Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
සිහින සිත්තම
බූන්දි, 05:01:41
අමාවක රැයක් නොවුණද සඳළිය බිඳක්වත් නොතිබූ තදඳුරු රැයකි එය. තරුපති සැඟවුණද ගගනත ඟගුල සරසන්න, තාරකා කුමුදු නම් අඩුවක් නොමැතිවම විකසිත වී තිබුණි. නමුත් හිත මිතුරු සඳ නැති දුක දනවන්නටදෝ අහස් ඟංගාව, සිහින් මල්වැස්සකින් සිය දුක කියන්නට අමතක නොකළේය.

විසල් විලකට යාබදව යායට වැවී තිබූ උණගස් වලින් ගහන පරිසරයේ, හුදෙකලා සක්මනක නියැලී සිටි ඔහුගේ හිත සහ මනස, අහිමි කිරිලියකගේ මතක රුවින්-

සහ හඞින් පෑරී තිබුණි. ආවර්ජනාව සිතට මනසට පමණක් නොව කයට ද වෙහෙසක් ගෙන ආ පසු ඔහු පොළොවට බර දී වාඩිවුණි. එසේ ඔහු හෝරා කිහිපයක්ම ගතකරන්නට ඇත.

තමන්ට අහිමි වූ ඒ කිරිල්ලිය කවුද, කින්ද මන්ද යන්න වාගේම, ඇය ඔහුට අහිමි වූයේ කෙසේද යන්නත් ඔහුට තවමත් අපහැදිලිය. පැහැදිලි එකම දේ පස් හෝ සය වසරක් පුරාවටම කිරිල්ලිය සිහින් අත්තටු රාවයකින් තම සිත හා මනස අවදියෙන් තැබූ බව පමණෙකි. ඒ කාලය පුරාවටම ජනිත සෑම රාත‍්‍රියකදීම ඔහු, ඇය ගැන සිතුවේය. නොකඩවා නොනවත්වා සිතුවේය. අදටත් සිතන්නේය.

හිරිපොද වැස්ස නිසාත් සුළඟට හාදව උණගස් වයන උස් හඞ රාවය නිසාත් අන් හඬක් නොඇසෙන තරම් වුවද, කවුරුන් හෝ උණගස් පිටුපසින් තමන් පසු කර ගමන් කරනවා ඔහුට ඇසුණි. හඬ පැමිණි දෙසට දෙනෙත යැවූ ඔහු ලා තරු එළිය මැදින් දුටූයේ, මිහිදුම් සළුවකින් මැසුවා සේ අයස්කාන්ත ගවුමකින් සැරසුණු, දිගු වරලස විදාහල තරුණියකි.

ඔහු පසුකර මදක් දුර ගිය ඇය ගසකට පිට දී නතර වුණි. පිණි කඳුළෙන් බොඳ වූ ඇගේ නෙතු පියුම්, පොද වැස්සෙන් නැහැවුණු සුදු සහ රෝස, ඕළු නෙළුම් පොහොට්ටු ද, හරිතදම් නිල්මහනෙල් පෙහොට්ටු වලින් ද පිරී තිබූ විලට උඩින් පෙනෙනා, නිළඹරේ සිර වී තිබුණි. අහසේ උල්පතකින් මතුවෙන උල්කාශ්ම රැසක් කොහේදෝ ඈතකට කඩා වැටෙයි. සිත කඩා වැටුණා සේ ඇය ඒ දෙස බලාගෙන බෙහෝ දුර කල්පනා ලොවකය.

හඬ නොනැගෙන සේ ප‍්‍රවේසමට ඈට පිටුපසින් ඇය ළඟට සේන්දු වුණ ඔහු.... "උල්කාපාතයක් අල්ලන්නද බලන් ඉන්නේ.. ?" යි, ඇසුවේය.

මුළු ජීවිත කාලය පුරාවටම දැන උන් ආදරණීය කට හඬක් සිය සවන්පත් සිප ගත්තා සේ ඇය, ඉමහත් පුදුමයෙන් පිටුපස හැරී බැලුවාය. දෙනෙතට දෙනෙත හමුවූ ඒ ඉසිඹුවේ එකදු වදනක්වත් මුවින් මුවට හුවමාරු නොවීය. දිලිසෙන ඇගේ තරුනෙත් පතුලටම කිමිදුන ඔහුට දැනුණේ, කල්ප කාලයක් ඒ නිමේශය විඳගන්නට තමන් පෙරුම් පිරූ බවකි. උණගස් වාදනය ඔවුන්ට නෑසිණි. ඔහුගේ සිප වැළඳ ගැනීම් හමුවේ නිහඬ නොවූ ඇය ද, තරයේ ඔහුව බදා වැළඳ ගෙන ඒ පපුතුරට තුරුල් වූයේ, එහි ජීවත් වන එකම ආත්මය තමන් විතරක්මදැයි සොයන්නාක් මෙනි. මල්වැස්සේ දුඃඛීත සිහින් රාවය ඔවුන්ට ඇසුණේ ආශිර්වාදයේ ගීතිකාවක් ලෙසටය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Short Stories
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Oshadee මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-21 21:16:00
Muthu Paba මෙහෙම කියනවා :
හ්ම්.....හ්..ම්.....

කිවුව වෙලාව- 2011-04-21 14:25:55
cameelia මෙහෙම කියනවා :
මේක කියවන සියලු දෙනාගෙමත් හිතේ හිරවෙලා වද දෙන ලස්සනම ලස්සන හීනය ගෑන තමයි මුතු පබා අපට මේ කියන්නේ. ඒ හීනය හෑබෑ කරගත්තොත් අපි හෑමදාටම දිනුම්. එහෙම නේද මුතු පබා...?

කිවුව වෙලාව- 2011-04-20 02:33:03
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මුතු පබාගෙන් තවත් වියමන්
පුහුල් දෝසි
ෆ්ලැමින්ගෝ වගතුග
කවි
වෙනසක වෙනස
කතන්දර
දේදුන්න අයිති කාටද?
කතන්දර
සතුට
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook