Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ඉල් මහ විරු සමරු සහ හෘද සාක්ෂිය | තව දුරටත්
ඉල් මහ විරුසමරු සහ හෘද සාක්ෂිය ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාර සම්බන්ධයෙන් එම ලිපියේ ලේඛකයා විසින් එවන ලද ප්‍රතිචාර සටහන.
බූන්දි, 21:18:23
මහත්වරුනි, කේන්තියකින් තොරව මා ලියා ඇති කරුණු නැවත සංයමකින් කියවන මෙන් මම ඉල්ලා සිටිමි. මා ලියා ඇති කරුණු වල අන්තර්ගතය වටහා ගැනීමටනම්, එහි පේලි අතර කියවීම නොව එහි අඩංගුව විමසිය යුතුවේ.

පළමුවෙන්ම ඔබ කියා සිටින ආකාරයට ජ.වි.පෙ හෝ ඉන් කැඩීගිය කිසිවෙකුට නිවැරදි විය නොහැකි බවක් මා පවසා නොමැත. මා පවසා ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ අර්ථය වන වැරදි නිවැරදි කර ගන්නා ලෙස සඳහන් කිරීමයි. හොඳින් කියවා බලන්න ජ.වි.පෙට සහ ඉන් ඉවත් වූ කණ්ඩායමටත් මා ඉදිරිපත් කර ඇත්තේ කළ වැරදි විමසන්න යනුවෙනි. ඒවා ගැන ස්වයං විවේචනයක් කරන්න- එතුළින් නිවැරදි දේශපාලන භාවිතාවකට යොමුවන්න- නැතිනම් ඔබ කරනුයේ බොරු වංචාවක් බවයි. ඒ වාගේම එම වංචාව තුළින් දහස් ගණනකගේ ජීවිත බිළිගත හැකි බවයි.

නමුත් අතීතේ වැරදි කළා තමයි කියා බොරුවට ප්‍රකාශ කළාට එය තමන්ම රවටා ගැනීමක් බවත්, නිවැරදි භාවිතාවකට නම්, ස්වයං විවේචනාත්මකව ඒ වැරදි මොනවාද කියා පවසා ඒවා හදාගත යුතු බවයි. ජ.වි.පෙ බිඳිගිය අතීත කණ්ඩායම් හා පුද්ගලයින් ගැන මා පොදුවේ සඳහන් කරන්නේ පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැති බව පැහැදිලි කිරීමටයි.

හිරු හෝ වෙනත් දේශපාලන කණ්ඩායමකට මගේ සම්බන්ධයක් නැති අතර හිරු කණ්ඩායමේ බෙදී යාම ජ.වි.පෙ සංධිස්ථානයකි. ඒ එතෙක් ජ.වි.පෙ තුළ තිබූ ජාතිකවාදය ඉන්පසුව ජාතිවාදය දක්වා වෙනස් ගමනක් යාම ආරම්භකරන සංධිස්ථානය වන බැවිනි.

ජ.වි.පෙ විසින් මුලු සමාජයම තම අත්අඩංගුවට ගෙන මෙලෙස විනාශයක් කරන තුරු ඔබ වැනි මහා පඬිවරු කළේ කුමක්ද?

පළමුවෙන්ම මම ඉතා සරල පුද්ගලයෙක් මිස පඬිවරයෙකු නොවේ. මා කිසියම් හෝ උපාධියක් ලද අයෙකු ද නොවෙමි. මෙහිදී ඔබ සිතන අයුරු හා සිදුවීම සිදුවී ඇති අයුරු පහදා ගනිමු. ජ.වි.පෙ මුලු සමාජයම අත්අඩංගුවට ගත්තා නොව සමාජයේ තිබූ වැඩවසම්, පසුගාමී ජාතිවාදී මනෝභාවයන්ගේ අත්අඩංගුවට ජ.වි.පෙ. පත්වීමේ ප්‍රතිඵලයයි අපි සමාජය 87-89 දක්වා අත්වින්දේ. එහිදී මගේ දිවි රැකුනේ මා ලංකාවෙන් පිටත ජීවත් වූ බැවිනි. නමුත් අපි ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ලංකාවේ සිදුවන මරාදැමීම් වලට එරෙහිව විරෝධතා දැක්වූවෙමු. පෙත්සම් අත්සන් කර එවකට තානාපතිනිය වූ මානෙල් අබේසේකරට භාරදුන්නෙමු.

යුධ විරෝධීන් යනු අතලොස්සකි. රාජ්‍යය සහ සියලුම දේශපාලන පක්ෂ සමඟ එක්ව ජ.වි.පෙ සහ එහි පෙරමුණු විසින් සිංහල වර්ගවාදය උලුප්පමින් අමුම අමු ජාතිවාදය වපුරන ලද සමාජයක මේ සුළුතරයට ජීවිත බේරාගැනීමට පවා අසීරු වූ බව නැවත මතක් කළ යුතුද? 1933 - 1939 දක්වා ජර්මන් ෆැසිස්ට්වාදී සමාජය මෙන්ම 1919 සිට 1933 දක්වා ඉතාලි ෆැසිස්ට් සමාජය තුළද එම මතයන්ට එරෙහි පිරිස සුළුතරයක් වූ අතර ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට අත්වූ ඉරණම ඔබ හැදැරිය යුතුයැයි මගේ හැඟීමයි.

මා දැනටමත් පවසා ඇති පරිදි හිරු හෝ වෙනත් දේශපාලන කණ්ඩායමක් සමඟ මට දේශපාලනික ගණුදෙනුවක් හෝ සම්බන්ධතාවයක් නොමැත.
හතර වන ප්‍රශ්ණයට පිළිතුරු එක්තර ප්‍රමාණයකට පළමු හා දෙවන ප්‍රශ්ණ සඳහා වන පිළිතුරු වෙතින් ලබා දී ඇති අතර හිරු හෝ වෙනත් දේශපාලන කණ්ඩායමක භාවිතාවක් ගැන මට පිළිතුරු දිය නොහැකිය.

මා මුලින්ම ලිපියේ සඳහන් කළ ආකාරයට ජ.වි.පෙ තම අතීත වැරදිවලින් පාඩම් ඉගෙන නොගැනීම ඔබේ පස් වන ප්‍රශ්ණයට පිළිතුරයි. චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමතිකම් පවා ජ.වි.පෙ දැරූබව මගේ දැනීමයි.

මගේ අතීත භාවිතාව ගැන ඔබ ප්‍රශ්ණ කරයි.

මම 71 ට ප්‍රථම ජ.වි.පෙ ගොඩනැගීමට මුල්වූ අයෙක්මි.
යාපනය කොටුවේ පවුර මතදී තවත් 16 දෙනෙක් සමඟ ලංකා හමුදාවට යටත් වුනෙමි.
යාපනය හිරගෙය තුළදී විජේවීර සමඟ අපේ පක්ෂය ස්වයං විවේචනයක් කළයුතු බව ගැන මතබේද ඇති කර ගත්තෙමි.

එදා මගේ සහ මා සමඟ සිට සොහොයුරන්ගේ වැටහීමට අනුව අපට තිබූ සරල ප්‍රශ්ණ මේවායි.

අප කළ පන්ති පහේ තිබූ ඉන්දීය ව්‍යාප්තවාදය පන්තිය ජාතිවාදී එකක් නොවේද?

ආර්ථීක අර්බුදය පන්තිය තුළින් අපි වැඩවසම් රාජ්‍යය (අතීත ශ්‍රී විභූතිය ගැන වර්ණනා කිරීම තුළින්) හොඳ සමාජයක් ලෙස හුවාදැක්වූවා නොවේද?

වාමාශික ව්‍යාපාරය පන්තිය තුළින් ලංකාවේ අනෙක් වාමාංශික කණ්ඩායම් ගැන රාජ්‍යයට හෙළිකලා නේද?

ඒවාගේම අප්‍රේල් නඩුවේදී ජා.වි.පෙ ගත් "අපි නොවේ ගැහුවේ අතුලගේ බෝම්බ කල්ලිය" යන ස්ථාවරයට එරෙහිව "අපි රැජිණගේ ආණ්ඩුවට ගැහීමට අපට අයිතියක් ඇත. ඒනිසා අපි නිවැරදිකරුවන් වෙමු" යන ස්ථාවරය ගත්තෙමු.

මෙහිදී විජේවීර ඇතුළු ජ.වි.පෙ උසාවියේදී 71 කේ කැරුල්ල ජ.වි.පෙ විසින් කළ එකක් නොව අතුලගේ බෝම්බ කල්ලිය යැයි කීම තුළින් එදා 71 කැරුල්ලේදී මිය ගිය දහස් ගණනක් සොයුරු සොයුරියන්ව පාවා දෙමින් ඔවුන්ගේ මිනීවලට පවා ජ.වි.පෙ. අපහාස කරන බව එදා අපගේ තර්කය විය. (ඔබට මේවා මෙවා හැදෑරීමට අවශ්‍යනම් අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා නඩු වාර්තා කියවන්න.)

ඔබ විජේවීර පිදුවාට ඔහුගේ සැබෑ ස්වරූපය දැනගැනීමට අවංක උවමනාවක් ඔබට ඇත්නම්, 71 එකේදී අපරාධ විමර්ශණ ඒකකය වෙත ලබාදුන් පිටු 400 කට අධික කට උත්තරය කියවා බලන්න.

ලංකා රාජ්‍යයේ සහ ජ.වි.පෙ තර්ජන නිසා 1980 දී රටින් පිටවී ජර්මනියට පැමිණියෙමි. 1980 වැඩවර්ජනයට සහය දීමේ සිට අද දක්වා ලංකාවේ සිදුවන මිනිස් අයිතීන් කෙලෙසීමට එරෙහිව හඬනගන්නෙමු. ජාතියක් පාගා දමන යුද්ධයට එකහෙලා විරුද්ධ වූ අතර බලය බෙදාහල දේශපාලන විසඳුමක් සඳහා පෙනී සිටිමින් ඒ සඳහා ක්‍රියාත්මක වූයෙමි. ඒ නිසාම 2003 සිට ලංකා ට්‍රෘත්, ලංකා පත්තරය සහ දිවයින ඇතුළු පුවත්පත් වලින් පහර කෑමට ලක්වූයෙමි.

යුධ අපරාධ ගැන හෙළිකිරීමේ වරදින් ලංකා පුවත් පත (වීරවංශ සිටින අවධියේ) මගේ හැබෑ අතීතය රාජ්‍යයට හෙළිකළ අතර පාර්ලිමේන්තුවේදී මගේ නම ප්‍රකාශ කරමින් මට ලංකාවට නැවත පැමිණීමට නොහැකි (අඩුම වශයෙන් මගේ මවගේ මළගමටවත්) තත්ත්වයක් ඇති කරනු ලැබීය.

මා මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටියෙමි. පවතින වැඩවසම් රාජ්‍යයට එරෙහිව වන අතරම ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටිමි. විප්ලවයේ සිහිනයෙන් මිදී මා බොහෝ කල්ය. ඒ වැඩවසම් සමාජයක, සමාජවාදී සමාජ පරිවර්තනයක් සිදු නොවිය හැකි බැවිනි. ඒ තුළ ඇතිකළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ය යන්න මගේ වැටහීමයි.

අවසානයේ පැවසිය යුත්තේ ජ.වි.පෙ. තම වැරදි නැවත නැවත කළ පක්ෂයකි. ඒ වැරදි හඳුනානොගැනීමෙන් ලංකා සමාජයට ගෙවීමට සිදුවූ වන්දිය අති විශාලය. නව කණ්ඩායම වෙත ද මගේ විවේචනය තදින් කියා සිටින්නේ ඔවුන් තවමත් පැරණි වරදම කරමින් සිටින බැවිනි.
මගේ ලිපිය පුරාම මා පවසා තිබුණේ කළ වැරදිවලට ස්වයං විවේචනයක් කර තම පක්ෂය විසින් මරාදැමූ (වෙනත් මත දැරීම නිසා) මිනිසුන්ගෙන් සමාව නොඉල්ලා දේශපාලනයක් කිරීම වැරුද්දක් බවයි.

වැරදි නිවැරදි කරගන්නවාද නැතිනම් අප වැනි විචේචකයින්ට "ද්‍රෝහීන්" කියා සිත් සනසා ගන්නාවද යන්න ඔබට අයිතිය!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- JVP, Janatha Wimukthi Peramuna, 1971, 1989, Rohana Wijeweera, Hiru Kandayama
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
දැන ගන්න අහන්නෙක් මෙහෙම කියනවා :
ඔය කියයලා තියෙන්නේ හරි ලස්සනට තමන් දන්නෙත් නෑ මොනකද්දතමන් කිව්වේ කියලා
ජවිපෙ පාක්ෂිකයෙක් සහ එම පක්ෂය අතර තියෙන සම්බන්ධය මානුශිකව සංවේදී එකක් කියල ජවිපෙ අයව ආශ්‍රය කරල තියෙනව නම් ඕනෙ කෙනෙක් දන්නව.එහෙම සලකපු පක්සය කඩාගෙනයි මුන් මේ එලියට ඇව්ත් ඉන්නෙ ) ....බම්බුව ..ඔය උඹ කියලා තියෙන විරාජ් ලියනආරච්චිගෙන්ම අහපන් පක්ෂය කොහොමද සැලකුවෙ කියලා.

විභවය කියන්නේ අවස්ථාව - වෙන්ස් විය හැකි යන්නය . හරි මොකද්ද වෙනස තවම ජාතික ගැටලුව මනින්නේ විජේවීරගේ පො​තෙන්නම් කොහොමද එතැන විභවයක් තියෙන්නේ. ඒක නිර්මාක්වාදීය කියලා ඔප්පු කරලා පෙන්නුවේ 1996 දී. ඉස්සෙල්ලා ඔය උඹලගේ නායක පිළිම කියලා දීපු මාක්ස්වාදයෙන් එළියට ඈවිල්ලා මාක්ස්ව ආයේ රීඩ් කරපං.

ජාතිවාදය පිටුදකින පයිට් එක හරියටම කරන්න තිබුණේ දැන් නොවෙයි. අඩ්ම තරටමේ 2009 දී. උතුරේ මිනිස්ස ලක්ෂ ගණනක් මරලා දාද්දි. අන්න එදා එලියට ආවනම් ඈත්තටම ලසිත්ලට යම් බලපෑමක් කරනන තිබිනා. LTTE එකට විවේචනාත්මක දකුණේ සහයෝගය දෙන්න . ඒ ඔක්කොටම අත උස්සලා දැන් කියනවා මේක අපේ යුද්ධයක් නොවෙයි. උන්ගේ යුද්දයක්.

මාර විභවය-


කිවුව වෙලාව- 2011-11-24 01:01:30
කුම්භඝෝෂක මෙහෙම කියනවා :
//කරුණාකර මොකද්ද විභයය කියලා පෙන්නනවාද? ලසිත්ලා ස්ව්‍යංනිර්ණයට එකගද? 13 ට අකමැතිනම් 17 ගැන ඈයි ඒ විවේචනය ජවිපේ ඇතුළේ ඉද්දි කරේ නැත්තේ?? පොඩ්ඩක් කියනවද විභවය...//

අනේ ලොක්කො ලසිත් හරි මොකා හරි ජවිපෙ ඇතුලෙ කරපු විවේචනය ගැන මොනවද ඔයා දන්නෙ?‍ඒක ජවිපෙ ඇතුලෙ කරන විවේචනයක් මිස ඔයාට ඇහෙන්න කරන එකක් නෙමෙයිනෙ.මේ මහත්තුරු මෙච්චරයි ‍කොරන්නෙ.තව මාස දෙක තුනකින් ලසිත්ල මොකක් හරි එලියට දැම්මට පස්සෙ ඒකෙ මොකක් හරි පලුද්දක් අල්ල ගනී.ඊට පස්සේ ඒ පලුද්දට මුවාවෙලා දේශපාලනයෙන් ඇග බේර ගනී.විප්ලවය පොලොවෙ කොරන එකට වඩා ලේසියි බයිට් එකට සයිඩ් බිස්නස් එකක් විදිහට ඒක ගැන කතා කර කර ඉන්න එක.ඇත්තටම වමේ ව්‍යාපාරයක් හැදුනොත් මේ ටෝක් දෙන බුවාලට ටෝක් දිදී ඉන්න අමාරුයි.පහුගිය කාලෙ ජවිපෙ ඇත්තටම ජාතිවාදයට ගිය හින්ද මුන්නැහෙලාට ආහ් අපි දේශපාලනය පොලොවේ කොරන්නෙ නැහැ මොකද මුන් ජාතිවාදීයිනෙ කියල ඇග බේරගෙන හිටියා.ජවිපෙ ජාතිවාදීයි නම් අඩුම තරමින් ඇත්ත වමේ ව්‍යාපාරයක් හදන්නවත් ට්‍රයි එකක් දැම්මෙ නැහැ.දැන් ජවිපෙන් අයින් වෙච්ච අය ජාතිවාදයට විරුද්ධ තැනක ‍ඉදන් දේශපාලනය තෝරන්න ඕනෙ කියල කියනව.මේක මෙයාලගෙ ආතල් කැඩීමක්.ඒකට කට්ටියට නප්පියට නැගල.මේකයි මේ බරසාර දේසපාලන විග්‍රහ ඇතුලෙ තියෙන සරල දේශපාලන ඇත්ත.යම්තම් බූන්දිය සංවාදයට ටිකක් සමබර කොරන්න වෙනත් අදහස් දැක්වීමක් විදිහට සරත් දිසානායකගේ ලිපියක් දාල තියෙනව.විභවය මොකක්ද කියල හොයාගන්න ඕනෑ නම් ඒ ලිපිය කියවල බලන්න.විභවය කියන්නෙ අවස්ථාව කියන එක.වෙනස් දේකට ඉඩක් තියෙනව කියන එක.ජාතිවාදය බැහැර කල යුතුයි ඒක සමාජයේ අගතියක් කියල මෙයාල කියද්දි ඒකට ෆයිට් කරල පක්ෂෙන් එලියට එද්දි ( ජවිපෙ පාක්ෂිකයෙක් සහ එම පක්ෂය අතර තියෙන සම්බන්ධය මානුශිකව සංවේදී එකක් කියල ජවිපෙ අයව ආශ්‍රය කරල තියෙනව නම් ඕනෙ කෙනෙක් දන්නව.එහෙම සලකපු පක්සය කඩාගෙනයි මුන් මේ එලියට ඇව්ත් ඉන්නෙ ) ඒක වෙනස් දේශපාලනයක් සදහා මුලපුරන්න තියෙන අවස්ථාවක්.ජවිපෙ ඇතුලෙ ඉන්නෙ මේ රටේ ගම්වලින් එන කොල්ලො.නිර්ධන පංතිය.ජවිපෙ ඇතුලෙ තියෙන අගතීන් කියල පරාවර්තනය වෙන්නෙත් ඒ නිර්ධන පංතියෙම ( ලංකාව වගේ පසුගාමී රටවල ) අගතීන්ම තමයි එක්තරා ආකාරයකට.මේව නිවැරදි කරගන්න පුලුවන් දැවැන්ත හා නිරන්තර මතවාදී සටනක් දිගටම පවත්වා ගැනීමෙන්.ඒක ඒ සංවිධානය ඇතුලට සීමා විය යුතු නැහැ.විරාජ් ලියනාරච්චි කොහෙ හරි එක පාරක් ලියල තිබුණු විදිහට වෙන්න ඕනෙ ජවිපෙ වටේ ඉන්න ජවිපෙ නොවන කොටස් වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක්.ලසිත්ල වෙන් වෙන මුල් අවස්ථාවේදීම ඒ ගැන කිසිම සුබවාදීත්වයක් පෙන්නන්න සූදානම් නොවීමෙන් පේන්නේ ඉස්සරහට ඇග වෙහෙසන දේසපාලනයක් කොරන්න මුන්නැහලට තියෙන කම්මැලිකම මිස වෙන මොකක්වත් නෙමෙයි.


කිවුව වෙලාව- 2011-11-23 20:23:39
අහුබුදුගේ යාලුවෙක් මෙහෙම කියනවා :
ප්‍රියන්ත පුස්පකුමාරයාණෙනි,

දැන් ඔය එළියට ඇවිත් ඉන්න ඈයෝ ගැන මේ ලියන කවුරු කවුරුත් නොදන්නා ඉත්තේරුවෙන්ම උඹට විතරක් තේරෙන මහා රහසක් තියෙනවැයිම කියමුකෝ. ඒ ගැන කියන්න අදහසක් තියෙනවා නම් වැල් වටාරම් නැතුව, නිරවුල්ව කිව්ව නම් නේද හොඳ බං? කියවන එකාටත් උඹ කියන්න හදන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් හරි තෙරෙන්නත් එපැයිනේ. එකඟ වුණා හෝ නැතා හෝ හේනායකආරච්චි කියන සිංහල තේරෙනවානේ බං කියවන එකාට. ඒ නිසා ලියන දේ කලබලේට දාන්න කලින් එක පාරක් දෙපාරක් හෙම කියවලා බලලා, උක්තය - ආක්‍යාතය ගැළපෙනවාද චැක් කොරලා, කියන්න උවමනා කරන අදහස කියැවිලාද කියලා සැක හැර දැනගෙනම දැම්මොත් තමයි නේද කාට කාටත් ප්‍රයෝජනේ, මං අහන්නේ........!


කිවුව වෙලාව- 2011-11-23 10:30:32
මසුරං මෙහෙම කියනවා :
@ ප්‍රි.පු.කු
පිෂ්ෂු නැහ්නම් සෝ....ක්


කිවුව වෙලාව- 2011-11-23 10:08:45
දැන ගන්න අහන්නෙක් මෙහෙම කියනවා :
මේ වෙන්විම තුල විශාල විභවයක් පෙන්නුම් කරනවා,

කරුණාකර මොකද්ද විභයය කියලා පෙන්නනවාද? ලසිත්ලා ස්ව්‍යංනිර්ණයට එකගද? 13 ට අකමැතිනම් 17 ගැන ඈයි ඒ විවේචනය ජවිපේ ඇතුළේ ඉද්දි කරේ නැත්තේ?? පොඩ්ඩක් කියනවද විභවය...


කිවුව වෙලාව- 2011-11-23 07:45:50
Priyantha Pushpakumara මෙහෙම කියනවා :
ඉල් මහ විරු සමරු හෘද සාක්ෂියන්ගෙ තව දුරෙ කෙටිබව

මුලින්ම කිව යුත්තෙ මාගෙ අදහස් දැක්විම තුල කෙන්තියක ස්භාවයක් තිබුනාන්ම් මා පුදුම නොවන බවයි, මක්නිසාදයත් ඇත්තෙන්ම මට මෙය කියවිමෙන් කෙන්තියක්ද ගිය බැවින්, මා හට කෙන්ති යන්නෙ වෙන කිසිවක් නිසා නොව රන්ජිත් කියනා ආකාරයෙන් ජ.වි.පෙ පමනක් නොව මට අනුව ජ.වි.පෙ නොවන බලවෙගයද ඉතිහාසය පුරාවටම තම වැරදි නැවත නැවතත් කරමින් සිටින නිසාය.

රන්ජිත්ගෙ මෙම ලිපිය තුලින් ගම්ය වෙන්නෙ ලංකාවෙ සාමාජය පිලිබදව සම්පුරන වගකිම ඇත්තෙ ජ්.වි.පයට පමනක් යන්නයි. ඔහු වෙත මා යොමු කල කිසිම ප්‍රශ්ණයකට නිසි පිලිතුරක් දෙනවා වෙනුවට, මට ඒ කන්ඩායම් ගැන අදහස් දැක්විය නොහැකිය වැනි දේශපාලනිකව නපුන්සක පිලිතුරක් දි ඇගබෙරා ගැනිමකි. ඔබට ඔබෙ ඇග බෙරා ගැනිමට ඇති අයිතිය මා සම්පුර්නයෙන්ම පිලිගන්නා අතරම ඔබට, මා හට හෝ අන්කවරෙකුටත් අන් අයව අනතුරට හෙලිම්මෙ අයිතියක්ද නැත යන්න වෙනුවෙන් මා තරයෙ පෙනි සිටිමි.

දැන් ඔබ කලබල වි ඇති අයුරු මට පෙනවා, ඔබ කියන්නට සුදානම් වෙන දෙය ද මා හොදින් දන්නවා ඒ මොකක්ද, "මම කාවද අමාරුවෙ දාල තියන්නෙ මම දුක් විදගෙන කරලා තියෙන්නෙ අනිත් අයව බෙරන්ඩ උත්සහා කරන එකනෙ", ඔවු ඔබ දුක්විදි බව මා පවුද්ගලිකවම දන්නව, ඔබ මිනිසුන් හට උදවු කිරිමට උපරිමයෙන් උත්සහා කරන බවද මා දන්නවා, ඒ සදහා මා තුල ඔබට විශාල ගවුරවයකුත් තියෙනවා, නමුත් ප්‍රශණය තියෙන්නෙ මේ නිමෙශයෙදි, මේ සංවාදයෙදි ( වරදවා වටහා ගන්න එපා මා සදහන් කරන්නෙ බුන්දිය තුල අපි කරන සංවාදය පමනක් නෙමෙයි, මෙහිදි විශේෂයෙන් කිව යුතුයි බුන්දිය මේ කරමින් ඉන්නෙ හැකියාව අතින් අති විශාල පරතරයක් සහිතව වුවද1994දි "යුක්තිය" හා "රාවය" ඇතුලු අනිකුත් බොහො අය එම යුගයෙදි සාමාජ මනො භාවයන් මෙහෙවිමෙ විශාල බලයක් සහිතව සිටිමින් කල වැරද්දම්යි )ඒ ක්‍රියාවන් වලින් ඔබ්බට පැමින අපි අපිවද මහා චිත්ත්‍රය තුල තබා කියවිමට සුදානම් නැත්නම්, මැත අනාගතයෙදිම නැවතත් ජ.වි.පය හෝ වෙනත් සංවිදානයක් විවෙචනය කරමින්,ඒ තුලින් අපහසුවට පත්වුවන්ට මොකක් හෝ උදවුවක් කරමින් ජිවත් විය හැක.

මාගෙ මුලික තර්කය නම්, මේ මහා විනාසයට ජ.වි,පය මෙන්ම ඉට විරුද්දව සමාජය තුල සිටි අපද වගකිව යුතු බවයි.

දැන් අපි බලමු ඔබගේ අදහස් දැක්විම තුල තියන හිගකම හා පරස් පරය,

"මෙහිදී ඔබ සිතන අයුරු හා සිදුවීම සිදුවී ඇති අයුරු පහදා ගනිමු. ජ.වි.පෙ මුලු සමාජයම අත්අඩංගුවට ගත්තා නොව සමාජයේ තිබූ වැඩවසම්, පසුගාමී ජාතිවාදී මනෝභාවයන්ගේ අත්අඩංගුවට ජ.වි.පෙ. පත්වීමේ ප්‍රතිඵලයයි අපි සමාජය 87-89 දක්වා අත්වින්දේ. එහිදී මගේ දිවි රැකුනේ මා ලංකාවෙන් පිටත ජීවත් වූ බැවිනි."

ජ.වි.පේය විසින් සමාජය අත් අඩන්ගුවට ගත්තාද, සාමාජය විසින් ජ.වි.පේය අත් අඩන්ගුවට ගත්තාද නෙමයි මෙතන තියන ප්‍රශැණය, මේ ක්‍රියාව මොන ආකාරයට සිදු වුවත් අවසානයෙ මුලු සාමාජයම මහා විනාසයකට මුහුන දුන්නා.

ඔබ කියනා කාරනය සරලව විග්‍රාහා කලෝත්, වැඩවසම්, ජාතිවාදි සමාජයක් පැවතියා හා ජ.වි.පෙ නම් හැඩයක් ඇතිව හෝ නැතිව සංවිධානයක් තිබුනා, එම සංවිධානය එම සමාජයෙ අත් අඩන්ගුවට පත්වුනා. එතකොට මේ සාමාජයෙ සිටියෙ හා සිටින්නෙ මේ දෙගොල්ලන් විතර ද, ඔබ හා මා ඇතුලත් වෙන්නෙ මෙයින් මොන ගොඩටද ?, මේ කොට්ටාස දෙකටම නෙමෙයිනම් කෝ අපි කල කි දෙවල් ?

විශේෂයෙන් ඔබ කාතා කරනුයෙ 87 සිට 89 කාලය ගැන හා එ ක්‍රියාවලිය නිසා ඔබ විදි ගැහැට ගැනයි. ඔවු ඔබ බොහෝ ගැහැට විද ඇති බව මම දන්නවා,නමුත් ඔබ යනු පලවෙනියාත් අන්තිමයාත් නොවෙයි, මේ ලියන මා විශේෂයෙන් 1996 ජ.වි.පේ යෙ භහාවිතවන් නිසා ගැහැට විදි කෙනෙක්, මා ඇතුලු අනිකුත් සහොදර වරුන් විදි ගැහැට සදහා කෙලින්ම වගකිව යුතු අය අතර දැන් ජ.වි.පේන් මතවාදි අරගලයක් තුල වෙන්වි සිටින අයද සිටින බව අවිවාදිතය, මා සමග සිටි අනිකුත් සහොදරයන් ගේ අදහස මා දන්නෙ නති වුවද ( මක් නිසාදයත් අප අතර මේ වන විට කිසිම් හෝ මිනිස් ඇසුරක් නොමැත් බැවින් )මාගේ අදහසනම්, මේ වෙන්විම තුල විශාල විභවයක් පෙන්නුම් කරනවා, එහි හැඩය තවමත් තිරනය වි නොමැති වුවද එහි අනාගත්ය සදහා පොශනය කල යුතු ගුනයන් පෙන්නුම් කරනවා.

ඔබ ජ.වි.පේයෙ අබියන්තර ප්‍රජාත්න්ත්‍රවාදය නොමැතිකම ගැන කාතා කරනවා, නමුත් අනිකුත් කන්ඩායම් හා සංවිධානවල තත්වය කුමක්ද ?, අපි උපකල්පනයක් කරමු මෙහෙම, ජ.වි.පේය නොවන වෙනින් සංවිධානයක් බිහි වුනාය කියා, ඒ අයට අපිට කියන්නතියෙන්නෙ මොනවද ?, ඔහුන් අපෙන් ඇසුවොතින් මේ මහා විනාසය වෙන තුරු ඔබකලෙ කුමක්ද කියා, අපේ උත්තරය කුමක්ද ?,

අපි කියනවාද අපි හිටියෙ අතලොස්සයි,ජර්මනියෙත් උනෙ මෙකමයි,නමුත් අපි කොහෙ හෝ තානාපති කාර්යාලයක් ඉදිරියේ විරොදය පැවා,,, තානාපති කර්යාල ඉදිරියෙ විරොදය පැමද අවශ්ය කටයුත්තක් බව මා සියට සීයකින එකගයි.

අපි සිටියේ අතලොස්සයි කියා ඔබ ලෙසියෙන් ගැලවි යනමුත්, මා හට නම් එසේ කල නොහැක මක්නිසාදයත්, අප විසින් අත් හරිනලද අවස්තා අවශයනම් ඔනෑ තරම් පෙලගස් වන්නම්.

මා විස්වාස කරනුයෙ අපගෙ මුලික වගකිම වනුයේ, අප ගැන නැවත කියවිමක් කරගනිමින්, අපගේ අත්දැකිම් තුලින් අනාගතය ගොඩනැගිමට දායක වෙනවා මිසක අප අපේ කාර්ය අකුරටම ඉශ්ට සිද්ද කලා මෙන් බොරු මහාන්තත්වයෙන් හැසිරිම නොවෙයි.මක්නිසාදයත් අප කාහටවත් අඩම්බර විය හැකි ඉතිහාසයක් අපටද නොමැති බැවින්


කිවුව වෙලාව- 2011-11-23 04:27:34
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රංජිත් හේනායකආරච්චිගෙන් තවත් වියමන්
අදහස්
මහින්ද වන්දනාව වැඩවසම් බවට ආවැඩීමකි!
අදහස්
නීතියේ ආධිපත්‍යය පිහිටුවීම පළිගැනීමක්ද?
අදහස්
අම්මගෙන් විමසීම නොහොත් ඔන්න කනෝ පිනුම්!
වෙසෙස්
කාම්බෝජ මතකයන් සහ පාඩම්
අදහස්
මිත්‍යාවට පෙම් කර මිත්‍යාව මත ජීවත් වීම
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
චේ ලියයි.
නීතිය පාන් නිදහස
ගොවිකමේ නව පිළිසකර
මේ ගැන ඔබේ හඬ
නින්නාද වෙද්දී හැමතින්
ඔබේ පසෙකින් අප ඇදෙනු
ඔබ දකිනු ඇත

-මෙක්සිකෝවේදී මුල් වරට පිදෙල් හමුවීමේ ආශ්වාදයෙන් චේ ලියූ කව.
[චේ - මාලනී... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook