Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ත්‍රස්තවාදය තුරන් කිරීම - මහින්ද..., සර්පයා දුටුවාද?
බූන්දි, 19:32:19
"මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්ද සිල්වා භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තය බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. එතකොට කවුදෝ කෑගැහුවා. ඕකගෙ ඔළුවට තියන්න කියලා. එතන හිටපු දුමින්ද සිල්වගේ කට්‌ටියෙ කෙනෙක්‌ භාරත මහත්තයගෙ ඔළුවට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළා" යෑයි ඝාතනයට ලක්‌ වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියැදුරු තම ත්‍රාසජනක අත්දැකීම විස්‌තර කරමින් කියා සිටියේය.
-‘දිවයින’, 2011.10.10 දා


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය හා ඔහුගේ වටිනාකම් හා නො වටිනාකම් පිළිබඳවත් දුමින්ද සිල්වාගේ ජීවිතය, චරිතය, සෞඛ්‍යය හා අනෙකුත් නොයෙක් ක්‍රියාකාරකම් පිළිබඳවත් ඇති තරම් දේ දැනටමත් කියැවී හා ලියැවී ඇති අතර මේ සතිය අවසන් වෙන්නට පෙර තවත් බොහෝ දේ කියැවෙන්නට හා ලියැවෙන්නට හා පුනා පුනා කියැවෙන්නටත් නියමිත බව කිවයුතු නොවේ.

අපේ රටේ මිනීමැරීම ඉතා සුළු දෙයක් වී ඇත්තේ ඊයේ පෙරේදා සිද්ධ වූ අස්වාභාවික ග්‍රහ මාරුවක් නිසා නොවන බවත් මේ සියළු සංසිද්ධි මේ අයුරින් නො වන්නට කිසියම් හේතුවක් සොයා ගැනීම තරම් අමාරු කාර්යයක් නොමැති බවත් අපි හැමෝම දනිමු. කොටින්ම එකෙක් දෙන්නෙක්වත් වෙඩි කා, පිහිය ඇනුම් කා චූත නොවන්නා වූ මැතිවරණයක් නම් පන්සලක පල්ලියක දායක සභාවක් නිලධාරි පත් කරගන්නවා වැනි අවස්ථාවකවත් අහන්නට ලැබේදැයි සැක හිතෙන තරමට අපේ රටේ සංස්කෘතිය සර්ධාවෙන් හා මානුෂිකත්වයෙන් පෝෂණය වී තිබේ. මේ සිද්ධියේ සියළු අගමුල හොයන බවත්, රහස් පොලිසිය ඒ කටයුතු කරන බවත්, තරාතිරම නොබලා දඬුවම් දෙන බවත්, ජනාධිපති සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා ඇති බවත් පොලිසියෙන් ඇහෙයි. මේ කතා ටිකත් පටිගත කරන ලද නැවත ප්‍රචාරම මිස වෙනත් කිසි එකක් නොවන බව නො දන්නා කෙනෙකුත් ඇද්ද? මේ කතා ටික මේ විදිහට ම ප්‍රචාරය වූ මිනි මැරුම් කීයක් මේ වෙද්දී සිදුවී තිබේද යන්න අපි කවුරුත් දනිමු. ඒ කතාවල සත්‍ය අර්ථය මොකක්ද කියාත් මේ රටේ මිනිස්සු දනිති.

ඉහත ප්‍රවෘත්තිය පලවූ පත්තර පිටුවේ ම වත්තල ඇලක් අහල දමා ගොස් තිබූ මළ සිරුර අයත් ගුරුවරියගේ මරණය සිදුව ඇත්තේ රූප ලාවණ්‍යාගාරයක දී මුහුණේ ගැල්වූ ආලේපනයක් වීෂවීමකින් බවත් ආයතනය හිමිකාර යුවල සිරුර ඇල ලඟ දමා ගියා මදිවාට ඇගේ ජංගම දුරකතනයේ සිම් කාඩ් පත මාරු කර එය පාවිච්චියට ගෙන ඇති බවත් සඳහන් වී තිබේ.

කඩු පොළු ගිනි අවි එක්කම හැසිරෙන මිනිසුන් ඒවායේම ආනිසංශයෙන් මිය පරලොව යාම එකකි. මේ කඩු කුඩු සංස්කෘතිය රාජ්‍ය පාලන හස්තයේ පැළඳි පේරැස් මුද්දක් සේ ගරු බුහුමන් පුද පූජා ලැබීමේ ආනිසංශයෙන් ‘උන්ට හොඳ නම් අපට මොකෝ’ ප්‍රතිපත්තියේ පිහිටා කොල්ලා කුරුට්ටාගේ සිට බල්ලා පූසා දක්වාම මිනීමැරීම මෙන්ම මැරිච්ච එකාගේ ඉණ ඉහ අතගා ගැනීමත් කිසිම හිතේ ඔද්දලයක් නැතිව කරන්නට තරම් ම නිර්භීත වීම තව එකකි.

මුල්ලේරියාවේ ඝාතනයේ මූලික චරිතයක් වන දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු වීමත්, ආණ්ඩු පක්ෂයේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වීමත් අහම්බෙන් සිද්ධ වූ දේ ‍නොවේ. තවත් මෙවැනිම වූ නොයෙකුත් පත්වීම් සැලකීම් හා බලගතු කිරීම් සමග එක් කොට සිතා බලා අපේ රටේ තැන ලබන්නා වූ සුදුස්සන්ට තිබිය යුතු එකම සුදුසුකම මොකක්දැ යි යන්න හිත හිතා කල්පනා කර හිතා ගතයුතු දෙයක් ‍නම් නොවේ.

අපේ රට ත්‍රස්තවාදය පරාජය කලේත්, යුද්ධය දිනුවේත් ‘මානුෂික’ මෙහෙයුමකින් ය කියන්නාවූ ලේබලය සෑහෙන්න පෙඟී, සායම් දියවී තිබුණත් තවමත් බිත්ති තාප්පවල මෙන්ම, ජාතික වූත් ජාත්‍යන්තර වූත් කතා බහේත් අලව අලවා බෙදා හරින ලේබලයකි. මේ මානුෂිකත්වයේ අන්තර්ගතයේ ජීවන සුවඳ නාස් පුඩු පුරා දැනෙන්නේ මේ වාගේ සිදුවීම් පිස හමා එන සුළ‍ඟේය.

ඉතින්, මහින්දට කෙසේ වෙතත් අපි බොහෝ දෙනෙකුට නම් ‍අපේ රට පුරා දරණ ලා සිටින ලේ මාපිලා හඳුනා ගන්නට ඇස් පිසදා බැලීමේ උවමනාවක් නැත. මේ ප්‍රශ්නයේ අග මුල හා අලගිය මුලගිය තැන් පිළිබඳ අඩ සිය වසකටත් වඩා ඇති පදම් කතා බහ කෙරී තිබේ. එක් එක් කාලවල එක් එක් කාණ්ඩ වල ගිණුම් වලට බැර කරමින් ජිල් බෝල ගැහුවත්, ජඩ කම, මැරකම, හා තක්කඩි කම මුල් කරගෙන රටේ බලය ඇල්ලීමේ ගුඩු සෙල්ලම නතර කරන්නට අපි නායකයන්ය කියන්නා වූ කිසිම එකෙකුට අවශ්‍යතාවයක් නැත. මේකටත් හේතුවක් තිබේ. වාසනාවට හෝ අවාසනාවට උන් සියල්ලන්ගේ ම රෙදි කම්බා අස්සේ මේ සර්පයින් සිටීමයි. රෙද්ද ගලවා හෙළුව පෙන්නීම වෙනුවට, ‘අද දවසේ ඡන්ද කරන්නට, ඡන්ද දිනන්නට, මෙහෙම නොකර බෑ.... ’යි කියන මන්තරය මතුරා රටේ මිනිස්සුන්ගේ ඇස් කන් නාසා වල ඇබ ගහන්නට මුන් සියළු දෙනාටම හැකි වී තිබේ.

අපි අපේ කටවල් වල ගැසූ මී පැණි ඇබ සූප්පු කරමින් හුරේ දමන අතර, බලය ඇල්ලූ උන් උන්ගේ බල පුළුවන්කාර කම තව තවත් පුම්බා ගන්නට උන්ගේ අධෝ මුඛ වලිනුත් හුලං පිඹිති. මේ බැළුම් පිපිරෙන සුගන්ධය තව තවත් විඳින්නට අද වාගේම ඉස්සරහටත් මේ රටේ මිනිස්සු වාසනාවන්තය, පින්වන්තය. මෙසේ කිරීම තුන්වැනි ලෝකයේ අපේ වාගේ රටවල සංස්කෘති‍යේ ම කොටසකි. අපේ ජන්ම අයිතියකි. මෙව්වා ඔය බටහිර රටවල මානුෂික නිදහස ගැන බයිලා කියන උන් දන්නේ නැත. ඉගෙනගෙන නැත. අත් විඳ නැත. ඒක නිසා අපේ මේ අයිතීන් චිරාත් කාලයක් රැක ගැනීම, අපේ මේ පරම්පරාවෙන් පසු, ඉස්සරහට එන පරම්පරාවටත් ලියා කියා උගන්නා රැක ගැනීම අපේ යුතුකමය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Baratha Lakshman Premachandra, Duminda Silva, Sri Lankan Under World
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
කිරිහාමි මෙහෙම කියනවා :
මෙච්චර කල් මං මේවා දැනං හිටියේ නෑනේ

කිවුව වෙලාව- 2011-10-18 10:30:24
jaya මෙහෙම කියනවා :
මෙක ලන්කවෙ හිරිකිට ඩෙසපාලුව්න්ගෙ තවත් ඒක පොරකාමක් විතරයි.අසුචි ගොඩකට නිලමෑස්සො දෙන්නෙක් පොරකගෙනලු..........

කිවුව වෙලාව- 2011-10-15 10:10:49
Nalin මෙහෙම කියනවා :
කුඩු දුමියා හොඳට ඉන්නවලු. මේක ගෝට පිටපත ලිවුව නාට්ටියක්. ලකියගෙ මලගෙදර රස්නෙ ගියාට පස්සෙ දුමි අය්යා ආයෙත් ජනතාව අතරට එන බව මට නම් රාජ්පක්සලා තව අවුරුදු සීයක් රට කොරවන තරමටම සුවර්....

දුමි අය්යාගෙ කන පොඩ්ඩක් තුවාල වෙලාලු. අනේ ගෝට තුමනි, එයාට ප්ලාස්ටික් කනක්වත් දාල දෙන්ඩ...


කිවුව වෙලාව- 2011-10-12 17:50:59
pension karaya මෙහෙම කියනවා :
ane! ape Bodybuilder mantri tuma,Polu hamudawe Commander tuma kohoma hari beraganna.! ethuma nethiwa Chinthanaya idiriyata genayanne kohomada?

කිවුව වෙලාව- 2011-10-12 10:59:22
wan jinadasa මෙහෙම කියනවා :
fuck them all. now gota is worrying about duminda's life.police is looking for suspects. fuck you M-_-_-_ (baladaraya visin kapana ladi)

කිවුව වෙලාව- 2011-10-11 06:24:15
nalinda මෙහෙම කියනවා :
දැනට බලය හොදටම තියෙන ආණ්ඩුවේ බලය අඩු වෙන පළමු පයේදීම මරාගන්නේ සහෝදර සමගම මොකද ඊළගට අගමැති වෙන්නේ බසිල්ද නමල්ද කියන කරණය මුල් කරගෙන ඔව්නොව්න් එකිනෙක මරාගන්නවා ඇත

කිවුව වෙලාව- 2011-10-11 03:11:04
Milinda Moragoda මෙහෙම කියනවා :
මට හිතන්න බෑ අදහගන්න බෑ
පපු කිනිත්ත මගෙ... ආහ්..


කිවුව වෙලාව- 2011-10-11 00:45:08
Anti Mahinda මෙහෙම කියනවා :
Mahinda chinthanaye Yati bada Bharathala saha dumindala.
heta Namalbabyth guneka aragena chandapolaka avi. Chinthanayata Chande dunna mahajanathawata me Veerayange pihitai....


කිවුව වෙලාව- 2011-10-11 00:41:10
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සඳකාන්තගෙන් තවත් වියමන්
වෙසෙස්
රෝස කටු සුවඳ නැත....!
කරන්ට්ස්
ගෙදර යමන් ශිරාණියේ...! ගෙදර යමන් ශිරාණියේ...!
අදහස්
හර්දය සාක්ෂිය කොයිබටද? ස්ටැන්ලිගේ හා නිමලරූබන් ගේ ජීවිත වල යථාර්තය
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook