Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ආනන්ද සර්පයා දුටුවාද...? | සර්පයා නොදකින නූතන ආනන්දලා ගැන බණ කතාවක්
බූන්දි, 17:42:43
ලංකාවේ මාධ්‍යකරුවෝ රටේ ජනතාවට තලු මරමින් රසවිදීම සදහා විවිධාකාර පුවත් මවති. සිය පවුලේ දී, රැකියාවේ දී, මහපාරේ දී, මාර්කට් එකේ දී දවස පුරා පීඩාවට පත්ව සිටිනා පුද්ගලයාගේ ආවේගයන් එකතු කර පිටකර දැමීම වෙනුවෙන් භාවිතා කළ හැකි අගනා මානසික විරේකයක් මේ ප්‍රවෘත්ති තුළින් සපයා දීමට නිරතුරුවම විද්යුත් හා මුද්‍රිත ජනමාධ්‍යයන් ක්‍රියාකරනු ලබයි. ආගම්වාදය, ජාතිවාදය වැනි පටු මෙන්ම සංවේදී බෙදීම් මූලිකකොට ගෙන සිදුකරන මෙවැනි පුවත් වලින් යම් පාර්ශවයක් වෙත සියළු වැරදි පටවනු ලබයි. 2009.05.18 වැන දින තෙක් ඉතා පහසුවෙන් මේ සියළු පීඩනයන්ට හේතු ලෙස දැක්විය හැකි කාරණයක් අපසතු වූ අතර ඉන් පසු 'කිසිදු සතුරෙකු නොමැති වීමේ' බියකරු ඉරණම අප අබියසට පැමිණ තිබේ.

මාධ්‍ය මගින් නිරතුරුව ගොඩනගන ලද පොදු සතුරෙකු පිළිබදව වන දෘෂ්ඨිවාදය විසින් විටින් විට ජාත්‍යන්තර සතුරන් ලෙස බටහිර, දරුස්මාන්, එක්සත් ජාතින්ගේ සංවිධානය නම් කරන විට අනෙක් අතට ලංකාව තුළ ජීවත්වූ පුද්ගලයින්ට විවිධ ලේබලයන් අලවන ලදී. සමලිංගිකයින්, දුම්බොන්නන්, හිගන්නන්, කොළඹ පැල්පත්වාසීන්, පාතාල සාමාජිකයින්, විවිධ අපරාධවලට හසුවූ සැකකරුවන් ආදී වූ පිරිස් කිසිදු තාර්කික හෝ විධිමත් ආකාරයේ පරීක්ෂණයකින් තොරව වරදකරුවන් කර විනාශ කර දැමීමට පොදු සමාජය එකඟ විය.

එක් පසෙකින් රටක් ලෙස, සමාජයක් ලෙස අප විසින් සැබැවින්ම අත්විඳිමින් සිටින දේශපාලන ආර්ථික ගැටළු පසෙකලා, ව්‍යාජ ප්‍රමුඛත්වයකින් ඔසවා තැබෙන මෙවැනි අවශේෂ කාරණා මගින් සැබෑ තත්ත්වයන් මගහැර යන්නාක් මෙන්ම සමාජයේ වරදකාරී නොවන පිරිසක් නිකරුණේ දඩුවම් විඳීම ද මේ වන විට එදිනෙදා සිදුවීම් බවට පත්ව ඇත. යම් වරදක් සිදුවන තැනකදී වුවද එය අර්ථදැක්වෙන්නේ එහි සැබෑ ස්වරූපයෙන් නොව වෙනත් දෘෂ්ඨියකින් හා අරමුණු සහිතවය.

විවිධාකාර සුපිරි දේවල් සදහා සුප්‍රසිද්ධ ලිබර්ටි ප්ලාසා වෙළද සංකීර්ණයේ ඉහළ මහලක පවත්වාගෙන ගිය මහායාන බුදුදහමට අයත් ඇදහිලි මධ්‍යස්ථානය ‍දේශීය බෞද්ධ භීක්ෂූන් හා ගිහියන් පිරිසක් විසින් වටලෑමටත්, යම් ආකාරයක කලබලයක් ඇතිවීමටත් පසුබිම් වූ කාරණා සහ ඊට එරෙහිව නැගුණු විරෝධය පිළිබඳ විමසීමක් සිදුකිරීම මේ සටහනේ අරමුණයි.

දශක එකහමාරක පමණ ඉතිහාසයක් ඇති මෙම ආගමික මධ්‍යස්ථානය මහායාන බුදුදහමට අයත් “සද්ධර්ම පුන්ඩරික සූත්‍රය” මුලික කොටගෙන ගොඩනැගුණු ආගමික දර්ශනය පෙරටුකොට ගෙන සිය ඇදහිලි කටයුතු සිදුකර ඇත. දැනට හෙළිවී ඇති කරුණු වලට අනුව මෙහි එක්තරා සමාජ ස්ථරයක් ඉලක්ක කොටගෙන බොහෝ කාලයක් අප්‍රසිද්ධියේ කටයුතු සිදුකෙ‍රී ඇති අතර සමාජයේ ඉතා ඉහළ තනතුරු හොබවන පිරිස් සමූහයක් ද මේ සමග සම්බන්ධව කටයුතු කොට ඇත. මේ නිසාම මෙම ඇදහිලි මධ්‍යස්ථානයට එරෙහිව නැගෙන විරෝධය ද ක්ෂනිකව යටපත් කොට දැමීමක් සිදුවන බව ද පැවසේ.

සුඛෝපභෝගී පරිසරයක, යහමින් මුදල් සැරිසරන බැතිමතුන්‍ පිරිසකගේ සහභාගීත්වයෙන් ගොඩනැගුණු උපසංස්කෘතියක් ද මේ හා බැඳී ඇත. ආගම යන වචනයට සමාන පදයක් තරමටම ගැනිය හැකි “අන්ධ භක්තිය” ද මේ ඇදහිලි මධ්‍යස්ථානයට ද පොදු වී ඇති අතරම අන් හැම ඇදහිලි කණ්ඩායමක් මෙන්ම දිවි පරදුවට තබා ආගම ඇදහිමේ පුරුද්ද මේ භක්තිකයින් අතර ද තිබී ඇත. සතියේ දින හතේම උදෑසන 6ට පමණ සිට ආරම්භවන පූජාවන් සදහා දිනපතා සහභාගී වන පුද්ගලයින් සිටීම මේ සදහා හොදම උදාහරණය. අන් සෑම ආගමික සංස්ථාවන්ට ද වඩාත් පොදු වූ කාරණය වන විවිධාකාරයේ අපචාරී ක්‍රියා ද මේ ආගමික මධ්‍යස්ථානය වටා සිදුවී ඇති අතර සාපේක්ෂව වඩාත් යහමින් මුදල් සංසරණය වීම ඊට තව තවත් රුකුලක් වන්නට ද ඇත.

මෙම ආගමික මධ්‍යස්ථානයට එරෙහිව නැගුනු විරෝධයට පාදක වන්නේ කවර කාරණාවන් ද කියා දැන් විමසා බැලිය යුතුය. අන්‍යාගමිකරණය, අන්තවාදය, අපයෝජනය ආදී චෝදනා වලින් සමන්විතව ‍සිංහල බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛව වටලනු ලැබූ මෙම ආගමික මධ්‍යස්ථානයට එකී චෝදනා එල්ල කිරීම සාධාරණ ද?

මූලිකවම විමසා බැලිය යුතු දේ නම් මෙම ආගම කිනම් ආගමකට අයත්ද යන්නයි. එය මහායාන බුදුදහමට අයත් ශාඛාවක් නියෝජනය කරයි. දාර්ශනික අතින් කිසියම් ආකාරයක විරෝධයක් පාන්නේ නම් ඒ සදහා දාර්ශනිකව පිළිතුරු දෙනවා මිසෙක අත පය හොලවමින් පිළිතුරු නොදිය යුතුය. ආගමික හරය පිළිබදව වන දාර්ශනික සංවාදයක් බිහිවේ නම් එය මේ වන විට ලංකාව තුළ බිහිවිය හැකි හොදම සංවාදය විය හැකිව තිබුණත් එසේ අවශ්‍යතාවයක් කිසිවෙකුගෙන් පෙනෙන්නට නැත. තමන්ට කැමති ආගමික දර්ශණයක් ඇදහීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබෙන අතර ඊට බලපෑම් කිරීමට චීවරය ඇඟලූ පමණින් හැකියාවක් ලැබෙන්නේ නැත.

පසුගිය කාල‍ය පුරාවටකතාබහට ලක්වූ කාරණයක් වූයේ විවිධාකාරයේ අල්ලස් ලබා දී ආගම්වලට හරවා ගැනීමේ ව්‍යාපාරයක් දියත්ව ඇති බවයි. මෙම ආගමික මධ්‍යස්ථානය එසේ අල්ලස් ලබා දීමේ ක්‍රමයක් නොව සිය අනුගාමිකයන් සූරා කෑමේ ක්‍රමවේදයක් අනුගමනය කළ බැව් පෙනී යයි. එසේ නම් මේ ආගමික මධ්‍යස්ථානයට මිනිස්සු සිය කැමැත්තෙන් සිය ධනය, වස්තුව ලබාදීම පිළිබදව බාහිර පාර්ශවයකට විරෝධය දැක්වීමට අයිතියක් තිබේ ද යන්න විවාදසම්පන්නය. එය රැවටීමක් යයි අර්ථකතනය කරන්නේ එක්තරා දෘෂ්ඨි කෝණයකට අනුවය. එසේ දෘෂ්ඨිවාදයක් සහිතව මිනිසුන් රවටනු ලබන පුද්ගලියන්ට එරෙහිව විරෝධය පළකරන්නේ නම් බුදුදහම, හින්දු, ක්‍රිස්තියානි ආගම්වලට මුවාවී සිදුකරන කෝටි ප්‍රකොටි ගණන් වටිනා ධනය සූරාකෑම් ගැන මූලිකව විරෝධය දැක්විය යුතුය. ඇදහිලි වලට මුවාවී සංවිධානාත්මකව ක්‍රියාත්මක වන විවිධ "ගෲප් ඔෆ් කම්පැනීස්" ඕනෑතරම් ලංකාව පුරා ඇත‍. ඒවා රටකරවන තැන් ද පාලනය කරන තරමට ගොඩනැගී ඇත. සැබෑ විරෝධය එල්ල විය යුත්තේ ඒවා ඉලක්ක කොට ගෙනය.

සක්විති රණසිංහ වැනි ජාවාරම්කරුවන් ළග තැම්පත් කොට තිබූ කෝටි ප්‍රකෝටි මුදල් වල අයිතිකරුවන් අතර ආගමික නායකයින් ද සිටියහ. ලංකාවේ සිදුවූ තවත් විශාලතම මුදල් මංකොල්ලයක් වන ගෝල්ඩන් කී අරමුදලේ ප්‍රධානතම තැම්පත්කරුවන් අතර ලංකාවේ ප්‍රසිද්ධ ආගමික නායකයින් ද සිටියහ. එම මුදල් ඔවුන්ට ලැ‍බී තිබෙන්නේ ඔවුන්ගේ පරම්පරාවෙන් ගෙන ආ දේපොළ හෝ තමන් වෙත ලැබු‍ණු දෑවැදි නිසා නොවේ.

ඇමරිකානු ඩොලර් දෙකකට වඩා අඩු දෛනික ආදායම් ලබන්නන්ගේ ප්‍රමාණය රටෙන් භාගයකටත් ආසන්න වන විට, තරු ශ්‍රේණියකට අයත්වන හෝටලයක තරම් සැප පහසුකම් වලින් සැදි, සංචාරක ආකර්ෂණය ලබාගත හැකි වෙළද වටිනාකමකින යුතු ප්‍රදේශ වල භාවනා මධ්‍යස්ථාන බිහිවන්නේ පෙර කළ පින් හෝ පව් පටිසන් දීමෙන් නොව ගෞතම බුදුන් "සර්පයෙකුට" සමාන කළ 'මුදල්' ඉපයීම වෙනුවෙන් ම බව නොදන්නෝ කවරහුද? ආගම නාමයෙන් 'භාවනා ටියුෂන්' දීමෙන් මිනිස්සු රැවටීමත්, කොල්ලුපිටිය ලිබර්ටි සාප්පු සංකීර්ණයේ ඇදහිලි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමත් දෙකක් නොව එකක් ම ය.

මෙම මධ්‍යස්ථානය වටා ලිංගික අපචාරයන් පිළිබදව වන කතා සාක්ෂි ඇතිව ඉදිරිපත් කරනු ලැබ ඇත. ලොකු ලොකු පිරිස් ‍යනෙන ස්ථානයක් වු හෙයින් මෙම අපචාරයන් සදහා චෝදනාවට ලක්වූවන් තවදුරටත් නිදැල්ලේ සැරිසරනු ඇත. නමුත් සිදුවිය යුත්තේ එය නොවේ. කිසියම් බලවත් පාර්ශවයකින් ලිංගික වශයෙන් පමණක් නොව කිනම් හෝ කායික වශයෙන් අපචාරයකට ලක්වන්නේ නම් ඔහු හෝ ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එය සෑම ආගමික කණ්ඩයාමකටම පොදුවිය යුතුය. මිහින්තලේ සහ ලන්ඩන් තේම්ස් විහාරයේ නායක භික්ෂූන්ට චෝදනා එල්ලවූවා සේම සිය බාලයන් හා අනුගාමිකයින් ලිංගික අතවරයට ලක්කරන සියලු ආගමික නායකයින් නීතිය ඉදිරියට කැදවිය යුතු පමණක් නොව දඬුවම් ලබාදීම ද සිදුකල යුතුය. ‍විශේෂ සැලකුම් ලබන සියලු දෙනා නීතිය ඉදිරියේ සමානයින්ය. ලිංගික අපචාරවල නිතරවූවන් නීතිය ඉදිරියට ‍නොගෙන රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට උපදෙස් සපයන්නන් බවට පත්වූ විට ඒ රටට අත්වන්නේ කුමන ඉර‍ණමක්ද?

ආගම මානව ශිෂ්ඨාචාරයේ තීරණාත්මක සංස්කෘතික නිමැවුමකි. කාලයත් සමගම දියුණුවන මිනිසා විසින් එය ප්‍රශ්ණ කළ යුතුව තිබෙන අතරම ඊට අනන්‍ය වූ සමාජ භූමිකාවක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක අනන්‍යන්ගේ අයිතිය පිළිගත යුතු වන‍සේම බලය අඩුවීම නීතිය ඉදිරියට යෑමටත් බලය වැඩිවීම නිතිය මගහැරීමටත් හේතුවන්නක් වේ. ප්‍රධාන ආගම් විසින් තමන්ගේ සමාජයීය භූමිකාව අමතක කරලන්නේ නම් ඒ හිඩැස් පිරවීමට කුඩා කුඩා විකල්ප තත්ත්වයන් වර්ධනය වීමේ ශක්‍යතාවයක් පවතී.

කිසියම් වරදක් සිදුවන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට රාජ්‍යය ක්‍රියාත්මක විය යුතු සේම, රාජ්‍යය මෙහෙයවන තීරක දෘෂ්ඨිවාදයන් විසින් රටේ තීරණාත්මක සමාජ, දේශපාලන ආර්ථික ගැටලු මගහැරවීමට ගෙන එන විවිධාකාර ආවරණ විනිවිද දැකීමට සිවිල් සමාජය ක්‍රියාක‍ළ යුතු සේම විවිධ සමාජයීය ආයතනයන් විසින් තමන්ගේ කර්තව‍්‍ය ඉටුකරනු නොලැබීම සමස්ත සමාජයක් ලෙස පරිහානියට පත්වීමට ප්‍රධාන හේතුවකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Buddhism in Sri Lanka, Buddhist Monks, Religion, Commercialization, Liberty Plaza
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
සූස්ති ගුණේ මෙහෙම කියනවා :
"සද්ධර්ම පුන්ඩරික සූත්‍රය” මුලික කොටගෙන ගොඩනැගුණු ආගමික දර්ශනය පෙරටුකොට ගෙන සිය ඇදහිලි කටයුතු සිදුකර ඇත"

යකෝ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ තොයෙනවද මෙතෝදිස්ත පල්ලියට ගිහින් යාච්ඥා කරන එකත්?


කිවුව වෙලාව- 2011-11-13 18:25:43
Nilu මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-17 00:39:27
sandyavi මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-13 09:55:24
kirath මෙහෙම කියනවා :
hammooo... ape rate inna mullaah waru nisa agama gana arambena onama kathaa bahak kelawara wenne waliyakin.. sanka oya tika therena aya mewa kiyawanawa... eth ape ape aathal apima mewayin gannwa misak pahalata( ho wadi dena niyojanaya karana janpriya) PATHTHATA MEWA YANNE NATHI EKAMA NEDA WENNE?

කිවුව වෙලාව- 2011-10-12 10:44:45
madhawa මෙහෙම කියනවා :
Like

කිවුව වෙලාව- 2011-10-12 02:17:07
Sippi මෙහෙම කියනවා :
From King Vijaya to Mahinda and Mahaviharaya to Present religous mafia this happens.

කිවුව වෙලාව- 2011-10-10 23:23:08
nihanda මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-06 10:32:29
zzz මෙහෙම කියනවා :
මට හරිම ප්‍රශ්නයක් මේ වගේ "HEDDINGS " ඔය අය භාවිතා කරන්නේ අය කියල.

කිවුව වෙලාව- 2011-10-05 22:20:36
Nevil මෙහෙම කියනවා :
good analysis thanks for sharing

කිවුව වෙලාව- 2011-10-05 20:59:45
ජන්තු සේන මෙහෙම කියනවා :
සංකගෙ කතාව හරි.

කිවුව වෙලාව- 2011-10-05 04:12:49
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
මාක්ස් ලියයි.
......විද්‍යාව කරා වූ රජ මාවතක් නොමැත. එහි දිදිදුලන මුදුනට ළඟා වීමට අවස්ථාවක් ඇත්තේ, එහි තියුණු ගිරි හෙල් ඔස්සේ වූ වෙහෙසකර නැග්මට බිය නොවන්නවුන්ට පමණි.

[-Das... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook