Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
රිචඩ්ගෙන් පසු තවත් බොහෝ රිචඩ්ලා මිය ගියහ.
බූන්දි, 23:57:18
1990 පෙබරවාරි 18 වෙනිදා කොළඹ වැලිකඩවත්ත නිවසේ දී පැහැරගෙන යනු ලැබූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ වධ බන්ධනයන්ට ලක් වූ ප්‍රාණය නිරුද්ධ සිරුර පසු දා කොරළවැල්ලේ මුහුදු වෙරළ තීරයට ගොඩ ගසා තිබුණේය. මිය යන විට ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සියක් වූ ඉන්ටර් ප්‍රෙස් සර්විස්හි කොළඹ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ රිචඩ්, මිය යාමට සතියකට පෙර පෘතුගාලයේ ලිස්බන් නුවර ඉන්ටර් ප්‍රෙස් සර්විස් ප්‍රධානියා වශයෙන් නම් කරනු ලැබ තිබුණි‍.

රිචඩ් පැහැර‍ගෙන යාමට හා ඝාතනයට චෝදනා ලැබ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ 1993 මැයි පළමුවැනිදා කොළඹ ආමර් වීදියේ දී පුපුරා ගිය බෝම්බයකට හසුව මිය ගියේය. රිචඩ්ට හා එසේ මියගිය දහස් සංඛ්‍යාත තරුණ- තරුණියන්ට යුක්තිය ඉටු කරගනු පිණිස අනූව දශකයේ ආරම්භයේ දී පිහිටුවන ලද මව් පෙරමුණට නායකත්වය සපයමින් වෙහෙස නොබලා කටයුතු කළ රිචඩ්ගේ මව, වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු මහත්මිය, කලක් ඔත්පලව හිඳ 2001 පෙබරවාරි 14 වෙනිදා කොළඹ මැකාති රෝහලේ හුදකලාවේම මිය ගියාය. කොරළවැල්ලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ රිචඩ්ගේ මළ සිරුර හඳුනාගැනීම සඳහා ගිය රිචඩ්ගේ සමීප මාධ්‍ය සගයෙකු වූ ධර්මරත්නම් සිවරාම් [තරාකි] 2005 අප්‍රේල් 28 වෙනිදා රාත්‍රියේ කොළඹ බම්බලපිටියේදී පැහැරගැනීමට ලක් විය. රිචඩ් මෙන්ම, වධ දී වෙඩි තබා ඝාතනය කළ සිවරාම්ගේ සිරුර පසුදා කොළඹ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ තිබී හමුවිණ. සිවරාම්ගේ මරණයෙන් හය මාසයක් ගෙවුණු තැන, 2005 නොවැම්බර් 09 වෙනිදා, රිචඩ් පැහැරගෙන යාමේ සිදුවීමට චෝදනා මත නඩු පවරනු ලැබ සිටි සෙසු සැකකාර පොලිස් නිළධාරීන් තිදෙනාම කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

රිචඩ් ද සොයිසාගේ මරණයෙන් 22 වසරක් ගෙවී ගිය ඉකුත් ඉකුත් පෙබරවාරි 18 වෙනිදා කොළඹ 07 පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී රිචච් සමරු රැස්වීමක් සංවිධානය කොට තිබූ අතර එම හමුව සංවිධානය කොට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වූ ජන අරගල කණ්ඩායම විසින් පළ කරනු ලබන "ජනරළ" පුවත්පත සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය ව්‍යාපාරය විසිනි. පහතින් පළවන ලිපිය, රිචඩ් ද සොයිසා සමරු රැස්වීම අමතා රිචඩ්ගේ මිතුරෙකු මෙන්ම ප්‍රවීණ ලේඛකයෙකු හා මාධ්‍යවේදියෙකු වන ගාමිණී වියන්ගොඩ විසින් පවත්වන ලද දේශනය ඇසුරෙන් සංක්ෂිප්තව සකසා ගන්නා ලද්දකි.

******

"රිචඩ්ව මරපු එකට හේතුව විදිහට ප‍්‍රචලිත මතය තමයි, ඔහු 87-89 කාලයේ ජවිපෙට සම්බන්ධවෙලා හිටියා කියන එක. මම ඒ මතය පිළිගන්නෙ නැහැ. මට මේ අදහස පිළිගන්නට බැරි පෞද්ගලික කාරණයක් තියෙනවා. රිචඩ් ද සොයිසා මැරෙන්න පෙර මාසයක් ඇතුළත වගේ කාලයක මාව මුණගැසෙන්න ආවා.

එවකට විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න, ඉතාමත් ම වේගයෙන් දේශපේ‍්‍රමයට ලංවෙමින් සිටින තරුණයන් දහ පහලොස් දෙනෙක් ඉන්නවා. ඒ අයට දේශපේ‍්‍රමය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් මොනවද කියලා කියන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මේ දේශපේ‍්‍රමය ඇතිවුණාම කොහොමද ඒක ඉවර වෙන්නෙ කියලා ලෝක අත්දැකීමෙන් විස්තර කරන්න කියලා මට කිව්වා. ඒ දවස්වල තත්වය හරි භයානකයි. හැම තැනම මරනවා. මම මේ තරුණයන්ට රිචඩ්ගෙ ගෙදරකදි කතා කළා. මම දේශපේ‍්‍රමයේ තියෙන විනාශය පිළිබඳව තරුණයන්ට පහදලා දුන්නා. ඊට සුමාන දෙක තුනකට පස්සෙ රිචඩ්ව ඝාතනය වෙනවා. ඉතින් රිචඩ් දේශපේ‍්‍රමය අගය කරපු ජවිපෙ දේශපාලනයේ කි‍්‍රයාකාරී සාමාජිකයෙක් වුණා කියන එක මම කෙහොමද පිළිගන්නෙ?

ඔහුගෙ ඝාතනය සිදුවීමට වඩාත් ආසන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි, රිචඩ් විසින් ඒ දවස්වල සිදුවෙමින් පැවති මහා ඝාතනයන් සම්බන්ධයෙන් ලෝකයේ ප‍්‍රධාන මාධ්‍යවලට තොරතුරු සැපයීම තමාගේ වගකීමක් ලෙස සැලකුවා. ලංකාවේ පුවත් පත් සහ අනෙකුත් ජනමාධ්‍ය ඒවා වාර්තා නොකරන අවස්ථාවේ මේවා ලෝකයට දන්වන එක තමන්ගෙ වගකීමක් කියලා රිචඩ් හිතුවා. ඒ නිසා ඔහු ඒ වන විට වැඩකරපු මාධ්‍ය ජාලය හරහා රජය විසින් සිදු කරන මහා ඝාතනයන් පිළිබඳව තොරතුරු සැපයුවා. අනෙක් කාරණය තමයි, රිචඩ්ගෙ හොඳම යාළුවො ජවිපෙ කි‍්‍රයාකාරී සාමාජිකයො ලෙස හිටියා. ඒ වගේම පෑගෙන ජනයා ගැන ඔහුට විශාල ආදරයක් තිබුණා. ඒ නිසා ඔහු දේශපේ‍්‍රමය ප‍්‍රතික්ෂේප කළත්, පෑගෙන ජනයා පිළිබඳ කතා කරපු ඒ තරුණයන් දෙස බැලූවෙ ඉතාමත් සානුකම්පිතව. ඉතින් මේ තත්ත්වය හරහා, ඔහු ජේවීපී සාමාජිකයෙක් කියලා එවකට හිටපු ආණ්ඩුව වැරදි අර්ථකථනයකට ගිහිල්ලා ආපු නිගමනයකින් ඔහු ඝාතනය වුණා කියන එකයි මගේ විශ්වාසය.

මගේ ජීවිතයේ දී මට හමුවෙලා තියෙන සුන්දර ම මිනිහා විදිහට තමයි මම රිචඩ් ද සොයිසාව දකින්නෙ. වාමාංශික දේශපාලනය පිළිබඳව, මාක්ස්වාදී සාහිත්‍යය පිළිබඳව, තරුණ ප‍්‍රශ්න පිළිබඳව ඔහුගෙ විශාල පිපාසයක් තිබුණා. ඔහුගෙ පන්ති මූලයන්ගෙන් බැලුවහම ඒ පන්තියක තරුණයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි විදිහෙ චරිත ලක්ෂණ රිචඩ්ට තිබුණා.

රිචඩ්ගෙන් පස්සෙ වර්තමාන කලෙට එනකොට අපිට රිචඩ්ලා ගොඩක් හම්බ වෙනවා. උස්සගෙන යන අය, මහ දහවල් ඝාතනය කරන අය, උස්සගෙන ගිහිල්ලා පහුවදාට මිනිය හම්බවෙන අය වගේ රිචඩ්ලා බොහොමයක් හම්බවෙනවා. මේක අද නිතිපතා සිදුවන දෙයක් බවට පත්වෙලා.

මේක ආණ්ඩුවෙ විතරක් වැරැද්දක් ලෙස අපිට දකින්න බැහැ. මේ විදිහෙ වැරදි සම්බන්ධයෙන්, අපි හරි ලේසියෙන් ම පාලකයන්ගෙ පැත්තට ඇඟිල්ල දික් කරනවා. පාලකයො වගේම මේවට වගකිව යුතු දේශපාලන ව්‍යාපාර තියෙනවා කියලා මම හිතනවා. දේශපේ‍්‍රමය පදනම් වන සෑම දේශපාලන ව්‍යාපාරයක් ම මේකට වගකිව යුතුයි. මේ තත්වයන් ඒකෙ ප‍්‍රතිඵලයක් විදිහට ආපු දෙයක් කියලයි මම විශ්වාස කරන්නෙ.

දැන් අප අද දකින කොට මේ ජනරළ කණ්ඩායමේ සහෝදරවරුන්ට එල්ල වෙන ප‍්‍රශ්න, ආණ්ඩුව මොවුන් කැරලිකාරීන්, මොවුන් මේ මේ දේවල් කරලා තියෙන, ඉදිරියේදී මේ මේ දෙවල් කරනවා කියලා කියනකොට අපේ මකයට එන්නෙ නැද්ද මේ විදිහේ දේවල් අපි මීට ඉස්සෙල්ලාත් අනන්තවත් අහලා තියෙනවා කියලා? අපි දන්නවා සිවරාම් සහ තිස්සනායගම් සම්බන්ධ සිද්ධිවලදී ඒ ගැන කිව්ව දේවල්. මේ උපුටා ගැනීම 2008 "ලංකා" පත්තරෙන්.


රිචඩ්- යුගාන්තයේ


"....මේ අතර කොටි සංවිධානය කරන අපරාධ සාධාරණීයකරණය කරමින් මාධ්‍ය මෙහෙයවන කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (08), රාති‍්‍රයේ කොටහේන ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකය සමත් විය. යාපනයේ පදිංචි එන්. එස්. තිස්සනායගම් කොළඹට පැමිණ කිරුළපණ ප‍්‍රදේශයේ නවාතැන් ගෙන ඇත. ඔහු "සන්ඩේ ටයිම්ස්" පත‍්‍රයේ "ටෙලස්කෝප්" (දුර දක්නය) නමැති තීරු ලිපියේ රචකයා ලෙස කටයුතු කර තිබේ. ඒ සමග තවත් සිව් දෙනෙකු අත් අඩංගුවට පත් වී ඇති අතර එහි කාන්තාවක් ද සිටියි. මෙම කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ බී. ජසීකරන් ය. ඔහු මඩකලපුවේ පදිංචිකරුවෙකි. පසුව 2001 දී කොළඹ පදිංචිව තිබේ. ඔහුගේ බිරිය වන වලර්මතී ද මේ අතර වේ. ඔහු විසින්, මඩකලපුවට බෙදා හරින "තිනකදිර්" හා "නෝර්ත් ඊස්ටන් මන්ත්ලි" යන සඟරාද ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ කොටි සංවිධානය සිදු කරනු ලබන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සාධාරණීකරණය සඳහා ය. ඒ අතර "සිරිතිනර්" (මෙහි නිවැරදි නම "සරිනිහර්" ය) ප‍්‍රධාන කර්තෘ එස්. සිවකුමාර් ද වේ. මොහු නිදහස් ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙසද කටයුතු කරයි. ඊට අමතරව කැමරාකරුවෙකු වන එස්. රංග, වීඩියෝ කැමරාකරුවෙකු වන කේ. විජේසිංහ ද මේ අතර වෙති. ඔවුන්ගෙන් තිදෙනෙකුට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ හැඳුනුම්පත් ඇති බව ත‍්‍රස්ත විමර්ශන අංශය පවසයිග ජසීකරන් පූර්ණ කාලීනව කොටි සංවිධානයට එක් වී වසර 14ක් කටයුතු කොට ඇති බව ත‍්‍රස්ත විමර්ශන අංශය පවසයි. කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි කරුණා අම්මාන් කොටි සංවිධානයේ සිටි කාලයේදී ජසීකරන්ද කටයුතු ඇත්තේ දෙවෙනි පෙළ නායකයෙකු ලෙසිනි. ඔහු කොළඹට පැමිණි පසු කොටි සංවිධානයෙන් ලැබුණු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකින් මුද්‍රණාලයක් මිලට ගෙන කොටින්ගේ පුවත්පත් ව්‍යාපාරය ආරම්භ කර ඇත. එය කොටහේන ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර "කොලිටි ප්‍රෙස්" ලෙස නම් කර තිබිණ. ජසීකරන් කොටි සංවිධානයේ සිටි කාලයේ ආරක්ෂක රළ පෙළවල් තුනකට බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇති බව ඔහු විසින් පිළිගෙන ඇත. කොටි සංවිධානය සිදු කරන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මෙම කණ්ඩායම විසින් සාධාරණීකරණය කරමින් අන්තර්ජාලය හරහා වෙබ් අඩවියක් ද සකස් කරගෙන ප‍්‍රවෘත්ති පළ කර තිබේ. Outreachsl.com යන එම වෙබ් අඩවිය මගින් කොටි හිතවාදී පුවත් පළකර ඇත..."

දැන් මේ ලිපිය 2008 මාර්තු 16 වෙනිදා ලංකා පත්තරේ ආරක්ෂක තීරුවේ වන්නි සටහන කියන 10 වෙනි පිටුවෙ තමයි පළ වෙලා තියෙන්නේ.

දැන් අපි අද දිනමිණ පත්තරය අරගෙන බැලුවොත් අද තියෙන සිද්ධියක් සම්බන්ධයෙන් අද දිණමිණ පත්තරේ කියන එකයි එදා ලංකා පත්තරේ කියපු මේ කාරණයයි අතරේ වෙනසක් අපිට දකින්නට පුළුවන් ද? දැන් මේ විදියේ දේවල් කිහිපයක් තියෙනවා. ඊට පස්සේ මාර්තු 23 වෙනිදා ලංකා පත්තරේ නැවත මේ විදියටම ලියලා තියෙනවා.

2005 අප්‍රේල් මාසයේ ධර්මරත්නම් සිවරාම් පැහැරගෙන ගිහින් ඝාතනය කළාම "ලංකා" පත්තරේ ලියනවා සිවරාම් හෙවත් තරාකී එදා බම්බලපිටියට එන්න හිටියෙ රෝහිත භාෂණව මුණගැහෙන්න, කොළඹදී කළ යුතු බෝම්බ ප‍්‍රහාරවල් කිහිපයක් පිළිබඳව පෙර සාකච්ඡා කරන්න කියලා.





දැන් මේ විදිහට අපි දකුණ වම ප‍්‍රභේදයකින් තොරව මේ යුද්ධය ඇතුළෙ කටයුතු කරලා තියෙනවා. මේ දේශපේ‍්‍රමය වෙනුවෙන් අපි අපිට හැකි පමණින් සම්මාදම් වෙලා තියෙනවා. ඒ සම්මාදමේ ප‍්‍රතිඵල අද අපි බුක්ති විඳිනවා. මට මේ සහෝදරවරු ගැන තියෙන ලොකු ම වේදනාව තමයි මොවුන් සම්බන්ධව අද පාලකයන් කතා කරන විදිය. මේක තමයි ඉතිහාසයේ ස්වභාවය. මොවුන් පිළිබඳ මගේ ගරුත්වය තියෙන්නේ මොවුන් අද එතන නැතුව එතනින් එහාට මේවා නිවැරදි කර ගන්න අරගලයක නිරතව සිටීම නිසයි. එය ප‍්‍රශංසා කටයුතුයි. හැබැයි ඒක ප‍්‍රශංසා කටයුතු වන්නට නම් ආපසු හැරී බැලීමේ ශක්තියක් මේ සෑම කෙනෙකුට ම තිබිය යුතුයි. කළ වැරදි පිළිගන්නට ලැජ්ජාවෙන්න ඕනෙ නෑ. ඒක ආඩම්බරයක් විදියට සලකන්න ඕන. අපි කළ වැරදි පිළිගැනීම අපිට ආඩම්බරයක් කියලා කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕනෙ. මාක්ස්වාදී පන්නරය කියන්නෙ ඒකයි. මාක්ස්ගෙ අතින් වෙච්ච වැරදි මාක්ස් පිළිගෙන තියෙනවා. ලෙනින් අනන්තවත් පිළිගෙන තියෙනවා තමන්ගේ අතින් වෙච්ච වැරදි. විශේෂයෙන් ම ස්ටැලින් විසින් ජෝර්ජියාවේ සිදුකළ බරපතල අපරාධයන්ට විරුද්ධව ඒකට අවශ්‍ය අවස්ථාවේදී මැදිහත් නොවී සිටීම තමන්ගේ වරදක් කියලා ලෙනින් තමන්ගේ අවසන් තෙස්තමේන්තුවේ ලියලා තියෙනවා. මාක්ස්වාදියාට කළ වැරදි පිළිගැනීම ප‍්‍රශ්නයක් නොවෙයි. ඒක ප‍්‍රශ්නයක් වෙන්නේ, හැමදාමත් වසැන්ගිය යුතු කාරණයක් වෙන්නේ ප‍්‍රතිගාමී ධනේෂ්වර දේශපාලනයේ නියැලෙන කෙනෙකුට විතරයි.

අද මේ රිචඩ් සැමරුම් උළෙලේ මේ ජුලියස් පුචික්ගේ පොත එළි දැක්වෙන මොහොතේ මම ආඩම්බරයට පත් වෙන කාරණය තමයි අද අපිට මේ විදිහට එක ම වේදිකාවේ කතා කරන්න පුළුවන් වීම. මීට අවුරුදු 3 කට කලින් චන්දන සිරිමල්වත්තයි, ගාමිණී වියන්ගොඩයි, ජයගොඩ සහෝදරයයි වේදිකාවක මූණට මූණ බලන් ඉන්න පුළුවන්කමක් නෑ. අපි ඒ තත්වයට අද ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි අපේ වරද බාරගත යුතුයි. එසේ බාර ගැනීමෙන් විතරයි අපිට තව ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. මේ රටේ ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහාත්, මෙච්චරකල් සිංහල පාලකයන් විසින් මේ රටේ සුළු ජාතීන් මර්දනය කරගෙන සිටපු කාලයට තිතක් තැබීම සඳහාත් යම්කිසි සමාජ ගමනක, දේශපාලන ගමනක අපිට යන්න පුළුවන් වෙන්නෙ අපි ආපස්සට හැරී අප දෙසම ස්වයං විවේචනාත්මකව බැලුවොත් විතරයි. එම ශක්තිය මේ සහෝදරවරුන්ට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ යන ගමනේදී ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවන් නැවත නැවතත් එළඹෙන්නට පුළුවන්. ඒ සෑම අවස්ථාවකට ම මුහුණදීමේ ශක්තිය ඔවුන්ට ලැබේවා සහ නැවත රිචඞ් සොයිසා වැනි මිනිස් ඝාතන ඇතිවීම වැළැක්වීම සඳහා අද පටන්වත් අපි එකට එක්වෙමු."

උපුටා ගැනීම- srilankamirror.com වෙබ් අඩවියෙනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Richard Manik de Zoysa (18 March 1958 - 18 February 1990), Sri Lankan journalist, author, human rights activist, actor, Dr. Manorani Saravanamuttu, Gamini Viyangoda, Chandana Sirimalwatte, Jana Aragala Movement, Pubudu Jayagoda, Dharmeratnam Sivaram
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ගාමිණී වියන්ගොඩගෙන් තවත් වියමන්
පොත්
පොල්පොට්ගේ 'මාක්ස්වාදය' සහ කෙමරූජ් භීෂණය
අදහස්
සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම
අදහස්
තණකොල සහ පුන්නක්කු
අදහස්
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
අදහස්
බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසැවීම
තවත් අදහස් බූන්දි
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
BoondiLets
එංගල්ස් කියයි.
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook