Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර දෝසි
උදව් කරන, කතා කරන බනිස් ගෙඩිය
බූන්දි, 05:08:58
ඔන්න එකමත් එක නගරයක දුප්පත් බක්කරේ කෙනෙක් හිටියා. ඔහු බොහොම ගුණ යහපත් මනුෂ්‍යයෙක්. ඒත් ඔහු හදන පාන් බනිස් කන්න ඒ නගරයේ මිනිස්සු කැමති නෑ. ඒ නිසා වෙළඳාම අඩුයි. දුප්පත් බක්කරේ බොහොම කණගාටුවෙන් තමයි දවස් ගත කළේ. ඔහු ගෙදර ගිහින් සුසුම් හෙලන කොට බක්කරේගේ හොඳ බිරිඳ මෙහෙම කියනවා.

"ඔයා කණගාටු වෙන්න එපා. අපිට හොඳ කලක් යාවි."

කොහොම හොඳ කලක් යන්න ද? බක්කරේ කල්පනා කරනවා. මිනිස්සු බක්කරේ හදන-

දේවල් ගන්නෙ නෑ. නගරයේ දුප්පත් ම මිනිස්සු විතරක් වෙන කන්න දෙයක් නැති නිසා ද කොහෙ ද ඔහුගෙ පාන් බනිස් ගත්තා. ඉතිං ඔහුට ජීවත් වෙන්න ලැබුණෙ සුළු මුදලයි. බක්කරේ වෙන රස්සාවක් දන්නෙත් නෑ. මෙහෙම කල්පනා කර කර ඔහු නිදා ගන්නවා.

තවත් දවසක් උදා වුණා. බක්කරේ සුපුරුදු පරිදි පාන් බනිස් හදන්න පටන් ගත්තා. මෙහෙම හදද්දි එක පිටි ගුලියක් වැරදිලා සීනි ගෝනියට වැටුණා. බක්කරේ ඒ පිටි ගුලිය ආපහු අරගෙන අනෙක් පිටි ගුලි එක්කම පෝරණුවට දමලා බනිස් හැදුවා. ඔන්න ටික වෙලාවකින් බනිස් ටිකක් හැදුණා. හැබැයි ඔක්කොම බනිස් ගෙඩි දුඹරු පාටට තියෙන කොට එක බනිස් ගෙඩියක් විතරක් තියෙනවා රන්වන් පාට වෙලා. ලස්සන වෙලා..... ඒ තමයි අර සීනි ගෝනියට වැටුණු බනිස් ගෙඩිය. හවස් වෙනකොට මිනිස්සු ටික දෙනෙක් ඇවිත් හදපු බනිස් ගත්තා. ඒත් බක්කරේ ඒ බනිස් ගෙඩිය වික්කෙ නෑ. ඔහු ඒක තියා ගත්තා ළමයින්ට ගිහින් දෙන්න.

අඳුර වැටීගෙන ආවා. උපයපු මුදල රෑට කෑමටත් මදි. ළමයි බඩගින්නෙ අඬනවා ඇති. බක්කරේ සුසුම් හෙළුවා. එකපාරට ම සද්දයක් ඇහිලා බක්කරේ ඔළුව උස්සලා බලන කොට වැරහැලි ඇඳ ගත්ත හිඟන්නෙක් දොර ළඟ හිටගෙන ඉන්නවා.

"මොනවද නුඹට ඕනෙ?" බක්කරේ ඇහුවා.

"මට බඩගිනියි. හොඳ මනුස්‍සයෝ මට කන්න දෙයක් දීපන්" හිඟන්නා බැගෑපත් වුණා.

"අපොයි! මම හදන්නෙ බනිස් පාන් ටිකයි නෙව. මට ලොකු ආදායමක් නැති එකේ මම නුඹට මොනවා දෙන්න ද?"

"අනේ මට බඩගිනියි. මොනව හරි දෙන්න. නැත්නම් මේ සීතලේ බඩගින්නෙ මාව මැරිල යාවි." හිඟන්නා වෙව්ල වෙව්ල කිව්වා.

වටපිට බලපු බක්කරේ රන්වන් පාට බනිස් ගෙඩිය දැක්කා.
"හරි. නුඹ මේක ගනින්. මා ළඟ වෙන මොකවත් ම නෑ. මොනව කරන්න ද..." බක්කරේ බනිස් ගෙඩිය හිඟන්නට දුන්නා.

"හොඳ මනුස්සයෝ, නුඹට බොහොම ස්තූතියි" හිඟන්නා ස්තූතිකරලා බනිස් ගෙඩිය අරන් යන්න ගියා.

බනිස් ගෙඩිය අරගෙන අගු පිළක ඉඳ ගත්ත හිඟන්නා ඒක කන්න පටන් ගත්තා. හරිම පුදුමයක්! හිඟන්නා කොච්චර කෑවත් බනිස් ගෙඩිය ඉවර වෙන්නෙ නෑ. ඒ විතරක් ද? බනිස් ගෙඩිය හරිම රසයි. ඒ රස වෙන කිසිම බනිස් ගෙඩියක නෑ... කේක් වලත් නෑ. චොකලට් වලත් නෑ.
"මේ මොන පුදුමයක් ද?" හිඟන්නා කිව්වා.

"පුදුම වෙන්න එපා." එක පාරටම බනිස් ගෙඩිය කතා කරා. හිඟන්නා හොඳට ම බය වුණා.

"නුඹ මොන ජාතියෙ බනිස් ගෙඩියක් ද? අර බක්කරේ මායාකාරයෙක් වෙන්න ඕනෙ මේ වගේ බනිස් හදන්න" හිඟන්නා බයේ කෑ ගැහැව්වා.

"නුඹ බය වෙන්න එපා. මාව ආපහු බක්කරේ ළඟට අරන් පලයන්. ඔහු නුඹට හැමදාම කන්න දෙයි." බනිස් ගෙඩිය උපදෙස් දුන්නා.

බයවෙලා හිටපු හිඟන්නා බනිස් ගෙඩිය අරගෙන බක්කරේගෙ ගෙදරට දිව්වා. බක්කරේ පුදුම වෙලා හිඟන්නගෙ විස්තරේ අහගෙන හිටියා. හිඟන්නා ගියාට පස්සෙ කාමරේට ගිහින් බනිස් ගෙඩියට කතා කරා.

"නුඹට ඇත්තටම කතා කරන්න පුළුවන් ද?"

"කතා කරන්න විතරක් නොවයි. මට පුළුවන් නුඹව පෝසතෙක් කරන්න. මම නුඹට කියලා දෙන්නම් රසට පාන් බනිස් කෑම ජාති හදන හැටි. නුඹ රසට කෑම හදන කොට මුළු නගරයෙ ම මිනිස්සු පෝළිමේ ඉඳියි නුඹෙන් කෑම ගන්න." බනිස් ගෙඩිය කිව්වා.

"ඒත්.. ඇයි නුඹ මට උදව් කරන්නෙ?" බක්කරේ අදහගන්න බැරුව ඇහුවා.

"මම තමා ජිවිත කාලෙට ම නුඹ හදපු රස ම ලස්සන ම බනිස් ගෙඩිය. එහෙම වෙලත් නුඹ මාව ළමයින්ට නොදී පාරෙ ඉන්න හිඟන්නෙකුට දෙන්න තරම් කරුණාවන්ත වුණා. ඒ නිසයි නුඹට මේ වාසනාව ලැබෙන්නෙ. අපි දේවල් රැස් කරන තරමට නෙවෙයි අපිට යහපත උදා වෙන්නෙ, අපි ඒවා අනිත් අයත් එක්ක බෙදා ගන්න තරමට යි. "

බක්කරේට තේරුණා. පහුවදා ඉඳන් බක්කරේ බනිස් ගෙඩිය කියන විදිහට පාන් බනිස් හදන්න පටන් ගත්තා. ඒ කෑම වල රස කොයි තරම් ද කියනවා නම් වෙන නගර වල පවා ඔහුගෙ කෑම වල රස ගැන කතා වුණා. බක්කරේ පෝසතෙක් වුණා. දරුවෝ දීග දුන්නා. අර දුප්පත් හිඟන්නට හැමදාම කන්න දුන්නා. ඒ නිසා හිඟන්නා ආයිත් හිඟා කෑවෙ නෑ. ඒ වගේ ම දුප්පත් අයට උදව් කළා.

ඒත් බනිස් ගෙඩිය තමයි ඔහුගෙ හොඳ ම මිතුරා වුණේ. බක්කරේ ‍තමන්ගෙ පවුලෙ අය ත් බනිස් ගෙඩිය ත් සමග බොහොම කල් සතුටින් ජීවත් වුණා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Kids Stories
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ෂේන් මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2012-01-25 13:56:45
chanaka මෙහෙම කියනවා :
හෑම් මනුස්සයම එහෙම වෙනවනම් කොච්චර හොඩඩ.මම ගොඩක් කමති එ වගෙ අයටහෑම් මනුස්සයම එහෙම වෙනවනම් කොච්චර හොඩඩ.මම ගොඩක් කමති එ වගෙ අයටහෑම් මනුස්සයම එහෙම වෙනවනම් කොච්චර හොඩඩ.මම ගොඩක් කමති එ වගෙ අයටහෑම් මනුස්සයම එහෙම වෙනවනම් කොච්චර හොඩඩ.මම ගොඩක් කමති එ වගෙ අයට

කිවුව වෙලාව- 2011-12-13 05:20:06
anudi මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-12-02 10:18:42
podda මෙහෙම කියනවා :
එල

කිවුව වෙලාව- 2011-09-30 20:19:20
nirma මෙහෙම කියනවා :



කිවුව වෙලාව- 2011-09-26 11:08:13
SINHALA GOIYA. මෙහෙම කියනවා :
මරු කතාව,ල0කාවේ පාර්ලිමේන්තුවටත් ඔහොම බක්කරේ ල ටිකක් යැව්වනම් හරි!!!!!!!!!!!

කිවුව වෙලාව- 2011-09-02 08:37:56
Bassa මෙහෙම කියනවා :
අපට නද්ද එහෙම බනිස්......?

කිවුව වෙලාව- 2011-08-08 02:04:20
poojani මෙහෙම කියනවා :
නීයමය්

කිවුව වෙලාව- 2011-06-26 23:24:08
Shameera De Silva මෙහෙම කියනවා :
harima lassanai :) kaalekata passe podievunta hadaapu lassana kathaavak kiyevve .....namuth eke thiyena upadesa hamotama vatinavaa ....

@FB


කිවුව වෙලාව- 2011-05-25 20:56:51
wasana මෙහෙම කියනවා :
ane ahema banis gedi dan nane

කිවුව වෙලාව- 2011-05-24 04:32:37
rapture.D මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-05-17 22:04:23
Warsha මෙහෙම කියනවා :
Love it.

කිවුව වෙලාව- 2011-05-11 06:23:13
Ruwa මෙහෙම කියනවා :
ලස්සනය්

කිවුව වෙලාව- 2011-05-09 23:49:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
වසිලිස්සාගෙන් තවත් වියමන්
කතන්දර
ටෝටි නම් වූ පොඩි ඉබ්බා
කතන්දර
චුට්ටු බුට්ටු සහ සුප් බඩගිනි රාස්සයා
පුහුල් දෝසි
කඩදාසියේ කතාව
කතන්දර
හඳ අහසට ගිය හැටි
කතන්දර
කතා කරන සිප්පි කටුව
තවත් කතන්දර දෝසි
ගල් වඩුවා ('හූමිටි කතා')
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook