Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
සමු ගැනීමේ ප‍්‍රකාශනය
බූන්දි, 17:37:13
"මේ නුඹලාගේ පාපයන් සමා කරනු වස් වැගිරීමට නියමිත මාගේ රුධිරයයි. මා පිළිබඳ මතකය වෙනුවෙන් එය පානය කරන්න සහෝදරවරුනි."
- ජේසුස්


එළැඹ ඇත්තේ නික්ම යා යුතු පැයයි.
සමු ගැනීමේ එළිපත්ත අසල දී
රිදුම් දෙන මගේ හදවත ගොළු ය.
ඔබ විසින් හැර දමන ලද මේ දෑත්
මරණයේ සීතලෙන් හිරිවැටී ඇති නමුත්
සහෝදරයෙකුගේය……

හිරු ගිලී ගිය
නිම්තෙරට නෙත් හෙළමි.
සටහනක් නොතබා ම සැඟව ගිය
අපේ පරපුරට කියාගත නොහැකි වූ
කොතෙක් නම් දේ
ගැඹුරු සුසුමන් විලස
මේ අහස යට විසිරී ඇත්ද?

සෙවණගල කඳවුරේ දොරටුව අසල
පුතු සොයා වැළපෙන මවක විය.
ඉන් බොහෝ කලකට පසුව
ඇය මිය නො ගියානම්
තාම ඇය එතැන
වැළපෙමින් සිටිනු ඇත.
මරණයේ භීතියෙන්
රැහැයියන් පවා නිහඬ වූ රාත‍්‍රීවල
මම ඇය අසල සිටියෙමි.

අළුගෝසු දෑත් සැඟවුණු
සුදෝසුදු උපාසක සළුවල
තැවරුණු රුහිරු ලුහුබැඳ
මරා ගින්නෙන් හළු කළ
පරපුරක වෛරය රැගෙන ආවෙමි.

නැගෙනහිර වෙරළේ අඳුරු සිර කුටියක
හුදෙකලා වූ දියණියක ළසෝ ගීතය
ඔබේ සවනට මිමිණුවෙමි.

කළුවරට එරෙහි ව එකින් එක දැල්වුණ
මේ මහා පහන් වැට නිවී යන්නට නො දී
අවදියෙන් සිටියෙමි.

යළිත් ඔබ කිසිදාක නො එතැයි
උන් දෙඩූ වහසි බස් නොතකා ම
ඔබ එතැයි බලා සිටියෙමි.
පෙරමගට විත් පිලිගතිමි.
එහෙත් ඔබ නො බලාම ගියෙහිය.

කඩිමුඩියේ නික්ම යන විට
මග හැරෙන, මගහැරුණු
බොහෝ දෑ තිබිය හැක.
බොහෝ දුක් දරාගෙන
දිවි පිදූ පරපුරෙක නිහඬ වීරත්වය විසින්
උන් වෙතින් වසන් කළ
ඔව්, උන්ට සොයාගත නො හැකිවම
මේ බිමේ සැඟව ගිය අවසාන රයිපලය වුව
මගහැරී දිරා යන්නට ඉඩ තිබේ.

නිය සිඳුණ ලේ ගලන සහෝදර අතකින්
මරණයට පෙරාතුව වධකාගාර බිත්තියක ලියවුන
අවසාන පණිවිඩය වුව
මගහැරෙන්නට ඉඩ තිබේ.

නවාලි දෙව් මැදුර කෙළවරක
හුදෙකලා බිළිඳු මළකඳ රැගෙන
හුරු පුරුදු උපහාස සිනහ මැද
අසූ නවයේ සොහොන් බිම් වෙත ගියෙමි.
නො මළ ගෙයකින් අබ සොයනු පිණිස නොව
මේ මහා මිනී කඳු අසල සිට
සිතන්නට බොහෝ දේ ඉතුරුව ඇති
බැවිනි.

කොළොන්නාවේ විසිර ගිය කළු දුමාරය මත
මෙසේ ලියැවී තිබිණ.
"යාපනයට පාන් නැත
මෙහි පාන් ඇත."
ඒ ලියූ අත් නිසලව
අගනුවර වීදීයක වැතිරී තිබිණ.

නො හඳුනන භූමියක
දිවිපිදූ ගරිල්ලෙකු වේ නම්
ඔහු සටන් වැදුනේ තම ජනතාව
වෙනුවෙන් නම්
ඔහු කවුරුන් වුවද
නිසැකව ම ඒ
අසූ නවයේ දී මළ මගේ සොයුරාය.

සහෝදරවරුනි
මා ඔබට පේ‍්‍රම කළාක් මෙන්
ඔහුට ද පේ‍්‍රම කරමි.

ඒ මළ කඳට කෙළ ගසා සතුටු වන
දෙනෝදාහක් අතරට පැමිණ
උස් හඬින් කෑ ගසා මෙසේ කීවෙමි.
"නවතපල්ලා මිනිසුනි
ඒ මාගේ මෙන් ම නුඹගේ ද සහෝදරයාය."

මා පාවා දෙනු ලැබූයේ එනිසාය.
ඔබේ නොසරුප් වදන් මැද
මගේ හඬ මැකී ගියේය.
සිහිනයෙන් හෝ පවු නො කළ
බොහෝ පින් බර දෑත්
වීසි කළ ගල් මුල් වලින්
මගේ හිස පුපුරා ලේ ගැලී.
ඉතිහාසයේ
පාපී ඉඳුල් දිය කඳ
මගේ හිස මත හැලූහ.

හදවතින් ලේ ගලන මේ පැය
පවරා ඉතිහාසයේ විනිසට
දහසක් සටන් බිම් වල
ළබැඳුණු සොයුරු මතකය
ඔබ ළඟ තබා නික්මෙමි.

දිලි දිලි දැවෙන පුපුරන
මල් වෙඩි අරක් ගත් මේ රැය
පවුකාර අඳුරටම ඉඩ දී
හිරු රැස් ගිලී මියැදිණ.

-හිරු- 1996 ජනවාරී 14

සටහන-

1989/90 මහා සංහාරයෙන් දිවි ගලවගත් තරුණ පරපුරේ ප්‍රකාශනය බවට පත් වූයේ හිරු පුවත්පතයි. ජවිපෙයේ නො නිල ප්‍රකාශනය ලෙස හැඳින්වුණු හිරු පුවත්පත, 1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක යළි දෙමළ ජනතාවට එරෙහිව යුද ප්‍රකාශ කරන විට සෘජුවම එයට එරෙහි ස්ථාවරයක් ගත්තේය. හිරු පුවත්පතේ මෙම යුධ විරෝධී ස්ථාවරයත් ඒ වනවිට කෙමෙන් යළි සිංහල ජාතිවාදී ස්ථාවරයන් කරා යමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයත් අතර මතවාදී ගැටුමකට හේතූ විය. නවාලී දෙව්මැදුරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මියගිය දෙමළ දරුවන්ගේ සේයා රූ හිරු පුවත්පතේ පළවීමත් සමගම ජවිපෙ නායකත්වය හිරු පුවත්පත දෙමළ බෙදුම්වාදයට සේවය කරන්නේ යැයි චෝදනා කරමින් හිරු පුවත්පත වර්ජනය කරන ලෙස තම සාමාජිකයන්ට සහ හිතවතුන්ට දැනුම් දෙන ලදි. හිරු පුවත්පත පළවීම නවත්වන්නට ගත හැකි සෑම පියවරක්ම ජවිපෙ විසින් ගනු ලැබිණ.

යුද්ධය යළි ඇරඹීමත් සමගම කෙමෙන් සිංහල ජාතිවාදයටත් යුධවාදයටත් නතු වූ සිංහල සමාජය තුළ තවදුරටත් අලෙවිය කඩාවැටුණු හිරු පුවත්පත ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පවත්වාගෙන යාමට නොහැකි විය. ජවිපෙ සහ හිරු අතර ගැටුම අතරමැද සම්මුතියකින් තොරව අවසන් වූ අතර ජවිපෙ සිංහල ජාතිවාදයටත් රජයේ යුද්ධයට පක්ෂපාතී ස්ථාවරයකටත් යොමු වූ අතර හිරු පුවත්පත දෙමළ ජනයාගේ ස්වයංතීරණය පිළිගන්නා ස්ථාවරයකට යොමු විය. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් හිරු පුවත්පත 1996 ජනවාරීයේදී නැවැත්වීමට සිදු වූ අතර මෙම කවිය එම අවසන් කලාපයේ පළ වූවකි. හිරු පුවත්පත වටා ගොනුවී සිටි බහුජන පාඨකයා ආකර්ෂණය කරගනු වස් ජවිපෙය විසින් "සිතිජය" සගරා සහ පසුකාලීනව ලංකා පුවත්පත ආරම්භ කරන ලදි. ලංකා පුවත්පත ආරම්භයේ සිටම යුධවිරෝධී ප්‍රගතිශීලි වාමාංශයට එරෙහි සිංහල ජාතිවාදයේ වෛරී ප්‍රකාශනය බවට පත් විය. ඉතිහාසයේ යමක් පළමුවර සිදුවන්නේ ශෝකාන්තයක් ලෙස වන අතර දෙවන වර එයම සිදුවන්නේ නම් ඒ විගඩමක් ලෙස පමණි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
kumar මෙහෙම කියනවා :
රෝහන විජේවීරගේ උරුමය ඉදිරියට ගෙන යන්නට වලිකන මොකා උවත් ඒකා පිඩිත දෙමලාගේ ගහලයෙකි...

කිවුව වෙලාව- 2011-10-21 09:21:07
nalinda මෙහෙම කියනවා :
මරුමරුමරුමරු

කිවුව වෙලාව- 2011-10-19 02:42:08
Krishan r මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-17 02:54:03
piyal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-14 08:44:49
සෝමරත්න සමරසින්හ මෙහෙම කියනවා :
1995 දී හිරු පුවත්පතට එන බෙදුම්වාදයට සහයෝගය දීමේ චෝදනාවම 2011දී අවුරෝරාවට සහ ලන්කා පත්තරේට එනවා. එදා සිතිජය සහ පසුව ලන්කා කරපු චන්දන සිරිමල්වත්තටම අද බෙදුම්වාදී චෝදනාවල කොටස්කාරයකු වීමට සිදුවීම දයිවයේ සරදමක්. එල්. ටී. ටී. ඊ ඉලක්ක වලට කියමින් දෙමල සිවිල් ජනයා ජීවත් වූ පෙදෙස් වලට මල්ටි බැරල් ඇතුලු බර අවි වලින් පහර දෙද්දී තදින් ඇස් පියාගෙන සිටි සහ දශක දෙකක් තිස්සෙ කිසි හිරිකිතයක් නැතුව සින්හල ජාතිවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශ ටොන් ගනනින් කල අය සගරාවක ලිපියක වචනයක් වචනයක් පාසා චෙක් කරමින් බෙදුම්වාදයේ හෙවනැලි සෙවීම ශෝකාන්තයක්ද විගඩමක්ද ?

කිවුව වෙලාව- 2011-10-13 22:26:33
චම්මද මෙහෙම කියනවා :
ජවිපෙ මේ අලුතින් කැඩෙනදෙගොල්ලන්ටම සදාචාරයක් තියෙන බවක් පේන්නෙ නෑ. මළ යකාට පන දෙන්න බැරිවෙන කොට අලුත් යකෙක් හදනවා වගේ වැඩක් කරන්නෙ. එහෙම නැතුව පැහැදිලි දේශපාලන කරුණක් තියෙන බව නම් මේ කැඩෙන කෑල්ලෙ පේන්න නැහැ.

කිවුව වෙලාව- 2011-10-13 21:13:12
PJG මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-13 21:10:05
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-13 19:14:27
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් සී හේරත්ගෙන් තවත් වියමන්
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
අදහස්
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
තවත් කවි බූන්දි
මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී
ඒ මුහුණ
ෂැන්ග්‍රිලා....
ඇනා සර්ගෙව්යනාගේ කවිය
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook