Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
අප රැක්කෝ !
බූන්දි, 23:42:08
අතුරු නිමිති :
1. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් හෙබ වූ ප‍්‍රකට චීවරධාරියෙක්, බාල වයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස් දෙනෙකුට ගුද ලිංගික අතවර කළ බවට චෝදනා.
- ප‍්‍රවෘත්තියක්.
2. සුරාපානයෙහි එතරම් වරදක් කොහි ද?
- පුරාවිද්‍යා චක‍්‍රවර්ති


දඩ මස් ය බොක්කේ
බුදු රැස් ය වික්කේ
වැදි බස් ය හක්කේ
හෙළු උරුමය නොවෙ ද රැක්කේ

ගසා හිස් දෙපලූ
නසා පව්කාර දෙමලූ
දොසා හැම දුරලූ
තොසා දම්දිව කළේ එකලූ

කෙළවර ය නිර්වාණය
කම් කිම ය සුරාපානය
ගෙරි මස් මරා කෑමය
පින් බිම එක ම පාපය

දද නැගුණි ය තෙද වැඩුනි ය පෙර පිනට
මද කිපුණි ය ඉඳ බැරිවි ය මැති සැපට
රද උතුමය නිති සරණ ය බිය කුමට
ගුද රමණය අති රමණි ය හැම කලට
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Unknown මෙහෙම කියනවා :
' අප රෑක්කෝ ' කවිය ලියු කවියාටත් , විශේශයෙන්ම බූන්දියටත් 'ජාතිකත්වය ' නම් වර්ගෝත්තමවාදී ෆේස් බුක් ගෘප් එකකින් මඩ, අවලාද හා තර්ජන මතු කොට තිබේ.මෙය බරපතල ලෙස සෑලකිල්ලට ගත යුතු යෑයි විශ්වාශ කරමි. - රුක්මන් ජානක ගුනතිලක.

කිවුව වෙලාව- 2011-05-19 05:47:57
Ariyarathne මෙහෙම කියනවා :
මහනුවර යුගයේදීත් මෙවන් බුද්ඩ් ප්‍රතිරූපකයන් උන්නා. ගනින්නාන්සේලා ලෙසයි ඔවුන් හදුන්වනු ලෑබුවේ.මේ ගනින්නාන්සේලාගෙන් වත් මේ තරම් සමාජීය හානියක් උනේ නෑ. මේවන් සමාජ පිලිල දුරු කල යුතුයි. මේ කවිය මා අගයන්නේ ඒ නිසයි.බලව්ත් උත්ප්‍රාසයක් මේ තුල තිබෙනවා.නූතන ජන සටන් කවි !

කිවුව වෙලාව- 2011-05-02 04:06:53
sandya. k මෙහෙම කියනවා :
මගෝඩින්ට පහර දීමේ ක්‍රමය මේ තමා. ප්‍රබලයි.

කිවුව වෙලාව- 2011-04-27 05:43:39
Lasith මෙහෙම කියනවා :
දෑන් ඉතින් තියෙනවා මේ හක්ගෙඩින්ට මුවාවේන්න අලුත් වෙස් මූනක්..'බෑන්කි මූන් ' ඉස්සෙල්ලම සොමේගෙ මුස්ලිම් විරෝදය..පස්සේ දෙමල විරෝදය.. ලන්කාවේ බූරු පුත්තු දුව්යි මේ කෑරට් අලේ පස්සෙත් ත්ව කාලයක්...
කවියනම් එලම කිරි!


කිවුව වෙලාව- 2011-04-25 05:24:08
kk මෙහෙම කියනවා :
හී හී....

කිවුව වෙලාව- 2011-04-21 03:48:48
Rathnayake මෙහෙම කියනවා :
මුන් තමා ගෑනුන්ට ඈදුම් අදින හෑටි, කසාද ජීවිත ගෙවන හෑටි ගෑන දෑන් මේ රටේ මෝඩයන්ට උපදෙස් දෙන්නේ. කුහක කම අදනකඩේ අස්සේ ගහගෙන.හොදයි..ඉතා හොදයි මේ කවිය. සිවුරු ගෑලවෙනවා මුන්ගේ. එල්ලන්ට ඕනෑ මුන්ගේ කරේ.

කිවුව වෙලාව- 2011-04-21 02:41:54
YAK මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-21 00:25:25
උපාසක මර්වින් මෙහෙම කියනවා :
ගුද රමණය නැත අරුමය පන්සලට

කිවුව වෙලාව- 2011-04-20 14:52:51
DWFI මෙහෙම කියනවා :
එලම එල.

කිවුව වෙලාව- 2011-04-19 05:27:56
PRABAA මෙහෙම කියනවා :
මෙන්න කවි! මේහෙම නොදි බෑ මුන්ට.

කිවුව වෙලාව- 2011-04-19 05:21:41
Rankothge මෙහෙම කියනවා :
තක්කඩින්ගෙ දර්ම රාජ්ජ පාජාවට හොද අතුල් පාරක්. ඉතා ඉහලයි.

කිවුව වෙලාව- 2011-04-19 03:46:59
Rasika මෙහෙම කියනවා :
හතාගෙ වීදි නාටක වගේ මේ කවිත් වෑටෙන්නේ ජන ආරකට.ජන මනසේ ඈති වෙලා තියෙන පරිහානියත් එක්ක මේ ආරේ කලා නිර්මාන ඉතා වටිනවා.

කිවුව වෙලාව- 2011-04-19 03:35:07
DMS මෙහෙම කියනවා :
මෙන්න යුගයේ කවි ! බඩුම තමා !

කිවුව වෙලාව- 2011-04-18 02:39:58
jude මෙහෙම කියනවා :
කලබල වෙන්නෙ ඈයි ? මේ කට්ටිය 'මහින්ද සින්චනයේ' අනුගාමිකයො නේද ? 'සින්චනේ' කොයි පෑත්තට කලාම මොකද ?

කිවුව වෙලාව- 2011-04-18 02:32:36
sarath Warnakulasuriya මෙහෙම කියනවා :
Pedi pelehi yatipela arutha niyamai.

කිවුව වෙලාව- 2011-04-16 01:35:20
Piyal මෙහෙම කියනවා :
මගේ දේශය , මගේ ජාතිය , මගෙ ආගම, මට ලබා දුන් තෑගි කියලා නන්දා මාලනිලා දීපු පාලක පන්තියෙ ලනුව කාපු ' ජහමනයා'ඊලගට බඩගෑවෙ මේ හක් ගෙඩි පස්සෙ.මේ තමා හක් ගෙඩින්ගේ කෙරුවාව. මේ ව්ගේ කවි පාරක්- තාප්පයක් ගානෙ ප්‍රදර්ශනය කරන්න වටිනවා. සයිබර් අවකාශයෙන් එලියේ. කොන්ද පන තියාගෙනෙ නමින්ම ලිව්ව කවියාටත් වෙසෙසින්ම බූන්දියටත් තුති.

කිවුව වෙලාව- 2011-04-11 06:51:35
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
සුරාපානයෙහි එතරම් වරදක් කොහි ද?

මරුනේ ඕයි....! ශාදු ශාදු ශා !!!!


කිවුව වෙලාව- 2011-04-10 23:48:44
BLINDLITECREATURE මෙහෙම කියනවා :
AWESOME... ELAMAKIRI

කිවුව වෙලාව- 2011-04-10 21:23:57
KD මෙහෙම කියනවා :
එල ගේමක්. සාදු!සාදු සා !

කිවුව වෙලාව- 2011-04-10 05:38:57
RG මෙහෙම කියනවා :
කොතෑනත් පවා දෙන්නො ඉන්නවා.මේහෙම කීම හොද මදි

කිවුව වෙලාව- 2011-04-10 05:31:26
kasun මෙහෙම කියනවා :
මේක තමා 'හෙලුවෑලි උරුමෙ ' ආත්ම භාශනය !

කිවුව වෙලාව- 2011-04-10 05:18:51
Professor මෙහෙම කියනවා :
අනේ කොහොමහරි මෙිකේ මුද්රිත පිටපත්, අර සාරියක් වගේ සිවුර අඳින, එල් මෙිධා ට සහ බොරු සෝබන අති කපටි රතුරැළියේ අතන උන්නාන්සේටත් යවන්න.

කිවුව වෙලාව- 2011-04-08 05:08:28
malaka මෙහෙම කියනවා :
Maxxa...!

කිවුව වෙලාව- 2011-04-08 03:50:18
dumidu මෙහෙම කියනවා :
අම්මපා ,එල

කිවුව වෙලාව- 2011-04-08 03:43:19
senavi මෙහෙම කියනවා :
බූන්දියෙන් කරන මේ අභීත හෙලිදරව් කිරීම් වලට තුති.

කිවුව වෙලාව- 2011-04-08 03:36:10
sakakaraya මෙහෙම කියනවා :
sasane genaweth galak udata nowa.....?

කිවුව වෙලාව- 2011-04-07 05:54:45
ukussa මෙහෙම කියනවා :
ela.....?

කිවුව වෙලාව- 2011-04-07 05:51:42
Ravi මෙහෙම කියනවා :
මේ වගේ තක්කඩින්ට මෙහෙම තමා සලකන්න ඕනෑ. බොහොම අගෙයී මිත්‍රයා!

කිවුව වෙලාව- 2011-04-07 04:14:09
Bhaanu මෙහෙම කියනවා :
එල ,එල , මල්ටි බෑරල් ප්‍රහාරයක්

කිවුව වෙලාව- 2011-04-07 04:04:13
Ravi මෙහෙම කියනවා :
එස් එස් -ඔයා බුදු දහමේ කපටි ආරක්ශකයෙක්. 'උරුමෙ' වසුරු අදින්නෙක්.

කිවුව වෙලාව- 2011-04-07 03:54:26
Sudam මෙහෙම කියනවා :
දෑන සිටියා නම් ගෝතම බුදුන්
බුදු දම් වනසන මේ වගෙ සපුන්
බුදු වනු අතහෑර සෑගවී ගිහින්
වනගත වෙනවා නියතී සෑනින්


කිවුව වෙලාව- 2011-04-07 03:41:57
ss මෙහෙම කියනවා :
In the last three years, an average of 23 new articles each day have appeared in secular media sources revealing sexual abuse allegations arising in Protestant churches in the United States. Protestant denominations have been tempted to call sexual abuse a “Catholic problem”; this is simply not true. Within the past eight years, verdicts, judgments, or settlements exceeding hundreds of millions of dollars have been levied against Protestant churches for sexual abuse allegations arising from children participating in ministry programs.

කිවුව වෙලාව- 2011-04-06 23:40:08
suranga මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-06 07:03:05
rapture.D මෙහෙම කියනවා :
රැක්කෝ රැකෙති...

කිවුව වෙලාව- 2011-04-06 05:01:18
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විජය නන්දන පෙරේරාගෙන් තවත් වියමන්
කරන්ට්ස්
සුනඛ සීහ
කවි
පෙමාතුර සකි
කවි
ගිම්හාන පේ‍්‍රමය
ගී කිය(ව)මු
නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්
ගී කිය(ව)මු
බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook