Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
නූතන අඟුල්මල් මවගේ කවිය
බූන්දි, 02:26:35
පුතේ...... උඹ උපන් දා...
"අහිංසක" උපන් දා වගේ
ලෝකයේ හතරදිග්බාගයේ කඩු කිණිසි දිලිසුණිද නොදන්නෙමි!
මුත් එදා....
අපේ කුස්සියේ නම් මන්න පිහි දිලිසුණා - කියා උඹෙ නෑදෑයො බය වුණා....

පුතේ උඹ ටිකෙන් ටික ලොකු වුණා - මලක් සේ පිබිදුණා
"අහිංසක" වාගේම උඹ රුවින් නැණ ගුණින් සපිරුණා....

දිසාපාමොක් ගුරුන් ලයිට් කණුවල එල්ලිලා ඉඳන්
සිප් දෙන්ට උඹට ඇමතූ නිසා
තක්සලා කඩේ උඹ සුවච ගෝලයෙකු වී ඉපදුණා
දිසාපාමොකැදුරුට වත්සපන කෙරෙන්නට මිස උඹට සිප් ලබන්නට වෙලා මදි වුණා

තක්සලා කඩේ අත ඇර දමා- පෑලදොර ළඟ උඹේ හිත තියා
අහිංසක වෙස අතැර නික්මුණේ ඒ නිසා වෙන්ඩ ඇති

උඹ බෝම දරුණුයිලු - දැන් අහිංසක නැතිලු
ඇහෙන කොට මගේ හිත ඇවිලුණා
කුරිරු වෙස හැර පියා අඟුල්මල් වෙසැති නුඹ - යළි අහිංසක කෙනෙකු කරන්නට
බුදුන් නැති මේ සමේ කවුරු නම් සමත් වෙද?

මුත් පුතේ....
උඹෙ දෙවැනි බුදුන්ගේ ගෑණු හිත දැඩි වුණා..

රතැති ලේ සුදු පාට කර පෙමින් උඹට පෙව්වෙම් මෙමම්
පොඩි අතින් අල්ලලා බුදු සාදු වඳින්නට පුරුදු කෙරුවෙම් මෙමම්
පළමු සිල්පදය ඒ අතින් උඹ කැඩු නිසා කඳුළු බිව්වෙම් මෙමම්
උඹෙ අතේ රතු පාට, මගේ කඳුළකින් සෝදනු පිණිස අද මෙසේ ආමි මම්

මගෙ පුතේ,
අඟුල්මල් වෙස අතැර - යළි "අහිංසක" වෙන්ඩ
නියත විවරණ ගනින් දැන් මගෙන්....

[සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
10 වන ශ්‍රේණිය, මධ්‍ය මහා විද්‍යාලය- මහරගම]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Amaley Munsinghe මෙහෙම කියනවා :
mage suba pethum dhuwe..

කිවුව වෙලාව- 2011-05-01 05:03:21
Warsha Ranasinghe මෙහෙම කියනවා :
Weredda pennala dunnata ape hamuduruvane sthuthi!

කිවුව වෙලාව- 2011-04-30 11:11:11
farini මෙහෙම කියනවා :
hari sanwedhi kawiyak.hadhawahta gemburatama giya.oya hari talented nanga.thawa kawi liyanna.kiyawanna.u hv a brght fture.hari sanwedhi kawiyak.hadhawahta gemburatama giya.oya hari talented nanga.thawa kawi liyanna.kiyawanna.u hv a brght fture.

කිවුව වෙලාව- 2011-04-29 11:01:18
Wimalawansa Hamuduruwo මෙහෙම කියනවා :
"wath sapana" kiyalaa kiyanne guruwarayaata onee epa kam kireema noweyi. honda sirith ethi kiyana ekayi. wrutha sampanna. angulimaala guruwaraya ge one epa kam kalaa noweyi. hona wrytha charithra ethiwa hitiya.

කිවුව වෙලාව- 2011-04-29 10:41:45
Padmini Sriyalatha මෙහෙම කියනවා :
oyage kaviya mama dakke hugak pahuwela. mata Adahagannath be. oyata lengathuwa suba pathanwa.

Hugak essara api A/L krana Kale oya Wagema daksha daruwek hitiya mayondi manjula samaraweera kiyala. puwathpath walata kavi liyapu. eya thoragattha margaya nisa daksha kividiyak apita ahimi una. mama hithanne eya den doctar kenek. oya anagathayedi hari margaya thora ganii kiyala mama hithanawa.


කිවුව වෙලාව- 2011-04-27 08:43:19
sudarsana samaraweera මෙහෙම කියනවා :
ලියල තියෙනවා ලස්සනයි නංගි. ඔයාට හොද ගමනක් යන්න පුලුවන්. ගොඩක් කියවන්න. සුභ පැතුම්...!!

කිවුව වෙලාව- 2011-04-26 23:20:27
De.Vi. මෙහෙම කියනවා :
Oyage nama wagema kaviyath lassanai.Kiyawamin ,hadaramin, liyamin idiriyatama giyoth apata honda kavikariyak lebei wage.

කිවුව වෙලාව- 2011-04-26 21:28:09
Warsha Ranasinghe මෙහෙම කියනවා :
"Wathsapana" kiyala kiyanne guruvarayage vath sampadanaya kirima hevath onae epakam ishta kireemai. Amavathure angulimala kathava balanna.

කිවුව වෙලාව- 2011-04-26 02:35:42
Nilantha Gamage මෙහෙම කියනවා :

දිසාපාමොකැදුරුට වත්සපන කෙරෙන්නට
I cant understand this "vathsapana". Can anyone explain?


කිවුව වෙලාව- 2011-04-25 21:44:59
Nilar මෙහෙම කියනවා :
වී නීඩ් මෝර්

කිවුව වෙලාව- 2011-04-25 21:13:53
මානෙල් මෙහෙම කියනවා :
සතුටුයි! අාඩම්බරයි! සුබ පැතුම්!

කිවුව වෙලාව- 2011-04-25 20:18:51
Sunanda Karunaratna මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-25 04:45:17
isha kariyawasam මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-23 09:37:04
tharindu මෙහෙම කියනවා :
grt poem @ ur age...

කිවුව වෙලාව- 2011-04-22 09:38:41
රුවන් බන්දුජීව මෙහෙම කියනවා :
බොහොමත්ම අගෙයි .....!
සුභ පැතුම්


කිවුව වෙලාව- 2011-04-22 05:27:04
රන්දිල් මෙහෙම කියනවා :
කියන්න දෙයක් නැහැ නංගෝ. ඇත්තටම හරිම සංවේදී ලියැවිල්ලක්. ඔයාගේ ඔය වයසට ඔයාට මෙච්චර පැතුරුණු විදිහට හිතන්න පුළුවන් වුනු එක ගැන හදවතින්ම සුභ පතන්නම්.

කිවුව වෙලාව- 2011-04-21 21:24:19
තිසර මෙහෙම කියනවා :
සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ,
1. කියවන්න.
2. කියවන්න.
3. කියවන්න.

කවි ලියන දුවේ ඔබ අපේ අනාගතයයි!


කිවුව වෙලාව- 2011-04-21 21:08:39
ranchagoda මෙහෙම කියනවා :
bohoma ageyi.subha pathum.

කිවුව වෙලාව- 2011-04-21 20:43:45
happy man මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-21 19:45:37
samitha මෙහෙම කියනවා :
පුදුම සතුටක් දැනුණා.සින්හල කවියේ අනාගතය සුන්දරයි.ඔබට ජයෙන් ජය.ඔබේ සමහර කවි යෙදුම්වලින් මම මවිතවුණා.ඔයාට ඉදිරියටම යන්ට පුළුවන්.

කිවුව වෙලාව- 2011-04-21 19:39:47
happy man මෙහෙම කියනවා :
කෙල්ල,උඹ 10වෙනි ශ්‍රේණියේ කියලා මට හිතාගන්නම බැරිවුණා.උඹ උපන්ගෙයි කවියෙක් වගේ.(ලන්කාවේ විචාරකයන්ට අහුවෙලා උඹේ කවිකම පරකරගන්න එපා.සිහියෙන්ම,තර්කකරමින්ම යන්න.විචාරකයන් කියන විදිහට ලියන්න එපා.හිතට දැනෙන දේ අවන්කවම ලියන්න.හැම කවි පොතක්ම කියවන්න.කෙටි කවි තමා හොදම කියලා ලන්කාවේ රැල්ලක් ආවා.රත්න ශ්‍රීත් මේ ගෙන කතා කරලා පාර මාරු කළා.මධ්යම යාමේදී කෙටි කවි ගෙනාවා.අමුම අමු අසාර්ථක පොතක් වුණා.නැවත ඔහු ඔහුගේ රීතියට ආවා සන්ධ්‍යා තීර්ථයේදී.ඔහුත් එක්තරා විදිහකට විචාරකයන්ට අහු වුණා කියලා මට හිතෙනවා.මින් මම අදහස් කරන්නේ කෙටි කවි නරකය දිග කවි හොදය කියන එක නෙවෙයි.තමන්ගේ රීතිය හොයාගන්න කියන එක.)

කිවුව වෙලාව- 2011-04-21 19:30:54
Thushari Priyangika මෙහෙම කියනවා :
ඇත්තටම, 10 වන ශ්‍රේණිය, හිතට සතුටක් ගෙනාවා.

සදර්ශී, කවි කැකුළක්..
පීදෙන්න කටු අකුල මත
හෙමිහිට..
සුවඳ විහිදෙයි
දස අතට...


කිවුව වෙලාව- 2011-04-21 15:16:59
Sampath මෙහෙම කියනවා :
diyaniye, lokaya wada yahapath karannata oya pena dawasaka esawewi. Numbata thawa diriya lebewa. hadawathata denenawa numbe kawikama.

කිවුව වෙලාව- 2011-04-21 11:13:19
Lanka මෙහෙම කියනවා :
Punchi duwe oyata subama suba anagathayak.

කිවුව වෙලාව- 2011-04-21 08:15:56
sameera මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-21 07:30:34
sajeewani kasthuriarachchi මෙහෙම කියනවා :
නන්ගි හොද ආරම්භයක්. දිගටම ලියන්න. ගොඩක් කියවන්න. හොද කිවිදියක් වෙන්නට සුබපෑතුම්.

කිවුව වෙලාව- 2011-04-21 06:03:10
lasanthika මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-21 04:53:49
Anushka Thilakarathne මෙහෙම කියනවා :
10 වන ශ්‍රේණිය...කවිය රසවින්දාට වඩා මගේ හිතට සතුටක් ගෙනාවා. උඹේ ඔය කවි සිත තව තවත් ඔප මට්ටම් කරගන්න සුභ පැතුම්....

කිවුව වෙලාව- 2011-04-21 03:03:39
DMK මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-21 02:44:48
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සදර්ශී කුසුම්වර්ෂා රණසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
කවි
මල් පිපුණු තුරු කවිය
කවි
එපා
කරන්ට්ස්
මගේ ගෙල රිදෙන තැන?
කවි
උස්..!
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook