Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
අජිත් තිලකසේන- කෙටි විමසුමක්
බූන්දි, 01:11:16
හීනමානකාරයන් වචන වලින් විප්ලව කරන විට පෙරලිකාරයන් විප්ලව කරන්නේ නිහඬවය.

ලංකාවේ සිංහල කෙටිකතා කලාවේ ගැඹුරු වෙනසක් සනිටුහන් කල නිහඩ පෙරලිකරුවෙක් විදිහට අජිත් තිලකසේන හදුනාගන්න පුළුවන්. තිලකසේන ගේ නම සාමාන්‍යයෙන් සම්මත කෙටිකතාකරුවන්ගේ ලැයිස්තු වල දකින්න ලැඛෙන්නෙ නැහැ. පාසල් සිසුන් හා සාහිත්‍ය ලෝලීන් අජිත්ගේ නම වැඩිය අසා නැතුවාටත් සැකයක් නැහැ. අමරසේකර, කේ. ජයතිලක කෙටිකතාකරුවන් වුනාට සම්මත කතිකාවත තුල අජිත් තිලකසේනව ඒ අර්ථයෙන් හඳුනාගැනෙන්නේ නැහැ.

සතුරෝ නමැති කෙටිකතා සංග්‍රහය 1960 දී ප්‍රකාශයට පත්කරමින් කෙටිකතාකරණයට පිවිසි අජිත් තිලකසේන මේ දක්වා කෙටිකතාකරණයෙහි යෙදී සිටිනවා. මෙම දශක කිහිපයක කාලය තුල කෙටිකතා සංග්‍රහයන් කිහිපයක් වගේම සංයුක්ත කවි නමින් හැදින්වෙන කාව්‍ය නිර්මාන ග්‍රන්ථ කිහිපයක්ද ඔහු විසින් රචනා කොට තිඛෙනවා. ධර්මසේන පතිරාජගේ විශිෂ්ට සිනමා නිර්මානයක් වන පාර දිගේහි තිර රචනයත් තිලකසේනගේ නිර්මාණයක්.

තිලකසේනගේ කෙටිකතාකරණ යේ තියෙන විශේෂත්වය තමයි ඔහු නිර්මානකරණ ය තුල භාවිතා කරන ආකෘතියෙහි පවතින වෙනස. සාමාන්‍යයෙන් සාහිත්‍ය නිර්මාණයක ආකෘතිය හා අන්තර්ගතය ලෙස කොටස් දෙකක් හඳුනාගැනෙනවා. සරලව කිවහොත් කියන ''දේ'' හා එසේ කියන දේ කියන ''විදිහ'' යනු දෙකක්. තිලකසේන විශේෂ වෙන්නෙ අන් බොහෝ අය නොසලකා හල ආකෘතිය- එනම් කියන ''විදිහ'' අරභයා අතිශය නිර්මාණශීලි වෙනස්කම් ගණනාවක ඔහු නියුතු වූ නිසා. තිලකසේනගේ ප්‍රකාශන රීතිය එක්තරා අන්දමක අසම්මතවාදී හා යථාර්ථවාදය ඉක්මවන ලද ස්වභාවයක් ගන්නවා. සාහිත්‍යය තුල සිදුවෙන්නෙ තමන් අවට භෞතිකව තිඛෙන යථාර්ථය කඩා දමා එය සෞන්දර්යාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කිරීමක්. තිලකසේන භෞතික යථාර්ථය ප්‍රතිනිර්මාණය කරන්න යොදාගන්නෙ කිසිසේත්ම යථාර්ථවාදී නොවන මායාව හා අද්භූතය මිශ්‍ර ශෛලියක්.

නාගරිකව ජීවත් වන ලිංගික අසහනයෙන් පෙලෙන තරුණයන්, බෝඩ්ම්කාරයන්, කාර්යාල වල වැඩ කරන ගැහැනුන් සහ මිනිසුන් - මෙවැනි පහළ මධ්‍යම පංතික ස්ථරයන් බොහෝවිට තිලකසේනගේ කතා වල චරිත නායකයන් බවට පත්ව තිඛෙනවා. විකාරයක් බවට පත්වෙලා හෙම්බත්වෙලා තිඛෙන මෙම මනුෂ්‍ය ජීවිත වල කතන්දරය තර්කානුකූල වචන වලින් කතාවට නගන්න බැහැ. මේ නිසා විකාරයක් ව තිඛෙන කතාන්දර තිලකසේන අතින් කතාවට නැගෙන්නෙ ඊටම සරිලන විකාරාත්මක ශෛලියකින්. මේ අනුව තිලකසේනගේ කතාවල දෙබස් සංවාද අසාමාන්‍යයි. විකාරරූපියි. මෙම මතුපිට විකාරරූපීත්වය යට ගැබ්වෙලා තියෙන්නෙ කතාවල චරිත නායකයන්ගේ අභූතරූපී ප්‍රලාපයක් වුනු ඇත්ත ජීවිතය මිස අනෙකක් නෙමෙයි.

''මිනිස්සු මිනිස්සුංව දකිංඩ කැමති නැහැ'' ඈ කිව්වා.
''ගලක් වුනත් ඒක කළු නං ඒක කපුටෙක්'' මම කිව්වා.
ඇගේ ඇඟිිල්ලක් හෙල උනා. ඈ සන් කලේ මට දිග ඇදෙන ලෙස. මම ඇල උනා මූණ උඩු අතට.
''මෙහාට හැරෙන්න''ඈ අත් බැඳගත්තා.
''එතකොට ඔයා දාංගලේ පටන් ගනීවි''
''ඇත්තද ඔයා හීනයක් අල්ලං පෙට්ටියක් ඇතුලේ දාගෙනයි කියන්නෙ''

(රූපාන්තරනය - සුන්නද්ධූලි කෙටිකතා සංග්‍රහය 50 පිට

අජිත් තිලකසේනගේ නිර්මාන ඒවාවල ස්වභාවය අනුව යුග තුනකට ඛෙදන්න පුළුවන්.

ඔහුගේ පලමු නිර්මානය වන සතුරෝ කෙටිකතා සංග්‍රහය යථාර්ථවාදී ශෛලිය මත රැදෙමින් රචනා වුන එකක්.

ඉනික්බිති ලියැවුනු පිටුවහල් කර සිටිද්දී (1964) සංග්‍රහයේ සිට සුබ රාත්‍රියක් අහවරයි (1984) සංග්‍රහය දක්වා නිර්මාණ දැඩි ලෙස අසම්මතවාදී ආකෘතියක් සහිත නිර්මාණ විදිහට හඳුනාගන්න පුළුවන්. මේ කාලයේ (70 දශකයේ) සම්මුඛ සාකච්ඡාවක් පුවත් පතකට ලබාදෙන තිලකසේන පවසා තිබුනේ ''මට තිඛෙන්නෙ කියන ආකාරයක් පමනයි. මම කියන දේවල් වැදගත් නැහැ''යනුවෙනුයි. මෙම සාකච්ඡාවේදී තමන්ගේ නිර්මාණ වල ''තේරුම'' සොයන්නන් උපහාසයට ලක්කරන තිලකසේන ගලන මුහුදු රැල්ලක, ගලා හැලෙන දිය ඇල්ලක සෞන්දර්යයක් තිබුනත් එහි ඇති ''තේරුම'' කුමක්දැයි විමසා සිටිනවා. කලා නිර්මාණ වල සෞන්දර්ය මිස සැගවී තිඛෙන තේරුම් සෙවීම අර්ථ ශුන්‍ය බවට ඔහු ඉන් ඉඟි කරනවා.

කෙසේ වුනත් 70 දශකයේ සිටින මෙම දැඩි ආකෘතිකවාදයාට වඩා වෙනස් කෙනෙකුයි සාදය (1992) කෙටිකතා සංග්‍රහය සහ ඉන් ඔබ්බට ලියවෙන කෙටිකතා තුලින් අපිට මුණ ගැසෙන්නෙ. මේ අනුව සාදයෙන් පසු තිලකසේනගේ නිර්මාණ දිවියෙහි තවත් යුගයක් සනිටුහන් වෙනවා යැයි කීම නිවැරදියි.

80 දශකයෙහි අග භීෂණයෙන් ආලෝලනයට ලක්වූ ලාංකීය සමාජය තදින් නිරූපණය කරන්නට සාදය කෙටිකතා සංග්‍රහය සමත් වී තිඛෙනවා. එම භීම සමය සමාජය ව්‍යාකූලත්වයට ලක්කරන ලද අන්දම පිලිබද මනා චිත්‍රයක් මේ නිර්මාන හරහා දකින්න පුළුවන්. මෙම දේශපාලනික තේමාව තිලකසේනගේ 90 දශකය තුල සිදුවූ බොහෝ නිර්මාණ වල හොල්මං කරනවා. සුසුම හා පීඩාව (2000) කෙටිකතා සංග්‍රහයේ එන ''දවසක වෙනස'' කෙටි කතාවේ කියැවෙන්නේ සන්නද්ධ ව්‍යාපාරයක තරුණයෙක් තමන්ගේ දේශපාලන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර ව්‍යාකූලත්වයකට ලක් වන අන්දමයි. දේශපාලන ව්‍යාපාරයේ රාජකාරියක් ඔහුට බාර වී තිඛෙනවා. ඔහු දේශපාලන සටන්කාමියෙක් බව ඔහුගේ හිතවතුන් දන්නේ නැහැ. හිතවත් පවුලක තරුණියන් තිදෙනෙක් වෙසක් බලන්න ගෙනයාමේ කාර්යය මේ අතර ඔහුට භාර වෙනවා. වෙසක් තදබදය අතර අකරතැබ්බකට ඔහු මුහුණ දෙන අතර වෙසක් බලන්න පැමින සිටින මදාවිකාරයන් සමග ගැටුමකට ඔහු මැදි වෙනවා. මේ සියල්ල අවසානයේ ඔහුට භාර වී තිබුනු දේශපාලන රාජකාරිය (යතුරක් නිශ්චිත වෙලාවකට භාර දීම) ඔහුට මගහැරෙනවා.

''ඔහු ආපසු හැරී ඇගළුම් කම්හලක් අසලින් මහ පාරට ගොඩ වෙනකොටම එතන ඔරලෝසු කනුවේ 11 වදිනවා ඇහුනා. සුගත් කලබල වෙච්ච ගමන් අත ගෙනිච්චේ උඩ සාක්කුවට. යතුරට. එහෙත් කමිසය ඇගේ නැති බවත් මෙච්චර වෙලා උඩුකයේ තිබුනේ බැනියම විතරක් බවත් ඔහු වටහාගත්තේත් එතකොට. පිහියෙන් ඇන්නා වගේ පහරක් ඔහුගේ යටිබඩ පසාරු කලා. ඔහුගේ ඉක්කාවත් නැවතුනා. තෙරපුනු බරකින් දෙකකුල් ඇන හිටියාත් එක්ක ඔහු එහෙම්ම බිම ඉදගත්තා.

''බාරගත් වගකීම ඉටු නොකල ද්‍රෝහියෙක්''යන හංවඩුව පිටේ කෙටෙන පාරවල් ඔහුට දැනෙන්න දැනෙන්නා වගේ වුනා.

(දවසක වෙනස සුසුම හා පීඩාව - 115 පිට)

ඔහු බොත්තම් දදා කන්ඩිය නැගගන එනකොට ආරක්ෂක නිලධාරියෙක් උඩ හිටියා. තමා දෙස තියුනුවට බලා හිටපු බව පෙනුනා. සුගත් පාරට ගොඩවෙද්දි ආරක්ෂක නිලධාරියා පිඟානක් තරම් පලල් වූ අත්ල දිග ඇරියා. සුගත් දිහාට පෑවා. සුගත් පස්ස සාක්කුවෙන් හැඳුනුම්පත එලියට ඇද ආරක්ෂක නිලධාරියා අත තැබුවා. ඒක ඔහු ඒ මේ අත පෙරලා කිසිවක් නොකියා ආපහු දුන්නේ තමා රේල් පාලමට දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරවිය හැකි බෝම්බ හයි කරන්න නොගිය බව ඔහු වටහා ගත් නිසා විය යුතුයි

(ඉහත කෘතිය - 118 පිට)

ආරක්ෂක හමුදාවල දඩයම් ඇසට හසුව සිටිනවාට අමතරව තමා වගකීම ඉටු නොකල නිසා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේත් සැකයට හසුවීමේ ඉරණමට මෙම තරුණයා මුහුණ දෙනවා. සාමාන්‍ය පසුබිමක නම් හේතු පැහැදිලි කරන්න අවස්ථාවක් ලැඛෙන්න ඉඩ තිබුනත් සිවිල් යුද වාතාවරණයක් මැද එහෙම ඉඩක් නැහැ. දේශපාලනික වශයෙන් ඇලළුන සමාජයක පුද්ගලයාගේ ඉරණම අතිශය ප්‍රබල විදිහකට මෙම කෙටිකතාව තුල පිලිබිඹු වී තිඛෙනවා.

සමස්තයක් විදිහට ආකෘතියේ පවතින අසම්මත ගතිය පවත්වාගෙන යන ගමන් කෘතියේ අන්තර්ගතය වෙත වැඩි නැඹුරු වීමක් අජිත්ගේ මෙම තෙවන යුගයේ නිර්මාන තුළිින් අපිට දකින්න පුළුවන්.

''මට තියෙන්නේ කියන ආකාරයක් විතරයි. කියන දේ වැදගත් නැහැ'' යැයි දශක කිහිපයකට පෙර ඔහු කල ආකෘතිකවාදී ප්‍රකාශය මේ අනුව ඔහුගේ නිර්මාණ වලින්ම පසුකාලයක බිඳී යන ස්වරූපයක් පෙනෙන්නට තිඛෙනවා. අද්භූතවාදී ආකෘතීන් සමග යථාර්ථවාදී සිදුවීම් දැක්මක් සහිතව මිශ්‍ර වීම නිසා තිලකසේනගේ වඩාත්ම පරිණත යුගය විදිහට තේරුම් ගන්න පුළුවන් වන්නේත් සාදයෙන් ඉක්බිති ඇරඹෙන ඔහුගේ නිර්මාණ සම්මුචයයි.

ඒ වගේම ඔහු විසින් රචිත පාර දිගේ තිර පිටපත සිංහල සිනමා ඉතිහාසයේ කැපී පෙනෙන තිර රචනයක්. පාර දිගේ අතිශය දේශපාලනික තේමාවක් සහිත චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් 70 හා 80 දශකයන්ගේ මුල වාමවාදී දේශපාලනයට බර සිනමා පට බිහිවීමේ යම් ප්‍රවනතාවයක් තිබුනා. කොහොම වුනත් ආකෘතික වශයෙන් සම්ප්‍රදායික තැනක හිරවෙලා තිබුනු දේශපාලන සිනමාව තිගැස්මකට ලක්කල තිරපිටපතක් විදිහට පාර දිගේහි තිර රචනය හඳුනාගන්න පුළුවන්.

සිදුවෙන දේ සිදුවෙන විදිහටම කියන සාම්ප්‍රදායික යථාර්තවාදී ශෛලිය තුල එක තැන පල්වෙමින් තිබුනු සිංහල කෙටිකතාවට නූතන්වයක කවුළුව විවර කල පුරෝගාමියා වුනේ අජිත් තිලකසේන. ඒ පරම්පරාව තුල ඒ හා සම වන නිර්මාණකරුවෙක් සිටී නම් ඒ සයිමන් නවගත්තේගම පමණයි. කොහොම වුනත් තිලකසේනගේ අඩි සටහනින් එදා ආරම්භ වූ මාවත දිගේ අද තරුණ නිර්මාණකරුවන් වඩ වඩා පිය නගන්නට පටන්ගෙන තිඛෙන බව පෙනෙන්නට තිඛෙනවා. නිශ්ශංක විජේමාන්න වැනි කෙටිකතාකරුවෙක්ගේ නිර්මාන දිහා බැලූවාම මේ ස්වභාවය දැකගන්න පුළුවන්.

කොහොම වුනත් අජිත් තිලකසේන තවම නිහඬ චරිතයක්. දේශපාලන වේදිකා වල පාලකයන්ට වන්දිභට්ටකම් කරමින් උපහාර ලබන මහා සාහිත්‍යවේදීන්ගේ පුරාජේරුවට වඩා මෙම මිනිසාගේ නිහැඬියාව අතිශය ගෞරවනීය එකක් බව අවසාන වශයෙන් කිව යුතුයි.
(රාමචන්ද්‍රගේ අඩවිය)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ajith Thilakasena
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Prasad Aluthwattha මෙහෙම කියනවා :
Great...! ඒ පරම්පරාව තුල ඒ හා සම වන නිර්මාණකරුවෙක් සිටී නම් ඒ සයිමන් නවගත්තේගම පමණයි.. 100% true..!

කිවුව වෙලාව- 2011-10-28 15:18:25
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook