Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
"සාහිත්‍ය සම්මාන" කොයිබට ද?
බූන්දි, 23:20:10
සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසයයි. මේ කාලවකවානුව ආසන්නයේ එළැඹෙන්නේ ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන්ට ද සුබපල ගෙන දෙන, තම සිහින සැබෑ කර දෙන කාලයයි. සාහිත්‍ය රසවින්දනය යනු කුමක්දැයි නිර්වචනය කිරීම සාපේක්‍ෂ වන අතර සාහිත්‍ය යනු මේ යැයි සමාජය විසින් සකසා ගත් යම් යම් නිර්නායක වෙත්. ඒ අනුව යම් සමාජ ව්‍යූහයක සදාචාරාත්මක අගයන් ගෙන එන්නට සමත් වනුයේ එකී සමාජය තුළ සාහිත්‍ය විසින් බිහි කරනු ලබන ගුණ වගාවයි.

මිනිසා නිසගයෙන්ම රසකාමී ය. එම රසවින්දනය නිසි අයුරින් සමාජය තුළ වර්ධනය කිරීම එකී සමාජයේම වගකීම වෙයි.

මෙහි දී අධ්‍යාපනය මුලික තැන් ගන්නා අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යය ද ඒ හා සමාන වගකීමක් දැරිය යුතු වෙයි. කැටි කර කියන්නේ නම් රාජ්‍යයේ පටන් සියලු පුද්ගලයින් කෙරෙහි මෙම වගකීම පැවරෙයි. ඉන් මඟ හැර යාමට අප කිසිවකුට අයිතියක් නැත. මේවා නිරන්තරයෙන් කතාබහට ලක් වනු විනා, ක්‍රියාත්මක නොවන බවත් සැබෑවකි.

ලෝක සාහිත්‍ය වනාහී මිනිසා සහ සමාජය සසල කරමින්, රසවින්දනය කලතා, බුද්ධිය සොළවා, සමාජයට පෙරගමන්කරුවකු වන ඉතාම අග්‍රගන්‍ය කෘති ලෝකය පුරා අස්සක් මුල්ලක් නෑර ප්‍රචලිත වන අවස්ථාවයි. ටෝල්ස්ටෝයි, මාර්කේස් හෝ පාවුලෝ කොයියෝ ගැන නොදන්නා කෙනෙක් වෙත් ද? නැතහොත් මැක්සිම් ගෝර්කි විසින් නිර්මාණය කළ “අම්මා" හෝ චිංගීස් ආයිත්මාතව් නිර්මාණය කළ "දුයිෂෙන්" නොහඳුනන කෙනෙක් වෙත් ද? මේවා මෙතරම්ම හරවත් සහ ප්‍රතිභාසම්පන්න නිර්මාණ වනුයේ ඇයි? එම කෘති සමාජයට දුන් දේ මොනවාද? එම පරමාදර්ශ සමාජය කොයිබට ගෙන ගියේ ද? "යුද්ධය සහ සාමය" සමාජයට පෙන්වා දුන්නේ කුමක් ද? "නොරිකො සන් සහ දෙවෝන්දරා සන්" අප සිත් හි ඇති කළ ප්‍රේමය කෙතරම් ද?

වර්තමානය තුළ නිර්මාණය සහ නිර්මාණකරුවා යනු අංග දෙකක් බව මේ වන විට සමාජය විසින් සනාථ කර හමාරය. නිර්මාණයත්, නිර්මාණකරුවාත් එක්තැන් වූ විට, නැතහොත් නිර්මාණයට නිර්මාණකරුවා අවංක වූ විට වඩාත් අගනා නිර්මාණයක් නිතැතින්ම බිහි වෙයි. එවන් නිර්මාණ එම සමාජය පුරා දිදුලමින් ව්‍යාප්ත වෙයි. ශ්‍රී ලාංකීය සාහිත්‍ය තුළ ද ඩබ්.ඒ සිල්වා, සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, සරච්චන්ද්‍ර වැනි ගත්කතුවරුනගේ ප්‍රබන්ධයන් සහ ඒවායේ භාෂා ශෛලිය පාඨකයා ඉතා ඉහළ මානයකට ගෙන යයි. ඔහුගේ රසවින්දනය සහ දැනුම ද පුබුදු කර කියවන්නා තුළ හිතන්නට යමක් ඉතුරු කරයි. ස්ව අනන්‍යතාව රැක ගනිමින් ඔවූහූ සමාජයට ඉතුරු කළ දෑ බොහෝ ය. මේවා ගිණිය හැක්කේ අතලොස්සක් වන අගනා නිර්මාණයන් ගොඩට ය.

සාහිත්‍යය, අධ්‍යාපන විෂය ධාරාවෙන් කප්පාදු කර දැමීමේ ඵලවිපාක අද අපි අත්විඳිමින් සිටින්නෙමු. මෙතරම් විශාල අපරාධයක් කළ රටක සෞභාග්‍ය සම්පන්න වූ, ප්‍රමුදිත වූ, රසවින්දනයෙන් පිරුණු කලාවක් අපේක්‍ෂා කිරීම ද විහිළුවකි. දැනුම සහ වින්දනය මොට කරන ලද සමාජයක මීට වඩා දෙයක් කෙසේ නම් බලාපොරොත්තු වන්න ද?

දැන් දැන් සෑම වසරකම පාහේ පවත්වනු ලබන සාහිත්‍ය සම්මාන උළෙල කිහිපයකි. එහෙත් ඒවා නිර්මාණකරණයට අත්වැලක් වනුයේ නිසි ඇගයීමක් අදාළ නිර්මාණ වලට ලැබෙන්නේ නම් පමණි. කෙසේ වුව ද සම්මාන උළෙල අරමුණු කරගෙන නිර්මාණ බිහි වීමත්, වාර්ෂික පොත් ප්‍රදර්ශනය අරමුණු කර ගෙන ග්‍රන්ථ මුද්‍රණය කිරීමත් සුලබ කාරණයකි. වාර්ෂික පොත් ප්‍රදර්ශනය ආසන්නයේ මුද්‍රණාල ඉතා කාර්යබහුල වනුයේ අවසන් මොහොතේදී හෝ පොත මුද්‍රණය කරවා ගැනීමට සියල්ලන් වෙහෙසෙන බැවිනි. එහිදී අදාළ ග්‍රන්ථයේ උසස් භාවය ගැන විවිධ මතයන්ට එළැඹිය හැකිය. මන්ද යත් සිත වෙහෙසවා, බලයෙන් සිතුවිළි උලුප්පා ගැනීමෙන් සාර්ථක නිර්මාණයක් බිහි වීමට ඇති ඉඩකඩ අඩු බැවිනි. හදිසියේ නිර්මාණ කිරීමෙන් යම් නිර්මාණයක් බිහි වුව ද, එය ඉතා හොඳ නිර්මාණයක් වීමේ ඉඩකඩ අඩු විය හැකිය.

ඊළඟ සම්මාන උළෙල තෝරා ගනු ලබන්නේ ද එලෙස කඩිමුඩියේ එළිදැක්වූ, එක හුස්මට ලියා ගෙන ගියා වූ ග්‍රන්ථ ය. බොහෝ විට මේවායේ සෝදුපත් බැලීමවත් නිසි අයුරින් නොකළ බව පාඨකයාට වැටහෙයි. පසුගිය වසර කිහිපයක් පුරා මෙම සම්මාන උළෙල දැඩි විවේචනයට ලක් වනුයේ තෝරා ගනු ලබන කෘති උසස් තත්ත්වයේ කෘති නොවන බව පාඨකයාට ඒත්තු යාම නිසා ය. විනිසුරු මඩුල්ලේ රස වින්දනය, පාඨකයාගේ රසවින්දනය අභිබවා නොයන නිසාවෙනි. හේතුව, පෞද්ගලික සම්බන්ධතා මත හෝ, තෝරා ගැනීමට සුදුසු කෘතියක් නොමැති වීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා කිසියම් කෘතියක් තෝරා සම්මාන පිරිනැමීමේ අභාග්‍යසම්පන්න සමයකට අප ගොදුරු වී සිටීමයි. මෙය සමාජය තුළ තව දුරටත් කතා බහට ලක් විය යුතු, අවධානයට ලක් විය යුත්තකි. මෙය පැසුණු බුද්ධියක් ඇතියවුන්ගේ සමාජ මෙහෙවරකි. පිරිහෙමින් පවතින සාහිත්‍යය නැවත නඟා සිටුවීමට බුද්ධිමත්හු පියවර නොගන්නේ නම්, අප සමාජය තව තවත් අගාධයටම තල්ලු වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි ය. හෙට උපදින තාරුණ්‍යය, එලෙස වැපුරූ බොල් වී යේ අස්වැන්න වනු ඇත.

එමෙන්ම මෙවැනි සම්මාන උළෙල සඳහා නිර්දේශ වන ග්‍රන්ථ සුදුසු නොවන්නේ නම් ඒවා ප්‍රතික්‍ෂේප කිරීමට තරම් කොන්දක් තෝරා පත් කර ගනු ලබන විනිසුරු මඩුල්ලට තිබිය යුතුය. සම්මාන තිළිණ කරනු ලබන්නේ කුමන සාධකයන් මත දැයි සකසා ගත් ක්‍රියාදාමයන් ඇති විය යුතුය. එම නිර්නාකයන්ට අදාළ නොවන්නේ නම් සියලුම කෘති වුවද ප්‍රතික්‍ෂේප කිරීමට තරම් ශක්‍යතාවක් විනිසුරු මඩුල්ලට තිබිය යුතුම ය. සමහර විට එම වසර තුළ කිසිදු ග්‍රන්ථයක් සම්මානයට පාත්‍ර නොවන්නට පුළුවන. එහෙත් නුසුදුසු කෘති සම්මාන සඳහා නිර්දේශ කරමින් සාහිත්‍යය විනාශ කර දමනවා වෙනුවට ඊළඟ වසර තුළ වඩාත් සාර්ථක නිර්මාණ බිහි වීමට එය හේතුවක් වීම මුළුමහත් සමාජයටම ඵලදායී වනු ඇත. සම්මාන ලබා දෙනුයේ කුමන කරුණු අන්තර්ගත වීම තුළ දැයි ලේඛකයා දැනුවත් වීම තුළ ඉන් ඔහු අධෛර්යයට පත් වීමක් ද නොවනු ඇත. එමෙන්ම බොහොමයක් හරසුන් නිර්මාණ අතර නවකතාව ද, කෙටි කතාව ද, කවිය ද පෝෂණය කළ සහ කරන්නා වූ ප්‍රවීන සහ ආධුනික නිර්මාණ කරුවෝ වෙති. ඔවූහු නිහඬව තම කාර්යයන්හි නියැලී සිටීම ද දකින්නට හැකිය. එහෙත් ඒවා නිසි ඇගයීමකට හසු නොවන බව ද සැබෑවකි.

සාහිත කෙත වල් බිහි වී ඇතැයි හෝ පුරන් වී ඇතැයි චෝදනා නඟනවාට වඩා කළ යුතු වන්නේ මෙම සම්මාන උළෙල සංවිධානය කරන අනුග්‍රාහකයින්, ප්‍රබුද්ධයින් හා එක්ව සම්මත කර ගත හැකි නිර්නායක සැකසීමයි. එවිට සම්මානයක වටිනාකම ද, කෘතියෙහි වටිනාකම ද රැකෙනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Literature, Literature awards
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Venura Sampath මෙහෙම කියනවා :
@අනුර
ඔබ පාඨකයෙක්නේ. අර කමිටුව... ඔහ් ඒක සම්මාන දෙන එක නේ?
එයාල මෙහෙම පිස්සු කෙලිද්දි... නේ? අනී ඉතින්....!


කිවුව වෙලාව- 2010-10-28 22:43:02
Anurasiri Hettige මෙහෙම කියනවා :
SUMITHRA proof kiyawalama ne. kata wahara madde gath wahara patalila. (page 186 on wards) mewa sammana kamituwata penila ne. habai meka ALUTH kenek liwwanam kunu basket eke thamai. Potha hondai. BUDDADASI ta wada hungak hondai.Eth tikai. Wiweki manasin liwwanam sarthaka wiya haki katkawak aththule thiyanawa. Japanai Lankawai cultural conflict eka amthaka karala Mainly sex passe duwala thiyenne. A unata narakamath ne. Sammana kamituwatath wenda aththe me mata wela thiyana dema neda.? ANURA

කිවුව වෙලාව- 2010-10-28 21:24:32
අමර මෙහෙම කියනවා :
ලියන්නෝ බොහෝමුත්
කියවන්නෝ නොවෙති...


කිවුව වෙලාව- 2010-10-02 10:25:03
Wasantha Goonawardhane මෙහෙම කියනවා :
Sahittya sammana wala thathwe hithanna puluwan Sahithya uthsawe diha balapuwahama. The Great Leader dhanna maha sahithyadHarayonge nam kiwuwa. Sunil Ariyarathna and Sunanda Mahendra. Ethuma sahithyaya igenagaththe Prof Sunanda Mahendragenlu. Thawa mna kathadha?

කිවුව වෙලාව- 2010-10-02 04:41:53
තුෂාරි ප්‍රියංගිකා මෙහෙම කියනවා :
ඒ කුඹුරු ආයෙ අස්වද්දන්න පුළුවන් ගොවියො ඉන්නවා. ඒ අය කුඹුරට බහින්න ඕන කාලෙ ඇවිත්.

කිවුව වෙලාව- 2010-10-01 09:31:07
OKI මෙහෙම කියනවා :
sahithaya ketha ithuru weyida hama kumburakma puran wechchi yugayak meka

කිවුව වෙලාව- 2010-09-30 21:08:54
Horikada මෙහෙම කියනවා :
සාහිත කෙත වල් බිහි වී ඇතැයි හෝ පුරන් වී ඇතැයි චෝදනා නඟනවාට වඩා කළ යුතු වන්නේ
Goma Pohora Tikakwath Dammoth Narakada Lamayo ...?


කිවුව වෙලාව- 2010-09-30 10:03:52
Horikada මෙහෙම කියනවා :
"සාහිත්‍ය සම්මාන" කොයිබට ද? ?????????????????/
Sunil Ariyaratnata OR
Godage Poth Madurata


කිවුව වෙලාව- 2010-09-30 10:00:35
මගේ ජීවිතය Mage Jeevithaya මෙහෙම කියනවා :
සම්මානය දුන් අරුමය බලන්න ඉවරෙටම කියෙව්වා මිසක ඒ වගේ වෙහෙසකර පොතක් කියවන්න කල් මරන්න හිතෙන්නැහැ. නිවිසැනසිල්ලේ ලියපු වගක් පේන්නැහැ ඇත්තටම.

කිවුව වෙලාව- 2010-09-30 02:41:36
මගේ ජීවිතය Mage Jeevithaya මෙහෙම කියනවා :
ඒකනම් ඇත්ත කන්දක් සේමා පොත පොදු පුරුෂයා එකේ දිගුවක් විදියට ලියන්න හිතුවද දන්නැහැ. ඒත් පොදු පුරුෂයා අහලකින්වත් තියන්න බෑ :-D

@FB


කිවුව වෙලාව- 2010-09-30 02:25:27
Randika Ranaweera මෙහෙම කියනවා :
මාත් මේ දිනවල ඒ පොත කියවාගෙන යමි. බුද්ධදාසී කියවා නැති නිසා වෙනසක් නොදැනෙනවාද විය හැකිය. දැනට ඒ තරම් වරදක් නොදැනේ. භාෂා ප්‍රශ්නය නම් අටවක පුත්තු වාගේමය. නූපන් දරුවකු මරණවා යනු මොන තරම් අපහසු කාරණයක්ද යන්න නම් හොඳින් පැහැදිලි කර ඇතැයි සිතේ. ඒ දරුවාගේ, ඒ මවගේ වේදනාව වදන් තුලින් හොඳින්ම මතුව ඇති බවක් හැඟේ. කියවලාම බලමු.

කිවුව වෙලාව- 2010-09-30 01:46:44
Subhash Gunawardhane මෙහෙම කියනවා :
බුද්ධදාසි පොතට හරි වෙන හොඳ පොතකට හරි නොදී මේ පොතට දුන්නේ ඇයි කියා සිතා ගත නොහැක.

සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායකව කොපි කරන්න උත්සාහ නොකර ඇයට හුරු පුරුදු "බුමුතුරුණු, අග පිපි මල්" පොත් ශෛලියෙන්ම පොතක් ලීවා නම් බොහෝ සාර්ථක විය හැ......කියි කියා සිතේ.

කලින් ලියපු දුල දුලාය පොතෙන් සුමිත්‍රා අනාගතීය, මෙවර කන්දක් සේමා පොතෙන් අනාගත් දේ ඇඟ පුරා ගා ගෙන කියා සිතේ.

@FB


කිවුව වෙලාව- 2010-09-30 00:50:11
Subhash Gunawardhane මෙහෙම කියනවා :
ස්වර්ණ පුස්ථක සම්මානය ලද සුමිත්‍රා රාහු බද්ධගේ "කන්දක් සේමා" නවකතාව දුමී-ඌෂානි යුවලට ස්තූති වෙන්න කියවා නිමා කලෙමි. මෙලෝ රහක් නැති කතාවක්ය, සම්මානේ දෙන්න තෝරපු විනිශ්චය මණ්ඩලේ කට්ටිය පොත කියෙව්වාද කියලත් සැකයක් ඇත. කියෙව්වා නම් කීයටවත් (ර...සවින්ඳනයක් තියෙන අය නම්) සම්මානේ නොදෙන බව හිතෙයි.

@FB


කිවුව වෙලාව- 2010-09-30 00:49:45
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තුෂාරි ප්‍රියංගිකාගෙන් තවත් වියමන්
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
කවි
යෞවනය!
කවි
සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!
කරන්ට්ස්
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
කවි
කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook