Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
බූරුවාගේ කොලම | දයාබර රිසානා.....,
බූන්දි, 16:42:33
මේක කියවන්න ඔයා දැන් නෑ. ඒත් මේක ලියල තියන්න ඕන. මේ මහ බර නිදහස් වෙන්නෙ අන්න එතකොට කියල මගේ හිත ගත වූ හැම තත්පරයකදීම කිව්වා. ඉතිං මං ඒක ලියනවා. ඔයාට කියවන්නත් බෑ. ඒත් මට නොලියා ඉන්නත් බෑ. ඔයාව අමතක වුණු විදිය චිත්තරපටියක් වගේ රිසානා.

ඔයා අවුරුදු 05 ක් හිරේ හිටියා. ඒ අතර මෙහේ එක එක දේවල් වුණා. ඔයාව අමතක වෙලා ගියා. වර්ල්ඩ් කප් පැරදුනා. ටුවෙන්ටි ටුවෙන්ටි පැරදුනා.බේබිලා ඊට පස්සෙ රගර් ගැහුවා . ඒවයෙ නටවන්න ඉන්දියාවේ සෙක්සි බේබිලව සල්ලි දිල ගෙන්නුවා. රේස් පැද්දා. පාරවල් වැහුවා. චැනල් දැම්මා. සල්ලි හෙව්වා. ඔලිම්පික් තිබ්බා. ඔයාව අමතක වුණා. මේ අතරෙ ඉසෙඩ් අකුරු හිරවුණා. කාලය ඔහේ ගියා. අධ්‍යාපනේම වැනසුණා. මීඩියා මේව වමාර වමාර හිටියා. සුපර් ස්ටාර්ලනංම කී දෙනෙක් බිහි වුණාද? ඒ ගොල්ලන්ට එස්.එම්.එස්. කළා. රටේ පුරවැසියෝ හැම එකාම. ඉතිං ඔයාව අමතක වුණා. ඒ අස්සෙ මර්වියගෙ පුතා මේජර් කෙනෙක්ට ගැහුවා. ඒක ෂේප් කරන්න කාලයක්ම ගියා. ඒ දවස්වල ඒක තමා උපරිම නිව්ස් එක. ඉතිං ඔයාව අමක වෙලා ගියා. ඊට කලින් දුමින්දයා භාරතව මැරුවා. ඌව ෂේප් කරන්නත් කාලයක්ම ගියා. ඌව බලන්න සිංගප්පූරුත් ගියා. හැබැයි ඔයාව බලන්න ආවෙ නෑ තමයි. ඔයාව අමතක වුණා. එකෝන් ආවා. සෝනු නිගම් ආවා. උදිත් නාරයන් ආවා. අන්තිමට ජෝන් සෙකාඩත් ආවා. ඔයාව අමතක වුණා. දැන් විභාග ප්‍රශ්න පත්තර පිටවෙනවා. ඒක හොයනවා. හැම දෙයක්ම අමතක වෙලා යනවා. බොදු බල සේනා හරියට හිස ඔසවලා රිසානා මෙහේ. නීති විද්‍යාලෙටත් නීති උගන්නනවා.

ඩිලාන් ඇමතියා වොලි බෝලෙ අතට ගත්තා. ඔයාව අමතක වුණා. ඌ කවදාවත් අස්වෙන්නේ නෑ. ඔයා ජීවිතෙන් අස්වුණාට. මේ අතර භාරතගෙ දුවගේ සිංදු, නාට්ටි, නැටුම් බැලුවා ඔක්කොම. කාලය ගියා දැනුනේ නෑ. ඔයාව අමතක වුණා. එක පාරටම සුමනා ගෝමස් ලංකාවට ආවා. සේරම නිව්ස් වෙනස් වුණා. ඔයාව අමතක වුණා. ඊට පස්සෙ වැලිකඩ හිර ගෙදර හරිම ජංජාලයක් වුණා. හිරකරුවෝ පිස්සු නැටුවා. නන්දිඩාල් කලපුව විතරයි අඩු වුණේ. තල් ගස් වගේ හිරකාරයෝ බිම පතබෑ වුණා. ඒ දවස්වල ඒක විතරමයි කතාව. ඔයාව අමතක වුණා.

මේ හැම එකක් අතරෙත් උඩ පැන පැන ඇවිත් ගිය එක ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි නෙහාරගෙයි මේනකගෙයි හුට පටේ. රටටම ඒක ආතල් වුණා. වෙන දෙයක් නැතිවුණා. බස්වල කෝච්චිවල ඔෆිස්වල ටොයිලට්වල හැම තැනකම ඒක තමයි කතාව වුණේ.. ඔයාව අමතක වුණා. ඒ හැම එකක් අතරේ තවත් එක දෙයක් නො කඩවා සිද්ධවෙමින් ගියා. ඡන්ද එක එක ආවා එක දිගටම. අපේක්ෂකයො මරා ගත්තා. වෙඩි තිබ්බා. ගෙවල් කැඩුවා. ඒ කාලෙ ඒක තමයි ප්‍රශ්නෙ වුණේ. දිගටම ඒක නිව්ස් එක වුණා. ඔහොම ගිහින් මෙගා ස්ටාර් පටන් ගත්තා. රිසානා ඔයා ගැන කතාකරන්න හිටපු එවුන් පාට බුබුලු වේදිකාවල සිංදු කිව්වා. පාර්ලිමේන්තු ගොන්නු ඒවයෙ විනිශ්චය මණ්ඩලවල හිටියා. උං අපිට පේන්න රණ්ඩු වුණා. අන්තිමට ඇති බිබික්කමක් නැති වුණා. ඒ දවස්වල රටේ එවුං එස්.එම්.එස්. කලේ ඒ පාර්ලිමේන්තු වාසෙත්මී තරුවලට. වෙන කතා බහක් තිබ්බෙ නෑ. ඔයාව අමතක වුණා.

මේ අස්සේ තමයි රිසානා මොබයිල් ෆෝන්වල මයිටාවො ඉන්නව කියල රාවයක් ගියේ. එතැන් පටන් ඉතිං ඒ ගැන කට්ටියම කතා කළා. මොකද මුළු රටම මොබයිල් පාවිච්චි කරන්න පටන් අරං එතකොට. දිගින් දිගටම රටේ එවුන්ට ඔයාව අමතක වෙන්න එක එක හේතු ඇදෙමින් ආවා. බලන්නකෝ ඒකෙත් හැටි. මේ අතර රතු වැස්සක් වැස්සා. රටම හොල්මන් වුණා. ඒ ගැන හොයන්න තමයි සේරම දිව්වේ. ඊට පස්සෙ කහ වැස්සක් වැස්සා. මේකෙන් රටම තූෂ්ණිම්භුත වෙලා ගියා. මෙන්න එක පාරටම මාළු වැස්සකුත් ආවා. අපේ නං ඇඟේ මාළු නැටුවා. ඊට පස්සෙ කොළ වැස්සක් වැස්සා. දැන් නං ෆුල්ම හොල්මං වෙලා තමයි ඉන්නේ. එක එක පාට වැහි වැටෙනවා. ඉතිං ඒ නිව්ස් හොඳ ගානකට විකිණෙනවා. උන්ට ඔයාව අමතක වුණා රිසානා. ඊටත් පස්සෙ ලෝක විනාසෙ එනවයි කියාගෙන අපේ එවුං නැටුවා. මාස ගාණක්ම ඒ වගේ නැටුවා. අන්තිමට නටපු නැටිල්ලකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ රිසානා. අද ඔයත් නෑ. රිසානා ලංකාවෙ අන්ඩර්ස්ටෑන්ඩින්ම කපල් එක වුණු අතුල- සමිතා මේ අතරෙ වෙන් වුණා. පස්සෙ අතුල බැන්දා. සමිතා ඊට පස්සෙ කිව්වා අතුලයි මායි හොඳ යාළුවෝ කියලා. ඔක්කොම ඒ ගැන කතා වුණා. ඔයාව අමතක වුණා. ටික දවසකට පස්සෙ තවත් අලුත් නාට්ටියක් ආවා. නයි නලඟන කරළියට ආවා. ලංකාවම දෙවනත් කරල ඒ කෙල්ල එක එක කතන්දර පත බෑවා. කොහොම හරි නයෙක් වෙනුවෙන් උසාවිත් ගියා. ටිකක් හිතන්න රිසානා ඉතිං ඔයාව මුන්ට අමතක නොවේවිද මේ වෙච්ච දේවල්වලට. එතනිං එහාට මාස ගානක්ම කට්ටිය නයි ඇරියා. නයි ඇර ඇර හිටියා. ඔයාට නයා ම දෂ්ඨ කළා.

මේ අතරතුර මාලිංග සල්ලිවලට ගහපු මැච් එකක ලකුණු 7 ට විකට් 6 ක් ගත්තා. මළකෙළියයි. මාලිය ගැන කතාව ආයෙ ආවා. ඔයා තව තවත් යට යන්න පටන් ගත්තා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කැන්ටිමක් දැම්මේ ඔය කාලෙ මයෙ හිතේ. ඒකත් නැගලම ගියා. ඊටත් පස්සෙ අමරදේව ලයිව් ඉන් කොන්සර්ට් ආවා. රටම ශාස්ත්‍රීය වුණා එක පාරටම. අරුං මුං බල්ලො බළල්ලු යක්කු භූතයෝ කාලකන්නි වේසාවො වේසියෝ සේරම අමරදේවගේ සිංදු ඇහුවා රිසානා. මහින්ද අමරදේවට උපන්දිනේට සුභ පැතුවම 'අමරදේව මාගේ දේශය අවධි කරනු මැන පියාණනි' කියල කිව්වලු රිසානා. ඉතිං මහින්ද ලොක්කට පොඩි කිතියක් ආවලු ඒක අහලා. ඉතිං ඔයාව අමතක වුණා. ඒකත් එක්කම පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම අලුත් වුණා රිසානා. රෝසිලට පබාලට කෝන් ෆ්ලේක්ස්, බේකන්, ගෝල්ඩන් සිරප් ඕන වුණා. කට්ටිය කන බණේට සැරසුණා. පාර්ලිමේන්තුවේ මුසලිං උං ඉන්න නිසා ඌරු මස් තහනං කොළා. ඔය සිද්ධිඔලට ටිකක් කලින් තවත් එකක් වුණා. එජාපයෙ තවත් අවුරුදු 06 කට රනිල් නායකයා වුණා. ඒ සිද්ධිය රටේම එපාජ හිතවතුන්ට නින්ද නැති කළා. නිව්ස්වල හැම තිස්සෙම පෙන්නුවා. ඔයා දන්නෙ නැති වුණාට සිරිකොතෙත් මහ යුද්ධයක් ගියා රිසානා. රනිල්ට ගල්වලින් ගැහුවා උංගෙම එවුන්. සිරිකොතෙන් රනිල් අහුල ගත්ත ගලක් අරන් රට වටේම ගියා. ඒකට සිරසෙන් රනිල්ට මඩ ගැහුවා 'ගලට මුවා වී' කියලා. මේ නිව්ස් සේරම හෙන හිට් වුණා රිසානා.

ඒ අතර කරුණා අම්මාන් ක්ලබ් එකක කෙල්ලොත් එක්ක නටන ෆොටෝස් අන්තර්ජංජාලෙ එහෙට මෙහෙට පාවුණා. අපේ එවුං කරුණට බැණ බැණ හිටිය ඒ දවස්ඔල. මං නං හිතන්නෙ උංගෙ ලිංගික ඊර්ෂ්‍යව කියලා. මේ අස්සේ සංගා යෙහාලිවත් ඇන්ලීන්වලට වික්කා. අපේ අම්මලා අක්කලා නංගිලා සේරම ඒකට බැණ බැණ හිටියා ඊට පස්සෙ. හැබැයි යෙහාලිගේ හෙයාර්ස්ටයිල් එකට සමහරු කැමැතියි කියලත් කිව්වා. ඔයාව තව තවත් අමතක වුණා රිසානා මුංට. මේ අතරෙ අපේ බෙබි කෙනෙක් චන්ද්‍රිකාවක්ද මොන කෙහෙල්මලක්ද ගුවන් ගත කොරන්න හැදුවා. ඒ දවසඔල ඒක ගැන තමා බුලත් විඩේ හපන එකත් කතා කොලේ. මේ වෙනෙකොට දොරමඬල රිසානා හෙන පේමස් වෙවී තමා ගියේ. ඔයාගෙ ජාතියෙ අයයි හින්දු අයයි බුද්ධාගං ගනයොයි සේරම එකට හිටගෙන නයි ඇර ඇර හටියා. බලන්න හසන්ත මූසලයෝ ඒත් මොන ලබ්බක්වත් වුනේ නෑ නේද? මේ අතර තමයි රිසානා ශිරානි මහින්ද එක්ක ගේම ඉල්ලුවේ. ශිරානි මහින්දට විරුද්ධ නඩු තිරණ දුන්නා. මහින්දට ඌරු ජුවල් නැග්ගා. ගෙනාව ගෑනිට විරද්ධ දෝෂාභියෝගෙ. දැන් අම්මටසිරි වෙන්න කියල මෙන්න නීතියයි විධායකයයි ඇවිලුණා. ඒ අස්සෙ අපි පිච්චුණා. ඔන්න ඕකයි වුනේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ව්‍යවස්ථාදායකය ප්‍රතික්සේප කොරනවා රිසානා. මළ ජංජාලයයි. ඒ කියන්නේ දැන් නඩු අහන්නේ මහින්දයා. මිනිහගේ තීන්දුවලින් එහාට මොන ලබ්බක්වත් නෑ. ඔන්න මේ අතරෙදි තමයි ලෝයර් ලා ලෝයර් ලා කෙළ ගත්තේ. දැන් ආයි නිව්ස් අප් වෙනවා. ඔයාව අමතක වෙනවා. මේ අස්සේ තව කාලයක් ගියා මොකද්ද මේ පලහිලව්ව කියල ජහමනයට හොයා ගන්න. ඔන්න අටේ නිව්ස්ඔල කියන කතාවලින් ආතල් දෙනවා. රටේ එවුන් ඒකත් එක්ක තව කාලයක් මේක දිරවගන්න උත්සහ කළා රිසානා. ඒ අස්සෙ තව තවත් ඔයාව අමතක වුණා.

ඔය ඔක්කොමත් හරි කියන්ඩකෝ සනතයා තව ගෑනියෙක්ව බැන්දනේ. සැන්ඩ්‍රයි ළමයි තුන් දෙනයි අත ඇරලා. දැන් ඉතිං මළ කෙළියයි. රටම ෆුල් අන්දුස් වුණා. මිනිහා ඉන්දියාවෙත් ගිහිල්ලා නටල ආවෙ රියලිටියක්. ඉතිං මේ වගේ මහා අප්‍රභංශ දේවල් ගොඩක් එක දිගට වෙමින් ගියා රිසානා. ඔයාව අමතක වෙන එක අහන්ඩත් දෙයක්ද? ඒ එක්කම ගංග්නම් ස්ටයිල් එක ආවා. හැමෝම ඒ තාලෙට නැටුවා. අය වැය ආවා. ලැම්බොගිනි අඩු කළා. අනිත් හැම ලබ්බක්ම වැඩි කළා. ඒ දවස්වල මිනිස්සු වැඩි හරියක් කාලය ගත කළේ මොකද්ද මේ ලැම්බොගිනිය කියල හොයන්න. ඒ අතරෙ ඔබාමා දින්නා ආයෙත් තව අවුරුදු හතරකට. ඒකට මහින්ද ලොක්කත් සුභ පතල පයින්ඩයක් යැව්වා. ඔයාව අමතක වුනා. ඔයි ඔක්කොම අතරේ පාළං හැදුණා. බෝක්කු හැදුණා. පාර්ක් හැදුණා. පාරවල් හැදුණා. පාරවල් කැඩුණා. හයිවේ හැදුණා. තාප්ප කැඩුණා. ආයෙත් හැදුණා. සහෝදරයො ටික ඒ දවස්වල ඉඳන් තාමත් රිසානා ගණිතය නැවත ඉගෙන ගනිමින් තමයි ඉන්නෙ. මොකද ඇත්තටම අයිසෙක් නිව්ටන් ආවත් මේ නොම්බර විස්සෙ විසි පහේ කොමිස් මුදල් ගණං කොරන්න බැරුව ඇති අම්මපා. කොහොම වුණත් මුං තව ටික දවසකින් අයිසෙක්වත් පරද්දලා අයිසෙ අපි අයිසෙක්ටත් වඩා දන්නා කියල කියන කාලය නං අත ළඟයි රිසානා ඉලක්කංවලින් නං.

ඔන්න ඉතිං කට්ටිය එක එක හොට් නිව්ස්වලින් මිදිල ඩිංගක් කියල නිවි හැනහිල්ලෙ ඉන්න කොට නොවැ මේ චතුරිකාගෙයි රෝෂාන්ගෙයි ගයාන්ගෙයි තුන් ඈඳුතු නව කතාව එළියට ආවෙ. දෙයියංපල්ලා රිසානා ආයෙත් රටේ එවුං මී මැසි ගුල වගේ එක එක ඕප දූප කියවන්න පටන් ගත්තා. ඉතිං ඒව හැම තැනම එක එක විදියට එක එක කතා පැතිරුණා. අඩුම ගානේ ඒක නිවෙන්න සුමාන තුනක් වත් ගියා රිසානා. ඉන් අනතුරුව ටිකක් ඇහැරිලා බලනකොට මර්වියා කැලණියේ එකෙක්ව මරලා. හැබැයි මිනිහා ෆුල් සේප්. ඔන්න දැන් කැලණිය කොළනියක් වෙලා ගිනි ගන්නවා. ඇත්තටම 'උපන්දා සිට කරපු පව් නෑ වරක් මැරුවොත් මර්වියා ...' කියලා දැන් මිනිස්සු කියෝනවලු. අන්න ඒ අල්ලපනල්ලේ තමයි මගේ රත්තරං කෙල්ලේ ඔයාගෙ ප්‍රාණය නිරුද්ධ කරල කියල ආරංචිය ආවෙ. මේ එකෙක්ටවත් ඇත්තට ඔයාව මතක් වුනේ නෑ. හැම ආතල් එකක්ම අරගෙන උං ෆුල් ආතල් වුණා ඇරෙන්න. දැන් ඔයාව චුයිංගම් වගේ හපන්න ලැස්තියි අපේ එන්ජීඕ කාරයින්, ස්ත්‍රී ක්‍රියාකාරිකයින්, ඊනියා දේසපාලුවොන්, පත්තර වසලයින්, මිඩියා පඩත්තරයින් වගේම සමාන්‍ය ජහමනයින්.

මේ හැම එකෙක්ම පර වැඩේ කරද්දි දැන් ඔයාට අහන්න ප්‍රශ්නයක් ඇති 'ඉතිං ඔයාලා මොකද්ද කළේ' කියලා. අපි කළේ රිසානා අමාරුවෙන් හරි හම්බකරන කීයෙන් හරි මහින්දට බදු ගෙව ගෙව ගෙවල් කූලී ගෙව ගෙවා මැරෙන්න බැරි නිසා බත් කකා මේ කාලකණ්ණි හැතිකරය ඉවරකරන්නේ කොහොමද කියල කල්පනා කොරන එක. මොකද අපි දන්නවා රිසානා ඔයාට වෙන දේ තමයි අපිට වෙන්නෙත්. එකම වෙනසයි තියෙන්නේ. ඔයා සවුදියෙදි. අපි ලංකාවෙදි. ඒ කියන්නෙ මුංගෙ අම්මලගෙ ආස්චර්යයෙදි.

මීට,
බූරුවා.
බූරුවන්ගේ දේශයේ සිට.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rizana Nafeek, Saudi Arabia, Sharia Law, Execution, Mahinda Rajapaksa, Amaradewa, Athula Adikarai, Samitha Mudunkotuwa, Nehara Peiris, Menaka Rajapaksa, Walikada Prison Incident, Communication Satellite of Sri Lanka, Cricket World Cup, Shirani Bandaranayaka, Chief Justice, Dilan Perera, Sri Lankan Government
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
බූරුවාගෙන් තවත් වියමන්
කරන්ට්ස්
හැට අටක් කියන්නෙත් වයසක්ද? [බූරු කවි]
කෙටියෙන්
කඩු ගිලපං රට කරපං බොරු කියපං පුතේ
අදහස්
මුං ඉතිහාසෙත් වෙනස් කරනව ඕයි......!
අදහස්
ලෝකෙ අනිත් මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හරක්
කට කොකියනවට
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
එංගල්ස් කියයි.
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook