Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
"ගාමනි" වංචනික හෘද සාක්ෂිය
බූන්දි, 02:16:02
රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ "ගාමනි" චිත්‍රපටයෙන් පුළුල් මානවීය දැක්මක් බලාපොරොත්තු වීමට මෙම ලියුම්කරුට කිසිදු සාධාරණ හේතුවක් නොවිණි. මන්ද කිසිදා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකළ ඔහු මෙම චිත්‍රපටයට අතගසන්නේ, යුද්ධය හා දෙමළ ජනතාවගේ ගැටලුව පිළිබඳ සබුද්ධිකව නිර්මාණය කළ, අශෝක හඳගමගේ "මේ මගේ සඳයි" විමුක්ති ජයසුන්දරගේ "සුළඟ එනු පිණිස" වැනි චිත්‍රපට වලට එරෙහිව පුවත්පත් මගින් වෛරී ලෙස පහරදීමෙන් ඉක්බිතිව බැවිණි. ගාමනී චිත්‍රපටයේ ඇතුළත දේශපාලනය සාකච්ඡාකිරීමට මෙලෙස චිත්‍රපටයෙන් පිටතදී මුණගැසෙන දේශපාලනය යතුරක් සපයයි.

යුද්ධය ආශ්‍රිතව තැනු ඉහතකී චිත්‍රපට අද්මිරාල්වරයා දකිනුයේ සිංහලයාට ගරහන, සිංහල ජාතිය පාවාදෙන, සිංහල සෙබලා හෙලා දකින, සිංහල කාන්තාවට නිග්‍රහ කරන කෘතීන් ලෙසය. මෙය ජාත්‍යන්තර තලයේදී ත්‍රස්තවාදියාගේ ප්‍රතිරූපය නංවන්නක් බැවින් තමා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ ඊට එරෙහි සොල්දාදුවකු ලෙස මිස, චිත්‍රපට විචාරකයකු ලෙස නොවන බව අද්මිරාල්වරයා එවක ලියා තිබිණි. වීරසේකරගේ මේ උමතු අර්ථ දැක්වීම විශේෂයෙන් සුළඟ එනු පිණිස වැනි චිත්‍රපටයක් පිළිබඳව විවිධ මානයන්ගෙත් මතුවිය යුතුව තිබූ සංවාදයන්ට වල කැපූ අතර, ඊනියා දේශප්‍රේමී අවතාර කළ තර්ජන හේතුවෙන් එහි මෙරට නිෂ්පාදක සන්නස්ගල විසින් චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කර ගත් හැටි ද අපට මතකය.



මෙහිදී ගාමනි අධ්‍යක්ෂණය කෙරෙනුයේ ද සිනමා නිර්මාපකයකු ලෙස නොව මිලිටරිකාරයකු ලෙස බැව් නිශ්චය කිරීම කිසිසේත් අසාධාරණ නැත. ඔහු යුද්ධය වස්තුවන චිත්‍රපටයක් කෙසේ විය යුතුදැයි නිශ්චය කොට ගෙන ඇත්තේ සුළඟ එනු පිණිස පිළිබඳව පෙර ඔහු විසින් මෙසේ ලියූ අයුරින්මය.

"එම නිෂ්පාදනයෙන් ජාතිය පාවා දී සෙබළා අමනයෙක් කොට, සෙබළ බිරිඳ වෛශ්‍යාවක් කරමින්, ත්‍රස්ත ප්‍රචාරක කටයුතු වලට උඩ ගෙඩි දී ඇත්නම්, එම නිෂ්පාදක වරයාගේ ඔලුව පරීක්ෂා කළ යුතුය. එසේ පරීක්ෂාකොට ඔහු සිහිමද ගතියෙන් පෙළෙන්නේ යැයි තහවුරු වුවහොත් ඔහුගේ ඊළඟ නිෂ්පාදනයට පෙර ඔහුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුය. ඔහු එය මනා සිහි බුද්ධියෙන් යුතුව කර ඇත්නම් එය පැහැදිළිවම දේශයට ද්‍රෝහී වීමක් සේ අපි දකිමු. මන්ද පෙර විස්තර කර ඇති පරිදි එයින් වක්‍රව හෝ රටේ ත්‍රස්තවාදය සාධාරණීය කිරීමට රුකුල් දෙන නිසාය. දේශදෝහීන්ට දණ්ඩ නීති සංග්‍රහයට අනුව සෑම රටකම මෙන් ම ලංකාවේ ද දෙන එකම දඩුවම මරණීය දණ්ඩණයයි. ජාතියේ පැවැත්ම උදෙසා එවැන්නෙක් දුටු තැන වහාම අත්අඩංගුවට ගෙන අදාළ නීතිමය කටයුතු කොට අවසානයේදී රටේ නීතියට අනුව එල්ලා මැරිය යුතුය."
(රියර් අද්මිරාල් සරත් වීරසේකර, උපුටා ගැනීම "කවුළු දොරරින්න සුළඟ එනු පිණිස මාධ්‍ය කතිකාව", නොවැම්බර් ව්‍යාපාරය)


"ගාමනි" යනු වීරසේකර විසින් එසේ පිටු දක්නා ලද චිත්‍රපට අබිබවන මහා සිනමා විප්ලවයක් නොවේ. අති සරල නොගැඹුරු කතන්දරයකි. සාමාන්‍ය ජන නිර්වචනයට අනුව මරු පිච්චර් එකකි. නමුත් එය විනෝදාස්වාදය සපයන අහිංසක තැනම නතරවන්නක්ද? ප්‍රශ්නය ඇත්තේ එතැනයි. ඒ, දෘෂ්‍යමානයෙන් ඔබ්බෙහි ගාමනි තක්කඩි බැවිණි.





එල්ටීටීඊය ඕපපාතිකව බිහිනොවූ මුත් ඔවුන් මිනිස් ඝාතන සිදු කළ බැව් අප දනිමු. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයා දන්නේ එල්ටීටීය මිනීමැරූ බව ම පමණි. ඊට වඩා කිසිවක් නොදනී. එල්ටීටීඊය විසින් කිරි දරුවන් පොළොවේ ගැසීම, මවගේ පියයුරෙන් කිරි බොමින් සිටින ලේකැටියන් පොළොවේ ගැසීම, අතිශෝත්තිගත ලෙස පෙන්වීමට වැඩි බරක් දෙන අතර, අවසානයේ අංගම්පොර කරුවෙකු ලවා ප්‍රහාර එල්ල කිරීමත්, ග්‍රාමාරක්ෂකයින් හමුදා නිළධාරීන් විසින් පුහුණුකිරීම අතර තුර ගැහැණුන්ගේ පියයුරු රහල් හිමියන් හංසයින්ට උපමාකළේ ඇයි දැයි, වාචික විහිලු සැපයීමත් මිස ගාමනී තුළ සිනමා මාධ්‍යයේ සුවිශේෂතා භාවිතයෙන් ගොඩනගන සුවිශේෂ ප්‍රකාශනයක් නැත. අවසාන හැඟවුම "කොටි නරකයි, අපි හොඳයි, මීට පස්සෙ දෙමළ අයට අපේ පිහිටයි" යන්න යි.

ගාමනි ගේ පිට පොත්තට යටින් ඇත්තේ අන් කිසිවක් නොව යුද්ධය පිළිබඳ පාළක පන්තියේ ස්වෝත්තම දෘෂ්ටිවාදයයි. මිලිටරි යාන්ත්‍රණය යනු පාලක පන්තියක ආරක්ෂණ උපකරණයයි. එනයින් පාලක හා මිලිටරි ද්විපක්ෂය අතිපිහිත වේ. නොඑසේනම් එකිනෙකා මත යැපේ. එවන් අවස්ථාවක මතවාදී දේශපාලනය හෙවත් පාලක පන්තියට අවශ්‍ය දෘෂ්ටිවාදය ජනතාවට එන්නත් කරනු ඇත්තේ තම බලයේ පැවැත්ම වෙනුවෙනි. දේශප්‍රේමය නැමති අයිසිං තට්ටුවෙන් සරසා ඇති තාක් පාලකයාගේ මේ කෙප්පය ජනතාවට නොපෙනේ. මිලිටරියක් තුළ සිටින්නෙකු කිසියම් දේශපාලන සංසිද්ධියක් පිළිබඳ තම පාලක මහා අනෙකා පරයා නොසිතයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තිස් වසරක් තිස්සේ පැවති යුද්ධයේ පැනනැගීම, කළු ජූලිය, දෙමළ ජනයා තුළ ඇති කරන ලද සුළුජාතික මානසිකත්වයේ වේදනාව, ගාමනී හි ප්‍රකාශමාන කෙරෙනුයේ ඕපපාතික ප්‍රපංච ලෙසය. සිංහලයාගේ අනුකම්පාව පමණක් දෙමළා සුවපත්වීමට ප්‍රමාණවත් බැව්ද හැඟවුම් කෙරෙයි.

ගාමනි හි රංගනයට හඳගම හා විමුක්තිගේ පෙරකී චිත්‍රපට වල රඟපෑ නළු නිළියන් ගෙන් වැඩි පිරිසක් හා සෙසු ශිල්පීන් යොදගැනීම ද අහම්බයක්ම නොවේ. විශේෂයෙන් හඳගම සුනාමි පුනරුථාපන සිදුවීම් ඔස්සේ නිර්මාණය කළ "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යයෙ, භික්ෂු චරිතයේ මතු පිට හැඩය වීරසේකර විසින් ගාමනී ට යොදාගෙන තිබේ. මෙහිදී හඳගම විසින් ගොඩනංවන ලද චරිතය තුළ තිබූ තර්කානුකූල, මානවප්‍රේමී භික්ෂූත්වය වෙනුවට ගාමනී හි ඇත්තේ චෝල, පාණ්ඩ්‍ය, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණයන්හිදී රටබේරාගත් සිංහලයන් ගැන කියමින් ලොමුදැහැගැන්වෙන ලෙස ජනතාවට මොරාල් සපයන යුධකාමී විපරීතයකි.





කෙසේ මුත් අධිපති මතවාදය හෙවත් පාලකපන්තියේ දෘෂ්ටිවාදය කලාව ආක්‍රමණය කිරීම පිළිබඳ ගාමනී එක් සාක්ෂියක් පමණක් වන අතර, තිරගතවූ, තිරගතවන තිරගතවීමට නියමිත, හා නිෂ්පාදනය වන චිත්‍රපට බොහොමයක් මේ අගතියෙන් යුතු බැව් මේවන විට පෙනෙන්නට තිබේ. එහි සැබෑ අනතුර කිසියම් දැක්මක් සහිත සැබෑ කලාකරුවන්ට අභිමුඛ විය හැකි අතර, එහි පූර්ව වාචික ප්‍රකාශනය ගාමනී හි භික්ෂුවගේ මුවට නංවා තිබේ.

"යුද්දෙ ගැන ලියපු එවුං ලිව්වෙ කොම්පඤ්ඤ වීදියෙ ඉඳලා. යුද්දෙ ගැන චිත්‍රපටි හදපු එවුං ඒව හැදුවෙ ප්‍රංසෙ ඉඳලා"

මෙය චිත්‍රපටයක චරිතයක් ප්‍රකාශ කරන හුදු සරල අදහසක් පමණක් ලෙස ගෙන බැහැර කළ හැකිද?

එහෙත් රාජ්‍ය මතය ඉක්මවන කලාකරුවකුට අවසානයේ වියහැක්කේ කුමක්ද? එක්කෝ බොහෝ ප්‍රවීනයන් මෙන් හීලෑ වීමට සිදු වීමය. නැතහොත් උඩුගං බලා පිහිනීමය. පළමුවැන්න පහසුය. සුවදායකය. වරදාන සහිතය. දෙවැන්න කටුකය. අනතුරු සහිතය. අපි දැනට ඉතිරිවී ඇති කලාකරුවන් අතලොස්ස දෙස බලා හිඳින අතර කිවයුත්තේ,"ඇසින් දුටුවන් ගේ හෘද සාක්ෂිය" නම් ප්‍රචාරක පාඨයෙන් හඳුන්වන ගාමනි චිත්‍රපටය සිංහලයාගේ වංචනික හෘද සාක්ෂියේ පිළිබිඹුවක් ද බවයි.


[මේ මගේ සඳයි]


[සුළඟ එනු පිණිස]


[ගාමනි]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- "Gamani" Sinhala film by Rear Admiral Sarath Weerasekara, Me Mage Sandayi by Asoka Handagama, Sulanga Enu Pinisa by Vimukthi Jayasundara, W. Jayasiri, Bimal Jayakodi, Dilhani Aokamala, Mahendra Perera
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Dushtaya මෙහෙම කියනවා :
@[udiro]thama kalawen panivida hoyana, rajya drustiwadayen ahata hithanna bari, sinhala baudda pissanta galapena film akak gamani.

කිවුව වෙලාව- 2011-12-15 08:17:54
udiro මෙහෙම කියනවා :
Eyi oyala hithanne neththe, Me kathawe pennwan de eththatama me rate avurudu 30 asanna kalayak una kiyala.... Army Eka shakthimath karanna kalin Grama arakshaka yo thamai e gam wala hitiye.... Nisi puhunuwak nethuwa.... Eth minissu jeewath una.... Koti gammana walata penala minissu kapala kotala meruwa.... Hamudawa ehema karala thiyanawada ithihase kawada hari.... Ehenam adath e de wenna ona Samaya thiyeddi..... Eththa Sinhala bahutharayage balu kama, walaththakama, Amanakama.... Hema dema tika dawasen amathakai.... Gamani heduwe eka gammaneka wechcha de pennana witharai kiyala penawa.... Kalakarayo kiyanne Oluwa wikara wechcha pissanta witharak nemei.... Yam kisi Paniwidayak sarthaka wa idiri path karana ayata... Ape rate pahu giya wasara 10-15 hadapu halparu film walata wada me film eka itha hondai.... E wagema meka kauruwath sambawya film ekak kiyala release karala ne ne.... Nikan Buruwo wenna epa antha wadee wela...... Me film eka balanna eka honda nam hondai nethnam ne....... eka eka lebal gahanna gihilla nondi wenna epa....

කිවුව වෙලාව- 2011-12-15 00:34:28
RanS~ මෙහෙම කියනවා :
යකො මේක යුද්දෙ යන කාලෙ ගියානම් අපි මුකුත් කියන්නෙ නෑහෑ. අයෙත් ජාති වදය වපුරන්නෙ නතිව ඈස් 2කෙන් ලෝකය දිහ බලපන්. ඈත්ත කතා කරපන්. අද මේක බලලා බොරු ආතල් එකක් ගන්න එපා. මෙ දෙශ ප්‍රේමී පාලකයො රට විකුනනවා. එ ගෑන කතා කරපන් බියගුලු කම අයින් කරලා.

කිවුව වෙලාව- 2011-12-02 14:18:41
සූස්ති ගුණේ මෙහෙම කියනවා :
[යුද්ධය හා දෙමළ ජනතාවගේ ගැටලුව පිළිබඳ සබුද්ධිකව නිර්මාණය කළ, අශෝක හඳගමගේ "මේ මගේ සඳයි" විමුක්ති ජයසුන්දරගේ "සුළඟ එනු පිණිස"]

හා හා, කෙල්ල ගෙට ගනිල්ලා, මේකෙන්ම පේනවා මූ එන්නේ මොකාටද කියලා.

[භික්ෂු චරිතයේ මතු පිට හැඩය වීරසේකර විසින් ගාමනී ට යොදාගෙන තිබේ.]

හඳගම ගෙඩි පිටින් කොපි කලේ කිතලගම සීලාලංකාර හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ දෙමළ ගැටිස්සිට *කන්න එන දර්ශනයක් "මේ මගේ සඳයි" එකේ දාල තියෙන්නේ මොන අදහසකින්ද කියලත් කිවුවොත් හිඬ්හ්යි.


කිවුව වෙලාව- 2011-11-13 18:34:27
sumedha99 මෙහෙම කියනවා :
අන්තිම සවුත්තු ෆිල්ම් එකක් යුද්දෙ තවමත් විකුනගෙන කන ගමන් ජාතිවාදෙ ඈති කරන ෆිල්ම් හදනවා,අපෙ හමුදවෙ උන් සාමාන්ය දෙමල මිනිස්සු කී දෙනෙක් අමු අමුවෙ මරලා තියෙනවද?89 භීශන කාලේ සින්හල කොල්ලො කෙල්ලො 60000ක් විතර මෑරුවෙ හමුදාවෙ උන් සහ පොලීසීයෙ උන්,එවා ගෑනත් ෆිල්ම් හදපල්ලා,උබලා තව අවුරුදු කීයක් යුද්දෙ විකුනන්නද කල්පනාව,ජනතාව නෑගිටින දවසට යන්න තෑනක් හොයා ගනින්

කිවුව වෙලාව- 2011-11-03 08:29:22
VIP මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-10-31 21:53:56
මම සිංහලයෙක්මි මෙහෙම කියනවා :
ඇත්තටම ඔයාගේ අදහස් අන්තිම සවුත්තුයි සිංහලයෙක් නම් ඔයා ඔහොම කියන්නේ නෑ කොටින්ගේ ම්ලේච්ඡත්වය පෙන්නන්න හදපු හොදම සිනමා නිර්මෘණයක් එක film එකකින් හැම දෙයක්ම පෙන්නන්න අමාරුයි ඒක තේරුම් ගන්න ලගදි "මාතා" film එකත් ආවාම කියන්නකො බලන්න මේ වගේ දේශද්‍රෝහි ජාතිද්‍රෝහි කථා...

කිවුව වෙලාව- 2011-09-11 21:04:14
ruwan මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-11 04:48:47
cina..... මෙහෙම කියනවා :
kawda oii pissu kiyawanne....meka awilla pattama patta tele drama ekak...meke film kiyayala tiyenne camarawa witharamaiiiii..(real)api mekath hithanna epai...meka lankawane...meke hedenna ona niyama film mewa thamaiiii.nethnam aksharaya wage nemeine...munta therenne ne...mewa niyamai..(hebei soap neda????)

කිවුව වෙලාව- 2011-09-09 10:34:07
Sura මෙහෙම කියනවා :
ඔව් ඔව් උබලට ඉතින් හමුදාව හොඳයි..... කොටි හොඳා.......යිනේ.... පලයන් බන් යන්න උබලා දන්න චිත්‍රපටි.....

කිවුව වෙලාව- 2011-09-09 05:05:15
ජනප්රිය මෙහෙම කියනවා :
ගාම්ණි අධිපතිවාදී දෘෂ්ටිවාදය පතුරවන බව ඇත්ත. ඊටත් වැඩිය කැත ඒක කියන නොගැඹුරැ තාගල. හිරිකිතයි. බැලුවට පස්සේ හිතුණා මේ දෑස මක්කටද කියලා.

කිවුව වෙලාව- 2011-09-09 01:55:39
hiru මෙහෙම කියනවා :
niyamai aiya

කිවුව වෙලාව- 2011-09-09 00:38:21
hiru මෙහෙම කියනවා :
Hඉරු

කිවුව වෙලාව- 2011-09-09 00:36:42
පීචං මෙහෙම කියනවා :
මේජර්ගේ සම්භාව්‍ය රාජ්‍ය සිනමා කෘතිය. හමුදාවෙ මේජර් කෙනෙකුගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මයෙ හිතේ. ආණ්ඩුවට පුක දීල චිත්‍රපටි කරනව මිසක්.

කිවුව වෙලාව- 2011-09-08 10:23:34
hasitha මෙහෙම කියනවා :
ගාමනි කියන්නෙ නියම චිත්‍රපටයක්.ඒක මෝඩ, තකතීරු දෙශ ද්‍රෝහීන්ට තේරුම් කරල දෙන්ඩ බෑ.

කිවුව වෙලාව- 2011-09-08 06:09:24
Amara Samara මෙහෙම කියනවා :
හරියට හරි. ඇර හිට්ලර් වගේ තමන් කරන ජඩකම් සාඩාරනීකරනය කර ගන්නත් මේ වගේ වන්දිබට්ටයො ඉන්න එපා ය.

කිවුව වෙලාව- 2011-09-08 00:33:27
MADU මෙහෙම කියනවා :
great

කිවුව වෙලාව- 2011-09-07 21:34:51
ela buwa මෙහෙම කියනවා :
gonma gon pissekge wicharayak

කිවුව වෙලාව- 2011-09-07 05:20:20
[samagi] මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-07 01:35:21
සරා ගොයියා හරි මිනිහා මෙහෙම කියනවා :
සරා ගොයියා හරි මිනිහා
කෑමරාවක් කරේ තියා
එලවලු රොටියක් වාගේ
චිත්තරපටියක් හෑදුවා

සරා ගොයිය හරි මිනිහා


කිවුව වෙලාව- 2011-09-06 08:39:17
kala wada මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-06 05:33:05
සංජීව මෙහෙම කියනවා :
මීනා නවකතාවේ සිට ගම්පෙරළිය දක්වා වූ බොහොමයක් පැරණි නවකතා කියවන විට අපට මුණු ගැසුණේ බොහෝ විට සුදු කළු චරිතය. මිනිස් චර්යාවන්ගේ ස්වභාවිකත්වය යථාර්ථවාදීව නිරූපනය කිරීමට පැරණි නවකතාකරුවා සමත් වී නැති බවක් හැගී යයි.
මට ඉහත අදහස නැවත වරක් සිහිකැදවූයේ ගාමනී චිත්‍රපටය නරඹන අතරතුරදීය. එහි චරිත නිරූපනය යථාර්ථය අතික්‍රමනය කර ඇත. අධ්‍යක්ෂකවරයාට අනුව සිංහලයා හැම විටම සාධාරණය. යුක්තිගරුකය. අනෙකා කෙරෙහි අනුකම්පාසහගතය. ඒ අනුකම්පාවම දෙමළාගේ පැවැත්මට, ආරක්ෂාවට ප්‍රමාණවත්ය.
මාඕ සේතුං කියා සිටියේ යුද්ධයක් කිරීමට අවි ආයුධ පමණක් නොසෑහෙන බවයි. ඔහු වඩාත් විශ්වාසය තැබුවේ තුවක්කුව නොව තුවක්කුව පිටුපස සිටින සොල්දාදුවා කෙරෙහිය. සමස්ත සමාජයම යුද උම්මාදයෙන් නිලංකාර කිරීම යුද්ධයක් සාර්ථක අවසානක් කරා ගෙන යෑමට අවැසි වෙයි. අපි එහි තරම පසුගිය යුද සමයේ ප්‍රායෝගිකවම අත්දුටුවෙමු. එවැනි යුද උම්මාදයක් නැවතත් ඇති කිරීම නම් අධ්‍යක්ෂකවරයාගේ අරමුණ, එය සාර්ථකය. සිනමාපටයක් ලෙස ඊට වඩා එහි කිසිදු නිර්මාණාත්මකකමක් නැත.


කිවුව වෙලාව- 2011-09-06 05:20:15
Gangathalawa. මෙහෙම කියනවා :
monawath kiyanna epa. Sara pau. sulaga,mage sanda gana api wenama katha karamu. 6k4k nodanna sarapattata oowa bara wadiy. nath nam oya koluwa fiolms karanawa thiya aaye cartoon wath balanne nathiwei.

කිවුව වෙලාව- 2011-09-06 03:21:29
SL මෙහෙම කියනවා :
"[Ajith Jinadasa] මෙහෙම කියනවා :
army karayo kohomada kala karayo wenne? they may think it is easy, but certainly not
"

Why not??


කිවුව වෙලාව- 2011-09-05 10:26:36
pilihuduwa මෙහෙම කියනවා :
කොටින්ට කඩේ යනව නම් අන්න ෆිල්ම්... ගාමනී මොන ෆිල්ම් එකක් ද නේද?

කිවුව වෙලාව- 2011-09-05 08:42:00
Nihal මෙහෙම කියනවා :
sathutuy oba mata gamini balanna pelambimak athi kalata...

කිවුව වෙලාව- 2011-09-05 05:08:07
Prabhath chathuranga මෙහෙම කියනවා :
සිරා...!

කිවුව වෙලාව- 2011-09-05 00:45:25
PRAMITH ALUTHWATTHA මෙහෙම කියනවා :
MEKA JAFFNA WALA AYATA PENNUWOTH EYALA AYEMA MULA INDALA PATAN GANIYI...

කිවුව වෙලාව- 2011-09-04 22:06:22
Ajith Jinadasa මෙහෙම කියනවා :
army karayo kohomada kala karayo wenne? they may think it is easy, but certainly not

@FB


කිවුව වෙලාව- 2011-09-04 21:14:43
Nethra මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-04 21:11:33
yagirala mahipala මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-04 13:30:24
ඕලු පිපීලා මෙහෙම කියනවා :
මේ පශ්චාත් යුධ සිනමා පට වසන්තයයි.........!
මළ කොටි හපුවන් වලවල් තුළින් ලහි ලහියේ ගොඩට ගෙන උන්ගේ මිනී වලින් හමනා දුර්ගන්ධය පතුරුවා හරින සමයයි.ඒවාට රජයෙන් ලැබෙන අමන ප්‍රචාරණය හෙනම ආතල්ය.
දිගින් දිගටම මෙවැනි සිනමාපට බිහිවෙනු ඇත.
ඉතින් දිගින් දිගටම මෙවැනි ලිපි ලියවෙනු ඇත.
ඒවා දිගින් දිගටම කියැවෙනු ඇත .
අපි ඔක්කොම එකම තැන...


කිවුව වෙලාව- 2011-09-04 12:51:16
Prasad Aluthwattha මෙහෙම කියනවා :
GREAT.. !

කිවුව වෙලාව- 2011-09-04 03:53:38
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විකුම් ජිතේන්ද්‍රගෙන් තවත් වියමන්
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
හිරු බැස යෑම නියතයකි!
පොත්
සරත්ගෙ ද කුරුලුගෙ ද අහිංසක හදවත?
කවි
තනිකම් දොස්
තවත් Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
BoondiLets
බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
කලාව යනු යථාර්ථය ඉදිරියෙහි තබා ඇති කැඩපතක් නොවේ. යථාර්ථය හැඩගස්වනු පිණිස හෙලනු ලබන යකුළ් පහරකි.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook