Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
පියසීලි විජේගුනසිංහ| අපේ කාලයේ වීරවරියක්
බූන්දි, 01:24:43
ජගත් සංස්කෘතික අම්බරයෙහි දිදුලමින් සිටි ඒ දීප්තිමත් තාරකාව නිවී ගිය පුවත - කොලඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයෙහි විශ්‍රාමික අංශාධිපති මහාචාර්ය පියසිලි විජේගුනසිංහ කලුරිය කල පුවත නිර්ව්‍යාජ කලාකරුවන්, බුද්ධිමතුන්, සහෘදයන්, ශිශ්‍යයන් මෙන් ම සවිඥානක කම්කරුවන් ද කම්පනයට පත් කල බවට සැක නැත. නූතන කලා විචාරයෙහි උන්නතිය අරබයා ඇගේ සම්ප්‍රදානය ප්‍රමානයෙන් අල්ප වුව හරයෙන් දැවැන්ත ය. බරසාර ය. විචාරකයා මත් කලාකරුවෙකි යි ඔස්කා වයිල්ඩ් වරෙක පැවසී ය. පියසීලි ද ඒ අරුතින් කෘතහස්ත කලාකාරියක වුවා ය. ඇගේ විචාර නිබන්ධ බොහොමයක් උත්කෘශ්ට කලාකෘති තරමට ම අපුර්වත්වයෙන් යුක්ත ය. සාරගර්භ ය. අගේ අකල් වියෝවෙන් නිර්මානය වූ රික්තය ලෙහෙසියෙන් පුරවාලිය නොහේ.

පියසීලි විජේගුනසිංහ නාමය පිලිබඳ මගේ මතකය අසුව දශකය මැද භාගය කරා දිව යයි. අපි - මා ඇතුලු කලාකාමී තරුනයන් අතලොස්සක් කලා රසාස්වාදයෙහි මංහසර පාදා ගනු රිසියෙන් නා නා සාහිත්‍ය ගුරුකුල අතර සැරිසරමින් සිටියෙමු. භාරතීය රසවාදයෙන් ද, තොල්ස්තොයානු කලා න්‍යායයෙන් ද, ධනේශ්වර ස්වභාවවාදයෙන් ද, ස්තාලින්වාදී සමාජ සත්තා යථාර්ථවාදයෙන් ද, සුලු ධනේශ්වර ජනතාවාදයෙන් ද සෑහීමට පත් නොවී විකල්ප කලා විචාර චින්තාවක අවශ්‍යතාව වටහා ගනිමින් සිටි අපට ලියොන් ට්‍රොට්ස්කිගේ සංස්කෘතිය හා සමාජවාදය සහ කලාව හා විප්ලවය නමැති පොත් පිංච කියවීමට ලැබුනු අතර එය අපේ දිශානතිය වෙනස් කලේ සැනෙකිනි. තදනන්තරව, පියසීලි විජේගුනසිංහගේ සාහිත්‍යය : භෞතිකවාදී අධ්‍යයනයක් කෘතිය අප අත පත් විය. එම බැරෑරුම් ග්‍රන්ථය වරක් නොව කීපවර කියවීමක් ඉල්ලා සිටියේ අපේ සීමිත දැනුමට අභියෝග කරමිනි. එය අපේ ඥාන පිපාසාව සංසිඳුවීමට සමර්ථ වුවා මතු නොව දැවැන්ත පරිමාවක අමතර හැදෑරීමක අවශ්‍යතාව ද ජනනය කලේ ය. අපි යුහුයුහුව අදාල පොත පත පරිශීලනයට අත ගැසුවෙමු. '' අපි (ගොගොල්ගේ) හිම කබායෙන් එලියට ආවෙමු'' යි දොස්තයෙවිස්කි නොවලහා ප්‍රකාශ කලේය. එලෙසම, අපි (පියසීලිගේ) අධ්‍යයනයෙන් පුනර්ජන්මය ලදිමු.

අපෝහක භෞතිකවාදී සෞන්දර්ය විද්‍යාවෙහි පුරෝගාමීන් - ප්ලෙඛානොව්, ට්‍රොට්ස්කි, වොරොන්ස්කි, බෙන්ජමින් - කලාව යනු විද්‍යාව මෙන් ම යථාර්ථය ඥානනය කිරීමෙහි එක්තරා විධියක් බැව් එවකට ද තහවුරු කොට තිබුනු අතර පියසීලි විජේගුනසිංහ එය වැඩිදුර වර්ධනය කරමින් ''කලාව යථාර්ථය ජය ගැනීමෙහි (උපරි ව්‍යුහාත්මක) භාවිතාවකි '' යනුවෙන් සුත්‍රගත කලා ය. ස්වකීය ප්‍රවාදය සනාථ කරනුව ඇය එහිලා ඉදිරිපත් කල ගුත්තිල කාව්‍ය විවරනය, ඒ අරබයා එදාමෙදාතුර ලියැවුනු අනර්ඝතම විචාරය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. එය කුලු ගැන්වෙනුයේ මෙලෙසිනි:

''......මූසිලගේ විනාශයට මුල හේතුව ගුත්තිලගේ ද බඹදත්ගේ ද චින්තනය හා ක්‍රියාකලාපය නොව එම චින්තනයට හා ක්‍රියා කලාපයට ද තුඩු දුන් ආර්ථීක, සාමාජික හා දේශපාලනික තතුවල ඇති කරනු ලැබෙන පරිවර්තනයකින් විනා මූසිලගේ වැනි ඛෙදවාචකයක් වැලැක්විය නොහැකි බව ගුත්තිල කාව්‍යයෙන් ධ්වනිත කෙරේ. වෙනත් විශිෂ්ට සාහිත්‍ය නිර්මානවලින් මෙන් ම ගුත්තිල කාව්‍යයෙන් ද ප්‍රකාශයට පත් වන්නේ තමන් සඳහා පවතින ලෝකයක් නිර්මානය කිරීමට මිනිසා තුල අනවරතයෙන් පැන නගින අවශ්‍යතාවයි.''

එම විශිශ්ට ග්‍රන්ථය ජගත් කලා විචාර වංශයෙහි ප්‍රදීපස්ථම්භයකි. (එය මෙතෙක් ජාත්‍යන්තර භාශාවකින් අනුපලබ්ධ වීම බලවත් අඩුපාඩුවකි). ශ්‍රී ලාංකිකයෙකු හට මාක්ස්වාදී සෞන්දර්යවේදය අරබයා මෙබඳු මාහැඟි සම්ප්‍රදානයක් දායාද කල හැකි වුයේ, අන් කිසිවක් නිසා නොව, බොල්ශෙවික් සම්ප්‍රදාය උරුම කොට ගත්තා වු ද, එය ආරක්ශා කලා වු ද විප්ලවවාදී ලෝක පක්ශයෙහි - ජාත්‍යන්තර කමිටුව මෙහෙය වන හතරවන ජාත්‍යන්තරයෙහි ඇය සාමාජිකාවක වු හෙයිනි. ධනේශ්වර දෘශ්ටිවාදයට පමනක් නොව කම්කරු පන්ති ව්‍යාපාරය තුල මත් වරින් වර ඉස්මතු වන නන් වැදෑරුම් විකෘතකරනයන් හා අපසරනයන් හට ද එරෙහිව එම පක්ශය ලෝක පරිමානව ගෙන යන්නා වු දේශපාලන අරගලයෙහි සක්‍රිය සටන්කාරියක වු හෙයිනි.

මා ඇය පෞද්ගලිකව දැන හඳුනා ගත්තේ අනූව දශකය එලිපත්තෙහි - ඇගේ “නූතන සිංහල සාහිත්‍ය විචාරය: මාක්ස්වාදී අධ්‍යයනයක්” කෘතිය නිකුත් වු සමයෙහි දී ය. එහිලා ඇය මාර්ටින් වික්‍රමසිංහගේ ද, එදිරිවීර සරච්චන්ද්‍රගේ ද, ගුනදාස අමරසේකරගේ ද විඥානවාදී, ධනේශ්වර හා සුලු-ධනේශ්වර විචාර මාර්ග විද්වංසනය කරමින් අපෝහක භෞතිකවාදී විධික්‍රමය තහවුරු කලා ය. එම කෘතිය පිලිබඳව ප්‍රසාදය පල කරනුව දිනක් මම ඇය බැහැ දැකීමට කොලඹ සරසවියට ගියෙමි. යථොක්ත කෘතිද්වය ඔස්සේ ගොඩනගා ගත් අධිකාරීමය බලය ප්‍රකට කෙරෙන ගම්භීර හා සාඩම්බර ස්ත්‍රී පෞරුශයක් මගේ මනසෙහි ඇදී තිබින. පුදුමයකිෟ මා හමුවට පැමිනියේ, සාරියෙන් හෝ ඔසරියෙන් නොසැරසුනු, පියකරු සිනාවකින් මුව සරසා ගත්, මෘදු ලෙස කටහඬ හසුරුවන, මන බඳනා රූපශ්‍රීයෙන් යුත් සියුමැලි ලලනාවකි. එහෙත්, මෙකී සුන්දරත්වය සමඟ මිශ්‍ර වු, කුශාග්‍ර බුද්ධියට ඔබින කිසියම් තේජාන්විත බවක් ද ඈ කෙරෙන් දිස් විය. අපි ඉතා ඉක්මනින් කුලුපග වීමු. කතාබහට මාතෘකා වු විශයය ගැඹුරු වත් ම ඇගේ බස හා අභිනය, උචිත පරිදි, බැරෑරුම් ස්වරූපයක් ගති.

ඇගේ අභාවය සැල වීමත් සමඟ ''ලෝකයේ සිටි ලස්සන ම කාන්තාව නැති වුනා'' යයි කිසිවෙකු පැවසු බව අශෝක හඳගම හැඟුම්බරව රාවය පත්‍රයට ලියා තිබින. මේ වනාහි බලගතු වෛශයික සත්‍යයක් ආත්මීය ලෙස ප්‍රකාශයට පත් වීමකි: පියසිලි විජේගුනසිංහ චරිතය රුව, ගුන, නැන යන තිලක්ශනය ම තනි ස්ත්‍රියක කෙරෙන් ප්‍රකට වු විරල අවස්ථාවකි. එය කිසිසේත් ඕපපාතික අහඹුවක් නො වුවා සේ ම එය හුදු කොදෙව් ජීවිතයක් ද නොවී ය. ඒ වූ කලි ලෝක ප්‍රපංචයකි. වඩා නිශ්චිතව කියතොත්, ඇය රෝසා ලක්සම්බර්ග් සහ ලැරීසා රයිස්නර් පරපුරේ ආසියාතික නියෝජනය වුවාය. රක්ත වර්න ලුංගියෙන් සැරසී සටන් පාඨ හඬ නගමින් උත්තුංග ලීලාවෙන් විකොස / සසප මැයි පෙලපාලියෙහි ඉදිරියෙන් ගමන් කල ඇය මෑත වකවානුවෙහි මෙරට කම්කරු පංති ව්‍යාපාරයෙහි කැපී පෙනුනු ස්ත්‍රී චරිතයකි. අපි ඇයට කටපුරා සහෝදරී යයි ඇමතීමු.

ලීඩ්ස් සරසවියෙන් ඉංග්‍රිසි සාහිත්‍යය පිලිබඳ ගෞරව උපාධියක් හිමි කරගෙන සිටි ඈ අපරදිග කලාව විශයයෙහි ද අසාමාන්‍ය පරිචයක් පෙන්නුම් කලාය. ඩිවයින් කොමඩි (ඩාන්ටේ), අයන් හීල් (ජැක් ලන්ඩන්), මදර් කරේජ් (බ්‍රෙශ්ට්), බැට්ල්ශිප් පොටෙම්කින් (අයිසන්ස්ටීන්) බඳු ඇතැම් ශ්‍රේශ්ඨ බටහිර කාව්‍යයක්, නවකතාවක්, නාට්‍යයක් නැතහොත් චිත්‍රපටයක් පිලිබඳව දින ගනනාවක් තිස්සේ වුව විග්‍රහ කිරීමට ඇයට පුලුවන්කම තිබින. ප්‍රකට හංගේරියානු කලා විචාරක ජෝර්ජ් ලුකාක්ස් පිලිබඳව මා තුල පැවති දුර්මතයක් පහ කරනුව වරෙක ඇය තම සියලු කටයුතු පසෙකලා පැය කීපයක් ඒ වෙනුවෙන් මිඩංගු කලා ය. ඉනුදු නොනැවතී, ලුකාක්ස්ගේ පසුකාලීන විචාර කෘති තුල ස්තාලින්වාදී විලංගුව දක්නට ලැබෙන අයුරු නිදසුන් සහිතව විස්තර කෙරෙන දීර්ඝ ලියමනක් ඇය මා වෙත එවා තිබින. යමෙකු ට්‍රොට්ස්කිවාදය වෙත දිනාගත හැක්කේත් දිනාගත යුත්තේත් එබඳු බැරෑරුම් හා දුශ්කර පරිශ්‍රම ඔස්සේ පමනක් ම බැව් ඈ දැන සිටියා ය.

මාක්ස්වාදී චිත්‍ර කලා විචාරය සිංහල පාඨකයා හට හඳුන්වා දීමෙහිලා ඇය පුරෝගාමී වුවා ය. නුතන චිත්‍ර පිලිබඳව සහ ප්‍රකට සිත්තරුන්ගේ කලාව හා ජීවිතය අලලා ලියවුනු ඇතැම් වැදගත් ලිපි ඈ සිංහලට නැගුවා ය. එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදී විචාරක ඩේවිඩ් වොල්ශ් විසින් රචිත ලිපි මාලාවක් බොල්ශෙවික්වාදය හා අසම්ප්‍රදායික පෙරටුගාමී කලාකරුවෝ යනුවෙන් පරිවර්තනය කලා ය. එම කෘතියෙන් ආවේශය ලද (ලියුම්කරු ද ඇතුලු) සමහරෙක් එතෙක් මෙරට තුල දුලබ දෙයක්ව පැවති චිත්‍ර කලා විචාරය වෙත පිලිපන්හ. ප්‍රකට ඉන්දීය සිත්තරා එම්.එෆ්. හුසේන් පිලිබඳව කම්කරු මාවත ට හාපුරා කියා මා ලියූ විවරනය දැක ඇය මවක මෙන් සතුටු වු සැටි මට දැනුදු මැවී පෙනේ.

1990 දශකයෙහි, විප්ලවවාදී ලෝක පක්ශයෙහි මධ්‍යම හොරනෑව ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවා ගැනීමෙන් අනතුරුව පියසීලි සහෝදරිය එයට ඉංග්‍රීසි භාශාවෙන් කලා විචාර සැපයූ අතර ඒවා ලෝක පරිමානව පුලුල් පරාසයක සහෘද ජනතාව අතර ප්‍රචලිත විය. ස්වකීය අදහස් හා සංකල්ප නිරවුල්ව ප්‍රබලව හා විශදව ප්‍රකාශ කරනුව ඇය ගොඩනඟා ගත් ගම්භීර වූත් කාව්‍යමය වූත් ශෛලියෙන් අනූන ව්‍යක්ත හා මටසිලිටි බස් වහර, සැබවින්ම, සිංහල භාශා විකාසනයෙහි අභිවර්ධනීය අදියරකි.

පංති සමාජය තුල සාමාන්‍යයෙන් අත්විඳින්ට නොලැබෙන, ප්‍රේමය පිලිබඳ උත්කෘශ්ට අත්දැකීමකින් ඇගේ තරුන හා වැඩිහිටි ජිවිතය ආර්ද්‍රව හා ආඩ්‍යව තිබින. සමාජවාදී සමානතා පක්ශයේ වර්තමාන ප්‍රධාන ලේකම් විජේ ඩයස් ඇගේ දිගුකාලීන පෙම්වතා, සහකරුවා සහ වල්ලභයා විය. ස්ත්‍රී පුරුශ ප්‍රේමය හා නාරි ලාලිත්‍යය පිලිබඳව පෙර කී මාක්ස්වාදී අධ්‍යයනයක් කෘතියෙහිලා ඈ ඉස්මතු කරන සංකල්ප එතරම් අපූර්ව වනුයේ ද එහෙයිනි.

විය යුතු පරිදි, ඇයට සතුරෝ - දේශපාලන සතුරෝ සිටියහ. සකල සියලු නිර්ධන පංති විරෝධී දෘශ්ටිවාද සමඟ ඈ ගැටුනේ සම්මුති විරහිතව ය. නන් වැදෑරුම් විඥානවාදීහු, අනුභූතිවාදීහු, ස්තාලින්වාදීහු, වර්ගවාදීහු, පශ්චාත්-නුතනවාදීහු, සුලු-ධනේශ්වර පිලිස්තීනුවෝ, දේශපාලන භ්‍රශ්ටයෝ මතු නොව ඊනියා ස්ත්‍රීවාදීහු පවා පෙරමුනු කීපයක සිට ඇයට ප්‍රහාර එල්ල කලහ. පිරිහෙමින් තිබුනූ සෞඛ්‍ය තත්ත්වය නොතකා ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටි ඈ එම අභියෝගයන් හට නිර්භීතව මුහුන දුන්නා ය. මගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය කඳුලු මිටියාවතින් දොරට වැඩුම නිමිත්තෙන් දෙසුමක් පවත්වන මෙන් ඇයට ආරධනා කලෙමි. ''ඔබේ කවි ගැන නොව අභියෝගයට ලක්ව තිබෙන අපේ විචාර මාර්ගයෙහි ආරක්ශාව වෙනුවෙන් කතා කිරීමට සහෝදරයා මට ඉඩ දෙනවා දැ'' යි ඇය ඇසුවා ය. ඒ අධිශ්ඨාන පූර්වක ඉල්ලීමට මම එකඟ වීමි. ඇය විසින් පවත්වන්නට යෙදුනු එම සාරගර්භ දෙසුම ඇගේ සුචරිත ගම්ලත්ට එරෙහිව මාක්ස්වාදී කලා විචාරයෙහි මූලධර්ම කෘතියට ඇතුලත්ව ඇත. මේ කෘතිය පිලිබඳව මවිසින් කොලඹ විශ්ව විද්‍යාලයෙහි දී පවත්වන ලද දේශනයකට මම මෙසේ මුලපිරුවෙමි: ''මාක්ස්වාදියො තමුන්ගෙ හිතුමනාපයට ග්‍රන්ථ රචනා කරන්නෙ නෑ. ඒ අය එහෙම කරන්නෙ පංති අරගලයෙ ම කොටසක් වන දෘශ්ටිවාදාත්මක අරගලයෙ නිශ්චිත අවස්ථාවලදී තමුන්ගෙ යුගයෙ ගතිස්වභාව විශ්ලේශනය කරන්ටත් පැරනි සංකල්ප සමතික්‍රමනය කරන්ටත් නව සංකල්ප සුත්‍රගත කරන්නටත් සතුරු සංකල්ප අභිභවනය කරන්ටත් උවමනා වුනා ම යි.'' පියසිලි සහෝදරියගේ සමස්ත වැඩිහිටි ජීවිතය ම කැප කෙරුනේ යථොක්ත කාර්යයන් සපුරාලීම වෙනුවෙනි.

ධනේශ්වර සමාජ පර්යාය සහ එහි ප්‍රකට නියෝජිතයන් සමඟ ඇයට මොනයම් හෝ පයුරු පාසානමක් නොවී ය. ඈ සහභාගි වු ප්‍රසිද්ධ රැස්වීම්, කලා උලෙල හා සම්මන්ත්‍රන, සංවාද මන්ඩප ආදිය අතරතුර තමා වෙත පැමින සතුටු සාමිචියට අරඇඳි ඇතැම් ධනේශ්වර දෘශ්ටිවාදීන්, ස්තාලින්වාදීන්, ධනපති දේශපාලඥයන් සහ වර්ගවාදීන් හට ඇය එලිපිට ම පිටුපෑවා ය. ඒ අනම්‍ය ගැහැනිය, තෘප්තිමත් මන්දස්මිතයක් මුවග රඳවාගෙන, කිසිදු ආගමික වතාවතකින් තොරව, ශෝක බරිත කලාකරුවන්, හිතෛශීන්, කම්කරුවන් හා ලෝක නිර්ධන පංති නියෝජිතයන් පිරිවරාගෙන, ජාත්‍යන්තර කම්කරු ගීය ශ්‍රවනය කරමින් අවසන් ගමන් ගියා ය. කොලඹ ජයරත්න මල්ශාලාවෙහි තැන්පත් කොට තිබුනු ඇගේ මෘතදේහය වෙත ජනාධිපති මහින්ද රාජපක්ශ විසින් එවන ලද මල්වඩම හා ශෝක පනිවුඩය ඇගේ ස්වාමිපුරුශයා විසින් ආපසු හරවා යවනු ලැබීම ම, ඒ සා ප්‍රතිපත්තිගරුක, ඒ සා සටන්කාමී භාර්යාවක හට පුද කල හැකි ඉහල ම අවසන් ගෞරවය හා කෘතවේදය නොවන්නේ ද ?

ඒ අමරනීය ජිවිතයට අපේ විප්ලවීය ආචාරය!

(රාවය. 2010.09.26)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Professor Piyaseeli Wijegunasinghe, Socialist Equality Party (SEP), Sri Lanka
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
mano fernando මෙහෙම කියනවා :
Yes, Com.Piyasile was a one of the greatest Lit. Critic in the world. I off my hat and salute her.Thank u Dharshna for your contribution.
Mano Fernando


කිවුව වෙලාව- 2010-10-08 20:25:33
රතු මෙහෙම කියනවා :
@මගෝඩිස්

සබඳ අපි කඳු නොවෙමු
පියසීලීව අගයමු

මාක්ස්වාදීන් හැමෝම ජනතාවට අමතන ජෝක් සෝමවංශ වැනි විය යුතු නැත


කිවුව වෙලාව- 2010-10-08 01:00:03
විමලෙ මෙහෙම කියනවා :
@A. අමරසේකර

ඔබ හරියටම හරි


කිවුව වෙලාව- 2010-10-08 00:56:38
hudee jana මෙහෙම කියනවා :
@ A. Amarasekara..

Yes, very correct bro..


කිවුව වෙලාව- 2010-10-07 22:13:50
A. අමරසේකර මෙහෙම කියනවා :
කොලඹ ජයරත්න මල්ශාලාවෙහි තැන්පත් කොට තිබුනු ඇගේ මෘතදේහය වෙත ජනාධිපති මහින්ද රාජපක්ශ විසින් එවන ලද මල්වඩම හා ශෝක පනිවුඩය ඇගේ ස්වාමිපුරුශයා විසින් ආපසු හරවා යවනු ලැබීම ම, ඒ සා ප්‍රතිපත්තිගරුක, ඒ සා සටන්කාමී භාර්යාවක හට පුද කල හැකි ඉහල ම අවසන් ගෞරවය හා කෘතවේදය නොවන්නේ ද ?

ඔව්. එපමණක් නොවේ. එය එක්තරා අරුතකින් මේ වෙන දේවල් දිහා කැකෑරෙන කෝපයෙන් දැවෙන සැබෑ ක්‍රම විරෝධීන් තුළ අපරිමිත ආශ්වාදයක් බිහි කළ ක්‍රියාවක්. එළියෙන් එන එන්ජීඕ ඩොලර් වලින් ''හා දැන් එන්න කෂ්ටිය... අපි දැං මහින්දට එරෙහි වෙමු'' කියන සුදර්ශන ගුනවර්ධන පන්නයේ හොර ප්‍රජතන්ත්‍රවාදීන් සහ ''දැං ඉතිං මහින්ද එක්ක අවුරුදු පහළොවක් ඉන්ඩ හිතහදාගමු'' කියන නිර්මාල් රංජිත් දේවසිරි පන්නයේ කාක ෆණ්ඩිතයන් ගේ ව්‍යාජ ක්‍රම විරෝධයට වඩා විජේ ඩයස් කළ මේ ක්‍රියාව වටිනවා. අසූ නමයෙදි පීඩිතයන්ගෙ පුකට වෙඩි තියපු බල්ලෙක් වෙනුවෙන් වැලිකඩ හිරගෙදර වටේ රෙද්ද උස්සං නටන ජේවීපී අවස්ථාවාදී හැතිකරේ කරන විගඩම එක්ක බලපුවාම, ත්‍රීවීල් පක්ෂයක් විදිහට මාධ්‍ය පකීර්ලා ගේ සරදමට හැමදාම ලක්වෙන ස.ස.ප.යේ එවුන් එදා එතන ඒ කළ ''ටික'' අපේ ඇස් අරෝනවා!

මළ පියසීලී ජීවත්වුන පියසීලී ඉක්මවිය යුතුයි!


කිවුව වෙලාව- 2010-10-07 21:26:26
Nilantha Daya මෙහෙම කියනවා :
Thanks for the letter and it is great to know that even at least less number people is regretting about this great womens death.

කිවුව වෙලාව- 2010-10-07 14:07:53
මගෝඩිස් මෙහෙම කියනවා :
පියසීලි (ලා) තෝරාගත් ස්ථරයක් පමණක් ආමන්ත්‍රණය කරපු තැනැත්තියක් කියලයි මගේ හැඟීම. ඇය විප්ලවවාදිනියක් විදිහට සමාජය දෙසට යනවට වඩා, සමාජයේ ඉන්න පිරිස් අතරින් ඔවුන් දෙසට ගමන් මඟක් සකස් කරගන්න ලැබුණු පිරිසට විතරයි ඔවුන්ගේ ඇසුර හම්බ‍වුණේ. ඒ අතින් ලංකාවේ අපි හරිම අවාසනාවන්තයි.

කිවුව වෙලාව- 2010-10-07 10:53:46
Walakulu Minisa මෙහෙම කියනවා :
Piyaseeli gena mama dekapu hongama wichara deken ekak meka. Anith eka SSP web site eke palawuna.
Saahithya wicharawadaya mathu nowa pragathigami drustiya nirdana panthika aragalayehi salakunu karanna piyaseeli gaththu uthsahaya gena mehema liyanna puluwan ema aragalayema kotaskarayekuta ha aragalaya wenuwen jeewithayama kepa karana viplawadiyekuta witharai. Darshana ema sudusukama daranawa witharak nemei, thamange gaman sagayekuta kala heki uparima wiplawiya acharaya pudakaranawa.
siyalu prajathantrawadi prawahayan yatapath kota, newatha lankeeya dehaya rajanduwaka palanayakata nathu karanna prathigamee, sankalpiyawa maranayata pathuna kalakaruwan pelageseesitina mohothaka Piyaseelila, Wije diasla hemadama pathaka yodaya wage hemadama jeewath wenawa.
Kauru nethi unath umbala gena liyanna thamath ekek hari ithuruwela Innawa


කිවුව වෙලාව- 2010-10-07 08:41:30
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දර්ශන මේදිස් ගෙන් තවත් වියමන්
කවි
උතුරින් දකුනට
කවි
ලතෙත
කවි
බිරිඳ නලුවා අමතයි!
Cine
කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය
සිත්තර
පරත්වාරෝපිත මනුශ්‍යාත්මය විනිවිද දකින depth
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook