Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අනේ කාලේ.... වනේ වාසේ....
බූන්දි, 01:54:32
සාහිත්‍ය ආන්දයෙන් ප්‍රඥාව කරා මෙහෙයවන්නක් බව බොහෝ දෙනා විශ්වාස කරති. අප රට ප්‍රථම විධායක ජනාධිපති උතුමා ඇසුවේ සාහිත්‍යය කන්න ද කියා ය. ගුණදාස අමරසේකරට අනුව සරච්චන්ද්‍ර, වික්‍රමසිංහ මෙන් ම සේකරගෙන් ද හරිහැටි වැඩක් වී නැත. එසේ නම් මේ සාහිත්‍ය කන්නට වත් ගන්නට බැරි බව තරයේ ම සිහිතබා ගත යුතු ය. මෙරට සාහිත්‍යයේත්, කලාවේත්, හරි හමන් වැඩක් කළෝ නම් පනස් හයේ දරුවෝ ය. ගීතයේ, කවියේ ස්වර්ණ ම ය අවධිය හැත්තෑව - අසූව දශකය වන්නේ ය. දැන් කවිය, කෙටිකතාව, ගීතය, නව කතාව මේ කිසිවක වැදගත්කමක් නැත. හරසුන් ය. පිදුරු තරම්වත් නොවටනේ ය. හැත්තෑ හතෙන් පසු ව බිහි ව ඇත්තේ අක්මුල් නැති, සමාජ පදනමක් නැති, ගැඹුරු දර්ශනයක් නැති, කොටින් ම කියතොත් කිසි ම දෙයක් හරි හැටි කරගත් නොහැකි අඳ බාල පරපුරකි. පාඨකයෝ කමත්වා..... මේ මාගේ ම අදහස නොවන බව සැලකුව මනාය.....සමස්තයක් ලෙස අවධිව සිටින්නේ නම් මේ අදහසෙහි එල්බගෙන සිටින්නේ කවුරුන්ද.... කුමන පදනමකින් ද යන වග පිලිබඳ දැනුමක් ඇතුවාට සැක නැත.

අතීතයේ දී අපි නාඩගම් ගී, නූර්ති ගී ගැයුවෙමු. රසවින්දෙමු. ඉන් පසුව ග්‍රැමෆෝනය හරහා ද ඊටත් පසු ගුවන් විදුලිය හරහා ද, වර්තමානයේ නම් රූපවාහිනිය සහ අන්තර්ජාලය හරහා ද ගීත අසන්නෙමු, දකින්නෙමු, විඳින්නෙමු, විඳවන්නෙමු.

සන්නිවේදනය ආරම්භවූයේ කවදා කොතැන දී දැයි නිශ්චිතව ම පැවසිය නොහැකි වූවත් ශබ්දය, දුම, ඊතල මෙන් ම පක්ෂීන් හරහා විද්‍යුත් තැපෑල හා කෙටි පණිවුඩ දක්වා ආ ගමන පිළිබඳ යම් තරමක් හෝ අවබෝධයක් අප සැමට ම ඇත. ඒ එක් එක් යුගය යි. යුගාන්තර වෙනස යි. නමුත් අද දවසේ වීඩියෝ සන්නිවේදනය දක්වාම අප පැමිණ සිටින්නෙමු. එදා තිරය මත චලනය වූ වස්තුවක් දැක පුදුමයටත්, ආනන්දයටත් පත් වූ මිනිසා අද සිනමාවේ විවිධ පසුතලයන් ඔස්සේ මහා දාර්ශනික අංගයන් පවා ඉතා ම සරල ව ඉදිරිපත් කර යි.

මේ සියල්ල එකවර සිදුවූයේ නොවේ. එකවර බිහි වූයේ ද නොවේ. ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී යුගයෙන් යුගයට සංවර්ධනය වී අඛණ්ඩ ව ගලා ආ ගමනෙකි. උපන් මොහොතේ ම සත් පියවරක් ඇවිද සිංහනාද පැවැත් වූ සිද්ධාර්ථ කුමරුවන් හැරුණු කල සියලූ මනුෂ්‍යයෝ දණ බඩ ගා, වැටී වැටී ඇවිද දෙපයින් නැගී සිටීමට පුරුදු වූවෝ වෙත්.

එහෙත් අද දවසේ අපේ නිර්මාණයන් තිඛෙන්නේ කොතැනදැ යි විමසනවා වෙනුවට ප්‍රතික්ෂේප කිරීමත්, නිග්‍රහ කිරීමත් නිතැතින් ම සිදුවන්නක් බවට පත් ව තිබේ.

ඇල්බට් පෙරේරා නම් වූ තරුණයා අහම්බයකින් ගායනයට පිවිසුණේ ඔහු තුළ සැඟව තිබූ සුගායන හැකියාව නිසි ලෙස හඳුනාගත් ජ්‍යෙෂ්ඨයන් සිටි බැවිණ. නිසි ඇගයීමක් ලද බැවිණ. එය එසේ ම වූ නිසා යුගයක් නිර්මාණය කළ මහා ගාන්ධර්වයෙක් මෙරටින් බිහිවිය. එහෙත් එය එසේ නොවුණා නම්..... අද අමරදේව කෙනෙක් නැත.

තවත් කළෙක අප රටට මයිකල් ජැක්සන් වසංගතයක් විය. 'දෙකට කැඩිච්ච ගැඩවිලෙක් වගේ....' යනුවෙන් ඔහුට එල්ල වූ චෝදනා පිළිබඳ දැන් විමසා ප්‍රයෝජනයක් ද නැත. ඔහු හෙලා දුටුවේ, ඔහුට නිග්‍රහ කළේ අප ම ය. අද ඔහුගේ ගුණ වර්ණනා කරන්නේත් අප ම ය. සෑම විද්‍යුත් නාළිකාවකට හා පුවත්පතකට, සඟරාවකට පාහේ ඉකුත් දා සිදු වූ ඔහුගේ හදිසි වියෝව මහා ඉල්ලමක් විය. එම කාලයේ දී ජැක්සන් ගැන කතා නොකළ කිසිදු මාධ්‍යයක් සොයාගත නොහැකි තරම් ය (කතා කළේ ජැක්සන්ගේ මරණයෙන් පසු එයට ලද වාණිජ වටිනාකම නිසා ය, කවුද ජැක්සන් ගැන කතා කළේ.....?). ජැක්සන් යනු යුගයක් නිර්මාණය කළ ගායකයෙකි. හැදෑරිය යුතු චරිතයකි. නමුත් දැන් ඔහු මිය ගොසිනි. මේ වන විට ද මයිකල් රැල්ල විකිණී අවසන් ය. ඔහුගෙන් දැන් වැඩක් නැත (ඊ ළඟට මිය යන්නේ කවුදැයි බලා සිටිමු). එක් රැල්ලක් බැසයන්නේ තවත් රැල්ලකට ඉඩ කඩ විවර කර දෙමිනි. එම රැල්ල ද හෙමීට හෙමීට බැස යනු ඇත. කලෙක රැලි ආවේ ය. රැලි පිට රැලි ආවේ ය. රැල්ලෙන් රැල්ල ආවේ ය. දැන් අලූත් රැල්ලක් අවශ්‍ය ව ඇත.

කෙසේ වූව ද සිංහල කවිය ගත් කල එය ද එක ම රැල්ලකට නතු වූයේ නැති බව නම් පැහැදිළි ය. අනුරාධපුර යුගයේ පටන් වර්තමාන කෙටි කවිය දක්වා ම නිරන්තර ව අඛණ්ඩ ව ගමන් කරමින් පවතින්නේ ය. නැවතුමක් නම් නැත. මේ නිසා ම කවිය ද විවිධ යුග වලට ඛෙදා අධ්‍යනය කරන්නෙමු.

යුගයක් එලඹෙනුයේ යුගයකට පසු ව. පෙර යුගයේ පැවති දේත් රැගෙන නව යුගය ඇරඹෙ යි. වඩා හොඳ දේ කුමක්දැයි ගැටළුවක් නැත. අද පදනම් බවට පත්වන්නේ ඊයේ යි. අතීතයේ බල කණු මත වර්තමානය ගොඩ නැඟී ඇත. වර්තමානයේ ක්‍රියාකාරීත්වය මත අනාගතය තීරණය වනු ඇත. අතීතයක් නොමැති නම් වර්තමානයක් මෙන් ම අනාගතයක් ද නොපවතිනු ඇත.

එක ම ගඟකට එක ම මිනිසෙකුට දෙවරක් බැසිය නොහැකිය යන්න සනාතන දහමකි. ගඟ ගලා ගලා යයි. මොහොතින් මොහොත වෙනස් වෙයි. එනමුත් එය පියවි ලෙසින් දර්ශනය වන්නේ නම් නැත. වෙනස්වීම අඛණ්ඩව ම සිදුවන්නේ ය.

සාරවත් වගා බිමක් තුළ සැඟ ව ඇති රහස් නම් බොහෝ ය. පස සාරවත් විය යුතුවා සේ ම මනාව සකසාගෙන තිබීම ද අත්‍යවශ්‍ය ම කාරණයකි. මනාව සැකසූ බිම් කඩක වල් පැළ පමණක් නොවේ වෙනත් අහිතකර තත්ත්වයන් ඇතිවීමට ඇති ප්‍රවණතාවය ද අඩු මට්ටමක පවතින්නේ ය.
වගාව සඳහා ගන්නා බීජ උසස් මට්ටමක තිබිය යුතු ම ය. බීජ යනු පෙර පරම්පරාවෙන් නව පරම්පරාවක් ජනිත කිරීම සඳහා සුරැකි ව තබා ගත් පෙර පරම්පරාවේ සාරය යි. පෙර පරම්පරාවේ සාරවත් ම වූත්, ගුණාත්මක ම වූත්, නීරෝගී ම වූත් සම්පූර්ණ වූත් බීජයන් පසු පරම්පරාව ජනිත කර ගැනීම සඳහා සුරක‍ෂිත ව තබා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එසේ වූ විට පමණි පෙර පරම්පරාවටත් වඩා සාරවත් ඵලදාවක් ලැබිය හැකි වන්නේ. ඒස ඳහා එම බීජ වඩාත් සුරක‍ෂිත ව තබා ගත් යුතු වන්නේ ය.

ඒ කතා කළේ පස හා බීජයන් සම්බන්ධයෙන් පමණි. එපමණක් කිසිසේත් ම නොසෑහේ. හිරු එළිය, ජලය, වාතය නිසි ලෙසින් ම ලද යුතු ය. එනම් මනා පාරිසරික වටපිටාවක් ද පැවතිය යුතු ම ය. මේ සියල් කරුණු පරිපූර්ණ වූ විට සාර්ථක වගා බිමකින් සාර්ථක ඵලදාවක් උරුම කර ගත හැකි ය. එද එක් වරම නොවේ. අඛණ්ඩ වූ නිසි නඩත්තුවක් ඇත්නම් පමණි.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනීමට නම් ඉහත පූර්ව කරුණු නිසැක වශයෙන් ම පූර්ණ වී තිබිය යුතු ය. පැළය හෝ වගාව නිසි ලෙස නඩත්තු කිරීම ද මේ හා සමාන ව ම කළ යුතු ය. නොඑසේ නම් වගාවට හානි සිදුවීම නොවැළක්විය හැකි ය. මෙම ක්‍රියාදාමය නිසිලෙස සිදුවන්නේ කොතැන ද, අල්ලක් වපුරා වුව මල්ලක අස්වැන්නක් නෙළා ගත් හැක්කේ එවන් තැනක ය. එසේ නොමැති නම් මල්ලක් වැපිරුවේ වුව අල්ලක තරම් හෝ අස්වැන්නක් නොලැඛෙන බව නම් සැබෑ ය. එසේ බලාපොරොත්තු වීම ද හුදෙක් පුස්සක් ම වන්නේ ය.

'අද කවියේ, ගීතයේ ගන්න දෙයක් නැත. හර සුන්ය, අවරය, පිදුරු තරම්වත් නොවටනේ ම ය, නව පරපුරට මේ පිළිබඳ ව කිසි ම අවබෝධයක් නැත. කිසි ම ගැඹුරක් ද නැත. හරසුන් බොළඳ දේ පසුපස ම දිව යයි. රැලි පසුපස ම දිව යයි. තාවකාලික ජනප්‍රියතාව හඹා යයි....'

අනේ කාලේ වනේ වාසේ යැයි පවසන්නේ මෙවන් විටක ය. වැපුරුවේ තල නම් උඳු බලාපොරොත්තුවීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? පලදාව තල ම පමණි. සරු වගා බිමක නම් නිසි ලෙස නඩත්තු කළ වගාවකට පසු නිසි පලදාවක් ලද හැකි ය. එය අප සියල්ලන් ම අවබෝධ කර ගත යුතු ම කරුණකි.

මෙරට සාහිත්‍යයේ ස්වර්ණ ම අවධිය හැත්තෑව අසූව දශකයේ වූයේ නම් ඒ නිකම්ම නොවේ. හොඳ ගොයියන්ගේ සාරවත් වගා බිමකින් සරු අස්වැන්නක් මිස නිසරු ඵලදාවක් ලද නොහැකි ය. ඒ නිසි වගා භූමියක, නිසි නඩත්තුවකින් යුතු ව, නියමිත කාලසීමාවට අනුව නිසි බීජ රෝපණය කළ නිසා ම ය.

උදාවන හෙට දවසේ තවත් රම්බරියකගෙන් නොම්මරය ඉල්ලූවාට කළබල විය යුතු ද නැත. සතියේ දින හතට පමණක් නොව වසරේ මාසවලට ද තනු දමා ගායනා කළ හැකි ය. සොකරී පමණක් නොව ලෙන්චිනාලා ද ගන්ජා උරමින් සිටිනු ඇත. රීමික්ස් රීරීමික්ස් වනු ඇත. මන් ද මේ අපගේ වර්තමානය වන නිසා ය.

පිසිමින් පවතින බත සවුත්තු වන්නේ එක්කෝ ගින්දර වැඩිකමට ය. නැති නම් නිසි ලෙස ගින්දර නොලද විට ය. මහා කුසගින්නකින් පෙළෙන්නන්ට මෙම රොස් වූ බතකින් වූව ද කම් නැත. අවශ්‍ය වන්නේ කුසගින්නක මඳකින් හෝ අඩු කර ගැනීමට ය. බඩගින්නට කබරගොයා ද තලගොයෙක් වන බව අප අසා ඇත.

වල් බිහි වූ සරු වගා බිමක් පුරන් කළ පසු සාර්ථක ඵලදාවක් කොයින් ද.....? එසේ නම් එය නැවත වගා කළ යුතු ය.....හැත්තෑව අසූව දශකයේ ගොයියෝ සරු වගා බිමක් අස්වද්දා සාරවත් ඵලදාවක් ලද්දාහ. එම වගා බිම් පුරන් වන්ට ඇරියහ. එහෙත් අමතක නොකළ යුතු ය..... මේ වල් බිහිවී ඇත්තේ මුඩු බිම් නොවේ...... පෙර දවසේ සරු බිම් ය...... වල් වැදී ඇත්තේ කාගේ වරදින් ද.....? එදා ඵලදාව නෙලු ගොයියෝ වගා බිම් පාලූ නොකළහ. එහෙත් එයින් පසු ව ආ ගොයියන්ට තම වගකීම් අමතක ව ඇත. ඵලදාව නෙලු පසු වගකීම් අමතක කළහ. තම යුතුනම් ඉටුනොකර වගා බිම් පුරන් වන්නට ඉඩ හළහ. අනාගතයට බීජ සුරක්ෂිත නොකළහ. සුදුසු බීජ නොමැති ව නිසි ඵලදාවක් ලද හැක්කේ කෙසේ ද?
පුරන් වූ බිමක වුව තැනින් තැන කිසිදු හිතකර පාරිසරික තත්ත්වයන්ගෙන් වියුක්ත ව ඉබාගාතේ රෝපණය වූ බීජ වැඩී ඇත. වල් බිහි වූ බිමෙක ඉඳහිට මලක් දෙකක් පිපී සුවඳ ද විහිදුව යි. එසේ මලක් දෙකක් පිපී ම ද අද වරදක් වී හමාර ය. ආයාසයෙන් නැඟී සිට තැනින් තැන ඵලදාව දරා සිටිති. කුරුළු කොඛෙයියන්ට, ළඳු වදින් කොලූ කුරුට්ටන්ට මේවා අහාර සපය යි. එය ඔවුනට රජ බොජුන් ය.

යුතුකම් සහ වගකීම් අමතක කළ ගොයියෝ පිදුරු සෙවෙණි කළ පැල්පත වල ම සිට මුඩු වූ බිම් දෙස බලා හූල්ලති. නිසි ඵලදාවක් නැති යි මැසිවිලි නඟති. ගෙපැළ ද තවමත් එදා දැමූ අත්තිවාරම මත ම රඳා පවතී. වහල සෙවෙල්ලීමට වත්, අත්තිවාර ම නැවත් සකස් කිරීමට වත්, වගේ වගක් නැත. වැස්ස නිසා ගෙපැළ තෙමෙනවාට ද බැණ වදිති. කිසිවක් ම නොකර අඩු ම තරමේ පුරන් වූ බිම් කඩටවත් නොගොස් තමන් සූර ගොයියන් ම යැයි සිතා සිටිති.

ඉඳහිටවත් උදැල්ලක් ගසා, කැත්තක් ඔසවා පුරන් වූ බිම වගා බිමක් කළ යුතු යැයි සිතන්නේ වත් නැත. ඒස ඳහා කිසිඳු වෙහසක් නොගනිති. ආකාස්මික බලවේගයක් පැමිණ වගාබිම වගා කරනු ඇතියි සිතති.
පුරන් වූ බිමෙහි ගඩා ගෙඩි ඇහිඳ කන අපට ඉඳ හිට හෝ ලැඛෙන දං ගෙඩිය, පලූ, වීර, හිඹුටු, මොර, කොවක්කා ආදී එකී මෙකී නොකී තවත් බොහෝ දෑ ඇත. මේවා අපට ද රජ බොජුන් ය. එවන් මිහිරක් තවත් නැති තරම් ය. තණකොළ අතර, කටු පඳුරු අතර ඉඳ හිට හෝ පිපී වැනෙන මලක් දෙකක් අති රමණීය ය. ඉඳ හිට හෝ ඇසෙන කුරුළු කූජනය දෙසවන් මී පුරවාල යි. අපට ද සතුටුවිය හැක. එදවස් මෙබිම සරු වගා බිමකි. අද අපි එහි සැරි සරන්නෙමු. නොවේ මෙවන් වින්දනයක් ලොවේ.......

ගොයියෝ තව ම ගෙතුළින්වත් එළියට බැස නැත. ගෙපැළට ම වී බලා සිටිති. එදා වගා බිම් නම් මෙසේ යැයි පුරසාරම් දොඩති. තමාට අමතක වූ වගකීමත්, යුතුකමත්, කර්තව්‍යයත් කිසිදු කිසි විට සිහියට වත් නොගනිති. නොසිතති.

ඉදින් අප බලා සිටිමු. ගොයියෝ පැමිණියත් නැතත් අපට හැකි අයුරින් වගා කර මල් පුබුදා ඵලදාවක් ද ලබා දෙන්නෙමු...... ශූර ගොයියන්ට නම් මෙය සරු වගා බිමක් කළ හැක.....
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
helaya මෙහෙම කියනවා :
Great idea....

කිවුව වෙලාව- 2010-03-08 18:29:20
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සඳකැලූම් රසාංජනගෙන් තවත් වියමන්
කතන්දර
ඉතිං ඊට පස්සේ එයාලා සතුටින් ජීවත් වුණා....
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook