Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
මගේ නිහඬ රාත්‍රිය
බූන්දි, 01:41:53
සුදු ම සුදු තනි කුරුල්ලෙක් පියඹා අවුත්
පාළු රෑ සිහිනෙක නිසොල්මන් වී වසා
කවම කවදාකත් ඉතින් නෑසූ හඬින්
හැඬුම්බර ගීයක් කියාගෙන ඇද වැටේ....

ඈත අධිකාරීගමෙන් හැල්මේ ඇවිත්
අඳුර, සැරසූන්තැන්න පොළොවේ දිග ඇදේ...
ගිරිසිඛර රෑ සීතලෙන් වෙවුලා සැළී
"පාළුදැයි පුත" ආදරෙන් විමසත් මගෙන්...

පාළුවට ඉහ ඉද්දරින් තරුවක් තියා...
ඇස්පියා උස කඳු මුදුන් නොසැලී හිඳිත්..
ගස්මුදුන් රෑ ඇහැරන් බොහෝ රෑ මැදියමේ
අත්වලින් දුක් පිසදමා හිස පිරිමදී

මව්බිමේ නොහඳුනන මිටියාවත් පුරා
ඇස් වසා හදවත් බොහෝ සාමෙන් නිදයි
මැදියමේ මයියංගණේ මිණිකොත'යුරා...
හරි මැදින් අහසේ කඳුළු පායා තියේ...

දුරු රටින් සුළඟක් ඇවිත් මිතුරෙක් වාගේ
කඳුවලින් බැස වාඩියට කරබාන එයි....
ඈත රණ්දෙණිගල පොළෝ පතුලේ නිධන්
කඳුළු දිය සීරා බොහෝ මේ රෑ ගලත්

මව් ළයත් පෑරී රිදී හැඬූ මේ රැයේ
පා මුලින් ලන්තෑරුමක් දල්වා තියා..
වන්දනාවට එනතුරා පේවී යළී...
සහෝදරවරුනේ මමත් නොනිදා හිඳිමි.

-දිවයින "කව්මුතු"| 23 දෙසැම්බර් 1990

කවියාගේ සටහන:

මේ කවිය මා ලියු‍වේ උසස් පෙළ පන්තියේ උගන්නා කාලයේදී ය. මගේ තාත්තා නික්ම ගිය ජූනි 29 වෙනිදාවේ මට තහනම් වූ මළගමට ළඟ සිටත්, දුර ඈත සිටත් විත් තාත්තා ළඟ හිඳ මා නැති අඩුව මැකූ හදවත් සහිත මගේ සහෝදර පිරිවර වෙනුවෙන් පිදු මේ කව ජයතිලක බණ්ඩාර හඬ ගා කියනු මම දුරකත‍නයෙන් අසා සිටියෙමි.
-භාෂි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
wijaya nandana perera මෙහෙම කියනවා :
භාශන..ඔබට මතකද , මීට අවුරුදු 21 කට පෙර එක් සැදෑවක නුවර ගෙදරදී මේ කවිය පත්තරේට යවන්නට පොරොතුව මේ හා සබැදි බොහෝ දෑ ගැන දොඩමලු වු මොහොත...
අවුරුදු 21ක නිකැලැල් පුද්ගල මෙන්ම සමාජයිය සෝයුරු සබැදියාවක මතක..!


කිවුව වෙලාව- 2011-07-06 01:53:02
S. මෙහෙම කියනවා :
"සිත්තරෙක් උනානම්
හැකිය ඔබෙ නිවුණු වත
අඳින්නට මේ අහස් කුස පිරෙන්නට
හැමදාමත් උදේ කවුළුවෙන් බලන්නට...

කවියෙක් උනානම්
හැකිය ඔබෙ විසල් හද තුළ පිරී ඉතිරුණ
ඒ ආදරය කැටිකොට
කියන්නට වදනකට දෙකකට....

දිගුවුණා නම් මගේ අත් දෙක
අල්ලාගන්න තරකොට
යන්නට නොදී සමු දී මිසක
බරැ'ති අත ඔළුවේ තබා
නැඟිටුවා නළලත සිඹ
එක් අවසාන වතාවකට....

හත් පෙති මලෙන්
එකම එක පෙත්තක්වත්
තිබුණි නම් මා වෙත
පින්තූරයට පණ පිඹින්නට
එක් වරක් හිස අත ගා ආදරෙන්
දෙපා සිඹ සුව නින්දක් පතන්නට
ඔබේ ළඟ හිඳ....

ඒත් කොයිතරම් දුප්පත්ද
මේ හිත
කඳුළු විතරක් ඉතිරි වුණ...."

2011 ජූනි 27


කිවුව වෙලාව- 2011-07-05 06:08:53
ruwan මෙහෙම කියනවා :
.....................

කිවුව වෙලාව- 2011-07-04 09:49:15
dharmarathne මෙහෙම කියනවා :
මිතුරේ නැවත්ත් ලියන්න

කිවුව වෙලාව- 2011-07-04 00:48:24
Subhadra මෙහෙම කියනවා :
ගසින් එලවූ කුරුල්ලා

සිගාලෝවාද සූත්‍රය
හදිසියේ සොයා ගන්නට බැරිය
ඒ උනත්
ගසින් පිටමං වෙන්න කියාලා
කීවොතින් මෘදු කුරුලු දෑසකට
කැදැල්ලේ රැදෙන්නද ඌ කොහොම

මහ ගසක මැද හරියෙ අත්තක
කුරුලු කූඩුව තනා තිබෙන කොට

ගස වටා උජාරුව දරාගෙන
පුම්බවා පෙද වර්ණ පෙන්නගෙන
හිත කියා මොකක් හරි තිබේනම්
ඒක නැති කුරුල්ලෝ
මුල් ටිකෙන් ටික නසන අතර තුර
බණ සමග සැප ගීත ගයනවා

අපේ මේ සහෝදර කුරුල්ලා
ගසට බැදි පෙම‍ කෙතෙක්දැයි කියා
අනේ ගස නොදත් බව පේනවා

කිසි දිනෙක මල් කඩා නොවික්කේ
ගස නසා ලී කොටන් නොගත්තේ
කොල හැලුන මහ පෙබරවාරියක
ඉතිරි වුන පත් සුරැක ගත්තේ

විළද තිබුනද කියා නොදන්නෙමි
පෙමිනි උස් මහත් වුන බව දුටිමි
ඇට මිදුලු තුල ට වැදි පුතු සෙනේ
ගසින් වෙන් කලත් නෑ සුව උනේ

පිය කුරුල්ලා නොමැත කූඩුවේ
ගස හිදී නොදන්නා පාඩුවේ
ගස වැසූ පිලිල ගලවන තුරා
හැංගිලා හිදින් මගෙ යාලුවේ

27.06.2011


කිවුව වෙලාව- 2011-07-03 09:36:57
nisha මෙහෙම කියනවා :
දුරු රටින් සුළඟක් ඇවිත් මිතුරෙක් වාගේ
කඳුවලින් බැස වාඩියට කරබාන එයි....


කිවුව වෙලාව- 2011-07-02 03:11:13
Puran Appu මෙහෙම කියනවා :
භාෂි.., අපි මේ කඳුළු පැන් වඩන්නේ...
නුඹේ තාත්තා වෙනුවෙන් ම නොවේ මැයි.....
මවු දෙරණ පුරාවට...
දොර දොර මතක බණපද ගයන...
දහසක් තත්තාවරුන් වෙනුවෙනි!
අම්මාවරුන් වෙනුවෙනි !!


කිවුව වෙලාව- 2011-07-01 09:31:29
කේ මෙහෙම කියනවා :
ලා හිරු රැසට කලියෙන්
ලොව දුටු තාත්තා
පුරන්නට උඹට මනුදම
බවුන් වැඩි තාත්තා
අවිදාර නින්ද්‍රවෙන්
උඹව අවදියෙන් තැබු තාත්තා
උඹටත් කලියෙන්
උඹේ හීනේ දැක්කා

සත්‍යයේ සටන් බිම මැද
උඹ හිටියේ සත් සමුදුරෙන් ගව්ගනන් දුර
කදුළු මල් මිටියාවතෙන් පැන
මම දුටිම අවසන් තත්පරේ
උඹෙ දිගු සුසුමක්
වඳිනවා අවසන තාත්තගේ දෙපය

මාලානික හිරු අදත් බසිනා
සත්‍ය මරණයට පරාජය කළ නොහැකිබව
තාත්තා දන්නා
අවසන් තත්පරෙත්
සිනා මුව කමලේ තිබුණා
ඉන්න තැනක සිට නුඹ සිටිනා
බලාපන් වටපිට ඒ සිනාව ඇති
උඹ ළග ළඟම


කිවුව වෙලාව- 2011-06-30 13:26:13
aw මෙහෙම කියනවා :
අපි ඔප්පු කරල පෙන්නන්නම් මහ්ත්තයෝ හෙට අනිත්දම....!මීඩියා කෙලි...මේ රටේ ඔක්කොම චුච්ච්න් බබාලා නෙවයි...

කිවුව වෙලාව- 2011-06-30 10:50:08
aw මෙහෙම කියනවා :
හෙන් රි ඔයා කටින්ද කතා කරන්නේ....භාශි ලන්කාවේ හිටියා නම් භාශිගෙ ගෙලට මල පුඩුව හිරකරන්නෙත් ඔයා ගේ අනුත්තර නායක " වන්ශ" උත්තමයා ගේ ලේ පිපාසිතයන්මයි...ඔය පානිය දාන්න චුච්ච්න් බබාලාට ඩේ කෙයා එකක් ලගට ගිහින්...හැහ් හැහ් හැහ්...

කිවුව වෙලාව- 2011-06-30 10:05:21
A මෙහෙම කියනවා :
භාෂණ
පහුගිය කාලය පුරා මමා සිතා සිටියේ ලංකාව තුල මිනිසුන් ජීවත් නොවන බවයි.
ලංකා සමාජය තුල ධර්මතා විරහිත අනෝමීය පසුබිමක් ඇති වී ඇතැයි මා සිතා සිටියේ මරද්දී මරද්දී , එය නොදැක්කා සේ මිනිසුන් නිහඬව සිටි නිසයි
ඒත් තාත්තාගේ මල ගෙදර , තවමත් මිනිසුන් ජීවත් වන බව මට කියා දුන්නා
මුලු රටක් ඹබ සමගයි භාෂණ


කිවුව වෙලාව- 2011-06-30 05:38:35
h. අබේවර්දන මෙහෙම කියනවා :
නුවර ටවුමේ හමුවුන
කැහැටු පොඩි මිතුර
කන්දක් තරම් බර
අදහස් නිසා හැප්පුන

කොළඹ මාවත් අස
කප්පාදු කළ විසල් ගස්
පැලෑටි සේ නැමී ගෙන
ධූලිගෙන දිවගින්
අම රස සේම වළඳති

පිළිකුල් වණ්නනා
බලෙන් කන්වල ඔබ්බති

දුර රට දුක් විඳින
විඳින දුක් නොකියා සිටින
පෙරදිග නගින හිරු දැක
රෑ මැද පවා අවදිව තැවෙන
පොඩි සුමිතුර

මහ කන්දක් තරම්
වටිනා කෙනෙකි මියගිය
දුෂ්කර දිනක නොසැලුන
පියෙකි වාතලය හා මුහුවුන


කිවුව වෙලාව- 2011-06-30 02:16:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රෝහිත භාෂණ අබේවර්ධනගෙන් තවත් වියමන්
පොත්
'මළ දූපත': මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවීම
අදහස්
මගේ නොවැම්බරය
අදහස්
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ සමූහ ඝාතන
කතා-බස්
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
අදහස්
රයිනෝසිරස්ලා.....!
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook