Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
දෙවන වසරටත් කවියේ ගෙල සින්දා
බූන්දි, 03:32:03
මාතෘකාව අල්ලා ගත්තේ මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරණ කවියකිනි. කවිය ලියනු ලැබ ඇත්තේ පසුගිය දා පැවැත්වුණ ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙලට සහභාගි වී ගිය වසරේ පළවූ 57 කට අධික කවි පොත් අතරින් එකක් වත් සම්මානයට නුසුදුසු යයි අමන තීරණයක් දුන් ඊනියා විනිශ්චය මණ්ඩලයකට සවන් දීමෙන් ඇති වූ කම්පනය නිසා එක්තරා තරුණ කවියකු විසිනි. සම්පූර්ණ කවිය මෙසේ ය.

කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා
දේශකයකුත් නැතුව හරියට දුක් වින්දා
ඇස් ගොඩගේ නමුත් ඇස් දෙක නැති හන්දා
දෙවන වසරටත් කවියේ ගෙල සින්දා


වරද ඇතේ ගොඩගේ මහතා අතේ නොවේ. ගොඩගේ සාහිත්‍ය උළෙල ස්වාධීන සාහිත්‍ය උළෙලකැයි වරදවා වටහා ගත් නිර්මාණකරුවන් හා තමන්ගේ තීරණයට පසුබිම් වූ සත්‍ය කතාව හෙළිදරව් කරන්නට තරම් පිට කොන්දක් නැති ඊනියා විනිශ්චය මණ්ඩලය අතය.

මෑත වසර වල වැඩිම කවි පොත් සංඛ්‍යාවක් නිකුත් වූ වසර 2010 වසරයි. මේ වසර තුළ 57 ක් පමණ කවි පොත් සංඛ්‍යාවක් නිකුත් වූ බව දැනගන්නට ඇත. මේ කවි පොත් අතරින් පොත් 5 ක් සම්මාන ප්‍රදානය සඳහා ප්‍රශස්ත පොත් ලෙස නිර්දේශ වී තිබුණි.

මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි - මංජුල වෙඩිවර්ධන
රාජාලි පියාපත - ජගත් ඡේ. එදිරිසිංහ
සඳක් නැතිවෙන්න ඉඩ ඇත - ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න
සන්ධ්‍යා තීර්ථය - රත්න ශ්‍රී විජේසිංහ
හිරුත් හිම පියල්ලක - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල


ඒ කවි පොත් පහයි. පොත් 57ක් අතරින් පොත් පහක් නිර්දේශ වී නම් ඊළඟ කාරිය විය යුත්තේ මේ පොත් පහ අතරින් සම්මානය සඳහා පොතක් තෝරා ගැනීමයි. එකඟතාවකින් පොතක් තෝරාගත නොහැකි වීමේ අඩුපාඩුව වසා ගන්නට "මේ වසරේ සම්මාන සඳහා සුදුසු ප්‍රශස්ත කවි පොතක් නැත" යි සාහසික ප්‍රකාශයක් කර සමස්ත කවියන්ගේම සිත් බිඳවන්නේ නැතිව පසුබිමේ ඇති සැබෑ කතාව හෙළිදරව් කරන්නට තරම් පිට කොන්දක් විනිශ්චය මණ්ඩලයේ සිටි එක් අයෙකුට හෝ නැතිවීම කණගාටුවට කරුණකි.

2010 වසර තුළ ප්‍රකාශිත කවි පොත් අතරින් එකක් වත් ප්‍රශස්ත මට්ටම (මේ මිම්ම ඇත්තේ කා අතේ දැයි දන්නේ දෙවියන් පමණකි.) සපුරා නැත්නම් ඒ බව හඳුනාගත යුතුව තිබුණේ අවසන් මොහොතේ නොව - ප්‍රශස්ත පොත් පහක් තෝරා ගත් පළමු වටයේදීම ය. එසේ කළා නම් ඊනියා විනිශ්චය මණ්ඩලයට තම සෙළුව වසා ගන්නට යන්තමින් හෝ හැකියාවක් තිබුණි. දැන් සිදුව ඇත්තේ ඒ සඳහා දෑතත් මදිවීම පමණකි.

සම්මානය සඳහා නිර්දේශිත පොත් පහෙන් මගේ පොත පසෙක තබමු. ඒ ගැන කතා කරන්නට මට අයිතියක් නැත. ඉතිරි පොත් හතර වන මංජුලගේත්, රත්න ශ්‍රී ගේත්, ලක්ෂාන් ගේත්, මහින්දගේත් පොත් පසුගිය වසර වල බොහෝ සාහිත්‍ය උත්සව වලදී සම්මානිත පොත් වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව කවිය පිළිබඳ අවදියෙන් සිටින සැවොම දනිති. නොදන්නේ සම්මාන දීම සඳහා පමණක් කවි කියවන විනිශ්චය මණ්ඩල වලට රිංගාගෙන සිටින බහුබූතයන් පමණකි.

වෙඩිවර්ධනගේ දෘෂ්ඨිය ඒක පාර්ශ්වික බැවින් ඔහුට සම්මානයක් දීම සුදුසු නැතැයි මේ කරුණ අරභයා මා හා අදහස් දැක්වූ ප්‍රවීණ ලේඛකයෙක් කිවේ ය. වෙඩිවර්ධනගේ දෘෂ්ඨිය නිවැරදිද නැද්ද යන්න තීරණය කරන්නට අපට අයිතියක් තිබේ ද? යම් කරුණක් අරභයා කෙනෙකුගේ දැක්ම වෙනත් කිසිවකුගේ දැක්මට වඩා වැරදි වන්නේ හෝ නිවැරදි වන්නේ හෝ නැත. දැක්ම එකිනෙකාට සාපේක්ෂ ය. නිර්මාණයකදී සළකා බැලිය යුත්තේ ලේඛකයාගේ නිර්මාණ භාවිතාව නොවේ ද? සිය දැක්ම ඉදිරිපත් කිරීමේදී නිර්මාණය තුළින් ඔහු විශධ කරන ප්‍රතිභාව නොවේද? (පරිවර්තිත කෘති සඳහා සම්මාන දීමේදී ද වසරක් පාසා අප දකින්නේ මේ වරදම ය. පරිවර්තිත කෘති තෝරා ගැනීමේදී අද ලංකාවේ සළකා බැලෙන්නේ මුල් කෘතිය සිංහලයට නැගීම කෙතරම් සාර්ථක ලෙස සිදුවී ඇද්ද යන්න නොවේ. එනම් පරිවර්තනයේදී පරිවර්තකයා දක්වා ඇති ප්‍රතිභාව නොවේ. සළකා බැලෙන්නේ මුල් කෘතියේ ස්වභාවයයි. වැරදි සිංහලයෙන් පිරුණ දුර්වල පරිවර්තන වලට වසරක් පාසා සම්මාන ලැබෙන්නේ ඒ නිසා ය)

මංජුලගේත්, රත්න ශ්‍රීගේත්, ලක්ෂාන් ගේත්, මහින්දගේත් පොත් පරිසාධන මට්ටම ඉක්මවා නැතැයි කියන්නේ කුමන මිණුම් දණ්ඩකින් මැන බලා දැයි තේරුම් ගන්නට අපට නම් නොහැකි ය. ගෞරවණීය විනිශ්චය මණ්ඩලය මේ මිණුම් දණ්ඩ කුමක් දැයි ප්‍රසිද්ධ කරන්නේ නම් එය නිර්මාණකරණයේ යෙදනෙ දහස් ගණන් නිර්මාණකරුවනට සේවයක් ම වනු ඇත. ආත්ම ප්‍රකාශනය කෙසේ වෙතත් විනිශ්චය මණ්ඩලයක් සතුටු කරන්නට කවි ලියන්නේ කෙසේ දැයි තේරුම් ගන්නට එවිට ඔවුනට හැකියාවක් ලැබෙන බැවිනි.

ශ්‍රී ලංකාවේ අද සිදුවන සමස්ථ සාහිත්‍ය සම්මාන ක්‍රියාවලියම ප්‍රෝඩාවකි. සම්මාන ලබා ගැනීමේ ඉලක්කයෙන්ම පොත් ලියන බවට ප්‍රසිද්ධව සිටින ලේඛක ලේඛිකාවන් කීපදෙනාට සිය පොත් වලට වැඩි වෙළඳ වටිනාකමක් ලබා දෙනවා හැරෙන්නට වෙනත් සාහිත්‍ය සේවාවක් මේ සම්මාන උත්සව හරහා සිදුවන්නේ නැත. අපේ ගෞරවයට පාත්‍ර වන රත්න ශ්‍රි වැනි ප්‍රවීණයකු මේ සිල්ලර සම්මාන පසුපස හඹා යා යුතු යයි මම නොසිතමි. ගොඩගේ සම්මාන උළෙලට සහභාගි වූ තරුණ කවියකු මට එවූ ඊමේලයකින් කියවුණේ ද ඒ කාරණයයි. ඊනියා විනිශ්චය මණ්ඩලයෙන් කන පුරවා පහරක් ලද රත්න ශ්‍රී මුහුණත් ඇඹුල් කරගෙන පිටව යනු තමා බලා සිටියේ දැඩි කම්පාවකින් යයි මේ තරුණ කවියා ලියා තිබුණි.

මේ සම්මාන උළෙල සඳහා අප කවි පොත් ඉදිරිපත් කළේ සම්මාන ලබා ගැනීමේ උණකින් නම් නොවේ. ඉතිහාසය පුරාත් අදත් සෑම කාල වකවානුවකම සිදුවන්නේ තම තමන්ගේ අභිමතය පරිදි තෝරාගත් නිර්මාණකරුවන් කීපදෙනෙකුගේ නිර්මාණ ගැන පමණක් කතා බහ කරන සංස්කෘතියකි. එක් යුගයක බුද්ධදාස ගලප්පතිය මොණිකාරුවන් පතිරණ ය. පරාක්‍රම කොඩිතුවක්කු ය. තවත් යුගයක රත්න ශ්‍රි විඡේසිංහ ය. ඉන්පසු නන්දන වීරසිංහ ය. අද තවත් කීපදෙනෙකි. තමන් තෝරාගත් නිර්මාණකරුවන් ලියන අවර ගණයේ නිර්මාණ ගැන පවා කතා කරන්නට සැදී පැහැදී සිටින බුද්ධිමතුන් අපමණ ය. මේ තෝරාගත් නිර්මාණකරුවන් දෙතුන් දෙනාගෙන් පිට ලියවෙන කිසිම නිර්මාණකරුවකුගේ නිර්මාණයක් පුවත්පත් වලට ලියන බුද්ධිමතුන්ගේ ඇස ගැටෙන්නේවත් නැත. සෑම යුගයකම අර තෝරාගත් නිර්මාණකරුවන්ට ආරෝපනය කර උත්කර්ශයට නංවන රැස් කදම්බයට වැසී වැනසී යන නිර්මාණකරුවෝ අපමණ සංඛ්‍යාවක් සිටිති.

එසේ වුව ද මේ ඊනියා සම්මාන ප්‍රදානය අපට ඉගැන්වූ වටිනා පාඩමක් ඇත. අපේ නිර්මාණයක් කියවා ඊමේලයකින් ලිපියකින් දුරකතනයෙන් කතා කරන අහිංසක රසිකයකුගේ සහෘදයකුගේ එක වදනක් මේ සියලු සම්මාන වලට වඩා වටිනා බව ගොඩගේ සම්මාන උළෙල අපට දැන් උගන්වා ඇත. මින් මත්තට මගේ කිසිම නිර්මාණයක් කිසිම සම්මාන ප්‍රදානයකට ඉදිරිපත් නොකරන බව මෙයින් ශපථ කර සිටිමි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Godage Literature Awards 2011
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ලොකු මෙහෙම කියනවා :
"එසේ වුව ද මේ ඊනියා සම්මාන ප්‍රදානය අපට ඉගැන්වූ වටිනා පාඩමක් ඇත. අපේ නිර්මාණයක් කියවා ඊමේලයකින් ලිපියකින් දුරකතනයෙන් කතා කරන අහිංසක රසිකයකුගේ සහෘදයකුගේ එක වදනක් මේ සියලු සම්මාන වලට වඩා වටිනා බව ගොඩගේ සම්මාන උළෙල අපට දැන් උගන්වා ඇත."

ජගත් ගෙ මේ වචන ටික දැක්කම ආයෙත් හිතුන එස්.එම්.එස් වලින් තේරුව නම් ...? කියල.

මණින කිරන අය මනින්නේ කිරන්නේ තමුන් ගේ මල්ලට මිස අනෙක් උන්ගේ මළු වලට නොවේය. මේ සම්මාන සෙල්ලම ලංකාවට, සිංහල ජාතියට, විතරක් සීමා වූ එකක් නම් නොවේ.


කිවුව වෙලාව- 2011-10-08 04:28:50
sarpaya මෙහෙම කියනවා :
amarasiri kiyana mati buruwa min pasu kisima sahithya uthsawayakadee dakinnata nolebewa.

කිවුව වෙලාව- 2011-09-30 06:18:23
Kumaragama මෙහෙම කියනවා :
මින් මත්තට මගේ කිසිම නිර්මාණයක් කිසිම සම්මාන ප්‍රදානයකට ඉදිරිපත් නොකරන බව මෙයින් ශපථ කර සිටිමි.
me kiyanne jagathuth sammaana ganna balaagena kawi potha idhiripath karaladha?


කිවුව වෙලාව- 2011-09-26 15:48:03
Jagath J Edirisinghe මෙහෙම කියනවා :
Observer - Perth. Please send me an email. jjedirisinghe@gmail.com

Jagath J Edirisinghe


කිවුව වෙලාව- 2011-09-26 08:18:27
Observer මෙහෙම කියනවා :
ජගත්,
අඩුගානෙ ඔයාගෙ පොත වත් පර්ත් වල ඉන්න කෙනෙකුට අරන් බලන්න විධියක් කියල ඊයක් එවන්න. ස්තුතිය්, මේ ගැන අපිව දැනුවත් කලාට sanathwijewardene @gmail .com


කිවුව වෙලාව- 2011-09-25 07:11:45
තොප්පි වෙළෙන්ඳා මෙහෙම කියනවා :
ප්‍රදීප් සාරංග කුමාරගේ "නොසොඳුරු පෙදෙසක" මේ බහුභූතයන්ට නොසොඳුරු පොතක්ම වන්නට ඇත.ගිය අවුරුද්දෙ තිබ්බ පොත් වලින් එළම පොතක් ඒක .
කොහෙද ඉතින් අර තූත්තුකුඩියෙ ඉන්න හාල්පාරුවො දන්නවයි කවියක රහක් .......


කිවුව වෙලාව- 2011-09-23 13:06:34
නිසල් මෙහෙම කියනවා :
මේ සම්මාන උළෙල සඳහා අප කවි පොත් ඉදිරිපත් කළේ සම්මාන ලබා ගැනීමේ උණකින් නම් නොවේ. ඉතිහාසය පුරාත් අදත් සෑම කාල වකවානුවකම සිදුවන්නේ තම තමන්ගේ අභිමතය පරිදි තෝරාගත් නිර්මාණකරුවන් කීපදෙනෙකුගේ නිර්මාණ ගැන පමණක් කතා බහ කරන සංස්කෘතියකි. එක් යුගයක බුද්ධදාස ගලප්පතිය මොණිකාරුවන් පතිරණ ය. පරාක්‍රම කොඩිතුවක්කු ය. තවත් යුගයක රත්න ශ්‍රි විඡේසිංහ ය. ඉන්පසු නන්දන වීරසිංහ ය. අද තවත් කීපදෙනෙකි. තමන් තෝරාගත් නිර්මාණකරුවන් ලියන අවර ගණයේ නිර්මාණ ගැන පවා කතා කරන්නට සැදී පැහැදී සිටින බුද්ධිමතුන් අපමණ ය. මේ තෝරාගත් නිර්මාණකරුවන් දෙතුන් දෙනාගෙන් පිට ලියවෙන කිසිම නිර්මාණකරුවකුගේ නිර්මාණයක් පුවත්පත් වලට ලියන බුද්ධිමතුන්ගේ ඇස ගැටෙන්නේවත් නැත. සෑම යුගයකම අර තෝරාගත් නිර්මාණකරුවන්ට ආරෝපනය කර උත්කර්ශයට නංවන රැස් කදම්බයට වැසී වැනසී යන නිර්මාණකරුවෝ අපමණ සංඛ්‍යාවක් සිටිති.

මෙය ඇත්තකි! මෙය ලංකාවේ නිර්මාණකරුවන් මුහුණ දෙන ගැටළුවකි. සංස්ථාපිත ආයතන සම්බන්ධව විවේචනාත්මක ස්ථාවරයන් දරන නිර්මාණකරුවන්ට පවා යම් කිසි මොහොතක සංස්ථාපිතය සමග සම්මුති සහගත වීමට සිදුවන්නේ මේ නිසාය. තමන්ගේ නිර්මාණය සමාජගත කිරීම සදහා සංස්ථාපිතයේ ආධිපත්‍යයට යටත්වීමට සිදු වීම ඛේදජනකය.
අන්තර්ජාලය ව්‍යාප්ත වීමත් සමගම ප්‍රතිභාසම්පන්න නවක නිර්මාණකරුවන් විශාල පිරිසකට සිය නිර්මාණ සමාජගත කිරීමේදී කලකට පෙර පැවති බාධාවන් යම් පමණකට ඉවත්වූවද, අන්තර්ජාල පරිහරණය සීමා සහිත වූ ලංකාව වැනි රටකදී මෙය තවමත් ගැටළුවක් ලෙසම පවතී.


කිවුව වෙලාව- 2011-09-23 06:28:00
Nihanda මෙහෙම කියනවා :
කෙලින් කතාවක්!

කිවුව වෙලාව- 2011-09-23 04:10:41
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජගත් ඡේ එදිරිසිංහගෙන් තවත් වියමන්
කවි
සොයමි
කවි
ආගමනය
කරන්ට්ස්
පිල්ලේ
කතන්දර
කන්ද උඩ මාලිගාව
කවි
මේ ඒ වෙරළ ම ය
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook