Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
POPසිකල් වෙනුවට රියල් POP!
බූන්දි, 20:39:00
''මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල් විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.''
-ජෝන් සෙකාඩා

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට යන කොට මට තිබුණේ තවත් එක සෝබන වැඩකට යන හැඟීම විතරයි. එක එක ආකාරයේ විසිතුරු පෑ තරු අතරින් රතු පලස් උඩින් සම්මාන උළෙලට ඇතුල් කර ගනිද්දීම මම පැය කීපයක් බොරුවක් ඇතුලේ ආතල් එකක් ගැනීමට වැඩි දෙයක් බලපොරොත්තු වුණේ නැහැ. ලොකු ලොකු ආර්ටිස්ට්ලා ලක්ෂ ගණං වියදම් කරලා හදපු පිටරට කොපි ගොඩකට සම්මාන දෙන හැටි බලන්න මිසක් වෙන අදහසක් මගේ ඔලුව ඇතුලෙ තිබුණේම නැහැ. ඒත් සම්මාන උළෙලේ තිබුණු උත්සවශ්‍රීය මට ත්‍රිලක් ගෙනාවා.

කිසි දෙයක් වෙන්නෙ නැති ගඳ ගහන හිස් තැනක ලංකාව කුණු වෙද්දි, ජාතික ඇඳුම්, මල් වට්ටි, පොල් තෙල් පහන්, ආප්ප සහ ලුණු මිරිස් නැතුව අන්තර් ජාතික මට්ටමක සම්මාන උළෙල තියන්න දෙරණ අරගෙන තිබ්බ වෑයම මාව පුදුම කළා. කොහොමද මේ කාලෙ මේ වගේ දෙයක් වෙන්නෙ?

අනර්කලී එක්ක සාරංග පෝඩියම් එක ළඟට ආවා. අනර්කලීගේ උච්චාරණය හරියට දත් හිරි වට්ටනවා. ඒත් දැන් අපිට ඉන්නෙ එයා විතරනෙ. මොනවා කරන්නද? සාරංග හුඟක් හොඳට ඒ වගේම වෙන කිසිම සාම්ප්‍රදායික නිවේදකයෙකුගෙ දැකපු නැති තරම් නිර්මාණශීලිව අනර්කලී එක්ක වැඩේ ඇදගෙන ගියා. (ජැක්සන් ඇන්තනි හරි සමන් ආතාවුද හරි වගේ පිළුණු රහට නැතිව)

වැඩසටහන ආරම්භයම හොඳ කික් එකක් අරන් දුන්නා. තමන්ගෙ කට්ටියට සම්මාන දුන්නෙ නෑ කියල විනිශ්චය මණ්ඩලේ කට්ටිය පැහැර ගැනීමක් ගැන කලබලයක් මතුවීමත් එක්ක පටන් ගැන්ම උනුසුම් වුණා. මෙගා ස්ටාර් වගේ ගැලරියෙ වැඩ 'ලොකු' වෙන වටපිටාවක ඒ ආරම්භය හරි දේශපාලනිකයි. සාමාන්‍යයෙන් සම්මාන උළෙලක් කියන්නෙ ලංකාවෙ බෝරිං වැඩක්. ඒත් මේ වැඩේ මුල ඉඳන් අන්තිම වෙනකල්ම හොඳ ගැම්මක් තිබුණ. බොරු ජාතිකවාදී ෂෝ වලට වැඩිය ෆන් එකක් ගැන අදහසක් දෙරණට තිබුණ. (ප්‍රයිවෙට් චැනල් ඔක්කොමත් ආණ්ඩුවෙ ඒවට වඩා සාම්ප්‍රදායික සහ ගොඩේ වැඩ කරන වෙලාවක් මේක)

තේමා ගීතය දකින කොට මට ඒ රූප රාමු එක්ක පොඩි කාංසාවක් ඇති කළා. ඒ රූප රාමු අතරෙ බූඩි ලංකාවට අඳුන්නලා දුන්න දේවල් ගොඩක් මුහු වුණා. ඇයි බූඩි මෙතන නැත්තෙ?

මාව ටිකක් ඉරි තැලුණ. නැටුම් වල ටිකක් ගොඩේ පාර්ට් වගේම ඉදිරිපත් කිරීමේ තරමක් දැනෙන ඇණ ගැනීම් තිබුණත් සමස්තයක් විදිහට වැඩේ නැගලා ගියා. මට චූ කරන්න යන්න වුණත් නැගිටින්න හිතුණෙ ඉන්න බැරිම තැනදි. ලංකාවෙ ලොකු ලෙකු පොරවල් ඔක්කොම වගේ පෝඩියම් එක ළඟට ආවා සම්මාන දෙන්න. ඒත් පරණ සම්මාන උළෙලවල් වල වගේ නිකං පඬි කතා තිබුණෙ නෑ. පොර ටෝක් නැතුව ජෝක් වලින් නැත්තං තමන් ජෝක් වෙලා හරි බලන් ඉන්න අය විනෝද කරන්න ඒ කට්ටියට සිද්ද වුණා. ඒ වැඩේ මේ තරං තැනකට ගන්න දෙරණට පුළුවන් වුණු එක අති විශිෂ්ටයි.

විශේෂයෙන් නාමල් උඩුගම සම්මානයක් දෙන්න වේදිකාවට අරන් ආපු එක 'වැඩක්'. නාමල් කියන්නෙ එක්තරා යුගයක ඇත්ත පොලොවෙ ජනප්‍රිය වුණු චරිතයක්. මීඩියා වලින් පුම්බපු සුපර් ස්ටාර් චරිත වලට වැඩි ඇත්තක් නාමල්ගෙ තිබුණ (එහෙම දැනෙන්නෙ අද). අලුත් පොප් වැඩක් කෙරෙද්දි ඒ චරිත වේදිකාවට ගේන්න තරම් දෙරණ දැනුවත් වීම ගැන මට තියෙන්නෙ ගෞරවයක්. ඒත් නාමල් හරි දැනුවත් කිරීමක් නැතුව එතන අවුල් වුණාද මන්දා.

මේ සම්මාන උළෙල ගැන මට තියෙන 'මාර' හැඟීම එන්නෙ මේ කිසි දෙයක් නිසා නෙමෙයි. ඒ සම්මාන උළෙලේ ජනප්‍රිය කියන, ලංකාවෙ මෝඩකම තීරණය කරන දේවල් වලට වඩා ඇත්ත සංකල්පීය නිර්මාණශීලිත්වයක් දරන දේවල් මතු කිරීම වෙනුවෙන් තිබුණු උත්සාහය නිසයි. ලක්ෂ ගණං සල්ලි වියදම් කරමින් හින්දි- ඉංග්‍රීසි කොපි සිංදු හදන මියුසික් වීඩියෝ කර්මාන්තයට අභියෝග කිරීම දෙරණ බාර අරගෙන තිබුණා. බොරු නිෂ්පාදන වටිනාකම් වලින් ඇස් රැවටීම පැත්තකින් තියලා මියුසික් වීඩියෝ කියන්නෙ ආර්ට් එකක් කියන තැනට දෙරණ සම්මාන උළෙල අරගෙන ආවා.

අපේ චිත්‍රපටිය ඇසුරෙන් 'උදයා' ගත්ත සම්මානය නිසා නෙමෙයි, 'අපේ පරම්පරාවක්' ඉදිරියට ගැනීම වෙනුවෙන් ලොකු ගෞරවයක් මට ඒ චැනල් එක ගැන ඇති වෙනවා. 'ජෝන් සීනා' වගේ සිංදුවක ඇතුළත කියවීම හඳුනා ගැනීම, 'ෆියුනරල් ඉන් හෙවන්' වෙනුවෙන් අමිල කරපු වීඩියෝ එක වගේම 'ගෙම්බා' වගේ සිංදු වල තියෙන වෑයම දැනෙන තරම් සංවේදී වීම මේ සම්මාන උළෙලේ විශිෂ්ටත්වයයි. ඒ වගේ දේවල් මෙච්චර කල් ලංකාවෙ සිද්ද වුණේ නෑ. වෙනදට ප්‍රොඩක්ෂන් කොම්පැණි ඇවිත් ගෝනි වල දාගෙන යන සම්මාන මේ පාර තනි තනි තරුණයෝ ඇවිත් හුඟක් ආදරෙන් එකතු කරගෙන ගියා. අනිවාර්යෙන් ඒ අය තවත් වැඩ කරාවි. බය නැතිව තවත් අලුත් දේවල් හිතාවි. ඒ අදහස් අගය කරන එක වේදිකාවක් හෝ තියෙන වගට ඔවුන්ට විශ්වාසයක් තියෙන නිසා.

විමුක්ති, සුභාෂ්, සුමේධ, ප්‍රවීන් විනිශ්චය මණ්ඩලයේ සිටීම අනිවාර්යෙන්ම මේ විකල්ප පන්නරය අරන් එන්නට හේතු වෙන්න ඇති. සල්ලි මත තීරණය වෙන කර්මාන්තයක් ඇතුළත අලුත් දෙයක් වෙනුවෙන් ඉඩක් හදන්නට තරම් ඔවුන් නිර්භීත වීම ගැන ඔවුන් බදා වැළඳ සිප ගත යුතුයි. මියුසික් වීඩියෝ කියන එක කලාවක් නැත්තං ආර්ට් එකක් කියන අවධාරණය ඇති කිරීම ඒ අය මේ කාලෙ කරපු ලොකු වැඩක්. ඒක කොහෙත්ම සුළුවෙන් තකන්න බැහැ.

මේ වැඩේ වෙද්දි මගේ හිතට ආපු මතකය වුණේ 2005 අවුරුද්දෙ චිත්‍රපටි සංස්ථාව පවත්වපු කෙටි චිත්‍රපට තරඟය. අහම්බෙන් ඒ විනිශ්චය මණ්ඩලයෙ අශෝක හඳගම හිටපු නිසා තේරුණු චිත්‍රපට වෙනම ම හැඩයක් ගත්තා. චිත්‍රපටි හදන්න අලුත් උනන්දුවක් ඇති වුණා. ඒ සම්මාන උළෙල සැණකෙලියක් වුණා. ඒක සිද්ධියක් නෙමෙයි. ප්‍රවණතාවයක් විදිහට සමාජයට බලපෑවා. දෙරණ සම්මාන උළෙලත් එහෙම වුණු අහම්බයක්ද කියන්න මම දන්නෙ නෑ.

කොහොම වුණත් විකල්ප කලාවක් වෙනුවෙන් මේ හිටගැනීම දෙරණට ලේසි වෙන එකක් නැහැ. අනිවාර්යෙන්ම බොහොමයක් අභියෝග වලට මුහුණ දෙන්නට ඔවුන්ට සිද්ද වේවි. ඒ වුණත් මේ වෙනස 'දෙරණ' සමාජ වෙනසක් වෙනුවෙන් දුන්න ලොකු තල්ලුවක්. විශේෂයෙන්ම ජනප්‍රිය තරු පිරිවැරූ ගලධාරියේ රතු කාපට් රාත්‍රියක මේ විකල්ප නිර්මාණකරුවන් අභිෂේක කිරීම අතිශය දේශපාලනික වෑයමක්.

කොහොම වුණත් මාව අමන්දානන්දයට පත් කරමින් බූඩි සම්මානයක් දෙන්න පෝඩියම් එක ළඟට ආවා. ඒ එක්කම ඒ සම්මානය ගන්න වේදිකාවට යන්න තිබුණෙත් උදයටයි මටයි ඉන්ද්‍රචාපාටයි. මම අපේ ලොකු අයියාව (බූඩි) බදා ගත්තෙ සමස්ත පරපුරක් වෙනුවෙන්ම ඔහු කරපු විෂුවල් මෙහෙවර ගැන පට්ට ආදරේකින්. කැමරාව හොල්ලන්න, පාරෙ හිටවන්න, අරන් දුවන්න බය නැති කරපු ඒ අලුත් පරපුරක පුරෝගාමියා අතින් අපි සම්මානයක් ගත්තා.

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල ජාතික තලයේ රූපවාහිනී නාලිකාවකින් බලාපොරොත්තු වෙන්න බැරි තරමෙ ප්‍රචණ්ඩ වැඩක්. ඒ වගේම ඒක උපරිම වින්දනයක් සහිත නිර්මාණශීලී මෙහෙවරක්. මේ වෙලාවෙ ලංකාවෙ පොලොවෙ සිරාම දේශපාලනික මැදිහත් වීමක්. කවදාවත් දෙරණෙ වැඩසටහන් බලද්දි මම බලාපොරොත්තු වුණේ නැහැ අලුත් සිහිනයක් වෙනුවෙන් මේ විදිහෙ කැපකිරීමක් කරන්න දෙරණට පුළුවන් වෙයි කියල. ඒත් එදා රෑ දෙරණ මාව වෙනස් කළා.

ඒ වෙනස වෙනුවෙන් කොන්දක් තිබුණු එහි සබාපති ලක්සිරි වික්‍රමගේටත් මගේ හෘදයාංගම ප්‍රණාමය. ලංකාවෙ හැමදාම සිද්ද වුණා වගේම හෙට වෙනකොට මේ හැම දේකම අර්ථයන් අහෝසි වෙන්න පුළුවන්. දෙරණ ආයිමත් සාම්ප්‍රදායික ගොහොරුවට තල්ලු වෙන්න පුළුවන්. ඒක ලංකාවෙ මේ මොහොතෙ ඇත්ත. ඒත් එක රැයක්, එකම වතාවක් හරි ලංකාවේ එකම මියුසික් වීඩියෝ සම්මාන වේදිකාව විකල්ප නිර්මාණකරුවන් වෙනුවෙන් ඇරුණා. ඒක මට සුබ බලාපොරොත්තුවක් ඇති කරනවා.

එඩිසන්ගේ පළවෙනි විදුලි බුබුළත් දැල්වුණේ තත්පර කීපයක් විතරයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Derana Music Video Awards 2010
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Mukalanyaye,Elsina මෙහෙම කියනවා :
BULB එක පත්තු‍වුනාද ?
අයියට සතු‍ටුද අයියා...
අයියා ‍‍ලියන්න.


කිවුව වෙලාව- 2011-05-09 13:09:33
fff මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-12-03 21:26:21
chin මෙහෙම කියනවා :
@Harshana .M. De silva

correct


කිවුව වෙලාව- 2010-11-25 18:08:09
derana මෙහෙම කියනවා :
මෙන්න ඈත්ත ,
මෙ සරෙ,
(රිලීස් නොඋන) චින්තන සහ උද්යගෙ චිත්තර පටියට සම්මාන ලබුනම උන්ගෙ කටවල් වහන්න විමුක්ති,සූභශ්, ප්‍රවීන්, සුමෙඩ , හිතුව එක සාර්ටක උනා මෙ ඩීපු සම්මාන ගන මුන්ගෙන් ඈහුවොත් දන්න ඉට්ගෙඩියක් නෑහෑ,මම නම් දකින්නෙ මෙක පොරවල් කියගන්න පිරිසක් ව්සින් තවත් පොරවල් කියගන්න පිරිසකට සම්මන ඩීමක් මොකද උන් ඔක්කොම එකම කටගරි එකෙ උන් නිසා......


කිවුව වෙලාව- 2010-11-20 00:30:07
READER මෙහෙම කියනවා :
@Dimithry,

thanks

me link eke inne poornima... dakala nathi yaluwanta


කිවුව වෙලාව- 2010-11-17 02:29:20
Dumindu Thennakoon මෙහෙම කියනවා :
කෝ බන්ස් චින්තන?...

කිවුව වෙලාව- 2010-11-17 02:26:26
Appuhami මෙහෙම කියනවා :
අතේ සතේ නෑ - බටේ කටේ

කිවුව වෙලාව- 2010-11-17 02:03:43
පිලිප් මෙහෙම කියනවා :
අනේ බොල තොට සම්මානයක් දුන්නම සේරම කණපිට ගැහෙනවද යකෝ,,
තොට සම්මානයක් මේකෙ දුන්නෙ නැත්තම තෝ මේකට ලියන්න හිතන් හිටපු හැටිත් අපි දන්නවා.
තොපි වගේ කාසකාරයො නොදෝමකින්..!!!


කිවුව වෙලාව- 2010-11-17 01:58:11
Dimithry මෙහෙම කියනවා :
මම කිවුවෙ සම්මාන දිනපු ඉන්ද්‍රචාපලගෙ "ආදරයේ අංශුමාත්‍රයක්" වීඩියෝ එක ගැන. අයි ටී එන් එකේ පොඩිලමයින්ට පරිසර වැඩසටහනක් යනවා රිට්ස්බරි අනුග්‍රහයෙන්. ඒක ප්‍රසන්ටර් තමයි පූර්නිමා මුහන්දිරම්. මේ වීඩියෝ එකේ පෙනී ඉන්නෙ එයා තමයි. තවත් මොකක්ද පල් සින්දුවක විශුවල් එකෙත් ඉන්නවා වගේ මතකයි.

- Dimithry


කිවුව වෙලාව- 2010-11-16 05:05:54
@Dimithry මෙහෙම කියනවා :
කවුද බන්ස් ඔය පූර්නිමා?

කිවුව වෙලාව- 2010-11-15 20:21:08
Dimithry මෙහෙම කියනවා :
මේකෙ ඉන්ද්‍රචාපගේ පෙනී ඉඳීම සහ ගායනාව නම් ඇත්තටම මාව සලිත කලා. පූර්නිමා පොඩි ලමයි එක්ක රිට්ස්බරි චොකලට් කනවට වඩා වැඩි දෙයක් තමන්ට කරන්න පුලුවන් බව පෙන්නල තියෙනව. වීඩියෝ එක ඇත්තටම මාරයි.

මේක චින්තනගෙ චිත්‍රපටියෙ තේමා ගීතය කියල දන්නවා. හැබැයි යූ ටියුබ් එකේ තියෙන වීඩියෝ එකේ නං චින්තනගෙ නම නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ චින්තනගෙ රෝල් එක මොකක්ද කියල අපහැදිලියි. දැනගන්නයි අහන්නේ.

අනික මේ උඩ දාන ජජ් පැනල් එක කව්ද? විමුක්ති ඇරුනම අනික් අය මේ ක්ෂේත්‍රයේ ප්‍රාමානිකයොද? ඇඩ්වටයිසිං ෆීල්ඩ් එකේ අය ටෝක්ස් දෙනව රැඩිකල් කම ගැන !!! වට් අ ජෝක්...!!


කිවුව වෙලාව- 2010-11-15 01:36:52
Harun මෙහෙම කියනවා :
චින්තෝ, බලාගෙන ඕO පැපරාසියත් ගේමට ඇන්ටර් වෙලෝ....

කිවුව වෙලාව- 2010-11-14 23:58:04
කටුනේරිස් මෙහෙම කියනවා :
හර්ෂන ද සිල්වා හරියටම හරි. චින්තන සම්මානෙ ලැබුනම ඇතිවුනු සතුට පල කරන්න විදියක් නෑ මේ ඇරෙන්න. අමුණුගමගේ දෝනියන්දට තෑන්ක්ස් කලත් දන්නේ එයා විතරයි නේ. එතකොට මේ වගේ ලියවිල්ලක් හරහා පොඩි අාතල් එකක් දෙන්න පුළුවන් ආතල් එකක් ගන්න ගමන්. රෙද්දක් ඇදගෙන මේ වගේ එකක් ලියන්න පුළුවන් කමක් නෑ. ඔයත් නිකම්ම ලේක්හවුසියේ පත්තරකාරයෙක් වගේ චින්තන. චින්තනේටම හොදා... තව ඕවම ලියන්න. තව තවත් හම්බු වෙයි. අපිටනම් කියවන්නත් ලැජ්ජයි සහෝදයරා. සම්මානෙ ගත්තනම් ගෙදර ඇවිත ඒක ඉඹ ඉඹ ඉන්න. නැත්නම් හෝදල වතුර ටික බොන්න. මේම කරන්න එපා. අපිට දුකයි...

කිවුව වෙලාව- 2010-11-14 23:38:12
HuRUllA මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-14 22:54:13
Harshana .M. De silva මෙහෙම කියනවා :
machan mama meka dakinne sammanayak ganna godaak asawen balagena hitapu kattiyakata sammanayak lebunama eka dipu kattiyata thnx karanna liyapu sthuthi katawak vidihata,. oyala kiyana oya venas kalawat dan sampradaika wela iwarai

කිවුව වෙලාව- 2010-11-14 03:11:28
පැපරාසියා ල0කාව මෙහෙම කියනවා :
චින්තන මම උඹව දන්නේ අවුරුදු 10 කලින් ඉදන්... ලගදි ඉදන් උඹට අළුත් ලෙඩක් හැදිලා. ටිකදවසක් නොලියා හිටපන්... නැත්තම් උඹත් ඉවරවෙලා යයි..

කිවුව වෙලාව- 2010-11-11 22:43:58
Nihari මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-11 20:35:12
Lionel මෙහෙම කියනවා :
Othana Thiyana Okkoma Nirmana HORAKAM karapu Ewwa,
Bohomayakma Indiawen,
Munta Madu Waligen Thalanna One,
Sammana Nemei.....Asuchi Kawanna Ona


කිවුව වෙලාව- 2010-11-11 10:02:43
DUTUGAMUNU මෙහෙම කියනවා :
ANE UMBA WAGE HALPARUWEK....YAKO OYA SAMMANA DEEPU SINDU WALIN EKAKAWATH THIYANAWADA YAKO GANNA DEYYAK....GANJA GAHANA EWUNTANAM HONDAYI...MINISSU BITHTHI DIGE YANAWA...HIRAKARAYO GANAYI....THOGE KATE KOCHCHI KOTANNA OONI,,,,EKAEKA PONNAYANTA KADE YANAWATA,,,,,,,,,,LAJJANADDA YAKOOO,,,,PUKE ANGILLA GAHAGANIN....OYTA HONDAYI.....

කිවුව වෙලාව- 2010-11-11 07:43:48
kdereniana මෙහෙම කියනවා :
"එඩිසන්ගේ පළවෙනි විදුලි බුබුළත් දැල්වුණේ තත්පර කීපයක් විතරයි."

oka mekat demmam read wenne senika mochanaay kiyali, .

chinthakyata stage ekata "naginna issellama" badu gihin..ekai me seenkoone eka...

den texxt eken goda danna balnwa. ratawiilu ban mewa


කිවුව වෙලාව- 2010-11-11 01:21:37
Nalaka @ Ravi මෙහෙම කියනවා :
Oya Hujja Kalakarayekda koheda (chu artist)?
Oyatath Sammanayak Labenna Ethi


කිවුව වෙලාව- 2010-11-10 14:43:30
Lalith මෙහෙම කියනවා :
Oka Thawath S.M.S hora Magadiyak,
Othana Ethi art Ekak Naha,
Ona Ekekuta Sammana deela ( Iraj , Rambari etc..Chinthana)
Jayatama Business eka karan Yanawa..Kujeethai


කිවුව වෙලාව- 2010-11-10 14:22:50
Ravi මෙහෙම කියනවා :
@Kevin & kuku
If you were mindful enough to notice, both Iraj and Rambari were awarded under the 'most popular category', awarded by public votes. Everything that was in the hands of the judges were complete 'alternative works of art' that Chinthana talks about here.

If you drop down ur self ego reactions to chinthana's opinions or rather if u keep him completely apart and view from a rational mind, it is a fact that no one can disagree upon that Derana has given the needed boost to all alternative artists rather than the money throwing cow catchers who have made the industry a candy shop.


කිවුව වෙලාව- 2010-11-10 11:29:01
Ravi මෙහෙම කියනවා :
@Kevin & kuku
If you were mindful enough to notice, both Iraj and Rambari were awarded under the 'most popular category', awarded by public votes. Everything that was in the hands of the judges were complete 'alternative works of art' that Chinthana talks about here.

If you drop down ur self ego reactions to chinthana's opinions or rather if u keep him completely apart and view from a rational mind, it is a fact that no one can disagree upon that Derana has given the needed boost to all alternative artists rather than the money throwing cow catchers who have made the industry a candy shop.


කිවුව වෙලාව- 2010-11-10 11:29:00
Dawal Migel මෙහෙම කියනවා :
Red Carpet Damala Dunnoth ethin Wamanaya wunath Rahai

කිවුව වෙලාව- 2010-11-10 08:43:53
Pathum මෙහෙම කියනවා :
චින්තනගේ මතය හරි හෝ වැරදි හෝ වේවා, මෙහි කමෙන්ට් කර ඇති "තමන් අකමැති මිනිහා හැරුණත් ඇදට පේන", විකල්ප ලාංකික නිර්මාණකරුවන් සහ විකල්ප ලාංකික කලාවක් පිබිදීම හෝ දෙරණින් එය අගය කිරීම නොදකින සහ කරුණු කාරණා සොයා බලන්නට කම්මැලි නිසා දන්න විදියට පේන විදියට මත වාද ඉදිරිපත් කරන බහුතරයගේ කුහක දේශපාලනික භාවිතාව වෙනුවෙන් ඔවුන් ගැන කණගාටු වෙමි...

කිවුව වෙලාව- 2010-11-10 04:43:42
ලලබයියා මෙහෙම කියනවා :
දොයි දොයි දොයි දොයිය බබා

කිවුව වෙලාව- 2010-11-10 04:08:06
FREDY මෙහෙම කියනවා :
'' Bambara Walalla'' promoted with Housten Award ,
Now Chinthana can promote his film with Derana award award ...ARINNA EPA MALLI OHOMA YANNA


කිවුව වෙලාව- 2010-11-10 02:30:45
ලලබයියා මෙහෙම කියනවා :
චින්තන ඉතිO අර සුනිල් පෙරේරගෙ කොල්ලා ඩැඩීයව උඩ දැම්ම එකානෙ.. මු කියලා තිබ්බා ඩැඩියා තමා ලOකාවේ පෝස්ට් මෝඩන් මියුසික් මුනිවරයා ද මොකද්ද කෙහෙල්මලක්.. ලල්ලා ලල ලා...

ohoma yan ohoma yan


කිවුව වෙලාව- 2010-11-10 01:45:12
Walakulu Minisa මෙහෙම කියනවා :
Totally agreed with Kuku. The arts pieces which were awarded by there are really primitive. These "visual guys" just waving their body parts. do not make any artistic sense (I dont know how it would be for Chinthana). Are they "alternative artists (vikalpa kalakaruwan)in Sri Lanka. What does Chinthana mean as "Alternative Arts"?
Chinthana begins his article with a saying of Jon Secada. I suggest Chinthana to watch or at least listen Secada again and compare the Pop performances of Secada in 1990's with today's socalled Pop performers in Sri Lanka. Secada has a "VOICE" too. Thats the major difference between Secada and Sri Lankan Pop Guys.
Pop Art was a trevolutionary alternative for the Main-streaming orthodox atrs. We should "READ" Pop, while we are listening it. The pop artists were just not the different performers for the orthodox arts but a radical stage to rethinking the arts in modern or postmodern context.
Its better that Chinthana would not appreciate an award ceremony while recieving an award from the same..
Hail...Sri Lankaaaaaaaaaaaaaaa....aaaahhhhhhhhhhhh!!!!


කිවුව වෙලාව- 2010-11-10 00:41:56
danuwa මෙහෙම කියනවා :
මොකා මොනව කියුවත් බූඩි ගන කියපු කතාව මරේ මරු .

කිවුව වෙලාව- 2010-11-09 22:59:22
KRISHAN මෙහෙම කියනවා :
චින්තනගෙ පෙනී සිටීම් විහිළු සහගතයි.

කිවුව වෙලාව- 2010-11-09 21:41:58
kuku මෙහෙම කියනවා :
ඔය සම්මාන ලැබුන ගොඩක් විෂුවල්ස් සිංදු බලන් ඉන්න පුළුවන් ඒවද? මෙලෝ රහක් නැති සිංදු කොයිතරම්ද? සිංදුවලට කිසිදු අදාලත්වයක් නැති විෂුවල්ෂ්... සිංදුවල පද එකකවත් තේරැමක් නෑ... තනිකරම ගොං පාට්. ඉර‍ාජ්ල සිංදු කිව්වට ගා‍යකයොද? .... චින්තන ඔයා කඩේ යන්නේ කාගේ චින්තනය වෙනුවෙන්ද?

කිවුව වෙලාව- 2010-11-09 21:29:05
Malu Katta මෙහෙම කියනවා :
චින්තනට වාමාOශිකයන් පෙන්නන්නට බැරිය. [රාවය]
ආණ්ඩුවත් ගොඩේ යැ!
එහෙත් වරුණි අමුනුගමගේ කැපිටල් එකෙන් එන සම්මාන මාරයැ!

අහා!.... විනෝද දේශපාලනයේ රඟ!


කිවුව වෙලාව- 2010-11-09 20:19:54
pita kasamy මෙහෙම කියනවා :
my god ITN ekenuth chinthanata award ekak hambawunoth monawa kiyayida ??

කිවුව වෙලාව- 2010-11-09 18:15:28
Nan-nath -thara මෙහෙම කියනවා :
KALA HORU THORANA SAMMANA PORAYAK,
CHINTHANATATH EKAK HAMBA WUNA,
DEN UDA PANA PANA MUTTIYA ALLANAWA .
OYA WAGE POT EKAKIN MISAK WENA KOHENDA RED CARPET.....
ETHTHATAMA BHAGAMANIYA PIMBENA EKA THAMAI OYA SAMMANA WALIN WENNE,
CHINTHANATATH EHEMA WELA THAMAI...


කිවුව වෙලාව- 2010-11-09 13:02:26
මහතුන් මෙහෙම කියනවා :
තමන්ට සම්මානයක් හම්බවෙච්ච පලියට සේරම ගොන් පාට් වලට හුරේ දාන්න එපා මහත්තයෝ

කිවුව වෙලාව- 2010-11-09 10:55:40
Kevin මෙහෙම කියනවා :
Chinthana Mahaththayata weradila wage.. RAMBARI Hodama visual eka una prg ekath okane. Ithin thawa wena mona kathada?

කිවුව වෙලාව- 2010-11-09 09:56:00
SILVA මෙහෙම කියනවා :
OYA GOLLANTA SAMMANA DUNNA KIYANA EKENMA PENENAWA EHI ETHI PRAMITHIYA , MOKADA CHATER NIRMANA WALATA RED CARPET DAMALA BORU LEVEL EKEN SAMMANA DUNNAMA , BHAGAMANIYATA KOHOMATH ATHAL THAMAI..
HORA SINDU WALATA DENA KUNU AWARDS OWWA...
LANKAWE KISIMA KALAWAK NAHA ...


කිවුව වෙලාව- 2010-11-09 08:26:29
Aruna74 මෙහෙම කියනවා :


goda machan
maxaa


කිවුව වෙලාව- 2010-11-09 04:12:28
Prasad Lakmal මෙහෙම කියනවා :
Aththa.....Gas nethi rate thuththiri gahath gahak kiyala me wede api apriciate karanna one. Ethakota me golla thawa wathawakwath tri ekak deela balai......

කිවුව වෙලාව- 2010-11-09 01:30:35
shani මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-09 00:52:11
Ravi මෙහෙම කියනවා :
Hail!!!!

කිවුව වෙලාව- 2010-11-09 00:48:49
Madhu මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-08 23:52:50
suranga මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-08 20:53:39
diniduK මෙහෙම කියනවා :
It's great that finally there was a jury with a backbone to give credit to the deserved. The high handed production houses got their vanity acknowledged officially. Gone are the days the so-called music video experts with big budget productions can feed the SL music lovers with shit, and it's no wonder those 'experts' cannot digest their own shit now.

Bravo, and two thumbs up, Chinta and Udaya. We are with you!


කිවුව වෙලාව- 2010-11-08 20:50:45
Anonymous මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-08 20:31:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චින්තන ධර්මදාසගෙන් තවත් වියමන්
කතා-බස්
"අනිවාර්යෙන් කාල් මාර්ක්ස් එදාට මේ කොන්සර්ට් එකට එනවා!"- අජිත් කුමාරසිරි- නෝ මෝර් මාර්ක්ස්
රංග
කාමරයක් ඇතුලෙ දොළහක්....
Cine
ජැක්සන් කොපෝලා සහ බඹර වළල්ල
තවත් වෙසෙස් බූන්දි
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
BoondiLets
බොබ් ඩිලන් කියයි.
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook