Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ඩී.එච්.ලෝරන්ස් ගේ "චැටර්ලි (අනියම්) භාර්යාව"
බූන්දි, 08:30:01
විසිවන ශතවර්ෂයෙහි මහත් ආන්දෝලනයකට පත් වූ Lady Chatterley’s Lover නවකතාවෙහි කේන්ද්‍රිය චරිතය වන චැටර්ලි ආර්යාව ලෝරන්ස්ගේම පරිකල්පනයෙන් පින්තාරු වූ චරිතයක් වුව ද ඇය ලන්ඩන් නගරයෙහි කලා සහ සමාජවාදී කවයන්හි හැදී වැඩුණු සුප්‍රසිද්ධ ආර්ථීක විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසැලෙහි (London School of Economics) සහ කලාව පිළිබඳ Slade පාසැලෙහි අධ්‍යාපනය හැදෑරූ එහෙත් ග්‍රාමීය පසුබිමකින් යුත් රොස්ලින්ඩ් බේන්ස් තෝනික්‍රොෂ්ට් නැමැති සත්‍ය කාන්තාවකි. ඔහුගේ අවසාන නවකථාවෙහි ප්‍රධාන චරිතය වූ චැටර්ලි ආර්යාව අන් කවරෙකුවත් නොව ලෝරන්ස් ආදර සම්බන්ධයක් පැවැත් වූ රොස්ලින්ඩ් බව ට කරුණු සනාථව ඇත.

ගී ද මෝපසාන්, ඇල්බෙයා කැමූ, කෆ්කා, ජීන් පෝල් සාත්‍ර, ෂේක්ස්පියර්, මිල්ටන්, එලියට්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ආදීන් මොනතරම් ශ්‍රී ලාංකිකයාට සමීප වූයේ ද ඒ හා සමාන ලෙස නැතිනම් මේ සියල්ලන්ට ම වඩා ශ්‍රී ලාංකික අපට සමීප ලේඛකයෙක් වූයේ ඩී. එච්. ලෝරන්ස් ය. පසුගිය වසර 50 තුළ ලෝරන්ස්ගේ ප්‍රධාන නවකතා සහ කෙටිකතා ශ්‍රී ලාංකික සාහිත්‍යකාමීන් අතර මහත් සේ ජනප්‍රිය ව තිබූ අතර ඔහුගේ නවකතාවන් භාෂා ගණනාවකට පරිවර්තනය ව ඇත. ඇල්ඩස් හක්ස්ලි, ඊ. ආර්. ලිවීස්, ඊ. එම්. ෆොස්ටර් සහ ලෝරන්ස්ගේ දිගුකාලීන මිතුරියක වූ කැතරීන් කාස්වෙල් (Time and Tide 1930 මාර්තු 16) ලෝරන්ස් ව අගය කළමුත් තවත් බොහෝ අය ඔහු ව පිළිකුල් කළහ.

ඩේවිඩ් හර්බට් ලෝරන්ස් එංගලන්තයේ නොටිම්හැම්ෂයර්හි පතල් කම්කරුවෙකුට දාව 1885 වසරෙහි උපත ලැබීය. පෙනහලු රෝගයකට ගොදුරු වූ ඔහු එයින් 44 වෙනි වියේ දී (එනම් 1930 දී) රොබර්මොන්ඩ් විලා හි දී අභාවප්‍රාප්ත විය.

ලෝරන්ස් ලෝක ප්‍රසිද්ධ නවකතා සහ කෙටිකතා රචකයෙකු විය. ඔහුගේ පළමු නවකතාව වූ White Peacock (1911) සිට Sons and Lovers(1913), Women in Love (1920), The Rainbow (1915), The Lost Girl (1920), The Plumbed Serpent (1926) සහ ඔහුගේ මහත් ආන්දෝලනයට ලක්වූ 1960 ගණන්වල අධිකරණයට යොමු වූ භාෂා කිහිපයකට පවා පරිවර්තනය වූ Lady Chatterley’s Lover (1928) ඇතුළු නවකතා, කෙටිකතා සහ වෙනත් කෘතීන් රාශියක් අවුරුදු 19 ක් වැනි සුළු කාලයක් තුළ ලෝකයට දායාද කළ ශාස්ත්‍රීය සහ නිර්මාණශීලී ධීර ගුණයක් තිබූ ලේඛකයෙකි. එසේ ම ඔහු ප්‍රබන්ධ ගණයට නො වැටෙන කෘතීන් කිහිපයක් ද රචනා කොට තිබිණි. ඒ පිළිබඳව බොහෝදෙනා නොදනිති. [ඒවා නම්; Freudian Psychoanalysis, Movement of European History, Studies in American Literature.]

ලෝරන්ස් නමැති චරිතය සංකීර්ණ වූවකි. අධික දුම්පානයෙහි නියැලුණු, ආකර්ශනීය ගුරුවරයෙකු, දේශාටන ලේඛනයෙහි ඉදිරියෙන් ම සිටින්නෙකු, භාවගීත සහ නාට්‍ය රචකයෙකු සම-ලිංගිකයෙකු, ස්ත්‍රීවිරෝධියෙකු මෙන් ම ස්ත්‍රී සේවනය ප්‍රියකළ අයෙකු මෙන්ම බිරිඳ සිටියදී අනියම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට පෙළඹුන අයෙකු යන මේ සියල්ලෙන් ම සංකලනය වූ චරිතය නම් ලෝරන්ස් ය. ඔහු ලෝරන්ස් වන්නේම ද එම නිසා ම ය. ලෝරන්ස් ගේ නවකතා ද ඔහුගේ ජීවිතය සේ ම අතිශයින් ම සංකීර්ණ මෙන් ම ඒ නිසා ම පුද්ගලික ගවේෂණයන් වූ බව ඒවා කියවන විට පෙනේ. ඔහුගේ නවකතා සහ කෙටිකතා වලින් නිර්මිත චරිත ඔහුගේ ම පෞරුෂයට, ලෝකදෘෂ්ටියට සහ ඔහුගේ චංචල මනසට සමීප නවකතා සහ කෙටිකතා එය තුළ අරක්ගත් සහ දෝලනය වුණු, ගරු සහ නිගරු කෙරුනු චරිතයන් ය. පෞද්ගලික ජීවිතයේදී ලොරන්ස් ස්ත්‍රීවිරෝධී ආකල්ප දැරූවෙකි. එසේ ම නවකතා සහ කෙටිකතා සන්දර්භය තුළ දී ඔහු ස්ත්‍රීවාදී අදහස් පමණක් නොව ස්ත්‍රිය ශක්තිමත්, නිදහස් සන්දර්භයානුකූලව බුද්ධිමත්, සංකීර්ණ චරිතධාරීන් ලෙස ද ඉදිරිපත් කොට ඇත.

ඔහුගේ යුගයේ වෙනත් නවකතාකරුවකුට වඩා ලෝරන්ස් සිය The Rainbow, Women in Love, The Lost Girl නවකතාවලින් ස්ත්‍රිය කේන්ද්‍රයට ගෙන ඇත. ඒ වුව ද බොහෝ නවකතා සහ කෙටිකතාවලින් ඔහු ස්ත්‍රිය අවතක්සේරු කළේය. ඔහු "පාපොච්චාරණය" කරන පරිදි ඔහු සිය නවකතාවලින් උත්සාහ කරනු ලැබුවේ පුරුෂ මතයට අනුව ස්ත්‍රීන්ට ස්ත්‍රීකම ඉගැන්වීමටයි. මේ නිසා ම ස්ත්‍රීවාදීන්ගේ දෘඪ විවේචනයට ඔහු ලක්විණි. [උදා. Simone de Beauvoir ගේ The Second Sex සහ කේට් මිලර්ගේ Sexual Politics.] ලෝරන්ස්ගේ කවි පිළිබඳ ව එදා විචාරාත්මක අධ්‍යයනයක යෙදුන සුසන් ගිල්බර්ටි ඔහුගේ "දෙබිඩි" චරිතය ප්‍රශ්න කරනු ලැබුවේ, බොහෝවිට ඔහුගේ කෘතීන් තුළින් "සජීවී පුරුෂාධිපත්‍යය/බලය" වැනි වාක්‍ය ඛණ්ඩ පාවිච්චි කළ ලෝරන්ස් "මා ස්ත්‍රියක් බව දැන දැන ම මා සමග මෙතරම් සමීප ව සහ ඍජු ව කථාකළ හැක්කේ කෙසේද?" යන්න අසමිනි. එහෙත් සුසන්ට අනුව ලෝරන්ස්ගේ කෘතීන්හි "පුරුෂයා සැමවිට ම ලිංගික ක්‍රියාවේ දී දෙවැන්නා වී ඇත." (Man has been always the Second sex) මතු වී ඇති කරුණු වලට අනුව මෙය ඔහු පිළිබඳ පාපෝච්චාරණයකි. ඔහුගේ නවකතාවල ප්‍රධාන සහ නියාමක චරිතයන් වූයේද ස්ත්‍රීන් ය.

ස්ත්‍රී විඥානයෙන් ඔහුගේ නවකතාවල කේන්ද්‍රය පිරවුවද සුසන්ට අනුව ඔහුව සසල කළ සහ කෝප කළ ආකල්පය වූයේ ද ස්ත්‍රීන් අප්‍රිය කරන ආභ්‍යන්තරික මානසික ආතතිය යි. ලෝරන්ස් ස්ත්‍රී විරෝධී රචකයකු වූයේ තරුණ අවධියේදී සමලිංගික ප්‍රවණතාවක් ඔහු තුළ තිබූ බව අනාවරණය වීමත් සමග ය. ස්ත්‍රී විරෝධියෙකු වීම සඳහා සම-ලිංගික වීමට වඩා වෙනත් කරුණු ද තිබිය හැකි මුත් ලැබී ඇති සාක්ෂීන් අනුව ලෝරන්ස් Women in Love නවකථාව ලියන අවධියෙහි ඔහු කෝනිෆර්හි තරුණ ගොවියෙකු වූ විලියම් හෙන්රි හොකිං සමග කෙටිකාලීන සමලිංගික සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. සමලිංගිකත්වය සමහර ප්‍රබන්ධයන්හි තේමාව වූයේ මෙම අත්දැකීම් නිසා යැයි ද මතයක් පවතී. වර්ෂ 1913 අතර කාලයේ දී ඔහු ලියූ ලියුමක (ඔහු විසින් ලියූ සියලු ලිපි එකතුව 5534 ක් බවට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ප්‍රකාශයට පත්කළ The Letters of D.H. Lawrence හි සඳහන්ව ඇත) ඔහු මෙසේ ලිය යි.

"ඇත්තටම ශ්‍රේෂ්ඨත්වයට පත් වන බොහොමයක් මිනිසුන් සමලිංගිකත්වයට යොමු වන්නේ ඇයි ද යන්න දැන ගැනීමට කැමතිය."

(එහෙත් මා සිතන පරිදි ලෝරන්ස් සමලිංගිකත්වය සහ ශ්‍රේෂ්ඨත්වය පටලවා ගත්තාදැයි හෝ නැතිනම් සමලිංගිකත්වය අතිශයෝක්තියෙන් මෙහිදී ඉදිරිපත් කරන්නේ දැයි සිතෙනුයේ සියලු සමලිංගිකයින් ශ්‍රේෂ්ඨ මිනිසුන් නොවූ බැවින් සහ නොවන බැවිනි. දේශපාලනයෙහි, ආගමෙහි, නීති ක්ෂේත්‍රයෙහි, කලාවෙහි සමලිංගික සම්බන්ධතා පැවැත්වූ කිහිපදෙනෙකු ශ්‍රේෂ්ඨත්වයට පත් වූ මුත් වැඩිදෙනා එසේ නොවූහ. ඇරත් සමලිංගිකත්වය සහ ශ්‍රේෂ්ඨත්වය අතර එකට එකේ ඇති සම්බන්ධයක් (One to One Relationship) දැකීම වැරදි යැයි හඟිමි- කර්තෘ)



ලෝරන්ස් ප්‍රකාශ කළ පරිදි;

"මා වයස අවුරුදු 16 දී තරුණ පතල් කම්කරුවෙකු සමග එදා ඇති කරගත් සම්බන්ධය මගේ පරිපූර්ණ ආදරය ලෙස මම විශ්වාස කරමි." ඔහුගේ පියා පතල් කම්කරුවෙකු ය යන්න මෙහිදී අමතක නොකළ යුතුය. මිචෙල් ෆූකෝ නමැති ප්‍රංශ චින්තකයා ද සමලිංගික සම්බන්ධය ගැන මෙවැනි ම අදහසක් දැරීය.

ලෝරන්ස්ගේ ඉතාමත් ජනප්‍රිය සහ ආන්දෝලනයකට පත් වූ නවකතාව වූයේ චැටර්ලි ආර්යාවගේ ආදරවන්තයා ය. එම නවකථාවෙහි චැටර්ලි ආර්යාව ලෝරන්ස්ගේ ම අනියම් භාර්යාව බව මා විසින් හුවා දක්වනුයේ ඔහුගේ සාහිත්‍ය කුශලතාවය සහ පෞරුෂය හෑල්ලුවට ලක්කිරීමට හෝ ලෝරන්ස් ගේ චරිතය ඔහුගේ මරණයෙන් පසු කෙළෙසීමේ අපේක‍ෂාවෙන් නොව ලෝරන්ස් ගේ අව්‍යාජ චරිතය ජීවත් කරවීමට සහ ඔසවා තැබීමට සහ ලෝරන්ස් සිය ජීවිත අත්දැකීම් මොනතරම් නිර්මාණශීලීව, සුන්දරව සිය නවකථාවන්ට බද්ධ කරගෙන ඇද්ද සහ එම අත්දැකීම් සාහිත්‍යය හරහා පාඨකයාට කොතරම් අපූරුවට ප්‍රදානය කර ඇත්ද යන්නත් කියාපෑමට පමණි. ලෝරන්ස් ගේ සංකීර්ණ චරිතයේ සහ ලියූ නවකථාවල සියළු පැතිකඩයන් මෙම ලිපියෙන් එළිදරව් නොකරන අතර අවධානයට යොමුකරනුයේ ඉතාමත් ආන්දෝලනයට තුඩුදුන් චැටර්ලි ආර්යාවගේ ආදරවන්තයා නැමැති කෘතියෙහි ප්‍රධාන චරිතය වූ චැටර්ලි ආර්යාව ලෝරන්ස්ගේම අනියම් භාර්යාව බවට සාක්ෂීන් අනාවරණයව ඇති බව පෙන්වමින් ලෝරන්ස්ට හෝ රොස්ලින්ඩ්ට හෝ නිගරු නොකොට සිය අනියම් සම්බන්ධතාවය පිළිබඳ අත්දැකීම් පාඨකයින් සමග රසවත් ලෙස බෙදා ගැනීමට සැලස් වූ ආකාරයට උපහාරයක් ලෙසය.

බ්‍රෙන්ඩා මැඩොක්ස් The Married Man; A Life of D. H. Lawrence (1994) කෘතියෙන් ලෝරන්ස්ගේ හෙළි නොවුනු ආදර අන්දරයක් පළමු වතාවට අනාවරණය කරන අතර Harry Moore, The Priest of Love: A Life of D. H. Lawrence(1974) John Worthoton, D. H. Lawrence: The Life of an outsider(2005) පොත්වලින් ද තවත් කරුණු අනාවරණය වී ඇත.

ලෝරන්ස්ගේ නීත්‍යනුකූල භාර්යාව වූයේ ෆ්‍රීඩා වීක්ලිය. විවාහ වූයේ 1912 දී ය. ඒ වන විටත් ඇය විවාහක කාන්තාවක් වූ අතර දරුවන් තිදෙනෙකු ද සිටියේය. ෆ්‍රීඩා වීක්ලි දැඩි කාමාශක්ත ගැහැණියක වූ අතර මැඩොක්ස්ට අනුව (The Time Magazine 1994) ලෝරන්ස් හමු වූ පළමු දිනයේ ම ඇය විනාඩි 20 ක් ඇතුළත ලෝරන්ස් සමග සයනගත ව ඇත. ඇය "බහු සුරතාන්ත" (Multi- Orgasmic) ගැහැණියක වූ අතර ලෝරන්ස් නිව්මෝනියා මෙන් ම පෙනහළු රෝගියෙකු ද විය. ඔහුට ඇයව සැනසිය නො හැකි බව ඔහු මිතුරන් සමග පවසා ඇත. මේ නිසා ස්ත්‍රී සුරතාන්තය(Female Orgasm) කෙරෙහි ලෝරන්ස් ද්වේශ සහගත වූ අතර ඔහුගේ The Plumbed Serpent නවකථාව එය හුවා දක්වනුයේ ද එම හේතුව නිසා ය. චැටර්ලි ආර්යාවගේ ආදරවන්තයා වූ දැඩි පුරුෂ ශක්තියෙන් යුතු වූ (virile) මෙලර්ස් නොහොත් ලෝරන්ස්ගේ දුබලත්වයේ පරිකල්පිත 'ප්‍රබල' අනෙකා (The strong Other) වූයේ ලෝරන්ස් ම ය. ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙන චැටර්ලි සාමිවරයා ද ලෝරන්ස් ම ය. ලෝරන්ස් විසින් ලෝඩ් චැටර්ලි සහ මෙල්ර්ස් යන ප්‍රබන්ධ චරිත දෙක ප්‍රාණවත් කිරීම සඳහා පරිකල්පනය උපයෝගී කරගත් ආකාරය ප්‍රශංසනීය ය. ලෝරන්ස් ශ්‍රේෂ්ඨ නවකථාකරුවෙකු වනුයේ ද මෙහෙයිනි. මෙතැන් සිට අප නවකතාවෙහි ප්‍රබන්ධිත ප්‍රධාන චරිතය වන චැටර්ලි ආර්යාව සත්‍ය ලෝකයේ දී හඳුනා ගනිමු.

ලෝරන්ස්ගේ විවාහක බිරිඳ ෆ්‍රීඩා ජර්මනියේ සිටින වාරයේ ලෝරන්ස් 1920 වර්ෂයේදී රොස්ලින්ඩ් හමුවීමට ඉතාලියට ලෝරන්ස් යයි. ඇයට ද කුඩා ගැහැණු ළමයින් තුන් දෙනෙකු සිටියාය. මනෝචිකිත්සකයෙකු වූ ඇයගේ සැමියා වූ ගෝඩන් බේන්ස්ගේ දික්කසාද නඩුවේ ප්‍රසිද්ධියෙන් වැළකීමට ඇය තාවකාලිකව ඉතාලියට සංක්‍රමණයව සිටියාය. එහෙත් ඊට වර්ෂයකට පෙර ලෝරන්ස් රොස්ලින්ඩ්ව මුණගැසුනේ එංගලන්තයේ බර්ක්ෂයර් දී ය. ලෝරන්ස් ඉතාලියට එනුයේ රොස්ලින්ඩ්ට දික්කසාද නඩුව පිළිබඳ ප්‍රායෝගික උපදේශයක් දීම සඳහාය. රොස්ලින්ඩ් ගේ වයස 29 කි. ඒ වන විට ඇය රූපශ්‍රීයෙන් උපරිමයෙහි සිටියා ය. පූර්ව රැෆාලියානු දුඹුරු කෙස් කළඹක්, වර්ණවත් චර්මයක් සහ විශාල දුඹුරු නෙත් සහිත වූ ඇය සත්‍ය වශයෙන් ම සුරූපිනියකි. ලෝරන්ස් ගේ නවකථාවෙහි චැටර්ලි ආර්යාව ලෝරන්ස් විස්තර කරන ආකාරය දෙස බලමු.

"ඇය රතුවන් වූ මුහුණකින් ද, මෘදු දුඹුරු කෙස් සහිත ගැමි පෙනුමකින් සහ සෙමින් චලනය වන, අසාමාන්‍ය ජීවයකින් පිරුණු විශාල ඓශ්චර්යගාමක දෑසක් මෙන්ම මුදු මොළොක් හඬක් ද ඇය සතුව තිබිණි."

("A ruddy, country – looking girl with soft brown hair and sturdy body, and slow movements full of unusual energy. She had big, wondering eyes and a soft mild voice")
(D. H. Lawrence Book Club Associated 763-766)

ඇත්තෙන්ම චැටර්ලි ආර්යාව පිළිබඳ ව ලෝරන්ස් කරනු ලබන ශාරීරික විස්තරයට රොස්ලින්ඩ් සමීපවනවා නොව විස්තරය ඇය ම ය. රොස්ලින්ඩ් ලන්ඩන්වල සමාජවාදී සහ කලා කවයන්හි හැදුණු වැඩුණු ආර්ථීක විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසලෙහි (LSE) මෙන් ම කලාව පිළිබඳ Slade පාසලෙහි අධ්‍යාපනය හැදෑරූ රාජකීය හමුදාවේ (Royal Army- RA) උසස් නිළධාරියෙකුගේ දියණියකි. ලෝරන්ස් සිය නවකථාවෙහි තවත් ප්‍රධාන චරිතයක් වූ චැටර්ලි ආර්යාව ගේ පියා වූ කොන්ස්ටන්ස් චැටර්ලිව හඳුන්වනුයේ මෙසේ ය.

"ඇය ගේ පියා කලකදී සුප්‍රසිද්ධ ව සිටි රාජකීය හමුදා නිළධාරියෙකි. ඇය සහ ඇයගේ සහෝදරියන් හැදී වැඩුණේ කලාකරුවන් සහ සංස්කෘතික සමාජවාදීන් අතරය."

ලෝරන්ස් දික්කසාදයට උදව් කිරීමේ මුවාවෙන් රොස්ලින්ඩ්ට පමණක් නොව ඇයගේ ළමයින්ට ද ළං විය. ඔහු රොස්ලින්ඩ් සමග ආහාර ගැනීමෙන් පසු පිඟන් සේදීම කළ අතර රොස්ලින්ඩ් බැලීමට එන හැම වාරයක දී ම ඇයගේ දරුවන්ට කුමක් හෝ ගෙන ඒම ද අමතක නො කළේය.

ආදර සම්බන්ධයට පදනම වැටුණේ මෙපරි දි ය. ලෝරන්ස් සිය තිස්පස් වන උපන්දිනය සැමරුවේ ෆ්ලොරන්ස්හි රොස්ලින්ඩ්ගේ නිවසේ ය. බ්‍රෙන්ඩා මැඩොක්ස්ට අනුව රොස්ලින්ඩ් ගේ දුව වූ Cloe Baynes Green විසින් ඇයගේ මව වූ රොස්ලින්ඩ්ගේ ජීවිතය පිළිබඳව සිහිවටන රචනාව 1991 දී ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ලෝරන්ස් සහ රොස්ලින්ඩ්ගේ ආදර අන්දරයත් දෙදෙනා අතර මතුවූ ලිංගික ප්‍රශ්නත් අනාවරණය විය. ඔවුන් අතර සමීප සම්බන්ධයක් තිබූ බව පහත සඳහන් දෙබස සනාථ කරයි.

ලෝරන්ස් - "ඔබගේ ජීවිතයට දැන් ලිංගික අත්දැකීමක් නැති එක පිළිබඳ ඔබේ හැඟීම?"
රොස්ලින්ඩ් - "සත්තකින් ම මට දැන් එය අහිමි ව ඇත."
ලෝරන්ස් - "හොඳයි ඇයි එහෙනම් එය ඔබ නො ලබන්නේ ?"
රොස්ලින්ඩ් - "ඒක ලෙහෙසියෙන් පිනවන්න පුළුවන් එකක් නොවෙයි"
ලෝරන්ස් - "ඔව්, ඔයයි මමයි ලිංගික වශයෙන් හැසිරිය නො යුත්තේ ඇයි ?"
රොස්ලින්ඩ් - "ඔව් ඇත්තෙන් ම මට එය අවශ්‍යයි"


ඊළඟ දවසේ බලාපොරොත්තු සහිත ව රොස්ලින්ඩ් ඇයගේ නිදන කාමරය සකස් කළ ද ලෝරන්ස්ගෙන් ප්‍රතිචාරයක් ඇය නුදුටුවාය. ඊට පසු දින ලෝරන්ස් දිවා ආහාරයට පැමිණි අතර ආහාරය පිළියෙළ කරනු ලැබුවේ දෙදෙනා ම එකතු ව ය. වාචික ප්‍රතිචාරයක් ලෝරන්ස්ගෙන් ලැබුණ හෙයින් සතුටු ව රොස්ලින්ඩ් ලෝරන්ස් සමග සයනගත වුව ද රොස්ලින්ඩ්ගේ සිහිවටනය ඉන් ඉදිරියට නො ලියවී ඇති බව රොස්ලින්ඩ්ගේ දුව අනාවරණය කර ඇත. හේතුව, රොස්ලින්ඩ්ව සතුටු කිරීමට තරම් ලෝරන්ස් පුරුෂයකු නො වීමයි. ලෝරන්ස් සහ රොස්ලින්ඩ් අතර ප්‍රේම සම්බන්ධයකට වඩා වැඩි යමක් තිබූ බව ඇයගේ පවුලේ උදවිය පවා විශ්වාස කළ මුත් ලෝරන්ස් එය විශ්වාස නොකළේය. ෆ්ලොරන්ස් වල ලෝරන්ස් ගතකළ කාලයේ ලියූ සංවේදී සහ අනුරාගී කවි පදවැල් මෙයට සාක්ෂි සපයයි. සියල්ල කෙසේ වෙතත් බොහොමයක් කවි ලෝරන්ස් රොස්ලින්ඩ්ට තිබූ ප්‍රේමය සහ එහෙත් ඔහුගේ ඒ වන විට ලිංගික නො හැකියාව තුළින් ඉස්මතු වූ සංකල්පනාවන් ය. ලිංගිකත්වය පිළිබඳ ඔහුගේ දීර්ඝ සංග්‍රාමය ඔහුගේ සෞඛ්‍යය මෙන් ම පිරිහී ගොස් තිබුණි.

ස්ත්‍රීන් කෙරෙහි ලෝරන්ස් තුළ තිබූ වෛරය අඩු නො වීය. මෙය ඔහුගේ මුල්කාලීන සමලිංගිකත්ව අත්දැකීම නිසා වර්ධනය වූවක් ද? එසේත් නොවේ නම් ලිංගික දුබලතාව නිසා ඉස්මතු වූවක් ද යන්න අපැහැදිලිය. එහෙත් සිය අවසාන නවකතාව චැටර්ලි ආර්යාව ගේ පෙම්වතා වශයෙන් නම් තැබීමෙන් ඔහු සියුම් ලෙස ස්ත්‍රී වර්ගයාගෙන් මෙන් ම රොස්ලින්ඩ්ගෙන් ද පළිගත් බව පෙනෙනුයේ ආර්යාවන් කැලය රකින්නන් (මෙලර්ස් වැනි) සමග වුව හිඳ තම ලිංගික උවමනාවන් සපුරා ගැනීමට උපක්‍රමශීලී වන අය ලෙස හැඳින්වීම නිසාවෙනි. පශ්චාත්- ස්ත්‍රීවාදී ලේඛිකාවන් මෙම නවකතාවෙහි ශීර්ෂය පවා ස්ත්‍රීන් කෙරෙහි ව්‍යංග වෛරයක් ඇතිව යොදන ලද්දක් බව ලෝරන්ස් විසින් පෙන්වා දුනි. නවකථාවෙහි නම "චැටර්ලි ආර්යාව ගේ පෙම්වතා" යන්න යි. මෙලර්ස් චැටර්ලි ආර්යාවගේ පෙම්වතා මිස මෙලර්ස්ගේ ආදරවන්තිය චැටර්ලි නොවේය යන්නක් මෙම ශීර්ෂයෙන් ලෝරන්ස් ගම්‍ය කරමින් ඔහු ස්ත්‍රී විරෝධී මානසිකත්වයකින් සිය නවකථාව ලියූ බවට චෝදනා එල්ල වුනි. සිය ආශාවන් සංසිඳවා ගැනීමට මෙලර්ස් ළඟට චැටර්ලි ආර්යාව යැවීමෙන් ලෝරන්ස් පුරුෂ සංකල්පය ඉදිරියේ ස්ත්‍රිය අවප්‍රමාණය කර ඇතැයි විරෝධතා ද එල්ලවුණි.

ලෝරන්ස් 1926-27 කාලයේ ලිංගික දුබලතාවකින් පෙලීමත්, එසේ ම "මගේ පිටුපස ගැහැණියක් නැත්නම් මට කිසිවක් කරගත නො හැකිය" යන විශ්වාසය මත රොස්ලින්ඩ් සමග ආදරයෙන් වෙළුණ ද, ඔහුට ඇයව ලිංගික වශයෙන් තෘප්තිමත් කිරීමට හෝ ඔහුට ඇයගෙන් තෘප්තිමත් වීමට හෝ බැරිවූ බවට සාධක සපයනුයේ රොස්ලින්ඩ් ම ය. (Roslind’s Memoirs – Cloe Baynes Green, 1991).

මෙලර්ස් යනු අන් කවරකුවත් නොව ලෝරන්ස් ම බව බොහෝ දෙනා විශ්වාස කර තිබුණි. ඇත්තෙන්ම ෆ්‍රොයිඩියානු දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළහොත්, මෙලර්ස් යනු ලෝරන්ස්ගේ මානසික ප්‍රක්ෂේපණය යි (mental projection). නැතහොත් ලෝරන්ස්ගේ සිත තුළ ම ජීවත් වූ මෙලර්ස් නැමැති හැඩිදැඩි ෆැන්ටසි 'අනෙකාය'. එපමණක් නොව 1926-27 එනම් නවකථාව ලියන කාලයේදී නවකතාවෙහි චැටර්ලි ආර්යාවගේ ස්වාමියා වූ වංශාධිපති එහෙත් අප්‍රාණික ලෝඩ් චැටර්ලි ය. ලෝරන්ස් විසින් ලෝඩ් චැටර්ලි ව හඳුන්වා දෙනුයේ ලිංගික බෙලහීනයෙකු ලෙසය. නවකථාවේ චරිත සහ තථ්‍ය චරිත මෙසේ ගොඩනැගෙන විට ඉහත සමීකරණය පහසුවෙන් තේරුම් ගත හැකි වනුයේ රොස්ලින්ඩ් සමග ලිංගිකව හැසිරීමට අපහසු වූ ලෝරන්ස් නැතහොත් ඔහුම වන "ලෝඩ් චැටර්ලි" සහ"මෙලර්ස්" නැමැති ෆැන්ටසි චරිතයන් මගින් සිය අවිඥානික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කිරීම දෙස බලන විට ය. මේ කාලය තුළ ලෝරන්ස් ශාරීරිකව රෝගී වූ අතර ලිංගික වශයෙන් ද අකර්මණ්‍ය විය. මේ නිසා ඔහුගේ බිරිඳ ෆ්‍රීඩා ඉතාලියානු නිළධාරියෙකු සමග සම්බන්ධයක් ඇති කරගෙන තිබිණු අතර ඔහු ඇයගේ තුන්වැනි සහකරු වූයේ ලෝරන්ස් ජීවත් වන අතරතුරදී ම ය.

මේ සියල්ල ම මිනිසෙකුගේ අත්දැකීම් ය. මේ සියල්ල ම ලෝරන්ස් නැමැති මිනිසාගේ, නවකථාකරුවාගේ, කවියාගේ අත්දැකීම් ය. නවකථාවකට නිමිත්ත සපයනුයේත්, එහි අන්තර්ගතය සකස් කරනුයේත්, චරිත නිර්මාණය වනුයේත්, ඒ ඒ චරිතවල පෞරුෂය නිර්වචනය වනුයේත්, අත්දැකීම් මත සහ ඒවා හරහාය. Sons and Lovers නවකථාවේ Miriam Jessie Chambers සිය මුල් පෙම්වතිය වී තිබීම ද, ලෝරන්ස්ගේ සත්‍ය සම්බන්ධයන් නවකථාවන්ට කාන්දු වූ බවට උදාහරණයකි. චැටර්ලි ආර්යාව හෙවත් තෝනික්‍රොෆ්ට් සමග තිබූ සම්බන්ධය ද සිය නවකථාවෙහි ජවය, බලය සහ න්‍යෂ්ටිය විය.

අප ලෝරන්ස්ගේ පෞද්ගලික ජීවිතය හෝ චරිතය නොව ඔහුගේ අත්දැකීම්වලින් නිර්මිත චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නැමැති නවකථාව පමණක් අගයමු. මෙම ලිපියෙන් මා උත්සාහ කළේ "චැටර්ලි ආර්යාව ගේ පෙම්වතා" නැමැති නවකථාව හුදු පරිකල්පිත නවකථාවක් නොව, තමාගේම අත්දැකීම් හා මනෝභාවයන් මත පදනම් ව නිර්මිත කෘතියක් බව පෙන්වීමටයි. අදටත් එම නවකථාව ශ්‍රේෂ්ඨ ලෙස සැලකේ. අප ද එසේ සලකමු. හේතුව, ලෝරන්ස් සිය අත්දැකීම් ප්‍රබන්ධයෙන් වෙන් නො කිරීමට වග බලාගත් නිසා ය. ලෝරන්ස්ගේ ශ්‍රේෂ්ඨතම නවකථාව "චැටර්ලි ආර්යාවගේ පෙම්වතා"(Lady Chatterly’s Lover) වනුයේ ද මේ නිසා ම ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Lady Chatterly’s Lover, D.H. Lawrence
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
RMJ මෙහෙම කියනවා :
 I think much of Laurence's inclination towards sexuality  was profoundly discussed by   Peter Nazarath- critic and writer of fiction and drama.,D.H  Laurence tried to emphasize the balance between consciousness and body sensation. Most of his  novels reflect this very theme. In addition   his  childhood experiences may have had a great impact on his novels and short stories. For instance   in his short story Odour of Chrysanthemums D. H. Lawrence gives numerous  metaphors for sexual repulsion. Perhaps  unconsciously  he was reveling the blustery relationship between his father and the mother. Otto Rank once stated art is life's dream interpretation. Therefore his work could be a conglomerate of past experiences, fantasy and creativity.  Good article  leads to  brainstorming. Thanks for sharing.

Dr Ruwan M Jayatunge 


කිවුව වෙලාව- 2011-09-15 07:54:40
Nevil මෙහෙම කියනවා :
ගුණරත්න මහතයෝ සමාජ වියාපාර හරහා නිර්මාණ අධ්‍යනය කරනවා කියලා කියන ඔහෙලා කරන්නේ නිර්මාණ අධ්‍යනයද නැත්නම් මිනිසුන්ට පුද්ගලිකව මඩ ගහන එකද? මට හිතෙන්නේ මේ මඩ කාරයන්ට තියන හීනමානය සහ හරි හැටි ඉංග්‍රීසියෙන් බටහිර නිර්මාණයක් කියවා ගැනීමට දැනුම නැති නිසා ඒ තරහෙන් යම් අධ්‍යනයක් කරපු පුද්ගලයාට වෛර විවේචනයක් කරලා හීනමාන වින්දනයක් ලබා ගැනීම කරනවා. මේවා කරන්න එපා ගුණාත්මක විවේචන කරන්න. විවේචනය පදනමක් ඇතුව කරන්න.

කිවුව වෙලාව- 2011-09-15 05:45:17
ranidu මෙහෙම කියනවා :
රුවන් ජයතුන්ග= මල්ලිකාරච්චි= මනෝ විකාර

කිවුව වෙලාව- 2011-09-14 23:22:57
@ nevil මෙහෙම කියනවා :
@නෙවිල්,
ඔයා මල්ලිකාරච්චිගෙ සිවිල් වටිනාකම් ගැනයි කතාකරන්නෙ. ඔයාට එයාගෙ ඇකඩමික් සුදුසුකම මහ බක්කක් වුනාට ඒවා සමාජ ව්‍යාපාර හරහා 'කියවන' අපට නම් පයිසෙකටවත් වටින්නේ නැ. ඔයා කොහොමද ඩබ්ලිව්. එන් ගේ ඉ0ග්‍රිසි භාශා දැනුම ප්‍රශ්න කරන්නේ.මොකක්ද ඒකේ මිනුම් දන්ඩ.? සිවිල් ප්‍රතිරූප නෙවයි අදාල ලිපිය මූලික කරගෙන ඒ ගැන තක්සේරුවකට එන්න. සුරුවන් වන්දනාව දැන් යල් පැනලා බොහෝ කල් මහත්තයෝ
-- ගුනරත්න


කිවුව වෙලාව- 2011-09-14 23:17:38
RMJ මෙහෙම කියනවා :
 I think much of Laurence's inclination towards sexuality  was profoundly discussed by   Peter Nazarath- critic and writer of fiction and drama.,D.H  Laurence tried to emphasize the balance between consciousness and body sensation. Most of his  novels reflect this very theme. In addition   his  childhood experiences may have had a great impact on his novels and short stories. For instance   in his short story Odour of Chrysanthemums D. H. Lawrence gives numerous  metaphors for sexual repulsion. Perhaps  unconsciously  he was reveling the blustery relationship between his father and the mother. Otto Rank once stated art is life's dream interpretation. Therefore his work could be a conglomerate of past experiences, fantasy and creativity.  Good article  leads to  brainstorming. Thanks for sharing.

Dr Ruwan M Jayatunge 


කිවුව වෙලාව- 2011-09-14 12:32:38
Nevil මෙහෙම කියනවා :
හිතවත් [W N] මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මෙම ලිපිය ලියන්න ඔහුගේ දැනුම සහ අත්දැකීම් මෙන්ම කියවා ඇති පොත් මගින් ඇති කරන ලද විෂලේෂණාත්මක දැනුම යොදා ගනී. ඔබට ඔහුගේ මට්ටමට දැනුම සහ ඉංග්‍රීසි භාෂාවෙන් DH Laurence කියවා අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබුනේ නම් මෙවැනි නිගමනයකට ඔබ එළබෙන්නේ නැත.

NEVIL


කිවුව වෙලාව- 2011-09-14 11:40:07
jabba මෙහෙම කියනවා :
Timely written.

කිවුව වෙලාව- 2011-09-14 07:31:36
seena මෙහෙම කියනවා :
නියමයි.

කිවුව වෙලාව- 2011-09-14 01:45:47
W N මෙහෙම කියනවා :
අදාල චරිත වලට පසුබිම් වූ සමාජ දේශපාලන මූලයන් ගවේශනය කරමින් ඒවායේ ගති ස්වභාව අනාවරනය කරනවා වෙනුවට, ඊට ද්විතික වන කරුනු එනම් රචකයාගේ පුද්ගල ජීවිතයේ අදුරු අහු මුලු අත ගගා ඒවා පෙරට දමාගෙන , සාහිත විචාරයේ වෙසින් කරන නන් දෙඩවීමක්.... මේවා සාහිත විශ්ලේශන නොව මනෝ සායනික විශ්ලේශනයි. මෙතුමා දර්ශනය නම් විශය පිලිබද ල0කාවේ විශ්ව විද්යාල ආයතනික පද්ධතිය තුල ප්‍රාමානිකයෙක් වියහැකි යැයි යම් පමනකට අනුමාන කල හැකි මුත් (?) , කලා විචාරය නම් පුරුදු පුහුනු කල කෙනෙකු නොවන බැව් ඉතිහාසය සාක්ශි දරයි.

කිවුව වෙලාව- 2011-09-14 01:26:05
Nero මෙහෙම කියනවා :
පට්ට..

කිවුව වෙලාව- 2011-09-13 22:56:00
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගෙන් තවත් වියමන්
අදහස්
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
වෙසෙස්
දේශපාලන ඥාති සංග්‍රහය හෝ අනුග්‍රහය සදාචාරාත්මකද?
වෙසෙස්
Young Marx as a Lyrical Poet
වෙසෙස්
ගඩාෆි ඉවතට, අධිරාජ්‍යවාදීන් ද ලිබියාවෙන් ඉවතට| Gaddafi Out, Imperialists too Out from Libya
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook