Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
හොඳටම හුළං බැස්ස නලින් ද සිල්වාගේ ආසනික් දෘෂ්ටාන්තය
බූන්දි, 05:17:56
අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොඩනැගුණු මිථ්‍යා ලෝකය පසු ගිය අවුරුදු තුන් හාරසීයක කාලය තුළ විද්‍යාවේ හේතුවෙන් ලෝකය පුරා බිඳ වැටෙමින් පවතිද්දී, ලංකාවේ ජීවත් වන අප තවමත් මිථ්‍යාවම කරතියාගෙන යාම අවාසනාවකි. කිසි වෛද්‍ය සහතිකයන් නැති පුද්ගලයෙකු රටේ විධායක ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා බවට පත් කරගෙන තිබීමෙන්, මේ ආදර්ශය ඉහළම තැනින් පටන්ගෙන තිබේ. බටහිර විද්‍යාව ප‍්‍රතික්ෂේප කරන සහ කිසි විද්‍යාඥයෙකුට වඩා නාථ නම් වූ දෙවියෙකු බලගතු යැයි විශ්වාස කරන පුද්ගලයෙකු රටේ ඉහළම ශාස්ත‍්‍රාලය වන විශ්වවිද්‍යාලයක විද්‍යා පීඨාධිපති තනතුරට පත් කරගෙන ඇති ලෝකයේ ඇති එකම රටත් ලංකාවයි.

මේ නිසා ආසනික් සම්බන්ධයෙන් දැන් කාලයක සිට පැනනැගී ඇති ආන්දෝලනය මාධ්‍ය හරහා රටට විදාරණය කෙරුණේ විද්‍යාවට අඩු බරක් ද, දෙවියන්ට වැඩි බරක් ද දෙමිනි. එහෙත් මෙය විද්‍යාව හෝ දෙවියන් පිළිබඳ කාරණයක් පමණක් නොවී, දේශපාලනික විෂයයක් ද වූ හෙයින්, දේව බලයෙන් ගොඩනැගූ ආසනික් ප‍්‍රවාදය දැන් දින කිහිපයකට සිට කණපිට හැරෙන්නට පටන්ගෙන තිබේ.

නලින් ද සිල්වාගේ ආසනික් දෘෂ්ටාන්තය පසු ගිය ඉරිදා වන විට හොඳටම හුළං බැස්සේය. ඔහු බොහෝ කලකට පසු, සාධාරණ බුද්ධියෙන් කතා කරන බුද්ධිමතෙකුගේ තත්ත්වයට, එදා පත්ව තිබුණි. ගිය ඉරිදා දිවයින පුවත්පතේ ඔහු මෙසේ ලියයි: "ආසනික් සම්බන්ධයෙන් අප කියා සිටින්නේ, ආසනික් තිබූ පමණින් වකුගඩු රෝගය නොවැළඳෙන බවය." මොන තරම් දැනුම් තේරුම් ඇති කතාවක් ද? එහෙත්, මේ අර්ථය මෙසේ පැහැදිළි අවධාරණයෙන් දනවන එකම වාක්‍යයක්වත් මේ දිනයට කලින් පළ වූ ඔහුගේ කිසි ලිපියක අපට හමු නොවේ. කෙසේ වෙතත්, ඔහුගේ මේ හැව ඇරීම, මොන විදිහකින්වත්, බුද්ධිමය අවංක භාවයක් නිසා ඇති වූ වෙනසක් වශයෙන් කෙනෙකු භාරගත යුතු නැත. බලය නැමති සාධකය තමා ඉදිරියේ ප‍්‍රචණ්ඩ ආකාරයෙන් නැගී සිටින විට දණ නොනමා හෙම්ලොක් වස පානය කළ සොක‍්‍රටීස් වැනි බුද්ධිමත්තු සිටියහ. එසේම, බලයේ අභියෝගය ඉදිරියේ විද්‍යාත්මක සත්‍යයන් පවා ඉල්ලා අස්කර ගත් ගැලීලියෝ වැනි බුද්ධිමත්තු ද සිටියහ. නලින් ද සිල්වා මේ දෙවර්ගයටම අයත් නැත. ඉහත සඳහන් දෙන්නාම, අදාළ කාරණය පිළිබඳ ‘සත්‍යය’ තිබෙන්නේ තමන් සන්තකයේ බව දැන සිටියහ. එහෙත් වෙනත් සෑම කරුණක දී මෙන්ම, ආසකින් විෂයයේදීත් තමා සතුව ඇත්තේ ‘සත්‍යය’ ද යන්න ගැන ඉඳුරා සහතිකයක් නලින් ද සිල්වාට තිබුණේ නැත. ගුත්තිල පඩිතුමා ගුලි තුනක් අහසට වීසි කළා සේ, ‘සම්‍යක් දෙවිවරු’ පවා තමාගේ සහායට කැඳවීමට ඔහුට අවශ්‍ය කෙළේ එබැවිනි.

ඊයේ පැවසූ විෂයයට අදාළ ඉඳුරා වෙනස් මතයක් වෙනුවෙන් අද පෙනී සිටීමට එවැනි අයවළුන්ට අපහසු නැත. "ආසනික් තිබූ පමණින් වකුගඩු රෝගය නොවැළඳෙන බව" මේ මස 10 වැනි දා ‘ඉරිදා දිවයිනට’ ලියන මොහු, ගිය මස 19 වැනි දා ‘ඉරිදා දිවයිනට’ ලීවේ මෙසේය: "රජරට නිධන්ගත වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුව ආසනික් බවට සියයට 99 ක්ම සහතික බවත්, කෘමිනාශක සහ කෘෂි රසායන බොහොමයක (දැනට අප පරීක්ෂා කර ඇති සියල්ලෙහි) ආසනික් අඩංගු බවත්, රජරට නිපදවන සහල්වල ද ආසනික් අඩංගු බවත්, කැළණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ රජරට නිධන්ගත වකුගඩු රෝගය පිළිබඳ ගවේෂණය කරන කණ්ඩායම (ඔහුගේ කණ්ඩායම) ප‍්‍රකාශ කර දැන් සති කිහිපයක්ම ගතවී ඇත."

19 වැනි දා මෙසේ ලියූ ඔහු, හාල්වල ආසනික් නැති බව හෝ, ඇතත් එය මනුෂ්‍යයාගේ සෞඛ්‍යයට හානිදායක මට්ටමකින් නැති බව සති කිහිපයක් ඇවෑමෙන් පිළිගත්තේය. "රජරට වකුගඩු රෝගයට හේතුව, ආසනික් අඩංගු බොන වතුර මිස, කන බත් නොවේ. සහල්වල ආසනික් ඇතැ යි යන්න අවධාරණය කෙරුණේ, මෙරටට පලිබෝධ නාශක ආනයනය කරන ආයතන සහ එසේ ආනයනය කිරීමට අවසර දුන් නිලධාරීන් විසිනි." ඒ ආකාරයෙන් ආසනික් කතාවෙන් හාල් ඇටේ නිදහස් කළ ඔහු, දැන් වකුගඩු රෝගයත් ආසනික්වලින් නිදහස් කරයි. ඔහුගේ පෑනෙන් තව ලියැවීමට ඉතිරිව ඇත්තේ එක කාරණයක් පමණි. එනම්, ලංකාවට ගෙන්වන ලද පොහොර සහ පලිබෝධනාශක රසායනික ද්‍රව්‍යවල ආසනික් සක‍්‍රීය මට්ටමකින් නැති බවයි. ඒ සඳහා තව සති ගණනක් හෝ මාස ගණනක් ගත වීමට ඉඩ තිබේ.

වකුගඩු රෝගය සහ ආසනික් මිශ‍්‍ර ජලය, බහුජාතික සමාගම්වල පොහොර සහ සහල්වල ආසනික් අඩංගුව ආදී ඉහත සඳහන් දේශපාලන ප‍්‍රවාදයන් ඔවුන් ගෙන ආවේ ජාතික චින්තනය ඔසවා තැබීමට වුවත්, එය කෙලින්ම වැදුනේ පාලකයන්ගේ දෛනික දේශපාලනයටයි. ඉතිං, මොවුන් අමතා තරවටු කිරීමට ජනාධිපතිවරයාට සිදු විය. නාථ දෙවියෙකුගේ බල පරාක‍්‍රමයට වඩා විධායක ජනාධිපතිවරයෙකුගේ තරවටුව බලසම්පන්න ය. භයානක ය. නලින් ද සිල්වාගේ වර්තමාන ‘සංයමය’ (හෝ හීලෑවීම) එහි ප‍්‍රතිඵලයකි.

ඔහු නැති දවසක ඔහුගේ ලෝගුව හැඳ ගැනීමට ආශා කරන එක ගෝලයෙක් මේ දිනවල ගුරාටත් වඩා සැරෙන් මොරදෙයි. මොහු වෛද්‍යවරයෙකි. සිංහල ආයුර්වේද ක‍්‍රමයට නොව, නලින් ද සිල්වාගේ වචනයෙන් නම් ‘ඊනියා’ බටහිර ක‍්‍රමයට ය. වකුගඩු රෝගය සම්බන්ධයෙන් ඔහු අළුත්ම ‘සත්‍යයක්’ දැන් සොයාගෙන තිබේ. මෙය, ඉහත සඳහන් ප‍්‍රශ්නයටත් දිය හැකි හොඳ පිළිතුරකි. එනම්, පාලකයන් උරන කර ගන්නේ නැතිව, දේශපේ‍්‍රමීව ගෙන ගිය හැකි ප‍්‍රවාදයකි. ආසනික් පිළිබඳ මේ වෛද්‍යවරයාගේ අළුත්ම න්‍යාය වන්නේ, වකුගඩු රෝගය සහ ආසනික් සම්බන්ධතාව පසුපස එල්. ටී. ටී. ඊ. කුමන්ත‍්‍රණයක් ඇති බවයි.

ඔහු එය මෙසේ පහදයි: "මේ වකුගඩු රෝගය, ජෛව ත‍්‍රස්තවාදයක ප‍්‍රතිඵලයක් විය හැකි බවට අළුත් අදහසක් මතුව තිබේ. ජෛව ත‍්‍රස්තවාදයේ සාමාන්‍ය අරුත වන්නේ, ව්‍යාධිජනක ඓන්ද්‍රිකයන් හෝ කෘෂිකාර්මික වසංගත වැනි ජෛවකාරක යොදාගෙන ත‍්‍රස්තවාදී අරමුණු ඉටු කර ගැනීමයි. එවැනි ශක්‍යතාවක් ඇති බව, මේ රෝගය වැඩියෙන් පැතිරෙන්නේ, අර කී දෙමළ නිජබිම් ආසන්නයේ පිහිටි සිංහල බෞද්ධ ප‍්‍රදේශවල වීම සැළකිල්ලට ගත් කල, අපට පෙනී යයි.... වීර සිංහල බෞද්ධ ගැමියන්ව එම පළාත්වලින් පන්නා දැමීමට උන් (දෙමළ ජාතිවාදීන්) අසමත් වූ නිසා දැන් තමන්ගේ උපාය මාර්ගය උන් වෙනස් කර තිබෙනවා විය හැකිය. දෙමළ ජාතිවාදයේ නියෝජිතයන් හෝ අනුග‍්‍රාහකයන්, විද්‍යාගාරවල නිපදවන ලද නෙෆ්රොටොක්සික් සාරය හෝ එම සාරය නිපදවන ඓන්ද්‍රීය වස්තූන් ඒ සඳහා (වකුගඩු රෝගය පැතිරවීම සඳහා යොදා ගන්නවා විය හැකිය."

දැන්, පාලකයා සහ පාලකයාගේ දේශපාලනය වකුගඩු රෝගයේ සමස්ත වගකීමෙන් නිදහස් ය. ආසනික් අඩංගු පොහොර සහ කෘෂි රසායන වර්ග මෙරටට ආනයනය කිරීමේ වරදට විත්තිකරුවෙකු වුණා සේ මේ ව්‍යාධිය සම්බන්ධයෙන් පාලකයන්ට දෝෂාරෝපණය කිරීමට කෙනෙකුට තව දුරටත් හැකි වන්නේ නැත. මෙය ජෛව ත‍්‍රස්තවාදයක ප‍්‍රතිඵලයක් විය හැකි නිසා, අනිත් අතට, අළුත් සටන් පෙරමුණක් ද ගොඩනැගිය යුතුව තිබේ. දේශපේ‍්‍රමය තවත් වටයකින් තිරිහන් කළ යුතුව තිබේ. ආයුධ සන්නද්ධ ත‍්‍රස්තවාදියාට වඩා අදෘෂ්‍යමාන ජෛව ත‍්‍රස්තවාදියා භයානක ය. දෙමළාට එරෙහි යුද්ධය තවම ඉවර නැත.

මේ වෛද්‍යවරයා, බහුජාතික සමාගම්වල පොහොර මාර්ගයෙන් සහල්වලට සහ ජලයට ආසනික් මිශ‍්‍ර වී ඇති බවත්, රජරට වකුගඩු රෝගය එහි ප‍්‍රතිඵලයක් බවත්, ගිය සතිය වන තෙක් මැතිරූ ඉහත කී පිරිසේ එක් සාමාජිකයෙකි. මේ සමස්ත ක‍්‍රියාදාමය සහ චින්තනය පසුපස ඇත්තේ අවිද්‍යාව සහ වෛරය යි. අනිකාට එරෙහි වෛරය, (දෙමළාට සහ බටහිරයාට එරෙහි වෛරය* නඩත්තු කරගත හැක්කේ, වෛරයට අවිද්‍යාව සහ වංචාව එකතු කිරීමෙනි. එක බොරුවක් හෙළිදරව් වන විට තව බොරුවක් නිර්මාණය කර ගැනීමට සිදු වන්නේ එබැවිනි.

නාථ දෙවියන්ගේ පැවැත්ම ප‍්‍රශ්න කරන්නන්ට දමා ගැසීම සඳහා නලින් ද සිල්වා අපූරු ප‍්‍රතිතර්කයක් සොයාගෙන තිබේ. එනම්, දෘෂ්‍යමානය පමණක් සත්‍යයක් වශයෙන් ගන්නා තැනැත්තා ගුරුත්වාකර්ෂණය සත්‍යයක් වශයෙන් සළකන්නේ කෙසේද යන්න යි. දෙවියන් ප‍්‍රතික්ෂේප කරන අප දෘෂ්‍යමානය පමණක් සත්‍යය යැයි කියන්නේ නැත. මට සීතලක් හෝ උණුසුමක් දැනෙන විට එම සීතල හෝ උණුසුම මගේ ඇසට පෙනෙන්නේ නැත. එහෙත් සීතල හෝ උණුසුම යන පදාර්ථය සත්‍යයක් වශයෙන් භාර ගැනීමට එම ස්වභාවය මගේ ඇසට ගෝචර නොවීම මට බාධාවක් නොවේ. ඒ නිසා ඇසට පෙනෙන දෙය (දෘෂ්‍යමානය පමණක් සත්‍යය වශයෙන් භාරගත යුතු යැයි අපි නොකියමු. එහෙත්, ඇසට නොපෙනෙන දෙයත් (අදෘෂ්‍යමානය සහ දෙවියන්) සත්‍යයක් වශයෙන් භාර ගැනීමට නම්, එසේ නොපෙනෙන දෙය පවතින බව සහ එම පැවැත්මෙන් මට බලපෑමක් ඇති බව වෙනත් ආකාරයකින් හෝ මට දැනගත හැකි විය යුතුය. උදාහරණයක් වශයෙන් නලින් ද සිල්වාගේම තර්කය ගතහොත්, ගුරුත්වාකර්ෂණය මගේ ඇසට නොපෙනෙද්දී එය සත්‍යයක් වශයෙන් මා භාරගන්නේ කෙසේ ද? උත්තරය ඉතා සරළ ය. මා උඩ පැන්නොත් බිම වැටෙන බැවිනි. යම් හෙයකින් මා උඩ පැන්නොත් අවකාශයේ රැඳී සිටී නම් මම ගුරුත්වාකර්ෂණය බැහැර කරමි. දෘෂ්‍යමානය හෝ අදෘෂ්‍යමානයට මෙහි අදාළත්වයක් නැත.

ඊළඟට, දෘෂ්‍යමානය යන්නට ‘ඇසට පෙනීම’ යන පටු අර්ථය පැවරුවේ කවුද? දැකීම, ඇස් දෙකෙන් මෙන්ම බුද්ධියෙන් ද කරන අභ්‍යාසයකි. ඇසට නොපෙනෙන දෙයක් වුවත්, බුද්ධියෙන් ග‍්‍රහණය කරගත හැකි නම්, සාරාර්ථ තර්කයට ගෝචර වෙයි නම්, එය ‘දැක්මක්’ වන්නේය. එම බුද්ධිමය දැක්මත් දෘෂ්‍යමානයකි. ගුරුත්වාකර්ෂණය මගේ ඇසට නොපෙනුණත්, උඩක සිට අතහරින දෙයක් බිමට වැටීම නැමති ‘දෘෂ්‍යමානය’, ගුරුත්වාකර්ෂණයේ සත්‍යතාව ඔප්පු කරයි. අනිත් අතට, විනාඩියට සැතපුම් 126,000 ක වේගයෙන් අහසට පියාසර කළොත්, ගුරුත්වාකර්ෂණයෙන් කැඞී, බිම නොවැටී සිටීමට යම් වස්තුවකට හැකියාව ඇති බව, අනිත් පැත්තෙන් එම සත්‍යයම තව දුරටත් ඔප්පු කර පෙන්වයි. එය තවත් ‘දෘෂ්‍යමානයකි.’

දැන්, දෙවියන් දෘෂ්‍යමාන නැතැ යි මම කියමි. එහෙත්, මා දෙවියන් ප‍්‍රතික්ෂේප කරන්නේ එවැන්නෙකු දෘෂ්‍යමාන නොවන නිසා හෙවත් මගේ දෑසට නොපෙනෙන නිසා නොව, මගේ බුද්ධියට ‘නොපෙනෙන’ නිසාය. උදාහරණයක් වශයෙන්, නලින් ද සිල්වාගේ තිස්තුන් කෝටියක් දෙවිවරුන් සේම, ඔහු අවඥාවෙන් බැහැර කරන වෙනත් ආගමික දෙවිවරුන් සම්බන්ධයෙනුත් මට ඇත්තේ එකම විශ්වාසයකි. එනම්, ඒ සියළු දෙවිවරු නලින් සිල්වා වැනි මනුෂ්‍යයන් විසින් නිර්මාණය කරගත් මනෝ ප‍්‍රපංචයන් බවයි. එක දේව කොට්ඨාශයක් (නාථ) සම්‍යක් දෘෂ්ටික වන්නේත්, තවත් දේව කොට්ඨාශයක් (අල්ලා හෝ යුදෙව්=ක‍්‍රිස්තියානි දෙවියන්) නලින් ද සිල්වාට අසම්‍යක් දෘෂ්ටික වන්නේත් එබැවිනි.

(අවරදිග ආවර්ජනා. රාවය. 2011.07.18)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nalin de Silva, Sri Lankan Proffesor, Arsenic Issue
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
rotiya මෙහෙම කියනවා :
අසනික් තිබු පමණින් වකුගඩු රෝද හෙදෙන්නේ කෙයල නෙමේ යකෝ කියන්නේ...අසනික් සමද රජරට සමහර ප්‍රදේශ වෙලා තියෙන කටින ජලය එක්ක මුසු උනාම තේ මෙඉ ලෙඩේ හෙදෙන්නේ..


කිවුව වෙලාව- 2011-09-18 10:28:54
බුද්දීමතා මෙහෙම කියනවා :
අනේ හිපාටුව ඔබ හෙතන්නෙ උබ තමා වීරය කියලා. යකො උබල වගෙ කොටියක් හිපාටුවො අවත් එතුමගෙ ඩෙනුමට අබියොග කරන්න බෑ. මොඩයා එක තෙරුම් ගනින් සමයන්ගොඩයා

කිවුව වෙලාව- 2011-09-02 04:51:41
Vishva මෙහෙම කියනවා :
I don’t think I can criticize the work of Shakespeare, because I know the English alphabet! Viyangoda is excellent in his translations of Marquez , But..

කිවුව වෙලාව- 2011-08-25 17:11:52
Darshana Medis මෙහෙම කියනවා :
Yes Samal, you are exactly correct.
Let alone Viyangoda (also Prof. Desmond Mallikarachchi), who is not a scientist.
Even all the scientists including Prof. Carlo Fonseka played foul in this regard. Unfortunately, these scientists were responding to a person who is well aware of scientific process but refuses to accept it as a valid system of knowledge. This is a challenge, demands an investigation that goes beyond the boundaries of normal science (in Khunian sense) and/or social sciences. Unlike fellow scientists, Prof. Fonseka accepted the possibility that a hypothesis may come from anywhere (even through 'gods'), but he too failed to examine the poverty of Prof. Nalin De Silva (NDS)’s thought. Everybody knows that Prof. NDS professes a disdain for the very Science itself. He openly argues that western science and its hypothetico-deductive method is a myth. Therefore, scientists who came forward to defend science, unaware of recent discourses in epistemology of science, inevitably played into the hands of Prof. NDS so that he could simply called them technicans and pre-Popperians!
Indeed, the point should have been debated primarily not within the framework of analytical (practical) chemistry but in the sphere of philosophy of science.


කිවුව වෙලාව- 2011-07-28 02:32:34
podiappuhami මෙහෙම කියනවා :
නලින් ද සිල්වා ගැන ලියා තිබෙන අදහසට මම සපුරා එකඟ වෙමි..නමුත් එලියන් වයිට් ගැන තිබෙන අදහස හුදෙක් ජනපතිගේ සුවකරන්නා වීමම නිසා වන විවේචනයකි...වයිද්ය සභාවක ලියාපදින්චි නොවූ ඉතා දක්ශ වයිද්ය වරු අපේ රටේ ඉතිහාසයේ ජීවත්ව ඇත...අද ද වයිද්ය සභාවක ලියාපදින්චි නොවූ බුද්ධදාස රජතුමාගේ සාරාර්ථ සන්ග්‍රහය වයිද්ය සභාවේ ලියාපදින්චි වූ ලන්කාවේ දේශීය වයිද්ය වරු භාවිතා කරති...ඒලියන්ත වයිට් වයිට් වයිද්ය වරයකු නොවේ..ඔහු ඩොcටර් ගනයේ කෙනෙක් නොව සුවකරන්නෙකි ( හීලර් ) අපේ රටේ හීලර් කෙනෙක් වූ පමනින් වයිද්ය සහතික හොයන පිරිස එඩ්ගාර් කේසිගේ සුවකිරීම් රසකර කර කියවන්නේ ඔහු අමරිකානුවකු නිසාදයි මම නොදනිමි...නමුත් වයිට් ගේ ඊලඟ රෝගියා සම්පූර්නයෙන් සුව වන බව මින් අදහස් නොවේ...ඔහුට ද යම් දාරිතාවක් පවතී...වයිද්ය සභාවල ලියා පදින්චි වූ අය හිතා මතා කරන දෙවල් වලට නඩු කීයක් මේ වෙනකොට තිබෙනවාද යන්න සැවොම සිතා බැලිය යුතුය....එසේ දන්නවා නම් රෙද්දක් ඇඳගන මේ කතා නොකියනු ඇත...

කිවුව වෙලාව- 2011-07-24 23:34:34
sameera මෙහෙම කියනවා :
කලින් ප්‍රතිචාර ඩෙකටම මෙන්න ලඉක් එකක්.....

කිවුව වෙලාව- 2011-07-24 13:39:35
gaya මෙහෙම කියනවා :
if there is any god above our poor,humble country why dont they see our nasty polititions.why dont destroy them first.its a new chalange to god natha.why the god is keep shut his eyes.

කිවුව වෙලාව- 2011-07-23 09:24:30
Interpreter මෙහෙම කියනවා :
Misinterpretation without any shame Mr Viyangoda, Your translations can be of the same category

කිවුව වෙලාව- 2011-07-22 19:59:54
Bandara මෙහෙම කියනවා :
අනේ ඔය නාථ දෙවියො එක්ක කතාකරන පින්වතීට කියලා වකුගඩු රොගෙ වගේම බටහිරයන්ට තවම හේතු හොයගන්න බැරි ලෙඩ වල ලිස්ට් එකක් දීල හේතුයි බෙහෙතුයි දෙකම නාථ දෙවියන්ගෙන් අහගන්න බැරිද? මතු බුදුවෙන්න ඉන්න බෝදිසත්වයෙක් නිසා බැහැ කියන එකක් නැහැ
ඔබ සැමට නාත දෙයියන්ගේ පිහිටයි!


කිවුව වෙලාව- 2011-07-20 22:02:49
samal මෙහෙම කියනවා :
i believe that answering to Nalin is not easy and simple as Viyangoda thinks. his arguement against nalin's gravitation theory is very weak because Viyangoda does not know nalin's theory against materialism. to know that one should read "mage lokaya". i am against nalin's ideology and it has to be attacked. but arguing without knowing the opponent's argument is to me useless.

කිවුව වෙලාව- 2011-07-19 21:07:13
Arsonic මෙහෙම කියනවා :
Nalin ge lanuma kaka inna BUDDIMATH kattiya..! hiks pukz

කිවුව වෙලාව- 2011-07-18 22:44:41
හජ්ක්ෂ්ස් මෙහෙම කියනවා :
තම තම නැණ පමණින් වටහා ගත යුතු....
මේක රචකයාගේ බුද්ධි මට්ටම කියල කිසිම ප්‍රතිචාරයක් නොදක්වා අනුකම්පාවෙන් ගිය කී දෙනෙක් ඇත්ද???


කිවුව වෙලාව- 2011-07-18 13:19:32
wedage මෙහෙම කියනවා :
මා දන්නා තරමින් නවීන විද්යාව විසින් ගුරුත්වාකර්ශණය (නිවුටන් විසින් කිවූ කතන්දරය ) ප්‍රතික්ශේප කර ඒ වෙනුවට වෙනත් කතන්දරයක් යොදා ගනු ලැබේ. වියන්ගොඩ මහතා උඩ පනින විට බිම වැටෙන්නේ මහා ගාම්භීර ගුරුත්වාකර්ශණය නිස නොවෙයි. නවීන විද්යාවේ කතන්දර වලට ඔතරම් වසග නොවන්න.

කිවුව වෙලාව- 2011-07-18 12:20:39
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ගාමිණී වියන්ගොඩගෙන් තවත් වියමන්
පොත්
පොල්පොට්ගේ 'මාක්ස්වාදය' සහ කෙමරූජ් භීෂණය
අදහස්
සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම
අදහස්
තණකොල සහ පුන්නක්කු
අදහස්
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම
අදහස්
බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසැවීම
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook