Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ඔමරි කරන්ට්ස්
The Ideological Chickens- ප්‍රතිමතවාදී කුකුල්ලු දෙන්නා| දේශපාලනික උපමා කතාවකි.
පරිවර්තනය-
Sandakantha | සඳකාන්ත
බූන්දි, 18:43:28
කිටි කිටියේ තදකර ඔබා තිබූ හිරකූඩුවලින් එළියට ඇද කම්හල් බාල්ක ඔස්සේ ඇදීයන දම්වැලේ රැඳවුනු යකඩ කොකු වල දෙපයින් එල්ලන්නට පෙරත් උහු දෙදෙන තර්ක කරමින් සිටියෝය. දක්ෂිණාංශික කුකුළාට K-127 කොක්ක හිමිවූ අතර වාමාංශික කුකුළාට K-128 කොක්ක හිමිවිය. උහු දෙදෙන තර්ක කරමින්ම කම්හල් අහස තරණය කරන්නට ගුවන් ගත වූහ.

"බලන්න" දක්ෂිණාංශික කුකුළා ඇරඹීය "අපේ මිනී වල කපනවා යි ඔබ පුන පුනා තර්ක කළ වෙළඳපොල බලවේග විසින් ම අපිව නිදහස් කරලා දැන්...."

"සහෝදරයා... සහෝදරයා... උඹ කියන්නේ මේක නිදහස කියලාද? උඹ කියන්නේ මෙහෙම යදමින් බැඳ දැමූ දෙපා වලින් යකඩ කොක්කක එල්ලා දැමීම, නිදහස කියලා ද?"

"ඔය ඉතින්... වමේ ඔබලා කවමදාකවත් තෘප්තියට පත්වන්නේ නම් නැහැ. ඔබ ධනවාදී ක්‍රමයේ පිහිටෙන් නොමිලේම ගුවන් ගතවෙලා... අත්තටු හොලවන්නේවත් නැතිව...! නිදහසේ පියාසර කරන ගමන්ම තව අභූත චෝදනා ත් කරනවා; මේ ඉතාම පැහැදිලි සුළුතර අපහසුකම් ගැනත්! මතක තියාගන්න නිදහසට වුනත් මිලක් තියෙනවා. ඒක අපි හැමෝම ගෙවිය යුතුයි. ඔබේ අත්තටුවලට නිදහසේ සුළං වදින විට වත් දැනෙන්නෙ නැද්ද සතුටක්...?"

"සහෝදරයා... මට නිරතුරුවම දැනෙන්නේ මේ යාන්ත්‍රණයේ ලේ තැවරුණු රුදුරු දෑත් මත බලා සිටින අපේ භයානක වූ විනාශයේ සුවඳ පමණයි" වාමාංශික කුකුළා උත්තර දුන්නේය. "අන්ත දක්ෂිණාංශික උඹලාටත් ඒ සුවඳ දැනේවි උඹලා මේ ඒකාධිපති පාලන තන්ත්‍රයේ බෙර පද තාලයට නටන රූකඩ නොවුණා නම්...!"

"ඔන්න... ඔන්න ඉතින්... උඹ ආයෙත් මේ යන්තරය ගැන කුණුහරුපෙ පටන් අරන්... ! උඹලා හැමවෙලේම අසල්වැසි සෑම දෙනාටම සෙතක් වෙන විදිහට තමුන්ගේ වත්කම ආයෝජනය කරන ධනවත් පංතිය පිළිකුල් කරනවා. ඒ මදිවාට උඹලාට ඕනෑ ඔවුන්ගේ මුදල් හොරකම් කරගෙන උඹලාගේ අබලන් කූඩු සරසා ගන්නයි. වාමාංශික උඹලාට ඕනෑ සර්වබලධාරී මාක්ස්වාදී සමාජවාදයක්. උඹලා ඔනෑම තුරුම්පුවක් ගහයි ඒ ටික කරගන්න..!"

"බහු ජාතික සමාගම් වල යකඩ සපත්තු ලෙවකන, හිට්ලර් කාමී දක්ෂිණාංශික උඹලා වගේ ඒකාධිපතියන්ට අනෙක් උන්ගේ මොනම අදහස උනත් පේන්නේ සමාජ වාදය විදිහට. උඹලා අන්ධයි සහෝදරයා... උඹලාට පේන්නේ නැහැ මිත්‍රයා... උඹලා අදහන මිත්‍යා ආචාර ධර්ම සහ නීච ද්‍රව්‍ය වාදය විසින් මේ වහල් කම දෝත් බදා සතුටින් භාරගන්න තරම් උඹලාව රවට්ටලා විත්තිය. මම වැඩ කරන්නේ අත්තනෝමතික රජ දරුවන්ගේ හිතුවක්කාර පාලනයෙන් සියළුම කුකුළන් නිදහස් කර ගන්නයි...!"

"හා... හ්... එහෙම ද? මතක තියාගනින් මම ඉඩ තියන්නේ නැහැ කිසිම දවසක... අපේ ධනවාදී රත්තරන් බිජුවට විනාශ කරන්නට ඉඩ දෙන්න.... තොපි වගේ මාක්ස්ගේ පස්ස ලෙවකන කොමියුනිස්ට් කුක්කන්ට! උඹලාගේ සමාජවාදය මිලියන ගණනක් මරා දැම්මා පහුගිය ශතවර්ෂය පුරාම..." දක්ෂිණාංශික කුකුළා බෙරිහන් දුන්නේය.

"තොපේ... ඒකාධිපතිවාදය අමු අමුවේ මැරුවා මිලියන මිලියන ගණනක් අසරණ ජීවිත පහුගිය ශත වර්ෂයේ දී...!" වාමාංශික කුකුළාද බෙරිහන් දුන්නේය...

ඒ මොහොතේ දී උන් එල්ලී සිටි කොකු රැඳවුනු දම්වැල ඇදී ගොස් කුකුල්ලු දෙන්නාම බිත්ති මුල්ලකින් වටයක් ගැසූහ. වාමාංශික කුකුළා, මුහුණට එල්ල වූ සුළං පහරකුත් සමග එය දැක්කේය...!

"යන්තරය... යන්තරය...!"
"ඔන්න ඉතින් ආයෙමත්...!"
"නෑ නෑ... හැබෑවටමයි කියන්නෙ... හැරිල බලපන්... හැරිල බලපන්!"


හැරී බැළූ දක්ෂිණාංශික කුකුළා කුකුළන් එල්ලූ යකඩ දම්වැල අරලිය මල් ඇඳ විසිතුරුව පාට කර තිබූ විශාල යන්ත්‍රයක් තුළට ඇදී යන ආකාරය දැක්කේය. යන්ත්‍ර දොරටුවේ සවිකර තිබූ, ප්ලාස්ටික නළයකින් නොනවතින මල්ටි බැරල් තුවක්කුවකින් මෙන් කුකුළු හිස් ඉගිල වුත් අසල ඇති ප්ලාස්ටික් බාල්දිවල එකතු වෙමින් තිබුණි. තමන් සේන්දු වන්නා වූ හැරවුම් ලක්ෂ්‍යය පැහැදිලිව වටහාගත් දක්ෂිණාංශික කුකුළා මෙසේ කීය.

"දන්නවද, සමහර දේවල් ගැන ඔහේගේ අදහස් හරි වෙන්න පුළුවන්..."

"අන්න බලන්න මේ සහෝදරයා අවසානයේ දී මගේ ස්ථාවරය පිළිගත්ත හැටි" වාමාංශික කුකුළා කෑ ගැසීය. "දන්නවද ඒකෙ තේරුම... දන්නවද ඒකෙ තේරුම...? අපේ පැත්ත ජයග්‍රාහියි...!"

කුකුළන් දෙදෙනා ම එක විටම වාගේ DecapiPluk n’ Gut 2000™ යන්ත්‍රය තුළට පිවිසෙන විට තෘප්තිමත් සිනහවකින් උගේ මුව සැරසී තිබුණි.

උපදේශය-
දේශපාලන වර්ණාවලියේ ප්‍රතිවිරුද්ධ මතවාදී අන්ත වල සිටින්නමෝයි අදහන්නන් වුවද අවසානයේදී බොහෝ විට පොදු අභිමතාර්ථයක් කරා ලඟා වන්නෝය.

[open.salon.com වෙබ් අඩවියේ පළ වූ The Ideological Chickens දේශපාලන උපමා කතාවේ පරිවර්තනය/ සිතුවම- John Lovett]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Ideological Chickens, A Political Fable, open.salon.com
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් ඔමරි කරන්ට්ස්
ගාන්ධි සහ මහාචාර්ය පීටර්ස්ගේ කතා
මිනිස්සු මිලියන එකසිය හතළිහ ද? ලස්සන නිළිය ද?
වැලිවේරිය ඝාතනයට අණ දුන් පුද්ගලයා හෙළි වේ..! [දෙනමිණ Exclusive]
බලු හද හඳුනන ලංකා පොලීසිය
මහා මහින්ද සහ ඩිමාන්ඩිං භූතයා
BoondiLets
නෙල්සන් මැන්ඩෙලා කියයි.
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook