Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
දඩයක්කාරයාගේ දියණිය අවිය අමෝරන්නට මොහොතකට පෙර
සයිමන් නවගත්තේගම යනු නූතන සිංහල සාහිත්‍ය හා නාට්‍ය කලාවෙහි හැරවුම් ලක්ෂ්‍යය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. සමස්ථයක් ලෙස ඔහු ජීවත්ව සිටිය සමයේ එතරම් ගැඹුරු කියවීමකට භාජනය නොවුනු ඔහුගේ කෘති, දැන් දැන් ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ඇතුළු තවත් බොහෝමයක් නූතන කියවීම් සමග නව සමාජ කතිකාවන්ට බඳුන් වන්නට පටන්ගෙන ඇත. අන්තර්ජාලය ආශ්‍රිතව ඇරඹෙන මෙම නව සංවාද දඩමීමා කරගනිමින් ඇතැම් පිරිස් තම සිතැඟීන් ජයගනීමට සයිමන් වැරදි මාර්ගවල යැවීමට දරන උත්සාහයන්හි කිසියම් සමගාමී වර්ධනයක් ද දක්නට ඇත. මේ ඒ අලලා සයිමන්ගේ දියණිය වන මායා නවගත්තේගම විසින් සිය පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් සකසන ලද වියමනකි. කුඩා කල සිටම සාහිත්‍ය හා කලා කටයුතු වලට දැඩි ඇල්මකින් සිය පියා සමග සම්බන්ධව කටයුතු කළ මායා, අසූව දශකයේ මුල් වකවානුවේදී විවිධ ගුරුකුල ඇසුරෙන් පසු පර්යේශනාත්මක නර්තන ශිල්පිනියක ලෙස ස්වීය අධ්‍යන කටයුතු ආරම්භකළාය. ගතවුනු වසර විසිපහක කාලය සිට මේ දක්වා ලන්ඩන් නුවර දිවිගෙවන ඈ මේ වන විට පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබදඳ තමන්ගේම ආයතනයක කටයුතු කරන්නීය. ලේඛන කලාවට මහත්සේ ඇලුම් දක්වන් ඈ පොදු ජන පාඨකයා අතරට එන පළමු අවස්ථාව මෙයය.

[-ලිපිය බූන්දියට යොමු කළ සහෝදරයා ගේ හැඳින්වීම් සටහන.]
බූන්දි, 21:12:53
සයිමන් නවගත්තේගම මගේ පියා පිළිබඳ සංවාද නව මුහුණුවරකින් සමාජ කරළියට පැමිණ තිබීම ඉහවහායන සතුට දනවන්නකි. එය අදවන විට වඩ වඩා ප්‍රොබෝධයකින් සමජ කරලිය පුරා දිවයන්නට පටන්ගෙන තිබීම දැකීම දියණියක ලෙස මා ලැබූ මහත් භාග්‍යක් ලෙස සලකමි. නූතන Social Networks (Facebook, Twitter), Blog හා Web අඩවි ආදිය හරහා ඇතිවන මේ නැවුම් ලගන්නා සුළු සංවාද වෙත නවමානයන් එක් කිරීම වෙනුවෙන් ඇප කැපවෙන මගේ පියාගේ කෘතහස්ත පාඨක සමූහයාට හදපිරි ස්තුතිය හා ගෞරවය පිරිනැමීමට මෙය අවස්ථාව කරගනිමි. ඒ මීට සත් වසරකට ඉහත අකාරුණික දිනයක මිය ගිය මගේ පියාගේ ගෞරවනීය නාමය වෙනුවෙනි. අදටත් ඒ සෝචනීය දිනය පිළිබද මතකය මෙනෙහි කිරීමට පවා මා බියවෙමි. ඒ දියණියක නිසාම පමනක් නොව සිංහල සාහිත්‍ය හා නාට්‍ය කලා විෂයය තුළ ඇල්ම පිරි පාඨකයකු හා රසිකයකු ලෙස ඔහු කෙරෙහි මා තුළ වන භක්ති ආදරය නිසාය.

මගේ පියා මගේ මවට වඩා දැඩි ස්නේහයෙන් දීග කෑවේ සාහිත්‍ය හා නාට්‍ය කලාව සමග කීවොත් එය නිවැරදිය. ඔහු ඒ වෙනුවෙන් විවිධ සමාජ පංතීන් වල ගැහැනුන් හා පිරිමි සොයා ඉබාගාතේ බොහෝ දුර ඇවිද ගියෙයේය. ඇතැම් විට දින සති මාස ගානන් ගතවී යද්දී අප පියා නැති සොව්න් මිරිකී ගියද ඔහුට එය දැනුනේවත් නැත. ඔහු එතරම් නොනැසෙන ආත්ම විශ්වාසී හදවතකින් කටයුතු කරන්නෙකු යැයි සිතීම පවා පුදුම සහගතය. ඒ ඊට අදාල බෝහෝමයක් ගැහැනුන් හා පිරිමින් ඔහුගේ කෘතිවල ප්‍රධාන කථා නායකයන් වී ඇති අපූරුව දෙස බලන විටය.



සාහිත්‍ය හා කලාවේ නාමයෙන් ඔහු විටෙක පියකු ලෙස දියණියක වෙත පිදියයුතු යුතු සෙනෙහස හා යුතුකම් පසෙක ලා කටයුතු කළ අවස්ථා මගේ මතකයට නැගෙන්නේය. බොහෝ අඳුරු රාත්‍රීන් වල එම නිසාම හඬමින් නින්දට යන්නට කුඩා මට සිදුවුනු වාර අනන්තය. වාසනාවකට හය හතර නොතේරුනු නොදරුවෙක් වුවද එදා මා හට ඔහු කෙරෙහි වෛර සිත් පහල නොවූයේය. ඒ සාහිත්‍ය හා කලාව කෙරෙහි ඔහු තුළ වූ ඒ සා විශාල අපිරිමිත සෙනෙහස කවදා හෝ පැහැබර අනාගතයක මංපෙත් විවර කරාවි යන්න ඉවෙන් මෙන් කුඩා මට දැනුනිසා වන්නට ඇත. ඔහු තුරුලේ නැලවෙමින් නොයක් දේ දොඩවන්නට කුඩා මම මහත් ලෙස ඇලුම් කළෙමි. අප ජීවත් වූ කුඩා මහල් නිවාසය නොකඩවා ඔහුගේ මුඛ කුහරය හරහා ගලන පයිප්ප දුමාරය නිසා නිරන්තරයෙන් වැසී පැවතිණ. රුසියානු ළමා කතාවල එන මිහිදුම් මැදින් යන පිණි මුවන් බැදි කරත්ත මම ඒ දුම් පටල තුළ ඕනෑ තරම් දැක ඇත්තෙමි.

වැඩිවිය පැමිනි පසු පවා මසිත ඒ ඉමිහිරි ආස්වාදය අවිඥානිකව ඇලුම් කළේය. මා ස්වකැමැත්තෙන්ම සෝදුපත් කියවමින් හා ඔහුගේ ලේඛන නැවත නැවත ලියමින් ඔහුට සහාය වූයේ නිරන්තර ඔහු අසල දැවටෙන්නට ඇති ඒ දැඩි කැමැත්ත නිසා වන්නට ඇත. මා ඇබ්බැහියෙන් මෙන් ඔහුගෙ පොත් පත් දිනපතා පිස දමමින් රාක්කවල තැම්පත් කළෙමි. පුවත් පත්වල ඇති සියළු ලිපි සුරැකිව පිළිවෙලට රැස්කළේ රාජකාරියකට වඩා උතුම් දේව කාරියකැයි සිතාගෙනය. ගල්කිස්ස මුහුදුවෙරළට තාත්තා කවදත් කැමතිය. කුඩා මා තාත්තාගේ අතේ එල්ලෙමින් ඒ වෙරළ ඔබමොබ ගිය අනන්ත වාර මට අද වාගේ මතකය. ඒ මතක සමග ගල්පරයක් මත තනිවන්නට මම අද වෙනදාටත් වඩා කැමතිය. ඒ ගල්පර අතර විසිරෙන යෝධ ජලකඳ මවිසින් මුහුකළ තාත්තාගේ භශ්මාවශේෂ හා එක්ව ඔහුගේ උණුහුම මගේ හදවතට සමීප කරන නිසාය. ලියනවානම් ඔහු පිළිබදව වන දහස්ගනනින් පිටු පුරවන්නට තරම් මතක ගබඩා මසිත සිරවී පවතින්නේය. ඒ තාත්තා පිළිබද වන හද උතුරා යන අප්‍රමාණ සෙනෙහස සමගය.

මේ මතකයන් සමග අප විසින් අද සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති ප්‍රධාන කාරණයට මම ඔබලාගේ සහය පතන්නෙමි. ඒ නූතන Social Networks හරහා ඇරඹෙන සයිමන් නවගත්තේගම පිළිබඳ නව කතිකා හා සංවාද වලට සමාන්තරව ගොඩනගමින් තිබෙන ඔහුගේ කීර්තිනාමය විනාශ කරන හා වැරදි අර්ථකතනයන් බලෙන් ඔහුගේ කෘති තුළට පැටවීමේ ල්ජ්ජාසහගත වෑයම පැරදවීමේ කතිකාවත පෙරට ගැනීය.

ඒ පිළිබඳ මගේ නෙත ගැටුනු ආසන්නම උදාහරණය මගේ පියා පිළිබද ව්‍යාජ තොරතුරු සමාජය තුළ වපුරමින් යන Simon Nawagaththegama [facebook.com/simon.nawagaththegama] නැමැති Facebook Profile එකය. එය කවුරුන් විසින් කාගේ උවමනාවකට ආරම්භකරන ලද්දක් ද යන්න පැහැදිලි නැත. නමුත් එය සයිමන් නවගත්තෙගම දඩමීමා කරගනිමින් ව්‍යාජ තොරතුරු වපුරන බවනම් පැහැදිළිය. එහි එන මගේ පියා පිළිබද තොරතුරු සියල්ල වැරදිය.

තවද අදාල Profile එකෙහි මිතුරන් ලෙස Add කර ගනිමින් මගේ පියාට හිතවත් කම් ඇති ක්ෂෙත්‍රයේ බොහෝ දෙනෙකුට ව්‍යාජ තොරතුරු සහිත Messages බොහෝමයක් යවා ඇත. අප පවුලේ සාමජිකයන් වෙසින් මගේ පියාගේ ආදරණීය පාඨකයන් කිහිප දෙනෙකුට තවත් ව්‍යාජ දේ පවසමින් චෝදනා කර ඇත. කොටින්ම එම ව්‍යජ Facebook Profile යේ සඳහන් මගේ පියාගේ උපන් දිනය, උපන් ස්ථානය ආදිය සියල්ල වැරදිය. එහි මගේ පියාගේ නමින් දමා ඇති ඇතැම් කවි වෙනත් අය විසින් ලියන ලද ඒවාය. දැනටමත් එහි මිතුරන් ලැයිස්තුවට එකව ඇති අපගේ පවුලේ හිතවතුන් හා තවත් බොහෝ අය දුරකථනයෙන් කතා කරමින් මට පවසන්නේ මියගිය මගේ පියා වෙනුවෙන් Facebook Profile එකක් කුමට ද; අවශ්‍යය නම් Facebook Page එකක් නිර්මාණය කිරීම ප්‍රමාණවත් නොවන්නේ ද යන පැනයය. ඒ මේ ව්‍යාජ
(Facebook Page එක) අප විසින් පවත්වාගෙන යන්නක්ය යන්න සිතාගෙනය.



සයිමන් යනු මගේ පියා වූ පමණින් ඔහුගේ නිර්මාණ සමාජ ගතකිරීමේ අයිතිය අප පවුලට පමනක් සීමාවූවක් බවට මම ද එකඟ නොවෙමි. ඔහුට ආදරය කරන ආදරණීය පාඨකයන් හා රසිකයන් ද ඒවායේ කොටස්කරුවන්ය. එහෙත් එය දඩමීමා කරගනිමින් ඇතැම් නොමිනුසුන් විසින් කරගෙන යන මේ ආකාරයේ බාල ක්‍රියා ඉදිර්යේ මුනිවත රැකිය යුතු නැත. එසේ නොවන්නට වගබලා ගැනීම අද ඔබත් මමත් ඇතුලු සැවොම ඉදිරියේ ඇති වගකීමය. ඒ කාලාවේ නාමයෙන් නිර්ව්‍යාජව කටයුතු කළ තවත් බොහෝමයක් මිනිසුන්ගේ කීර්ති නාමයන් හෙට දවස විනාශ නොවීමේ සැබෑ සමාජ සත්කාරය සමගය.

[-මායා නවගත්තේගම, ලන්ඩන් නුවර සිට]
වෙනත් සබැඳි |
Simon Navagattegama @ Wikipedia
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Simon Navagattegama, Maya Nawagaththegama, Sinhala novelist, playwright and actor
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook