Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
සන්නාලී
බූන්දි, 18:44:21
පොත් ගොඩක් බරට අත දරාගෙන
මුකුළු කර හිනා වී සතුටින
හෙමි හෙමින් අඩි තියා ඇවිදින
අපේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ
අක්කලාගේ විතර වයසේ
නුඹව මම දුටුවේ අහම්බෙන් කලාපේ අක්කේ

ඒත් නුඹෙ අතේ නෑ පොත් ගොඩක්
වුවනතේ නොමැත මුදු මඳහසක්
විඩාපත් ඇඟිලිවල ඇතැයි නොසිතේය සියුමැලි බවක්

සේදපට අතර හැංගිලා සුදු මලක් වී පිපෙනවද උදේ පිනි අස්සේ
ඒත් ජීවිතේ මල මහන්නට ගිහින් නුඹෙ ඇඟිලි තුඩු රිදේවිද අක්කේ
ආයෙමත් දවසකදි මගතොටක හරි නුඹව හමු වුණොත් කියාපන් අක්කේ
රෝස පෑ දෙතොලතර හිනාවක් මහගන්න මොන පාට නූලක්ද ඕනේ

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
දහය බී ශ්‍රේණිය
මධ්‍ය මහා විද්‍යාලය- මහරගම
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
katta මෙහෙම කියනවා :
api hamoma ekathu wela a pata hadamu,

කිවුව වෙලාව- 2011-08-29 09:59:26
සුදර්ශන සමරවීර මෙහෙම කියනවා :
සදර්ශිගෙ මම කියවපු හොදම කවියක්. ජයෙන් ජය සොහොයුරී නුඹට..

කිවුව වෙලාව- 2011-08-29 00:04:35
damiya මෙහෙම කියනවා :
න0ගියේ උඹේ කවි කියවන්න තව පරපුරක් මග බලන් ඉන්නවා..
ලියාපන් හැඩකර තව තවත් කවි..
ප.ලි.
මියෙන්නට ඉඩ නොදී රැක ගන්න නුඹේ කවිකම්


කිවුව වෙලාව- 2011-08-24 11:09:35
kasun මෙහෙම කියනවා :
ආයෙමත් දවසකදි මගතොටක හරි නුඹව හමු වුණොත් කියාපන් අක්කේ
රෝස පෑ දෙතොලතර හිනාවක් මහගන්න මොන පාට නූලක්ද ඕනේ


කිවුව වෙලාව- 2011-08-24 10:32:20
Yagirala Mahipala මෙහෙම කියනවා :
Congradulations

කිවුව වෙලාව- 2011-08-23 05:34:47
සුභද්‍රා මෙහෙම කියනවා :
වර්ෂා
මම දැක්කා ඔයා මගේ කවි කියවලා බොහොම ආදරණීය කමෙන්ට් දාල තියෙනවා.ඔයාට බොහොමත්ම ස්තූතියි. මම ත් ඔයාගෙ ලස්සන කවි කියවනවා.පුංචි කාලෙ ලමා සංග්‍රහ වලට කවි යවල බලා හිටි හැටි මතක් වෙනවා
මම දැක්කා ඔයා කියල තියෙනව ටී වී බලන්නෙත් නෑ කියල. ඔයා හරි මඟක යන බව ඉතා පැහැදිලියි.ඔයා වගේ සම්පතක් බූන්දිය තුලින් මතුවීම, බූන්දියට ආදරේ අපට ඉතා වටිනා දෙයක්. දිගටම ලියන්න.
තව දෙයක්... ඔයාට තියෙන්නෙ පුදුම නමක්. කුසුම්වර්ෂා. ඒක අපූරු නමක් වර්ෂා


කිවුව වෙලාව- 2011-08-23 05:19:03
Ayesha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-22 03:15:10
kal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-19 23:56:06
lasrinka මෙහෙම කියනවා :
මෙසේ දකින ඔබ ඇස් දෙක රැක ගන්න
මෙසේ විඳින ඔබ හදවත රැක ගන්න
මෙසේ සිතන ඔබ සිතුවිලි රැක ගන්න
මෙසේ ලියන ඔබ අතැඟිලි රැක ගන්න


කිවුව වෙලාව- 2011-08-19 09:15:37
Harshana මෙහෙම කියනවා :
අපූරු කවියක්...! අපූරු කිවිඳියක්....!

කිවුව වෙලාව- 2011-08-18 09:36:39
ලොකු මෙහෙම කියනවා :
"රෝස පෑ දෙතොලතර හිනාවක් මහගන්න මොන පාට නූලක්ද ඕනේ..."

නුලක් නැති ඉඳිකටු තුඩු
හිත් අගිසි වල හීනියට ඈන
මල් නැතිව කටු පිපුණු
ගස් අතු අග මල් මහන දෝණියේ...

තුති....!


අද ලියූ දේ ට නොවෙයි හෙට ලියැවෙන දේ ට.


කිවුව වෙලාව- 2011-08-18 07:19:01
Isha kariyawasam මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-18 06:08:04
Kumara මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-17 23:39:48
වීරයා මෙහෙම කියනවා :
මේ කුසුම තව තවත් පිපෙනකං ආසාවෙන් බලා ඉමි.

කිවුව වෙලාව- 2011-08-17 22:46:21
Thushari Priyangika මෙහෙම කියනවා :
හිනා බිඳි දෙතොලතර මල් මැහුම් පිපෙන්නයි
හීන මාලිග අසළ කුසුම් සුව ගෙනෙන්නයි
නීල අහසක ඇඳෙන සිතුම් රළ නඟන්නයි
පුංචි අතැඟිළි අතර මෙ පන්හිඳ රැඳෙන්නයි...!!


කිවුව වෙලාව- 2011-08-17 19:10:24
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සදර්ශී කුසුම්වර්ෂා රණසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
කවි
මල් පිපුණු තුරු කවිය
කවි
එපා
කරන්ට්ස්
මගේ ගෙල රිදෙන තැන?
කවි
උස්..!
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook