Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
අපෙ තාත්තා නුඹ ය !
බූන්දි, 21:42:24
දුලන
සඳ පහනක් ය,
පෙර අඹර
තරුවක් ය,
ලොවට නුඹ
දුන් එපුතු !

ගොස නඟා
මහ සයුර
වලප්නේ නුඹට ම ය
ඇස තෙමා
මේ අහස
හෙළන්නේ ලෙහි දුක ය

ලේ වලට වඩා
මේ
උණු කඳුළු ඝනකම ය !

මුව පුරා කියන්නෙමු
අපෙ තාත්තා
නුඹ ය !

සටහන - රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයාගේ සෙනෙහෙබර පියතුමා පසුගිය දා අප අතරින් වියෝ විය. මේ කව එතුමා වෙනුවෙනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
nishika මෙහෙම කියනවා :
mage thaththatath man panatath wada adarei.me sanwedi kawiya nisa mage hithe demaupiyanta thibuna ida thawth wadi una.godak pin.thwath kawi liyanda.

කිවුව වෙලාව- 2011-07-01 02:17:24
lasith මෙහෙම කියනවා :
රෝහිත භාශන, මගේ වයසත් එක්ක ඔබේ දේශපාලන භාවිතය හදුනාගන්න ලැබුනේ මෑතකදී...ඔබ මේ පොලොවට,මිනිස් වර්ගයාට කොයි තරම් ඇවැසි මිනිසෙක්ද යන්න ඔබේ පියා වෙනුවෙන් ලියවෙන මෙවන් නිර්මානම සාක්ශියක්...යහපත් ලෝකයක් බිහිවන දාක -මේ කවියා කියන පරිදි - ඔබේ පියා හැම මිනිසෙකුගේම පියෙකු වන බව හැම මිනිසෙකුම තේරුම් ගනීවි,,,,

කිවුව වෙලාව- 2011-07-01 01:57:08
R, J මෙහෙම කියනවා :
..ලේ වලට වඩා
මේ
උනු කදුලු
ඝනකමය...
මා මේ කවි පදය කියවා බොහෝ සේ වේදනා වින්දා භාශි..
මේ 'මනුස්සකම' පිරුනු හදවත් පහු ගිය දවස් වල ඔබේ මව්ත් සොයුරියත් තනිකලේ නෑ
මේ 'මනුස්සකම' කවියට නගා ඉට සොදුරු අරුත් දුන් විජය නන්දන සොයුර ඔබටද අනේක වාරයක් තුති...


කිවුව වෙලාව- 2011-06-30 06:30:49
නිර්මාල් මෙහෙම කියනවා :
භාෂණට දහසක් පියවරුද දහසත් මව්වරුද ඇත්තේය
ඔහු තම දිවි කැප කලේ ඒ ඔවුන් වෙනුවෙනි.


කිවුව වෙලාව- 2011-06-29 12:37:54
A මෙහෙම කියනවා :
ඹව් මට ෙම් කවිය මතකයි. ස්තූතියි ෙමෙහම පල කලාට

කිවුව වෙලාව- 2011-06-29 10:17:09
dhemalasihala මෙහෙම කියනවා :
භාෂණ, මේක පරන කවියක්. හැබැයි දැන් හිතා ගනින් තාත්තා උඹට ආඩම්බරෙන් ලියල ගිය එකක් කියලා.අග පද දෙ ක අලුතින්

නුඹ මට පහනක් මැයි

මුල්ලෙයිවයික්කාලේ ලේ ගලන විට
මහවැලි නදිය ඉනුවා නුඹ නෙත් අගට
කටුනායකින් යුද යානා නගින කොට
නුඹ හදවතේ ෂෙල් වෙඩි හඬ ඇසුනි මට

”මේ සිංහල අපගෙ රටයි”
සුවහසක් මොරදෙන විට
”මේ සිංහල දෙමළ රටයි”
නැඟුනු හඬ නුඹේ මයි

”ඒකීය රාජ්‍යයක්”
”නෑ! බිඳුනු දේශයක්”

කසාවත් පොරවා
කැති මන්නා හොයන සබා මැද
යුක්තියේ සුදු කොඩිය වැනුවේ නුඹ

මැරෙන සියක් දහසක් දන
මරන උන්ට ඔල්වර දෙන
ඇඳි වතද උගස් කොට
දෙමළ මස් ම ඉල්ලන
සනුහරෙන්
ඉල්ලා අස්වන ලිපිය ලියන මට

යුද වේරම්බ වාතයෙන්
තල් ගස් ද පොල් ගස් ද ඉදිරෙනා යාමයක
තනි පයින් සීගිරි ගිරි හිස
විකුම් පාන නුඹ

ගිනි හුලකි
මිනි ටැඹකි
කවියකි
අවියකි

ලොවක කඳුල නෙත් පුරවා දැරූ පුතේ
ලොවම අතැර මා යන මග නොලන් පුතේ


කිවුව වෙලාව- 2011-06-29 10:08:55
anuruddha lokuhapuarachchi මෙහෙම කියනවා :
සබඳ භාෂණ,
පිසදා ගනින් නුඹෙ කඳුළු
දමිළ ලේ නොගෑවුන සිහළ දෑතින්.....
සැතපෙනු ඇත නුඹේ පියා සැනසීමෙන් නුඹගැන.
යටිකුරුකල දේශය....
අපට අහිමි කල බොහෝ දේත්,
අප අත හැර දැමූ බොහෝ දේත්,
අබැටක් මෙන් සිතනු මැන
ගැලූ ලේ කඳුළු අභියස....
-
අනුරුද්ධ ලොකුහපුආරච්චි


කිවුව වෙලාව- 2011-06-29 04:08:33
Kevin Karunathilaka මෙහෙම කියනවා :
He passes away giving another birth to Bashana again in Sri lankan sphere

කිවුව වෙලාව- 2011-06-29 00:04:47
Sahodarayek මෙහෙම කියනවා :
අප දන්නා භාෂණගේ පියා කිසි විටෙක තමන්ගේ දරුවාගේ දේශපාලන තෝරා ගැනීම් ගැන කණගාටු වූයේ නැහැ. අද හවසට ඔහු නිවසින් සමුගෙන යන්නේ සතුටින් බව අපට විශ්වාසයි....

සුබ රාත්‍රියක් පියාණනි...


කිවුව වෙලාව- 2011-06-28 21:51:02
Preman මෙහෙම කියනවා :
0Beejayak nomalahoth wrukshayak kohinda ?
wrukshaya beejaya nowana bawa kiwa hakida ?
Biththarayak nokadunahoth kurulleku kohinda ?
kurulla Biththaraya nowana bawa kiwa hakida ?
daruwan thula aththe Piyawarunge jeewamana swarupayayi. ehein Piyawaru Nomerethi.


කිවුව වෙලාව- 2011-06-28 12:34:43
උදය මෙහෙම කියනවා :
මම ද
කවියක දුක්බර වදන්
ෙපල ගැසුෙමි
සකිය නුෙඹ උතුම්
තාත්තට

දැන ගතිමි
සගෙෙයක්
ලියන වග
අපේ මහ ෙපාලව
අහිමි වුව ද
නුඹට


කිවුව වෙලාව- 2011-06-28 12:11:23
Geeth මෙහෙම කියනවා :
Bashana, Your farther died with pride and dignity having a son like you.

කිවුව වෙලාව- 2011-06-28 10:11:38
Dilshan මෙහෙම කියනවා :
භාෂණ ඇතුළු පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන්ට මෙවැනි කවි සැබවින්ම ශක්තියක්!! දිගටම ලියන්න...

කිවුව වෙලාව- 2011-06-28 09:25:33
A මෙහෙම කියනවා :
භාෂණ ට මොහොතකට හෝ තාත්තාගේ දෑත් අල්ලා ගන්නත්, දෙපා සිඹ හඬන්නත් නොහැකි වන්නට හේතුවූ හේතුව නිසාවෙන් භාෂණ ගේ තාත්තා අපගේද තාත්තා වන්නේය
හිත හය්ය කර ගන්න භාෂණ සහෝදරයා. තාත්තාගේ මරණය මිනිසුන් වූ මිනිසුන්ට එක් වන්නට හේතුවක් වී ඇති සැටි ඈත සිට හෝ ඹබ දකින බව අදහමි


කිවුව වෙලාව- 2011-06-28 06:41:55
Nihanda මෙහෙම කියනවා :
අපේ කණගාටුව භාශණ සහෝදරයා....

කිවුව වෙලාව- 2011-06-28 04:09:54
ruwandi මෙහෙම කියනවා :
මුව පුරා කියන්නෙමු
අපෙ තාත්තා
නුඹ ය !


කිවුව වෙලාව- 2011-06-28 01:07:11
DILSHAN මෙහෙම කියනවා :
sanvegaya danawana sulu kaviyak!! itha anargayi!!!


කිවුව වෙලාව- 2011-06-27 23:24:22
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විජය නන්දන පෙරේරාගෙන් තවත් වියමන්
කරන්ට්ස්
සුනඛ සීහ
කවි
පෙමාතුර සකි
කවි
ගිම්හාන පේ‍්‍රමය
ගී කිය(ව)මු
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
ගී කිය(ව)මු
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook