Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
මධ්‍ය ලක්ෂ්‍යය ළඟදී ජ.වි.පෙ. හමුවීම| තව දුරටත්....
(මධ්‍ය ලක්ෂ්‍යය ළඟදී- ජ.වි.පෙ. හමුවීම! යන ස්පාටකස් ලියූ අදහස සඳහා ලැබුණු පාඨක ප්‍රතිචාරයකි.)
බූන්දි, 21:43:50
[දයා] මෙහෙම කියනවා: සිංහල අධිපති වාදයටත් ඒමත පදනම් වූ යුදවාදයටත් නතු නොවූ කලා මාධ්‍යයක් තිබුනේ නම් ඒ සිංහල කවිය පමණි. සමස්තයක් ලෙස නොවූවද අතලොස්සක් පමණ වූ සිංහල කවීහූ ස්වකීය නිර්මාණ මගින් දෙමළ ජනයා මත පැටවුනු අයුක්ති සහගත යුද්ධයටත්, වියරු ජාතිවාදයටත් දේශපාලන අවස්ථාවාදයටත් එරෙහිව ඒ බිහිසුණු අඳුරු කාල පරිච්ඡේදයේ දී මිනිසත් බවේ හෘදය සාක්ෂිය ඉහළට ඔසවා තැබීමට සමත් වූහ. ඒවා හුදු දේශපාලන සටන්පාඨ ලෙස බැහැර කිරීමට බොහෝවුනට අවශ්‍ය වූවද එය කළ නොහැකි වූයේ එකී නිර්මාණ සංඛ්‍යාවෙන් කුඩා ප්‍රමාණයක් වුවද සාහිත්‍යමය අගයෙන් අප්‍රමාණ වූත් විශිෂ්ට පරිකල්පනයන්ගෙන් සංලක්ෂිත නිර්මාණාත්මක ප්‍රභාවක් ඒ තුළ අන්තර්ගත වූ හෙයිනි. එනිසාම එම කෙටිකාල සීමාව තුල සිංහල කවියේ මුඛ්‍ය අනන්‍යතාව බවට මෙම යුද විරෝධී සහ ජාතිවාදයට එරෙහි කාව්‍ය නිර්මාණ පත්විය. මෙම ක්‍රියාවලිය සිදු වෙද්දී සමාජය කෙරෙහි වඩා බලපෑමක්-

කළ හැකි මට්ටමේ ප්‍රතිරූපධාරීන් වී සිටි, යුගයේ ප්‍රගතිශීලි මහා කවියන්, එක්කෝ පීඩකයා සමග සන්ධානගත වී ජාතිවාදී මර්දනය යුක්ති සහගත කළ අතර නැතහොත් නිහඩව පුද්ගලිකත්වයේ අදුරු ගුහා තුළ ධ්‍යානයන්ට සම වැද සිටියහ. සිය බල ව්‍යාපෘතීන්ගේ එකම සහ තීරක සටන්පාඨය බවට සිංහල මහජාතිවාදය තරගකාරීව පත්කරගත් ප්‍රතිගාමීන් විසින් සමස්ත සිංහල සමාජයේම මානවවාදී හෘදය සාක්ෂියත් සංවේදී බවත් තාර්කික චින්තනයත් විනාශකර දමද්දී එය වළකාලීමට තමන් සතුව පැවැති සමාජ වගකීම ඔවුහු පැහැර හැරියහ. ඔවුන් විසින් පැහැර හැරි මෙම වගකීමට උරදුන්නේ ස්වකීය නාමයන් වටා දිදුලන රැස්වළලු නැති අප්‍රකට නිර්මාණ කරුවන් පිරිසක් විසිනි. රාවය වැනි ප්‍රගතිශිලි යැයි සැළකෙන පුවත්පත්වල කවි පිටු ද මෙම තීරණාත්මක මොහොතේ යුද විරෝධය තේමාකොට ගත් බොහෝ නිර්මාණ කුණු කූඩයට දමන ලදි. එහෙත් ප්‍රතිගාමීත්වයේත් අවස්ථාවාදයේත් ගිලිගිය ඉතිහාසයේ ඉතාම අඳුරු රාත්‍රීන් හිදී පවා අපේක්ෂාවේත් අරගලයේත් තාරකාවන් දැල්වේ. මිනිසත් බව පිලිබදව විශ්වාසය නොනැසී රැකගනු ලබන්නේ එබඳු තාරකාවන් විසිනි. නිසැකවම බූන්දිය එවැනි තාරකාවකි.

බූන්දිය සිංහල කවියේ සයිබර් යුගයේ ද්වාරය පමණක් නොවීය. එය ප්‍රතිගාමීත්වයට, දේශපාලන අවස්ථාවාදයට, යුදවාදයට, ජාතිවාදයට එරෙහිව සාහිත්‍යමය බැරිකේඩයක් ගොඩ නැංවීය. බූන්දියේ මෙම සළකුනු කිරීම ඓතිහාසික දෙයකි. බූන්දිය වෙනුවෙන් ස්වකීය කාල‍ය ශ්‍රමය වැය කරන කී දෙනෙකුන් තමන් සිදු කරන මෙම කාර්ය භාරය කොතරම් බැරෑරුම් කර්තව්‍යයක් ද යන්න හා එහි ඓතිහාසික වැදගත්කම තේරුම්ගෙන ඇත්දැයි මම නොදනිමි. එහෙත් බූන්දියෙන් එල්ලවූ දේශපාලන අභියෝගය එහි මතවාදීමය සතුරන් විසින් නම් නිසැකවම හඳුනාගෙන ඇති බව නම් පැහැදිලිය.

බූන්දිය වඩාත් පුළුල් ලෙස සිය සන්නිවේදන ක්‍රියාවලියට අවතීර්ණ වන මොහොතේදී ලංකාවේ දේශපාලනය බෙදා තිබුනේ දේශප්‍රේමී සහ කොටි යනුවෙනි. ජාතිවාදී යුද්ධයට එරෙහිව අඩු වැඩි වශයෙන් විරෝධය දැක් වූ සියළු සංවිධාන, කණ්ඩායම්, පුද්ගලයන් සහ විකල්ප ජනමාධ්‍ය කොටි හංවඩුව යටතේ සිංහල සමාජයෙන් දේශපාලනිකව හුදෙකලා කොට රාජ්‍ය මර්දනයට නිරාවරණය කරනු ලැබිනි. යුද විරෝධීන්ට ගොදුරු වීමට සිදු වූයේ රාජ්‍ය ත්‍රස්තවාදයට පමණක් නොවේ. ඔවුහු සිංහල සමාජයේ පොදු ජාතිවාදි ප්‍රචණ්ඩත්වයේද ගොදුරු බවට පත් විය. ජාතිවාදී පරපීඩක ප්‍රමෝදයේ සුරතාන්තය අවසන්වන විට එතෙක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සළු පොරවා සිටි ඊනියා ලිබරල්වාදීන්ද මහජාතිවාදයේ නිවට ඇම්බැට්ටයන් බවට පත් වී තිබිනි. ආරම්භයේදී මදක් පැකි‍ළෙමින් වුවද බූන්දිය මෙම කාලකන්නි ප්‍රවාහයේ පහළට ගසා ගෙන යනු වෙනුවට උඩු ගං බලා යාමට අදිටන් කරගත් බව දක්නට ලැබිනි. මෙය ජනප්‍රිය ස්ථාවරයක් නොවන බව සිදුවන දේවලින් පැහැදිලිය. එහෙත් හෘදය සාක්ෂියෙත් තර්ක බුද්ධියේත් විනිශ්චය විසින් බොහෝ විට තෝරාදෙනු ලබන්නේ විකල්පයන් රැසකින් කැමැති එකක් නොවේ.

බොහෝ අය පිලිගැනීමට අකැමැති වුවද පසුගිය වසර කීපය තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව දියත් වූ මර්දනකාරී යුද්ධය ලංකාවේ පමනක් නොව ලෝක ඉතිහාසයේද සිදු වූ ම්ලේච්ඡ මිනිස් සංහාරයන් අතරින් එකක් බව සැගවිය නොහැක. තුන් ලක්ෂයකට ආසන්න ජනතාවක් හතරවටින් කොටු කර ලමා ළපටින් සමග මාස ගනනාවක් හාමතේ සා පවසින් තබමින් ගුවනින් බෝම්බ හෙළමින්ද කාලතුවක්කු ෂෙල් ප්‍රහාර එල්ල කරමින්ද දියත් කළ සංහාරය අවසාන වූයේ යටත් වූවන් බිහිසුණු වධබන්ධනයන්ට සහ ලිංගික අපරාධයන්ට ලක්කරමිනි. මුදා ගැනීමේ මෙහෙයුම අවසාන වූයේ සමස්ත ජනකායක් රැදවුම් කදවුරු තුල ගාල් කරමිනි.

දෙමළ ජනයාට එරෙහිව දියත් වූ මෙම රාජ්‍ය මර්දන ක්‍රියාවලිය තුළ ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය වෙත ලබා දුන් මතවාදී සහ ද්‍රව්‍යමය සහාය විසින් සිංහල පීඩිතයාගේ හෘදය සාක්ෂිය සහ දේශපාලන විචාර බුද්ධිය නිෂ්ක්‍රිය කර දැමුණු අතර එමගින් නිදැල්ලේ සිය අපරාධයන් සිදු කිරීමට රාජ්‍ය මර්දන යන්ත්‍රයට අවස්ථාව ලබා දුනි. 1994 සිට පාර්ලිමේන්තුවාදයේ සරණ ගිය ජවිපෙ සිය ඡන්ද පදනම් වැඩි කර ගැනීම සදහා සිංහල ජාතිවාදී සටන් පාඨ යොදාගත් නමුත් අවසානයේදී ජවිපෙ මෙම අවස්ථාවාදී උපක්‍රම අසාර්ථක වූයේ දෙමළ අරගලය විනාශ කර දැමීමේ ගෞරවය, රාජපක්ෂ පවුලේ බූදලයක් බවට පත් වූ හෙයිනි. දෙමළ අරගලය විනාශ කර දමා ගොඩ නැගෙන රාජ්‍ය යන්ත්‍රය තුළ තමන්ටද කිසියම් පංගුකාරිත්වයක් ලැබෙතැයි අපේක්ෂා කළ ජවිපෙ සිහිනය සුනු විසුනු විය. රාජපක්ෂ යුද්ධය දිනන තෙක් පටි තද කර ගෙන කුසගිනි ඉවසන්නැයි කියමින් කම්කරු, ගොවි, සිසු සටන් දියාරු කරමින් සිටි ජවිපෙට යළි එම බලවේගවල සැබෑ ගැටලු තම දේශපාලන සටන්පාඨ සදහා යොදා ගැනීමට මතක් වූයේ එයින් පසුවය.

එහෙත් ජවිපෙ සහයෝගයෙන් රාජපක්ෂ පාලනය විසින් සම්මත කරගනු ලැබූ අණ පනත් දැන් දකුණේ කම්කරු ගොවි සිසු බලවේග වල ගෙලවටා වැටී ඇති තොණ්ඩුවක් බවට පත්ව තිබේ. මේ මර්දන අණ පනත් ජවිපෙ විසින් ම සමාජය හමුවේ සුජාත කර ඇති හෙයින් දැන් ඒවාට එරෙහිව සමාජයේ දේශපාලනික මතවාදයක් ගොඩ නැංවීමට මේ රාජ්‍ය මර්දන යන්ත්‍රයට දකුණේ තවත් තරුණ ජීවිත කී දහසක් බිලිදීමට සිදුවේදැයි කිව නොහැකිය. 1987-89 වකවානුවේ 60000ක් ජීවිත පුදා ධනපති රාජ්‍ය මර්දන යන්ත්‍රයකට කොතරම් කෲර විය හැකිදැයි කියා දුන් පාඩම ජවිපෙ අවස්ථාවාදී නායකත්වය විසින් දැනුවත්ව නොතකා හරිනු ලැබිණි. එදා "අලුගෝසු මිනීමරුවන්" වූ හමුදාව විසින් ම දෙමළුන් මැරීම අරඹන විට ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් ම රණවිරු හමුදාවන් ලෙස අභිෂේක කරවා මල්දම් පළදවනු ලැබිණි. එදා "මර්දන අණ පනත්" වූ හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙදා, දෙමළ ත්‍රස්තවාදය මැඩීම සදහා ගත යුතු "අත්‍යවශ්‍ය පියවර" ලෙස විස්තර කෙරිණි. මෙලෙස රාජ්‍ය මර්දනය යුක්ති සහගත කරමින් ගෙන ගිය ප්‍රචාරයන් විසින් සිංහල පීඩිතයාගේ පන්ති වි‍ඥානය මොට කර දමා 1987-89 දහස් ගණන් ජීවිත පරිත්‍යාගයන් අරුත් විරහිත නාස්තියක් බවට පත් කරනු ලැබිණි.

ටික දෙනෙකුන් සැමදා රැවටිය හැකිය. බොහෝ දෙනා ටික කලක් රැවටිය හැකිය. එහෙත් සියළු දෙනා සියළු කල්හි රැවටිය නොහැකිය. කොතරම් අවිචාරශීලී පසුගාමී සමාජයක වුව අඩුතරමින් දසදහසකට එකෙකුට හෝ විචාර බුද්ධියක් සහ දිගු මතකයක් තිබිය හැකිය. අධිපතිවාදී බල ප්‍රදර්ශණයන් සහ සංකේත හමුවේ මෝහනයට පත්ව නියාළුව හිස කසමින් "එහෙයි" හෝ "ඔව්" යැයි, පවසන බොහොවුන් අතර "ඇයි" යැයි අසන එකෙකු හෝ දෙන්නෙකු විසින් බොහෝ ප්‍රතිගාමී බලහවුල්වල න්‍යාය පත්‍ර අවුල්කර දැමීමට ඉඩ තිබේ.

බූන්දිය සිය කෙටි ගමන් මගේදී සමාජයේ විචාර බුද්ධිය සහ හෘදය සාක්ෂිය අවදි කිරීමට තැත් දැරූ බව පැහැදිලිය. සිය මවුබිමේම එක් කෙළවරක මහා මිනිස් සංහාරයක් සිදුවන විට එය නෑසු කන්ව "සාහිත්‍ය සංවාදයන්" හි නිරතවනු වෙනුවට ඒ පිලිබඳ විරෝධාකල්ප නිර්මාණ සමාජගත කරමින් සංහාරයේ ගොදුරු බවට පත් ළමා ළපටින් ගැහැණුන් මහල්ලන් වෙනුවෙන් නොපැකිළව සිට ගත්තේය. මෙය එකී මර්දනයේදී රාජ්‍ය සමග අත්වැල් බැඳගෙන සිටි ජවිපෙ හිතවාදීන්ට නුරුස්සන්නක් විය. එපමණක් නොව බූන්දියේ පළ වූ ඇතැම් නිර්මාණ ජවිපෙ දේශපාලන අවස්ථාවාදය සෘජුව සහ නිර්දයව ප්‍රශ්න කරන ඒවා විය.

සැබැවින් ම බුන්දිය අධිපති මතවාදය ප්‍රශ්න කරන සංවාදයක් ආරම්භ කළේ ය. සමාජ දේශපාලන සංවාදයක් ආරම්භ කිරීම යනු අලංකාර වේදිකාවන් නිර්මාණය කර, අධිපතිවාදය සමග විවිධ අවස්ථාවන්හිදී යහන්ගත වූ නිල බුද්ධිමතුන්, කලාකරුවන්, හෝ විචාරකයන් වේදිකාවන් මත අසුන් ගන්වා කෙරෙන ප්‍රසාංගික කටයුත්තක් නොවේ. එය එතරම් සුමට රොමැන්ටික කටයුත්තක් ද නොවේ. එවැනි අභියොගයක් එල්ල කිරී‍මට තීරණය කරන අයට යොදා ගැනීමට සිදුවනුයේ තමන් සතු සම්පත් ප්‍රමාණයට සරිලන උපක්‍රමයන්ය. එවැන්නක් ඇරඹිමට යමෙකු තැත් දරන පළමු පැයේදීම පවත්නා ස්ථාපිත අධිපතිවාදී බල ව්‍යුහයන් එය යටපත් කිරීමට සහ අවශෝෂණය කිරීමට තැත් දරනු ඇත. එය කළ නොහැකි වුවහොත් ඊළගට ඇරඹෙනුයේ සංවිධානාත්මකව දියත්වන හුදෙකලා කිරීමේ ව්‍යාපාරයන්ය. බූන්දිය පලමු අදියරේදී අභියොගය ජය ගැනීමට සමත් වූ අතර දැන් හුදෙකලා කිරීමේ තර්ජනයකට මුහුණ ලා සිටියි.

බූන්දිය සාහිත්‍යය කලාව සහ දේශපාලනය කෙරෙහි නැඹුරු වූ තරුණ පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අතර එහි පළ වූ නිර්මාණ සහ ලිපි ජවිපෙ දේශපාලනය නිර්දය ලෙස ප්‍රශ්න කළ හෙයින් තරුණ බලවේගයන් හමුවේ සිය මතවාදී ආධිපත්‍යය ගිලිහී යාමට බුන්දියට ඇති විභවය ගැන සැළකිළිමත් වූ ජවිපෙ විසින් එය වටා එක් වෙමින් සිටි පිරිස් එක්රැස් කරගැනීම සඳහා වෙනත් යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට යොමු විය."කයන්න වියන්න" සිට "මධ්‍ය ලක්ෂය" දක්වා විකාශනය වූ බල ව්‍යාපෘතිය එහි ප්‍රතිඵලයයි.

ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන කටයුතු සඳහා සාහිත්‍ය නිර්මාණ ප්‍රබල ලෙස යොදා ගත් ව්‍යාපාරයකි. 1987 දී දිවයින පුවත්පතේ "අටවෙනි පිටුව" තුළ පළවූ කවි කෙටිකතා රැඩිකල් තරුණ පරම්පරාව ආකර්ෂණය කර ගැනීමට සමත් විය. චන්දුකුමාර වික්‍රමරත්න, කමල් පී. අලහකෝන් වැනි කවීන් ඒ පරම්පරාව අතරට පිවිසියේ අටවෙනි පිටුව තුළිනි. 1989 අරගලය මර්දනයෙන් පසුව ලක්දිව සහ හිරු පුවත් වටා එකතු වූ කවි කිවිදියන් 89 මර්දනයේ කම්පනය නිර්මාණශීලි ලෙස සමාජ ගත කළ අතර 1994න් පසුව ජවිපෙ යළි ගොඩ නැගීමට අවශ්‍ය වූ අධ්‍යාත්මික ශක්තිය ලබා දුන්නේ ඒ කවි කිවිදියන් විසිනි. එමෙන්ම සිදු වූ විනාශය පිලිබඳ පක්ෂයේ නිල අධිපති බලපෑමෙන් තොරව විචාරශීලිව සිතීමට අවශ්‍ය කරන සංවාදයක් ගොඩ නැගීමටද ඔවුන් කිසියම් ආරම්භයක් ලබා දුන්හ.

එහෙත් 1994 න් පසුව සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් යුතුව ජවිපෙය නිල දේශපාලන පක්ෂයක් ලෙස කරලියට පැමිණි පසු මේ ගොඩ නැගෙමින් පැවැති සංවාද අවකාශය අහෝසි කර දැමිනි. ඉන් අනතුරුව එළැඹි පාර්ලිමේන්තුවාදී දේශපාලනය තුළ ජාතිවාදයට සහ යුදවාදයට නැඹුරු වෙමින් ධනපති පක්ෂ සමග සභාග දේශපාලනයට එළැඹෙමින් ද රාජ්‍ය මර්දන යන්ත්‍රය දේශපාලනිකව යුක්ති යුක්ත කරමින්ද පැරණි වම ගමන් ගත් පාරේම ගමන් කිරීම ඇරඹූ පසුව සිදු වූ ජවිපෙ දේශපාලනයේ අධ්‍යාත්මික වැහැරීම විසින් එතෙක් එය සමග දේශපාලනිකව එක්ව සිටි හෝ එයට අනුකම්පාව දැක්වූ නිර්මාණ කරුවන් නිහඩ විය. ජවිපෙයේ මෙම වැහැරීම තුළ හටගත් කම්පනය හා කලකිරීම නිර්මාණකරණය තුළ ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූයේ ඉතා සුලු පිරිසකි. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස ලේබල් කර බැහැර කෙරිණි.

1994 සිට 2009 දක්වා කාල සීමාව තුළ ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රචාරක කටයුතු සදහා විවිධ සාහිත්‍යමය සහ කලා ව්‍යාපෘතින් දියත් කළ නමුත් ඒවා තුළින් ගුණාත්මක නිර්මාණ බිහි වූයේ නැත. විශ්ව විද්‍යාල තුළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හරහා සාහිත්‍ය උත්සව සංවිධානය කෙරිනි.වීදී නාට්‍ය කණ්ඩායම් බිහි කෙරිණි. ජවිපෙ ප්‍රකාශන වල කවි පිටු සහ අතිරේක පලවිය. රූපවාහිනි සහ රේඩියෝ චැනල් බිහි කෙරිණි. සංස්කෘතික අමාත්‍යාංශය පවා තමන් යටතට ගැනීමට ජවිපෙ සමත් විය. එහෙත් මේ සියල්ලෙන් පසුවත් ජවිපෙට 1987-89 හෝ 1990-94 සමයේ අටවෙනි පිටුව හෝ හිරු ලක්දිව පුවත් පත් විසින් බිහිකළ නිර්මාණයන්හි ගුණාත්මක මට්ටමට ළගාවීමට නොහැකි විය. එයට හේතුව නව පරපුරේ නිර්මාණාත්මක ප්‍රතිභාවේ අඩුවක් නොව ජවිපෙ දේශපාලනයේ දෘෂ්ඨිමය පටුකමත් අවස්ථාවාදීත්වයත් ධනපති පන්තිය සමග එළැඹි සභාග දේශපාලනයත් රාජ්‍ය මර්දනයට සහාය පුද කිරීමත් ජාතිවාදයත් විසින් ජවිපෙ බලවේගය තුළ සිදු වූ අධ්‍යාත්මික වැහැරීමය.

"මධ්‍ය ලක්ෂය" විසින් පැවැත් වූ කවි වැඩ මුළුව තුලින් සංවාදයකට අවකාශයක් විවෘත වන්නේ යැයි කියන්නවුන් අවබෝධ කරගත යුත්තේ එහි පිටුපස සිටින ජවිපෙ සංවිධායකයන්ගේ දේශපාලන අරමුණ විවෘත සංවාදයකට අවකාශ සැළසීම නොව සමාජයේ යම් පමණකට හෝ එවැනි සංවාද අවකාශයක් පවතී නම් එය තම ග්‍රහණයට ගෙන ඒ අවකාශය හකුළා දැමීම බවය. එමගින් එවැනි සංවාදයන් මගින් තම පටු දේශපාලනය ප්‍රශ්න කිරීම වැළැක්වීම බවය. ඒ සඳහා සෙසු විකල්ප කණ්ඩායම්වලට වඩා සම්පත් පවතින ජවිපෙ වැනි දේශපාලන පක්ෂයකට ඇති හැකියාව වැඩිය.

සංඛ කිරිඳිවැල සිය අදහස් දැක්වීමේදී ඩොලර් වලට විකිණෙන න්‍යායධරයන් ගැනද බහුත්වවාදී ගමනක් යාම පිලිබදවද සදහන් කරයි. ජවිපෙ දේශපාලනය ගැන විවේචනාත්මක ආකල්පයක් දරන කවරෙකු සම්බන්ධයෙන් වුවද ඔවුන් ඉදිරිපත් කරන අදහස් ගැන සමාජයේ අවධානය වැළැක්වීමට ජවිපෙ විසින් යොදාගනු ලබන බාල ගණයේ සටන් පාඨ දේශපාලනය ගැනද ඩොලර් ගැන ද අවබෝධයක් ඇති සංඛ වැනි අය විසින්ද ගිරවුන් මෙන් දැනටමත් ණයට ගෙන උච්චාරණය කරනු ලැබීම කණගාටු දායක දෙයකි. තම මතවාදීමය ප්‍රතිමල්ලවයන් යම් මතයක් දරනුයේ හුදෙක් මුල්‍ය හෝ වෙනත් භෞතික ප්‍රතිලාභ සඳහා යැයි කියමින් ඔවුන් දරන මතය ගැන පූර්ව විනිශ්චයන් තහවුරු කරන අතරම විවෘත සංවාදමය අවකාශයන් ගැනත් බහුත්වවාදයක් ගැනද නම් දෙඩවීම තේරුම් ගැනීම මදක් අපහසුය. බහුත්වවාදී සංවාද අවකාශයක් බිහිකිරීමට අවශ්‍යවන යමෙකු කළ යුත්තේ එවැනි බහුත්වවාදී සංවාදයන් අහුරාදමන ඒක කේන්ද්‍රීය ස්ථාපිත බල ව්‍යුහයන් ශක්තිමත් කිරීම නොව ස්වාධීන විකල්ප භාවිතාවන් වැඩියෙන් බිහි කිරීමය. ඒවා ශක්තිමත් කිරීමය. අසීරු කටයුත්ත පවත්නා ස්ථාපිත ව්‍යුහයන් සමග සම්මුති ගැසීමට තියරි සෑදීම නොව අළුත් යමක් ඇරඹීමය.

අනෙක් අතට බහුත්වවාදය ශක්තිමත් කිරීමට ජවිපෙ වැනි සංවිධානවල පෙරමුණු සංවිධාන පිටුපස යාම විහිළුවකි. ජවිපෙ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අඩුතරමින් තමන් සමග දේශපාලනව එකඟ නොවන විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් වලට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සංස්කෘතික ක්‍රියාකාරකමකටවත් ඉඩ දෙන්නේද?

මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායම හරහා ජවිපෙ ඉලක්කය සිංහල කවිය තම පිරිස් බලය සහ සංවිධාන ශක්තිය හරහා අත් අඩංගුවට ගැනීමය. බූන්දිය එහි පළමු ඉලක්කයයි. 'මධ්‍ය ලක්ෂ්‍යය', යන නමේ සැබැ ‍දේශපාලනික අර්ථය වටහා ගන්නා විට ඒ හරහා බහුත්වවාදී සිහින දකින අය බොහෝ සෙයින් ප්‍රමාද වී සිටිනු ඇත.

[කිවුව වෙලාව- 2010-11-18 09:09:38]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Wenas Wemu, Near The Mid Point, Kayanna Wiyanna, JVP, Janatha Wimukthi Peramuna, Boondi Readers Reaction
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
මලිත ගයාන් මෙහෙම කියනවා :
'ඔන්න කෑලුම් සන්ස්කරනය කරන සගරාවක් - අවුරොරා - ඈවිල්ලා. දෑන් කට්ටියට එකත් විවෙචනය කරලා කමෙන්ට් දාලා තව සතියක් දෙකක් විතර ආතල් ගන්න පුලුවන්. ඒ වගෙ වෑඩක් කරනවාට වඩා විවෙචනය කරන එක හරි ලෙහෙසියි ආතල්'
@Janaka
අවුරෝරා එකෙනුත් කරන්නේ සමාජ දේශපාලනික විවේචනයක් නේද?
පවත්නා සමාජ ක්‍රමය හොද නැත,
එනිසා නව සමාජ ක්‍රමයක් ගොඩ නගමු,
ඒකට බාධාකරන බලවේග හෙළිදරවු කරමු
වාගෙ විවේචනයක්නේ ඒකෙන් කරන්නේ...
ඉතින් දැන් මෙතන උඹලා ඉදිරිපත්කරන තර්කෙ ඉස්සරහට අරං ගිහින් ඒ විවේචනය ගැනත් අපිට මෙහෙම කියන්න පුලුවන්.
" පවතින ආණ්ඩුවක් කරන වැඩ දාහකින් එකක් තොපිට කරන්න පුලුවන්ද? තොපි නිකම් සමාජ ක්‍රමය විවේචනය කර කර ඉන්නවාට වඩා රස්සාවක් හොයාගෙන සමාජයට සේවයක් කරපල්ලා?"
ජවිපෙ දේශපාලනය ගැන එල්ලවන විවේචන ගැන උඹලා ගේ තර්කෙ වලංගුනම් උඹලටත් ඉහත තර්කෙ වලංගුයි.


කිවුව වෙලාව- 2010-12-19 17:11:51
Janaka මෙහෙම කියනවා :
ඔන්න කෑලුම් සන්ස්කරනය කරන සගරාවක් - අවුරොරා - ඈවිල්ලා. දෑන් කට්ටියට එකත් විවෙචනය කරලා කමෙන්ට් දාලා තව සතියක් දෙකක් විතර ආතල් ගන්න පුලුවන්. ඒ වගෙ වෑඩක් කරනවාට වඩා විවෙචනය කරන එක හරි ලෙහෙසියි ආතල්.

කිවුව වෙලාව- 2010-12-17 22:28:33
rathu akuru මෙහෙම කියනවා :
apeta ethen n.g.o salli annahana mchan.

කිවුව වෙලාව- 2010-12-17 04:43:47
rathu akuru මෙහෙම කියනවා :
oyala oyatama galapena thana wadakarnna.mokada oyatai oyaga x ayatai masan masatac one wanawana 'arya'.nada ban???matak karala 'arya' adala jangeyath adenna.nathnam mathota,london x,paradega sulan walata una ekama wai.(dannama nathuwa yai yaten)

කිවුව වෙලාව- 2010-12-17 04:40:42
Apoyiyo මෙහෙම කියනවා :
@rathu akuru

ohege key boar eke E akura [letter E] wada karanne nedda? hada ganta.... gotha gahanada epa methana gothaya wage...


කිවුව වෙලාව- 2010-12-17 04:36:14
සුරාජ් මෙහෙම කියනවා :
නෑ අය්යා මO ආර්යා කොම්පැනියෙ වැඩ.. අර ඔයාල පෝස්ටර් කොන්ට්‍රැක්ට් එක ගත්තේ... ආයෙ රවුමක් අලෝමුද? වOසයට අයිඩිය එක දාන්ඩ... අපි ඈඩ් එකක් දෙන්නO අවුරෝරාවට? මොකද ඩීල් 1ක් ගහමුද? හා හා

පල පල චීසි පූසි රිවලුශනරි ෆොක්ස්ලා.... මාලු මාක්ස්ගෙO මාක්ස්වාදෙ හදාරපු වඳ කිටියො.....


කිවුව වෙලාව- 2010-12-17 04:34:30
rathu akuru මෙහෙම කියනවා :
suraj, kata wallin ana salli wagada n.g.o wala doller kutti???nada..... oya ga rassawa l.t.t.e,n.g.o wala kada yana eka nawai nada???

කිවුව වෙලාව- 2010-12-17 04:27:58
සුරාජ් මෙහෙම කියනවා :
දෙයියන්ගෙ නාමෙට කෑලුම් ඔයා ඉOග්‍රීසියෙන් ලියන්න එක්කො නෑත්නO මO වගේ සිOහලෙන් ලියන්න. සිOග්ලිශ් ලියන්න ඔය දන්නෙ නෑ. අනික ඔය මාස්ක් එක ගලවන්න ඉස්සෙල්ලා. සිOග්ලිශ් ලියන්න දන්නෙ නෑති ජවිපෙකාරයා කැලුම්ය කියලා කොහොමත් මාට්ටු! හා හා... ඔයලට වගේ නෙමේ අපිට වෑඩ හුගයි. අපි රස්සාවල් කරනවා. අපිට කැට වලින් සල්ලි එන්නෙ නෑ මහත්තයෝ...

කිවුව වෙලාව- 2010-12-17 02:30:14
RATU AKURU මෙහෙම කියනවා :
dear suraJ,
koteyage natta dega 'mulathiw' gehen,sinhala tamil muslim 'army' kollangan pukata wadi kanawata wada j.v.p ekka madeala yana eka hodai nada?oyalata panthe vairayata wadeya JVP wairaya wadi da?JVP hari wana kanakanak hari parlemanthu prjathanthrawadaya ath harala sannada aragalayakata geyoth oyala sahaya danawda?nathnam dollar walata pawadanawada?OYLAG SANNADDA ARAGALA LANU KANNA J.V.P UN MODAI KEYALA MAMA NAM HETANNAHA.


කිවුව වෙලාව- 2010-12-17 02:17:40
red boot මෙහෙම කියනවා :
1/machan jappanta koththara hana gahuath chanda 400000ki wath theyanawa.
boondi'yata 40ke wath ennawada???
2/athakota 'rathna sri'[tath wadeya kaweya boondiya ennawada???
(machan boondi hodai..tekai.)


කිවුව වෙලාව- 2010-12-17 02:05:19
SATHYAWADEYA මෙහෙම කියනවා :
@namak nathi meneha
KOTI BATI GAUNA N.G.O SALLI WALATA WADA 'ARYA SANEPARAKSAKA THUW'POSTAR GAHALA HAMBAKARANA SALLI HODAINA BAN.AWA SADARANA SALLI NADA?N.G.O SALLI NADA?DAN JAPPO NAMAI PESSOWATH DUNNATH GANNAHA YALUWA.


කිවුව වෙලාව- 2010-12-17 01:57:58
Samanya Miniha මෙහෙම කියනවා :
[Pora] මෙහෙම කියනවා :
‍යකො ලන්කාවෙ කවිය = බුන්ඩිද ?
කිවුව වෙලාව- 2010-12-14 16:24:41

@PORA,
නැහැ. ලංකාවෙ කවිය එක්ක ගත්තහම බූන්දි නිකං අංශුවක් පමනයි.
හැබැයි...
ඒකම එක්ක (ලංකාවෙ කවිය එක්ක) ජවිපෙ මාස්ක්වාදී [MASK] කවියො ගත්ත්තහම උං අංශුවක්වත් නෙමේ. කාටද උඹලගෙ කවි ලියන්න පුලුවන්?
මහේෂ් කුමාර....
මහේෂ් කුමාර....

මහේෂ් කුමාර....

මහේෂ් කුමාර....

හා වෙන????
තොපිට ඕනෙ තොපෙ අඩුව වහගන්න. හැදියව්!


කිවුව වෙලාව- 2010-12-16 20:36:02
සුරාජ් මෙහෙම කියනවා :
මේ ජවිපෙ බබ්බු දැන් රෙද්ද ලිහිලා වියරු වැටිලා කෑ ගහනවා. මොකද බූන්දියෙ ඉන්න මොක්කු හරි එවුන් මුන් ජවිපෙ කියල එලි කල එක හොදයි. නැත්නං අපිත් කැලුම්ගෙ හස කැලුම දිගේ මාදිවෙලටම දිගේලි වෙනවා.

කිවුව වෙලාව- 2010-12-16 20:30:17
ataka මෙහෙම කියනවා :
[ataka] මෙහෙම කියනවා :
අනේ පලං *** යන්න. බුන්දියේම උ් වෙන වෙන නම් වලින් කමේනට් දාලා පොරවල් වෙනවා. තොපිට වැඩිය ගොඨලා හොදයි.උන් කරන දේ පේනවා. කියනවා. තොපි උන්ට ඕනේ මතවාදී සහය දෙනවා. ඒ අතරේ හිමිහිට වෙන උන්ටත් පුක දෙනවා. අපිට තේරෙන්නේ නැද්ද. තොපිත් එක්ක සභ්‍ය වචනයෙන් සංවාදයක් කරනන් පුලූවන්ද. බලාපියව්ගේ තොපේ මහ ලොකු කමේන්ට්වල තියෙන්නේ මොන අදහස්ද. නිකන් කුනු හරප විතරය්නේ. අනේ තොපේ කවිවල තියෙන දේවල්තොපි ගාවත් තියනවනම්. ඩස්පියෝ.
කිවුව වෙලාව- 2010-12-15 13:07:20


කිවුව වෙලාව- 2010-12-16 20:26:32
Namak Nathi Miniha මෙහෙම කියනවා :
@RATHU AKURU

OYA KIWUWATA JEPPOTH ASAYI NGO KADA WALIN KANNA.... AWULA THIYENNE NGO KARAYO JEPPENTA DENNE NAHA.. KAWUDA BAN UBALAWA GANAN GANNE DAN? YAKO THOPI NEDA "AARYA SANEEPARAKSHAKA THUWA" POSTER EKA PAKSHE PODI EWUN DAMMALA THAPPA WALA ALEWUWE? SALLI LAGA DEYYIYOTH DEKATA NAMENAWA BOLAW....


කිවුව වෙලාව- 2010-12-16 20:24:33
RATHU AKURU මෙහෙම කියනවා :
Maya baba,jappanta wdeya mayalata na NGO salli.sampath theyanna.dan koteyath nathi eka aleyyag natta hari,bulath walaka hari allanna apai...........na???

කිවුව වෙලාව- 2010-12-16 00:43:32
SATHYAWADEYA මෙහෙම කියනවා :
GON HARAK...
RATA GENEGANNAWA
MUN KOTEYAGAI ALEYAGAI N.G.O WALAI KUNU HODANAWA.


කිවුව වෙලාව- 2010-12-16 00:19:28
Pora මෙහෙම කියනවා :
‍යකො ලන්කාවෙ කවිය = බුන්ඩිද ?

කිවුව වෙලාව- 2010-12-14 16:24:41
Siribiris මෙහෙම කියනවා :
adoo T.A mewate thami kiyanne yanne koheda malle pol kiyala.

umbe tharema penawa umba kiyane de walin.. mami Preshan Fernando kiyane keni ekkenek kiyala thirenaya kerapu umbeta dan mokakde kiyande thiyenne..

umbela mewa athel ganne than hatiyate pavichchi kerena ekka dan hodetema pahadili...

umbela athel aregena hitapan, athel kadena ekka paw wadak ne..

umbelate siyalu devi devathun ge phitin vadi vadiyen athe gahanda pinthura labewa kiyela prarthena kerenawa..


කිවුව වෙලාව- 2010-12-06 04:07:00
Prashan Fernando මෙහෙම කියනවා :
@[Namak nathi Miniha] Nawatha warak mata kiyanna tiyenne thamunge jaathakaya pilibada prasnaya tamai. Maha loku chandiyek wage mage details illala , dan nikam garadiyek wage hangila innawa. puluwan nam enawakoo through Skype. Meka tamai tamusela wage napunsakainge deshapaalanaya.me wage garadi nisa tamai ape rata ada ballata gihin tiyenne.

කිවුව වෙලාව- 2010-12-06 04:06:28
Prashan Fernando මෙහෙම කියනවා :
@[Namak Nathi Miniha] Tamun me liyana de walin mata penenne tamun mewa karanne joliyata kiyala. E unata apita nam mewa bait walata/ athal walata/joliyata ganna puluwan kamak naha.Mokada api dakka lankawe taruna jeewitha laksha gananak biliuna hathi . Thamun tanunayek widihata thama ewa gadimnnae athal hatiyata nam, E karanne a maruna jeewita walata karana apahaasayak/nindaawak.

කිවුව වෙලාව- 2010-12-06 04:00:41
Namak Nathi Miniha මෙහෙම කියනවා :
උබ පිස්සු පාදිලියෙක් බO.. එලම බයිටක්..

කිවුව වෙලාව- 2010-12-06 03:42:29
Prashan Fernando මෙහෙම කියනවා :
Tamange aththa nama kiyaa ganna baruwa dagallange ai kiyala danne tamunmai. namuth thamun me pradarshanaya karanne thamunge waduu mawatha nigraha kiriimak. Mokada thamunta hari jaathakak tibenawanam (tibenawanam pamanak)tamange piyaa thamata thaba athi namen tawa kenekuta paniudaka yawiya yuthi.
Thamunge illima mata mage demaupiyan mata thaba nama menna:
Prashan Christopher Fernando
NIC no: 683431028V
Skype : prashan 007
Face book: Prashan Christopher Fernando
Tawa monawada awashaya ? tawaduratath thamunge napunsaka bawa pradarshanaya nokara hitiyoth hodai neda??


කිවුව වෙලාව- 2010-12-06 03:37:27
Namak Nathi Miniha මෙහෙම කියනවා :
@Prashan Fernando

meka nikan boru namk. umbe mail eka mokadda? facebook acc 1 mokadda? NIC no eka mokadda? veerayek nam ha kiyamu balanna...


කිවුව වෙලාව- 2010-12-06 03:16:32
T.A මෙහෙම කියනවා :
@Prashan Fernando හෙවත් සිරිබිරිස්
සිරිබිරිස්/මියැසි ලද්දුවහෙට්ටි/සුමනා ගෝමස් ඇත්ත නම් වෙනැති නේද?
නියම නමින් පැමිනෙන්නැයි මුලින් අභියෝග කලේ සිරිබිරිස්ය. එලෙස තව කාටවත් අභියෝග කිරීමට පෙර ඔහු එය කල යුතුය.
මාධ්‍ය භාෂාවේ සදාචාරය ගැන විවේචනය සිරිබිරිස්ටද අදාලය.


කිවුව වෙලාව- 2010-12-06 03:14:36
Prashan Fernando මෙහෙම කියනවා :
@[T.A.] maadya thula harihati bashaawa hasuruwanawa manussayo. Ethakota tamai kiyawana kenata priyak athi wenne.thawa kenekuta tamange hari namen enna kiyanne, thamun liyanne tamunge hari namenda? Tamunge konda pana nathi kama saha napunsaka kama pradarshaya kirala, tamun sahayoogaya dakwana sanwidhanayata black mark tiyanna epa.
Veeduru gewal athule idala gal gahanna kalin tamun inne koheda kiyala amathaka karanna epa.


කිවුව වෙලාව- 2010-12-06 03:06:45
T.A මෙහෙම කියනවා :
නිකං පඩ ෂෝ නොදා හිටහං!
උඹගේ චැලෙන්ජ් එක නේ..උඹ නියම නමින් ඉස්සෙල්ලා පෙනී හිටහං.
රයිට් ඉස්සෙල්ලා උඹ නියම නමින් ඇවිල්ලා ජවිපෙට අදාලව උඹේ විවේචන නිශ්චිතව එළි කරපං.
ඒ වාගේම සමාජය දේශපාලනිකව සංවිධාන කරන්න පොර ටොක් දෙන උඹ උඹේ ජීවිත කාලයේ පූර්ණකාලිකයෙකු වශයෙන් හිටි සංවිධාන මොනවාද?
උඹ දැන් එහෙම උඹම සංවිධානයක් ගොඩ නගලා තියෙනවාද?
උඹ නිකං ජවිපෙට කඩේ යන ගමන් මනෝරාජික ආතල් ගන්න එකෙක් බව පැහැදිලියි.උඹ මේකේ දිගටම කරන්නේ ජවිපෙට විවේචනයක් කවුරු හරි එල්ල කරනකොට ඒ විවේචනය කරන එකාට මඩක් ගහන එකයි.
සංවිධාන හදන්නැති උන් මේ බ්ලොග් අස්සේ රස්තියාදු උනාවේ. ඒත් ඇයි එච්චර සීරියස් උඹත් ඒකම කරන්නේ. ඇත්ත නමින් ඇවිල්ලා මේවට උත්තර දීපං
නිකං දෙක පුන්නැතුව


කිවුව වෙලාව- 2010-12-06 01:57:08
Siribiris මෙහෙම කියනවා :
sewela T.A umba koheda hangune, mate jangi ha amuda katha kiyapu umbe mone reda aseda hangune ?

anith awunge atte deketama gaahauwa kiyala hithagena uda panne umba dan inne deketa navila atte dekka vikagenade ?

umbeta ahema keranda bari bawe pahadily mokeda umbete atte nathi bawe penawa me kerene wade wlin.

adoo hal paruwa dan wath hithela balepan umbe mokkade keramin inne kiyala.

JVP ekka ho X ekka kiyanne vishala athweyen gen venas kam thibunath, prithipaththimaya venaskam thibunath samaja viyapar, ahema nathuwa meke pade sho dane un wage thaniyen athe gahane un nemi.

JVP ekka anthi jathi vadeye errila inne ekke api katath pahadiliwa penawa, kela yuthe JVP thula inne piditha panthi balewegaya a jathiwadeyen galewa ganda me sanwade yoda ganne ekke miseka thame thaman athel ganne ekke nemi.

JVP wege jathi vadi, pasu gami sanvidane thiyena ekka T.A ha anikuth pade sho kareyanta harima shok, mokeda munta thiyenne samajeya sanidaneya kerane bararum karenaya mage harela me vage athel ganne keea vitheri.

kamethinum digetame me vidihata jiwath weyalla !!


කිවුව වෙලාව- 2010-12-06 01:43:21
Siribiris මෙහෙම කියනවා :
niyami T.A mage prashne thami umbala saha anith un athera thiyena wenase mokakde kiyena ekka, JVP ekka, X ekka athulu vishala sanvidane premaneyak kele saha keramin inne de saha nawe dakkmeka nawe madiliyake wade kalawak ahemath nathnum nawe deshapalena kiyawimake awashyathaweya ganne marelathoni dena umbelath keramin inne parena de ma nemide, meke harima sarela flat niyayak ne... kattiya thame thaman liyala, thamanma kiyawela athel gannewa.. prethemeyenn thaman kauda mokakde keranne kiyala hithla balepan... umba kiyane de deshapalineka we liyapn umbe aththa namin... man umbate abiyoga kerenawa puluwanum liapan ethekote man mage saba namin liyanewa.. puluwanam happemu balanda boru sewala katha nathuwa..

කිවුව වෙලාව- 2010-12-04 02:35:31
T.A මෙහෙම කියනවා :
@Siribiris හෙවත් Miyasi Ladduwahetti
උඹ ජේවීපී එක වෙනුවෙන් කුලියට කහින පොරක් කියලා අපි දන්නවා. කාලෙන් කාලෙට උඹ ඒක එකාගෙන් ජංගි හොරකම් කරලා අදින එකෙක් බවත් දැන් ෂූවර්!උඹ එක්ස් එකේ ජංගිය ගලවලා ආයිම සෝමවංශයාගේ පරණ අමුඩයක් ගහගත්ත හාල්පාරුවෙක්.


කිවුව වෙලාව- 2010-12-03 11:33:15
Siribiris මෙහෙම කියනවා :
umbeta niyametema galepena namak thamai umbe thoregena thiyenne a thami " Banis-Mama", Banis Mamela kohomath keranne me wage banis wade thami... ane hal paruwo mulinma therun ganin "ahinseka" kiyena karenawe deshepalanika nathi bawe.. tikak mahansi wela deshepalenaya yanu kumak de kiyala hadarepan.. ekka type kerenewate wadiya tikak loku wadak... Boondiya me wage sewlayange ambelamak unoth vishale aperadeyak.. kattiya kamethinum kawude kenek Raveye Wimelanath ge column ekke gane liyala thiyena article ekke Boondiyate adalewa kiyawe ganda..

කිවුව වෙලාව- 2010-12-03 05:49:15
Banis-Mama මෙහෙම කියනවා :
ෂාහ් සිරිබිරිස් අහිංසක වෙලානෙ යකෝ....

කිවුව වෙලාව- 2010-12-03 04:26:46
Siribiris මෙහෙම කියනවා :
sanwade kerane degolome ekko LTTE ekka usenawa nathnum JVP ekka usenawa.
antha jathiwadiyekuta miseka me kela maha minis sanhareya sadareniya keranda baha
eath me wage sanwadeyaekin wenda one une mokakde kiyala gaburu sakachawak athi keraganne ekke,
eath wemin thiyenne anith ekkawa paradanne uperima haiyen gahane ekka
ekken kate de proyojeneyak thiyenne kiyala hithena ekka kage kageth ageta guni kiyali mate hitenne,
mokeda me siyalu vinasayan athi kerapu ha athi kerena aye egolange wade hodeta keregena yane nisa.


කිවුව වෙලාව- 2010-12-03 04:02:08
T.A මෙහෙම කියනවා :
@Pa(ta)kaya
උඹේ ඇට දෙකටම පාරක් වැදුනට පස්සේ කලින් ඇදගෙන හිටපු සරම ගැලවිලා වැටුනා නේද? දැන් උඹ හැම සිංහල ජාතිවාදියෙක්ම හැංගෙන තර්කෙ අස්සට රිංගලා හෙළුව වහගන්න හදනවා. යකෝ කොටි එහෙම ඝාතන කළා කියලා ආණ්ඩුවක් කරපු සංහාරයක් සාධාරණීකරනය කරන්න පුලුවන්ද? අනේPa(ta)kayo
උඹේ ජෙප්පන්ට කියපං මීට පස්සේ ගෝටාලට මහින්දයට දෙන්න යනකොට බටර් හරි ග්‍රිස් හරි අරන් යන්න කියලා


කිවුව වෙලාව- 2010-12-03 00:26:20
sujeewa මෙහෙම කියනවා :
Mr J; තමුසෙ කවුද ඕයි මට ඔහොම කියන්න :)

කිවුව වෙලාව- 2010-12-03 00:09:36
Mr J මෙහෙම කියනවා :
@sujeewa

ooyi thamusege paduwe chinthanayata kade gihin innawa oyi hama bambuwatama hota noda..


කිවුව වෙලාව- 2010-12-02 20:46:51
buwa මෙහෙම කියනවා :
@Pa(ta)kaya
උඹ ජෙප්පෙක් කියන එක හංගන්න පුලුවන් දෙයක් නෙවෙයි. උඹ හදන්නේ ජෙප්පෝ කරපු දේවල් වහලා ඒවාගේ වගකීම අනිත් එවුන්ට පවරන්න.
ගෝඨා ජෙප්පන්ට විරුද්ධව යොදාගන්න හදිසිනීතිය ඒක සම්මත කරන්න උදවු කරපු ජෙප්පන්ගේම ඉල්ලන් කෑමක් මිසක් කාගෙවත් වැඩක් නෙවෙයි. උඹ එතෙනදි බූන්දිය ගොඨාට සෙට් කරලා මඩක් ගැහුවා.ඒ ගොංපාට් එකට කෙළවුණාට පස්සේ උඹ දැන් ආපහු උන්ව ජෙනරාල් පොන්නසේකාට සෙට්කරලා මඩක් ගහන්න යනවා.උඹේ ජෙප්පෝ තමයි යකෝ ජෙනරාල්ගේ බූට් පොලිෂ් කළේ !ජෙප්පෝ තමයි යකෝ මහින්දයගේ අමුඩේ හේදුවේ කඩේ ගියේ! ‍ජෙප්පෝ තමයි යකෝ චන්ද්‍රිකාගේ ජංගිය හේදූවේ. තෝත් උන්ගෙන් එකෙක් තමයි!


කිවුව වෙලාව- 2010-12-02 10:37:29
pataka මෙහෙම කියනවා :
අනේ පලයන් බන් යන්න. උඹ මාවත් ජෙප්පෙක් කෙරුවනේ එක පාරටම. කොහෙද බන් කොට විමුක්තිකාමින් වෙන්නේ. ජාතිවාදෙනං දෙමළත් එකයි, සිංහලත් එකයි. දෙමළ ජාතිවාදේ විමුක්තිකාමී හින්ද වෙන්න ඇති යාපනේ මුස්ලිම් මිනිස්සු එලෙව්වේ. සිංහල මිනිස්සු කපලා මැරුවේ. අනේ උඹලගේ විවෘත මනස. යකෝ හමුදාව දෙමළ මිනිස්සුන්ව මරනවා වගේම වැරදියි කොටි සිංහල හා මුස්ලිමේ මිනිස්සු මරන එක. මට මතක හැටියටනම් උඹලා ජෙනාට සපෝට් කලා. ජෙනා කොටින්නට විරුද්ධව යුද්ද කරපු එකෙක් නෙමේද බන්.

කිවුව වෙලාව- 2010-12-02 09:54:44
sujeewa මෙහෙම කියනවා :
[[වාමාංශික මූල ධර්මය ආරක්ෂා කළ අපට]]

මේවායින් නිදහස් ව හිතන්න බැරි ද දයා?


කිවුව වෙලාව- 2010-12-02 05:23:41
දයා මෙහෙම කියනවා :
@/pataka
"මචන්ලා බොරුවට කෑගහන්න එපා. බූන්දියේ පොරවල් වේලා ඉදාල වෙනස් වෙමු නිසා කෙලවෙයි කියන බයනේ බං ඔය. කැලූමලාට වැඩේ දෙන්න ගොඨාගෙන් උදව් ගනන් පුළුවන්. ගෝඨා කියලා තියනවා හදිසි නීතිය ඉවත් කරන් නැත්තේ ජවිපෙ හින්ද කියලා. උන් උතුරේ කලබල කරන්න යනවලූ. උඹලා කියන විදිහට කවියට කෙලවන්න යන්නෙත් ජවිපෙනේ. එකතු වෙලා ජවිපෙට වැඩේ දීපල්ලා. ඔය කමෙන්ට් වල තිබ්බේ ජෙප්පෝ දිරවන්නැහැ. උන් විශ්ව විද්‍යාලේ කචල් දානවා කියලා. ඔන්න මචන් වේලාව. කොහොමත් ආණ්ඩුව කියන්නෙත් ජවිපෙ විශ්ව විද්‍යාලේ අවුල් කරනවා කියලනේ. ඔබලා කියන්නෙත් එකනේ . දාමු ඔවුන්ව ටයර් ඒකේ. බූන්දියට ජයවේවා. කැලුමලාට විනාශ"
1."කැලූමලාට වැඩේ දෙන්න ගොඨාගෙන් උදව් ගනන් පුළුවන්. ගෝඨා කියලා තියනවා හදිසි නීතිය ඉවත් කරන් නැත්තේ ජවිපෙ හින්ද කියලා."
‍සහෝදරයා ඔහේ ඔය කියන ගොඨාගේ අයියා රජ පුටුවේ වාඩි කරවන්න දරදිය අදිමින් රටේ ජනතාවට බොරු කියලා ජාතිවාදයෙන් මත්කරවලා මහින්ද පිටුපස්සේ ගාල් කරවන්න දර දිය ඇද්දෙ කවුද?
ඔය කියන හදිසි නීතිය පහුගිය අවුරුදු පහේම පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඔය කියන ජවිපෙ මන්ත්‍රිවරු නෙවෙයිද ගෝඨලා එක්ක එකතුවෙලා අත ඉස්සුවේ?
එදා ජවිපෙ එහෙම කලේ ඒ හදිසි නීතිය හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නේ දෙමළ අයට විරුද්ධව පමණක් බවටත් එය ජවිපෙට විරුද්ධව යොදාගන්නේ නැති බවටත් ගෝඨාලා මහින්දලා ජවිපෙට දීපු පොරොන්දුව විශ්වාස කරපු නිසාද?
මේ වාගේ කපටි මිනිමරු පාලක කල්ලියකගේ වචන විශ්වාස කරලා ඔය කියන හදිසි නීතිය සම්මත වෙන එක වැළැක්වීමේ හැකියාව තමන්ට තිබූ අවස්ථාවේ සහ ඊට විරුද්ධව මහජන මතයක් ගොඩ නැගීමේ අවස්ථාව නිවට ලෙසත් අවස්ථාවාදී ලෙසත් පාවාදුන්නේ කවුද?
එදා හදිසි නීතියට සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එරෙහි වූ
ප්‍රගතිශීලි කොටස් "කොටි හිතවාදීන්" ලෙස හංවඩු ගසමින් ඔවුන් මර්දනය කිරීමට රජයට සහ ගෝඨාට අවශ්‍ය සහයෝගය ලබා දුන්නේ කවුද?
එදා ‍ඒ වාමාංශික ප්‍රගතිශීලි කොටස් විසින්, ජවිපෙය රජය ගෝටලා මහින්දලා සමග එක් වී රාජ්‍ය මර්දන ක්‍රියාවලියට සහාය දීම, ජවිපෙ වෙතම එල්ලවන පාරාවළලලක් විය හැකි බවට අනතුරු හැගවූයේ නැද්ද?
ජවිපෙ නායකත්වය සමග අපගේ විවේචනය ඇත්තේ එය පාලකයන් සමග එක්වී රාජ්‍ය මර්දනය ශක්තිමත් කිරීමට සහාය දීමෙන් උතුරේ පීඩිතයාගේ අරගලය මහා සංහාරයකින් විනාශ කිරීමට සැපයූ දායකත්වයත් අවසානයේදී ඒ මර්දනය සිංහල පීඩිත බලවේගයන් වෙත එල්ලවීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මානය කිරිමට වගකිව යුතු වූ නිසාත් මිසෙක වෙන ඊරෂ්‍යාවකට නොවේ. අප ඔබට ඊරෂ්‍යා කළ යුත්තේ මක් නිසාද? ඔබගේ වර්තමානය වූකලී මීට වසර 20කට පෙර අපගේ අතීතයයි.
අප ඔබලාගේ ජවිපෙ නායකත්වය මෙන් කිසිදා කිසිදු පීඩිතයෙකුට එරෙහිව රාජ්‍ය මර්දනය සමග එකට සිට ගන්නේ නැත. මෙයට වසර ගනනාවකට පෙර ජවිපෙ නායකත්වය දෙමළ පිඩිතයාට එරෙහිව රාජ්‍ය මර්දනය සමග එකට සිට ගැනිම හේතුවෙන් ජවිපෙ සමග තවදුරටත් එක්ව ගමන් කිරීම කළ නොහැකි දෙයක් බවට පත්විය.
එදා ඒ වාමාංශික මූල ධර්මය ආරක්ෂා කළ අපට, අද සිංහල පීඩිත තරුණයන්ට එරෙහිව රාජ්‍ය මර්දනය එල්ලවන විට ගොඨාලා සමග එකට සිට ගැනීමේ අවශ්‍යතාවක් නැත.එයට ප්‍රතිපක්ෂව අප එම මර්දනයට එරෙහිව කළ යුතු සහ කළ හැකි සැම දෙයක්ම කරන්නෙමු. ජවිපෙ අවස්ථාවාදී සහ පාවාදීමේ ඉතිහාසය අප එයට බාදාවක් කරගන්නේ නැත. එහෙත් අපි ජවිපෙ අවස්ථාවාදී දේශපාලනය හෙළිදරවු කිරීමේ වගකීමද අමතක නොකරමු
ඔබ අද බූන්දිය ගෝටා සමග ඈදීමේ නිසරු මෝඩ වෑයමක නිරතවන්නේ බූන්දියේ පළවන විවිධ අදහස් මගින් ජවිපෙ වෙත එල්ලවන විවේචන දෙස විවෘත මනසකින් පාඨකයා බැලීම වලක්වනු පිනිසය.එහෙත් ජවිපෙ සහ ගෝඨාලාගේ එක්ව ගතකළ ඒ " මධුසමය " මතක ඇති අයට මෙය විහිළුවකට වැඩි දෙයක් නොවේ.


කිවුව වෙලාව- 2010-12-02 04:38:58
pataka මෙහෙම කියනවා :
මචන්ලා බොරුවට කෑගහන්න එපා. බූන්දියේ පොරවල් වේලා ඉදාල වෙනස් වෙමු නිසා කෙලවෙයි කියන බයනේ බං ඔය. කැලූමලාට වැඩේ දෙන්න ගොඨාගෙන් උදව් ගනන් පුළුවන්. ගෝඨා කියලා තියනවා හදිසි නීතිය ඉවත් කරන් නැත්තේ ජවිපෙ හින්ද කියලා. උන් උතුරේ කලබල කරන්න යනවලූ. උඹලා කියන විදිහට කවියට කෙලවන්න යන්නෙත් ජවිපෙනේ. එකතු වෙලා ජවිපෙට වැඩේ දීපල්ලා. ඔය කමෙන්ට් වල තිබ්බේ ජෙප්පෝ දිරවන්නැහැ. උන් විශ්ව විද්‍යාලේ කචල් දානවා කියලා. ඔන්න මචන් වේලාව. කොහොමත් ආණ්ඩුව කියන්නෙත් ජවිපෙ විශ්ව විද්‍යාලේ අවුල් කරනවා කියලනේ. ඔබලා කියන්නෙත් එකනේ . දාමු ඔවුන්ව ටයර් ඒකේ. බූන්දියට ජයවේවා. කැලුමලාට විනාශ

කිවුව වෙලාව- 2010-12-01 08:16:13
Siribiris මෙහෙම කියනවා :
ane BUWO ubai mai danne thakshenne.......
Wijevirage yaluwata kiyanda thiyenne mecheri, ake thami yako man kiyanne JVP eki X aki atherath kisima venasak na, umba kiyane de athenum un waradi wagema man kiyane de sahathika aththa nisa X ekath waradi... nikan hithala balepan ubi JVP kareyekui athere venasak thiyena wade kiyala, unuth kawedawath varedak piliganne naha ubath ahemane ban, hadarima kiyanne thakkediyanta kaver wenda thiyane averanayak nemi ban ekken loke diha balaapiya... ane umbe hadarime tharema penawa umbe coment dakkame.


කිවුව වෙලාව- 2010-11-30 02:15:30
SiDuHaTh මෙහෙම කියනවා :
@සයිමන්,

OYA MONA DOSON WUNATH UBATA MOKADA HALAPARUWO?


කිවුව වෙලාව- 2010-11-29 20:32:48
විජේවීරge yaluwek මෙහෙම කියනවා :
සිරිබිරිස් හෙවත් ......,

පල පල ඩෝ යන්ඩ...

එක්ස් එකට ලොරි ටෝක් දෙන්ඩ ඉස්සෙල්ල තොපේ මහ එකා (විජේවීරයගෙ) සෙක්ස් ලයිෆ් එ එක්ස් ෆයිල්ස් බලපියව්... අරහෙ විප්ලවය.. මෙහෙ මැෂින් එක දාල වගේ ළමයි හැදුවා හැංගි හැංගි... 81 බඳින්නෙ.. 89 මරන්නෙ. ඒ අතරෙ ළමයි 5ක්... ඌගෙ මෝල ගැන නිබන්ධනයක් කරපියව්... උපත් පාලනයක් දන්නෙ නැති එකා තමා රටක් පාලනය කරන්ඩ පොර ටෝක් දීලා බොරු දේශප්‍රේමී අරගලයකට කොල්ලො දකල උන්ට කෙළෙවුවෙ....
එකස් එක මොන ලබ්බක්ද යකෝ?
තොපේ මහ එකා 71 කාඩර්ස්ලට ලවු කිරිල්ල තහනං කරලා සිසිල් චන්ද්‍ර්‍රගෙ නංගි එක්ක ඇඳං උඩ විප්ලවය කරපු හැටි අපි අදින්ඩද සාක්කි එක්ක...
තොපි ඔය මදය ලක්සයට එන අහිංසක කොල්ලො කෙල්ලන්ට කොල කඩා පාපියව්..
හිස්ට්‍රි දන්න අපිට ගහ දන්න අපිට කොළ කඩා පාන්ඩ එන්ඩ එපා හරිද?

එක්ස් එකේ එක මයිල් තුං කාලක හැදෑරීමක් තොපිට තියනවද යකෝ?


කිවුව වෙලාව- 2010-11-29 20:30:27
BUWA මෙහෙම කියනවා :
@siribiris

vilasithawak vasheyen JVP ekka vivecheneya kerena aye anthimeta nawethinne koheda kiyala samajeyate onawetath wada athdakeem thiyennewa.

නිකං පලයන් බං යන්න! උඹ නතර වෙලා ඉන්න තැන දැනගන්න ක්‍රමත් තොරතුරු තාක්ෂ‍ණේ තියෙනවා කියලා මතක තියාගනින්. කූල් එකේ ඉන්න ගමන් තවත් කොල්ලො කෙල්ලෝ ටිකක් ජේවීපී මෝඩ දේශපාලනයට තල්ලු කරලා පැත්තකට වෙලා ආතල් ගන්නැතුව හිටහං


කිවුව වෙලාව- 2010-11-29 15:55:46
Siribiris මෙහෙම කියනවා :
X ekke kathawe ha kriyawe athera wenase appi hodin dakka egollo beduna welawe. isthri nidahase gane pore toak didi anith ayeta badu karoyo kiya kiya gon pat dapu X ekk thamangeme samajikawante banne patta vesi kiyali, loku sanskruthika katha kiyapu un Deepthi balo athi kerane ekki, washin mechin pavichi kerane ekki ganne thami kiyawe kiyawe awidde. ekkak piliganilla umbala hamogema kilote wella ambaneka hunu.....

කිවුව වෙලාව- 2010-11-29 04:48:49
sujeewa මෙහෙම කියනවා :
කවියට පෙළපොත් හදන, කවියේ වගකීමට චක්‍රලේඛ ලියන කට්ටිය; මහ බෝධියට යන මග නමින් ඉසුරු චාමර ලියූ කවියත් කියවා බලනවද?

කිවුව වෙලාව- 2010-11-29 02:47:08
Thilak මෙහෙම කියනවා :
@සයිමන්
I dont think so.This is the comment of Dowsan regarding that Madya Lakshaya issue published in Wachana Taxi
රෝහණ පොතුලියද්ද පළ කළ "අහස හැඩි වී ඇත" කාව්‍ය සංග්‍රහය කේන්ද්‍ර කරගෙන "වෙනස් වෙමු" කවයේ ප්‍රථම සාකච්ඡා වැඩමුළුව කොළඹ පූර්වාරාම පන්සලේ ඇරඹුණ බැව් අපි සියල්ලන් දැන සිටියෙමු. පසුගිය සතියේ 2010-10-28 බ්‍රහස්පතින්දා දිවයින පුවත්පතේ වටමඩලට සංවාදගත වන කැළුම් සහ සම්පත් ඔවුන්ගේ "වෙනස් වෙමු" කවයේ ඉතිහාසය සඳහන් කරද්දී ඒ බැව් සඳහන් කර තිබීම "එකල බූන්දියේ අපි" අතර සිටි මා හටද සියුම් සතුටක් ඇති කළ බැව් මෙහි සටහන් කළ යුතුය.

දිවයින පුවත් පතේ සංවාද සටහනේ ආකාරයට "වෙනස් වෙමු" කවය විසින් පුරවා දමන ලද අලුත් හිස් අවකාශයක් පිළිබඳ හැඟවුම හිතා මතා බූන්දිය විසින් එතුවක් කරගෙන ආ කවිය අරභයා වූ මැදිහත් වීම අමතක කර දැමීමක් මෙන්ම එය යට ගසා දැමීමක් බැව් ද කනගාටුවෙන් මෙහි සටහන් කරමි. එනමුත් ඒ ලෙසින් ඉතිහාසය විකෘති කළ ද බූන්දියේ පූර්වජයෙකු ලෙස එහි කිසියම් අල්ප කටයුතු ප්‍රමාණයකට දායක වූ මා හට මෙහිදී නිහඩව සිටිය නොහැකි බැවිනි මේ මතු කිරීම.

කෙසේ වුවද "වෙනස් වෙමු" කවයේ කටයුතු මගේ අතිශය සතුටට හේතු වන අතර ඔවුන් විසින් වඩාත් නිරවුල් ලෙස තම ඉතිහාසය නැවත ප්‍රතිස්ථාපනය කර ගැනුම එම ව්‍යාපෘතියේ යහ කල් පැවැත්මට ආශිර්වාදයක් වනු ඇත.

කෙසේ කවරක් කා අතින් ගිලිහී ගියද, අමතක වුවද, නව කවියේ උන්නතිය වෙනුවෙන් දහඩිය- ශ්‍රමය-ශ්‍රමයෙන් ඉපයූ මුදල් -ජීවිතය වැය කළ "වෙනස් වෙමු" කවයේ සහෘදයන්ට මගේ හෘදයංගම ප්‍රණාමය පුද කරමි. ඒ ගැන මෙනෙහි කර සියුම් සතුටක් අත් විඳිමි.

රෝහණ පොතුලියද්දගේ කවි පොත ප්‍රකාශයට පත් කරමින් එකල බූන්දිය විසින් කළ එම දැල්වීම නොවන්නට "වෙනස් වෙමු" කවය ලාංකීය පොළවේ ප්‍රාදූර්භූත වීම කල්පමා වන්නට ද ඉඩ තිබුණු හෙයිනි, ඒ සියුම් සතුට


කිවුව වෙලාව- 2010-11-28 16:12:13
ජයලත් මෙහෙම කියනවා :
@Indika
1."කවුරු කරත් මම බලන්නේ අවසනෙට මොන පන්තියටද සේවය කරන්නෙ කියන එක."
අහන්නත් සන්තෝසයි සහෝදරයා... වෙලාවක් තියේ නම් පොඩ්ඩක් අයියලාගෙන් අහන්න 2005 දී මහින්දටත් 2010 දී පොන්සේකාටත් පෝස්ටර් ඡන්ද පෝස්ටර් අලවන්න "අන්තරේ" මල්ලිලයි, "වෘත්තීය අංශේ" අයියලයි කඩේ යැව්වේ කාට සේවය කරන්නද කියලා.
2."කවුඩ පොන්නයෙක් අන්තරෙටත් බනල තිබ්බ මම අහන්නෙ උගෙන් උ කවියට නිදහස් අධ්‍යපනයට කරලා ත්යෙන්නෙ මොකක්ද කිය්ලා."

අන්තරේ විවේචනය කරන එක ආනන්තරීය පාපකර්මයක්ද?
මේකේ කොමන්ට් දාන එවුන් තමන් කරන වැඩ ගැන ඇඩ් දාලා පොර ටෝක් දෙන්න ඕනෙද? මතක තියාගන්න නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍ය අරගලවලට සහභාගිවෙලා ගොඩාක් කැප කිරීම් කරලා ඉන්න එවුනුත් මේකේ කොමෙන්ට් දානවා කියලා.
3."පඩ කතා නැතුව වැඩක් කරලා පෙන්නලා පොර talk දෙන්න."
දැන් ඔහේලා වැඩ පෙන්නලාද ඔය ඉන්නේ මලයා? ඔය විදියට පොර ටොක් තමන්ගේ වැඩ ගැන ඒවා විවේචනය කරපු උන්ට දීපු එවුන් දැන් ඉන්නේ කොහේද කියලා අපිට අත්දැකීම් තියෙනවා. විමල් වීරවංශලා, නන්දනලා, පියසිරිලා දුන්නෙත් එය ටෝකම තමයි.


කිවුව වෙලාව- 2010-11-28 10:14:06
සයිමන් මෙහෙම කියනවා :
‍ඩෝසන් කියල දීපු කොමෙන්ට් එක..ඩෝසන් ප්‍රීති ද ?

කිවුව වෙලාව- 2010-11-28 02:00:51
සයිමන් මෙහෙම කියනවා :
‍ඩෝසන් කියල දීපු කොමෙන්ට් එක..ඩෝසන් ප්‍රීති ද ?

කිවුව වෙලාව- 2010-11-28 02:00:50
indika මෙහෙම කියනවා :
දෙසපාලනය ගැන කියනවනම් ඒක හැම මගුලෙම තියනවා. එහෙව් එකේ කවිය කියලා වෙනම ලොකෙක දෙයක් විතරක් ඉතුරු වෙන්න විදිහක් නැ.හැම දෙයකටම පන්තියක් පන්ති උවමනවක් තියනව.(අවසන් විග්‍රහයෙන්)මම මාක්ස් ලෙනින් වදියෙක් තමන් ස්වාධිනයි කියලා නිකන් පොන්නයො වෙන්න එපා. කවුරු කරත් මම බලන්නේ අවසනෙට මොන පන්තියටද සේවය කරන්නෙ කියන එක. කවුඩ පොන්නයෙක් අන්තරෙටත් බනල තිබ්බ මම අහන්නෙ උගෙන් උ කවියට නිදහස් අධ්‍යපනයට කරලා ත්යෙන්නෙ මොකක්ද කිය්ලා.පඩ කතා නැතුව වැඩක් කරලා පෙන්නලා පොර talk දෙන්න.

කිවුව වෙලාව- 2010-11-28 01:05:10
Siribiris මෙහෙම කියනවා :
JVP karoyo saha meke adahas dakwena boho dena athera wenase pahadilikerana kenekta thagak dennew, puluwanum keranda, dinaganda.

කිවුව වෙලාව- 2010-11-27 03:32:37
aNePiNdU මෙහෙම කියනවා :
@දයා නෙත්තසිංහ,

KAVIYANTA EKATHU WENNA THIPPOLAWAL HADANNA YOJANA KARA KARA INNA EPA.. KARUNAKARALA JAVIPE TRACK EKATA GANNA WADA KARANNA.. OYA SOMAWANSHA HEERALUWAWA ELAWANDA... JATHIWADI BARAWA KAKULA KAPALA DANDA...


කිවුව වෙලාව- 2010-11-25 20:28:10
'යුද විරෝධී' cum 'ජවිපෙ ප්‍රේමී' මෙහෙම කියනවා :
මචන් හිට්මෑන්, දයා නෙත්තසිංහට අවශ්‍ය වෙලා තියෙන්න ඇත්තේ තමන් ඒ දයා නොව වෙන දයෙකු බව කීමට බව මගේ අදහසයි. මට අනුව, දයා නෙත්තසිංහ යනු ජවිපෙ ගැට්ට තවමත් කඩා ගන්නට බැරිව ලත වෙන දක්ෂ කවියෙකි. ඔහු පක්ෂ සාමාජිකයෙක්දැයි නොදනිමි. අති දක්ෂ පරිවර්තකයෙකු ලෙස අප හඳුනාගන්නා චූලානන්ද සමරනායක යනු මෙවැනිම ජවිපෙ හුරතල් කරන්නෙකි. දැන් දැන් රෝහණ පොතුලියැද්ද ද චූලා දයා මගට බැස 'යුද විරෝධී' cum 'ජවිපෙ ප්‍රේමී' දෙබිඩි විකාරයක් බවට පත් වෙමින් හිඳී.

අපි මේ අයට සගමොක් සුව පතමු.


කිවුව වෙලාව- 2010-11-25 20:25:34
හිට්මෑන් මෙහෙම කියනවා :
දසුන්!
අධිපති මතවාදය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
ජවිපෙ මතවාදය හා ඒ අධිපති මතවාදය අතර වෙනස් කම් සහ සමාන කම් තිබේද?
ජවිපෙ දේශපාලනය මණ්ඩලයේද සහාය ඇතිව සැදූ "මහින්ද චින්තන" ලියැවිල්ල අධිපති මතවාදය නියෝජනය කරන්නක්ද ? විකල්ප මතවාදය නියෝජනය කරන්නක්ද?
අධිපති පන්තියේ මර්දන උපකරණයක් වන හදිසි නීතියට පක්ෂව ඡන්දය දීමත් එය සමාජය හමුවේ සාධාරණීකරනය කිරීමත් අධිපති මතවාදයට එරෙහි වීමක්ද?


කිවුව වෙලාව- 2010-11-25 07:54:39
Dasun මෙහෙම කියනවා :
අධිපති පන්තියේ මතවාදය හැමතැනම වපුරා ඇත මොහොතක මධ්‍ය ලක්ෂය ලඟදී ජවිපෙ හමුවීම හොඳය........ ඒසා උරණ වන්නන්ට කීමට ඇත්තේ හැකිනම් තනනු යැයි එකතුවන්නට තැනක් කවියන්ට කියාය......
දයා නෙත්තසිංහ


කිවුව වෙලාව- 2010-11-25 00:53:41
Atom මෙහෙම කියනවා :
දයා?

whos this?
is this daya nettasinha?


කිවුව වෙලාව- 2010-11-23 20:33:08
Wageesha මෙහෙම කියනවා :
කවියෙකුට විප්ලවයෙන් ස්වායත්ත ව ලොකු වැඩ කොටසක් කළ හැකියි.

Ya. true. that s what this kayanna wiyanna is doing right now.....
coz they have given up the revolution. instead they r going after poetic dogs and bithes....
this is what they called the class struggle..


කිවුව වෙලාව- 2010-11-23 20:22:02
sujeewa මෙහෙම කියනවා :
@ජනක;

තුනේ කොළේ එෆ් එම් නාලිකාවකට වඩා හරවත් දෙයක් කවියාට කළ හැකියි. කොයි දේටත් විසඳුම හැටියට ව්ප්ලවයද? කොටින්ම ඕක කර ගත්තු එවුන් පෙරටත් වඩා වලක තමයි ඉන්නේ.

දූෂ්ණය වෙච්ච සිංහල කෙල්ල ගැන කිසිත් කතා නොජ්කරන මේ පීඩිත පන්තියේ නියමුවන්, දූෂ්ණය වූ දෙමළ කෙල්ලන් ගැන කණාමැදිරි රාත්‍රිඅයටත් වඩා නින්දිත මට්ටමේ කවි ලියන්නේ ඇයි?

ඔබේ පිළිතුර අව්ංක නැහැ. ඔබේ පිළිතුරත් ජවිපෙ වගේමයි. අවස්ථාවට කොළේ වහ ගන්න උත්සාහයක්.

කවියෙකුට විප්ලවයෙන් ස්වායත්ත ව ලොකු වැඩ කොටසක් කළ හැකියි.


කිවුව වෙලාව- 2010-11-23 05:29:20
හිට්මෑන් මෙහෙම කියනවා :
@ Bandara
හැදැරීම කියන එක දේශපාලන භාවිතයේදී අමුතුවෙන් ඇගට අරගෙන කරන්න ඕන කුනු හරුපයක් නෙවෙයි. ජවිපෙ මේ අවස්ථාවාදී පාවාදීම් කරන්නේ හැදෑරිම්වල නිරත නොවීමෙන් සිදුවන දැනුමේ අඩුවක් නිසා නොවෙයි. 1971 දීත් 89 දීත් ජවිපෙ මර්දනයට භාවිතා කරපු හදිසි නීතියට පක්ෂව පාර්ලිමේන්තුවේ අත උස්සන එක වැරදියි කියලා තේරුම් අරගන්න මාක්ස්වාදයවත් පන්ති සටන් ඉතිහාසයවත් ගැඹුරින් හදාරන්න ඕනෙද? අවිශිබම උද්ඝෝෂණ වලදි පොලිසියෙන් ගුටිකාලා රෝහල් ගත වෙලා හිටපු ශිෂ්‍යයෝ බලලා එන ගමන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා හදිසි නීතියට පක්ෂව ඡන්ද දෙන්න තරම් එයාලා තොත්ත බබාලද?
සාධනීය විවේචන වලින් නිවැරදි කරන්න පුලුවන් නොදැනුවත් කමින් සිදුවෙන වැරැදි නිවැරදි කරගන්න උවමනාව තියෙන අයව විතරයි. හිතාමතා අවස්තාවාදී වැඩ කරකර ඉන්න එවුන්ට මොන සාධනීය විවේචනද?
විමල් එලෙව්වේ 2008 අප්‍රේල් වල. හැබැයි ඊට පස්සේ කී වතාවක් හදිසියට පක්ෂව අත ඉස්සුවද?
දෙමළ මිනිසුන්ගේ චන්ද ගරාගන්න යාපනයේදී අතුරුදන් වෙච්ච අය ගැන උද්ඝෝෂණය කරන අතරේ ඒ අතුරුදන්වලට වගකිව යුතු එකෙක් වන ෆොන්සේකා රජ පුටුවේ වාඩි කරවන්න කඩේ ගියේ තමන්ගේ වැරැදි නිවැරදි කරගත්ත නිසාද? නැත්නම් ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩිය තියරිය අනුවද?


කිවුව වෙලාව- 2010-11-23 04:52:57
Janaka මෙහෙම කියනවා :
ස්පාටකස්ගේ මුල් ලිපිය සහ Sujeewa ගේ meyata comment 25 vithara පහතින් ඇති comment එක ගැන. කවියන්ට වඩා හොදින් සුජීව උදාහරනෙට ගත්ත දෙරණ ඇතුළු නාලිකා පත්තර FM නාලිකා වලින් ඒක කරනවා. ශ්‍රී FM එකේ කණෘමැදිරි රාත්‍රීය එහෙම. බහුතරයක් දෙනා පුරුදු වෙලා ඉන්නෙ ඛේදවාචකත් enjoy කරන්න. ඉතින් ඛේදවාචක වලට හොඳ market එකක් තියෙනවා කියලා උන් දන්නවා. කවියා කල යුත්තේ මේ නාලිකා කරන දෙයද ? කවියා තම හැකියාව යෙදවිය යුත්තේ අනෙක් අය තුළ එවැනි ඛේදවාචක ගැන කම්පනයක් ඇති කර අනේ අපොයි කීමට පෙළඹවීම පමණක්ද? සැබෑ කවියා එවැනි සිදුවීම් තුළින් අනෙක් අය තුළ පවා කම්පනයක් ඇති කරයි නම් ඔහු තුලම එවැනි ඛේදවාචක සිදුවීමේ හේතුව සෙවීම සහ ඒවා අවම වන ලෙස සමාජය වෙනස් කිරීමේ පෙළඹවීමක් ඇති නොවී තිබිය හැකිද? ඔහු ඒ වෙනුවෙන් මිනිසුන් පෙළඹවීම සඳහා කවි ලිවීම නොකළ යුතුද? එසේ නොවේ නම් කවියා සහ FM කාරයා අතර වෙනස කුමක්ද ? යම් සංවිධානයක් සමාජ විප්ලවයක් මගින් එවන් ඛේදවාචක අවම වන සමාජයක් ඇතිකල හැකියයි සිතන්නේ නම් ඔවුන් ඒ සඳහා කවියා පෙළඹවීමේ (අණ කිරීමේ නොවේ) වරද කුමක්ද? මා කියන්නේ සමාජ විප්ලවයක් මගින් සියළු මිනිසුන් සියළු දුකින් අත් මිදෙන බව නොවේ. එහෙත් බොහෝ මිනිසුන්ගේ බොහෝ වේදනාවන්ට සමාජ ආර්ථික තත්වයේ සෘජු සම්බන්ධයක් ඇති නිසා වඩා සාධාරණ සමාජ ක්‍රමයකින් එවැනි වේදනා අවම වන බව සහ එබැවින් මිනිස් වේදනාවන්ට සංවේදි වන කවියා තුළ ඒ සඳහා පෙළඹවීම ඇතිවීම ස්වාභාවික වන අතර සමාජ විප්ලවයක් අරමුණු කරගත් සංවිධාන ඒ සඳහා කවියන් යොමුකරන්නේ නම් එය නිවැරදි බවය.

කිවුව වෙලාව- 2010-11-23 04:37:33
sujeewa මෙහෙම කියනවා :
[[@buty chuba
කවිය යනු කුමක්ද? සුජීවට අනුව එය වෙසගනකි.]]

වචනයක් අල්ල ගෙන කෑ ගහන තවත් පිස්සෙක්.

කවිය වෙසඟනක් මෙන් තම දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගන්නා බවයි කිව්වෙ, බූන්දියත්, ජවිපෙත්. කවියෙහි නිරපේක්ෂ සුන්දරත්වය සදාකාලිඅක ව පවතීවි. මේ ලෝකේ කවි ලියන්නේ බූන්දියයි ජෙප්පොයි විතරක් නොවේ. සමස්තයෙන් අබ ඇටයක් විතරයි මේ දෙන්නා.

කතාව ඇත්තේ මේ දෙන්නා ගැනයි. දෙන්න ම කරන්නේ කවිය වෙසඟනක් සේ යොදා ගැනීමයි. ලෝකේ කවි ලියන්නෙ ඕනේ මෙගොල්ලන්ගෙ දෙශපාලන මත ඔප්පු කරන්න විතරයි කියලයි දෙගොල්ල ම හිතන් ඉන්නෙ.

මේ ටික තමුන් නොදැන නොවේ ඉහත සටහන දැම්මේ. කට වාචල කමට කියවන, වචනයක් අල්ල ගෙන ක්ෂණික මෝචනය වී උඩ පණින තමුන් වගේ පිස්සන්ගෙන් මේ අඩවියේ ගුණාත්මක සංවාදයට වෙන්නේ ලොකු අඩුවක්.


කිවුව වෙලාව- 2010-11-23 01:51:15
හරිය මෙහෙම කියනවා :
ක වි කට්ටිය, ඔයාලා හිතන්න අර ස්ටාලින් මරාදාපු මායාකව්ස්කි [පක්ෂ කාඩ් පත මූණට ගසා දානවා කිව්වෙ] , ආන්නා අහ්මෙතොවා වගේ අය ගැනත් හරිය.

කිවුව වෙලාව- 2010-11-23 01:42:08
Bati Chuba මෙහෙම කියනවා :
කවිය යනු කුමක්ද? කැලුම්ගෙන් අහුවොත් කැලුම් මෙසේ කියනු ඇත...

"හා මචO මේ මාසෙ ... දා වෙනස් වෙන්ඩ එන්ඩ එතනදි අපිට මෙවා විසඳගන්ඩ පුලුවO..."


කිවුව වෙලාව- 2010-11-23 00:52:50
Bati Chuba මෙහෙම කියනවා :
කවිය යනු කුමක්ද? සුජීවට අනුව එය වෙසගනකි.

කිවුව වෙලාව- 2010-11-23 00:50:58
SiDuHaTh මෙහෙම කියනවා :
Bandara says-
"උදාහරණයකට X එක කියූ දේ වලින් බාගයක් ජවිපෙ කියුව නම් ජාතික පත්තර සහ නාලිකා වෙනම කාලයක් වෙන් කරයි ඒවට පහර දෙන්න"

JVP karayo koheda ooyi X eka kiyapuwayen bagayak neme 0.00005kwath kiyanne...
othana innawada hadareemak thiyana ekek...
othana innawa deka punna nam hari hapannu godak...

deka puna side ekenma idiriyata yanna balapalla...


කිවුව වෙලාව- 2010-11-23 00:47:25
Anonymous මෙහෙම කියනවා :
අනේ බන්ඩෝ, වෙන හොද විදිහක් හොයන් වරෙන් දෙක පුන්න. ජවිපෙ වෙනස් වෙලා හින්දද පුබුදු ජයගොඩලා අනෝමා ෆොන්සෙකගෙ ජOගි හෝදන්නෙ? පල පල යන්න සෙවල බන්ඩා... බොරු නම් වලින් ඇවිත් මාර සිරා කොමෙන්ට් දාන්ඩ එපා.. බන්ඩා බන්ඩාම තමා යකෝ...

කිවුව වෙලාව- 2010-11-23 00:39:22
Anonymous මෙහෙම කියනවා :
භණ්ඩාර භභා! හා හා...

කිවුව වෙලාව- 2010-11-23 00:36:45
sujeewa මෙහෙම කියනවා :
@බණ්ඩාර;

මේ විවේචන වල ජවිපෙට කියන කතා ඔවුන්ගේ ජානමය ලක්ෂණ කියායි මටනම් හිතුණේ. අවස්ථාවාදීව කඳවුරු හා මතවාද මාරු කරමින් රට/ජනතාවට පළමුව පක්ෂය යන තේමාවෙන්, මොනවා හෝ තර්කයක් දමමින් ඉන්නා ජවිපෙ ස්වභාවය ගැන නේද විවේචන. ප්‍රතිවාදී මත දැරුවත් බූන්දිලා එහෙම කළේ නෑ.

හබැයි කවිය වෙසඟනක් සේ පාවිච්චිය නම් දෙගොල්ලො ම කරනවා. එක ගොනාට කස්ටමර්ස් ලා දෙන්නෙක් සෙට් වීමෙන් ඇති වන වලියක් අප මේ ශකින්නේ.


කිවුව වෙලාව- 2010-11-23 00:05:10
Bandara මෙහෙම කියනවා :
මේ මොහොතේ ලාංකීය සමාජය වෙනස් කරන්න හිතන අයෙකු ඒකට මැදිහත්වෙන විධි දෙකක් තියෙනවා. එක පුවත්පතක් ,web site එකක් කරගෙන පවතින දේවල් විවේචනය කරන ඉඳහිට රැස්වීමක් තියන කණ්ඩායමක් හා එක්වීම. ඒ වගේ තැන්වල එකතු වෙන අය සාමාන්‍ය සමාජයේ ජනප්‍රිය (කර ඇති) මතවලට වඩා වෙනස් සාධාරණ ප්‍රබුද්ධ මත දරණ අය නිසාත් එම කව වලින් පිටත සමාජය සමග දේශපාලන ගණුදෙනු අවම නිසාත් කට්ටියටම එකතු වෙලා පවතින දේවල් විවේචනය කරන එක ලේසියි. කුණුගාගන්න වෙන්නෙත් නැහැ. හැබැයි සමාජය වෙනස් කරන්න සාමාන්‍ය සමාජය සමග ගැටෙන සංවිධානයකට ඕනෑම දෙයක් ගැන තමන්ගේ අදහස් කියන්න තියෙන නිදහස අඩුයි. තෝරාගත් දේවල් ප්‍රමාණයක් එක්ක තමයි ගැටෙන්න වෙන්නේ. (උදාහරණයකට X එක කියූ දේ වලින් බාගයක් ජවිපෙ කියුව නම් ජාතික පත්තර සහ නාලිකා වෙනම කාලයක් වෙන් කරයි ඒවට පහර දෙන්න) කුණු විවේචනය කරණ අයගේ ඇඟේ කුණු නොගෑවුනාට කුණු අයින්කරන්න නම් කුණුවලට බහින අයට කුණු ගාගන්න වෙන එක වලක්වා ගන්න අමාරුයි. වලවල් වල වැටීමේ ඉඩකඩ වැඩියි. කුණු ගැන හොඳ දැනුවත් බවකින් වැඩෙට බහින්න වෙනවා. (හැබැයි ඒ නිසා කුණුවලේ පිණුම් ගහන්න නම් අවශ්‍ය නැහැ). මේ comment වල ජවිපෙට තියෙන විවේචනවලට අදාළ කාලය අවුරුදු දෙකකට එහා. ජවිපෙ විවේචනය කරද්දී ඉහත කී තත්වයනුත් පසුගිය අවුරුද්ක කාලය තුළ ඔවුන්ගේ ක්‍රියාවනුත් අදාළ කරගන්න

කිවුව වෙලාව- 2010-11-22 23:51:40
බූන්දි මෙහෙම කියනවා :
@Siribiris & Others,

කොමෙන්ට්ස් ඉවත් කිරීම සම්බන්ධයෙන්-

අප කිසිදු කොමෙන්ටුවක් ඉවත් කොට නැත. කොමෙන්ට්ස් දමන විදිහේ අවුලක් නිසා (උදා- කොමෙන්ට් එක සමග ලින්ක්ස් දැමීම අවහිර කොට තිබේ.) දමන කොමෙන්ටුව එකතු නොවීමට ඉඩ තිබෙයි. පාලනය කර ගත නොහැකි ලෙස පුද්ගලික කාරණා සඳහා ප්‍රතිචාර අවකාශය යොදා ගැනීමේ දී (උදා- ඉනෝකාගේ ලිපිය) සහ ප්‍රස්තුතයට අදාළ නැති ලෙස වචන කුණුහරුප දමමින් යම් කෙනෙකු විනෝද වීමක් නිරීක්ෂණය වීමේදී හැර අප කොමෙන්ට්ස් ගලවන්නේ නැත. කෙළින්ම බුන්දිය එල්ල කොට දමා ඇති නිෂේධනීය කොමෙන්ට්ස් කෙතරම් ප්‍රමාණයක් මේ වෙබ් අඩවියේ තිබේදැයි ගැන බැලීමෙන් අවශ්‍ය කෙනෙකුට මේ ඇත්ත වටහා ගත හැක. බූන්දිය තුළ සෙමෙන් එහෙත් ස්ථාවර ලෙස, සංවාදශීලී අවකාශයක් ගොඩ නැගීම අප දකින්නේ අපගේත් අප සමග එක් වන ඔබගේත් ජයග්‍රහණයක් ලෙසිනි.

ස්තූතියි.
බූන්දි


කිවුව වෙලාව- 2010-11-22 20:21:03
Ka Wi yaaaa මෙහෙම කියනවා :
කවිය ජෙප්පන්ගෙ බූඩලයකුත් නෙවෙයි/

කිවුව වෙලාව- 2010-11-22 20:13:03
Dedunu මෙහෙම කියනවා :
JVP ekata sankruthika peramuna sihiwenne kelawunama, wimukthi gee kiyala nandana marasinha dala Sunila wage aya allagathhtha, passe nandanawa nathi kala. mun ekka doyiyanna yana gembonta wenne baka baka gaga inna. pala nathi ruk walata gal gahanawa, kemak widihata.

කිවුව වෙලාව- 2010-11-22 20:06:25
ගජමෑන් මෙහෙම කියනවා :
අනේ සිරිබිරිසෝ!
උඹට අත්දැකීම් තියෙන්නේ ජවිපෙට බනින එවුං නතරවෙච්ච තැන් ගැන විතරද? ජවිපෙ නතරවෙච්ච ලැග්ග තැන් ගැන උඹට තියෙන්නේ කකුල්දැකීම්ද?
ධනපති ආණ්ඩුවල ඇමැතිකම්වලට වම පාවලා දුන්නා කියලා පරණ වමට කියලා 1971දී විප්ලවේ කරන්න ආයුධත් අරගෙන ජීවිත ගණනාවක් විනාශ වුණාට පස්සේ 2003 දී චන්ද්‍රිකාගේ ඔඩොක්කේ වාඩි වෙලා ඇමැතිකම් 4ක් අරගෙන නතර වුනේ කොතනද? විජේදාස ලියනාරච්චි මරන්න වුන එකා රජ පුටුවේ වාඩි කරවන්න පක්ෂේ කේඩර් එකේ අහිංසක දුප්පත් කොල්ලෝ ලව්වා පොස්ටර් ගස්සනකොට ජවිපෙ නතරවුනේ කොතැනද? පක්සේ එවුන් මරපු පොන්සේකාට කඩේ යනකොට ඒක නතරවුනේ කොතැනද?
නිකම් මෝඩ ආතල් ගන්නේ නැතුව ඉන්න තැනකට වෙලා හිටපං.


කිවුව වෙලාව- 2010-11-22 15:38:24
සිල්වා මෙහෙම කියනවා :
මොකෝ මේ කට්ටිය දයාට ගහන ගමං බූන්දියටත් ගහන්නේ. ද‍යා කියන්නේ බූන්දියෙ මතය නොවෙයිනෙ. කට්ටියටම දැං බූන්දිය කරදරයක් වෙලා වගේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට.

කවිය කියන්නෙ බූන්දි‍ය නොවේ. ඒත් සයිබර් අවකාශයේ සාහිත්‍යය කලාව එක් තැන් කළේ බූන්දිය. ඒකට ගහනවා නම් ඒක රැක ගන්න ඕනෙ වෙලාවක ලෑස්තියි මොකද බූන්දිය තාම අතරමං වෙලා නැති හින්දා.


කිවුව වෙලාව- 2010-11-22 14:25:47
Siribiris මෙහෙම කියනවා :
Ai me appi dane comment galewanne, mehemenum Boondiya wadekerande yanne, balamu mokeda wenne kiyala mathekedima, vilasithawak vasheyen JVP ekka vivecheneya kerena aye anthimeta nawethinne koheda kiyala samajeyate onawetath wada athdakeem thiyennewa.

කිවුව වෙලාව- 2010-11-22 10:01:55
Nasrudeen මෙහෙම කියනවා :
perbha..] මෙහෙම කියනවා :
"මෙතන වැඩ බැරි ටාසන්ල ටිකක් කෑගහනව...මේකෙන් තෙරෙන්න ක යන්න වි යන්න වැඩේ හොදටම කෙරුනයි කියන එක..මොකද \'\'පල ඈති රුකටනෙ ගල් ගහන්නෙ..මමත් එදා මේකට සම්බන්ද උන නිසා එහෙම කියන්නෙ....මේ බොරුවට කෑගහන අයට කියන්න..වැඩක් කරන්න බැරිනම් කට වහගෙන ඉන්න.."

මෝඩයන්ට මැජික් කියන්නේ ඕවාට තමයි . අර ඒ දවස්වල " තිස්සමහාරාම ප්‍රාදේශිය සභාවේ " කිරි ඇතිලියෙන් ඔබ්බට " එහෙම නැත්නම් අනුරකුමාරගේ "වැව් දාහ" වගේ මැජික් තමයි ඕවත්. අන්තිමේ පසුගිය ඉලැස්සොන් එකෙං " කිරි ඇතිලියෙන් හොම්බට!"


කිවුව වෙලාව- 2010-11-22 07:59:32
ගාමිණී මෙහෙම කියනවා :
To Daya & Boondi, දේශපාලනය ගැන මත පළ කරනවා කියන්නේ තමන්ගේ හිතේ තියෙන තියෙන විකාර මොකක් හරි තමන්ට දිරවන්නෙ නැති පක්ෂයකට පටවලා පලු පැලෙන්න ගහන ‍එක නොවෙයි. කලින් මහ පොළොවේ තියෙන යථාර්ථය දිහා බලන්න. ඊළඟට ඒක ගැන තමන්ට තිබෙන විවේචන ලියන්න. ඔයාට ලියන්න පුළුවන්. ඒ ගැන සතුටුයි. නමුත් සාධනීය විචාර කියන්නේ ඔය විදියට ලියන ඒවා නොවෙයි. ඔයාත් වැටෙන්න යන්නේ 'දෙන්නම් බැටේ'ගොඩට. විවේචනය කරන්න ඕන ඔයාගේ හිතේ තියෙන දේ නොවෙයි.

කිවුව වෙලාව- 2010-11-22 07:56:25
සමන්ත මෙහෙම කියනවා :
අහෝ බූන්දි නොදුටු මොක් පුර

කවිය බූන්දිලාගේ නොවෙයි. කවිය සමාජයේ. බූන්දිලාට ඕන නම් කලින් කළා වගේ මොනවා හරි කරන්න පුළුවන්. ඒත් දැන් වගේ කුහක කම් පෙන්වන්න ගියොත් කලින් කරපු දේවල්වලට තියෙන ගෞරවයත් නැති වෙනවා. අනෙක වාමාංශිකයින්ට මේ තරම් කුහක වෙන්න පුළුවන්ද? කැතයි හොඳේ...


කිවුව වෙලාව- 2010-11-22 07:49:05
Bandara මෙහෙම කියනවා :
පහුගිය දශකවල සමාජ ක්‍රමයෙන් වඩාත් පීඩාවට පත්වුන එය වෙනස් කිරීමට ක්‍රියාශීලීව මැදිහත්වන දකුණේ වැඩ් දෙනෙක් ගියෙ ජවිපෙ ඇතුළතට. සමාජ කූමය හා මතවාදීව එකඟ නොවන එහෙත් එයින් දැඩ් පීඩනයකට ලක් නොවුන න්‍යායාත්මකව වඩා දැනුවත් කොටස් හිටියෙ ජවිපෙන් පිටත. මේ දෙගොල්ල එකිනෙකා ප්‍රතික්ෂේප කිරීම නිසා ජවිපෙ න්‍යායත්මක හැදෑරීම් හාස්‍යයට ලක්කර දෘශ්‍යමාන වන රැළිවල ගසාගෙන යාමත් වමේ හදාරන්නන් රීතියක් ජවිපෙට එරෙහි වීමත් දක්වා එය ගැඹුරු වුනා. එය සමාජ විප්ලවය සඳහා පෙළගැසීමේ විභවයක් සහිත දකුනේ පිරිසක් ජවිපෙ සමග ජනප්‍රිය ජාතිවාදී රැළි වලට හසු වී දෙමළ ජනතාවගේ ගැටළු වලට සංවේදී නොවීම, උතුරේ එවැනි පිරිස් සහ දෙමළ ජාතික අරගලය වම කෙරෙහි නැඹුරු වූ සංවිධාන වලින් ගිලිහී වඩා ජාතිවාදී අන්තයන් වෙතට ඇදීයාමට සහ අවසානයේ උතුරේ සහ දකුනේ මහා ජීවිත විනාශයට හේතුවක් වුනා. එවැනි ඛේදවාචක නැවත සිදූ නොවීමට විනෝදාංශයක් ලෙස ජවිපෙට මඩ ගැසීම නොව සාධනීය විවේචන මගින් එයට බලපෑම් කිරීමවත් කරන්න. ජවිපෙ කියන්නෙ එසේ වෙනස් කළ නොහැකි දූෂ්ඨ කම් වලින් පිරුණ දූෂ්ඨ කම් සදහාම හැදූ කුමන්ත්‍රණකාරි සංව්ධානයක් නම් සමාජ විප්ලවයේ සටන්පාඨ ඉදිරියට දමාගෙන එවැනි සංව්ධාන බිහිවීමේ හේතුව හෝ comment වලින් බැරිනම් වෙනම ලිපියකින්වත් පහදා දෙන්න. වීරවංශ එළවීම, ඉන්පසු 2008 අගදී කළ වැඩවර්ජනය (යුද්ධය නැගලා යන කාලයේ) කඳවුරු ගත දෙමළ තරුණයන් නිදහස් කර ටැනිම වෙනුවෙන් උද්ඝෝෂණ කිරීම ( පුවත්පත්වලින් සහ website වලින් පමණක් නොව කොළඹ යාපනය වැනි නගරවලත්) වැනි දශකයක් පමණ කාලයක් එකතුකරගත් ජාතිවාදි චන්ද පදනම දියකරන ආකාරයේ ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග ගැනීම හුදු අවස්ථාවාදී ක්‍රියාමාර්ග පමණක්ද ? ස්පාර්ටකස් දයා හෝ වෙනත් කෙනෙක් මේවා ගැන අපව දැනුවත් කරන්න.

කිවුව වෙලාව- 2010-11-22 05:27:51
ASHEN. මෙහෙම කියනවා :
KAyanna wiyanna ela wadak...

කිවුව වෙලාව- 2010-11-22 04:13:58
perbha.. මෙහෙම කියනවා :
මෙතන වැඩ බැරි ටාසන්ල ටිකක් කෑගහනව...මේකෙන් තෙරෙන්න ක යන්න වි යන්න වැඩේ හොදටම කෙරුනයි කියන එක..මොකද \'\'පල ඈති රුකටනෙ ගල් ගහන්නෙ..මමත් එදා මේකට සම්බන්ද උන නිසා එහෙම කියන්නෙ....මේ බොරුවට කෑගහන අයට කියන්න..වැඩක් කරන්න බැරිනම් කට වහගෙන ඉන්න..

කිවුව වෙලාව- 2010-11-22 03:52:04
ආගන්තුකයා මෙහෙම කියනවා :
@Sanka--

මේක ජවිපෙ මගින් කරනු ලබන දේශපාලනික න්‍යාය පත්‍රයක් යටතේ වෙන වැඩක් කියලා කියනවානම් මම හිතන්නේ ඒකට හේතු සහිතව ඒක පෙන්වා දිය යුතු වෙනවා.. මමත් හිතන්නේ එතන නම් වෙන්නේ ගරිල්ලා වැඩක් තමා..

@BLive


කිවුව වෙලාව- 2010-11-21 22:34:39
බූන්දි මෙහෙම කියනවා :
[sujeewa] මෙහෙම කියනවා :
///බූන්දි hyperlinks දාන්න දෙන්නේ නෑ. ඒකයි block එක///
කිවුව වෙලාව- 2010-11-19 05:47:49

@sujeewa,

මචන්, නිරීක්ෂණය හරි. කොමෙන්ට්ස් වල ලින්ක්ස් දමන එක බ්ලොක් කරගෙන ඉන්නෙ ස්පෑමර් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට. මේකට වෙන ටී්‍රට්මන්ස් දෙන්න පුළුවන්. [eg- Captcha] නමුත්, එතකොට ප්‍රතිචාර අවකාශයට කොමෙන්ට් එකක් දමන එක හෙණම ඇණයක් වෙනවා. ලින්ක් එකක් පෙන්වන්න දැනට තියෙන ක්‍රමය ප්‍රතිචාර දක්වන්නාගේ ලින්ක් එකට අදාළ ලින්ක් එක සෙට් කිරීමයි... මේක ස්පෑමර්ස්ලාගෙනුත් බේරගෙන ලින්ක්සුත් දමන්න ඉඩ දෙන විදියෙ ගැජමැටික්ස් එකක් ගැන අපි හොයමින් ඉන්නවා... කණගාටුයි අපහසුතාවයට.....

බූන්දි


කිවුව වෙලාව- 2010-11-21 20:15:41
Siribiris මෙහෙම කියනවා :
JVP patta gahana sira viplavawadde ekka mahatheyekuta hari puluwanda JVP yanu kumak de kiyala gaburu vishleshenayak keranda, ekka keraganda barinum soryma thama.

කිවුව වෙලාව- 2010-11-21 14:15:02
Sankha Kirindiwela මෙහෙම කියනවා :
මම මේ කමෙන්ට් එක කියවන කොටම හිතුණා බූන්දියේ මේක ලිපියක් හැටියට පළවුණා නම් හොඳයි කියලා. මොකද මේ මොහොතේ අවශ්‍ය සංවාදයකට උවමනා මඟ හෙළිකිරීමක් වගේම සු‍විශේෂී අධ්‍යයනයක් එහි අන්තර්ගත වුණා. විශේෂයෙන් අපි බූන්දිය හා සමීප වීමේ කතාන්දරය ඊට සුදුසුම යැයි කිවහැකි භාෂාවකින් ලියා තිබෙන නිසා.
ඉතා ගැඹුරු නිහඬත්වයක් පැවැති සමයෙක බිහිවූ රික්තය පිරවීම බුන්දිය විසින් සිදුකළායින් පසු ඒ වෙත එකතුවුණු දැවැන්ත පිරිස නිසාම විකල්ප බූන්දියක් ( බූන්දි වගේ එකක්) බිහිකිරීමට දරණ ලද උත්සාහයන් අපි ඕනෑ තරම් අත්දුටුවා. ඒක නිසා දයාගේ අදහස තුළ තියෙන පැහැරගැනී‍මේ උත්සාහය කියන අදහසට යම්කිසි විදිහකට මම එකඟ වෙනවා. ඒත් බූන්දියේ බිහිවීම නලදරු උපතක් නෙවෙයි. බූන්දියෙ පැවැත්ම කෘතීම ඔක්ෂිජන් මත රඳා පවතින්නක් නෙවෙයි.ඒක බොහෝම ස්වභාවික මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයකින් යුතු වූවක්. මේ ගැන වැඩි විස්තර අවශ්‍යම වුනොත් කතා කරමු.

‍මධ්‍ය ලක්ෂය විවේචනය කරමින් ස්පාටර්කස් විසින් ලියන ලද ලිපියේදී මා විසින් කොන්දේසි විරහිත විවේචනයට විරුද්ධව ලියන ලද අදහස නිසා කිසියම් පාර්ශවයක් වෙත මාව ඇදදැමීමට උත්සාහ කළ බවක් මට දැනුනා. එතනදි මම ස්පාටකස් විසින් කියා තිබෙන කරුණු වැරදි බව හෝ ජවිපේ හෝ මධ්‍ය ලක්ෂ්‍ය සම්පූර්ණයෙන්ම නිවරැදි යැයි ප්‍රකාශ කර නැහැ. මා කියා ඇත්තේ සංවාදය වඩා සාධනීය තලයකට ගත යුතු බව පමණයි. දෙවැනි කමෙන්ටුව තුළ වුනත් මගේ ඒ අදහසමයි ප්‍රකාශ වෙන්නේ. එහෙම නැතිව ජවිපෙ කරන සියළු දෑ හොඳයි කියන ස්ථාවරයේ නෙවෙයි.

සයිබර් සංවාදයේ තියෙන දුර්ගුණ නිසාම දයාගේ අදහස පිළිබඳව වුනත් හරවත් සංවාදයක් ගොඩනැඟිලා නැහැ. ජවිපෙ තුළ තියෙන ඒකාධිපති ලක්ෂණ බොහෝ මධ්‍යගත සංවිධාන තුළින් පැනනඟින නිශේධනීය ලක්ෂණ්‍යක්. ඒක ජවිපෙ තුළ හොඳින් වැඩී තියෙනවා. අන්තරය ගැන වගේම ජවිපෙ බලය තියෙන ඕනෑම තැනක ඊට විකල්ප මතුවන ඕනෑම ප්‍රවනතාවක් විනාශ කිරීමට ඔවුන් පෙළඹීම ඔවුන්ගේ සහජ ලක්ෂණයක්. එතනදි ඔවුන් ප්‍රධාන සතුරා කරගන්නේ තමන්ගේ ප්‍රධාන සතුරට වඩා විකල්ප බිහිවන කණ්ඩායමයි. න්‍යායිකව අස්ථාන ගතව සිටි ආකාරයත්, අවස්ථාවාදීකමත්, විකල්පයේ සියළු බලය තමන්ට විතරක් ලියාගන්න උත්සාහ කරන මිලිටරි ගතිලක්ෂනත් දයා විසින් මතු කරන්නට උත්සාහ කරන ප්‍රධාන කරුනු හැටියට ගන්න පුළුවන්.

මට විවේචනයක් හැටියට තියෙන \"ඩොලර්\" පිළිබඳ කතාව මම ලිව්වේ එය ජවිපෙ විසින් භාවතා කරන ආකාරයේ සදාචාරවාදී ආකාරයකට නෙවෙයි. විශේෂයෙන් විකල්ප දේශපාලන සංවිධාන වශයෙන් ගොඩනැඟෙන්න උත්සාහ ගෙන එහි මුඛ්‍ය ගැටලුව වුණු මූල්‍යමය ප්‍රශ්ණ විසදාගැනීමට විදේශාධාර සපයා ගැනීම නිසා අන්තිමට විකල්ප බව කෙසේ වෙතත් අන්ත දූෂිත මිනිසුන් බවට පත්වූවන් ගැන කතා හොඳින් දන්නා නිසයි. මේක මට වැදගත් වෙන්නේ ඒක බටහිර හා ගණුදෙනු කිරීම හෝ වැඩි ආදායමක් ලබා ගැනීම වැනි කාරණා නිසා නෙවෙයි, ප්‍රාග්ධනය දේශපාලනය හෝ කලාව අතරමැදට පැන කරන විපත්තිය නිසයි. දැනටත් විකල්ප බ්ලොග් කටුවක් අටවගෙන, ඒකට ආධාරයක් අරං ඒකෙන් මහාපරිමාණ විප්ලව කරන්න උත්සාහ කරන අය ඉන්නවා කියල ආරංචියක් තියෙනවා. ඒ අනුව ගත්තම සල්ලි පැත්තකටවත් ගාවගන්නේ නැතුව (මුදල් වියදම් කරන්න ඇති. ඒත් ඒ තමන්ට අවශ්‍ය දේට මිසක් තව කෙනෙක්ගේ වුවමනාවට නෙවෙයි) මධ්‍ය ලක්ෂය කරපු එක එහි එක් සාධනීය අංගයක්.


කිවුව වෙලාව- 2010-11-20 09:33:54
sujeewa මෙහෙම කියනවා :
මං හිතුවේ මේක මාතෘකාවට අදාළයි කියලා. කිසිම උත්තරයක් [කොයි පැත්තෙන් වත්] නැති නිසා නැවත දාන්නේ.

----------------

කවියක සමාජ විවරණය ගැන කෑ ගහන [මරා ගන්න] කට්ටියට පොඩි කල්පිත උදාහරණයක් මෙන්න.

අපි ගමු දෙරණේ පළවුණු බෙලි අත්තේ නින්දිත පුවත.

මේ කෙල්ල දුප්පත්, ගැමි, කෙල්ලක්. පීඩිත පන්තියේ නියමුවන් වෙතින් නියෝජනය වීමට සියළු සාධක ඇය සතුයි.

කීයක් කවි ලියවෙයි ද ඇය ගැන?

ඒත් මෙහෙම හිතුවොත්?

- බැරිවෙලාවත් ඇය දෙමළ කෙල්ලක් නම්, දූෂකයා සිංහල නම්. ඔන්න කවි ලියයි ගෝනි ගණන්.

- එහෙමත් නැත්නම් කවි ලියයි ඇය බෙලි අත්තේ හින්දා. ලොක්කගෙ ගම නිසා, ඌට ඔලොක්කුවට ලියයි, කෙල්ල වෙනුවෙන් නම් නොවේ.

- මේක කෙනෙක්ට හිතෙන්න තිබ්බා වැල තහනමින් උන දෙයක් කියලා, කෙල්ලගෙ තාත්තාට ජාල සඹදතා තිබ්බා නම්, දූෂණය වුණේ ළඟකදි නම්. ඔන්න ලියයි වැල නැති කමින් දරුවන් දූෂණය වෙන හැටි ගැන.

- හඳ[ගම]මාමා කියයි ඔය මං කිව්වෙ කියලා. ඌ ගහයි තව ෆිල්ම් එකක් තහණම් වෙන්න ම කියලා.

ඔන්න අපේ පීඩිත පන්තියේ වීරයින්ගේ වැඩ [හඳ මාමා මොන පතියේ මොකෙක් දැයි ඉර මාමා වත් නොදනී]

මේ රටේ පීඩිත පන්තියට විතරක් තියෙනවා අටෝරාසියක් ප්‍රශ්ණ. උන්ට විතරක් නොවේ අනික් මිනිසුන්ටත්. කොටින් ම පැහැදිලි ව බෙදිය හැකි ඔහොම පන්ති ලෝකේ නැහැනේ.

ඉතින් මේ මිනිසුන් ගැන ලියන කොයි කවියත් උතුම්. ශ්‍රේෂ්ඨත්වය මැනිය යුත්තේ කවි ගුණයෙන් හා අරුතින් නේද?

කවියකින් මිනිසුන් අතරට ගොහින් මේ කෙල්ල වගේ මිනිසුන් ට හඬක් දෙන්න පුළුවන් නම්, මේ වගේ දේවල් වළකින තැනට ගේන්න පුළුවන් නම්, ඊට වඩා විප්ලවයක් තවත් නෑ.

කීයක් කවි ලියවෙයි ද ඕකට?


කිවුව වෙලාව- 2010-11-20 07:22:11
vsNGO මෙහෙම කියනවා :
@NGO

ane gono,.


කිවුව වෙලාව- 2010-11-20 01:16:43
පොළොං තෙළිස්සා මෙහෙම කියනවා :
"බූන්දිය සිය කෙටි ගමන් මගේදී සමාජයේ විචාර බුද්ධිය සහ හෘදය සාක්ෂිය අවදි කිරීමට තැත් දැරූ බව පැහැදිලිය. සිය මවුබිමේම එක් කෙළවරක මහා මිනිස් සංහාරයක් සිදුවන විට එය නෑසු කන්ව "සාහිත්‍ය සංවාදයන්" හි නිරතවනු වෙනුවට ඒ පිලිබඳ විරෝධාකල්ප නිර්මාණ සමාජගත කරමින් සංහාරයේ ගොදුරු බවට පත් ළමා ළපටින් ගැහැණුන් මහල්ලන් වෙනුවෙන් නොපැකිළව සිට ගත්තේය. "
.................................
අනේ ..කෝ.
අනිත් කොණේ උදේ හවස බෝම්බ වලින් මැරුනෙ ඇමරිකන් කාරයොද,තොගෙ ජාතියෙම උන් නේද,මැරිච්ච එක සිංහළයෙක් ගැන දෙයක් ලියන්න බූන්දියෙ එකෙක් හිටියෙ නෑ,
ළමා ළපටින් ගැහැණුන් මහල්ලන් මළේ උඩ පැත්තෙ විතරද,
බූන්දියෙයි ජෙප්පන්ගෙයි වෙනසක් නෑ,දෙගොල්ලම මේක ලියපු එකා වගේ පෙරේතයො එක්ක නිදාගන්නවා.එච්චරයි
..............


කිවුව වෙලාව- 2010-11-19 22:16:21
NGO මෙහෙම කියනවා :
මධ්‍ය ලක්ෂය ළඟදි හමුවුනේ ජෙප්පොනම්
බූන්දිය ළඟදි හම්බවෙන්නෙ කාරයො NGO ටිකක්නෙ බන් ....!


කිවුව වෙලාව- 2010-11-19 22:01:27
piiditha මෙහෙම කියනවා :
කාගේ හෝ පැහැදිලි ජාතිවාදය හා ගනුදෙනු කිරීම වෙනම වැඩක්. අපිට ප්‍රශ්නේ තියෙන්නෙ ජාතිවාදය හා අනිකුත් වාද අතර ඔන්චිලි පදින අවස්තාවාදී කුක්කු බබාලා එක්ක. අපි ඒක ගැන කතා කරමු.

කිවුව වෙලාව- 2010-11-19 11:09:25
sujeewa මෙහෙම කියනවා :
[[දයා කියුව දේ අතිශොක්තියක් කියලා කියන්න පුලුවන් තරම් උතුරේ සිදු වූ දෑනුමක් සුජීවට ලෑබුනෙ කොහොමද?]]

දයා කියූ ටික කියන්න තරම් උතුරේ සිදු වූ දේ ගැන අවබෝධයක් දයාට ලැබුණේ කොහොමද? ටැමිල්නෙට් හා ඊ නිව්ස් වලින් ද? අප කවුරුත් මෙහි බාහිර නිරීක්ෂකයින්. කවුරුත් දකින්නේ දහසක් බොරු වල එතූ කතාවක්.

ඒත් දයාගේ මෙන්න මේ ටික නිරපේක්ෂ ව ම බොරු.

“මර්දනකාරී යුද්ධය ලංකාවේ පමනක් නොව ලෝක ඉතිහාසයේද සිදු වූ ම්ලේච්ඡ මිනිස් සංහාරයන් අතරින් එකක් බව සැගවිය නොහැක” [ලෝකයේ සිදු වූ යුද්ධ අතරින් මිනිස් ඝාතන සාපේක්ෂ ව අඩු වූ යුද්ධයක් මේක. පිටස්තරයෙකුටත් එය පෙනිය යුතුයි. ඔබ සංසංදනය කරන්නේ ඉරාකය ඇෆ්ගනිස්ථානය, පැනමාව, චෙච්නියාව, බොස්නියාව එක්ක නේද? ඒකයි මං අහුවේ මීට වඩා හොඳින් යුද්ධ කරන්න එතුමා දන්නවද කියලා]

“තුන් ලක්ෂයකට ආසන්න ජනතාවක් හතරවටින් කොටු කර” [මේක කළේ කොටියන් මිස හමුදාව නොවේ. දරුණු යුද්ධයකදී එක් පාර්ශ්වයක් මෙහෙම වාසි ගන්න විට අනෙක් පාර්ස්ශ්වයට බලා සිටිය නොහැක. හිටිය මිනිසුන් එම මිනිස් පළිහ තුළ ම මියගියේ තනිකර හමුදා ප්රහාර වලින් නොවේ. දිවි පුදා ඔවුන් බේරා ගත්තේ හමුදාවයි.]

“සමස්ත ජනකායක් රැදවුම් කදවුරු තුල ගාල් කරමිනි” [නැතිනම් වෙන මොනවා කරන්නද? ඔවුන්ගේ ගැලවුම් කරුවන් වත්තේ පිටියේ ඇටවූ බෝම්බ වලට බිලි දුන්නා නම් ඔබ මෙහෙම නොකියයි. ගාල් කළ අයව නවත පදිංචි කරවීම නොකෙරුණා නම් කතාව හරි. ඉතිරි ව ඉන්නේ සොච්චමයි නේද?]

[[ එතකොට මල්ටි බෑරල් වලින් වෙඩි තිබ්බෙ හරියටම එල් ටී ටී ඊ කාරයො ටාගට් කරලද?]]

හොඳටම විශ්වාසයි සාමාන්ය ජනයා ඉලක්ක නොකළ බව. ඒත් ඉලක්ක ගත තැන්වල හිටිය මිනිසුන් මිය යන්නෙ ඇති. මෙහෙම නතුව වෙන කොහොමද යුද්ධ කරන්නේ. යුද්ධයක් පටන් ගන්නා සියළු ජන කණ්ඩායම් වලට මෙම ප්රහිඵලය නිසැකව ම ලැබේ.

[[ඉහත සිදුවීම් සින්හල මාද්යවල පලකෙරුවෙ නෑහෑ කියල විතරයි අපිට කියන්න පුලුවන්]]

ඉතිරි මාධ්ය වල පළ කළෙත් ඒක පාර්ශ්වීය බොරුවක් කියා මට කියන්න පුළුවන්. ඔබ සියල්ල දන්නා සේ කතා කරන්නේ බී බී සී හා සී එන් එන් බලලා ද? අනේ අනිච්චං.

[[අනික අතිශයොක්තියෙන් කියුවා කියල හිතුවත් අතිශයොක්තිය අයින් කරලා ගත්තම ඈත්තත් එතන තියනවනෙ. අර ඒ දවස් වල ටී වී එකේ මල්වෙඩි වගෙ යනව යනව් පෙන්නපු ශෙල් වෙඩි දෑම්මෙ එල්ටීටී කාරයො එක්ක දෙමල සිවිල් වෑසියොත් මෑරෙනව කියල නොදෑන නෙවෙයිනෙ]]

කොයි යුද්ධෙද නොවුණේ. අනික් ඒවායේ හැටියට ලංකාවේ වුණ තරම අඩුයි.

[[ඒ වගෙ දෙයක් සාදාරනීකරනය කරන්න පුලුවන් සින්හල ජාතිවාදියෙකුට විතරයි කියන එකයි මගෙ අදහස.]]

වැරදියි. ප්රායෝගික ව හිතුවොත් ඒ යුද්ධය විතරයි ඉතිරි වෙලා තිබ්බේ. සාකච්ඡා කියන විහිළුව රඟ දක්වලා තිබ්බා හැකි උපරිමයට. කොටි සංවිධානය ඒ පාරින් කවදාවත් එන්නෙ නැහැ කියලා කිසිම සැකයක් තිබ්බේ නෑ. මතක තියා ගන්න ඒක යුද්ධය නිවා කරන්න කළ සටනක්. යුද්ධය තිබා නම් එක දිගටම ඔය වගේ මිනිසුන් මිය යනවා. යුද්ධය නිමා කරන සටන සත් කාර්යයක්.

එක් ශ්රී ලංකාවකට කැමති මිනිහෙක්, ජාතිවාදියෙක් නොවන මිනිහෙක්, ඊට ඇති ලොකුම බාධාව ඉවත කිරීමට සහය දෙනවා නේද? මා දේළ ජනතාවට විශේෂ කැපිල්ලක් හෝ වරප්රසාදයක් දියයුතුයි කියා පිළි ගන්නේ නෑ.

[[ හෑබෑයි මෙ කමෙන්ට් ගෑන ජාතිවදය සම්බන්දයෙන් ස්පටකස්ගෙ ලිපියෙ කමෙන්ට්වල ජවිපෙ පට්ට ගහපු "පීඩිත' එතුලු අය නිහඩ ඈයි කියන එකනම් ප්රශ්නයක් ?]]

මේ කතාවේ ප්රස්තූතය මෙය නොවන නිසා වෙන්න ඇති. කොටින් ම ඔබ මා මෙහි පැටළීමෙන් කරන්නේ ජෙප්පන්ට වදින නිර්දය විවේචනයෙන් පළා යන එක.

ඒ නිසාම මා එයට ඉඩ දෙන්නෙත් නෑ. ඇසූ නිසා කීවාට මෙය නොවෙයි ප්රස්තූතය. කෙළින් විවේචනයට මුහුණ දීම ජෙප්පන් නියෝජනය කරන ඔබට බාරයි.

Now back to main topic 


කිවුව වෙලාව- 2010-11-19 09:28:41
Janaka මෙහෙම කියනවා :
To boondi
mage den evuva comment eke varahan ethule thiyana sujeewage "lipiyen" kiyana eka "comment eken' kiyala niveradhi karanna


කිවුව වෙලාව- 2010-11-19 07:18:23
Janaka මෙහෙම කියනවා :
බොහෝ අය පිලිගැනීමට අකැමැති වුවද පසුගිය වසර කීපය තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව දියත් වූ මර්දනකාරී යුද්ධය ලංකාවේ පමනක් නොව ලෝක ඉතිහාසයේද සිදු වූ ම්ලේච්ඡ මිනිස් සංහාරයන් අතරින් එකක් බව සැගවිය නොහැක. තුන් ලක්ෂයකට ආසන්න ජනතාවක් හතරවටින් කොටු කර ලමා ළපටින් සමග මාස ගනනාවක් හාමතේ සා පවසින් තබමින් ගුවනින් බෝම්බ හෙළමින්ද කාලතුවක්කු ෂෙල් ප්‍රහාර එල්ල කරමින්ද දියත් කළ සංහාරය අවසාන වූයේ යටත් වූවන් බිහිසුණු වධබන්ධනයන්ට සහ ලිංගික අපරාධයන්ට ලක්කරමිනි. මුදා ගැනීමේ මෙහෙයුම අවසාන වූයේ සමස්ත ජනකායක් රැදවුම් කදවුරු තුල ගාල් කරමිනි.]]
( දයා විසින් ලියන ලද ප්‍රස්තුත ලිපියෙන්)

පළමුවෙන් ම මේක පැහැදිලි අතිශ්යෝක්තියක්. මේ තරම් දේවල් වුණේ නැහැ.

මේක ලිව්ව මහත්තයා වඩා හොඳින් යුද්ධ කරන්න දන්නවා වගේ. සාන්මයට තිබූ එකම මග යුද්ධය වූ වෙලාවක, අපේ රටට වෙනත් කළ හැකි දෙයක් තිබ්බේ නෑ." ( මෙහි පලමුවෙන්ම ඈති සුජීවගෙ ලිපියෙන් ) දයා කියුව දේ අතිශොක්තියක් කියලා කියන්න පුලුවන් තරම් උතුරේ සිදු වූ දෑනුමක් සුජීවට ලෑබුනෙ කොහොමද? එතකොට මල්ටි බෑරල් වලින් වෙඩි තිබ්බෙ හරියටම එල් ටී ටී ඊ කාරයො ටාගට් කරලද? නෑත්නම් ඒවා දකුනෙ ප්‍රදර්ශන වලදී පෙන්නන්න විතරක් ගෙනාපුවද? ඉහත සිදුවීම් සින්හල මාද්යවල පලකෙරුවෙ නෑහෑ කියල විතරයි අපිට කියන්න පුලුවන්. අනික අතිශයොක්තියෙන් කියුවා කියල හිතුවත් අතිශයොක්තිය අයින් කරලා ගත්තම ඈත්තත් එතන තියනවනෙ.අර ඒ දවස් වල ටී වී එකේ මල්වෙඩි වගෙ යනව යනව් පෙන්නපු ශෙල් වෙඩි දෑම්මෙ එල්ටීටී කාරයො එක්ක දෙමල සිවිල් වෑසියොත් මෑරෙනව කියල නොදෑන නෙවෙයිනෙ. ඒ වගෙ දෙයක් සාදාරනීකරනය කරන්න පුලුවන් සින්හල ජාතිවාදියෙකුට විතරයි කියන එකයි මගෙ අදහස. හෑබෑයි මෙ කමෙන්ට් ගෑන ජාතිවදය සම්බන්දයෙන් ස්පටකස්ගෙ ලිපියෙ කමෙන්ට්වල ජවිපෙ පට්ට ගහපු "පීඩිත' එතුලු අය නිහඩ ඈයි කියන එකනම් ප්‍රශ්නයක් ?


කිවුව වෙලාව- 2010-11-19 07:15:08
sujeewa මෙහෙම කියනවා :
///බූන්දි hyperlinks දාන්න දෙන්නේ නෑ. ඒකයි block එක///

කිවුව වෙලාව- 2010-11-19 05:47:49
sujeewa මෙහෙම කියනවා :
මං කළින් ලිව්ව හැලිච්ච කොමෙන්ටුවක්.

කවියක සමාජ විවරණය ගැන කෑ ගහන [මරා ගන්න] කට්ටියට පොඩි කල්පිත උදාහරණයක් මෙන්න.

අපි ගමු දෙරණේ පළවුණු බෙලි අත්තේ නින්දිත පුවත.

මේ කෙල්ල දුප්පත්, ගැමි, කෙල්ලක්. පීඩිත පන්තියේ නියමුවන් වෙතින් නියෝජනය වීමට සියළු සාධක ඇය සතුයි.

කීයක් කවි ලියවෙයි ද ඇය ගැන?

ඒත් මෙහෙම හිතුවොත්?

- බැරිවෙලාවත් ඇය දෙමළ කෙල්ලක් නම්, දූෂකයා සිංහල නම්. ඔන්න කවි ලියයි ගෝනි ගණන්.

- එහෙමත් නැත්නම් කවි ලියයි ඇය බෙලි අත්තේ හින්දා. ලොක්කගෙ ගම නිසා, ඌට ඔලොක්කුවට ලියයි, කෙල්ල වෙනුවෙන් නම් නොවේ.

- මේක කෙනෙක්ට හිතෙන්න තිබ්බා වැල තහනමින් උන දෙයක් කියලා, කෙල්ලගෙ තාත්තාට ජාල සඹදතා තිබ්බා නම්, දූෂණය වුණේ ළඟකදි නම්. ඔන්න ලියයි වැල නැති කමින් දරුවන් දූෂණය වෙන හැටි ගැන.

- හඳ[ගම]මාමා කියයි ඔය මං කිව්වෙ කියලා. ඌ ගහයි තව ෆිල්ම් එකක් තහණම් වෙන්න ම කියලා.

ඔන්න අපේ පීඩිත පන්තියේ වීරයින්ගේ වැඩ [හඳ මාමා මොන පතියේ මොකෙක් දැයි ඉර මාමා වත් නොදනී]

මේ රටේ පීඩිත පන්තියට විතරක් තියෙනවා අටෝරාසියක් ප්‍රශ්ණ. උන්ට විතරක් නොවේ අනික් මිනිසුන්ටත්. කොටින් ම පැහැදිලි ව බෙදිය හැකි ඔහොම පන්ති ලෝකේ නැහැනේ.

ඉතින් මේ මිනිසුන් ගැන ලියන කොයි කවියත් උතුම්. ශ්‍රේෂ්ඨත්වය මැනිය යුත්තේ කවි ගුණයෙන් හා අරුතින් නේද?

කවියකින් මිනිසුන් අතරට ගොහින් මේ කෙල්ල වගේ මිනිසුන් ට හඬක් දෙන්න පුළුවන් නම්, මේ වගේ දේවල් වළකින තැනට ගේන්න පුළුවන් නම්, ඊට වඩා විප්ලවයක් තවත් නෑ.

කීයක් කවි ලියවෙයි ද ඕකට?


කිවුව වෙලාව- 2010-11-19 05:46:38
sujeewa මෙහෙම කියනවා :
[[ස්පර්ටකස්ගෙ ලිපියෙ කමෙක්ට්වල ජවිපෙ පට්ට ගහපු "පීඩිත" ඈතුලු ජාතිවාද විරොදියො කවුරුවත් මේ ගෑන මොනවත් කියල නෑහෑ. ඔන්න ඒ මහත්තුරුන්ට අවස්තාවක්.අපි බලන් ඉන්නවා.]]

පොඩ්ඩක් හෝව්. මේ කිව්ව කතාවෙන් මා ජාතිවාදියෙක් කියා කියනවා නම් [විතරක්] ජනක මහත්තයෝ ඉස්සෙල්ලා ම ඒක පැහැදිලි කරමු ද?


කිවුව වෙලාව- 2010-11-19 05:44:29
sujeewa මෙහෙම කියනවා :
ඔඅන්න දැන් comment එකක් දැම්මා පළ වුණේ නෑ. බත්තරමුල්ලේ උසාවියට සම්බන්ධ කතාවක් :)

කිවුව වෙලාව- 2010-11-19 05:42:13
Janaka මෙහෙම කියනවා :
"සාමයට තිබූ එකම මග යුද්ධය වූ වෙලාවක, අපේ රටට වෙනත් කළ හැකි දෙයක් තිබ්බේ නෑ" sujeewa - 1st comment eka
ස්පර්ටකස්ගෙ ලිපියෙ කමෙක්ට්වල ජවිපෙ පට්ට ගහපු "පීඩිත" ඈතුලු ජාතිවාද විරොදියො කවුරුවත් මේ ගෑන මොනවත් කියල නෑහෑ. ඔන්න ඒ මහත්තුරුන්ට අවස්තාවක්.අපි බලන් ඉන්නවා.


කිවුව වෙලාව- 2010-11-19 05:35:55
sujeewa මෙහෙම කියනවා :
කවි දේශපාලනය කරන්නේ ජෙප්පන් විතරක් නොවේ. බූන්දියත් කරන්නේ ඒකම තමයි.

බූන්දිය කවි තේරීමේදී මතවාදීව බලන්නෙ නැද්ද? එතකොට කවි වලට කැමති මතවාදයට අකමැති අය යන්නේ කඩේ නොවේ ද?

කවියක අගය දේශපාලන මතයෙන් මැණීම වැරදියි. එහෙම මතයකින් කවි තේරිමත් වරදියි. ජෙප්පො කළත් බූන්දි කළත්, සිළුමිණ කළත් වෙන මොකා කළත්.

හැබැයි බූන්දි ත් පැවතිය යුතුයි නේ. එය ජෙප්පන්ගේ මඩමක් හෝ අන්තරේ වගේ ජෙප්පන්ගේ පිලාවක් [මාලු පැටව් රංචුව] වෙන්න හොඳ නෑ.


කිවුව වෙලාව- 2010-11-19 05:16:53
sujeewa මෙහෙම කියනවා :
මං ලිව්ව කීපයක් හැලිලා. අවුලක් නෑ. පස්සෙ බලමු.

කිවුව වෙලාව- 2010-11-19 04:24:22
Boondi මෙහෙම කියනවා :
@sujeewa
Monawada machan halunu comments?

FYI
We [from our side] didnt del any...


කිවුව වෙලාව- 2010-11-19 04:03:42
sujeewa මෙහෙම කියනවා :
සමහර comment හැලෙන්නේ බත්තරමුල්ලේ උසාවියේ නියෝගයකින් ද?

කිවුව වෙලාව- 2010-11-19 03:57:41
හුනිල් ගෝවින්නගේ මෙහෙම කියනවා :
කවියො බිහිවෙන්නෙ විප්ලව වලින් තමා ඩෝ
නැත්තම් බිහිවෙන්නෙ මම වගේ කවියො...!


කිවුව වෙලාව- 2010-11-19 02:51:54
@ලැබ්‍රදේර් අයියන්දේ මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-19 02:32:15
ලැබ්‍රදේර් අයියන්දේ මෙහෙම කියනවා :
කැළුම්ලා පක්ෂේ ෆුල් ටයිමර්ස්ලා. පක්ෂෙන් ඒ අයට ජීවන වියදම ගෙවනවා. ඒකට ණය නොවී ඉන්න මොනව මොනවා හරි කරනවා. තොපි මෙතන ඩෙගා නටනවා. යකෝ උන්ට විප්ලවවාදියෝ විදියට ඉන්න දීපල්ලා...

හෙට වෙනකොටත් උන්ට කරන්න මොනව හරි තියෙන්න ඕන. අඩු ගානේ පොල් ගස් බඩගාලා විප්ලවය සිතිජයේ මතු වෙන හැටි දුරේක්ෂයෙන් බලමින් ඉන්න හරි....

ps දුරේක්ෂය කීවේ අර මාපටැඟිල්ලයි දබරැඟිල්ලයි එකට තියල ප්‍රීති මාක් එක වගේ හදාගෙන ඇහැ තියං බලන එකට ...


කිවුව වෙලාව- 2010-11-19 02:20:52
saataka baataka මෙහෙම කියනවා :
ශහෝධ්‍රවරුනි මෙන්න විප්ලවය ළඟ ළඟ. වේකන්සි තියෙනවා විප්ලවේ කවියා වෙන්න. පොරකාගෙන, දනගාගෙන, බඩගාගෙන, ලෙවකාගෙන, මරාගෙන එන්න. අපිදෙනවා පට්ටම්, අට පට්ටම්. සාටකේකුත් දෙනවා. එන්න මිත්‍රොවොරුනී. නාගෙන, අනාගෙන, ගාගෙන යන්න.

කිවුව වෙලාව- 2010-11-19 01:51:49
Rambo මෙහෙම කියනවා :
මට ජෙප්පො දිරවන්නෑ ඕයි..උන්ගෙ ඇති රෙද්දක් නෑ,
රජතුමාට කවියො ගැන බලන්න වෙලාවක් නෑනෙ,
ඉතින් කොහෙන් හරි ඔය ලියන කියන එකෙක්ට සෙතක් වෙනවනම් ඒ ඇති.


කිවුව වෙලාව- 2010-11-19 01:48:43
Poosa මෙහෙම කියනවා :
රතනෙ ගෙ මේ ටිකේ මාක්ට් වැලූ එක ඔඳයි... ඔන්න දැO එදාට.. කස්ටිය එතුමාව ලෙව කයි... බැනපු ජෙප්පො සහෝදරත්වයේ නාමෙන් රතනෙගෙ කයිය පසයි. ලOකා එකෙන් ගිය වෙලාවෙ මැරෙන්ඩ ගියා... දැO...?

ඕO නදී ඒකෙත් හැටි නේ අනේ????


කිවුව වෙලාව- 2010-11-19 01:44:11
madhu මෙහෙම කියනවා :
මාර්ක[ට්]ස්වාදය

කිවුව වෙලාව- 2010-11-19 01:36:23
madhu මෙහෙම කියනවා :
වටේටම කෙල වුනාට පස්සෙ කවි එන්ට්‍රි පොයින්ට් එක වුනාම, ඉරි ලන්කාවෙ එකම එක කරන්න ගියා. අනේ නොද්කින් ගොන් පැටවු රොත්ත. මුන් තාම ඉන්නේ මහින්දට කඩේ ගිය මුල් කාලෙ වගේ. ඔක්කොම අපිට ඕන හැටියට. මදුසමය ඉවරයිනේ. දෙන්න ගිහින් තිබ්බ 10ටත් කෙළ වුනානේ. කවි කියලා නම් උපාය මාර්ග තෝරන්න අමාරුයි ශඕදරයා. පොඩිළමයි අන්දන එක නවත්තලා වැඩක් ඇති වැඩක් කරන්න.

කිවුව වෙලාව- 2010-11-19 01:35:01
ඉසිවර මෙහෙම කියනවා :
කෑලුම්ලට ඕනෙ මේ ලෝකෙ ඉන්න සේරොම බල්ලන්ගෙ නැටි කපලා එයාලව ජවිපෙ චන්දදායකයො කොරන්න. එතකොට ඒක තමා එයාලා මාකස්වාදය කියන්නෙ.

කිවුව වෙලාව- 2010-11-19 01:34:07
@Rambo මෙහෙම කියනවා :
කූක්කු පැටියා, ඔයාට තේරෙන්න තේ පෑට්ටේරියක්ම කන්න වෙයි නේද. රත්න ශ්‍රී ව මරාගෙන කන්න හදපු කැලුම් ලා දැන් වෙනස්වෙන්න රත්න ෂ්‍රී පස්සෙ යන්නෙ.සීතාම්බර නැටුම නටන කට්ටියගේ එක පුලියේ.

කිවුව වෙලාව- 2010-11-19 01:28:23
AK47 මෙහෙම කියනවා :
@ ඩෝසන්'
ඇත්තටම ඔයා කවුද මෙයා ??


කිවුව වෙලාව- 2010-11-19 00:58:03
Rambo මෙහෙම කියනවා :
"මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායම හරහා ජවිපෙ ඉලක්කය සිංහල කවිය තම පිරිස් බලය සහ සංවිධාන ශක්තිය හරහා අත් අඩංගුවට ගැනීමය. "

මල් පරවෙන එක මොකක්ද සමයක කවි ඉපදේය කියා
තොගේ කැවුත්තේ තියෙන කුහකකම මින් හෙළිවේය දයා


කිවුව වෙලාව- 2010-11-19 00:35:46
sujeewa මෙහෙම කියනවා :
[[ජෙප්පො ගිලෙන්න යන එකේ කොහෙහරි එල්ලෙන්නත් එපැයි.]]

රටට අවශ්‍ය දේශපාලන ව්‍යාපාරයක් වන ජෙප්පන් කළ යුත්තේ බූන්දි වැනි තැන්වල එල්ලී වයිර පිරිමහ ගැනීම නොව අනාගතයට ගැලපෙන පරිදි, තුච්ඡ උපක්‍රම වලින් තොරව හා ප්‍රායෝගික ව දේශ්පාලනයට පිවිසීමයි. ලොකු ඔලුව පොඩි කර ගෙන නිහතමානී වීමද නරක නැත [අපට චන්දය නොදීම ජනතාවගේ වරදක් කියා සිතීම වැනි]


කිවුව වෙලාව- 2010-11-18 23:04:16
ඩෝසන් මෙහෙම කියනවා :
බූන්දි දැන් කුණු රහයි ඕයි
NGO කාරයන්ගෙ වෘෂණ කෝශ අත ගගා ඉන්නව මිසක් බූන්දියෙන් අපි එකතුවෙලා පටන් ගත්ත මෙලෝ දෙයක් කරන්නෑ..
ජෙප්පො ගිලෙන්න යන එකේ කොහෙහරි එල්ලෙන්නත් එපැයි.
ඉතින් උන්ටත් චෑන්ස් එකක් ඔන්න ඔහෙ දියල්ලා...!


කිවුව වෙලාව- 2010-11-18 22:35:40
Aruna74 මෙහෙම කියනවා :
හැබැයි ඔය ගිලෙන්න යනකොට පිදුරු ගස් හොයන [ඇතැම් විට එය පෝෂණය කොට බෙල්ලේ වැල දා ගන්න] ගතිය ජෙප්පන්ගේ හැටි.



කිවුව වෙලාව- 2010-11-18 22:28:45
sujeewa මෙහෙම කියනවා :
[[බොහෝ අය පිලිගැනීමට අකැමැති වුවද පසුගිය වසර කීපය තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව දියත් වූ මර්දනකාරී යුද්ධය ලංකාවේ පමනක් නොව ලෝක ඉතිහාසයේද සිදු වූ ම්ලේච්ඡ මිනිස් සංහාරයන් අතරින් එකක් බව සැගවිය නොහැක. තුන් ලක්ෂයකට ආසන්න ජනතාවක් හතරවටින් කොටු කර ලමා ළපටින් සමග මාස ගනනාවක් හාමතේ සා පවසින් තබමින් ගුවනින් බෝම්බ හෙළමින්ද කාලතුවක්කු ෂෙල් ප්‍රහාර එල්ල කරමින්ද දියත් කළ සංහාරය අවසාන වූයේ යටත් වූවන් බිහිසුණු වධබන්ධනයන්ට සහ ලිංගික අපරාධයන්ට ලක්කරමිනි. මුදා ගැනීමේ මෙහෙයුම අවසාන වූයේ සමස්ත ජනකායක් රැදවුම් කදවුරු තුල ගාල් කරමිනි.]]

පළමුවෙන් ම මේක පැහැදිලි අතිශ්යෝක්තියක්. මේ තරම් දේවල් වුණේ නැහැ.

මේක ලිව්ව මහත්තයා වඩා හොඳින් යුද්ධ කරන්න දන්නවා වගේ. සාන්මයට තිබූ එකම මග යුද්ධය වූ වෙලාවක, අපේ රටට වෙනත් කළ හැකි දෙයක් තිබ්බේ නෑ.

හැබැයි ඔය ගිලෙන්න යනකොට පිදුරු ගස් හොයන [ඇතැම් විට එය පෝෂණය කොට බෙල්ලේ වැල දා ගන්න] ගතිය ජෙප්පන්ගේ හැටි. ජෙනරාල් ගොයියා බොහොම හොඳින් කඩේ යැව්වා. මරා ගෙන කන්න බූන්දියත් උන්ට වටියි. මේ කාලේ පට්ට ආණ්ඩු වයිරයෙන් [විරෝධය නොවේ] ඉන්න කොට මේ වගේ තැනුත් පාවිච්චි කරාවි.

යුද්ධය ගැනත් මතවාදය ගැනත් බූන්දිය එක්ක එකඟ වෙන්න බරි වුණත් ස්වාධීන ව එය පවතිනු දකින්න කැමතියි. ජෙප්පන්ගේ තාවකාලික මඩමක් නොවී.

දයා මහත්තයා ගේ ඒ මතයට මාත් එකඟයි.

කෙල්ල ගෙට ගනින් බූන්දි.


කිවුව වෙලාව- 2010-11-18 22:13:11
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දයාගෙන් තවත් වියමන්
අදහස්
රොෂේන් ඝාතනය සහ ජවිපෙ භූමිකාව ගැන "අප්පුහාමිලාට" පිළිතුරක්
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook