Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කලාවත්තෙක්ක.........වෙනසක
පෙරවදන| මේ ගත කරන නිමේෂය (ලංකාව) ආශ්චර්යාත්මකය. ආපසු හැරී බැලුවත් - ඉස්සරහ ගැන කල්පනාවේ පැටලුනත් ඒ ආශ්චර්යේම ගිලේ. අපි ඔක්කෝම සතුටින්. ඒ ආශ්චර්යාත්මක (magical) යථාර්ථයෙහි අපි අතරමං වෙමු. පශ්චාත් ගෝලීය රාමුවේ නූතන ලාංකීය සමාජ පද්ධතිය තුළ මානවීය සබඳතාවන්හි ද්‍රවශීලතාවයේ අගය බෙහෙවින් ඉහළය. ජංගම දුරකථන, අන්තර්ජාලය ආදී තාක්ෂණික උපකරණ පාරිභෝගිකකරණය-

වු සමාජය ඒ හා සමපාත වන්නාවු ප්‍රායෝගික දැනුමකින් සන්නද්ධ නොවීම මත යටකී සමාජ මානව සබඳතා ක්ෂණභංගූරය. තාවකාලිකය. ආදරය, ලිංගිකත්වය, ජාතිකත්වය, ආගමිකත්වය, කලාත්මක රසඥතාවය යනාදී සියල්ල එක්තරා සංස්කෘතිකමය දෘෂ්ටිවාදාත්මක බලකණු මගින් තීරණය කරනු ලබයි. අලුතින් නිෂ්පාදනය කරනු ලබයි. එමගින් ඒවා හුදු පාරිභෝගික උවමනාවන් බවට ඌනනය කොට තිබේ. පුද්ගල මනස පුද්ගලයා තුළම මනුෂ්‍යයාගේ සිට වෙනත් අමුතු ජීවියෙකු බවට පරාරෝපණය වී ඇත.

56 න් තීරණාත්මක ලෙස අභිවර්ධනය වු සිවිල් සමාජය තුළ සිංහල අධිපතිධාරී කතිකාව හා 77 න් පසු ලාංකේය සන්දර්භය තුළ සිදුවු ප්‍රමාණාත්මක ධනේෂ්වරකරණය සමග ඇතිවු ගුණාත්මක බවින් අවප්‍රමාණය වු ''විපර්යාසය'' මේ පටලැවිල්ලේ තීරණාත්මක රෝපණිය අවස්ථාවන් යැයි සිතේ. තමාගේ පන්තියට අයත් දෘෂ්ටිවාදීමය උපකරණ මත ආධිපත්‍යය රඳවාගැනීමට නොහැකි වු විට කිසිදු පන්තියකට රාජ්‍ය බලය දීර්ඝ කාලයක් රඳවාගත නොහැකිය යන අල්තූෂරියානු විග්‍රහය මගින් එකී තත්වය තවදුරටත් අපට පැහැදිලි කරගැනීමට පහසුය. රාජ්‍ය ව්‍යුහය තුළ පුද්ගලයා ආයතනගත වීම - මෙසේ ආයතනගත වීම තුළ ආයතනගත පුද්ගල සබඳතා මගින් පුද්ගල විඥානය වෙනස් තැනකට විස්ථාපනය කිරීම මගින් බලය තහවුරු කරගැනීමට තල්ලුවක් සපයයි.

එක්පැත්තකින් රාජ්‍ය ආයතනික ව්‍යුහයත් (පාසල, විශ්වවිද්‍යාලය ද ඇතුලුව), ආගමත් රාජ්‍ය බලය තහවුරු කරගැනීම උදෙසා උපකරණ හැටියට ඓතිහාසිකව ක්‍රියාත්මක වෙයි. රාජ්‍ය බල ව්‍යුහයේ පැවැත්ම තහවුරු කරගැනීම උදෙසා තම දෘෂ්ටිවාදීමය උපකරණ මගින් උපරිම ඵල නෙලාගන්නට බල කණ්ඩායම් දරන්නාවු නිරන්තර අරගලය පෙන්වන හොදම කැඩපත වන්නේ ''ජනමාධ්‍යයි.'' විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍යය මෙහි පුරෝගාමීත්වය දරයි. එමගින් විසුරුවා හරිනු ලබන වැඩසටහන් සියල්ලක්ම පාහේ මේ ප්‍රචාරකවාහක ගුණය විද්‍යමාන කරන නමුත් පවතින ගෝලිය ලිබරල් ආර්ථීකය යටතේ අමුතු ජීවියෙකු බවට පරාරෝපණය වු පුද්ගල මනසත් සීමාන්තික ආගමික නැඹුරුවත් තුළ මෙය සාමාන්‍ය දැනුම බවට ස්වීයකරණය වෙමින් සොබාවිකකරණය වී ඇත. විශේෂයෙන්ම පරිභෝජනවාදී කලාවක් නිපදවා පුද්ගල සන්තානය අවිඥානික කොට/සිරගත කොට තම දෘෂ්ටිවාදීමය හරයන් සම්මුතිගත කොට ගැනීම උදෙසා අති සූක්ෂම ලෙස අපේ දෑස් කඩතිර බැඳ දක්කාගෙන යනු දකින අපිද අපේ හෘද සාක්ෂියට දොරගුළුලාගෙන ඔල්වරසන් නගමින් අපේ අවසානයම රසවිඳිමින් සිටින්නෙමු.

නව ලිබරල්වාදී පරිභෝජනවාදය තුළ අප වහා අපේ පුද්ගලභාවයන් වෙනස් ආස්ථානයක් කරා විතැන් කොට නොගන්නේ නම් ලංකාවේ අප ගත කරන මේ ''නිමේෂය'' එන්න එන්නම ආශ්චර්යාත්මක (magical) යථාර්ථයක් වනු නොවැළක්විය හැකිය. විශේෂයෙන්ම යුධ ජයග්‍රාහක උන්මාදයෙන් හා ඊනියා සුචරිතවාදයෙන් මිදෙන්නට 63 වන නිදහස භුක්ති විඳින අපට නොහැකි වීම තුළ එය වඩාත් අභාග්‍යසම්පන්න හා අභියෝගාත්මක වේ.

ඒ අභියෝගය භාර ගැනීමේදී කලාවට ඉමහත් කාර්යභාර්යක් පැවරේ. සෘජු දේශපාලනික බල ව්‍යුහය සුරකින අවිචාරවත් අධිපතිවාදී කලා භාවිතය හා එම කතිකාවන්ගෙන් විචාරශීලීව දුරස්ථ වෙමින් නව මානයක් කරා ඇස් යොමුවිය යුතු බවට අවධාරණය කරමු. මෙහිදී සහසුද්දයෙන්ම කලාව දේශපාලනයෙන් වියුක්ත කොටගෙන පරම පවිත්‍ර වු තැනකින් ''ඔන්න අපි පටන් ගමු !''යි කියන්නට අප බොළඳ විය යුතු නැත. එහෙත් තවත් එක් දෘෂ්ටිවාදයක් කරපින්නා ගත් බලකණුවක අතකොලුවක් වී එය තවදුරටත් ඔසවා තබන ව්‍යාපෘතියක කොටස්කරුවන් ලෙස ස්ථානගත නොවි කවිය, ගීතය, කෙටිකතාව, නවකතාව, චිත්‍රය, ඡායාරූපය, නාට්‍ය, සිනමාව ආදි කලාංගයන් සාවධානව ''කියවමින්'' - ''ඇහුම්කන් දෙමින්'' විචාරශීලී සමාජ කතිකාවක් ගොඩනැංවීමේ කාර්යට යම් තරමක ප්‍රමාදයකින් පසුව වුව පණ පොවන්නට වහා යුහුසුළු වෙමු. ලංකාවේ සාමාන්‍ය සමාජය තුළ දැනටමත් මෙය යම් තරමකින් ආරම්භ වී තිබීම අපට වඩාත් පහසුවකි.

ව්‍යුහගත සමාජ සම්මතයන් අභියෝගයට ලක් කිරීමටත් ඒ හරහා ස්ථාපිතව ඇති ජරාජීර්ණ වු අධිපතිවාදයන් ප්‍රශ්න කරමින් විප්ලවීය වෙනසක් උදෙසා අලුත් කතිකාවතකට දොරගුළු හැරදීමේ දී පෑනට - පින්සලට - වේදිකාවට - කැමරාවට ඇති ශක්‍යතාව අතිමහත්ය. හර්බට් මාර්කුස් කියු ආකාරයට කලාවට ලෝකය වෙනස් කළ නොහැකි බව සැබෑ වුවත් කලාවට ලෝකය වෙනස් කළ හැකි මිනිසුන් හා ගැහැණුන්ට අවශ්‍ය බුද්ධිමය ආවේශය ලබාදිය හැකි බව කියමින් මේ ලේඛනය හමාර කරමු.

කලාවත්තෙක්ක.........වෙනසක

අපට ඕනෙ කරන්නේ කලාවත්තෙක්ක වෙනසක්. ඊට ඉස්සරල අපි කලාවත්තෙක්ක ඉන්න තැන අඳුරගන්න ඕනෙ. ඒ වගේම නූතන කලාව තියෙන තැන අඳුරගන්නත් ඕනෙ. ඒ කියන්නේ ඉතා හෙමින් අපටත් නොදැනී ඒත් වේගවත් ගමනක් යන කලා ලෝකෙත්තෙක්ක විශ්වවිද්‍යාල වල සිසුන් වෙන අපි ඉන්නෙ කොතනද? ඒ හා සමගාමීද? නැත්තං ඊට සියවස් ගණනාවක් ඈතකද?

අපි මුලින්ම බලාපොරොත්තු වෙන්නෙ මේ ප්‍රශ්නෙට සාධනීය උත්තරයක්. කලාවත්තෙක්ක වෙනසක් කරන්න නම් කලාවත්තෙක්ක අපි ඉන්න තැන අඳුරගන්න ඕනෙ කියල අපි විශ්වාස කරනවා. ව්ශ්වවිද්‍යාල සිසුන් විප්ලවීයයි කියල සමාජ සම්මතතයිනෙ. කලාවෙනුත් ඒ විප්ලවීය බව අපට අවශ්‍යයි වගේම සමාජයත් ඒ විප්ලවීය බව බලාපොරොත්තු වෙනව ඇති. කලාවත්තෙක්ක.......වෙනසක මේ සුසංවාදය විසි හතරවෙනිද (2011.02.24), හවස පහට ඒටීයෙකේ (AT) පවත්තන්න අපි කටයුතු සූදානං කෙරුවේත්, ඒ සඳහා ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙන්නේත් කලාවත්තෙක්ක වෙනසක් මේ මොහොතේ අපට අවශ්‍යය හින්දමයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Sirimewan මෙහෙම කියනවා :
පේරා කැම්පස් එක වැඩට බැස්ස එක නියමයි. මොකද ඔතන කලාවේ මහ ගෙදර... මහ ගෙදර පාලුවට ගියහම අනික් ගෙවල් ගැන මොන කතාද?

කිවුව වෙලාව- 2011-02-23 19:58:16
මගෝඩිස් මෙහෙම කියනවා :
ලියනගේ අමරකීර්ති වගේ කෙනෙක් පේරා ශිෂ්‍ය සංගමය එක්ක එකතු වෙලා වැඩක් කරන්න පටන් ගැනීමම සාධනීය දෙයක්. මොකද අපි දන්නවා ශිෂ්‍ය දේශපාලනය ඇතුලේ අරගල කිරීම සඳහා එක්සත් වීම හැරුණුකොට න්‍යායික කාරණා සම්බන්ධයෙන් කොතරම් දුප්පත් තත්ත්වයකද ඉන්නේ කියන එක. එතනදි ශිෂ්‍ය සංගම් වලින්ම ඒ සඳහා විකල්ප ඉදිරිපත් වීම අගය කළ යුතුයි.
පහුගිය දවසක කැළණිය විශ්වවිද්‍යාලයෙදි පැවැත්වුණු මහගමසේකර කතාබහත් බොහෝ බලාපොරොත්තු දල්වන්නක් කියලයි ආරංචිය.
මේවගේ යම් හෝ ඉඩකඩක් තියෙන කොළඹ, ජපුර, රුහුණ, රජරට, සබරගමු‍ පැති වලත් යම් හෝ ආරම්භයක් ගන්නවනම් හොඳයි.

කලාවත්තෙක්ක ‍සඳහා සුභ පැතුම්...


කිවුව වෙලාව- 2011-02-23 10:20:19
සමිත් මෙහෙම කියනවා :
නව ලිබරල්වාදී පාරිභෝජන රටාවට එරෙහි විවේචන බොහෝ වෙයි. එයට විකල්ප වශයෙන් චාම් බව, සරල බව, අල්පේච්චතාව ගැන ඇතැම්හු උදම් අනති. සෛද්ධාන්තික වශයෙන් මෙහි සත්‍යතාවක් ඇත. එහෙත් ප්‍රාෙයා්ගික සත්‍යය වෙනකකි. හුදෙක් මනුෂ්‍යයා හැම විටම උත්සාහ ගන්නේ සැප පහසු, සුඛෝපභෝගී ජීවියතක් ගත කිරීමටයි. එවිට මනුෂ්‍යයා නිරායාසයෙන්ම නැඹුරු වන්නේ අල්පේච්ඡතාවට හෝ සරල බවට හෝ නොව අසීමාන්තික බටහිර පාරිභෝජන රටාවටයි. සරල, අල්පේච්ඡ ජීවිත ගැන කතා කරන්නෝද මේ ප්‍රායෝගික සත්‍යතාව තුළම සිරවී සිටිති...

කිවුව වෙලාව- 2011-02-23 00:16:51
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook