Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ඇමතිවරු ඇමතිවරු සීරුවෙන් සීරුවෙන්
බූන්දි, 10:09:55
නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙක් බව වර්ගපූර්ණිකාව කියන බ්ලොග් රෝල ලියන රාවණගෙ අවතාරෙට කුණ්ඩලීනී යෝගයට සමවැදුණු මොහොතක ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙන්න බලන්න.

"මීට මාස කීපයකට පෙර මා මධ්‍යම කඳුකර ප්‍රදේශයේ රහසිගත ලෙනක සිට කුණ්ඩලීනී යෝගයේ විමංභා ශක්තියට සම වැදී සිටිමින් රාවනා ශක්තියට අනුලෝම වන්නට හදමින් හෙළ ඉතිහාසය ගැන විමසද්දී පෙනී ගියේ ඇඩොල්ෆ් හිට්ලර් යනු හෙළ රකුසෙක් බවත් ඔහු රාවණා රජතුමාගේ අනුගාමිකයෙක් බවත්ය. එහිදී මා හට ප්‍රත්‍යක්ෂ වූ කරුණු එකින් එක මෙලෙස දක්වන්නම්."

නූතන වර්ගපූර්ණකරුවා ඉතා පැහැදිලිව හිට්ලර් කවරෙක්දැයි පෙන්වා දෙනවා. දැන්නම් ඉතින් චන්දරේටත් ආයෙ සැකයක් නෑ, හිට්ලර් කියන්නෙ හෙළයෙක්ම තමයි. අහුබුදු ගෝලයගෙ එම ඓතිහාසික පරීක්ෂණය හිනානොවී මුළුමනින්ම කියවීමට අඩියක් ගහන්නම වෙනවා. කියවන්න කලින් වෙරි උන්නැත්තං සොරිම තමයි. කේමදාස මාස්ටර් හිට්ලර් ගැන කතා කළේ නෑ. මොකද මාස්ටර් තේරුම් අරන් හිටියා ලංකාවෙ නම් කවම කවදාවත් හිට්ලර් ටයිප් එකේ උඩු රැවුල් කාරයෙක් බිහි වෙන්නෙ නැති බව. නමුත් ඔහු තේරුම් ගත්තා ඇමති මණ්ඩලයකට නම් එහෙම වෙන්න පුළුවන් කියලා. එයා ඒකට බෙච්ට් ව කැඳෙව්වා. කේමදාස මාස්ටර් හිට්ලර්ගෙ ඇමති මණ්ඩලය ගැන කරපු සුවිශේෂ ගීතය පටන් ගන්නෙ මේන්න මෙහෙමයි.

මැති ඇමතිවරු ඇමතිවරු - සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට - ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය - රට පාලනය


මහ දවාලේ ගල් බෝතලයක් මර මර ඉන්නකොට එහා මේසෙ හිටපු සැට් එක බිල ගෙවලා කාරියෙ කලිසම් කමිස වල රැලි ලිහනවා.

චන්දරේ එක්ක බිබී උන්නු යාළුව නිකං කින්ඩියට වගේ ඇහුවා "කොහෙ යන්ඩද බං ඔච්චර ඇඳුම් මදින්නෙ කියලා."

"අද අරූගෙ පොත අවුට් වෙනවනෙ බං. නොගියත් ඇන්ට්‍රියක්. තියෙන තැනයි, එන ගෝස්තියයි හින්දා දෙකක් නොදා යන්ඩත් බෑ" කියල එකෙක් කියපි.

අරූ කිව්වෙ අමිල තේනුවරට. ඔහුගෙ හෝඩිපොතේ මනමාලිගෙ දොරට වැඩීමේ උත්සවය පැවැත්තුණේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවනාගාරයේ. ප්‍රධාන ආරාධිතයා උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක. එහෙන් නොනවතින සිසු අරගල ඇවිලෙමින් තියෙන්නෙ. අනිත් පැත්තෙන් සරසවි ඇදුරෝ අඛණ්ඩව අරගල කරන පසුබිමක් නිර්මාණය වී තියෙනවා. ඉසෙඩ් ඉස්කෝර් කේස් එක හින්දා බිංදුවටම දැවී ගොස් සිටින එස්.බී. වගේ විලි සංගයක් නැති කුජීත වෙච්ච පම්පෝරිකාරයෙක් තමන්ගෙ කවිපොත එළියට එන වෙලාවේ ප්‍රධානියා කර ගන්න පුළුවන් ඒ වගේම විලිසංගෙ නැති එකෙකුට විතරයි. මිනිහෙක් තමන්ගෙ ලැජ්ජ නහරෙ කපා ගත්තට පස්සෙ ඕන පිම්පි වැඩක් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නෙ නිකංමත් නෙවෙයි. මතු බලාපොරොත්තුත් එක්ක.

ඩාන්ස්කෝ පඩිපෙළ හොල්ලගෙන කරමළා උඩට නැග්ගා. කරමළා කිව්වෙ සරාට. උගේ ඔලුවෙ හැමදාමත් රතු තොප්පියක් තිබුණා. ඒ නම වැටුණෙ එහෙමයි. සරා අලුත් පක්ෂෙට සැට් වුණාට පස්සෙ අපි ඌට කියන්නෙ පෙරටු සරා කියලා. පෙරටු සරාගෙ පෙසපෙ වැඩකරන යාළුවෙක් ඉතාලි ඉඳන් ඇවිත්. සැන් මිචෙල් යමන් කියල සරා කිව්වා. පෙසපෙ එවුන් ජවිපෙ එවුන් වගේ නෙමෙයි ඩ්‍රින්ක් එකක් දාන්න උනත් අර්බුදයක් නෑ. සමහරු 'උදුල්' වෙන්ඩ ගහනවා. දැන් උදුල් වෙන්ඩ ගහනවා කියන්නෙ, නද වෙන්න ගහන එකට. සැන් මිචෙල් පැත්තට දිරාමාරු වෙනකොට පෙරටු සරා පුංචි කොදෙව්වක් පෙන්නල කිව්ව, "චන්දරේ අන්න අරකෙ තමයි ලබන සතියෙ අපෙ කාව්‍යමය පොරවල් සෙට් වෙන්නෙ" කියල. මකරන්ද සාහිත්‍ය උළෙල කියල කියන්නෙ ඒකට.



ඕක පටන් ගත්තෙ තිඹිරියාගම බණ්ඩාර රාවයෙ ඉන්න කාලෙ වගෙයි චන්දරේට මතක. චන්දරෙත් එක්ක 'පාරාදීසෙ' කරක් ගහපු බඩී කවියෙක් ඔය වැඩේට සම්බන්ධ හින්දා චන්දරෙට ඒ ගැන මතකයි. ඒ කාලෙ තිඹිරියාගම, වික්ටර් අයිවන්ට පස්සෙ හිටපු දෙවෙනියා. නියෝජ්‍ය කතෘ. අද හිටියනම් කොහොම පොරක්ද? ප්‍රධාන කතෘ. රාවයෙ හිටපු මාධ්‍ය සැට් එකෙන් ප්‍රධාන කතෘ කමට ඇත්තටම සුදුස්සා උනෙත් තිඹිරියාගම තමයි. චන්දරේ නම් අත දෙකම උස්සල ඒක පිළිගන්නවා. නමුත් එච්චර කල් අල්ලන් ඉන්න ජවයක් එයාට තිබුණෙ නෑ. පරණ පත්තර යාළුවෙක් වෙච්ච තරුණ ඇමති ඩලස් අලහප්පෙරුම හෘද සාක්ෂියෙ ණය ගෙවා ගන්න තිඹිරියාගම බණ්ඩාරගෙ ලැජ්ජ නහරෙ කපලා, ටයි පොල්ලක් බෙල්ලෙ එල්ලලා ලේඛම් කෙනෙක් කරලා අමාත්‍යංශෙට ගත්තා. තිඹිරියාගමත් ටයි පින්තූර පත්තර වල එහෙම පළ වෙන්න සංතෝෂෙන් ඉඩ දුන්නා, මතු බලාපොරොත්තුත් එක්ක.

වයඹ ඡන්දෙ සහ තිඹිරියාගම

කුප්‍රකට වයඹ ඡන්ද මංකොල්ලෙට විරුද්ධව කොන්දේසි විරහිතව සිටන් වැදුණු රාවය බල මුළුවෙ නායකයා උණේ මේ බණ්ඩාර මහතාම බව පරණ රාවය පත්තර විතරක් නෙවෙයි ඒ ලිපි එකතු කරල ඔහු විසින්ම පළ කරපු පොත බැලුවත් පේනවා. ජනමාධ්‍ය හා සාහිත්‍ය ක්ෂේත්‍ර වල ඉන්න ඕන කෙනෙක් දන්නවා තිඹිරියාගමගෙ ගම් පළාත කුරුණෑගල පැත්තෙ කියලා. වයඹ ඡන්දෙදි එයා එච්චර ආවේගෙකින් වැඩ කරන්න ඇත්තෙ වයඹ භූ දේශපාලනය හොඳින්ම දන්න නිසා වෙන්න පුළුවන්. ඩලස් අලහප්පෙරුම කියන පාරිශුද්ධ දේශපාලකයා අංකනැති වාහන වල ඇවිත් ඡන්දෙ මංකොල්ල කාපු හැටිත් පින්තූරත් එක්ක, රාවය කොටස් වශයෙන් පළවුණ ඡන්ද නවකතාවෙදි හෙළිදරව් වුණා. කොටින්ම ඔයකාලෙ පතරංග චණ්ඩියෙක් වෙච්ච කසිප්පු ලාල් එක්ක බෲස්ලි වගේ ෆේස් ටු ෆේස් ෆයිට් කරපු නියම පොරක් තමයි තිඹිරියාගම කියන්නෙ. ඩලස් අලහප්පෙරුම කියන ඒජන්තයා අංක සහිත වාහනේක ඇවිත් ඇඩ්‍රස් නැති කළේ අන්න ඒ වගේ මිනිහෙක්ව. දැන් ඉතින් ගොඩ ඒමක් නෑ. තමන්ගෙ අනන්‍යතාවය හොයා ගන්න වෙන්නෙ මේ අන්ජබජල් ආණ්ඩුව ඇතුළෙන්ම තමයි. ඒකෙ එක් පියවරක් හැටියට තමයි රාජ්‍ය සාහිත්‍ය විනිශ්චයේ ඒජන්තවරයෙක් විදිහට එයා පත් වෙන්නෙ.

දැන් මේ පාර මකරන්ද අතපත ගාන්න සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක ගෙන්නනවා.

චන්දරේට අනුව එහෙම කරමින් මේ තිඹිරියාගම මේ කරගෙ යන්නෙ කොන්දක් ඇතුව කෙලින් කවි ලියාපු අනාගත පරම්පරාව ආණ්ඩුවට අවශ්‍ය ගාණට මේච්චල් කරන ආණ්ඩුවෙ කොන්තරාත් එකක් කියලයි චන්දරේගෙ දේශපාලන කියවීම.

අනාවැකි කිහිපයක්

චන්දරේ කලින් මතු බලාපොත්තු කියන කොටස ලිව්වෙ මෙන්න මෙතන්දි ඒකෙ සම්බන්ධෙ පෙන්නන්න පුළුවන් නිසා. මේ අනුව තිඹිරියාගම බණ්ඩාර ටී.බී.ගෙ අනුමැතියෙන් මීළඟ සාහිත්‍ය අනුමණ්ඩල සහාපති වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. තිඹිරියාගමගෙ මකරන්දෙ අස්සෙ කරක් ගහපු කොල්ලො කුරුට්ටන්ට හොඳ කලක් යාවී. සම්මාන පිට සම්මාන. එතකොට සම්මාන විතරයි කවි නෑ. සද්දෙ විතරයි වෙඩි නෑ.
අමිල තේනුවරට හොඳම කවියා විදිහට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබෙනවා. ඒ පොත එස්බීගෙ අනුමැතියෙන් සරසවි වල නිර්දිෂ්ඨ කෘතියක් විදිහට නම් කෙරෙනවා.
හොඳයි නෑ කියනවද?

පසු සටහනක්

මේ උලෙළවල් දෙකේම මහපොදු සාධකය මොකද්ද කියල දන්නවද? ඒ තමයි නූතන දුටු ගැමුණු 'දෙක' හෙවත් ජයන්ත චන්ද්‍රසිරි. දුටුගැමුණු එක කවුද කියල දන්නවනෙ. ජයන්තත් අරින්නෑ. ඕනම සිල්වා කෙනෙක් එක්ක ගේම ඉල්ලයි 'එක' වෙන්න.

වෙනත් කතාවක්

අඩෝ චන්දරේ තේ ඇබේ කියලා පොරක් බොට උත්තරයක් ලියලා කියලා පෙරටු සරා පස්ස පැත්තෙන් කොළයක් ඇදල චන්දරේ අතට දන්නු දවසෙ ඩාන්ස්කෝ එක වහනකන් කරටි කඩාගෙන කරපු සංවාදෙ ලියනවද නැද්ද කියල හිත හිතයි චන්දරේ ඉන්නෙ. රාමා නම් කියන්නෙ මුකුත් ලියන්න එපා අතෑරලා දාපං කියලා. රාමා අන්තිම සොට් එක නීට්ම ඇදල, පිටි අල්ලෙන් තොල් පිහදාලා අන්තිමට කෙලින්ම කිව්වා "මේ චන්දරේ නිකං බොරුවට කබ්බො ෆෝම් කරන්න එපා බං" කියලා. බලමු.

මේ සියල්ලන්ටම අදාලව කේමදාස මාස්ටර්ගෙ සින්දුවේ අන්දිම පද හතර උපුටලා දක්කමින්, යන්නං.

අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Thimbiriyagama Bandara, Amila Thenuwara, S.B. Dissanayake, T.B. Ekanayake
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චන්දරේගෙන් තවත් වියමන්
අදහස්
බොන්න දීලා ලියා ගත්තයි ආයු රක්ඛන්තු ආවඩා!
වෙසෙස්
අජිත් කුමාරසිරි නම් ක්‍රම විරෝධියා පිළිබඳ ඇත්ත හෙවත් නෝ මෝ රොක් අජිත්
අදහස්
මං කලා ගන්ධබ්බයෙක් නෙවෙයි...! ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු ප්‍රොජෙක්ට් එක
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook