Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
මාස්ටර් හා දීප්ත(ි කුමාර ගුනරත්න) මරා සත්‍යාපෝල් නම් පරමාදර්ශය උපදින ලලිත සමය
බූන්දි, 16:41:35
2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ 2010 වසරේ හොඳ ම සිංහල නවකතාව ලෙස සුනේත්‍රා රාජකරුණානායකගේ 'කවි කඳුර' හා ජයතිලක කම්මැල්වීරගේ 'චුම්බන කන්ද' නවකතා සම්මානයෙන් පිදුම් ලැබිණි. මෙම කෘති දෙක අතරින් 'චුම්බන කන්ද' ලේඛකයා විසින් කියවන ලදී. මෙවැනි කෘතිවලට සම්මාන ලැබීම ලංකාවේ සුලබ තත්වයකි. ආධුනික මට්ටමේ නවකතාවක් වන 'ස්වයංජාත' එක් වසරක ලංකාවේ සම්මාන පිට සම්මාන ලැබුවේ ය. එබැවින් මෙවැනි කෘති පිළිබඳ ලියනවාට වඩා ඒවා සම්මානයට පාත්‍ර වන ආකාරය පිළිබඳ විශ්ලේෂණය කිරීම රසවත් ය. පසු අවස්ථාවක ඒ පිළිබඳ ලියමි.

එරික් ඉලයප්ආරච්චිගේ ලලිත සමය ගොඩගේ සාහිත්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර කරන ලද නවකතාවකි. ලේඛකයා විසින් ලියන ලද 'ශාස්තෲ' නවකතාව ද ඔහු එම නවකතා තරගය සඳහා ඉදිරිපත් කළේ ය. එය අඩු තරමේ අවසාන සලකා බැලීම සඳහා තෝරා ගත් කෘති අතර හෝ නො තිබිණි. ලේඛකයා මහත් උනන්දුවෙන් 'ලලිත සමය' කියැවූයේ ඔහුගේ ම ලේඛන කලාවේ අසාර්ථකත්වය හඳුනා ගැනීමේ මානයක් සොයමින් ය.

එවැනි මානයක් හඳුනා ගැනීමට තරම් විශිෂ්ට ලක්ෂණ එරික් ඉලයප්ආරච්චිගේ 'ලලිත සමය' නවකතාවේ නො තිබිණි.

එය ඔහුගේ තුන් ඈඳුතු නවකතා වන බගන්දරා, විතණ්ඩ සමය හා ආදරයේ සිමෙන්ති වැනි නවකතා සමග එක පෙළට තැබිය හැකි නවකතාවක් නොවේ. එහි බොහෝ චරිත පැතලි ය. වැඩිපුර ම විවරණය වන සමදරාගේ චරිතය පවා අබ්බගාත ය. නිදසුනක් ලෙස මනෝ විශ්ලේශනය කෙරෙහි මහත් අවධානයක් යොමු කරන එරික් ඉලයප්ආරච්චිට සමදරාගේ චරිතය ගොඩනඟීමේදී අතුරුදහන් වී මළගිය ප්‍රාණකරුවකු බවට පත් වන ඇගේ පියා හා ඇය අතර ඇති සම්බන්ධයේ කිසිදු ගැඹුරක් ස්පර්ශ වන්නේ නැත.

අප මෙහි උත්සාහ කරන්නේ එහි වස්තු විෂය විසින් මතු කරන කරුණු අරභයා යම් සංවාදයක් මතු කර ගැනීමටයි. මන්ද, කලා කෘතියක් සම්බන්ධයෙන් මේ රටේ සිදු නො වන ම හා සිදු විය යුතු ම දෙය එය වන බැවිනි. එරික් ඉලයප්පාරච්චි සිළුමිණ පත්තරය සමග කරන මාකට් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියයි.

[’ලලිත සමය’ හරහා ඔබ සමාජයට ගෙන එන්නට උත්සාහ කළ පණිවුඩය කුමක්ද?

මේ කෘතියෙන් නියෝජනය වෙන්නේ අපි මේ ගෙවන ඓතිහාසික යුගයයි. සිංහල ජන මනස විපරිත වීම, තමයි මෙහි මූලිකම තේමාව වෙන්නේ. පසුගිය දශක කිහිපයේ අපි පහළ මට්ටමකට වැටුණා. විනෝදාත්මක කර්මාන්තවල බොහෝ දේ සිදුවෙන්න පටන් ගත්තා. ලෝකයේ වෙනත් රටවල ලබාගන්නා කලාත්මක ජයග්‍රහණ පවා අන්ධව වැලඳගන්නට හුරුවුණා. පුරාතන සාහිත්‍යය, නූතන සාහිත්‍යය ගත්තත් රසවාදී උසස් මට්ටමක සිටි අප පොල්කුඩු කන තත්ත්වයට වැටුණා. මීවදවල සිට පොල්කුඩු රැලි දක්වා වෙච්ච සංක්‍රමණය විශ්ලේෂණාත්මකව නවකතාව තුළ තිබෙනවා.]

ලලිත සමය ඊට වඩා ගැඹුරු සාහිත්‍යමය පරිකල්පනයකැයි අපි පළමුකොට ම උපකල්පනය කරන්නෙමු. ලලිත සමය යනු එරික් ඉලයප්ආරච්චිගේ සංගීතය හා කලාව ගැන කියවීම්, විශ්ලේෂණ, පරමාදර්ශ හා පරිකල්පන ඔස්සේ ගොඩනඟන ලද කතාවකි. එහි විවිධ චරිත නම් ඔහු ම ය.

දීප්ත එරික්ගේ රැඩිකල් මුහුණයි. සත්‍යාපෝල් එහි යථාර්ථවාදී මානුෂවාදියායි. මාස්ටර් නම් මහා සංගීත පෞරුෂය වනාහි ඔහුගේ පරමාදර්ශයයි.

මාස්ටර් යනු අස්පර්ශ චරිතයකි. එසේ ම සංගීතය හෝ වඩා පුළුල්ව ගතහොත් කලාව පිළිබඳ එරික්ගේ පරමාදර්ශය ද අස්පර්ශ එකකි. කොටින් ම කිවහොත් ඒ කුමක්දැයි ඔහු ම නො දනී. එහෙයින් ඔහු සිය දැක්ම, පරමාදර්ශය සංවාද තලයකට ගෙන ඒම සඳහා මාස්ටර්වාදී අන්තවාදියකු නිර්මානය කරයි. ඒ දීප්ත ය.

ධනවත් මානුෂවාදී අර්ථපතියකු වන සත්‍යාපෝල් පරමාදර්ශ හා ඒවා සාධනය කිරීම සඳහා අරගලය මහපොළවට ගෙන එන යථාර්ථවාදියාගේ භූමිකාව නිරූපණය කරයි.

සත්‍යාපෝල් මහ මුහුද හා නැව් ආශ්‍රිත ව්‍යාපාර හිමි, යුරෝපය බලා යන නීති විරෝධී සංක්‍රමණිකයන් විෂයෙහි මානුෂවාදී‍ලෙස කටයුතු කරන, ඒ ඔස්සේ ශ්‍රමයේ නිදහස් සංචලනය වෙනුවෙන් සැබෑ විප්ලවීය දේශපාලනික අරගලයක් කරන සටන්කරුවෙකි. එසේ ම, ලිංගිකත්වය හා අදාල පුද්ගල නිදහස වෙනුවෙන් සටන් කරන්නෙකි. සියල්ලට ම වඩා ගාන්ධි කීවාක් මෙන්, තමන් බලාපොරොත්තු වන සමාජ වෙනස තමන් තුළ ජීවත් කරවන කෙනෙකි. (ලංකාවේ ගාන්ධිවාදීන් තුළ මෙය ගෑවිලාවත් නැති නිසා මාක්ස්වාදීන්ට හිරිකිතයකින් තොරව භාවිතා කිරීමට පුළුවන)

ඔහු ඇසුරේ සිටින ඩග්ලස් වැනි ප්‍රවීණ බුර්ෂුවා පංතික සංගීතකරුවෝ ද, දීප්ත වැනි රැඩිකල් සංස්කෘතික දේශපාලන සටන්කරුවෝ ද, සංගීතා වැනි අංකුර කලාකරුවෝ ද යන මේ කවුරුත් යුරෝපය සිය මාලිමාවේ උතුර ලෙස සලකා‍ ගමන් කරමින් සිට අවසානයේදී එකී උතුරට ම ජීවිතය සොයා යන්නෝ ය.

ලංකාවේ බහුතර ජනයා අයත් වන සමාජ පංතිය වෙමින් මේ වන විට දේශපාලන හා සංස්කෘතික බලය ද අත් පත් කරගෙන සිටින සිංහල ගැමි මධ්‍යම පංතියට අයත් සමදරා නම් ස්ත්‍රී ශරීරය හෙවත් කටහඬ ලලිත සමය කතාවේ කේන්ද්‍රීය චරිතයයි. සමදරා වනාහි මාස්ටර්ගේ, දීප්තගේ, ඩග්ලස්ගේ සංගීත සිහිනවල උපයෝගී භාණ්ඩයකි. පරමාදර්ශවාදී පිරිමි සංස්කෘතික දේශපාලන සිහින සැබෑ කර ගැනීමේ ලා හුදු උපයෝගී භාණ්ඩයක් පමණක් වී සිටින සමදරා 'මට කියලා නිදහසක් නැද්ද?' කියා අසන නිමේෂය ලලිත සමයේ කූටප්‍රාප්තියයි.

දීප්ත‍ගේ සංස්කෘතික දේශපාලන සිහිනය හා මාස්ටර් පරමාදර්ශය සුණුවිසුණු කර දමන එකී ප්‍රකාශය සමග සත්‍යාපෝල්ගේ යථාර්ථවාදී දේශපාලන අරගලය හමුවේ ධනවාදයේ පරිවාරයේ සංස්කෘතික දේශපාලන අරගල මුළුමනින් ම නිස්සාර දේ බව ප්‍රකාශ කර දමයි. දීප්ත නම් සංස්කෘතික සටන්කරුවා අපට අවසානයේදී හමු වන්නේ සිහින රුසියාවේ සීතලේ මියැදෙන අසරණ නීති විරෝධී සංත්‍රමණික ශ්‍රමිකයකු ලෙස ය. ධනවාදයේ පරිවාරයේ රටවල පීඩිත පංතියේ අරගලය ඇත්තේ සංස්කෘතික තලයේ නොව ශ්‍රමයේ නිදහස් සංචලනය වෙනුවෙන් කරන දේශපාලන සටන තුළ බව එරික් ඉලයප්ආරච්චි අපට පවසයි.

ධනවාදයේ පරිවාරයේ ජාතික රාජ්‍යවල දුබල හෝ නො පවතින බුර්ෂුවා පංතියක සෙවණ සොයමින් සිටින ඩග්ලස් ද අවසානයේදී ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇත. වෙනස ඔහු එහි ගොස් ඇත්තේ නීත්‍යනුකූලව වීම පමණි. එහෙත්, දීප්තගේත්, ඔහුගේත් අරමුණ එක ය. ලංකාවේ ජනප්‍රියවාදී සංගීත නවරැල්ලක නිර්මාතෘ වන රූකාන්ත ගුණතිලක ඇමරිකාවට ගොස් පල්ලියක ඕගන් ගහයි. නො කීවාට, සමහර විට ඔහු ෂෙඩ් එකක පෙට්‍රල් ගහන්න ද ඇත.

දීප්ත එරික්ගේ ලෝකයේ පරිකල්පිත දීප්ති කුමාර ගුනරත්න කෙනෙකි. ලංකාවේ රැඩිකල් සංස්කෘතික දේශපාලනයේ නියමුවකු වන දීප්ති කුමාර ගුනරත්නට අත් වූ ඉරණම ද දීප්තගේ ඉරනම ම ය. ඔහුගේ එක්ස් කණ්ඩායම දෙදරා දමන ස්ත්‍රීවාදී හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව දීප්ත ඉදිරියේ සමදරාගේ නැගිටීම වැනි එකකි. දීප්ති කුමාර ගුනරත්න එක්සත් ජාතික පක්ෂයේ ඉඳුල් කන්නට පටන් ගැනීම දීප්තගේ රුසියානු දිනපොතට සමාන ය. ඔහුගේ ඊනියා පෙරටුගාමී පක්ෂය ද දීප්තගේ පරිකල්පිත රුසියාව වැනි එකකි.

ඔහුගෙන් කැඩී ගිය ප්‍රජාතන්ත්‍රවාදී ස්ත්‍රීවාදී සමදරාලාට ද ධනවත් අර්ථපති සත්‍යාපෝල්ලා හමු වන්නේ නැත. ඔවුන්ට හමු වන්නේ සාක්කු හිස් වෙමින් ඇති එන්.ජී.ඕ. පමණි. ලංකාවේ පොළවේ සත්‍යාපෝල්ලා නැත. ගෝවෙන්, අරෙහෙන් මෙහෙන් කෑලි එක් කළ සත්‍යාපෝල් කෙනෙකු පරිකල්පනය කරන්නට එරික් ඉලයප්ආරච්චිට සිදු වන්නේ ඒ නිසා ය.

ලංකාවේ අර්ථපතියන් වන්නේ විප්ලවීය මහා කලාකරු හා විචාරක සුචරිත ගම්ලත්ට අනුග්‍රහ දක්වන ටයර් හවුස් වැන්නෝ ය. නැතිනම් උපුල් ශාන්ත සන්නස්ගල වැන්නෝ ය.

ලලිත සමයේ විචිත්‍රවත් ම චරිතය හා වීරයා සත්‍යාපෝල් ය. ඔහු ජාත්‍යන්තරවාදී සටන්කරුවෙකි.යථාර්ථවාදී දේශපාලනඥයෙකි. අව්‍යාජ මිනිසෙකි. අපේ පරමාදර්ශය විය යුත්තේ ඔහු ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Lalitha Samaya by Erik Ilayaparachchi, Master, Deepthi Kumara Gunarathna, Sri Lankan Novel. Godage Awards
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Sagara මෙහෙම කියනවා :
@ Nilushi
what's wrong with Deepthi helping Ranil??


කිවුව වෙලාව- 2011-12-15 07:10:16
Nilushi මෙහෙම කියනවා :
It is very clear that 3mana web site and Deepthi are now in the same line with Ranil wickremasinghe. You all can understand this by carefully reading (between the lines) the following article published in 3mana. Preaching revolution while supporting Ranil cannot but be a classic case of political hypocrisy.


බොහෝ දෙනෙකු පුල පුලා බලා සිටි එ.ජා.පයේ කෘතියාධිකාරි මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි සාමකාමී අයුරින් සතුටිනි විසිර ගිය බව වාර්ථාවේ. එමෙන්ම ඊයේ පත්තර වැඩි පුර විකුණා ගන්නට නායකත්ව සටනට කරූ අවතීර්ණ වී අද දින මහා කලබගෑනියක් සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි උදවියේ බලාපොරොත්තු හිරු දුටු පිණි බ්දක් පරිද්දෙන් වියැකී ගියහ.
මෙම රැස්වීමේ දී කරූ ජයසූරිය නායනත්වයට ඉදිරිපත් වන ආකාරයේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොවීය. මාධ්‍ය සංදර්ශණ පවත්වමින් නායකත්ව සටනට කරූ එන බවට පසුගිය කාලය පුරාම විවිධ වෙබි අඩවි හා පුවත්පත් පිටු පිරෙන්නට ලීවෝය. මේ කිසිවකින් අප කලබල නොවූයේ මේ නිසාවෙනි. අද දින එවැනි කිසුදු යෝජනාවක් ඉදිරිපත් නොවූ අතර සිරස රූපවාහිනිය යළි යළිත් ඊයේ වනතුරුම පූකාශ කළ අන්දමේ කිසිවක් සිදු නොවීය.
මේ සිදුවූ දේ සම්බන්ධයෙන් දැඩි ශෝඛයට හා කණගාටුවට පත් වී සිටින අයට තමන් සිදුවෙතැයි ප්‍රාර්ථනා කළ දෙය සම්බන්ධයෙන් බලා සැනසෙන්නට නම් අද රාත්‍රී සිරස ප්‍රවෘත්ති බලන්නට පුලුවන. මේ සම්බන්ධයෙන් කදිම විග්‍රහයක් කරන්නට අවශ්‍ය විහිලු කතාවක් අප සතුව තිබෙන අතර තව නොබෝ වේලාවකින් එම කතාව ඹබට ඉදිරිපත් කරණ බවට අප පොරොන්දු වන්නෙමු.


කිවුව වෙලාව- 2011-12-07 22:07:35
Sonduru hadawatha මෙහෙම කියනවා :
@පහන්,

Machan, u ehema liyanna eththe Deepthi anith ayage awadhanaya ganna karadara karana nisa wenna ethi.

Deepthi hema welawema ghosha karanne hemoma uwa paraddanna try karanawa kiyalane.

Ithin me mala waden berenna apitath eka parak hari liyanna wenawane, "yako, Deepthi modayo, api umbawa ganan ganne nehe" kiyala.


කිවුව වෙලාව- 2011-12-06 03:24:19
පහන් මෙහෙම කියනවා :
Please keep in mind that you are not serious for us and that we don't care Deepthi. We have no time to wast writing answers for all of your nonsense. මොන බම්බුවටද එහෙනම් මේ ලියන්නේ...

කිවුව වෙලාව- 2011-12-06 00:09:31
Bashitha Lochenne මෙහෙම කියනවා :
@sudeepa
සිහිනෙන් ඔඹ මට පේනෙනවානම් අවදි නොවි ඉන්නම්

කිසි දා ඔඹේ අත නොලැබේනම් සැම දා තනි වේන්නම් //....n


කිවුව වෙලාව- 2011-12-05 09:57:40
Kaushalya මෙහෙම කියනවා :
@3mana news editor,

Your comment is full of self-glorified nonsense.

Actually we do not care Deepthi, in any sense of the word. For us, he is just another stupid guy who likes to pretend that all the others are worrying about him and his ideas.

We would like to learn theory only from academically qualified intellects, but indeed not from those stupids who claim that they know everything.

I don't think that Boondi is that foolish to publish Deepthi's name to get its ideas popularized; actually, if they would do so, it would be counter-productive because now increasing number of people hate those who try to glorify themselves merely by attacking others.

In my understanding, Boondi is actually trying to avoid publishing Deepthi's name because Boondi is very much concerned about its own reputation.

So, it's actually rediculous that only Deepthi and his followers claim that all the others on this earth are worrying about them, while only few stupids take them seriously.

Please keep in mind that you are not serious for us and that we don't care Deepthi. We have no time to wast writing answers for all of your nonsense.


කිවුව වෙලාව- 2011-12-05 09:32:45
sudeepa මෙහෙම කියනවා :
H.S.P sahodaraya HIRU kandayama innawa nethiwela nehe

කිවුව වෙලාව- 2011-12-05 03:38:26
H.S.P මෙහෙම කියනවා :
ඇත්තටම මේ හිරු කන්ඩායමෙ අය දැන් කොහෙද ??

කිවුව වෙලාව- 2011-12-04 23:30:40
3mana මෙහෙම කියනවා :
බූන්දියේ රෝග ලක්ෂණය දීප්ති වන්නේ ඇයි?

Posted on 05 December 2011.
බූන්දියේ රෝග ලක්ෂණය දීප්ති වන්නේ ඇයි?
Rating: 7.0/7 (1 vote cast)

බූන්දි වෙබි අඩවිය මීට කාලයකට පෙර සයිබර් අවකාශය තුල විධිමත් සාහිත්‍ය සංවාදයක් ගොඩ නගන්නට උත්සහා ගත් වෙබි අඩවියක් බව අප පිළිගන්නෙමු. නමුත් සෑම යහපත් වැඩකටම අවසානයක් තිබෙන පරිදි මේ වන විටත් බූන්දි වෙබ් අඩවිය ගත කරමින් ඉන්නේ සිය ජනප්‍රියභාවයේ අවසාන කාලයයි. දැන් තනිකරම ඔවුන්ගේ ව්‍යාපෘතිය තුල රෝග ලක්ෂණය බවට පත් කරගෙන සිටින්නේ දිප්තිවයි.

මෙයට අප කියන්නේ නරුමවාදය කියාය. බූන්දියේ බබාලා දිගින් දිගටම දීප්තිට කිසිදු අදාලත්වයක් නැති අවස්ථාවලදී පවා දීප්තිගේ නම භාවිතා කරන්නේ සිය වෙබි අඩවිය මාර්කට් කර ගැනීමේ නරුමවාදී උත්සහය නිසාය. එරික් ඉලයප්පාරච්ච්ගේ ලලිත සමය සම්බන්ධයෙන් සිය වෙබි අඩවියට අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන සාහිත්‍ය විචාරය සමග දීප්තිව පටලවා ගන්නට බූන්දිය උත්සහා ගන්නේ දීප්තිගේ නම භාවිතා කරමින් තම වෙබි අඩවියේ ගිලිහෙමින් යන ජනප්‍රයතාවය වඩා වර්ධනය කර ගැනීම උදෙසාය.

මෙවැනි පාදඩ,නරුමමවාදී වැඩ මගින් බූන්දිය සිය ජනප්‍රියතාවය ලබා ගන්නට උත්සහා කරන්නේ යළි සමාජයෙන්මයි. මෙය හරියටම මේ දිනවල සමාජයෙන් පිළිගැනීම ඉල්ලා මාරාන්තික සටනකට බැස සිටින ඊනිව්ස් සදරුවන්සේනාධීරගේ හා වර්ථමාන මව්බ්ම ශාන්ත විර්‍ජෙසූරියලාගේ ආශාවට සමානය. ඔවුන් මේ සමාජයෙන් ඉල්ලා සිට්න්නේ තමන්ට පිළිගැනීමක් ලබා දෙන ලෙසයි. මේ සමාජය යනු අන් යමක් නොව ඔවුන් විසින්ම කුණු වී ගද ගහන වට දෝෂාරෝපණය කරණ සමාජයයි.

හිරු කණ්ඩායමට අප ගරු කරන්නේ මේ රටේ ජාතිවාදීහරණ ව්‍යාපෘතිය උදෙසා ඔවුන් විසින් ලබා දුන් දායකත්වයටයි. නමුත් අජිත් යනු හිරු කණ්ඩායමේ දේශපාලනය විකුණා මාධ්‍යවේදියෙකු ලෙස මේ සමාජයෙන් පිළි ගැනීමක් ඉල්ලා සිටින සිද්ධවෙන දේ හොදින්ම දන්නා නමුත් නොදන්නවාසේ ඉන්නට උත්සහා කරණ නරුමවාදියෙකි. අනෙක් අතට මොහු කෙතරම් වාමාංශිකයෙකු ද යත් රාජකීය විද්‍යලයෙන් මොහුට සම්මානයක් ලබාදුන් බවට රට වටේම පුරසාරම් දොඩමින් යන්නට තරම් එම වාමාංශිකභාවය ප්‍රබලය.

එරික්ගේ ලලිත සමය විවෙිචනය කරණ මුවාවෙන් සිය රෝග ලක්ෂණය බවට දීප්තිව පත් කරගන්නා බූන්දියේ බබාලාගේ මේ මාර්කටින් තියරි වලට වැඩි ආයුෂ නොමැති බව කියන්නට කැමැත්තෙමු. අවසන් වශයෙන් x කණ්ඩායමෙන් හා හිරු කණ්ඩායමෙන් විශ්‍රාම ගිය අයට සිය දේශපාලන විශ්‍රාම ජීවිතය සතුටින් ගෙවන්නට හොදම අමිබලම බවට බූන්දිය පත්කර ගන්නට හැකි වීම සම්බන්ධයෙන් අප සතුටට පත් වන්නෙමු.

This post was written by:
News Editor - who has written 701 posts on 3mana | Online news magazine.


කිවුව වෙලාව- 2011-12-04 23:00:50
Awanka මෙහෙම කියනවා :
@Guardian,

Hey, your English grammar is incorrect. For instance, the very first sentence of your comment is wrong; it should be corrected as 'he has not got his head permenatly damaged'. The last sentence also is not quite good. You better hire a good copy editor!


කිවුව වෙලාව- 2011-12-02 05:50:07
dasun මෙහෙම කියනවා :
mee gambatta padawiye innakota walige kapala samajeta genawe Bashana. bashana karapu lokuma moda wedeth ekai

කිවුව වෙලාව- 2011-12-01 17:04:19
Guardian මෙහෙම කියනවා :
Deepthi is not a bloody academic who has permanent head damage. He is struggling tobuild a polictal movement. That is what we need to recognize.
parakum has written nothing.. He cannot read Eric neither Deepthi


කිවුව වෙලාව- 2011-12-01 04:39:23
bandaUK මෙහෙම කියනවා :
poverty of sri lankan criticpoverty of sri lankan critic

කිවුව වෙලාව- 2011-12-01 01:41:52
Danesh Almeda මෙහෙම කියනවා :
@Omariya,

Ajith Perakum liyala thiyenne Gon lipiyak thamai.

Eth Deepthita garu karanna kiyala uma kiyana ekath gon wedakne ban. Deepthith den kicha welane inne.


කිවුව වෙලාව- 2011-12-01 00:48:28
Omariya මෙහෙම කියනවා :
හොඳම දේ තමා දීප්තිගෙ සතුරො පවා දීප්ති කරපු වැඩ කොටස ගැන ගරු කරන එක. ඒක නිසා පැරකුම්බෝ බොට ලේසි නැහැ ඌට අන්නන්න....

කිවුව වෙලාව- 2011-11-30 23:51:29
kaamare මෙහෙම කියනවා :
මොන කුනුහරුපද ඕයි මෙවා...
තමුසෙ ඔය මඩ ගහන දීප්ති සහ X එකෙන් කැඩිල ගිය කීප දෙනෙක් විතරයි ලන්කාවෙ සමාජ, ආර්තික හා දෙශපාලන පසුගාමිත්වය අඩු තරමෙ අද්යයනයවත් කරන්නෙ. උන් පර්ෆෙක්ට් නැහැ තමයි. ඒ උනත් තමුසෙල වගෙ හිස් බැරල් වලට වඩා දශකයක් ඉදිරියෙන් ඉන්නෙ. ලියන්න ඉස්සෙල්ල කියවල හිටියොත් තමා වටින්නෙ


කිවුව වෙලාව- 2011-11-30 23:35:38
Thushan මෙහෙම කියනවා :
මානසිකව දීප්ති සමග පොරබදන බවක් පෙනේ. ඛේදවාචකය නම් හාමදාමත් පරාජය අත්වීමය​.

කිවුව වෙලාව- 2011-11-30 22:00:10
Prabha මෙහෙම කියනවා :
Ayyo, parana Ajithmai. Parana leda thawama hoda wela nehe. Oya kawadada parinatha minihek wenne?

කිවුව වෙලාව- 2011-11-30 07:55:47
A former X group member මෙහෙම කියනවා :
Dear Ajith,

I am surprised to know that you have been engaging in the old stupid game with Deepthi.

Just forget him man.

He is not merely a topic of discussion even amongst us.

This is not something clever to do for a mature person like you.

Are you still remaining the same immature guy who takes personal name games seriously?

Forget Deepthi, for his time is over.

Just try to do something mature, Ajith, at least now.


කිවුව වෙලාව- 2011-11-30 04:51:26
lolla මෙහෙම කියනවා :
ලේඛකයා විසින් ලියන ලද 'ශාස්තෲ' නවකතාව ද ඔහු එම නවකතා තරගය සඳහා ඉදිරිපත් කළේ ය. එය අඩු තරමේ අවසාන සලකා බැලීම සඳහා තෝරා ගත් කෘති අතර හෝ නො තිබිණි. ලේඛකයා මහත් උනන්දුවෙන් 'ලලිත සමය' කියැවූයේ ඔහුගේ ම ලේඛන කලාවේ අසාර්ථකත්වය හඳුනා ගැනීමේ මානයක් සොයමින් ය
In that case I think you have learnt something.


කිවුව වෙලාව- 2011-11-30 04:48:45
සුජීව මෙහෙම කියනවා :
බෙහෙවින් මැ :)යැ.

දීප්තයාගේ කියා සැක කරන බ්ලොගකින් පරාව මරාගෙන කන්නෙත් මේ කොක්ක නිසා වෙන්නැති.


කිවුව වෙලාව- 2011-11-30 04:46:33
පහන් මෙහෙම කියනවා :
‍වෙබ් සයිට් ඒකක් බවට පත්වී සිටින අජිත්, දැන් වත් ඔයා දීප්තිව බිමින් තියන්න. මේ පොතේ එන චරිතෙත් එක්ක දීප්තිව සමාන කරන්න බැහැ. ඔයාට එහෙම සමාන කරන්න පුළුවන් වන්නේ දීප්ති ගැන ඔයාගේ හිතේ ලොකු තරහක් තියෙන නිසා. මේවා ඔයාගේ වයසටවත් ගැලපෙන්නේ නැති ලිපි.

කිවුව වෙලාව- 2011-11-30 03:52:19
Samitha මෙහෙම කියනවා :
මම ලලිත සමය කියවලා තිබුනට අජිත් පැරැකුම්ගෙ පොත් කියවල තිබුනෙ නෑ. ඒ නිස මේ ආර්ටිකල් එක බලපු ගමන් කොමෙන්ට් නොකර ශාස්තෘ කියෙවුව. ලලිත සමය විශිෂ්ඨ නවකතාවක් නෙමෙයි. හැබැයි ශාස්තෘ එක්ක බලන කොට ලලිත සමය මී වදය වගේ නම් ශාස්තෲ පොල් කුඩුත් නෙමෙයි පුස් කාපු පුන්නකු ගොඅනියක්. අජිත් පැරකුම් මහත්තයො ඔබ නවකතා කලාවෙ අයන්නවත් දන්නෙ නැහැ. ඔබ මඩ ගහන සුචරිත ගම්ලත්ව මුනගැහිල නවකතාව ගැනයි විචාරය ගැනයි බේසික් රීඩින්ග්ස් මොනවද කියල අහන්න. පැත්තකට වෙලා ඒව කියවල මැරෙන්න කලින් එක පොතක්වත් ලියන්න බලන්න.හැබැයි ශාස්තෲ වගෙ කුනුගොඩක් නෙමෙයි.

කිවුව වෙලාව- 2011-11-30 03:43:18
සරත් දිසානායක මෙහෙම කියනවා :
ලේඛකයා විසින් ලියන ලද 'ශාස්තෲ' නවකතාව ද ඔහු එම නවකතා තරගය සඳහා ඉදිරිපත් කළේ ය. එය අඩු තරමේ අවසාන සලකා බැලීම සඳහා තෝරා ගත් කෘති අතර හෝ නො තිබිණි. ලේඛකයා මහත් උනන්දුවෙන් 'ලලිත සමය' කියැවූයේ ඔහුගේ ම ලේඛන කලාවේ අසාර්ථකත්වය හඳුනා ගැනීමේ මානයක් සොයමින් ය.

කිවුව වෙලාව- 2011-11-29 23:05:38
Naomi de Mel මෙහෙම කියනවා :
I felt really sorry after reading this self-proclaimed review, which actually would make no sense not only of the novel under discussion but also of the politics that he is talking about.

I was also among those who initially believed, mostly by mistake, that Ajith Parakum has something important to say about politics, arts and our social present; but, reading this article made me disillusioned about his talents.

What is the main point of this argument, if there is any? How can a literary critique reasonably make judgments based on one's own personal view points and perceptions on this or that person/group, as Ajith Parakum tries to do in the latter part of his article?

This is nothing but a pure nonsense.

Ajith Parakum has merely shown us that he is as incapable of literary criticism as of political theory and analysis!

Dear Ajith, please start reading political and cultural theory before practicing them. You are not an expert of both of these subjects, whilst Deepthi and some of his former colleagues like Nirmal and Sumith do.


කිවුව වෙලාව- 2011-11-29 22:57:54
ibba මෙහෙම කියනවා :
මටත් තේරෙන්නෙ නැහැ මේ කියන්න යන දේ,. මොක නමුත් තමන්ගෙ පොතක් මෙතනට පටලවපු එක නම් කුජීතය් පැරකුම්

කිවුව වෙලාව- 2011-11-29 21:05:53
නිර්මාල් මෙහෙම කියනවා :
අජිත් මොකක්දෝ කියන්නට ගොස් ඔහුම එහි ගීලී නැවත නැවත එකම දේ කියයි. ශාතෲට සම්මානයක් නොලැබීම ගැන ඔහුට ඇත්තේ කේන්තියකි.ඒනිසාම ඔහු ලලිත සමයේ කොනක් අල්ලාගෙන එල්ලෙන්නට දඟලයි. අවසානයේ ඔහු දීප්තිවද මෙයට පටලයි.

කිවුව වෙලාව- 2011-11-29 20:57:35
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් පැරකුම් ජයසිංහ ගෙන් තවත් වියමන්
Cine
සපත්තුවේ තරමට කකුල කපා ගත් 'සමනල සංධ්වනිය'
කරන්ට්ස්
ඌරෝ
කවි
පිලියන් එකේ යන මිනිස්සු
කරන්ට්ස්
රතු පස්
කරන්ට්ස්
තුඩ කඩා ලු පෑනක්
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook