Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
බූන්දි, 19:35:19
පන්ති සමාජගත න්‍යෂ්ටික පවුල් ඒකකය තුළ නැන්දනියක හා ලේලියක අතර පවතින සබැඳියාව 'ඔබේ උකුලත මා නොවේ මගෙ පුතු පමණි සුරතල් වුණේ' ගීතයට වස්තු විෂය වෙයි.

ධනේශ්වර විප්ලවය තව මත් හරිහැටි සමුපූර්න නො වූ මේ පසුගැමියාව තුළ නැන්දනියක හා ලේලියක අතර පවතින දූ දරු සබඳතාව නම් සුවිශේෂයෙහි, සාමාන්‍යය මෙ බඳු වේ ද?

සැබෑව නම් එහි ප්‍රතිපක්ෂය යි.

මේ පසුගාමී ධනේශ්වර සමාජයෙහි වසන වැඩිහිටි පරම්පරාව (නැන්දනියෝ) වනාහි අඩක් වැඩවසම් අගතීන් ද අඩක් උපන්ගෙයි ම ජරාජීර්ණ වූ ධනේශ්වර ක්‍රමයට ආවේනික දුර්ගුණයන් ද හිසින් හදින් ගත්තෝ ය. සංස්ථාපිත විවාහය නම් නිර්ලජ්ජී ආර්ථීක ගනුදෙනුව අරබයා මෙන් ම න්‍යෂ්ටික පවුල් ඒකකය තුළ ද තම දූදරුවන්ගේ සාපේක්ෂ ස්වාධීනත්වයට එරෙහිව යට කී සමස්ත පසුගාමී දෘෂ්ටිවාදාත්මක අවි ගබඩාවෙන් ම සන්නද්ධ ව පෙරට ඒමට උහු කිසි විටකත් පසුබට නො වෙති.

දූදරුවන්ගේ පරම්පරාව ද මීට නො දෙවෙනි ය. මුදල් ඉඩකඩම් ආදී ද්‍රව්‍යමය ලාභ සිත් සේ ඩැහැ ගත් කල්හි උහු වියපත් දෙමව්පියන් නො තකා හරිති. මහලු මඩම් වලට තල්ලු කර දමති. එපමනකුදු නො ව ඔවුන්ගේ මළගමෙහි දී පවා කේවල් කරමින් කර හැර පලා යති. මෙවන් තතු තුළ එනම්, වත්මන් ධනේශ්වර සමාජ ජිවිතය තුළ දෙමව්පියන් (නැන්දනියන්) හා දරුවන් (ලේලීන්) අතර සැබැවින් ම පවතිනුයේ රචකාව පවසන ආකාරයේ සුසංවාදී මානුෂික සබඳතා නො ව නිරන්තර විසංවාද ම ය; ඒ ඇසුරින් උපදින දුක්ඛ දෝමනස්ස ය; ශෝක පරිදේව ය.

කලාවට විෂය විය හැක්කේ හුදෙක් සුවිශේෂය නො ව ඒ සුවිශේෂය හරහා ම මතු වන පොදු දෑ හෙවත් සාමාන්‍යය යි. එනමුදු පද රචකාව ශමිලා වීරතුංග ජයලත් යට කී පොදු දෑ හෙවත් සමාන්‍යය කෙරෙහි අසංවේදී ය.

පවත්නා ද්‍රව්‍යමය සබඳතාවලින් නිර්ණය වන සාමාන්‍ය තතු හෙවත් සබෑ ජීවිතයෙහි රිද්මය තත් වූ පරිද්දෙන් ගවේෂණය නො කරන කලාව වඳ ය.

ඔබේ උකුලත මා නොවේ මගෙ පුතු පමණි සුරතල් වුණේ
ඔබේ දෙතනේ එරන් කිරි මගෙ හිමිට පමණයි හිමි වුණේ
එහෙත් ඔබ මගෙ දිවිය සරසන මලක් මෙනි නැන්දණියනේ

ඔවා දී නෙක
පෙමා වඩවා
සෙනෙහසේ සිහිලෙන් තෙමා
මගේ යුග දිවි
අරණ සරසන
උදා හිරු කැන් ඔබ වුණා

සදා දී නිති
පැතූ සෙනෙහස
දුවක මෙන් මා සලකළා
මගේ දිවියෙහි
දෙ වැනි මව වී
දෙ වැනි වර මා බිහිකළා


පද- ශමිලා වීරතුංග ජයලත්
සංගීතය- සුනිල් දයානන්ද කෝනාර
නන්දා මාලනීගේ අරලිය ලන්දට ගීත එකතුවෙනි.

[ගීතය අහන්න මෙතනින් යන්න.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Obe ukulatha maa nowe, Nanda Malani, Araliya Landata, Sunil Dayananda Konara, Shamila Weerathunga Jayalath
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විජය නන්දන පෙරේරාගෙන් තවත් වියමන්
කරන්ට්ස්
සුනඛ සීහ
කවි
පෙමාතුර සකි
කවි
ගිම්හාන පේ‍්‍රමය
ගී කිය(ව)මු
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
ගී කිය(ව)මු
අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි
තවත් ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
BoondiLets
බොබ් මාර්ලේ කියයි.
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook