කතන්දර බූන්දි
"නස්රුදීන් සත්‍යය දුටු හැටි" සහ තවත් කතා
නස්රුදීන් සත්‍යය දුටු හැටි
"නීතිරීති වලින්ම මිනිස්සු හදන්න බෑ" නස් රුදින් රජ්ජුරුවන්ට කිව්වා. "මිනිස්සු යහපත් සත්‍යගරුක අය වෙන්න නම් ඔවුන් යම් කිසි පිළිවෙත් පුරන්නන් වෙන්න ඕනෑ. එහෙම නැතිව ඇති වන සත්‍යය යම්තම් මතුපිටින් ඇතිවන්නක් පමණයි. ඒ විදියට කවදාවත් පරම සත්‍යය මතු වන්නේ නෑ."
ඒත් රජ්ජුරුවෝ ඒක පිළිගත්තේ නෑ. එතුමා හිතුවේ මිනිසුන් සත්‍යගරුක කරවන්න - සත්‍යම ඔවුන් ලවා කතා කරවන්න - තමන්ට නීති මගින් පුළුවන් වෙයි කියලයි. තමනුත් සත්‍යගරුක වී, ජනතාවත් සත්‍යගරුක කරවන්න දැඩි නීති පනවන්න එතුමා කල්පනා කලා.
ඒ රජ්ජුරුවන්ගේ නගරයට එන්න තිබුණේ පාලමකින් එගොඩ වෙලා. ඒ පාලම උඩ එල්ලුම් ගහක් ඉදි කරන්න රජතුමා නියම කළා. පහුවදා ගේට්ටු අරිනකොට විශේෂ රාජ පුරුෂයන් පිරිසක් එතැන මුරට යෙදෙව්වා. එදා පටන් එතැනින් යන හැමෝම පරීක්ෂා කිරීම ඔවුන්ට පැවරුණා.
ඒ පිළිබඳ අණබෙරයකුත් යැව්වා. එයින් පසු එතැනින් රටට ඇතුළුවන හැමෝගෙන්ම ප්‍රශ්න කරන බවත්, යමකු ඇත්ත කතා කළොත් ඔහුට නගරයට ඇතුළු වීමට ලැබෙන බවත්, යමකු බොරු කීවොත් ඔහු එල්ලා මරණ බවත් එයින් කියවුණා.
දවසක් නස්රුදීනුත් මේ පාරෙන් යන්න ආවා.
"තමුසෙ කොහෙද යන්නෙ?" රාජපුරුෂයෝ ඇහුවා.
"මං මේ එල්ලුම් ගහට යනවා" නස්රුදීන් කිව්වා.
"ඒක බොරුවක්!"
"ඒක බොරුවක් නං මාව එල්ලාපල්ලා"
"ඒත් අපි තමුසෙව එල්ලුවොත්, තමුසෙගෙ කතාව ඇත්ත වෙනව" රාජපුරුෂයෝ කිව්වා.
"ඒක තමයි, දැන් ඔහෙලට තේරෙන්න ඇති ඔහෙලා ඔය සොයන ඇත්ත මොන විදියේ ඇත්තක්ද කියලා." නස්රුදීන් කිව්වා.
ලුණුයි පුළුනුයි
දවසක් නස්රුදීන් ලුණු වගයක් බූරුවාගේ පිටේ පටවාගෙන වෙලඳ පොළට අරන් ගියා, විකුණන්න. බූරුවා කියන දේ නාහන දඩබ්බර එකෙක්.
ඒ යන අතරමගදී ඌ නස්රුදීන්වත් ඇදගෙන දිය පාරකට පැන්නා. ලුණු ටිකක් දියවෙලා බර අඩු වුණා. එයින් ලැබුණු සහනය ගැන ඌට සංතෝස හිතුණා.
ඒත් ලුණු වල බර අඩුවීම ගැන නස්රුදීන් සතුටු වුණේ නෑ.
ඊළඟ වතාවේ ඔහු මේ මගම ගියේ බූරුවාගේ පිටේ කපු පුලුන් තොගයක් පටවාගෙනයි. එදත් කලින් වතාවේ වගේ දිය පාරෙන් යන්න බූරුවා කල්පනා කළා.
ඒත් එදා තිබුනේ පුළුන් හින්දා ඒවා වතුරෙන් පෙඟිලා ඒවයේ බර වැඩි වුනා. තෙත බරි වුණු පසු ඒ බර තවත් වැඩි වුණු බව බූරුවාටත් හොඳින්ම දැණුනා. ඌ ඒ අමාරුව පිටතටත් පෙන්නුවා. ඒක දැකලා නස්රුදීන් හිනා වුනා. "හා!හා! උඹ හිතුව නේද හැම තිස්සෙම වතුරෙන් ගියාම බර අඩු වෙනවා කියලා? හොඳ වැඩේ!" නස්රුදීන් බූරුවාට කිව්වා.
මං කාගේ සේවකයෙක්ද?
කාලයක් රජ්ජුරුවන්ට නස්රුදීන් නැතුවම බැරිව හිටියා. ඒ ඔහු රාජ සභාවේ වැඩ කරන කාලේ. දවසක් රජතුමාට පුදුම බඩගින්නක් හැදුණා. එක දවසක් මාළුවක් රහට උයලා තිබුණා. රජතුමා ප්‍රධාන අරක්කැමියාට නියෝග කළා හැමදාම ඒවා උයලා කෑම මේසයට එවන්න කියලා.
"ඒවා ලෝකේ තියෙන රසම රස එළවලු ජාතිය නේද නස්රුදින්?" එතුමා නස්රුදීන්ගෙන් ඇහුවා.
"එහෙමයි රජතුමනි, ඒවා තමා ලෝකෙ තියෙන රසම රස එළවළු ජාතිය" නස්රුදීන් කීවා. දවස් පහකට පස්සෙ දහවැනි වතාවටත් ඒ මාළුව කාලා රජතුමාට හොඳටෝම කේන්ති ගියා.
"මේව ගෙනියපල්ලා! මට පේන්න බෑ මේවා!" රජතුමා කෑ ගැහුවා.
"රජතුමනි, ඒවා තමයි ලෝකයේ තියෙන නීරසම එළවලු ජාතිය" නස්රුදීන් මෙහි දී කීවා.
"ඒත් නස්රුදීන්, උඹ මේවා රසම රස එළවළු ජාතිය කියලා පිළි අරගෙන තාම සුමානයක්වත් ගියේ නෑ නේද?" රජතුමා ඇහුවා.
"මං එහෙම කිව්ව එක ඇත්තයි- ඒත් මං සේවය කරන්නෙ රජතුමාට මිසක් ඒ එළවළුවට නෙමෙයි නෙ."

("නස්රුදින්" කෘතියෙන් ගත් උපුටනයකි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nasreddin, Fictional legendary satirical Sufi figure, Mulla Nasrudin
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Nishanka මෙහෙම කියනවා :
එළ...
කිවුව වෙලාව- 2011-06-21 03:24:21
Aneeta Prathap මෙහෙම කියනවා :
@අදෘශ්‍ය
rajathma nam sadakalika thama...
but,
nasrudin?
කිවුව වෙලාව- 2010-11-25 21:22:34
පෙස්සු පුසා මෙහෙම කියනවා :
මරු කතා තමඉ
කිවුව වෙලාව- 2010-11-25 21:15:24
අදෘශ්‍ය මෙහෙම කියනවා :
නස්රැදින් සදාකාලිකයි!
රජතුමාත් සදාකාලිකයි!
කිවුව වෙලාව- 2010-11-25 00:58:02
packi මෙහෙම කියනවා :
නියම කතා..........
කිවුව වෙලාව- 2010-11-03 00:30:43
Nuts මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2010-10-20 22:52:40
udiha මෙහෙම කියනවා :
maara lassana kataha
කිවුව වෙලාව- 2010-10-15 05:14:55
namalee මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2010-10-13 23:23:02
Aki මෙහෙම කියනවා :
ela
කිවුව වෙලාව- 2010-10-10 22:19:32
arays මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2010-10-10 00:50:18