Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
තාත්තාගේ අකුරු!
බූන්දි, 00:22:51
පැරණි පත් ඉරුවකින්
මතුවිය
තාත්තාගේ අකුරු !

උස් ය වමට ය
නැඹුරු
නියර බිඳ පෙළ
ගැසුනු
මල්කමක් ම ය
සොඳුරු
තාත්තාගේ අකුරු

වැඩ වැරුම් බට
සොයුරු
සටන් බිම් කළ
එකලු
මැදිනි ඔප වී
රුසිරු
සැදුනෙ ඒ
සුරු අකුරු

දුඹුල් දුරලන
හිසලූ
අරුත් පණලන
නවමු
මග කියන තරු
ලකුණු
අකුරු කළ යුතු
අකුරු !
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
suharshani මෙහෙම කියනවා :
බොහෝ සේ රස විදි කවියක්.මට මගේ තාත්තාත් සිහිඋනා.ඔහුත් මාක්ස්වාදී දේශපාලන පරමාදර්ශ වෙනුවෙන් ජීවිතේම කැපකල කෙනෙක්. එදා ඔහු කී දේ සැබෑවක් බව අද මා විශ්වාස කරනවා.

කිවුව වෙලාව- 2011-06-24 03:59:55
k.k මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-24 03:47:19
sudharaka මෙහෙම කියනවා :
සියවස් ගනනාවක් පැරනි වුවත් -දනපති සමාජ ක්‍රමය මේ මහ පොලවෙන් තුරන් කිරීම සදහා වලන්ගු වන -මාක්ස්වාදයත් , කම්කරු පන්තියේ අරගල ක්‍රමත් යුගයේ තත්වයන්ට අනුරූපව අලුත් කරමු:වැඩි දියුනු කරමු..
මේ කවියේ දේශපාලන කියවීම / හැගවුම එයයි
දේශපාලන කියවීමකින් තොරව කලාවක් නොපවතියි...මන්ද කිවහොත් දේශපාලනයෙන් තොරව ජීවිතයක්ද නැති නිසාය..


කිවුව වෙලාව- 2011-06-23 04:02:41
dilshan මෙහෙම කියනවා :
රතු බූන්දියට අදාළ විය යුතු ඉතා හොඳ කවියක්!!


කිවුව වෙලාව- 2011-06-22 09:25:49
rukman jaanaka මෙහෙම කියනවා :
මෑතක මා කියවු දේශපාලන ප්‍රවනතාවක් සහිත කවි වලින් මගේ සිත් ගත් සුන්දර නිර්මානයක්.සමහර දේශපාලන ප්‍රවනතාමය කවි වල ඇති ගොරහැඩි ,වාර්තාමය දුර්ගුනය මෙහි නෑ..

කිවුව වෙලාව- 2011-06-21 21:06:55
weere මෙහෙම කියනවා :
ඉතා හොද කවියක්.

කිවුව වෙලාව- 2011-06-21 04:19:01
Mada-Mookalana මෙහෙම කියනවා :
තව වචන තියනවා දොරේ...

මේ බලන්ඩ

පොඩිඅප්පුහාමි- නිව්ටන් ගුනරත්න

පල පල සෙවල කොකා නිකන් කුජීත වෙන්නෙ නැතුව රස්සාවක් කරගනින්...


කිවුව වෙලාව- 2011-06-20 21:05:46
boondi මෙහෙම කියනවා :
@බූන්දිය
උක්ත කවියෙහි තෙවන පදයෙහි, තුන්වැනි පාදයේ එන \'එකලු\' යන්න ඔබ අතින් ගිලිහී ඇත.
එය නිසි පරිදි දක්වතොත් මෙසේ ය;
\"වැඩ වැරුම් බට
සොයුරු
සටන් බිම් කළ
එකලු
මැදිනි ඔප වී
රුසිරු
සැදුනෙ ඒ
සුරු අකුරු\"
මෙපරිද්දෙන් නිවැරදි කරන්නේ නම් ඊට බෙහෙවින්ම කෘතවේදී වෙමි.
- විජය නන්දන පෙරේරා -


කිවුව වෙලාව- 2011-06-20 10:02:14
Podiappuhami මෙහෙම කියනවා :
එක එකා විසින් හඳුන්වාදුන් වචන

ජෙප්පො - වරදාන
X කණ්ඩායම - හෙජොමොනිය
බූන්දියො - රූපකය

තව ඒව තියෙනව නම් කවුරු හරි මේකට දාන්න...


කිවුව වෙලාව- 2011-06-20 07:12:52
ajith .s මෙහෙම කියනවා :
ගින්දර වගේ සුන්දර කවියක්. 'අකුරු' නම් රූපකය ඔස්සේ කවියා මතුකරන දේශපාලන අරුත් කොයි තරම් ප්‍රබලද....

කිවුව වෙලාව- 2011-06-20 05:22:55
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විජය නන්දන පෙරේරාගෙන් තවත් වියමන්
කරන්ට්ස්
සුනඛ සීහ
කවි
පෙමාතුර සකි
කවි
ගිම්හාන පේ‍්‍රමය
ගී කිය(ව)මු
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
ගී කිය(ව)මු
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook