Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ජූලි මාසයක මතක මාත්‍ර
බූන්දි, 18:42:38
දෑවුරුද්දකට පෙර මියගිය විලියම් ස්ටයිරන් රමණීය ප්‍රබන්ධ කතාකරුවෙකි. ඔහු ලියූ ‛නැට් ටර්නර්ගේ පාපොච්ඡාරණයන්’ (Confessions of Nat Turner) කෘතිය කියවීමට දහසය අවුරුද්දකට පෙර ‛ලක්දිව’ පත්‍රයෙහි වැඩ කරන සමයෙහි මා පොළඹවන ලද්දේ සුනිල් මාධව ප්‍රේමතිලක විසිනි. 19 වන සියවසේ වර්ජිනියාවේ වහල් නැගිටීම් පසුබිම් කොටගත් ස්ටයිරන්ගේ කෘතිය ඔහුගේ විශිෂ්ඨතම කෘති අතරේ ලා සැළකේ. 80 දශකයේදී අවධානයට පත් සම්මානනීය සිනමා පටයකට නිමිති වූ 'Sophie's Choice' කෘතිය ස්ටයිරන් විසින් ලියන ලද්දේ 70 අග භාගයේදී ය. නට්සීන්ගේ අවුෂ්විට්ස් කඳවුර ආශ්‍රිත කෲරභාවයන් අවලෝකනය කරමින් 'Sophie's Choice' කෘතියේ ස්ටයිරන් මෙසේ ලියයි:‛

"අවුෂ්විට්ස් යනු කුමක්දැයි මම යම් දිනක වටහාගනිමි. මෙය නිර්භීත ප්‍රකාශයක් බැව් සැබැවි මුත් අහිංසක වූ වියුක්ත එකකි. කිසිවෙකු විසින් කිසිදිනක අවුෂ්විට්ස් වටහා නොගනු ඇත... අවුෂ්විට්ස්, පහදාලිය නොහැක්කක් වශයෙන් තවදුරටත් පවතී. අවුෂ්විට්ස් පිළිබඳ මේ දක්වා කර ඇති ගැඹුරුතම ප්‍රකාශය ඇත්තෙන්ම ප්‍රකාශයක් නොව, ප්‍රකාශයකට දැක් වූ ප්‍රතිචාරයකි. ප්‍රශ්නය මෙසේය: ‛මට කියන්න, අවුෂ්විට්ස්හි දෙවියන් සිටියේ කොහිද? ’ පිළිතුර මෙබඳුය: ‛එහි මිනිසා සිටියේ කොහිද? ’"

විලියම් ස්ටයිරන්ගේ ප්‍රශ්නය, විසි පස් වසරකට පෙර අපේ ළමා විය ප්‍රචණ්ඩව සොළවා ලූ රළු ගැඹුරු දෙදරුම් පිළිබිඹු කරන්නාක් මෙනි. ඒ දෙදරුම්, රමණන් දේවරාජන්ලාගේ ජීවිත හා බැඳී පවතී. රමණන් මගේ මිතුරෙකි. කොළඹින් ඈත නන්නාඳුනන කඳුකර නගරයකදී රමණන් හා මා මුණ ගැසෙන විට අපි හත් හැවිරිදි වියට යාන්තම් එළඹුණා පමණි. එය බොහෝ විට ජනවාරියක් වන්නට ඉඩ තිබේ. බණ්ඩාරවෙල ගොල්ෆ් ලින්ක් පාරේ සිනහ කෙළි කවටකම් මැද ගෙවී ගිය ළමා විය ආරම්භ වූයේ ඒ ජනවාරියෙනි. පසු කාලයක මගේ සිංහල ගුරුවරයා බවට පත් වූ රත්නායක සර්ගේ නිවසේ සොඳුරු බෝඩිම් කාමරය තුළ ඒ ළමා වියේ සිහින දළුලා වැඩිණ. ජීවිතය, අපේ පා මුලින් දිගහළ පලසක්ව අහස තෙක් පැතිරී ඇතැයි අපි සිතීමු. ඒ පලස කීතු කොට දමන සැහැසිභාවයේ සේයාවක් හෝ ඒ ජනවාරියේදී විද්‍යාමාන නොවූයේ ඇයි?



දෙතුන් වසරකට පසු පාසැල් නේවාසිකාගාරයෙන් වෙන්ව නිවෙස්වල හිඳ යාම් ඊම් පටන්ගත් පසුව අපි තව තවත් මිතුරන් වීමු. ඒ ඉරණම්කාරී ජූලි මාසය එළඹුණේ ඒ කාලයෙහිය. සංත්‍රාසයේ පළමු පණිවුඩය ගෙන ආවේ තාත්තා විසිනි. රාජකාරී කටයුත්තක් සඳහා අගනුවරට ගොස් සැතපුම් සිය ගණනක් ගෙවා පෙරළා ගෙදර ආ තාත්තා කම්පිතව සිටියේය. ආයතන නිල රියේ දෙමළ ජාතික රියැදුරාගේ අනන්‍යතාව වසන් කොට, ගිනිබත් නාරාහේන්පිට සහ බොරැල්ල නගර මැදින් දිවි ගළවාගෙන පෙරළා එන්නට කළ සංග්‍රාමය ඔහු හෙම්බත් කොට තිබිණ. රමණන්ලා පිළිබඳ කල්පනාවන්ගෙන් අප සියල්ලන් සැලුම් කෑවේ ඒ නිමේෂයේදී විය හැක. ඒ වනවිටත් බණ්ඩාරවෙල නගරය ගිනිගෙන දැවිණ. නගරය පළා නැගගත් අඳුරු දුම්රොටු නායබැද්ද වතුයාය ප්‍රත්‍යන්තයේ වූ අපේ කුලී නිවසේ මිදුලට ද දිස් විණ. නගරය වෙළාගත් ගිනිදැල් නගරයෙන් බැහැරටද පැතිර යාමට ගතවනු ඇත්තේ පැය කිහිපයකි. තාත්තා යළිත් අවදානම් විකල්පය තෝරා ගත්තේය. අතුරු මාවත්වලින් තන්තිරියේ පේළි ගෙයක කෙළවරෙහි වූ රමණන්ලාගේ නිවසට යනවිටත් දරු සිඟිත්තන් තුරුළු කොටගත් දිරි බිඳුණු මිනිසෙකු දේව රූප ඉදිරියේ දණගසාගෙන සිටියේය. ඉන් ඉක්බිති එළඹි පැය හතළිස් අටක කාලය තුළ දිවි දෙවෙනි කොට රැකිය යුතු වූ රහසක් අපේ කුලී නිවසේ පහත මාලයේ අඳුරු බිම්ගෙයක් බඳු කාමරයක සඟවා තිබිණ. රහසේ හඬා වැටෙන මව්පියන් හා ආත්තම්මා මැදට වී සිටි එකළොස් වියැති රමණන් හැඬූ බවක් මට මතක නැත.

අනතුරුව අප විසූ කුඩා ගම්මානය ද සාහසිකත්වයේ ගිනිදැලින් වැසිණ. අප රැකි රහස නොදැන සිටි ගම් වාසීහු අසූ වියැති දන්ත වෛද්‍යවරයෙකු හා ඔහුගේ බිරිඳ හුදකලාවේ ජීවත් වූ නිවසක් වට කොට කඳවුරු බැන්දාහ. සොම්නස් මුවින් දවස් ගතකළ අපේ සාමකාමී අසල්වැසියෝ, ඒ ඉරණම් දිනයේ මිනිස් සැහැසිභාවය රණකාමයෙන් වසන් කොට දවස් භාගයක් ඒ නිවසට පහර දුන්හ. අනතුරුව මරණයේ භීතියෙන් තැතිගෙන සැඟව සිටි ඒ වියපත් මිනිසා සහ ගැහැණිය - නැතෑනියල් යුවළ - වියරු ඔල්වරසන් මැද කුදලා පිටතට ගනු ලැබ, ඔවුන්ටම අයත් පැරණි හම්බර් රථයට යටකොට පුළුස්සා දැමිණ. නීචභාවය දේශප්‍රේමය බවට පත් වූ සමයක සැහැසිභාවය පදක්කමක් බවට පෙරළිණ. හරියටම අද මෙනි. අපි භීතිය වසන් කොට රූපවාහිනී විශේෂ ප්‍රවෘත්ති බලමින් රැය පහන් කළෙමු.

නායබැද්ද වතුයායට ඉහළින් පසුදාද හිරු නැගිණ. දිවි ගළවාගත් රමණන් දේවරාජන් සිය මව්පියන් හා පළමුව කොළඹටත්, එතැනින් ඉන්දියාවටත් පිටව ගියේය. ඇත්තෙන්ම අප නොදැන සිටියාට, අප කිසිවෙකුගේ ජීවිත අහස තෙක් පලසක් මෙන් එළා නොතිබිණ. ඒ අඳුරු සතියෙන් පසු එළඹුණු සඳුදාවක, කිසිදා යළි නොඑන සිසුන් සඳහා එසවුණු සුදු කොඩි රැඳවූ පාසැල් ගේට්ටු කුළුණු පසුකොට මම රමණන් නොමැති පාසැලට ගියෙමි. ඇතැම් විට ඒ ජූලි මාසය නොවී නම් ගොල්ෆ් ලින්ක් පාරේ අපේ සිහින පසුපස අපි තවදුරටත් හඹා යන්නට ඉඩ තිබිණ. ඒ වියරු රැයේ ලේ වැකි දත් විලිස්සා දුව ඇවිද ගිය මිනිසුන්, අනතුරුව එළඹි දවස්වල සන්සුන්ව දිවි ගෙවා, සිය දරුවන් උස් මහත් කොට ගුණ දම් කියා දී මිය ගියහ. නමුත් ඉන් සිව් වසරකට පසුත් අඹතැන්න වතුයාය පසුකොට යන - එන වාරයක් පාසා කඳු බෑවුමේ වූ නිම්නයෙහි ගූඪ සොහොන් කොතක් මෙන් නිසොල්මන්ව නැගී ගත් රමණන්ලාගේ පළමු කුළී නිවසේ ශෝකී සේයාව දොම්නසින් නැරඹු වාර අපමණය.

ලේ වැකි ඒ ජූලි මාසය කලු කුහරයක් මෙන් අපේ ළමා වියේ සිහින ගිළ ගනු ලැබිණ. නේවාසිකාගාරයේ මිතුරන් වූ සෙන්තිල්වාසන්, පුවනේස්වරන් හා ශාන්ත රාජාලා ඒ අඳුරු කුහරයේ සැඟව ගිය මතක අංශු වැනිය. අත් හැරුණු මිතුරන්ගේ කෙළි කවටකම් නොඇසෙන සාංකාවෙන් අපි සදා ඔත්පළ වීමු. නමුත් වෙස් වළාගත් අළුත් ව්‍යසනයන් ඉක්බිති එළඹි වසරවල අප ගිළගැනීමට මුව විවර කොට දිවි මං අවුරා රැක සිටියේය. ඒ ජූලියේ ගින්නෙහි පැලහුණු මිනිස් මාංශයෙන් නැගී ගත් පුළුටු දුමාරය, එයින් පස් වසරක් ගතව ගිය තැන්හි ඒ සොඳුරු කඳුකර නගරය සිසාරා යළිත් පැතිරිණ. ඒ අළුත් දුමාරයේ සැඟව ගිය මගේ මිතුරන් ගැන රමණන්ට කියන්නට මට කිසිදාක නොහැකි විණ. පසුකොට ආ ලේ වගුරු දෙස වරදකාරී හදින් හැරී බලන්නට විසි පස් වරකින් පසුත් බොහෝවුන්ට සිත් නොදෙන බව මම දනිමි. යුක්ති ධර්මය පිළිබඳ මිනිස් සිහින අගාධ අඳුරකින් වැසී ඇත්තේ ඒ නිසාවෙනි.





කොලොම්බියානු කිවිඳියක වූ මාරියා මර්සෙදෙස් කරන්සා සිය ‛පීතෘභූමිය’ කවියෙහි මෙසේ ලියයි:

"මේ නිවහනෙහි
සියල්ල නටබුන් ය...
සංගීතයද - සිප වැළැඳ ගැනීම්ද නටබුන් ය...
ඉරණම ද, සියළු උදයන් ද, හසරැල් ද නටබුන් ය..
කඳුළැල් - නිහැඬියාවන් සහ සිහින ද එසේමය...

කවුළුවෙන් පෙනෙන්නේ විසුණු වූ බිම්පෙත් ය
මිනිස් මුහුණු මත මාංශය හා අළු ධූලි මුසු වෙයි
ඔවුන්ගේ මුව තුළ බියපත් වදන් කැළතෙයි...

මේ නිවහනෙහි,
අපි සියල්ලන් පණ පිටින් වැළලී සිටිමු..."

[2008 ජූලි- රාවය 'සමකය']
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- 1983 July, Black July, Sri Lankan Tamils, Confessions of Nat Turner, Sophies Choice
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රෝහිත භාෂණ අබේවර්ධනගෙන් තවත් වියමන්
පොත්
'මළ දූපත': මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවීම
අදහස්
මගේ නොවැම්බරය
අදහස්
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ සමූහ ඝාතන
කතා-බස්
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
අදහස්
රයිනෝසිරස්ලා.....!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ලියෝන් ට්‍රොට්ස්කි කියයි.
ජීවිතය සොඳුරුය. මර්දනයෙන්, කෲරත්වයෙන් සහ සැහැසිකමින් ජීවිතය මුදවා මතු පරපුරට එය භුක්ති විඳින්නට ඉඩහල යුතුය.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook