Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
පෙන්ග්වින් දිවයින
බූන්දි, 03:29:23
''පයිරොට් අහිංසක නිසා පයිරොට්ට ආධාර කරන්නය කියා ෆීනික්ස් අපෙන් ඉල්ලනව. ඒක හරි ම නරක හේතුවක් ලෙසයි මට නම් පෙනෙන්නෙ. ඔහු අහිංසක නම් ඒකෙ තේරුම එයා නියම සොල්දාදුවෙක් විදිහට හැසිරිලා තියෙන වගයි. එයා එයාගෙ වෘත්තියෙදි හැම තිස්සෙම හෘද සාක්ෂියට එකඟ ව කටයුතු කරල තියන එකයි. ඔහුගෙ ආරක්ෂාව වෙනුවෙන් ජනතාව හැම අවදානමකට ම මුහුණ පාන්න සැලැස්වීමට ඒක කොහෙත් ම හේතුවක් නොවෙයි. මම පයිරොට්ගෙ පැත්ත ගන්නෙ, එයා වැරදිකරු බවත්, හමුදාවට අයත් පිදුරු හොරකම් කළ බවත් ඔප්පු කරල පෙන්නුවොත් විතරයි.''

''........සමාජ යුක්තිය කියන්නෙ විප්ලවවාදී යුක්තිය නෙවෙයි. ඒ දෙක සදාතනිකව විරුද්ධවාදීත්වයක පවතින දේවල්. එකකට සේවය කරනවා කියන්නේ අනිකට විරුද්ද වීමයි. මා ගැන කියනව නම්, මම මගෙ තේරීම කරලයි තියෙන්නෙ. මම සමාජ යුක්තියට එරෙහිව විප්ලවීය යුක්තියට පක්ෂයි........''

''........සමහර විට හිතනවා ඇති ප්‍රචණ්ඩත්වය පරණ තාලෙ යල් පැනපු දෙයක් ය කියල. අශ්ව කෝච්චියත් සමගම, අතින් කරකවන මුද්‍රණ යන්ත්‍රයක් සමගම, ගුවන් විදුලි පණිවුඩ ක්‍රමයක් සමගම කසල ගොඩට ඉවත දැමිය යුතු දෙයක් ය කියල හිතනවා ඇති. ඔබට වැරදිලා. ඊයෙ වගේම අදත්, මොනයම්ම දෙයක්වත් ප්‍රචණ්ඩත්වය මගින් හැර ලබා ගෙන නැහැ. එකම කාර්ය සාධක උපකරණය එයයි. අවශ්‍ය එකම දෙය, ඒක පාවිච්චි කරන්නෙ කොහොමද කියලා දැන ගැනීමයි. අපේ කාර්යය මොකක් වේවිද කියා ඔබ අහනවා. මම ඔබලට කියන්නම්, ඒක තමා පාලක පංතිය එකාට එකා විරුද්ධව හප්පන එක. ධනේශ්වර පංතිය සමග හමුදාවත්, අධිකරණය සමග ආණ්ඩුවත්, යුදෙව්වන් සමග රදළයන් හා පූජකයනුත් හප්පන එකයි. පුළුවන් නම් උන් එකිනෙකා මරාගන්න තත්වයකට උන් සියලූ දෙනා ම තල්ලූ කර දාන්න ඕන. මේක කරන්න නම්, උණ රෝගයක් ලෙඩෙක් ව කම්බස් කරලා දාන විදිහට ම, ආණ්ඩුව දුර්වල කරන්න උද්ඝෝෂණයක් ගෙනියන්න ඕන.....''
-පෙන්ග්වින් දිවයින

පෙන්ග්වින් දිවයින ඇනටෝල් ෆ්‍රාන්ස්ගේ ප්‍රබන්ධයකි. එය මනඃකල්පිත ප්‍රජාවක් වූ පෙන්ග්විනයන්ගේ ඉතිහාසය ගෙන හැර පායි. ඒ ව්‍යාජ-කල්පිත ඉතිහාසයකි. එහෙත් ඒ කාගේ කතාවදැයි පාඨකයා නිරායාසයෙන් ග්‍රහණය කරගනියි. ෆ්‍රාන්ස් සිය රචනා ශෛලිය හරහා නිරන්තරයෙන් අභ්‍යාස කළ උපහාසයේ කූට ප්‍රාප්තිය පෙන්ග්වින් දිවයිනයි. මැක්සිම් ගෝර්කි, ෆ්‍රාන්ස් හඳුන්වන්නේ චින්තනය පිළිබඳ පාලකයෙකු ලෙසයි. ''ඔහු එම චින්තනය බිහි කළේය. හදා වැඩුවේය. වචනයන්ගෙන් ලොව හමුවට ගෙනාවේය. ඒවා කළේ ජෝතිමත්ව සහ ජීවමානවය. උපහාසාත්මකව සිනාසෙමිනි. එනමුදු ද්වේශයෙන් තොරවය! '' ගෝර්කි කියයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Penguin Island by Anatole France, Maxim Gorky, France Literature, Fictions
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Guest මෙහෙම කියනවා :
These are the words from the lunatic fringe who still dream about a world revolution.

කිවුව වෙලාව- 2010-07-29 09:26:53
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook