Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
දේශපාලන ඥාති සංග්‍රහය හෝ අනුග්‍රහය සදාචාරාත්මකද?
බූන්දි, 03:42:27
සංග්‍රහය යන නාම පදය දානය, ප්‍රදානය සහ සැලකීම යන අර්ථ සපයයි. මෙම ප්‍රදානයන් සහ සැලකීම් ඥාතීන්ට පමණක් ඉටු කිරීම ඥාති සංග්‍රහය ලෙස සැලකෙන අතර රෝම අධිරාජ්‍යවාදය තුළ, පූජක පංතිය තුළ (ක්‍රිස්තියානි , බෞද්ධ , හින්දු) සහ මුස්ලිම් රාජාණ්ඩු සහ ලිබරල් දේශපාලනය තුළ පමණක් නොව අධ්‍යාපනය, කලාව ආදී සංස්ථා තුළ මෙන්ම ජනවාර්ගික සමූහයන් තුළ ද මෙම ප්‍රපංචය ක්‍රියාත්මත වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ආර්ථීක ආගමික සහ දේශපාලන වශයෙන් හෝ මෙයින් එකකින් බලවත් වූ නායකයෙකු සිය අභිමතය මත සමීපතම ඥාතීන් (දරුවන්, සහෝදරයන්, බිරින්දන්, බිරිඳගේ පාර්ශවයන්) හෝ දුරස්ථ ඥාතීන් හා සමහර විට මිතුරුන් වෙත ඔවුන් සතු හැකියාවන් සැලකිල්ලට නොගෙන නිල තල සහ ඒ කැටුව එන බලතල ප්‍රදානය කිරීම දේශපාලන ඥාති සංග්‍රහය (Political Nepotism) ලෙස හැඳින්වේ.

සැඟවුනු අරමුණු රහිතව හුදු මානවවාදය හෝ ආගමික නිෂ්ඨා මුල්කරගෙන (උදා: දන්දීම, ප්‍රසාද දීමනා) නැතිනම් ලෞකික චාරිත්‍ර ක්‍රමයක් ලෙස (උදා: උපන් දින, විවාහ සහ ජයග්‍රහණ) සැමරුම් වලදී කරණු ලබන සංග්‍රහයන්ගේ රූපයෙන් දේශපාලන ඥාති සංග්‍රහය රූපය වෙනස්ය. එයට හේතුව මානව දයාවන් සහ ආගමික අරමුණු වලින් පෙළඹී කරණු ලබන සංග්‍රහයන්ට සදාචාරයක් තිබීමත් දේශපාලන ඥාති සංග්‍රහයට සදාචාරයක් නොමැති වීමත්ය. නොබෙල් සම්මානලාභී සැවෝ බෙලෝගේ පුත් ඇඩම් බෙලෝ In Praise of Nepotism නැමති සිය පොතින් ගැඹුරකින් තොරව බොළඳ ආකාරයට ඥාති සංග්‍රහයට ප්‍රශස්තියක් ලියුව ද, එසේම ශ්‍රී ලාංකික මැති ඇමතිවරුන් අවස්ථාවාදයට පණදෙමින් වර්තමාන පාලනයේ කැපී පෙණෙන ඥාති සංග්‍රහ ව්‍යවපංචයෙහි වරදක් නොදුටුවද, ඥාති සංග්‍රහයට කොහෙත්ම සාදාචාර පදනමක් නැත. එය ඥාති සංග්‍රහය පිළිබඳ ඔවුන්ගේ බාල නිර්වචනය මිස පීඩිත පොදු ජනතාවගේ සාදාචාරය නොවේ. ට්‍රොට්ස්කිගේ Their Morals and Ours පොත කියවන්නෙකුට මෙම සාදාචාරයන් දෙකෙහි වෙනස වැටහෙනු ඇත. බලවතා පමණක් සාදාචාරයේ ව්‍යවස්ථාදායකයා හා එහි හිමිකරු වන බව එවිට ඔහුට හෝ ඇයට වැටෙහෙනු ඇත. චෞරත්වය මොනතරම් දුරට සදාචාර විරෝධී ද, හුදු ඥාති සහ මිත්‍ර සම්බන්ධතා නිසාම නිලතල වලට පත්ව ඒවා අනිසි ලෙස පාවිච්චි කිරීම සහ ඒවාට මුවා වී මහජන මුදල් වංචා කිරීම (ඉන්දුනිසියානු ජනාධිපති සුහර්තෝ, පිලිපීන ජනාධිපති මාකෝස් මෙන්) ඒ හා සමානව සාපරාධි සදාචාර විරෝධී ක්‍රියාවකි.


ඥාති සංග්‍රහය (Nepotism)

Nepotism යන වචනයේ මුලාශ්‍රය "Nepot" නැමති ලතින් වචනයයි. එහි අර්ථය බෑණා (nephew) නැතිනම් මුනුපුරා (grand – child) යන්නයි. ඉතාලියානු බසින් "nepote" යන්හිද කියවෙනුයේ 'බෑණා' යන්නයි. මේ අනුව යමින් කොලින්ස් ශබ්දකෝෂය nepotism නිර්වචනය කරනුයේ ඥාතීන්ට පක්ෂග්‍රාහී වී අනුග්‍රහය දැක්වීමක් ලෙසය. (favoritism shown to relatives) සමහරු මෙම පහදාදීම් වලින් ඔබ්බට ගොස් කුසලතාවන් හෝ හැකියාවන් කිසිවක් නැති එහෙත් ඥාතීත්වය නිසාම උසස් තනතුරු ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය ඥාතී අනුග්‍රහකත්වය හෝ සංග්‍රහය ලෙස හඳුන්වති. මෙය පැරණි සහ ප්‍රාථමික ඥාති සංග්‍රහයයි. (This is old and primitive nepotism) තවත් ඥාතී සංග්‍රහ වර්ගයක් ද ඇත. එනම් ඥාතීන් වුවද ඔවුන්ගේ කුසලතා මුල්කරගෙන තනතුරු වලට පත් කිරීමය. මෙය නූතනවාදී ඥාතී අනුග්‍රහය (new nepotism) ලෙස හඳුන්වයි. (කෘතිය: In praise of Nepotism)

එසේම ඔහු මෙය උන්නතිගාමී (Progressive) ලෙසද හඳුන්වයි. මෙම ඥාතී අනුග්‍රහ වර්ග 02 පිළිවෙලින් උදාහරණ සහිතව පරීක්ෂා කිරීමට පෙර ඥාතී අනුග්‍රහය කැපී පෙණෙන ආගමික සංස්ථා දෙසද කෙටියෙන් හෝ බැලීම වැදගත් වනු ඇත.


ආගමික ඥාති අනුග්‍රහය (Religious nepotism)

සියලු ආගමක්ම න්‍යායේ සමානාත්මතාවය (egalitarianism) ඉස්මතු කළද ආගමික සංස්කෘතියේ ඉහළ නිල තලයේදී ඥාතීන්ට සැලකීම දැඩි ලෙස ක්‍රියාත්මක වු බවට උදාහරණ එදත් නොඅඩුව තිබිණි. අදත් නොඅඩුව ඇත.

ක්‍රි:පූ 06 වන සියවසේ බෞද්ධ සමාජය තුළද ඥාති වරප්‍රසාද ලාභීන් සිටියහ. (privileged kins) එහෙත් ධර්ම භාණ්ඩාගාරික තනතුර පිදුණේ සුදුසුකම් සැලකිල්ලට ගෙන ආනන්ද තෙරණුන්ටය. එම තනතුර ඒ හිමිට පිරිනැමුණේ ඒ හිමියන් ස්මෘතියෙන් අග්‍රගණ්‍යයවීමේ නිර්ණායක මතය. එසේම සිය සුළු මව වූ ප්‍රජාපතීට මෙහෙණි සස්නට බුදුන් අවසර නොදුන්නේ ඥාතී සංග්‍රහහය පිළිබඳ චෝදනාවක් එල්ල විය හැකි බැවින් යැයි පොත්වල සඳහන් වෙයි. බුදුන් වහන්සේ ගේ ඥාතී අනුග්‍රහය පිළිබඳ සංකල්පය ප්‍රතිපත්ති මූලික එකක් වුවද පැරණි භාරතයේ ඥාතීත්වයට විශේෂ සැලකිල්ලක් දැක් වූ බවට සාක්ෂි ඕනෑතරම් ඇත.

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භාවිතය තුළ එදා සහ අද ඥාති සංග්‍රහය ප්‍රදර්ශනය ව ඇත. මල්වතු-අස්ගිරි විහාරද්වයේ නායක ධුරය ඥාතීන් අතර පමණක් දෝලනය වන බව ප්‍රසිද්ධ රහසකි. ආගම්වල බඹරසර රැකීම නිසාවෙන් (celibacy) දරුවන් නොමැති වීමේ හේතුවෙන් ඥාති දරුවන් මහණ කර නායකත්වයට පත් කර ගැනීම ලංකාව තුළ පමණක් නොව විශ්වීය බෞද්ධ වලල්ල (Buddhist Diaspora) තුළද ප්‍රසිද්ධව ක්‍රියාත්මක වේ.

මධ්‍යතන යුගයේ පල්ලි වල පෝප් සහ බිෂෝප් වරු පත්වූයේද ඥාතීත්වයද මතයි. මෙය හඳුන්වන්නේ පෝප් පෙළපත (papal dynasty) ලෙයසි. පෝප් කැලිස්ටර්ස් III බෝර්ජියා හී බෑණා වරුන් දෙදෙනෙක් කාදිනල් වරු කළේය. පෝප් අලෙක්සැන්ඩර් IV ඔහුගේ අනියම් බිරිඳගේ සහෝදර වූ අලෙක්සැන්ඩිරෝ ෆානිසේ කාදිනල් ලෙස පත් කළේය. පෝප් පෝල් III අවුරුදු 16, 18 ගැටවරයන් දෙනෙක් කාදිනල් වරු කළේය. (Catholic Dictionary 2007) මෙම ඥාතී දම්වැල පෝප් ඉනසන්ට් III විසින් 1692 දී වලකාලන තෙක්ම ක්‍රියාත්මක වුණි. එහෙත් ඔහුගෙන් පසුද ඥාතී පත්වීම් වල අඩුවක් වුනේ නැත.

ඉහත ඥාතී සංග්‍රහ ප්‍රකාරයන්ට වඩා මානව විරෝධී සහ සදාචාර විරෝධී වනුයේ සුදුසුකම් නැති දේශපාලන හා ඥාතී මිත්‍රාදීන්ට නිලතල වලින් අනුග්‍රහය දැක්වීමයි. මෙම ඥාතී සංග්‍රහය පැරණි ඥාතී සංග්‍රහය (old nepotism) ලෙස හැඳුන්වනුයේ "සුදුසුකම් සහිත ඥාතීන්ට නිලතල පැවරීමේ" නව හෙවත් පශ්චාත් නූතනවාදී ඥාතී අනුග්‍රහයට (බෙලෝ: In Praise of Nepotism) එරෙහිවය. බෙලෝ මෙම දෙවැන්න උන්නතිගාමී නැතහොත් ප්‍රගතිගාමී (Progressive) ලෙස දැක්වුවද මානව වාදී හා සදාචාරමය කෝණයෙන් බලන කළ දෙකම අගතිගාමීය. දෙකම සුරාකෑමේ ක්‍රමවේද දෙකකි. පළමු වැන්න ඉතාමත් විවෘතව, නිර්ලජ්ඡීව, හිතක් පපුවක් නැතිව කරණු ලබන සූරාකෑමක් වන අතර ඇඩම් බෙලෝ ආවඩනු ලබන දෙවැන්න මහත්මා සහ පවුල් වාසගම් වශයෙන් කරණු ලබන සූරාකෑමකි. (උදා: කෙනෙඩියානු හා ගාන්ධියානු පවුල් ක්‍රියාන්විතයන්) එසේම දෙවැන්න බහුජාතික සමාගම් නැමති අරමුණ කරා පිය ඔසවන පවුල් ව්‍යාපාරයකි. මේ පිළිබඳව පසුවට වැඩි දුර විග්‍රහ කරමි. පළමුව පැරණි ඥාති සංග්‍රහයේ භූමිකාව දෙස බලමු. මෙහිදී පැරණි යන්නෙන් අදහස් වන්නේ කාලයෙන් පරාණ නොව භූමිකාවෙන් ප්‍රාථමික සහ මිලේච්ඡ (primitive) යන්නයි. සාදාචාර විරෝධී නූතන ඥාතී සංග්‍රහය පිළිබඳ විශාල මෑත ඉතිහාසයක් දෙස කෙටියෙන් බළමු. මේ සෑම රටකම මෙයට වඩා දහස් ගණන් මෙවැනි උදාහරණ පෙන්වා දිය හැකිමුත් අවධාරණය කරණුයේ කැපී පෙණෙන වර්තමාන ඥාති සංග්‍රහ කිහිපයකට පමණි.

වර්තමාන දේශපාලන ඥාති අනුග්‍රහය කෙටියෙන්

අසර්බයිජාන්-



ජනාධිපති හයිදාර් අලියෙවි අසනීප නිසාවෙන් ඔහුගේ පුත් ඉල්හාමි අලියෙවි 2003 අගමැති ධුරයට පත් කිරීම මැතිවරණයට ඔන්න මෙන්න තිබියදී ඔහු සිය පුතාව ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම.

මැලේසියාව-

ටූන් අබ්දුල් රසාක්- දෙවෙනි අගමැති, ඔහුගේ පුත් නජිබි ටූන් රසාක් වර්තමාන නියෝජ්‍ය අගමැති, අබ්දුල්ලා අහමඩ් 2008 අගමැති, ඔහුගේ බෑණා නියෝජ්‍ය ප්‍රධාන අගමැති

මාලදිවයින-



ජනාධිපති අබ්දුල් ගයුම්ගේ කැබිනෙට්ටු සහෝදරයන් 13 දෙනෙක් මස්සිනාවරුන් සහ පාසල් සගයන්ගෙන් සමන්විතව තිබිණ. මෙය මිලේච්ඡ ඥාති සංග්‍රහයේ කැපීපෙනෙන පරමාදර්ශයකි.

සිංගප්පූරුව-

ලී කුවායු- පළමුවෙනි අගමැති
ලී ලුං- කුවාං යුං ගේ පුතා 2008
ලී ලුං- අණදෙන නිළධාරියා
ත‍හා් චිං- ලුන්ෂගේ බිරිඳ (ලී කුවායුංගේ දුව). වත්කම ඇ. ඩො. බිලියන 100. නැගෙනහිර ආසියාවේ විශාලතම දුරකථන සමාගම නියෝජ්‍ය ලී කුඩා යුංගේ පුතාගේ සහ ඔහුගේ දියණියගේය.

සිරියාව-



ජනාධිපති අබ්දුල් හලිම් ගේ මරණයෙන් පසු ව්‍යවස්ථා විරෝධී ලෙස බාෂාර්-අල් අසාඩ් නැමති ළබාල තරුණයා ජනාධිපති ලෙස පත්කිරීම

වියට්නාමය-

වර්ෂ 1955 දී "ප්‍රජාතන්ත්‍රවාදී" මැතිවරණයෙන් බලයට පත් හෝ ඩින්ඩියම් පෞද්ගලික හමුදාවන්ගේ සහ රහස් පොලිසියේ නායකත්වයට පත් කළේ ඩින් ඩියම්ගේ සහෝදරයා වූ ඩින් නුය. හු (hu) නගරයේ නායකත්වය පැවරුවේ ඩින්නු ගේ බාලම සහෝදරයා වූ ඩින් කැන්ටිය.

චීනය-

අන්ත දුෂීත ඥාති සංග්‍රහයක්. (එසේම මෙය නැතිකිරීම සඳහා සැලසුම් ගණනාවක් චීනයේ කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කොට ඇත. මේ පිළිබඳ මෙම ලිපියේ පසුවට.)

නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කළා වූහ (whu) පරිගණක සමාගමක මිලින ගණනක් වටිනා කොන්ත්‍රාත් ප්‍රදානය කර ඇත්තේ ඔහුගේ අවුරුදු 22 වයසැති පුත් වන චෙං (Chen) ටය. ටෙන්ඩර් කැඳවීමක් හෝ විගණනයක් නැත. සුදුසුකම වූයේ ඔහුගේ පුතා වීම පමණි.

රුසියාව-



වැලැඩිමියර් පුටිං ගේ රජය අද සහ මුලින්ම මෙහෙයවනුයේ පවුල් ඇගයුම් තුළිනි. කැපී පෙනෙන ආරම්භය බොරිස් යෙල්සින්ගේ කාලයේ සිදුවිය. ඇනටෝල් පර්ඩියකෝෂ් නැමති අගමැතිගේ බෑණා සිය ඥාති සම්බන්ධතාවය නිසා අස්වෙන්න ගියද, පුටිං එම ලිපිය භාරගත්තේ නැත. බලශක්ති ඇමති වූ වික්ටර් ක්‍රිබස්වෙනන්කෝ සෞඛ්‍ය ඇමතිණිය වූ තත්යානා ගෝලිකෝවාගේ ස්වාමි පුරුෂයාය. අරක්ෂක ඇමතිගේ පුතා විවාහව ඇත්තේ ක්‍රෙසමිලීන්වල නියෝජ්‍ය ප්‍රධානියාගේ දුව සමග ය. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රි බොරිස් නෙමිස්, පුටිං ඥාතී සුළුතරයක් මත යැපී පාලනය ගෙන යන බවට චෝදනා කළේය. Kommesantvlast නැමති සඟරාව පුටිංගේ බල අධිකාරිය තුළ 35 ආකාරයට ඥාතී සබඳතා පෙන්වා ඇත. පුටිං අධික ලෙස අවිශ්වාස කිරීමේ මානසිකත්වයකින් යුතු අයෙකි. මේ බලයෙන් ජනිත වන මානසික රෝග කාරකයකි. හිට්ලර් ද බලකාමයෙන් මත් වීම නිසා මෙවැනි මනෝව්‍යාධියක් (Psychopaphology) ප්‍රදර්ශනය කළ බව එරික් ප්‍රොනම් සිය The Human Destruction පොතින් පෙන්වා දෙයි. පුටිං තුළද එම ලක්ෂණ ඇති බව නෙමිස් ටෝවවා අඟවා ඇත. ව්ලැඩිමයර් පුටිංගේ කැබිනෙට්ටුවේ ද අබ්දුල් ගයුම්ගේ තරම් නොවූවද සමීප ඥාතීනගේ නියෝජනය කැපී පෙනෙයි.

කියුබාව-



පිදෙල් කස්ත්‍රො අසනීප වූ විට ඔහුගේ සහෝදරයා රාහුල් කස්ත්‍රො ජනාධිපති කරණු ලැබීය. සහෝදරයන් පිදීම ඥාති සංග්‍රහයේ කැපී පෙනෙන්නෙකි. (ශ්‍රී ලංකාවේද එසේය. පසුව කියවමු.)

ප්‍රංශය-

නිකලොස් සාකෝස් ප්‍රංශයේ නිවිල් හී නගරාධිපතිව සිට පසුව ජනාධිපති විය. ඔහු තම පුත් ජින් සාර්කොස් එම දිස්ත්‍රික්කයේ මුල් අපේක්ෂක‍යාට ඉවත් වෙන්නට සලස්වා මැතිවරණයට ඉදිරිපත් කොට සිය පුතුන්ට ජය ලබා දුනි.

පකිස්ථානය-



පකිස්ථාන ජනතා පක්ෂයේ නායක බෙනාසීර් බුතෝගේ ඝාතනයෙන් පසුව සභාපතීත්වය පවුලේ රඳවා ගැනීම සඳහා ඔහුගේ ඇගේ පුත් බිලාවල් පත්කරණු ලැබීය. බෙනාසීර් බුතෝ සිය සැමියා වූ අල් සර්දාරි සභාපති ලෙස යෝජනා කොට තිබූ අතර බෙනාසීර්ගේ ඝාතනයෙන් පසු සර්දාරි සභාපති ධූරය පුතාට පැවරීමට කටයුතු කොට තිබුණි. බෙනාසීර් හිටපු අගමැති සුල්පිකාර් අලිබුතෝගේ දියණියයි.

ඉන්දියාව-





නිදහසින් පසු දේශීය ප්‍රභූ පංති පවුල් සහ ඥාති පාලනයකට තවත් උදාහරණයකි. ගාන්ධි, නේරු, ඉන්දිරා ගාන්ධි, සංඡේ, රජිව් සහ මේනකා ගාන්ධි දශක 6 ක පවුල් පාලනයක් ගෙන ගියහ. තවමත් එසේය.

ඇමෙරිකාව-



සත්‍යයෙන් ඈත් වුවද ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවයා ලෙස සමහරු සලකන ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඥාති/මිත්‍ර අනුග්‍රහකත්වය ඉහළින්ම දේශපාලනයට බද්ධ කරගත් රටකි.

20 වන ශතවර්ෂයේ ලොකුම සහ ප්‍රබලතම ඥාති සංග්‍රහහ ආයෝජනයා ජෝන් එෆ්. කෙනඩිගේ පියා වූ ජෝශප් කෙනඩිය. ඥාති සංග්‍රහයට එරෙහිව දියත්වුණු කිසිවක් ඔහු මායිම් කළේවත් නැති අතර වඩාත් නිහීන කරුණ වන්නේ ඥාතීන් නිලතලවලට පත්කිරීමේ හිරිකිතභාවය ඔහුට නොවැටහීමයි. පුතා ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ය. රොබට් කෙනඩි, එඩ්වඩ් කෙනඩි ආදී 1960 ගණන්වල ඇමෙරිකාවේ පතාක දේශපාලන පවුල් ව්‍යාපෘතියකි. නික්සන් පවුල, බුෂ් පවුල, සහ ක්ලින්ටන් පවුල් අමෙරිකානු දේශපාලනයේ ස්වභාවය තීරණය කළ පවුල් වූහ.

ඉහත සඳහන් ඥාති දේශපාලනය සහ ඒ කැටුව දියත්වුණු මහජන දේපොළ කොල්ලකෑම සහ නීති විරෝධි ආකාරයට මුදල් සහ බලය ඉපැයීම පිළිබඳ දළ විස්තර වුවද වර්තමාන දේශපාලනයේ මානව හා සාදාචාර විරෝධිභාවය හකුළුවා පෙන්වනු ලබයි. මීළඟට ඥාති අනුග්‍රාහික දේශපාලන ලාංකීය රූපය දෙස බලමු.



ඉන්දියාවේ, පකිස්ථානයේ හා ශ්‍රී ලංකාවේ ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී ව්‍යාපෘතිය දේශීය ධනේශ්වරය නියෝජනය කළ ඥාතීන් සුළුතරයකගේ ක්‍රියාදාමයක් විය. ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පුරෝගාමීන් පවා සමිප හෝ දුරස්ථ ඥාතීහු වූහ. නැතිනම් එකම පංතියක් නියෝජනය කළ මිතුරෝ වූහ. නිදහසින් පසුද මෙම ඥාතීත්වය, ප්‍රභූ මිතුරු දම අඛණ්ඩව ප්‍රදර්ශනය කළේය. වර්තමානය පිළිබඳව (එනම් අද පිළිබඳව) වැඩිපුර කථා කිරීම ඉදිරියට තබමින් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඥාති දේශපාලන පුද්ගල නාමයන් තුළින් ඉදිරිපත් කරමි. 2005 ට ප්‍රථම ශ්‍රී ලාංකික දේශපාලනය පවුල් දෙකක දෝලනය වූ දේශපාලනයක් වූ අතර අමාත්‍යධූරයන් පවා ලේ විවාහ ඥාතීත්වය මත තීරණය විණි.



ඩී.ඇස්. සේනානායක පළමු අගමැති, ඩඩ්ලි තුන්වෙනි අනුප්‍රාප්තිකයා [ඩී.එස්. ගේ පුතා], ආර්.ජී. සේනානායක, රුක්මන් සේනානායක, විඡේවර්ධන පවුල, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක (පියා) අගමැතිවරයෙක්, සිරිමාවෝ ඔහුගේ බිරිඳ තුන් වතාවක් අගමැති, දුව චන්ද්‍රිකා දෙවතාවක් ජනාධිපති, අනුර (මල්ලී) අමාත්‍යවරයෙක්.



ඡේ. ආර්. ජයවර්ධන, වාර දෙකක් ජනාධිපති ලෙස කටයුතු කළ අතර ඔහු බණ්ඩාරනායක පවුලේ ඥාතියෙකි. මෙම පවුල් පාලනය තුළ අප දන්නා සහා නොදන්නා බල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වූ අතර ඥාති මිත්‍රාදීන් නිළතලවලට පත්කිරීම, නීති විරෝධී ටෙන්ඩර්, මහජන මුදල් ගසා කෑම් සහ වෙනත් දූෂණ රාශියක් සිදු විය. ඊට පසු එළඹෙනුයේ නිදහසින් පසු ශ්‍රී ලාංකික දේශපාලනයේ සමාජවාදය, මානවවාදය, ප්‍රජාතන්ත්‍රවාදය නොඅඩුව රැක ලංකාව ආර්ථීක සහ සමාජීය වශයෙන් සුඛිත මුදිත කිරීමත් එසේම බණ්ඩාරනායක පවුල් වාදයෙන් ජනතාව බේරාගැනීම මුඛ්‍ය අරමුණු කරගත් මහින්ද චින්තතය සහ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට කැප වූ මහින්ද චින්තනයයි.

නිදහසින් පසු ශ්‍රී ලාංකික දේශපාලනයේ (සේනානායකලාගේ, බණ්ඩාරනායකලාගේ) න්‍යෂ්ටික පවුල් දේශපාලනයක් (Nuclear Family Politics) වටා විය. ව්‍යාප්ත පවුල් දේශපාලනයක් (Extended Family Politics) නොවීය. ජයවර්ධනගේ හා ප්‍රේමදාසගේ දේශපාලනය තුළ ඥාති මිත්‍රාදීන් සිටිය ද ඔවුන්ගේ දේශපාලන පුද්ගල කේන්ද්‍රීය වූයේ නැත. එහෙත් රාජපක්ෂ පාලන සමය අවුරුදු පහක් ඇතුළත න්‍යෂ්ටික මෙන්ම ව්‍යාප්ත පවුල් දේශපාලනයට ආ හැකි උපරිම දුරට ළංවෙමින් තිබේ.

රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තමාවටා ඉදිකරගත් ඥාති-මිත්‍ර බලපවුර මෑත ශ්‍රී ලාංකික දේශපාලනය තුළ දක්නට නොලැබුණු එකකි. ජනතාවගේ නිශ්ශබ්දතාවයෙන් භෞතීස්ම ලැබ 2005 සිට අදවන විට ඒ ශක්තියට පත්වෙමින් විස්තාරණය වන බව පුවත්පත් ගණනාවක් විසින් පෙන්වා දී ඇතිමුත් එම තනතුරුලාභීන් හෝ ජනාධිපති හෝ න්‍යෂ්ටික රාජපක්ෂ පවුල හෝ එම තොරතුරු අසත්‍ය යැයි අදවන තෙක් පෙන්වාදී නොමැත.



එක් පුවත්පතක් ඥාති - මිත්‍ර සංග්‍රහය හැඳින්වූයේ 'රාජපක්ෂ වෘක්ෂය' ලෙසය. 2005 දී මහින්ද රාජපක්ෂ, 'බණ්ඩානායක පවුල්ගස' කපා බිම හෙළීමට පොරොවක් ජනතාවගෙන් ඉල්ලීය. ජනතාව විශාල පොරොවක් රාජපක්ෂට දුන් අතර රාජපක්ෂ, බණ්ඩාරනායක පවුල්ගස කපා බිම හෙළීය. එම වළෙහි 'රාජපක්ෂ පැළය' හිටවිණි. අවුරුදු 05 ක් නිමවන අදවන විට එය දැවැන්ත වෘක්ෂයක්ව ඇත.

රාපක්ෂගේ න්‍යෂ්ටික ඥාති බලකාය

මහින්ද රාජපක්ෂ- ජනාධිපති, ත්‍රිවිධ හමුදා නායක, අමාත්‍ය නියාමක හා පාලක
ගෝඨාභය රාජපක්ෂ- ආරක්ෂක ලේකම්
බැසිල් රාජපක්ෂ- ආර්ථීක සංවර්ධන ආමාත්‍ය සහ බොහෝ අමාත්‍ය බලධාරි, ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක
චමල් රාජපක්ෂ- කථානායක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය
නාමල් රාජපක්ෂ- සභාපති, තාරුණ්‍යයට හෙටක්
යෝෂිත රාජපක්ෂ- නාවික හමුදාව, තාරුණ්‍යට හෙටක්
එන්. රාපක්ෂ- ජනාධිපති උපදේශක
නිරූපමා රාජපක්ෂ- ඇමැතිනි
ශෂින්ද්‍ර රාජපක්ෂ- ඌව මහ ඇමති
ප්‍රීති රාජපක්ෂ- ජනාධිපතිගෙ නංගි සහ පෞද්ගලික ලේකම්

රාජපක්ෂගේ පරිවාර ඥාති බළකාය

ලලිත් වීරතුංග- ජනාධිපති ලේකම්
උදයංග වීරතුංග- ශ්‍රී ලංකා තානාපති - රුසියාව
නීල් වීරතුංග- සභාපති - රන්මිනිතැන්න
සනත් වීරතුංග- සාමාන්‍යාධිකාරි ලංකා බැංකුව
දයා වීරතුංග - සම්බන්ධීකරණ ලේකම්
දිසානායකලා- ජනාධිපතිගේ මව් පාර්ශවයෙන්
වික්‍රමසිංහලා- ජනාධිපති ආර්යාවගේ පාර්ශවයෙන්

ජනාධිපති රාජපක්ෂගේ න්‍යෂ්ටික පවුලත් ඔහුගේ පරිවාර ඥාතීනුත් අද ශ්‍රී ලාංකික දේශපාලන හසුරුවන, පාලනය කරන බලවේගයන් වී ඇත. තෝරාගත් ප්‍රධාන ඥාතීන් පමණක් ඉහත සඳහන් කළමුත් ඥාති හිත මිත්‍ර ලැයිස්තුව මෙයට වඩා දිගය. විශාලය.



ඥාති මිත්‍ර අනුග්‍රාහකත්වයේ ජත්‍යන්තර රූපයත් එහි දේශීය රූපයත් අප සොයා බැලුවේ කරුණු දැනගැනීමකට වඩා ඥාති සංග්‍රහ දේශපාලනයේ සදාචාරය ප්‍රශ්න කිරීමටය.

ඥාති-මිත්‍ර අනුග්‍රාහක දේශපාලනය සදාචාරාත්මක ද?

"දේශපාලන ඥාති අනුග්‍රහකත්වයේ (Political Nepotism) සදාචාර වරදක් නැත." යන දෘෂ්ටිවාදය වපුරන අය (ඇඩම් බොලෝ සහ ලංකාව ද ඇතුළු සියලුම රටවල ඥාති රෙජිමේන්තු) ඥාති පාලනයට පක්ෂව තර්ක කිහිපයක් ඉදිරිපත් කරන මුත් ඒ සෑම තර්කයක්ම ශාස්ත්‍රීය බවින් තොර ප්‍රජාතන්ත්‍ර විරෝධි සහ සදාචාර විරෝධී, ප්‍රතිගාමී තර්කයන්ට වඩා වැඩි යමක් නොවේ. එම තර්කයන්ට වඩා වැඩි යමක් නොවේ. එම තර්කයන් එකිනෙක කෙටියෙන් බලමු.

1. රාජ-රුධිර-නාලිකා තර්කය (Argument from Royal Blood Line)

මෙම තර්කය පදනම් කරණුයේ රාජාණ්ඩු (උදා: ඉංගීසී, ප්‍රංශ, මෝගල්, තායි, පෝලන්ත, ජෝර්දාන සහ සිංහල වැනි) මතය. කුමාරවරු රාජත්වයට පත් වූයේ ඔවුන්ගේ රාජ-රුධිර-නාලිකා මතය යන්න මෙහි තර්කයයි. රජකෙනෙකුගෙන් පසු පුතෙකු හෝ සහෝදරයෙකු රජ වීම හා රාජ්‍ය බලය ලැබූවෙකු සමීප ඥාතීන්ට හා පරිවාර ඥාතීන්ට තනතුරු ප්‍රධානය කිරීම යන දෙකකි. පළමු වැන්න රුධිර-නාලිකා මත තීරණය වන්නක් නිසා එය ඥාති සංග්‍රහ ගණයට නොවැටේ. දෙවන්නට ජීව විද්‍යාත්මක පදනමක් (රුධිරය හරහා) තිබුණද එය දේශපාලන බලය ආරක්ෂා කර ගැනීම සඳහා කරණු ලබන මැකියාවෙල්ලියානු දේශපාලන උපක්‍රමය.

2. සංගතික තර්කය (Argument from Solidarity)

ඥාතීන්-(රුධිර හෝ පරිවාර) සංගතික භාවය ඇති කරන බව එම තර්කයේ මූලික පිළිගැනීමයි. මෙයද බොළඳ තර්කයක් වන්නේ, ඔවුන් ඉතිහාසය අමතක කොට සංගතික තර්කය ගොඩ නැගීම නිසාය. රුධිර සංගතිකය ප්‍රතික්ෂේප කල ඉතිහාසය (බිම්බිසාර-අජාසත්ත / ධාතුසේන-කාශ්‍යප / කාශ්‍යප-මුගලන් / කාවන්තිස්ස-දුටුගැමුණු සංගතිකද ?) අනිවාර්යයෙන්ම නැත. රෝම ස්පාක‍ඥ්ඥ සහ ප්‍රංශ දේශපාලනය තුළ වූවද තිබුණේ සංගතික භාවය නොව රුධිර-ඝටිමනයයි. ශ්‍රී ලාංකික දේශපාලනය තුළ වූවද මෙය නොතිබුණා නොවෙයි. අද වූවද නැතිවා නොවෙයි. තත්ත්වය මෙසේ නම් සංගතික තර්කයද නිෂ්ප්‍රභා වෙයි.

3. විශ්වීය තර්කය (Argument from Universality)

ඥාතීන් ඥාතීන් ට සැළකීම සෑම රටකම සෑම කාලයකම සිදුව ඇති නිසා දේශපාලනයේ ඥාතී සංග්‍රහය අයහපත් නොව රටකට ආශිර්වාදයකි. (රාජපක්ෂ ගේ ඥාතීන් නොවන ඥාතීන්ගේ බැටකන අස්ථීපංජරයක් නැති ඇමතිවරුන්ද මෙය අනුමත කිරීම ශෝක ජනකය.) ඇඩම් බෙලෝ සිය In Praise Nepotism පොතින් ඥාතී අනුග්‍රහකත්වයට පත් වීම ඉදිරිපත් කරන ලද තර්ක අතර මෙය ප්‍රධාන වේ. එහෙත් 'මූඪ' (මොට්ට) තර්කයකි. ලෝකයේ සෑම කාලයකම, සෑම තැනකම මිනිමරුම් සිදුව ඇති නිසා පාඨක ඔබට මිනිමැරීම සාධාරණය කළ හැකිද? එසේම නම් ඉහත තර්කයද අනුමත කළ නොහැකිය.

4. ආශමය තර්කය (Arrangement from Instinct)

ආශය යනු සියළු සත්ත්වයන් සතු උප්පත්තියෙන්ම (නැතිනම් නෛසර්ගිකම) හිමිව ඇති ජීව-මනෝ ගති සංස්ථාපනය කි. (Bio – Phychological Disposition) ඥාතී සංග්‍රහ අනුමත කිරීම සඳහා බෙලෝ ආශ තර්කයක් ඉදිරිපත් කරයි. ඔහු මෙසේ ලියයි. ඥාතීන් ඥාතීන් ට සංග්‍රහ කිරීමට පෙළඹීම ලිංගිකත්වය (Sexulity) සහ ආක්‍රමණශීලීත්වය (Aggression) මෙන්ම මූලික මනෝ අංශයකි. ඥාතීත්වයට විනයක් සහ ප්‍රමිතීන් සැපයු විට විපුල ප්‍රයෝජන ගත හැකි විය. එම නිසා එය අයහපත් නොවේ.

ඥාතී අනුග්‍රාහයකයන් බෙලෝගේ අදහස් මත යැපෙන අතර එම අදහස් ව්‍යාප්ත කරති. එහෙත් බොලෝ ගේ ඉහත ප්‍රකාශය වාණිජ ධනවාදයේ සහ ගෝලීය සූරාකෑමේ ක්‍රියාවලිය විනය ගත සුරාකෑමට ගනු ලැබූ ප්‍රතිගාමී වෑයමකි. සූරාකෑම හෝ මූල්‍ය වංචා තනි තනිව කළ ද පවුල් හරහා කළද එය සදාචාර විරෝධීය.

බෙලෝ ඥාති සංග්‍රහය මූලික ආශයක් ලෙස හැඳින්වුවද එය මයිකල් ඩග්ලස්, ෂැරොන් සහ ෆැරොන්ටේටි රඟපෑ Basic Instinct සිනමා පටයේ එන ආකාරයේ ලිංගික ආශයක් නොව ඥාතීත්වය හරහා මහජනතාව සූරාකෑමට ලක්කරන සාදාචාර විරෝධි ආශයකි. ඥාති දේශපාලනය ජාත්‍යන්තරව කරනු ලැබුවේ ආසාධාරණ ලෙස මහජන මුදල් කොල්ලකමින් සිය පවුල් තරකර ගැනීමකි. ඥාතී අනුග්‍රාහකත්වය මනෝ විද්‍යාත්මක ප්‍රභවයක් දීමෙන් එහි දූෂිතභාවය සාධාරණීකරණය කළ නොහැක.

ඥාති වෛරසයෙන් දේශපාලනය මුදාගැනීමට නම්...

චීනය ද ඥාතී වෛරසයෙන් බැටකන රටකි. එහෙත්, ඒ සමගම ඥාති උවදුරෙන් චීන ජනතාව බේරාගැනීමට පියවර රාශියක් චීන කොමියුනිස්ට් පක්ෂය 2006 වසරේදී ගෙන තිබූ අතර මේ වන විට එය සාර්ථකව ක්‍රියාත්මක වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රෙගුලාසි අතර ප්‍රධාන වූයේ,

1. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ, අධිකරණයෙහි, නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන තනතුරු දැරීම රජයේ ජ්‍යේෂ්ඨත්වය තහනම් කිරීම.

2. පවුලේ සාමාජිකයන් පාලනය කරන ව්‍යාපාර සහ කර්මාන්තවල ආණ්ඩුවේ නිළධාරීන් සහ මැති ඇමතිවරුන් වැඩකිරීම හෝ තනතුරු දැරීම තහනම් කිරීම.

3. අමාත්‍යාංශ සහ කාර්යාලයන්හි සහායක නිළධාරීන් ලෙස ඥාතීන් පත්කර ගැනීම තහනම් කිරීම.

4. සිය තනතුරුවල බලයෙන් කිසිවක් වෙළඳෙපොළෙහි පවතින මිලට අඩුවෙන් මිලදී ගැනීම තහනම් කිරීම.

5. තමන්ගේ දරුවන් සහ බිරින්දෑවරුන්ගේ වෘත්තීන් සහ වාර්ෂික ආදායම රජයට 'වාර්තා' කිරීම.

6. සුදුසුකම් රහිත වූවන්ගේ අයථා පත්වීම් අවලංගු කිරීම.

7. ප්‍රතිසංවිධාන මුවාවෙන් ටෙන්ඩර් ලබාගැනීම, දේපළ විකිණීම තහනම් කිරීම.

8. ඥාති සංග්‍රහය පිළිබඳ විමසිලිමත්ම සිටීම, අධිකරණ අමාත්‍යාංශයට පැවරීම.

වර්තමාන ශ්‍රී ලාංකික ඥාති දේශපාලනය තුළ මේ සියල්ලම හිරිකිතයකින් තොරව සිදුවීම අපේම ඛේදවාචයෙකි. ගොඩ ආ හැක්කේ කවදාද කෙසේද යන්න අද අපට ඇති ලොකුම ගැටලුවකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Political Nepotism, In Praise of Nepotism by Adam Bellow, Their Morals and Ours by Leon Trotsky, Nepotism in Sri Lanka, Mahinda Rajapaksha
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
vajira kantha මෙහෙම කියනවා :
අදිපති කතිකාවක් විසින් ජනතාවගේ මතය පාලනය කරන විට සහ පුරවෑසියන් දියුනු ආන්ඩුක්‍රම ව්වස්තාවක් වෙනුවට සක්තිමත් පාලකයෙක් ඉල්ලන සෑම විටම පවුල් පාලන බිහිවී රටවල් අර්බුදවලට යයි

කිවුව වෙලාව- 2012-02-25 08:54:52
Athula මෙහෙම කියනවා :
Who can do this? Fonseka?

කිවුව වෙලාව- 2012-01-27 00:51:24
Roshen මෙහෙම කියනවා :
මගේ නම රොශේන්...මම මළේ කටුනායකදි...ටික කලකට ඉස්සල්ල පලු පෑලෙන්න මට ගරු බුහුමන් කල උන්ට දැන් මම කියල එකෙක් හිටියද කියල වත් මතක නැත. මට පණ දෙන්න කතා කල උන් මගේ ගෙදර උන් දැන් කනවද බොනවද කියලවත් බලන්නේ නැත...පිකටින් යන මොඩ හරකුනේ තොපිටත් වෙන්නේ මට යන කල දසාවම තමයි...

කිවුව වෙලාව- 2012-01-11 08:32:37
අලගියවන්න මෙහෙම කියනවා :
අනේ ඥාති සංග්‍රහය බුදුබණටත් එකඟයි. ඇයි එහෙව් එකේ ඒකට විරුද්ධ වෙන්නෙ. ඥාතකානන්ච සංගහෝ කියල මන්ගල සූත්තරෙත් තියෙනව නෙව.

කිවුව වෙලාව- 2012-01-07 10:23:05
ns deva මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-12-11 10:00:35
saman මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-12-07 16:49:25
saman මෙහෙම කියනවා :
අලයා.. බොරු ද්වෙශසහගත කතා කියන්න එපා මනුස්සයෝ. මෙතන ඩෙස්මන්ඩ් කරන්නෙ මහින්දව ප්‍රශ්න කිරීමක්. ඒකට සපෝට් එකට තමා අනික් රටවල අවස්තා යොදා ගන්නෙ... මේ විග්‍රහයෙදි වැදගත් ම තක්කඩි දෙන්නෙක් අමතක වෙලා තියනව ඩෙස්මන්ඩ්ට. එකෙක් කානු මීයන්ගෙන් මැරුම් කාපු ගඩාෆියා. අනිකා සදාම් හුසේන්...

කිවුව වෙලාව- 2011-12-05 09:01:12
alaya මෙහෙම කියනවා :
The learned professor has generalised the fact of nepotism all over the world and seems to justify the Sri Lankan case. You cannot find any parallels to Sri Lanka from the world. Here the situation is unique, extremely corrupt, rowdy and indiciplined. Prof, you had a detour.. comeback to the street, where the real situation lies and togeher reverse the enemy force.

කිවුව වෙලාව- 2011-12-05 08:36:08
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගෙන් තවත් වියමන්
අදහස්
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
වෙසෙස්
ඩී.එච්.ලෝරන්ස් ගේ "චැටර්ලි (අනියම්) භාර්යාව"
වෙසෙස්
Young Marx as a Lyrical Poet
වෙසෙස්
ගඩාෆි ඉවතට, අධිරාජ්‍යවාදීන් ද ලිබියාවෙන් ඉවතට| Gaddafi Out, Imperialists too Out from Libya
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
චේ ලියයි.
නීතිය පාන් නිදහස
ගොවිකමේ නව පිළිසකර
මේ ගැන ඔබේ හඬ
නින්නාද වෙද්දී හැමතින්
ඔබේ පසෙකින් අප ඇදෙනු
ඔබ දකිනු ඇත

-මෙක්සිකෝවේදී මුල් වරට පිදෙල් හමුවීමේ ආශ්වාදයෙන් චේ ලියූ කව.
[චේ - මාලනී... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook