Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
ලස්සනම අක්කා
බූන්දි, 01:03:42
නුඹ තමයි ලෝකේ ලස්සනම අක්කා.......
වියලි තොල් පට විදා කහ ගැහුණු දත් දෙපෙළ පෙන්නලා - හිනා වෙන
නුඹ තමයි ලස්සනම අක්කා...

නේක රූ පාන මුදු විලාසිනියන් අතර
නුඹේ කළු කෙසඟ රුව පෙන්නලා - කියමි මම
නුඹ තමයි ලස්සනම අක්කා...

මව් උණුහුමක් නැතිව කඳුළු හා තනි වෙච්ච
අපට අම්මා වෙච්ච අක්කා
කිරි සුවඳ අහිමි වුණු මහගෙදර වහල වී
අප තුරුළු කරන් උන් අක්කා
ඇස නිල්ල සේදුණත් ලෝකෙන් ම ලස්සනම අක්කා...

මත් දියට දියව ගිය පිය සුවඳ නොවිමසා
කඳුළු තරවටු ඇතිව - අප නිසා දුක් වින්ඳ අක්කා
රත ලවන් නැති වුණත් ලෝකෙන් ම ලස්සනම අක්කා...

තක්සලා මායිමේ පිපී සිටියත් එකල මලක් වී..
සියතින් ම එමල සිඳ - අප නිසා ගෙදර බර ඉහ උඩින් තියා ගත් අක්කා
නීල සිකිපිල් නැතත් ලෝකෙන් ම ලස්සනම අක්කා...

දුර ඈත අප නොදත් කාලයක - යොවුන් මල් සමය ආවත් පිපී...
අප නිසා ජීවිතේ කතිර මැස්මෙන් මහපු අක්කා...
ඒත් තරහක් නොගත් අක්කා..
ලෝකෙන් ම ලස්සනම අක්කා...

හෙට උදේ අප පිපෙන'යුරු දකින්නට උදා කුසුම් වී,
ජීවිතේ බිඳ දමා සළු වියන්නට ඇදුණු අක්කා...
කලාපේ දූවිල්ල මැද වුණත් පිපෙන්නැති - අපේ ආදරණීය අක්කා
ලෝකෙන් ම ලස්සනම අක්කා...

ගම පුරා ඉගිල යන - කටකතා විහඟ කැල
ඇවිත් රිදවන විටත් ඇහින් කඳුලක් නොහෙලු අක්කා..
අපේ දුකකට ම විතරක් තාම ඉකි බිඳින
තමන් ගැන නොදන්නා අක්කා..
ලෝකෙන් ම ලස්සනම අක්කා...

හෙටට කිරුලස අරා - අප ගෙදර එන තුරා
මහගෙදර පාලුවට තනි රකින නුඹ අපේ අක්කා..
ලෝකෙන් ම ලස්සනම අක්කා...

රූ රැජිණියන් කුමට - නුඹව පෙන්වා කියමි
නුඹ තමයි ලස්සන ම අක්කා..
ලෝකෙන් ම ලස්සනම අක්කා...

[සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
10 වන ශ්‍රේණිය, මධ්‍ය මහා විද්‍යාලය- මහරගම]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Oshadee මෙහෙම කියනවා :
කෝ අලුත් කවි... වර්ශා....

කිවුව වෙලාව- 2011-06-23 02:00:18
U.I.Samarasinghe මෙහෙම කියනවා :
මහා ලොකු අදහසක්
පදයකට ගොනු කරන්
සයිබරය වෙත ගෙනා
නුඹයි හෙට දින
පිපෙන සියපත

දුවට තවත් කවි ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා


කිවුව වෙලාව- 2011-06-20 10:27:56
jayasanka මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-16 01:19:44
Kapila Jayavilal Herath මෙහෙම කියනවා :
ඔබට ජය

කිවුව වෙලාව- 2011-06-10 05:13:48
shashika මෙහෙම කියනවා :
mal hathayi

කිවුව වෙලාව- 2011-06-05 12:32:25
vajiramath මෙහෙම කියනවා :
නියමයි නන්ගි...

කිවුව වෙලාව- 2011-06-05 04:37:30
Dilini මෙහෙම කියනවා :
දීප්තිමත් අනාගතයකට සුබ පැතුම්!

කිවුව වෙලාව- 2011-06-04 22:56:49
විමුක්ති මෙහෙම කියනවා :
අක්කා ගැන ලියු නන්ගාට සුබපතනව තවතවත් සාර්තක නිර්මාන කරනට

කිවුව වෙලාව- 2011-05-31 09:43:17
happy man මෙහෙම කියනවා :
ඇත්තටම උඹ ඉන්නෙ දහය වසරෙද දුව?

කිවුව වෙලාව- 2011-05-29 22:58:22
UOC kowla මෙහෙම කියනවා :
මා මට වඩා
ඔබට
වටින බව
දත් නියා
අත් හලෙමි
මා මාම........

~අක්කා~


කිවුව වෙලාව- 2011-05-29 13:15:41
Rohana Warnakulasooriya මෙහෙම කියනවා :
හරිම අපුරුයි.සරලයි.වෙනස්.

කිවුව වෙලාව- 2011-05-29 12:33:33
isha kariyawasam මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-05-28 09:08:01
Nirasha Gunasekera මෙහෙම කියනවා :
පිපුනු මලේ රුව එ\'මල දනීදො....

සුබ පැතුම්


කිවුව වෙලාව- 2011-05-28 02:25:47
හිරන්ති මෙහෙම කියනවා :
ඔබට සුභපැතුම් දුව දිගටම ලියන්න

කිවුව වෙලාව- 2011-05-27 09:29:48
sudarsana samaraweera මෙහෙම කියනවා :
සතුටුයි nangiyo.සුභපැතුම්...!!


කිවුව වෙලාව- 2011-05-27 03:04:35
කාංචනා මෙහෙම කියනවා :
මෙන්න පිපුණු කවි මලක්.හරිම අගෙයි.

කිවුව වෙලාව- 2011-05-27 01:21:19
Anushka Thilakarathne මෙහෙම කියනවා :
uparimai..anagathaye apita dhaksha kiwindiyakage nirmana dakinna lebewi

කිවුව වෙලාව- 2011-05-26 23:25:58
kasun මෙහෙම කියනවා :
නේක රූ පාන මුදු විලාසිනියන් අතර
නුඹේ කළු කෙසඟ රුව පෙන්නලා - කියමි මම
නුඹ තමයි ලස්සනම අක්කා...
නන්ගි ඔය මෙ කවියෙන් ලොකු දෙයක් සරලව කියනව.අදහ ගන්න අමරුය්.අපුරුය්


කිවුව වෙලාව- 2011-05-26 22:38:29
kasun මෙහෙම කියනවා :
නේක රූ පාන මුදු විලාසිනියන් අතර
නුඹේ කළු කෙසඟ රුව පෙන්නලා - කියමි මම
නුඹ තමයි ලස්සනම අක්කා...නියමය්


කිවුව වෙලාව- 2011-05-26 22:32:35
Devaka S. Jayasuriya මෙහෙම කියනවා :
Grade 10 Student ! Lot of Potential

@FB


කිවුව වෙලාව- 2011-05-26 21:12:42
nayana මෙහෙම කියනවා :
සොඳුරු කිවිඳියකි ඔබ දුවේ... දිගටම ලියන්න

කිවුව වෙලාව- 2011-05-26 21:09:54
Damith මෙහෙම කියනවා :
ලියන විදියත් ලස්සනයි


කිවුව වෙලාව- 2011-05-26 20:39:42
Padmini Sriyalatha මෙහෙම කියනවා :
හරිම අපුරු නිර්මානයක් දුව. ඔයාට උනුසූම් සුබපෑතුම්.

කිවුව වෙලාව- 2011-05-26 08:46:20
nuwangi මෙහෙම කියනවා :
නගෝ... නුඹ කුසුම් වැස්සක්

කිවුව වෙලාව- 2011-05-26 05:24:45
sajeewani kasthuriarachchi මෙහෙම කියනවා :
සුභපෑතුම්

කිවුව වෙලාව- 2011-05-26 05:15:22
Ravi Weerasinghe මෙහෙම කියනවා :
අපූරු සංවේදී නිර්මානයක්, මගේ සුබ පැතුම් සදර්ශී,

@BL


කිවුව වෙලාව- 2011-05-26 04:59:41
Kalpana මෙහෙම කියනවා :
අප නිසා ජීවිතේ කතිර මැස්මෙන් මහපු අක්කා...
ඒත් තරහක් නොගත් අක්කා..
ලෝකෙන් ම ලස්සනම අක්කා...

Suba Pathum!


කිවුව වෙලාව- 2011-05-26 04:59:09
Thushari Priyangika මෙහෙම කියනවා :
හෙට දවසෙ කවිය ගැන කුමට අපි ලතැවෙමු ද,
පිපෙන්න ට කව් කැකුළු අතු රිකිළි පුරෝ ගෙන!!

සතුටුයි පුතා!


කිවුව වෙලාව- 2011-05-26 04:34:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සදර්ශී කුසුම්වර්ෂා රණසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
කවි
මල් පිපුණු තුරු කවිය
කවි
එපා
කරන්ට්ස්
මගේ ගෙල රිදෙන තැන?
කවි
උස්..!
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook