Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
පිටුවහල් කවියා වෙත ලියමි
බූන්දි, 21:56:46
ඔහු මා දෙස දෑස් නොසොල්වා බලා සිටී. ඔහු ලියූ අකුරින් අකුර මා සමඟ දොඩමළු වෙයි. ඒ අතරින් මට ඔහු ව පෙනේ. කැරලිකාර ජීවිතය දරා ගෙන තදින් කැරළි ගැසුණු කොණ්ඩය සමඟ ඔහු මා ඉදිරියේ ඉඳ කථාව පටන් ගනී. ගැහෙන හදවත ඔහු මට ගලවා පෙන්වයි. නැවත ඔහු තුළම එය සඟවයි.

ඔහු මගෙන් ප්‍රශ්ණ කරයි.

මම කියවන්නේ කවිය යි. ඔහු කියවන්නේ මාගේ හෘදයේ ගැඹුරුම තැනයි, මගේ දෑසේ ගැඹුරුම අන්තයයි.

ඔහු මා ඉදිරිපිට සුදුම සුදු හිස් පුල්ස් කැප් කොළයක් තබයි. එහි මෙසේ ලියයි.

"මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි.
ඒ මත ලේ පැල්ලමකි.
එය කවියකි.
ඒත් එය දෙමළෙනි.
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි. '
'

ඉන් පසු ඔහු යළිත් මගෙන් ප්‍රශ්ණ කරයි... ඉදින් අප, ලිවීම නවතා දැමිය යුතු ද?

ප්‍රශ්ණය මා මත තබා ඔහු අකුරු අතරම සැඟවෙයි. දැන් මම ඔහු වෙතට ලියමි. මම නැවත නැවත ඒ ප්‍රශ්ණයම මගෙන් අසමින් ඔහු වෙත ලියමි. මම ඔහුට ලියන මෙහි, මේ ලියමනේ අග මුල මැද ගැළපීම් නොසොයන්න. අගක් මුලක් නැති ජීවිත ගැන ලියද්දි, මොකටද මුල මැද අග එකට පිහිටා මුසාවට ලියන්නේ. උඹට හිතෙන තැනකින් කියවපං. මේ ලියමනම අයිති උඹට.

පිටුවහල් කවිය,

මම ආසයි උඹට සහෝදරයා කියනවට වඩා "මචං" කියන්න. උඹටයි මටයි එකට ගල් උගුරක් බී සිගරැට් උගුරක් අදින්න. ඒ ආමන්ත්‍රණය හදවතට කිට්ටුයි. සහෝදරයා කියන වචනය කීතු කීතු වලට ඉරා දැමුවා කලකට පෙර සහෝදරවරුම එක්ව. මට මතකයි උඹ ලියනවා මෙහෙම, ඒ සහෝදරයෙක්ට ම.

උදුල සඳ මඩළ සැතපුන හිරගෙදර
කඳුලු සියුමැලි ද රිදුණිද හද මඩළ
පතල අරගලය වියැකුණ රෑ කලෙක
දෙමළ සොහොයුරිය ගැන ඇයි කලබලය

සිහින පෙරමුණට හැබැහින් වෙඩිවැදුන
දාක කඳුළු පෙල ගැහුණයි මග දිගට
මහණ දමක් ලෙස රැකගත් රතු කොඩිය
කාගේ ලෙයින් රතු වී දැයි අමතක ද


ඒ කඳුළු වල දැන් අයිතිකාරයෝ ගොඩයි. කඳුළකට පොළොව බදා ගන්න දෙන්නෙත් නැති තරම්. බාස්කට් රැගෙන සහෝදරවරු බරට වැඩ, කඳුළු එකතු කරන්න. උඹේ පපුවයි, පෑනයි එකට කෑගසන හඬ දෝංකාර දෙනවා අකුරක් අකුරක් ගානේ කියවද්දි. ඒත් වැඩක් නෑ මා මිතුර, බොහෝ දෙනෙක් කට සහ කණට අගුලු ලා තවම. ඒත් උඹ දුක් වෙන්න එපා. කියවන එවුන් නැතුවාමත් නොවෙයි. කවි, උඹේ හෘද සාක්ෂිය. මේ ලිපිය, මගේ හෘද සාක්ෂිය. වෙලාවකට පිහියකින් හාරනවා හෘද සාක්ෂිය හොය හොයා මගේ හදවතේ ගැඹුරුම තැන්. ඊළඟ මොහොතේ උපරිමයි කවි ගතිය. බිඳුනු සිහිනය ගැන උඹ ලිව්ව කවිය, තවම මොර දෙනවා මගේ කරණශංඛයේ කොණක. මම ආසයි ඒ කවියේ අන්තිම පැදි පෙළ ආයේ උඹටම ලියන්න.

වේදනාවෙකි හදවත
කල්පනාවෙකි මුහුණත
බිඳුණු වැව පතුළත
නො බිඳුණු සිහින කැටපත....


සිහිනය බිඳගන්න එපා කිසි දිනක. මමත් තවමත් ආදරෙයි ඒ සිහිනයට. ඒත් සිහින දකින සමනලුන්ට මේ බිමේ ඉඩ නෑ. එහෙත් අතහරින්න එපා ඒ සිහිනය. ඒ නොමළ, නොබිඳි සිහිනය. උඹ දන්නවද සිහින දකින එවුන් ඔක්කොම පිටුවහල් කලා මෙ බිමෙන් සියලු දෙනා එකතුව. එකෙක් දෙන්නෙක් තවමත් ගුහාගතව ඉන්නවා, කෙහේ හරි මුල්ලක. දවසක වෙලාවක අපි එකතු වෙමු. ගල් බෝතලයක් දෙකක් අරගෙනම. බයිට් එකට උඹ මොනවද කැමැති? තියෙනවා බං කථා දහසක් කියන්න.

කනයා තවමත් එහෙමයි. ඌ තවමත් අපි එක්ක. ෂිකරැට් බාගේ අදින්න, උගේ ආයුෂත් අපිට පුදන්නයි සූදානම. කවුරුත් දැක්කද දන්නේ නෑ, උඹේ පොත් දෙද්දි උගේ අතට, කනයගේ ඇසේ කඳුලක් දිලිසෙනවා පැනගන්න බැරිව. ඌටත් ඕන වුනේ කෑගහල අඬන්න. ඒත් හැමදාම වගේ, කනයට වුණේ අනුන්ගේ හිනාවට ප්‍රීති හිනාවක් දෙන්න. උඹට කියන්නේ මොකටද ආයේ කනයා ගැන.
ඒ තමා කනයා.

අපිටත් මංච කියනා
අපිත් මචං ම කියනා
මචංවරයෙකි කනයා
ඌ අපිට පණ වුනත් දෙනවා ...
කියලා... ලියලා... පිදුවට කනයට, කිසි පවක් නෑ උඹට.

උඹ එවූ ලියමන වන්නියෙන් මටත් එව්වා. ඔහේ වගේ ශීත සෘතු නැති වුණාට මෙහෙට... මරණයේ හීතලට ඝණවෙලා මුළු වන්නියම. උඹේ කඳුළු ගලන අකුරු පද කියවන්න බෑ මට වෙලාවකට. බොඳ වෙනවා. මගේ ඇස්වල කඳුළු වලින් උඹේ අකුරු බොඳ වෙනවා. ඒත් උඹ කිව්වා වගේම,

වදන් වැල සැකෙවින් ගොණු කරන්නේ කොහොමද
නිවන් මඟ සැතෙකින් නො රිදවන්නේ කොහොමද
දුරින් හිඳ සැණෙකින් ළඟ රැදෙන්නේ කොහොමද
ඉතින් අපි සැබැවින් හමු නොවන්නේ කොහොමද


අපි හමුවෙයි බං... ගසට ගසක් මුණගැසෙන්න මොරටුවවත් තිබුණට, මිනිහෙක්ට මිනිහෙක් මුණ ගැසෙන්න එක බිං අඟලක් නැති එක තමයි අවුල. ඒත් අපි බලා ඉමු.

උඹට මහන්සිනම් කමක් නෑ, පස්සේ කියවපං. දඹකොල පටුන දැන් අයිති යකඩ සපත්තු රෑනට. උඹේ යාලුවාගේ ගෙදර විතරක් නොවෙයි, යාපනේ අඹ ගසත් නෑ. ඒක තිබුණත් වැඩක් වෙයිද මචං. (ඔන්න මම උඹට පළවෙනි පාරට මචං කිව්වා... හොඳ හුස්මක් ගනිං) ඒ අඹ ගහේ ගෙඩි වල රස, ලේ රහ වෙලා ඇති. ගෙපැල තිබුණු තැන දැන් මහා හෝටලයක්. දඹකොළ පටුන දොහොත් මුදුන් දී වැඳගන්න, දකුණෙන් එන ඇත්තන්ට හොඳ හැටි සැප ගන්න. යාලුවාගේ අප්පා එලොව ඉඳනුත් හොයනවා ඇති ඒ ගෙපැල. දාඩිය මහන්සිය යට කළ, දරුවන් ලොකු මහත් කළ ඒ ගෙපැල. කියා යවහං ලිපියක් යාලුවට මේ ගැන. වෙලාවක් තිබුණොත්.

දෙමළ ඔළුවලට සෙල්ලම වෙඩි තැබූ තරුණ සොල්දාදුවො ඇවිත් ගමට. උන් උජාරුවට කියවනවා එහේ කරපු වීරකං ගැන. මාතෘකාවක් නැති මාතෘ භූමිය ගැන උන් හදනවා කථා ලස්සනට. හිනා වෙලා එක්වරක් මුන්ගේ මේ විහිළු වලට, අඬනවා සියවරක් වෙඩි වැද මව්බිම ආදරයෙන් සිප වැළඳගත් උන්ව සිහිකර. මම උන් එක්ක කතාවට ගියත් නැතත්, දන්නවා, උන් තියනවා කොයිම මෙහොතක හරි, දෙමළ නොවුණට මගේ ඔළු ගෙඩියටත්. එහෙම වුණොත්, උඹටත් ආරංචියක් ලැබුණොත් ආයෙත් උඹ ලියලා එවපං අර කවිය බූන්දියට.

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැගෙන
අවසන් පැතුම තුළ
නිරුවතිනි යුධ ඇඳුම

දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලි ද ඔය අවිය


සියුමැලි වැඩී බං උඹලගේ, අපේ හිත්. ඒ නිසයි මේ තරම් දුක්. ඒත් හිනාවෙන්න පුළුවන් අපිටම, අපේ ඇතුළටම හැරිලා. උගස් නොකළ නිසාවෙන් තවමත් රකින හෘද සාක්ෂිය.

තවත් ලියන්න අමාරුයි මචං. කඳුළු උල්පත් පුපුරලා, දෑස්කෙමි බොඳ වෙලා. ඒ අතරින් අකුරුත් බොඳ වෙලා. ඒත් මචං, සිත්තන්ඩි කඳුළු තවම නොවියළී එලෙසම ගලනවා. ඒ කඳුළු උල්පත් හෑරූ විරුවන්, දකුණේ රජවරුන් සේ තවම වැජඹී සිටිනවා. අලුත් අවුරුද්දත් ඇවිත් පාස්කුවත් ගෙවි ගියා. පාස්කු පැමිණි බක්මහේ මරණීයව නිසල වූ වන්නි ගම්දොර තවමත් මර බියෙන් සසලයි. ඒත් උතුරු වසන්තය කොළඹට පෙරහැරයි.

ගින්දර සිසිල විඳි සුදර්ශණා කියවද්දි, පපුවක් තියෙන උන්ගේ පපු කැවුතු හිරවෙනවා. ඒත් බියකරු රාත්‍රිය තවමත් එහෙමමයි. ගොදුරු සොයන සොහොන් බල්ලන් අවදියෙන්.

සදාතනිකව
කුරිසිය ම
දෙවුරේ දරාගත්
ජාතියට ඇණ ගසන විට
උන් නඟන කඳෙිරිය
කොවුල් රණ ගී
සමඟ මුසු වී
කන වැකෙන විට
දරන්න බැරි තරම්
මෙතරම්
සතුටුද ඔබට


කියලා ඇහුවට මෙහේ කවුරුවත් නෑ. එහෙම මිනිස්සු අනිත් එකාගේ දුක අහන. 2500 ඉතිහාසයම කියවලා කියවලා මෙහේ හෘර්දයත් පාෂාණීභූත වෙලා. ගල්බෝර දැම්මත් බෑ මචං, ඒ ගල් හිත් හොලවන්න. දැන් උගුර හිරවෙලා. උගුර මැද්දේ ඉකියක් හිරවෙලා. කාටවත් නොපෙණුනාට, උඹ හඬනවා වගේ මමත් අඬනවා. දහස් ගණනක් මැද්දේ උඹ වගේම මමත් තනිවෙලා. සේකර කිව්වට හඳ එළියට ලෝකය එකම යායක් කියලා. හඳ එළියට දැන් තල් රුප්පාව නම්, එක යායට පේනවා. තල් කරටි සේරම කැඩිලා ගිය නිසා ෂෙල් වැදිලා.

අවසන් ලෙස උඹට ලියන්නම් මෙහෙම... උඹ ඔහොමම හිටපං... ශීත සෘතුව පැමිණි කළ උඹට උණුසුම දෙන්න, උඹේ හිතේ උණුසුම ඇති. එහෙම හිත් තියෙන ඔක්කොම මිනිසුන්ව මතක් කරා කියපං. කවද හරි දවසක අපි හමුවෙමු, කොහෙදි හරි. සෙල්ලමට ඔළුව කුඩුවෙන්න වෙඩි තියන්න කලින්. ස්ටීවන්ටත් එන්න කියමු. එකට ඉඳගෙන ගල් උගුරක් බොමු. කථා දහසක් තියෙනවා කියන්න. ඒ ඔක්කෝම එකින් එක කථා කරමු.

උඹට ජය!

-මාතෘකාවක් නැති මාතෘ භූමියේ තනි වූ, උඹේ මචංවරයෙක්....
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Stella Phillip මෙහෙම කියනවා :
Takkadi kamatada ambaru kamatada ahaka yana kehelmalakata S 3 waadayak tapala gatte

කිවුව වෙලාව- 2011-09-21 05:45:22
නිර්මාල් මෙහෙම කියනවා :
[Damayanthi තක්කඩ් ස්ත්‍රී වාදීන්ට මේවා කෙහෙල් මල් තමයි

කිවුව වෙලාව- 2011-09-20 23:10:34
Damayanthi මෙහෙම කියනවා :
මේ මොන විකාරද? මේවටද මේ සම්මාන දුන්නෙ නැහැ කියල ගොරවන්නෙ?

කිවුව වෙලාව- 2011-09-20 03:26:37
nishantha මෙහෙම කියනවා :
පට්ට

කිවුව වෙලාව- 2011-09-15 21:47:08
මගෝඩිස් මෙහෙම කියනවා :
මේ කවි ගැන මෙහෙම කතා කරනවා මිසක් මොන සාහිත්‍ය විචාරද???

ඇත්තටම කාලක් ගහලා මේ කවි කියව කියව සෙට් එකක් එක්ක අඩන්න තිබුණනං...


කිවුව වෙලාව- 2011-09-15 12:57:18
nihanda මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-15 09:33:29
Dila මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-15 07:09:23
Thushari Priyangika මෙහෙම කියනවා :
මේ කවි දැක,
බොහෝ දෑස්, එසැණින් පිය වෙද්දී,
\"මචංවරයෙක්\" අපූරු ලියමනක් ලියා තිබෙයි.
එහි,
කව් එකින් එක අමුණා,
අපූරු තාලයක් ද ඊට අමුණා තිබෙයි.

සිත් ගත් ලියමනකි.

එම කවි මල් මාලය,
එකිනෙකට පුරුද්දා සමාජය ට පැළැන්ඳ වීම පිළිබඳව
\"මචංවරයා\" ට ප්‍රණාමයයි මේ.

සැබැවින් ම,
එම කවි සංවාදයට ලක් විය යුතුම ය.


කිවුව වෙලාව- 2011-09-15 03:51:34
Ayesha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-15 01:20:30
Avro මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-14 23:20:52
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කර්තෘ අඥාතයිගෙන් තවත් වියමන්
කෙටියෙන්
ස ම යං
පරිවර්තන
"පාට" මිනිස්සුන්ගේ පැනය
කරන්ට්ස්
ගොයි රජ්ජුරුවෝ
කරන්ට්ස්
අප්‍රේල් සහ නොවැම්බර් වීරයෝ
කරන්ට්ස්
නීති පීඨයේ සිසුවෙක් එස්.බී.ට ලියූ කව
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook