Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පරිවර්තන කවි
හැ ඳි න් වී ම ක්
බූන්දි, 07:49:49
නොදන්නෙමි දේශපාලනය ගැන
දනිමි මම ඒ නමුත්
බලයෙ සිටි උන්ගෙ නම්.
නේරුගෙන් පටන් ගෙන
මාසවල නම් වගේ - සුමානේ දින වගේ
යළි යළිත් කියාගෙන යා හැකිය

මලබාරයේ උපන් - තද දුඹුරු
ඉන්දියානුවෙක්මි මම
භාෂා තුනක් කතා කරන
දෙකකින් ලියන – එකකින් සිහින දකින

ලියන්නෙපා ඉංග්‍රිසි‍යෙන්: ඔවුහු කියති
ඉංග්‍රීසි ඔබේ මව්බස නොවෙයි

විවේචකයිනි - මගේ යහළුවනි
ගෙදර පැමිණෙන ඥාති සොහොයුරනි !
කිමද ඔබ සියලු දෙන
පාඩුවේ මට ඉන්න නොදෙන්නේ ?
කැමති භාෂාවකින් ලියන්නට
කිමද ඉඩ නොදෙන්නේ ?

මා කතා කරන බස මගේ වෙයි
එහි තිබෙන විකෘතින්
එහි තිබෙන අරුමයන්
මගෙයි - මගෙ පමණමයි

එය අඩක් ඉංග්‍රීසි - අඩක් ඉන්දීය වෙයි
ඇතැම් විට හාස්‍යය ද එහි තිබෙයි
එහෙත් එය අවංකයි
මනුසතෙකු බැවින් මා
එය මානුෂික ද වෙයි

ඇයි ඔබට නොපෙනේද ?
එයින් මගෙ සතුටු - ආශා - පැතුම් හඬ නැගෙයි
කපුටන්ට කාක් නද
හා සිංහයන්ට ගෙරවුමද මෙන්
එයම මට ප්‍රයෝජනවත්ද වෙයි

අඳුරු මෝසම් වලාකුළුවලද
වැස්සේද – සුළං වැකි ගස්වලද
ගොළු අන්ධ වූ කතා බහ නොවෙයි
දැවෙන සුදු චිතකයක
අපැහැදිලි කෙඳිරිලෑමද නොවෙයි
එය මිනිස් කතාවය ;
මෙහි විනා අන් තැනක නොමැති මනැසේ හඬය
දැන සිටින – සවන් දෙන – දකින මනැසේ හඬය

දැරියකව උනිමි මම
එහෙත් පසු කලෙක මා උස් වෙත්ම

අඟ පසඟ පිම්බෙත්ම
තැනක දෙතැනක රෝම මතු වෙත්ම
මා වැඩී සිටින බව උහු කීහ.

අන් කුමක් සෙවිය යුතුදැයි නොදැන
දිනෙක මා ආදරය සෙවූ විට
ඔහු සොළොස් වියැති තාරුණ්‍යයක්
කාමරය තුළට ඇද ගෙන ගොසින්
වැසී දොර !

ඔහු මාව නොපෙළුවද
මගේ දුක්බර ගැහැණු ශරීරෙට
බොහෝ සේ පෙළුණු අයුරක් දැනුණි.
මගේ පියයුරුවලත් ගර්භාෂයෙත් බරින්
මම තැලී මිරිකුනෙමි ;
මම එතැන අසරණව හැකිළුනෙමි

ඉනික්බිති හුරු වුණෙමි ;
සොහොයුරා අඳින කලිසම් සමග
කමිසයක් අඳින්නත්,
කෙස්ස කොට කරන්නත්,
ගැහැණුකම නොසළකා හිඳින්නත්.

කෙල්ලක බිරිඳක වෙන්නැයි
සාරිවලින් සැරසෙන්නැයි
උහු කීයෙහු
“ගෙත්තම්කාරියක වෙන්න
අහර පිසින්නියක වෙන්න
මෙහෙකරුවන් සමග නිතර
දබර කරන්නියක වෙන්න”
“අනේ සුදෝ වෙනස් වෙන්න”
වර්ග කරන්නෝ ඇවිදින් මොර දුන්නෝ
“තාප්ප මත ඔහේ වාඩි වෙන්න එපා
ජනේල තිර තුළින් එබී බලන්නෙපා”

“'ඇමී' වෙන්න – 'කමලා' වෙන්න
තව තව හොඳ වී 'මාධවිකුට්ටි'* වෙන්න
කාලය හරි
නමක් භූමිකාවක් හෙම තෝර ගන්න”

“විකාර සෙල්ලම්වල නියැලෙන්න එපා
භින්නොන්මාදෙන් වාගේ ඉන්න එපා
කාමිනියක වෙන්න එපා
ආදරයක් බිඳුණු විටෙක
ලජ්ජා සහගත විදියට
සද්ද නගා අඬන්නෙපා.........”

.........මට මිනිසෙක් මුණ ගැසුණෙය
ඔහු හට ආදරය කළෙමි
ඇමතූ මුත් මා ඔහු ඒ
කිසියම් නාමෙකින් නොවෙයි

මා මෙන් ආදරය සොයන
ඕනෑම ගැහැණියක අවැසි
ඕනෑම මිනිසෙක් විය ඔහු !

ගඟක පිපාසිත ඉක්මන විය ඔහු තුළ
මුහුදක වෙහෙසින් තොර බව විය මා තුළ

සියළු දෙනම අමතා මම
ඔහු කවුරෙක්දැයි ඇසුවෙමි
“ඒ මම” පිළිතුරක් ලැබිණි

සියල් තන්හි සොයා බලා
මේ ලොව තුළ “මම” යනුවෙන්
තමා හඳුන්වා දුන් ඔබ දැක ගත්තෙමි
කොපුවක ලූ කඩුවක් මෙන්
සිරව එතී ඔබ සිටියෙහි.

නුහුරු නගර – හෝටල්වල
රෑ දොළහට තනිවම බොන
“මම” ඔබ විය
සිනා නගන “මම” ඔබ විය
ආලය කර ලජ්ජා වන “මම” ඔබ විය
මියෙමින් සිටියත් උගුරේ බිඳුණු හඬින්
එසේ නැතැයි මුසා කියන “මම” ඔබ විය

ඔව්! පව්කාරිය ද මාය
සාන්තුවරිය ද මෙමාය
ස්නේහවන්තිය ද එසේම
පාවා දෙන්නිය ද මාය

ඔබේ නොවන කිසි සතුටක් හිමි නැත මට
ඔබේ නොවන කිසි දුකකුත් හිමි නැත මට
මම ද සබඳ මා හට “මම” යැයි අමතමි.

*මෙම කිවිඳිය මලයාලම් බසින් ලේඛනයේ නිරත වීමේදී භාවිතා කළේ“මාධවීකුට්ටි” යන නමයි.

[ඉන්දියානු ජාතික Kamala Das කිවිඳිය (1934 - 2009) ගේ“ An Introduction” නමැති කවියේ පරිවර්තනය]
සිතුවම : Viktor Sheleg
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kamala Das, An Introduction
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පරිවර්තන කවි
ආත්මීය කුණාටුව
පීඩිතයෝ
මම..සහ සිලුවටයෙහි එළිය
මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
පළමු මස විසි වන දින රාත්‍රියෙහි වියෝ වූ බිරිඳ පිළිබඳ සිහින දකිමි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook