්චිත තත්ත්වයන් ගණනකට නොගනිමින් කලාව වීදිය දක්වා ගෙන ඒම තුළ මහා සම්ප්‍රදාය තුලින් එල්ල චෝදනාවන් අතිමහත්ය. ඒ අතර බැන්ක්සි විසින් සිය නිර්මාණ සදහා උපයෝගී කරගනු ලබන්නේ ක්‍රම විරෝධී මාතෘකාවන්ය. යුධ විරෝධය, ප්‍රචණ්ඩත්වය එරෙහි වීම, වෙළද‍පොළකරණයට එරෙහි වීම, අධිරාජ්‍ය විරෝධය, ගෝලීයකරණ විරෝධය, නුතන තාක්ෂණය විසින් වෙළදපොළ අත්පත්කරගැනීම, ඒ හරහා වෙළදපොළ විසින් මනුෂ්‍යයා අත්පත්කරගැනීම වැනි විකල්ප මාතෘකා ඊට අයත්ය.



බැන්ක්සිට ඇති ජනප්‍රියතාව දිනෙන් දින තවදුරටත් ඉහළයෑමට හේතුව නම් ඔහු විසින් දිගින් දිගටම සඟවාගෙන සිටින ඔහුගේ අනන්‍යතාවයයි. රටවල් ගණනාවක සිය නිර්මාණ සිදුකරමින්, එසේම අතිශයින් ජනප්‍රියත්වයට පත් ප්‍රදර්ශන රැසකින් අනතුරුව තවදුරටත් ඔහුගේ අනන්‍යතාව රහසක්ව ඇත. එංගලන්තයේ බ්‍රිස්ටල් නගරය මූලික කොට ගෙන ග්‍රැෆිටි නිර්මාණ ආරම්භකිරීමෙන් අනතුරුව එංගලන්තයේ ලන්ඩන් නුවර ඇතුළුව බොහෝ ප්‍රදේශ ගණනාවක සිය නිර්මාණ කිරීම් සිදුකරත්, එංගලන්තයේ සමහර දේශපාලකයින් මෙන්ම සංවිධාන විසින් චෝදනාකරනු ලබන්නේ ඔහු ඇතුළු ග්‍රැෆිටි නිර්මාණකරුවන් විසින් සිදුකරමින් සිටිනුයේ ප්‍රසිද්ධ ස්ථාන විනාශ කිරීමත් අපවිත්‍රකිරීමත් (Vandalism) බවය. මෙනිසා ඔහුගේ ප්‍රසිද්ධ ග්‍රැෆිටි නිර්මාණ වලට එරෙහිව ඔහුව නිතිය ඉදිරියට ගෙන ඒමේ අවදානමක්ද ඇත. එංගලන්තය තුළ ප්‍රසිද්ධ ස්ථාන විනාශ කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වීම වසර 10ක් දක්වා සිරදඬුවම් විදිය හැකි වරදකි.

බැන්ක්සිගේ නිර්මාණ ලොවපුරා කලාගාර වල අතිශයින්ම ඉහළ මිලගණන්වලින් මේ වන විට ද අලෙවි වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් සිය වෙබ්අඩවිය තුළ දක්වා ඇත්තේ ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වූ Henri Matisse ගේ කියමනකි. එනම් "මගේ චිත්‍ර ඉතා ඉහළ මිළගණන් වලට අලෙවි වීම ගැන මම ලැජ්ජා වෙනවා. මම කැමති නෑ මට චෝදනාකරනවට කවදහරි මම නිර්මාණය කරලා තියෙන්නෙ අග්‍රකෘති (masterpieces) විතරයි කියන එකට."






බැන්ක්සිගේ රසිකයින් අතර බ්‍රැඩ් පිට්, ඇන්ජලිනා ජොලී වැනි ඉතා ජනප්‍රිය හොලිවුඩ් නළු නිලියන්, කෝටිපති ව්‍යාපාරිකයින්, අලෙවිකරණ සමාගම් හිමිකරුවන් වැනි විශාල පිරිසක් සිටිති. සුප්‍රකට සාචි සහ සාචි සමාග‍මේ හිමිකරු චාල්ස් සාචිද බැන්ක්සිගේ රසිකයෙකි. තමන් විසින් චාල්ස් සාචි හට සිය නිර්මාණ අලෙවිකරන්නේ ද යන ප්‍රශ්ණයට බැන්ක්සි පවසා තිබුනේ "ඔහුට ඔහුගේ මුදල් ඔහු ළගම තියාගන්න පුළුවන්, මම කැමති මගේ නිර්මාණ එක් අයෙක් ළග තියාගන්නවාට වඩා මිනිස්සු දස දහස් ගණනක් අතරෙ තබන්න." යනුවෙන්.

බැන්ක්සිට වෙළඳ දැන්වීම් නිර්මාණකරන සමාගම් වලින් ලැබෙන ආරාධනා බොහෝය. සුප්‍රකට NIKE සමාගම වෙනුවෙන් වෙළද දැන්වීම් නිර්මාණය කිරීම සදහා ඔහුට ආරාධනා කළ විට ඔහු පවසා තිබුණේ. "මම විකිණෙන්න කැමති නෑ, මම කැමතියි මගේ නිර්මාණ වෙනුවෙන් අවධානය යොමුකරන්න."



බැන්ක්සි විසින් නිර්මාණය කරන ලද ඩයනා කුමරියගේ රුව රැගත් බ්‍රිතාන්‍ය පවුම් 10 නෝට්ටුව දැඩි ආන්දෝලනයකට ලක්විය. සාමාන්‍යයෙන් පවුම් නෝට්ටු හෝ කාසි සදහා යොදාගනුයේ බ්‍රිතාන්‍ය රැජිණගේ රූපය වුවද, බැන්ක්සි විසින් ඇයගේ රූපය වෙනුවට සම්ප්‍රදායික බ්‍රිතාන්‍ය රජපවුලේ මතබේදාත්මක චරිතයක් වූ ඩයනා කුමරියගේ රූපය යොදා ව්‍යාජ නෝට්ටුවක් සකස් කොට තිබුණි. එහි Bank of England වෙනුවට Banksy of England ලෙසට ද වෙනස් කොට තිබුණි. මෙම මුදල් නෝට්ටු ‍එංගලන්තයේ කළුජාතික‍යින්ගේ සාම්ප්‍රදායික නොටින්ග්හැම් සැණකෙළිය තුළ බෙදාහැර තිබුණි. මෙම මුදල් නෝට්ටු උපයෝගී කොටගෙන පිරිස් විසින් බඩුභාණ්ඩ මිළදී ගත් බවද කියැවේ. කෙසේ වුවද මෙම මුදල් නෝට්ටු Ebay වෙබ් අඩවිය තුළ බ්‍රිතාන්‍ය පවුම් 100කටත් අධික මුදලක් දක්වා දැනටත් විකිණෙමින් පවතී.



බැන්ක්සි වාර්තා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකුද වේ. ඔහු විසින් නිර්මාණය කරන ලද Exit Through the Gift Shop නම් වාර්තා චිත්‍රපටය 2011 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම වාර්තා චිත්‍රපටය සඳහා ද නි‍ර්දේශ වූවකි. එය ග්‍රැෆිටි චිත්‍රකලාව හා විදී නිර්මාණකරණය හා එකී නිර්මාණකරුවන් පිළිබඳව ඇමරිකාවේ ජීවත් වන ප්‍රංශජාතික ග්‍රැෆිටි නිර්මාණකරුවෙකු වන මිස්ටර් බ්‍රේන්වොෂ් හෙවත් Thierry Guettaගේ ග්‍රැෆිටි නිර්මාණකරණය ඇසුරෙන් නිපදවූවකි. බැන්ක්සි ඇකඩමි සම්මාන උළෙල සදහා සිය අනන්‍යතාව ‍එළිදක්වමින් උළෙලට සහභාගීවෙතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටියද ඔහු ඊට සහභාගී වූයේ නැත.

මේ සටහන ඔහුගේ වෙබ් අඩවියේ [www.banksy.co.uk] Shop කොටසෙනි.

"ඔබගේ පුද්ගලික පරිහරණය සදහා ඕනෑතරම් බාගත කිරීම සදහා මම ආරාධනා කරමි. ඒත්, ‍මින් ඔබ තමන්ගේම නිර්මාණ කිරීමට හෝ විකිණීම සදහා යැයි කියමින් නිල වශයෙන් හෝ සැබෑ බැන්ක්සි නිර්මාණ යැයි පැවසීම නරකය, හොඳටම වැරදිය.
-බැන්ක්සි"










බැන්ක්සි විසින් පලස්තීනයේ බටහිර ඉවුර ප්‍රදේශයේ ඊශ්‍රායලය හා පලස්තීනය වෙන්කිරීමට ඊශ්‍රායලය විසින් ඉදිකොට ඇති සැතපුම් 425ක් දිගු තාප්පය මත ග්‍රැෆිටි චිත්‍රණය කොට ඇත. ආරක්ෂක වශයෙන් ඉතා දැඩි උණුසුම්කාරී ප්‍රදේශයක් ලෙස ‍සැලකෙන මෙහි ආරක්ෂාව ‍පිළිබදව නොතකා පලස්තීන ජනතාව විදින පීඩාවන්ට කලාත්මක ලෙසත් විරෝධය දක්වමින් චිත්‍ර 9ක් ඇදීමට ඔහු හැකියාව ලැබී ඇත. [මෙතනින් බලන්න.]

කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සංසරණය වන කලා ලෝකයේ බැන්ක්සි යනු සුපිරි වටිනාකමක් නියමවුණු තවත් කලාකරුවෙකි. ඔහු විසින් සිය ක්ෂේත්‍රය තුළ දක්ෂතා දක්වමින් එකී හැකියාව ලබාගෙන ඇත. එහෙත් ඔහුගේ සුවිශේෂිත්වය නම් ඔහුගේ නිර්මාණ සදහා මුදල් වලට කිසිදු බලපෑමක් කිරීමට නොහැකි වීමයි. සරලවම ඔහු විකිණෙන්නේ නැත. ජනප්‍රියත්වය හඹායන ලෝකයේ ඔහු තරුවක් වුවත්, ඔහුගේ අනන්‍යතාවය ඔහුගේ දෙමව්පියන්වත් නොදන්නා බව ද කියැවේ. එය සැබැවින්ම ක්‍රම විරෝධීය. ඔහු සැරිසරන්නේ නවීන ලෝකය තුළය. ඔහු ක්‍රමයට ‍විරෝධය පෑමට අතීතයට ගමන් ගන්නෙක් නොවේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Banksy- England-based graffiti artist, political activist, film director and painter
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
තවත් සිත්තර බූන්දි
ගුවෙර්නිකා යථාර්ථය!
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
"දිව-ලොප්" ජාතියක් ඇතිවෙලා...!- චන්ද්‍රගුප්ත තේනුවර
BoondiLets
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****

"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook