Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
සොහෝවුරෙකි උඹත් කදිම
බූන්දි, 17:40:19
සරසවියේ අවන්හලක
මුළුතැන්ගෙහි කොනක නිසල
දල්වන නිති දුම්වැටියක
හිමිකරුවෙකි ඔබද එකල

බරසාරෙට පද අමුණන
මාක්ස් ලෙනින් ගැන දොඩවන
ගත රුහිරු'ව ගෙනැත් පුදන
සොහෝවුරෙකි උඹත් කදිම

රැඩිකල් සංගම් නායක
පෙළපාලිය මුල හොබවන
උපකුලපති වුවද සැළෙන
වදනනින් පිලිමල් පරදන

වුවන වැසුණ චේ රැවුලට
ගන දෙබැමකි කැපෙන යසට
නැතිබැරි උන් හට අතදෙන
තේ කහටින් කුස පුරවන

සිසු මහ ජන ගඟ හසුරන
රතු තොල් හඬගා ඉල්ලන
ලේ දහදිය කඳුළු හළන
අපේ ගමන නො නවත්වන

කිසිවිට කිසි තැන නො නමන
නුඹේ හිසද සිඳි බව දැන
සරසවියේ මල් සුපිපුණ
අකලට පරවිය උරණව

නුඹ මින් පිටවී යන විට
ගැලවූ රතු කමිස පොඩිය
ගලහ හන්දියේ කණුවක
ඊයෙත් තෙමුණා වැස්සට

ආයෙත් ඒ කමිස පොඩිය
ඇඟ ලා ගන්නට සුරතින
නිස්සෙකු ඒ දැයි බලමින
සරසවියේ කහමල් පෙති
පාර බලන්නා.....
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
TDW මෙහෙම කියනවා :
great bro...

කිවුව වෙලාව- 2012-02-14 03:17:51
UC මෙහෙම කියනවා :
kata kohoma unath matanam niyamai. oya kiyana vidiyata kaviye nimiththa aulda, rasaya kedilada,awasana peliya aulda kiyala mata therenne ne. ath mata eka deyak therenawa damith digatama liuwoth weradi nethi hadama kavith dawasaka liyawevi




adunikathwaya ha praveenathwaya athara wenasa = kalaya

Chamara Lakmal


කිවුව වෙලාව- 2012-01-16 22:44:44
-වික්ස්- මෙහෙම කියනවා :
කවියේ නිමිත්ත ගැන මට මහ අවුලක් තියෙනවා.... මම දකින විදියට ඕනෑ ම නිර්මාණයකින් අපි කථා කළ යුත්තේ කුමක් ද? කෙබඳු අවස්ථාවල දී ද කියන එක වර්තමානය වන විට දැඩි ව කල්පනාවට බඳුන් විය යුතු දෙයක්. ගාමනී චිත්‍රපටය බිහි වීමෙන් නිර්මාණ ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අවුලට ප්‍රධාන ම හේතුවත් එය බවයි මට හැඟෙන්නේ. වර්තමාන ශ්‍රී ලාංකීය ශිෂ්‍ය දේශපාලනයේ සැබෑ අර්බුදය හඳුනාගෙන ඉන් කම්පනයට පත් වන නිර්මාපකයෙකුගේ අතින් මෙවැනි කවි පෙළක් ලියැවෙනු ඇත්තේ දෙවැන්නක් ලෙසිනි.. ඔහුගේ පළමුවැන්න විය යුත්තේ ආදි - වර්තමාන සරසවි සිසු දේශපාලන නායකයින් පශ්චාත් විශ්වවිද්‍යාල ජීවිතයේ දී ධනේශ්වර දේශපාලනයේ නිවට නියාලු ගැත්තන් වීමේ ඛේදවාචකයයි.

-මෙය පසු ව කල්පනාවට නැඟුණක් බැවින් මෙලෙස වෙන් කර කියමි.- සමහරෙක් මේ අදහසට එකඟ නොවී කාලීන දේශපාලනය පිළිබඳ නිවැරදි කියවීමකට අවශ්‍ය බුද්ධි මහිමය දැන් පහළ විණැයි ගොන් තර්ක ඇදබෑමේ ශක්‍යතාවක් ද තිබිය හැකි නමුත් ඒ අදහස ගරු කරන හිස් මුදුනින් පිළිගන්නා කොණ්ඩෙ බැඳපු චීන්නු දැන් නොමැති බව ඔවුන්ට මතක් කර දිය යුතු වේ.

වර්තමාන නිර්මාණකරුවන්ගේ ප්‍රමුඛ අධ්‍යාශය විය යුත්තේ ද එවන් නියාලු ශිෂ්‍ය දේශපාලනය හඳුනාගෙන ඔවුන් නිරුවත් කිරීමයි.. මක්නිසා ද, අද වන විට අන් කවරදාටත් වඩා ශිෂ්‍ය දේශපාලනයේ සැබෑ විප්ලවයක් උදෙසා සමස්ත ශිෂ්‍ය ප්‍රජාව නිහඬ ව හඬ නගන බැවිනි..

එය රතු ද කළු ද සුදු ද කියා නොව සැබෑ ශිෂ්‍ය දේශපාලනයක් ද සැබෑ අයිතිවාසිකම් ඉල්ලාසිටීමක් ද විය යුතු යැයි ඉල්ලා සිටින තැනට සිසු ප්‍රජාව පෙළගැස්වීමේ වගකීම නිර්මාණකරුවා සතු ය.

සමස්තයක් වශයෙන් ගත් කල කවියේ ව්‍යුහය පිළිබඳ නොමඳ සතුටු වෙමි.. ගැළපෙන ම රිද්මය භාවිත වී ඇති බව දැනුණි.
( - ලේ දහදිය කඳුළු හළන
අපේ ගමන නො නවත්වන -
කියලා කියන කොට - අපිත් ඔහොම ගිය හැටි මතකයි - කියලා හිතුණා.)

වැලිකල - ඔබට මට වඩා බොහෝ අත්දැකීම් තිබෙනවා වන්නට පිළිවන්. එබැවින් ම ඔබේ හැඟීමට මම ගරු කරමි. නමුත්, වහංගහන න්‍යායේ දේශපාලනයක් සමඟ ඔට්ටු වීමට රැඩිකල් දේශපාලනයේ ඇති බෙලහීනත්වය ගැන ද සංවේදනයක් අවශ්‍ය බව නොකියා ම බැරි ය.


කිවුව වෙලාව- 2012-01-12 03:05:20
දමිත් වැලිකල මෙහෙම කියනවා :
නිශාන්ත,
ඒ රිද්මය කැඩීම අරමුණු සහගත එකක් හැටියටයි මම යෙදුවෙ.

ස්තූතියි.


කිවුව වෙලාව- 2012-01-11 00:11:23
Kasun Deeptha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2012-01-10 07:33:55
nishantha මෙහෙම කියනවා :
කවිය ඕකේ. ඒත් අන්තිම ලයින් එක අවුල් නෙ?

සරසවියේ කහමල් පෙති
පාර බලන්නා.....

රිද්මය කැඩිලා...



කිවුව වෙලාව- 2012-01-09 21:40:37
RW මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2012-01-09 20:21:53
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දමිත් වැලිකලගෙන් තවත් වියමන්
කවි
ෂැන්ග්‍රිලා....
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
කතන්දර
අඟහරු තරණය
Cine
සමකෝණී ත්‍රිකෝණයක සමකාමී ආදරයක්- "ෆ්‍රැන්ජිපානි"
Cine
අබවසක හුදෙකලාව නොහොත් ගුරුත්වයේ සිට 'ග්‍රැවිටි' කියැවීම
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook