Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
එහෙම වෙන්න ඇති
බූන්දි, 17:36:05
නිමිත්ත: රේල් පීල්ල මත වාඩි වී සිටි පෙම් යුවළ දුම්රියට බිලි.

සුවහසක් මල් උයන්
වේලාසන පැමිණියවුන්ගෙන් පිරී තියෙන්න ඇති

ලාබ කාමරයක් එන්න කීවත්
පීලි නොපැනම මගහැර යන්න ඇති

හිරිකඩ පිඹින වෙරළ අද්දර
කෙට්ටු පපුවට අගුණ වෙන්න ඇති

නොලද්දෙන් අන් තැනක්
තබා සෙරෙප්පුව, පීල්ල මත ඉඳ ගන්න ඇති

ප්‍රේමයේ විසල් තුරු සිහිලැල්ල
දළු මල් ඵල පුබුදන්න ඇති

අනියත ප්‍රේමයක පීලි මත උනුන් තුරුළුව
අපිත් රේල් පීලි වාගෙයි කියා හෙමිහිට මුමුණන්න ඇති

දී ඇති පීල්ලෙම හැමදාම දුවන රේල්ලුව
හූ තියාගෙන එදත් දුව යන්න ඇති

දුටු දුටු දනා, ආලය අන්ධයි කියාගෙන
ආපු පීල්ලෙම යන්න ඇති
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Pubba මෙහෙම කියනවා :
fatta

කිවුව වෙලාව- 2011-09-01 21:18:26
සුදර්ශන සමරවීර මෙහෙම කියනවා :
ගොඩක් දේවල් කියවන්න පුලුවන් ගසල් ආරෙට ලියපු කවියක්. මම මාර කැමතියි මේකට. ජයවේවා !!

කිවුව වෙලාව- 2011-08-29 00:01:24
Sandun Priyankara Vithanage මෙහෙම කියනවා :
niyamaai....Redical kawiya...

කිවුව වෙලාව- 2011-08-26 00:45:24
kal මෙහෙම කියනවා :
greatttttttttttt

කිවුව වෙලාව- 2011-08-19 23:57:34
lakshan මෙහෙම කියනවා :
rohana pamine-sammatha kudu we.

කිවුව වෙලාව- 2011-08-17 06:49:23
kapila jayavilal herath මෙහෙම කියනවා :
මරු මචන්

කිවුව වෙලාව- 2011-08-17 06:11:00
දමිත් වැලිකල මෙහෙම කියනවා :
ප්‍රශස්ත නිර්මාණයක් බව මුලින්ම කියන්න ඕන. නමුත් කවියේ රස නිෂ්පත්ති කාරකය කොතනද කියන එක නිශ්චය කරන්න ටිකක් අමාරුයි. හරියට රුවන්ගෙ සැළලිහිණියෝ.. වගේ. පැහැදිලිවම මේකෙ සාටෝපවත් භාෂාවක් නෑ. රෝහණට අතමානෙම ගන්න තියන එකම රූපකය රේල් පීල්ල විතරයි. ඔහු ඒක හරිම තැන්වලට ගේනව.
‘පීලි නොපැනම මගහැර යන්න ඇති‘
‘අපිත් රේල් පීලි වාගෙයි කියා හෙමිහිට මුමුණන්න ඇති‘
‘ආපු පීල්ලෙම යන්න ඇති‘

කවිය ඇතුලෙ රූපකය වැඩකරන විදිය විශිෂ්ටයි.

ඒත් රසය මතු වෙන්නෙ පීල්ල නිසාම නෙවෙයි. ඊට වඩා බරසාර දෙයක් අපිට දැනෙන විදියට මේ සැහැල්ලු කවිපේලි අතරින් එන්නෙ කොහොමද? විශිෂ්ට කවියක තියන විශ්මය ඒකයි. සමහර විට ව්‍යුහයේ ‘වෙන්න ඇති“


කිවුව වෙලාව- 2011-08-16 23:05:59
Dishan Rajapaksha මෙහෙම කියනවා :
හ්ම්ම්ම්, මොනව කියන්නද කියල හිතගන්න බැහ, Awesome

කිවුව වෙලාව- 2011-08-16 21:17:07
Damith මෙහෙම කියනවා :
Hmm.... niyamai

කිවුව වෙලාව- 2011-08-16 02:19:08
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මෙහෙම කියනවා :
maru machan

කිවුව වෙලාව- 2011-08-16 01:51:00
වීරයා මෙහෙම කියනවා :
රසිකයව උස්සලා පොළොවෙ ගහන කවියා - රෝහණ පොතුලියැද්ද

කිවුව වෙලාව- 2011-08-15 23:16:53
Sunanda Karunaratna මෙහෙම කියනවා :
This is nice. This is nice.

කිවුව වෙලාව- 2011-08-15 22:02:45
කාවින්ද මෙහෙම කියනවා :
maru.......
Mama rohanage kavi walata kamati..ewaye tiyena ralu..karkasha gatiyata...eth meka ita wada wenas.......
Athdakima ralui .......e nisama kaviya mahiri........


කිවුව වෙලාව- 2011-08-15 21:03:10
Ayesha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-15 20:24:07
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රෝහණ පොතුලියැද්දගෙන් තවත් වියමන්
කවි
ගලගෙදර
කවි
අපිට කොහෙ හරි වැරදුනා බං
කවි
පරාරෝපණ
කරන්ට්ස්
සදහම් ගඟ හෙවත් මෙගා ටෙලි වරුණ
කවි
වියපත් මෙනවියක් නිදන කාමරයේ සිට
තවත් කවි බූන්දි
සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!
සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!
රයිපලයට තවත් පතුරොමක් ඔබමි.
නැගිටපන් බණ්ඩාර
අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17

9-Secs

නිශාන්ත ෆර්නෑන්ඩුගේ පළමු කාව්‍ය සංග්‍රහය "නුඹ සුළං රැල්ලක්ව", 2017 පෙබරවාරි 17 වැනිදා සවස 3:00ට, මහවැලි... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
කතන්දර| "ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
Cine| ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය

19-Mins

(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
කතන්දර| "සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]

20-Secs

අපේ ජාතික කොඩිය සහ එහි ඉතිහාසය ගැන පොඩිත්තන්ට කියාදෙන- "සිංහ කොඩියෙ කතන්දරේ"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
BoondiLets| බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook