Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
"හැපි ජර්නි" සහ "හූව"
බූන්දි, 05:41:51
පසුගියදා කලාවත්තෙක්ක වෙනසක ආරම්භක සංවාදයට මා දන්නා අවුරුදු තුනක විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ වැඩිම පිරිසක් සහභාගී වූවා පමණක් නොව සංවාදය ඉවරවන තුරු වැඩි පිරිසක් රැඳී සිටි පැහැබර අවස්ථාවක් ද විය. අපේ අරමුණු තව තවත් ඔප මට්ටම් කරමින් ආචාර්ය ලියනගේ අමරකීර්ති ඉතාම විචාරශීලි හා ප‍්‍රාමාණික ප‍්‍රවේශයක් ලබා දුන්නේය. ඔහු උදාරණ ලෙස කවි කිහිපයක් ගායනා කරමින් කවුරුත් මැසිවිලි නගන-

වර්තමාන සිංහල කවිය ගැන නවමු අත්දැකීමකට අප ඈඳා ගත්තේය. ඔහු ලබා දුන් ප‍්‍රවේශයෙන් අනතුරුව සංවාදය එකදිගට ගලාගෙන යද්දී අපේ දොඩමලුභාවයන් තම තමන්ගේ සිත් තුළ පමණක් කැකෑරෙන්නට ඉඩදී කලාගාරයෙන් එළිබහින්නට වූයේ සියල්ලන්ටම සරච්චන්ද්‍ර රඟමඬලේ 7.30ට වේදිකාගත කරන ජෙහාන් ශී‍්‍රකාන්තගේ "හැපි ජර්නි" නාට්‍ය නැරඹීමේ උවමනාව තිබූ නිසාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ වල සතිය (නාට්‍ය සතිය) මනමේ, සුද්දෙක් ඔබ අමතයි, සුභ සහ යස, මකරාක්ෂයා, හැපි ජර්නි, ජනේලෙන් පනින්නද යන නාට්‍ය වලින් සමන්විත විය. මනමේ බලන්නට කවදත් වල ඉඩ මදිය. එහෙත් මෙවර විශේෂත්වය වන්නේ මනමේ පමණක් නොව අනෙක් සියලූම නාට්‍ය නරඹන්නට ද එක සේ සෙනග සහභාගී වීමයි. ආචාර්ය ලියනගේ අමරකීර්ති තම දේශනයේදී කියූ පරිදි ම මෙය විශ්වවිද්‍යාලයේ ඉතාම පැහැපත් ප‍්‍රවනතාවකි. එහෙත් එය ප‍්‍රාමාණිකව සිදුවූ පේ‍්‍රක්ෂක වර්ධනයක් විනා වඩාත් ප‍්‍රගතිශීලි නොවන බව හැ‍ඟෙන්නේ හැපි ජර්නි එක අතරතුරේ දී ය. කලාගාරයෙන් එළියට බැස්ස තැන සිට සරච්චන්ද්‍ර වල දක්වාම හැපි ජර්නයට සෙනග පේලි ගැසුණහ. අප වලට ඇතුල්වී ඉඳ ගැනීමට වට පිට බලද්දී කල්තියා පැමිණි මිතුරන් පිරිසක් විසින් ඔවුන් අතර ඉඩක් පාදා නොදන්නට අපට සිදුවන්නේ ආපසු හැරී එන්නට ය.

කෙසේ හෝ නාට්‍ය ලෝලීන් විසිල් ගසමින් නාට්‍ය ඇරඹෙන තුරු ඇස් පාද පාදා සිටියහ. නියමිත වේලාවද මදක් පසුවී නාට්‍ය පටන් ගත්තේ පඩි මත සිට ගත් පේ‍්‍රක්ෂකයෝ වාඩිවෙන්නට ඉඩ පාදා ගනිද්දීම ය. පේරාදෙණි බහුතර නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ආතල් බලාපොරොත්තු ඇස් වලට වැලි ගසමින් අලුත් ආකෘතියකින් හැපි ජර්නිය ගමන් ආරම්භ කළේය. වැඩි වේලාවක් ඉක්මයන්නට මත්තෙන් තැන තැන බිලි බිලියෙන් නලියන්නටත් කසු කසුවක් පැතිරී යන්නටත් විය. බොහෝ දෙනෙක් වැඩි වේලා නොයවා ඉතාම සතුටින් කසු කුසුවට පොහොර දමමින් එස්. බී. ට තැබූ හූවම ජෙහාන්ටත් දමා ගැසූහ. මෙය එක්තරා ආකරයකට විද්‍යාර්ථියා තුළ සිටින දෙබිඞ්ඩා එලිපිට හඳුනාගැනීමට පෑදුනු අවකාශයකි. හූව ද ඉතාම ඉක්මනින් වල පුරා පැතිර යන්නට වූ අතර රංගන ශිල්පින්ට තව දුරටත් තමාගේ කාර්යයට අවකාශ නැති වුව ද වල මත තම රංගනය දියකර හරින්නට විය. හූ - සිනහ අතර මගේ ඇස් කණ් රංගය කෙරෙහි අලවන්නට මා ගත් සියලු උත්සාහයන් වලපල්ලට යාම නාට්‍ය තත්වාකාරයෙන් අත්දැකීම මට අහිමි කළේය.

හැපි ජර්නි නාට්‍යයේ ආකෘතිය එහි අන්ර්ගතය හා බොහෝ සෙයින් සමීප බව මගේ අදහසයි. එහි සංදර්භය වර්තමාන ලාංකේය “අවුල"යි. ඒ අවුල පෙන්නද් දී අපේ පේ‍්‍රක්ෂකයෝ සිනාසුණහ. ඒ වර්තමාන දේශපාලනික ව්‍යාකූලත්වයට නොවේ. එය පෙන්වන්නට උත්සහ කළ වුන්ටය. එයින් ඉඟි කරන්නේ අපිට ඒ අවුල පෙන්නන්නට එපා කියාය. එසේ නැතහොත් එය නොදැක තව තවත් අතරමං වීමේ හෝ ෆැන්ටසිගත වීමේ දැඩි උවමනාවයි. එවිට ටිකක් දුරට කල්පනා කිරීමෙන් සිනාසී ඇත්තේ අපට ම බව සිනාසුණවුන්ට ම තේරුම්යාම අරුමයක් නොවේ. එහෙත් නාට්‍ය දර්ශනයෙන් පසුව කිසිදු හාවක් හුවක් නැතිව ජෙහාන් හා ඔහුගේ කණ්ඩායම පිටත්ව ගිය අතර හූ කීවෝ තවමත් තමාගේ වීරත්වය ගැන පාරම්බාති.

පසුදා උදෑසන බාත්රූම් එකේ දී කණේ වැටුණු ඇතැම් ප‍්‍රකාශ මගේ නාට්‍ය ලෝලත්වයට ඇන්න පිහිපාරවල් විය. "අදද්දෙමු ගේම- ඊයෙ නාඩගමම නටමු- මරු ආතල්ලෙක මචං- අදත් කෙළිමු ඒ ගොන්පාට්ටෙකම සුපිරියටම- පජාත කරලම දාමු" ඇතැමෙකු පැවසුවේ පේරාදෙණියෙ විතරයි එකට එකතුවෙලා හූ කියන සංස්කෘතිය රැකිල තියෙන්නේ කියාය. කලාවත්තෙක්ක වෙනසක ඉදිරි ගමනක් ගැන අපට බලාපොරොත්තු තබාගත හැක්කේ "හූවේ" අඳ බාල සංස්කෘතිය කලාවට හරියන්නේ නැති බව මුලින්ම අවධාරණය කර ගැන්මට සැළැස්වීමෙනි.

මෙහිදී මුල්ම ගැටලුව වන්නේ ආතල් එකක් ගැනීමට නාට්‍යයක් බැලීමට යාමයි. නාට්‍ය පමණක් නොව ඕනෑම විශිෂ්ට සාහිත්‍ය හෝ වෙනත් කලා පඨිතයක් හුදෙක් මේ ආතල් එක වෙනුවෙන් මිඩංගු කිරීම තව තවත් අප ගතකරන්නා වූ ලාංකේය මොහොත වලපල්ලට යැවීමක් නොවේ ද? කලාවත්තෙක්ක වෙනසක බරපතල කතිකාවතකට අත තැබු අපට අභිප‍්‍රායික ජයග‍්‍රහණය ඉතාම අභියෝගාත්මක බව පසක් කර දෙන්නටත් අප තවදුරටත් සන්නද්ධ වියයුතු බව අපට පැහැදිලි කර දෙන්නටත් මෙකී සිද්ධිය සමත්වූ බව කිව යුතුය.

කෙසේ හෝ මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අපේ තාරුණ්‍යය යයි නොසිතමි. බොහෝ දෙනෙකු වැළඳ ගන්නා ඊනියා ආතල් ෆැන්ටසියට විරුද්ධව කලාව තුළින් පිළිතුරු සපයන ජෙහාන් වැන්නන් ද සිටින බවද අමතක කළ යුතු නොවේ. අපේ රසවින්දන හැකියාව ඕපපාතිකව බිහිවූවක් නොවේ. එය අප අත්දුටු දේ හා පරිසරය ඔස්සේ වර්ධනය වූවකි. ලාංකේය අධ්‍යාපනය හා රාජ්‍ය යන්ත‍්‍රණයේ හා ආගමික දෘෂටිවාදීමය ව්‍යාප්තකිරීම් හරහා අපේ රසඥතාවය තීරණය කරනු ලැබ තිබේ. ඕනෑම කලා කෘතියක පෘෂ්ඨය අතගා බලා එහි අහුවෙන අර්ථ යන්තමට අහුලාගන්නට අපේ රසිකයින්ගෙන් වැඩි පිරිසක් ඇබ්බැහි වී සිටිති. විශිෂ්ට කලා කෘතියකට සාධාරණ රසිකයෙකු වීමට නම් එහි පෘෂ්ඨීය වියමන පුරාවට ඉතාම සුපරික්ෂාකාරීව ඇවිදීම අනිවාර්ය වන අතර හමුවෙන්නාවූ අර්ථ තව තවත් හාරමින් දෙවෙනි තුන්වැනි පෙළ අරුත් උපද්දවා ගත යුතුය. එසේ හාරා උපද්දවාගත් අර්ථ තව තවත් ඔපමට්ටම් කොට සමාජ කතිකාවක් ඇති කළ යුතුය. ඕනෑම කලාකෘතියක් පණ ගසා නැගිටින්නේ රසික මැදිහත්විමෙනි. ඔහු හුදු ඇහුම්කන්දෙන්නෙකු හෝ නරඹන්නෙකු නොවිය යුතුය. කියවන්නෙක්, කියවන ගමන් සාවධානව ඇහුම්කන් දෙන්නෙක්, ඒ ගැන නිරන්තර කතිකාවතකට හිත මෙහෙයවන්නෙක් විය යුතුය. අපේ කලා රසිකයින් බොහෝදෙනෙකු උත්සාහ කරන්නේ තමා අත්විඳින කලා කෘතිය තුළින් තමාගේ සිතැඟි ඉස්මතු කරගැන්මට ය. එකම රසිකත්වය හැම කලා කෘතියක් අරභයාම එකම අයුරින් පැතිරවිය නොහැකිය. එසේ කිරීම කෘතියට කරන අසාධාරණයකි. ඕනෑම කලා කෘතියක් ඒ ඒ කෘතියට අනන්‍ය වූ ආදර්ශ පාඨකයෙකු, රසිකයෙකු අපේක්ෂා කරයි. (ආචාර්ය ලියනගේ අමරකීර්ති සිය සහෘද සාක්ෂිය හා පහන සහ කැඩපත යන කෘති වලදී මෙය අපට පැහැදිලි කරදී තිබේ)

මුලින්ම කලා නිර්මාණයක් සාවධානව කියවිය යුතුය. තමන් විසින් පනවා ගත් මිනුම් දඬු මත කලා කෘතියක් පිළිගැනීම හා ප‍්‍රතික්ෂේප කිරීම රසිකත්වයේ තරම නොවිය යුතුය. සරච්චන්ද්‍ර වලේදී අපේ පේ‍්‍රක්ෂකයන්ගෙන් වැඩි කොටසකට සිදු වූයේ මේ ඛේදයයි. අඩුම තරමින් නාට්‍යයෙහි අවසානය තෙක් බලාසිටින්නට හෝ බැරිම තැන නැගිට රංග පීඨයෙන් එළියට යාමට තරම්වත් ශික්ෂණයක් නැති කලා රසිකයින්ගෙන් පිරුණු රසිකත්වයක් කුමකටදැයි මට වරෙක සිතේ. හැපි ජර්නි නාට්‍යයෙහි ආකෘතිය අපේ පේ‍්‍රක්ෂකයාට නුහුරු වීම නිසා එය දරාගන්නට බැරි වූ බව මගේ හැඟීමයි. ආචාර්ය ලියනගේ අමරකීර්ති පැවසූ ආකාරයට යුද්ධයෙන් පසු අපට තවම ඒ ගැන විචාරශීලිව බලන්නට නොහැකි වීම අනෙකයි.

නාට්‍ය හමාරවීමෙන් පසු වලේ දී මා ජෙහාන් හමුවන විට සිටියේ කණස්සල්ලෙන් බව කීම අරුමයක් නොවේ. එහෙත් ඔහු හා දොඩමලු වන විට මට හැඟී ගියේ ඒ තමාටවත් තමාගේ රංගන ශිල්පීන්ටවත් හූ කියූ නිසා ලද චිත්ත පරාජයක් නොව රටේ පවතින වත්මන් "අවුල" තමාගේ පරපුරේම පේ‍්‍රක්ෂකයන්ට නොදැනීම නිසා බවයි. ඔහු ප‍්‍රශ්න කළේ පශ්චාත් යුධ ශී‍්‍ර ලංකාවේ සිදුවන පැහැරගැනීම් - අතරුදහන්වීම් - ගිනිතැබීම් - ගස්බැඳීම් - පලිගැනීම් - අයුක්ති සහගත අත්තඩංගුවට ගැනීම් ඈ සියල්ල තමාගේම පරපුර විසින් ෆිට්ටෙකේ පිලිගන්නේ ද යන්නයි. මේ සියල්ල මධ්‍යයේ ප්‍රේක්ෂකයා විසින් "ආතල් එකක්ම" ඉල්ලීම එක්තරා සරදමකි. ඔහු නම් කීවේ තමා ආවේ ආතල් එකක් දීමට නොවන බවයි.

නාට්‍යයක පමණක් නොව ඕනෑම කලා නිර්මාණයක එක්තරා වින්දනමය අවකාශයක් එහි පෘෂ්ඨයේ ඇති බව මම පිළිගනිමි. එහෙත් අපට අවශ්‍ය වන්නේ එම මතුපිට යන්තම් දුව ඇවිදින ආතල් හොයන පේ‍්‍රක්ෂකයින් පිරිසක් නොවන අතර විශිෂ්ට කලා කෘති වලට සාධාරණයක් ඉටුකළ හැකි කියවන්නන් විචාරකයින් පිරිසකි. එය කවිය - ගීතය - නවකතාව - කෙටිකතාව - නාට්‍යය - චිත‍්‍රය - ඡායාරූපය - සිනමාව යන සියලූ කලාංයන් උදෙසා නිර්මාණය වනු දැක්ම පැතුමයි. අපේ කලා රසිකත්වය බොඳ මීදුමක සිට පියවරෙන් පියවර පැහැදිලි අවකාශයක් කරා පිය නගන්නට නම් අප මහන්සි විය යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නාවූ "වෙනසක" වෙනස් කතිකාවක් ලාංකේය සමාජ සංදර්භය තුළ ගොඩනැගෙනු දැකීම අපේ සතුටයි. මේ "හැපි ජර්නියට" හූ කියන්නන් සේම හාවක් හූවක් නැතිව ඔහේ කල් ගෙවන්නන්ටත් ඇස් ඇර බැලීමට කාලයයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kalawaththekka Wenasaka, University of Peradeniya Sri Lanka, Happy Journey by Jehan Srikantha
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Final Student මෙහෙම කියනවා :
මේක අපේ කැම්පස් වල පිරිහීමේ කැඩපත. වැඩිමනත්ම අපි ඉන්න කලා පීඨ වල තත්වෙ මේකයි. අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් (මම පේරාදෙනියෙ නෙමෙයී පහුනු දවසක නවකතාව ගැන ලෙක්චර් එකකට ගෙන්නුවෙ මල් මල් ලේඛකයෙක්ව. මල්ල්ම විතරක් නෙමෙයි හොර තක්කඩියෙක්. ඒ ලෙවල් පේපර්ස් හොරකමකටත් සම්බන්දයි. අපි ලෙක්චර් එකේ මැදදි නැගිටල ආව අහගෙන ඉන්න බැරි හින්දා. ආචාර්ය තුමිය කියනව එය ගෙන්නුවෙ කැම්පස් එකට කිට්ටුවෙන්ම ඉන්න හින්දයි එයාගෙ පොත් ඕනැ තැනකින් ගන්න පුලුවනුයි හින්දලු එයට ඉන්වයිට් කලේ.
මේ ලෙවල් එකේ ආචාර්ය වරුන්ගෙන් ශිල්ප ඉගෙනගන්න ශිශ්ෂයො රස වින්දන ශක්තියක් ගොඩනගාගන්නෙ මොකෙන්ද?
මෙතන තියෙන ප්‍රශ්නෙ ශිශ්ෂයො විතරක් නෙමෙයි ආචාර්ය වරුත් දැනුවත් නැත් එකයි. දැන් කැම්පස් වල තියෙන්නෙ කකුලු න්‍යාය.


කිවුව වෙලාව- 2011-06-05 01:12:20
Janaka Priyadarshana මෙහෙම කියනවා :
කොළබ විශ්ව විද්‍යාලයට දැනට අවුරුදු කීපයකට පෙර ශිහාන් මිහිරංග ගොඩවැදී ඇත ,ඔහු වට එක්වූ විශ්ව විද්‍යාල රසික ස්හුර්දයා ඔහුව අතගාන්න මිරිකන්න සිපගන්න අවසානයේ සිහිවටන ලෙස ඔහුගේ වස්ත්‍රයේ කැබලි කඩාගන්න පටන් ගත්තාලු,ශ්‍රී ලාංකීය රසවිදනය වැඩිදියුනු කිරීම සදහා කෝටිගණන මුදල් වියදම් කරමින් මාසගණන් කාලය වැය කරමින් ස්රිලංකීය වෙළද ප්‍රජාව ප්‍රවර්දනය කරන sms ස්ටාර් තරග,(මේවා බොහෝවිට අවසාන වන්නේ ගායකයෙකු දක්ෂයෙකු සද නොව මැරයෙකු වංචාකාරයෙකු සදාය.) එම ප්‍රජාවම රුපවාහිනියේ GOLDEN TIME උපයෝගී කරගන පෙන්නන හරසුන් එකක් ඉවර වනවිට එකක් පටන් ගන්නා tele drama ,බාෂාව මරමින් තමන්ගේ හකුපදා මුඋනේ රැලි වලවල් හුණු තට්ටු වලින් වසාගනිමින් , ඒවා දාඩියෙන් සේදී යයි කියා අගපසග දාඩිය නොදමන ලෙස සොලවමින් නිවේදිකාවන් යය් කියාගන්න කොටසක් පවත්වන හරසුන් සංවාදත් ,කියන්නේ මොනවාද නොදැන එකකට එකක් නොගැලපෙන වචන සමුඋහයකුත් , ,සංගීතය කියා එකතු කරගත් ගෝශාකාරී රටා කීපයකුත් සංකර ඇදුම් වලින් සරසී අපේ මුළු මොලයම අවුල් කරන සන්ගීතයකුත් ( මුන් මේවා කිව්වට කමක් නැත නමුත් සල්ලි ගෙවා බසයකට ගොඩවන අප ගමනාන්තය දක්වා බලෙන් මේවා අස්සවනු ලබය්)ලෝකයේ තිබෙන සියලුම බොරු සමග කාන්තාවගේ ඇගේ නොපෙනිය යුතු සියල්ලම නොපෙන්ව පෙන්නමින් බාල ප්‍රජාව වෙළද ලෝකයේ ග්‍රහණයට ගන්නා වෙළද දැන්වීමුත් මෙම වියසනයේ ප්‍රතිපලය් , සරත්චන්ද්‍ර වේදිකාවට ශිහාන් ගෙනවනම් මේ රසිකයන්ගේ ප්‍රතිචාරය මීට වෙනස්වනු ඇත , අදොමය් අද විශ්ව විද්‍යාල ප්‍රජාව .

කිවුව වෙලාව- 2011-03-27 21:24:30
sudarsana samaraweera මෙහෙම කියනවා :
@[Damith]
ඔයා හරි. මම මේ ලිපිය පේරාදෙණිය විහ්වවිද්‍යාලෙ "යතුර" බිත්ති සගරාවෙත් දැම්මෙ "හා හූව" කියන එක pun එකක්(ශ්ලේෂ) විදිහට. "හැපි ජර්නි හා හූව"

මං හිතන්නෙ මේ ලිපියෙ මම කතා කරපු දේ (අපේ රසිකත්වය) ගැන මේ වෙනකොට තවත් තේරෙන්න අරගෙන තියෙනවා. "මාගේ දේශය අවදි කරනු මැන" සාහිත්‍ය උත්සවයේ වල සතියත් ඉවර උන මේ මොහොතේ වි‍ශේෂයෙන්ම ශාස්ත්ර පීඨයේ කෙටි නාට්‍යයක් වූ "ඇසළ සද මල් වරයි" නාට්‍ය මහා සංඝරත්නය විසින් වේදිකාවට ගෙන එන්නට පවා නොදීම හරහා.


කිවුව වෙලාව- 2011-03-26 01:08:23
සිතූ මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-24 01:14:04
පියල් මෙහෙම කියනවා :
රසවින්දන හැකියාවක් නැති පාහරයො වැඩියි දැන් ලාංකාවේ...

කිවුව වෙලාව- 2011-03-23 12:11:22
Kurulla.com මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-22 23:48:03
දොස්තර හොදහිත මෙහෙම කියනවා :
මමත් එදා වලේ හිටියා. මටත් මල පැනලා හිටියෙ අපේ උන් හැසුරුනු විදිහ ගැන. ජෙහාන් ලොකු කථාවක් කියන්න හැදුව බවත් මම දැක්කා. ඒත්, ඒක කියපු විදිහ පොඩ්ඩක් අවුල් කියලයි හිතුනෙ. තියෙන අවුල අමුවට කියන්න උත්සහ කරපු නිසා ඒක ප්‍රේක්ෂකයන්ට ගියෙ නෑ. රසවින්දනයේ අවුලක් තියෙනවා කියන එක මමත් පිළීගන්නවා.

කිවුව වෙලාව- 2011-03-21 13:04:57
irosha මෙහෙම කියනවා :
අැත්ත.. ඉස්සරහට යමු

කිවුව වෙලාව- 2011-03-21 04:52:14
charith මෙහෙම කියනවා :
meka tamai lokuama awula ...awula mokakda kiyala kiyanakota ekko hina wenawa..nathnam hoo kiyanawa...uni wala enna moda rana kamati na kohomath systerm eken eliye deyak dakinna..

කිවුව වෙලාව- 2011-03-20 12:40:37
Lanka මෙහෙම කියනවා :
To decide we must refused or not first of all we must go through it completely. I think the problem is not theirs. It is the politics which created this type of mentality in this country. To reverse it we hv to go a long way. I dont know who will lead for such a journey...........

කිවුව වෙලාව- 2011-03-19 19:21:21
අරවින්ද චන්ද්‍රපද්ම මෙහෙම කියනවා :
හැබැයි පසුවදා පෙන්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ "ජනේලෙන් පනින්නද" නා‍ට්‍යය‍ට හූ කිව්වේ නම් නෑ.

කිවුව වෙලාව- 2011-03-19 00:48:08
Damith මෙහෙම කියනවා :
සුදර්ශන ‍‍‍
‍මේ ලිපි‍‍‍‍‍යෙ මාතෘකාව හැපිජර්නි හා හූව ‍‍‍‍‍‍නේද


කිවුව වෙලාව- 2011-03-18 04:35:55
hasntha මෙහෙම කියනවා :
this is a nice mirror 2 the people who was there in that day 2 see there own naked faces..

කිවුව වෙලාව- 2011-03-18 02:37:54
nihal මෙහෙම කියනවා :
ඛේදවාචකයක්...

කිවුව වෙලාව- 2011-03-17 21:23:31
randi pavi... මෙහෙම කියනවා :
රසිකතවය උගුල්ලලා අපෙහ් ඔලූ මරපු පාදඩ සිල්ලර විගඩන්..සාපයක් පවුකාරයන්ට එ සාපෙන් මිඩෙන්න බෑ..උන් එ සාපෙන් මිදිච්ච උන්ට සාප කරනව..
එ ටික මතක තියන්..ඔය ඝට බස්ස ගන්නෙහ් නෑතුව ඉවසගෙන වෙඩ ටික කරමු..එ පවුකාරයො වෙනුවෙන්..ජය වීවා..!!!


කිවුව වෙලාව- 2011-03-17 08:02:50
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook