Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ලෝකෙ අනිත් මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හරක්
බූන්දි, 18:40:39
බල්ලගෙ වැඩෙත් බූරුවො කරන කාලෙක බූරුවන්ට ත් හරිම ඉල්ලුම අප්පා. මේ බූරු මොළේට ‍රිංගන එක එක දේවල් ඔන්න කිසිම ව්‍යාකරණයක් නැතුවම වමාරල දාන්න හිතුවා. ලොකු මහප්‍රාණ කතා කියන ඈයොන්ට වඩා අයියෝ අපිටත් කොඤ්ඤං කොඤ්ඤං තේරෙනවා බොල. ලංකාව කියවගන්න පුළුවං එක එක සිද්ධි ගණනාවක් පහුගිය දවස්වල ඉඳං මේ වෙනකංම ජහමනයා වගේම මහජරා ගෙ එවුනුත් කොරමින් ඉන්නෙ. කේස් එක බරපතළ වෙන කොට මහජරා කොරන්නෙ ෂේප් එකේ බැටළු හම පොරව ගන්න එක. එතකොට මහජරා ගෙ රෙද්ද අස්සට කැළණියයි ගම්පහයි හම්බන්තොටයි යාපනෙයි අරකයි මේකයි ලබ්බයි අරූයි මූයි මුළු දිස්තිරික්ක සේරොමයි රිංග ගන්නවා. වැරැද්දකුත් නෑ ඉතිං මහජරාගෙ රෙද්ද පල්ලෙන් ලංකාව බේරෙනවනේ.

අපේ රටේ මිනිස්සු මාරයි අප්පා. ඉඹගෙන ඉඹගෙන ඉඹගෙන යන්න තරං හිතෙන සුන්දර කාලකන්නි අවංකයො අයියො. එක එක තැන්වල කෑවත් බොක්ක එකයි. සීයට සීයක් ම ලාංකිකයි. කටුනායක සිද්ධියෙදි අපේ එවුං අණ්ඩුවට විරුද්ධ වුණා. මාර යක්කු ටිකක් වගේනේ හැසිරුණේ. අපිව ත් නිකං හතරවෙනි ගියර් එකට දැම්මා වගේ ඇදිල ගියේ. කාරණේ හරිම සරලයි අයියො. මේ රටේ ඔයිට කලිං කොච්චර මිනිස්සුන්ට ආණ්ඩු කෙළියද....? එන එන පරයො කරන්නෙ අපිට කෙළින එකනේ. පව් ඕකුන්ගෙ ගෙවල්වල ගෑනු. අපේ එවුංට ආණ්ඩුවට විරුද්ධ වෙන්න හිතෙන්නෙ තමංගෙ මස් රාත්තල නැති වෙන කොට තමා. එතකොට තමා පුකට කෝට්ටකිං ඇන්නා වගේ හරක් ටික ෆයර් වෙලා යන්නේ. ඔන්න තත්ත්වය. සිද්ධිය වෙලා කාලයක් ගියත් කටුනායක සිද්ධිය හරියට කියව ගත්තම අපිට මේ පොළව අහුවෙනවා. අර්ථසාධකය ආණ්ඩුවට ගන්න හදද්දී අපිට රිදෙන ඇ‍ඬෙන කාරණය මේ රටේ වෙන දේවල් සිද්ධ වෙද්දි නො වෙන එක තමයි කණගාටුව. රොෂේන් චානක අපිට කියල දීල ගියේ ඔන්න ඕක. අපේ උන් තමං නිරුපද්‍රිතව නං අනිත් එකාට කෙළ වුණත් කමක් නැති න්‍යායක ජීවත් වෙන උං ටිකක් අයියො. ඛේදවාචකය ඌටත් කෙළවෙන දවස අත ළඟ ම එන බව ඌ නො දන්නා එකය.

ඉකුත් දිනයකදී මුළු රටම බලා ඉද්දී පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් දමා මහජරා ලස්සනට අධෝරමණයේ හැසිරුණි. දෙදෙණ නැමූ බොහෝ පිරිස් තවමත් ඉන්නේ ඒ සෙයියාවෙන්ම ය. ලංකාව කියන්නෙ කොළඹ කියල පෙන්නුවට ලංකාව කියන්නෙ මාතර ගාල්ල හම්බන්තොට බයි හැතිකරය කියන එකත් ඉගැන්නුවේ මහ ජරා තමා ය. මොකද මිනිහව ජනාධිපති කොළෙත් ඕකුන්ම ය. අද නියමෙට නියම ය. මහ ජරා ලස්සනට ඔවුන්ට කෙළියේය. භූමිතෙල් බරපතළ ගාණකිං උඩ ඇරියේය. ඒත් මහ ජරා එවුන්ට නං හොඳම හොඳ ය. අනේ සාධු සාදු සාදු... ! අපිට මොකය. තේරෙයි කල්යයි කළ්‍යානි රටයයි කියන්නේ ඕකට ය. උන්ට මොක වුණත් කිසි ගානක් නම් නැත්තේය. ඉදිරියෙන් මහා රශ්මි ජාලා නංවන හයි වේ ය. පිටු පසින් මහා ප්‍රතාපවත් පාළං බෝක්කු ය. ඉදිරියෙන් ගල් පරුවත කුඩු කොරපු නැව් නො එනා වරාය ය. පිටු පසින් මහා කිරිඩා තරග පවත්වන පිට්ටනිය. ඇතුළතින් හැමෝටම හුප්පේ ය. තෙල් මිල අඩු කරන උද්ඝෝෂණයේදී ඇන්ටනීව වෙඩි තබා ඝාතනය කළේය. ඒත් අපිට වෙසක් ය. අපි පිළිවෙතින් සැරසී බුදුන් වඳින ඇල් වතුරත් නිවල බොන අවංක කාලකන්නින් ය.

උද්ඝෝෂණයට වෙඩි තැබීමට නියෝගය දුන්නේ කවුරුන්ද? රටම දන්න පරිදි ගෝඨයිම්බර උත්තමයා ය. ඒත් අන්තිමට උද්ඝෝෂණකරුවන්ම ඔවුනොවුන් වෙඩි තබා ගැනීමෙන් ඇන්ටනී පරලොව ගියේය. තෙල් මිල එසේමය. එසේමය. එසේමය. ඒත් කොහොම හරි පිරිමහ ගන්නවා යැයි අපි කියන්නේය.

ඉන් අනතුරුව ලයිට් බිලට ද කෙළියේය. තව තවත් සුන්දර ජීවිතයක් දැං අපිට උරුම වී ඇත්තේය. එතනින් ඉවර නැත. දැං "හෙට වෙනුවෙන් අද" ව්‍යාපෘතිය ඇරඹී ඇත. ලයිට් බිල අඩු කරගෙන මාසයක් නොමිලේ විදුලිය පරිභෝජනය කරන්නට අපේ අය මාර ගේමක ය. ඔ‍ෆිස්වල, බස්වල, කෝච්චිවල, වාහනවල, ප්ලේන්වල, කඩවල, පාරවල්වල, පාළංවල, බෝක්කු උඩ ලබන මාසෙ නිකං දෙන විදුලියට කෙළ පෙරා ගෙන කතාව ය. නොද්දකිං කාලකන්නි ය. නිකං දෙනවා කිව්වොත් හැම රෙද්දක්ම අත් හැරලා ඒක ගන්න පොරකන පණුවො ය. ආණ්ඩුවේ බෝලයට අපේ ජහමනයා නෝට් එකට දැවී ගියේ හරියට මසිත් ලාලිංගගෙ යෝකර් බෝලයකට හසුවුණා වාගේ ය. ඇත්ත අමතක වී ගියේය. ලයිට් බිල වැඩි කරපු බව අපිට අමතක වුණේය. ඇයි අපි නොමිලේ දෙන එක ගන්න කෙළ හලන ජාතියක් බව උං දන්නා නිසා ය. සුදු වෑන් රෙදි ගලවා ගෙන නැටුවේ මේ අතරේය. ගෝඨයිම්බර උත්තමයගෙත් රෙදි ගැලවුණේය. ඒත් උංට ඇඳගන්න යන්නේ ටික වෙලාවක් පමණි. රටේ උංගෙං කාලක්වත් හෙළුව දැක්කේ නැත. හෙළුව වහපු අයි ටී එන් හැත්ත පුදුම වොෂින් මැෂින් එකකි. ජාතියේ මහා ලොන්ඩරිය යි. කාලකන්නි කමට අපේ එවුං බලන්නෙත් ඔය ලබ්බම නිසාවෙං ගෝඨයිම්බරයට තවත් සුතුටු ය. රුවන්වැලි මහා සෑය ළඟින් ඒ දවස්වල ඉක්කා ශබ්දයක් ඇසුණේය. බලං යද්දි ඒ දුටු ගැමුණු මහරජතුමාගේ ය.

ඕස්ට්‍රේලියාවට භය ය. අපිට පල් පාට් එක ය. හූ හූ ආණ්ඩුවට ඒ වෙලාවෙ නං කෙළවීය. අන්තිමට නම් ගම් පැටලී දිව උලුක් වී ගියේය. කලින් කුමාර් ගුණරත්නම් කියා කෙනෙක් ගෝඨයිම්බර උත්තමයා දන්නේවත් නැති ය. එයා දන්නේ නොයෙල් මුදලිගේ කියා කෙනෙක් ය. එක කෝල් එකට ගෝඨයිම්භර උත්තමයට චූ පොඩ්ඩක් ගියේය. එයා ඕස්ට්‍රේලියාවට කීවේ නොයෙල් මුදලිගේ කෙනෙක් නෑ කුමාර් ගුණරත්නම් කියල කෙනෙක් ඉන්නවා කියාය. දිව කට වේලී වතුර ටිකක් බීපු ගෝඨයිම්භර උත්තමයට අන්තිමට කරන්න සිද්ධවුණේ පැහැරගෙන ගිය මොවුන්ව නිදහස් කරීමය. ඒත් තිබුණ ප්ලෑන් එක නම් වෙනස්ම එකකි. හොඳ වෙලාවට ඕස්ට්‍රේලියාවට පිං සිද්ධ වෙන්න දෙන්නාම බේරී ආවේය. ඒත් දිමුතු සම්මුඛ සාකචඡාවේදී බොරු බේගලයක් ඇදබෑවා ය. ඒ මේ බූරු මොළේටත් මට වැටහිණ. දැං ඒ ප්‍රශ්නෙ ඉවරය. ඒත් විශාල ප්‍රශ්නයක් අප හමුවට පැමිණ ඇත. සුදු වෑන් කාගේද? සුදු වෑන්වලින් කරන්නේ කුමක්ද? සුදු වෑන්වල පැහැර ගැනීමේ අරමුණු කුමක්ද? මෙතෙක් සුදු වෑන්වලින් පැහැර ගත් අය නැවත ආවාද? එසේ නො ආවේ නම් ඒ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද? මුළු රටම දැන් මුං ගේ හෙළුව දන්නේය. ඒත් තවත් සුදු වෑන් එකක් එයිද දන්නේද නැති නිසා මුඛවාඩම් ය.

ළඟදි මුළු රටම කිරියෙන් උතුරා ගියේය. දේශපාලකයින්ට හරිම සතුටු ය. කර කියා ගන්න බැරි වූ කිරි ගොවියා කිරි හැලුවේය. දැන් ප්‍රශ්නය කිරි හොඳ මිලකට විකුණ ගන්න බැරි වීම නොවේය. කිරි හැලීමය. මුංගෙ අම්මගෙ ඇමතිවරුය මුං. සෞඛ්‍ය ඇමති කියන්නේ ලෙඩ වෙන්න එපා කියාය. විදුලි බල ඇමති කියන්නේ විදුලිය පාවිච්චි කරන්න එපා කියාය. අධ්‍යාපන ඇමති කියන්නේ ඉගෙන ගන්න එපා කියාය. මෙව්ව කියන්න නං මුං මොකටද කියා මගේ බූරු මොළේට හිතෙන්නේය. දැන් තවත් ජීවිත පුදුම ආනන්දයකින් බැබළෙන්නේය. කිරිපිටි, ගෑස් මිල නැග්ගේය. වාද පිටිය, රතු ඉර හරි ෂෝක් ය. උම්මා.. උම්මා... උම්මා... කිස් ගොඩක් දෙන්න හිතෙන්නේය. කිරි පිටි මිල නැග්ගුවේ දේශීය කිරි ගොවියා රකින්නටය. මෙලමයින් නැති කිරි ජනතාවට බෙදන්නට ය. අන්තිමේට මට කියන්නට ඇත්තේ කොහොමත් මුගෙ කටේ කිරි කියා ය. ඊයේ පද්ධික බුතිරණ, ගුදය උම්මම්පිල හරි හුරතල්ය. රත්තරංවාහිනිය ට රිදී ඉරක් පෑයුවා වැනි ය. පද්ධික මාර ආතල් එකක් අපිට දුන්නේය. එයාගෙ දුරකථන අංකය අපිට දී කීවේ ඕනෑම ප්‍රශ්නයක් එයාට කියන්න කියාය. ඔයාලත් ඔන්න එයාට කියන්න ඕන දෙයක්. එයා කොටට හිටියට හරි හපනාය. දවසක මිදි කනවාමය. එයාගෙ අංකය 0777 306922. එයා ලූලා බෝඩ් එකේ ඉනිමග සාක්කුවේ තියාගෙන වගේය. රනිල්ට පස්සෙ සජිත් ළඟින් හිටගන්න ආසයි එයාට. ඉතිං ඔයත් ආසද.. ? එයාට. ගුදය උම්මම්පිල ගැන යමක් කිව යුතුමය. බූරුවෙක් උනත් මටත් ඉස්සර හිටිය නොවැ විස්ස විජ්ජාලෙ යාළුවො. ඔන්න දවසක අපේ එවුං දේසොනයක් තිබ්බ ආදරය හා සම්බන්ධ මාතෘකාවක් දේශපාලනිකව කියවන්න. ඒකට සහභාගි වෙච්චො කෙනෙක් තමාය මේ ගුදය. එයා අපෙන් තමාය ඇවිත් ඇහුවෙ මොනාද කියන්න ඕන කියා. එයා නිදියගෙන ඉද්දි ඉස්සර තිබ්බ හෙළ කරුමයෙ හිටිය නායක උත්තමයෙක් තමා දුරකථනයෙන් බැනුම් පොජ්ජක් මන්දො කරල එවල තිබ්බෙ. ඒත් දැං නං මෙයා මාර නීති දන්න කෙනෙක් ය. මෙයා පොඩි ලකුණක් ද ඊයේ රත්තරං ටිකට දා ගත්තේය. මෙච්චර වැරදි කරන ආණ්ඩුවක් ඇයි ඔයාලා පත් කර ගත්තේ කියා මානුෂික මුහුණුවරක් දුන්නේය. ඉතිං රෑ 12 වෙද්දි හරි ෂෝක් ය. අපිට හරි සතුටුය. ‍මේ දේශපාලකයෝ දෙන්නා මාර හොඳය. මට අධෝ වාතයකින් මේගොල්ලන්ගෙ මූණවල්වලට පුයර දැමීමට සිතුණාය. අන්තිමේදී මෙයාලා මුට්ටිය බින්දේත් නැතිය. එළුවා මැරුවෙත් නැතිය. ඒත් විරුද්ධ පක්ෂවල සේරොම එවුන් හිතන්නේ බළලා මැටියෙන් හරි ඤාව් කියනවා කියාය.

-බූරුවන්ගේ දේශයේ සිට....
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
බූරුවාගෙන් තවත් වියමන්
කරන්ට්ස්
හැට අටක් කියන්නෙත් වයසක්ද? [බූරු කවි]
අදහස්
බූරුවාගේ කොලම | දයාබර රිසානා.....,
කෙටියෙන්
කඩු ගිලපං රට කරපං බොරු කියපං පුතේ
අදහස්
මුං ඉතිහාසෙත් වෙනස් කරනව ඕයි......!
කට කොකියනවට
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ඊ.ඩබ්. අදිකාරම් ලියයි- "පරමාර්ථය සහ මාර්ගය"
දම්වැලක එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධව පවත්නාක් මෙන්ම පරමාර්ථයක් දෙසට යන ගමනක සෑම පියවරක්ම ඊළඟ පියවරට සම්බන්ධව පවතියි. පරමාර්ථය යනු මාර්ගය නැමති දම්වැලේ අවසාන පුරුකය.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook