Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
2011 ගොඩගේ සාහිත්‍ය සම්මාන ගැන වචනයක්
බූන්දි, 01:35:45
මගේ අදහස නම් යතෝක්ත සම්මාන උළලෙහි අවකාශය දර්ශන මේදිස් සහෝදරයාට සප්‍රයෝජනවත් කර ගැනීමට තිබූ බවයි. ගොඩගේ සම්මාන උළෙල ගොඩගේ ආයතනය හා රාජ්‍ය තන්ත්‍රය සමග තිබෙන දීර්ඝ කාලීන බැඳීම දර්ශන මේදිස් සහෝදරයා තුළ යථා අවබෝධයක් තිබිය යුතු අතර එකී සම්බන්ධතාව පසුගිය 07 වන දින ආකාස්මිකව පහළ නොවුනි. කෙසේ වෙතත් ඔහු පූර්වව සකස් කරගත් ලියවිල්ල හෝ රාවය පුවත්පත හරහා අපට කියවීමට ලැබේ නම් එය ඉතා අගනේය. කවිය පිළිබඳව මහාචාර්ය, ආචාර්ය දෙපළගේ ලිඛිත ඇගැයුම (Key Note) සියළුම 70 දශකයෙන් පසු කවියන්ගේ කිවිඳියන්ගේ මහා ප්‍රයත්නයන් හෑල්ලු කොට තිබුණු අතර පරාක්‍රම, ලාල්, බුද්ධි, රත්න ශ්‍රී මෙන්ම මකරන්ද , බූන්දිය, කයන්න වියන්න හා ලංකා පුවත්පත ගොඩ නැංවූ කාව්‍ය බිම් වපසරියෙහි ඵල ඔවුහු තම මුග්ධ විචාරක කගපතින් බිම හෙලූහ.

අමරසිරි වික්‍රමරත්නට තම බල්ලා තරම්වත් කවියන්ගේ ප්‍රයත්නය වටහා ගැනීමට නොහැකි විය. සම්මාන උළෙල දෙකක යුක්ති සහගත බව වෙනුවෙන් සටන් වැදි ඔහු ද ඒ නරාවලටම මෙවර ඇද වැටුණි. අවසන් පොත් 5 සම්බන්ධයෙන් ද මට ගැටළු සහගතය. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හා ලක්ෂාන් මධුරංග සොයුරන්ගේ ප්‍රයත්නය සම්බන්ධයෙන් ගෞරවයක් මා තුල ඇති නුමුදු එදින ඒ සම්මාන ද්වය ප්‍රතික්ෂේප කලේ නම් ඔවුහු මහත් සම්මානයට පාත්‍ර වීමට ඉඩ තිබුණි. 2010 වසර තුල කවි පොත් ප්‍රකාශනයට පත් කල සියළුම කවීහු සමාජයට නව ඇසක් නිර්මාණය කලහ. ඔවුන්ට මගේ ප්‍රණාමය! මුග්ධ ආචාර්ය මහාචාර්ය වරුන්ට නව සාමජ සංචලනය කියවා ගැනීමට ඔවුන් අත ඇති විචාරක උපකරණ ප්‍රමාණවත් නොවේ. ආචාර්ය ලියනගේ අමරකීර්ති හෝ සමන් වික්‍රමාරච්චිගෙන් ඔවුන් ඒ පිළිබඳ උගත යුතුය. තවදුරටත් පොළොන්නරු, අනුරාධපුර, යාපහුව ගල්ටැම් උඩට වී බුලත් විට කමින් කල් මැරීම නොකළ යුතුය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- 2011 Godage Literature Awards
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
එල්ලාවල මෙහෙම කියනවා :
සම්මාන සම්මාන
මුන් ලියන්නෙම ඒකටයි
නොලැබුනෝතින් හෙම එකක්වත්
පෑන් තුඩගින් ගලා එන්නේ
කවිකමේ සුදු සිනිදු සලුවෙන්
වසාගෙන සිටි
කුහකකම් සහ අමනකම් හා
කුකවි වත හෙලිදරවු කරනා
ජරපත්ව ගිය හදවතෙහි වූ
මුග්ධ තිරිසන් අදහසුයි
!!!!!


කිවුව වෙලාව- 2011-09-26 15:58:33
යාළුවා... මෙහෙම කියනවා :
ලියන කියවන අප සාහිත්‍ය සම්මානයකින් බලාපොරොත්තු වන්නේ අදාල වසරේ පලකළ කෘති අතරින් ප්‍රශස‍්තම ආදර්ශයන් මොනවාද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීම ය.සම්මානය දීම හෝ නොදීම සංවිධායකයන්ට සහ විනිසුරන්ට තීරණය කළ හැකි වුවත්,එහිදී කවිය හෝ නවකතාව හෝ ඕනැම කලා මාධ්‍යයකට තම තීරණය නිසා විය හැකි අහේතුව පිළිබඳ වගකීමෙන් ඔවුනට මිදිය නොහැක.

සුනාපරන්තයට වී කවි කියවන්නනන් සුරතාන්තයට පත් කළ හැකි තරමේ හරිහමන් කවි පොතක් 2010 වසරේදී ලියවී නැති බව කියතත් ,ඒ සඳහා නිර්නායක සොයාගත්තේ කොතැනින්ද යන්න පිලිබඳ අපට ඇත්තේ ගැටළුවකි.කවි පොත් පනස් ගණනක් පලවූ වසරක ඉන් එකක්වත් ප්‍රශස්ත මට්ටමක නොවීමත් ,කොහේටවත් අදාල නැති අමතර අභූත සම්මාන 2ක් කවිය වෙනුවෙන් හදිසියේ පහල වීමත් අපට නම් අම්බ කුණුහරුපයකි.

කවි ලියන්නේ සම්මාන ගන්නට නොවන බව සැබැවි.සම්මානය යන්නේ කාට වුවත් නාමිකව හෝ අන් මාධ්‍යයන්ට ලබාදෙන යම් ඇගයීමක් කවියට ලබා නොදෙන්නේ ,කවියන් ඒ වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම් නම් කවිය වෙනුවෙන් පෙනී සිටීමට අගහරු ලෝකෙන් නේන බවද සිහියේ තබාගත යුතුය.

මේ සාහිත්‍ය උළෙලට "ජාතික" විශේෂණය ඇතුළු වූයේ මේ වසරේදී ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නැති බැවින් දර්ශණ මේදිස්ගේ "මඟ හැරීම" පිළිබඳ මගේ ගැටළුකාරී බව එසේම පවතී.එහෙත් කවියට සම්මාන දීමෙන් මඟ හැරි අවස්ථාවේ සිට බලාපොරොත්තු වූ ලෙස සුළුතර ,බහුතර ,මහාකවි, කුකවි සියල්ලන් ඒ වෙනුවෙන් තන්හි තන්හි ගෙනයන කසුකුසුව හැර පැහැදිලි විරෝධයක් ඉදිරිපත් නොකර ඇතියෙන් තම මතවාදය හෝ අන්යමක් හාෆ්ෂීට් භාගයකට ගොනුකර ඒ මොහොතේම බෙදා හැරි මේදිස්ට ඊට වඩා ආත්මවිශ්වසයක් හා ආත්මශක්තියක් ඇති බව විස්වාස කරමි.


කිවුව වෙලාව- 2011-09-15 05:54:51
කූල් මාක්ස් මෙහෙම කියනවා :
දර්ශන මේදිස් නාලා
අංජන මල් මී ගාලා
පොදු ළිඳ ගාවට ආවා
ආපහු සැරයක් නෑවා

වමට මුවා වී ඉන්නේ
වම් අතෙනුයි බත් කන්නේ
කටින් බතල හිටවන්නේ
ලෝකය මේ බව දන්නේ



කිවුව වෙලාව- 2011-09-14 23:27:50
jana kaviya මෙහෙම කියනවා :
සාහිත්‍යය කකා පහරන නිරි සත්තු
සම්මානෙට කෙල හල හල සිට ගත්තු
පය බරවයට පිටිකර බ`දිනා පත්තු
සාහිත දියුනවට තොපගෙන් නැත වගතු


කිවුව වෙලාව- 2011-09-14 11:38:06
Sandun Priyankara Vithanage මෙහෙම කියනවා :
මෙකී දේශන වර්ජනය කුමන අර්ථයෙන් සිදුකළ ද ඵල රහිත ක්‍රියාවක් ලෙස හගිමි. එයින් සිදුවෙන විශේෂ වැඩක් හෝ අවැඩක් ද නැත. ගොඩගේ සම්මාන උළෙල විකල්ප යැයි දර්ශන හිතුවා නම් එය ද රටේ විහිළුවකි. මෙකී වර්ජන ආස්ථානය මත තිරව පිහිටන්නට සිදු වුව හොත් දත් මැදීම පවා අත් හරින්නට සිදු වනු ඇත. රෙජිම් විරෝධීන්ට රජයේ රැකියා වලින් ඉචත් වීමට පවා සිදු වනු ඇත. උපුල් සේනාධිරිගේ සොයුරා අදහස් කරන අයුරින් එම අවස්ථාව ඵලදායක ලෙස යොදා ගැනීමට දර්ශනට අවස්ථාව තිබුණි. අදාළ දේශන පිටපත පල කරන්නේ නම අගනේය. විකල්ප සම්මාන උළෙලකට බූන්දියේ මැදිහත්වීම පිළිබදව කර ඇති යෝජනාව බූන්දි සොයුරන් සළකා බැලිය යුතු එකකැයි සිතමි.

අනෙක් විහිළුව නම් හොදම කවි සංග්‍රහයක් නැතැයි කීමය. හොදම කෘතිය තේරීමට සිදුවන්නේ අනෙක්වාට සාපේක්ෂව බව වැනි සරළ කාරණා මොවුන් නොදන්නවා නොවේ.පැහැදිලි තක්කඩි කමය.


කිවුව වෙලාව- 2011-09-14 03:38:52
උපුල් සේනාධිරිගේ මෙහෙම කියනවා :
රසික සොයුර

ඔබගේ කවි, කුකවි නිර්වචනය මට පැහැදිලි කරන්න. ඒ සම්බන්ධයෙන් ඔබ දේශනයක් කරනවා නම් මමත් ඊට සහභාගී වන්නම්. බූන්ධිය හරහා හෝ වෙනත් සංවිධානයක් හරහා කරනවා නම් සම්බන්ධීරකණය මට කළ හැක. එය මෙම සමාජ කථිකත්වය කවිය තුලින් වඩා හො‍ද අර්ථ නිරෑපනයක යෙදවිය යුතු නිසාය. මගේ දුරකථන අංකය 0777486016. ඔබ කථා කරතැයි මම බලා සිටිමි.

ඔබට ජය

උපුල්


කිවුව වෙලාව- 2011-09-13 23:53:28
පාඨකයෙක් මෙහෙම කියනවා :
+

කවර තත්ත්වයක් යටතේ හෝ තම තමන් ඉන්නා තැන් තම තමන්ටම සොයා දැන ගත හැකි මෙබඳු සිදුවීම් සාධනීය අරුතෙන් ගැනීම විනා නිරපරාදේ කුනුහරුප කියමින් කාලය කා දමන බොරු ''පාටකයන්'' නිසා කවියටවත් සාහිත්‍යයටවත් වෙන කිසිම දෙයක් නැත.

ඇත්ත ප්‍රශ්න වලට එමු...


කිවුව වෙලාව- 2011-09-13 23:50:45
පාඨකයෙක් මෙහෙම කියනවා :
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හා ලක්ෂාන් මධුරංග සොයුරන් සම්මාන ප්‍රතික්ෂේප කළා නම් හොඳැයි කියන උපුල් සහෝදරයා, එතනම එම ඇමතියාගෙන්ම දෙකට නැමී සම්මාන ගත් එරික් සහ අජිත් තිලකසේන ගැන එක වදනකුදු නොකියන්නේ ඇයි?

උක්ත තරුණ කිවිඳුන්ගෙන් දේශපාලනමය ආස්ථානයක් ගත් නිර්මාණ කර ඇත්තේ ලක්ශාන් පමණි. මස් ඉඹුල ඔහුගේ ස්තිර මිතුරු ඉසුරු ප්‍රසංගට අනුව අදේශපාලනික කවියෙකි. ලක්ශාන් නිසැකවම තමන් කල දේ ගැන පසුතැවීමක හෝ අඩුම තරමේ ආපසු හැරී බැලීමක හෝ නිරත වන්නට ඇතැයි සිතිය හැක. මොන තරම් විකාර කිවුවත් ප්‍රියාන් ආර්. පවා ඒ ගැන පසු තැවෙන බව ඔහුගේ ප්‍රතිචාර දෙස බැලීමෙන් තේරුම් ගත හැක. මේ අඟුටුමිට්ටන් සිදු වූ දෙය සලකා බලමින් සිටිති. ප්‍රශ්න කල යුත්තේ සාහිත්‍ය යෝධයන් ය. අමිල ගුනරත්න යෝජනා කරන ලෙසම ප්‍රකාශකයන්ගේ මාෆියාවය...

උපුල් සහෝදරයා ප්‍රතිචාර දවනු ඇතැයි සිතමි.


පාඨකයෙක්


කිවුව වෙලාව- 2011-09-13 23:44:46
lakindu මෙහෙම කියනවා :
ගද්ධදාස බුලප්පත්ති???/ හO හO හO හා

අර වේශ නිරූපන යන්තරේද?


කිවුව වෙලාව- 2011-09-13 22:40:05
Rasikaya මෙහෙම කියනවා :
කවි මරන කුකවියෙනි
සම්මාන බලාගෙන
තොප ලියන පිලුනු වුන
නිසරු පද වැල් අතර
හද මනස පිරිමදින
අකුරු හතරක් නොමැත

කියා දුන් මේ ඇත්ත
ජයන්තට අමරේට
සුගත් වටගෙදරහට
පිරිනමමි මගෙ තුතිය

රසික දන රවටමින
නිසරු පද වැල් ගොතන
පිට කසන උන් එක්ක
අමුඩ කෙටි අපුල්ලන
තොප වැනි වු කුකවින්ට
මෙය කදිම පාඩමකි

පුරන් වූ කවි කෙතේ
මඩ කලල් ඉවත් කර
නැවුම් බිජුවට ඉසින
සුබ මොහොත එන තුරා
රසික අපි ඉමු බලා


කිවුව වෙලාව- 2011-09-13 12:09:59
gas gemba මෙහෙම කියනවා :
අනේ මුන් ඔක්කොම සාහිත්ය කියල දන්න කෙන්ගෙඩියක් නැහැ. මුන්ට තියෙන්නෙ පෞද්ගලික න්යායපත්‍ර. එක්කො තමන්ට නැත්නම් යාලුවන්ට හරි කල්ලියෙ එවුවොන්ට හරි එහෙමත් නැත්නම් ගද්ධදාස බුලප්පත්තිට වගෙ ගැර හෝනිට සම්මානෙ නොලැබීම තමයි මෙතන තියෙන ප්‍රශ්න. යකුනේ සාහිත්යය කියන්නේ සම්මාන නෙමෙයි

කිවුව වෙලාව- 2011-09-13 12:04:02
nihanda මෙහෙම කියනවා :
මුග්ධ ආචාර්ය මහාචාර්ය වරුන්ට නව සාමජ සංචලනය කියවා ගැනීමට ඔවුන් අත ඇති විචාරක උපකරණ ප්‍රමාණවත් නොවේ.

ඔව් සහතික ඇත්ත


කිවුව වෙලාව- 2011-09-13 02:37:02
Mr. Salt මෙහෙම කියනවා :
@ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

සේරම එක මල්ලෙ ලුණු කාල ඉන්නෙ මචන්
උම්බත් දැන් ඔය ගොඩේ

හා හා හා හා
ප්‍රීති ප්‍රීතී


කිවුව වෙලාව- 2011-09-13 02:17:20
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මෙහෙම කියනවා :
"මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හා ලක්ෂාන් මධුරංග සොයුරන්ගේ ප්‍රයත්නය සම්බන්ධයෙන් ගෞරවයක් මා තුල ඇති නුමුදු එදින ඒ සම්මාන ද්වය ප්‍රතික්ෂේප කලේ නම් ඔවුහු මහත් සම්මානයට පාත්‍ර වීමට ඉඩ තිබුණි"යයි කියන උපුල් විචාරය පිළිබඳ සමන් වික්‍රමාරච්චිගෙන් හා ලියනගේ අමරකීර්තිගෙන් ඉගෙන ගන්නට කියයි.අමරකීර්ති සිය"අටවක පුත්තු"නවකතාවට සම්මාන ලැබුවේ මහින්ද රාජපක්ෂ අතින් බව උපුල්ට අමතකවීම කනගාටුවට කරුණකි.

කිවුව වෙලාව- 2011-09-13 02:12:16
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
උපුල් සේනාධීරිගේගෙන් තවත් වියමන්
කරන්ට්ස්
"අඟ"
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
කරන්ට්ස්
අක්ෂි රෝහලේදී
කවි
මෙ'මල් කළඹ ම නුඹ සතූ
කවි
නානුඔය දුම්රිය නැවතුමේ දී
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook