Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පරිවර්තන කවි
ශාස්ත්‍රවන්තයන්ගේ යාත්‍රාව
බූන්දි, 02:18:11
"පෙලුණෙමු අපි දැඩි ශීතයෙන්
විය එය සිසිරයේ දරුණුතම සමය
එවන් දිගු ගමනක යෙදීමට
නරකම කාලයයි එය
දුෂ්කරය අප විසින් ගත් මග
කාලගුණයද බෙහෙවින් කටුක විය"
වණව ගිය සිවු පාවලින් යුතු ඔටු කැළ
දියව යන හිම මත මුරණ්ඩුව වැතිර
මැළි කළෝ තව දුරටත් ඉදිරියට යාමට
කඳු බෑවුමෙහි ඉදි කළ මාළිග, උයන්වතු
සරුවත් රැගෙන එන සේදවන් යුවතියන්
ගැන සිතා පසුතැවුණෙමු අපි ඇතැම්විට
රවන, ගොරවන, ශාප කරනා ඔටු පල්ලෝ
පැන ගියෝ සුරාවද ගැහැනුන්ද සොයමින්
නිවිණි රෑ කල ගිනි මැලය, වහළක් නොවිණි
අප හිස්වලට ඉහළින්
සතුරු විය මහ නගර අපහට
මිතුරුකම් නොපෑයේ මග වූ නියම් ගම්
අපිරිසිදු වීය ගම්දොර, ගෙවන්නට වූයේය
අධිකතර මිල ගණන්
විඳින්නට වීය අපහට කටුක දුක් පිරිපතම
කඩින් කඩ නින්දට වැටී
රෑ මුළුල්ලේ ගමන් කැරුමට
අවසානයේ අපට ප්‍රිය විය
මේ සියල්ලම මුග්ධ කමකැයි
කියන හඬකින් පිරිණි සවනත
එසඳ අලුයම උදා වූ කල
පැමිණියෙමු අපි සෞම්‍ය නිම්නයකට
හිම තීරයට පහළින් පිහිටි එහි
ගස් කොළන්වල සුවඳ විසිරිණ
ගලා ගිය දොළක් විය,
දිය මෝල නගන හඬ
අඳුර විනිවිද ඇසිණ අප හට
පහත සිතිජය ඉම වෘක්ෂයන් තුනක් විය
මහලු සුදු තනි අසෙකු පැන දිවී තණබිම
පැමිණියෙමු අපි අවන්හලකට
මිදිවැලකින් හෙවුණු දොරකින් යුතු වූ
පයින් ගසමින් හිස් මිදිපැන් පැස්වලට
සය දෙනෙක් සූදු කෙළියෝ එතුළ
තබමින් රිදී පරදුවට
කිසිවකු නොදත්තෙන් අප විමසූ කරුණ
නික්මුණෙමු එතැනින් යළි මහමගට වැද
පැමිණියෙමු අපි එදින සවසම
සොයාගිය තැනට නිසි වෙලාවට
පත්වීමු අපි ඉන් සැනසුමට
(එසේ විණියැයි ඔබ කියනු ඇත)

මේ සියල්ලම බොහෝ කලකට පෙර සිදුවුවද
රැඳී ඇත ඒ මා මතකයේ තිරවම
යළිදු එවැනි ගමනක යෙදීමට
ඇවැසි වුවහොත් යමි ඉදින් නොපැකිළවම
එනමුදු ලියා තබනෙමි මෙය, ලියා තබනෙමි මෙය:
එපමණ දුරක් රැගෙන යනු ලැබුවේ අප
උපතක් හෝ මරණයක් දැකුමටද ?
එහි වීය උපතක් නිසැකවම
නැත එහි කිසිදු කුකුසක් අත්දුටිමු එය
දැක ඇත්තෙමි මම ඉපදීම සහ මරණය
එහෙත් සිතුවෙමි ඒ දෙකක් යැයි
එනමුදු මේ උපත මරණය මෙන්ම
ගෙන ආය අප වෙත දැඩි වේදනාවම
අපගේම මරණය බඳුව
පෙරළා පැමිණියෙමු අපි
අපගේ රාජධානි වෙත
එනමුදු පැරණි දෙව් සසුන මැද
දෙවිවරුන් දැඩිව ගත් නුහුරු මිනිසුන් මැද
නොදැනේය තවදුරටත් පහසුවක්
තුටුවිය යුතුය මා
වේනම් ඉදින් තව මරණයක්

-ටී.එස්.එලියට් (1888-1965)

[ජේසු බිලිඳා ජුදයාවේ බෙත්ලෙහෙම් නුවර උපත ලැබූ විට ඔහු බැහැදැකීමට පෙරදිග සිට ශාස්ත්‍රවන්තයන් තිදෙනෙකු පඬුරුද රැගෙන පැමිණි බව බයිබලයේ සඳහන් වේ. අහසේ පායා තිබූ ජේසු බිලිඳාගේ තාරකාව කී මග හසර ඔස්සේ පෙරදිග සිට ( සමහරු මෙය පැරණි පර්සියාව යැයි කියති) ජෙරුසලමට පැමිණි මේ ශාස්ත්‍රවන්තයන් "මෙහි උපන් යුදෙව්වන්ගේ රජු කවුරුන්ද? අපි ඔහුගේ තාරකාව පෙරදිග අහසේ දුටුවෙමු" යැයි පැවසූ බව බයිබලය කියයි. මෙම ශාස්ත්‍රවන්තයෝ පැරණි ලෝකයේ විද්‍යාවන් වූ ඉන්ද්‍රජාල ශාස්ත්‍රය, නක්ෂත්‍රය ආදියෙහි ප්‍රාමාණිකයෝ වූහ.

එයින් එක් ශාස්ත්‍රවන්තයකු ජේසු බිලිඳා බැහැදැකීමට ගිය ගමනෙන් බොහෝ කලකට පසු එම දීර්ඝ යාත්‍රාවපිළිබඳව කරන අතීතාවර්ජනයකින් මෙම කවිය සමන්විත වෙයි.

ක්‍රිස්තුස්වහන්සේගේ උපත, ඉන්ද්‍රජාල විද්‍යාව, නක්ෂත්‍රය සහ ස්වභාවික වස්තූන් වන්දනාව ආදියෙන් සමන්විත පැරණි ලෝකයේ මරණය සනිටුහන් කළේය. බොහෝ කලකට ඉහත ඒ පැරණි ලෝකය තිබියදී තමන් විසින් යෙදුණු දීර්ඝ, දුෂ්කර යාත්‍රාව පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙන කථකයා ක්‍රිස්තෝත්පත්තිය සමගින් තමාගේ ඒ පැරණි ලෝකය මියගිය බවත් තමාටද සිය අවසානය ළඟා වනතුරු බලා සිටිනවා හැරෙන්නට වෙන කරන්නට යමක් ඉතිරිව නැති බවත් ප්‍රකාශ කරයි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
kapila jayavilal herath මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-23 04:30:52
Sunanda Karunaratna මෙහෙම කියනවා :
I felt it through your translation.

කිවුව වෙලාව- 2011-09-19 23:10:36
Sihina Ekathukarannek මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-19 02:37:31
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පරිවර්තන කවි
යෑම සහ ඒම අතර
කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
අදේශපාලනික බුද්ධිමතුන්
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook